BLOOD SWEAT &TEARS

Від vangirlAv

8.9K 1.3K 183

ලේ,දහදිය,කදුළු වලින් හෙම්බත් වෙච්ච,පවුලක අදරය හොයන ජීවිත 7 එකිනෙක බැදිල තියෙන්නෙ හරි අපූරු විදිහකට... ඒ අදුරේ... Більше

BACK TO SEOUL
STRANGER
THE LITTLE LIE
STREET DANCER
Innocent Boy
THE PAIN
CHILDHOOD
MY OLD FRIEND
....📣ANNOUNCEMENT🖊️...
APOLOGY
HAPPY CONVERSATION
BROKEN HEART

LIAR

505 93 9
Від vangirlAv

Taehyungගේ අවධානය යොමු වෙලා තිබුණු ගල් කණුවේ ලොකු අකුරින් "❄️WINTER FLOWERS❄️ orphanage" යනුවෙන් කොටා තිබෙන අයුරු ඔහු නිරීක්ෂණය කරන්නට විය.

"එතකොට මේක අනාථ නිවාසයක්.🤔 බැලූ බැල්මටනම් මේක අනාථ නිවාසයක් කියල කොහොමටවත් පෙන්නෙ නෑ.." Taehyung තමාටම මිමිනීය.

ඒ සමඟම නිවාසයේ ගේට්ටුවෙන් එළියට පැමිණි පුද්ගලයකු ඔවුනට කතා කරන්නට විය.

🧔"මේ මොනවාද ?"😐 ඔහු ඇසූයේ taehyung දෙසත් ඔහු පැමිණි ලොරිය දෙසත් මාරුවෙන් මාරුවට බලමිනි.

Taehyung: "මේ ඔයාලා order  කරපු...🙄කෝපි..."

🧔: "ආ...මට අමතක උනා🙂.එන්න එන්න,ඕවත් අරන් ඇතුලට එන්න."

Taehyung රියදුරාත් සමග ඔවුනට පැමිණීමට සන් කල දිශාවට පෙට්ටිද අතැතිව පියමන් කරන්නට උනා.

🧔:" ඒයි කොල්ලනේ... අර ලොරිය තියෙන අනිත් බඩු ටිකත් බාල මෙහට ගේනව..." එම පුද්ගලයා එතැන සිටි මිනිසුන් කීප දෙනෙකුට අණ කරන්නට විය.

🧔:" කෝ.. ඕක මෙතනින් තියන්න.මේ..jin ගෙ කඩේ වැඩ කරන ළමයාද 🙂?"

Taehyung: "ඔව් sir.."😐

🧔:" ආ..jinව මම අඳුරනවා.විශ්වාසේ නිසාමයි මම එයාට මේක බාර දුන්නේ.. කෝ... ඉන්නකෝ.. ඔයාගේ සල්ලි.."

එම පුද්ගලයාට කිසිවකුත් කතා කරන්නට උනේ තවත් වචනයක් කථා කිරීමට මත්තෙනි.

🧔:"ආ..ඔයා පොඩ්ඩක් ඔතන ඉන්නවද? දන්නවනේ.. මේ වෙලාවේ ටිකක් busy. මම ඉක්මනින් එන්නම්."ඔහු ලොරි රථයේ රියදුරාත් සමඟ පිටත්ව ගියේ taehyung ව එතන තනි කරමිනි.

"Ah.." taehyung හුස්මක් ගෙන තම අතෙහි ඔරලෝසු වෙත අවධානයයි දෙන්නට විය.

⌚" 9.30 " ඔහු එතැනම රැඳී කලබලෙන් කටයුතු කරන පුද්ගලයින් වෙත මද වේලාවක් අවධානය දෙන්නට උනා.

⏳⏳⏳⏳⏳⏳⏳⏳⏳

මද වේලාවක් ගත වෙත්ම taehyung නැවතත් තම ඔරලෝසුවේ වෙලාව පරික්ෂා කරන්නට වුණා.

⌚"9.47" නොදැන ම ඔහු එතන බොහෝ වේලා ගත කරන්නට වී තිබුණි.

එම පුද්ගලයාට තමා අමතක වී ඇති දැයි සිතා taehyung ඔහු සොයා බැලීමට නිවාසයේ ඇතුලට මදක් පියමනින්නට විය.

ඔහු නතර වූ ස්ථානයේ බොහෝ පිරිසක් රැස්ව සිටි අතර taehyungගේ හිස හතර දිශාවල ගමන් කරන්නට වුණේ එහි සිටින පිරිස විපරම් කරමිනි. ඔහුගේ හිස නතර වූයේ සුපුරුදු මූණක් වෙතයි.එම රුව දැකීමෙන් ඔහුගේ ඇස් මහත් වන්නට වුණේ පුදුමයෙනි.😳

" එහෙනම් දෛවය මාව හරි තැනටම අරන් ඇවිල්ලා😏." Taehyung  තම හිතට මුමුනනවාත් සමගම ඔහුගේ මුව තුළ කුරිරු සිනහවක් ඇදෙන්නට විය.

***************
❄️🌼❄️🌼❄️🌼❄️🌼
( අනාථ නිවස තුලම.)

" 🎤..... මගේ කතාවේ අවසානයත් එක්කම මම කැමැතියි ආරාධනා කරන්න මේ project එකේ වැදගත් තැනක් දරන JYP ආයතනයේ අයිතිකරු වන mr. Kim yeon bin මහත්මයාට මේ වේදිකාවට පැමිණ මේ සභාව අමතන ලෙසට."

( kim yeonbin )

Yeon bin: " Kamsamnida.. 😄අද මට ගොඩාක් සතුටු දවසක්. මං හිතන්නේ මේ අවස්ථාව වැඩිපුරම සතුටු වෙන කෙනා තමයි මම. මම එහෙම කියන එකේ වැරැද්දක් නෑ කියලා හිතෙනවා...

ඇත්තටම මේ ව්‍යාපෘතිය ගැන කියනකොට.. මං මුලින්ම කියන්න ඕනේ..ඇයි මං මේකට අනාථ නිවාසයක් තෝර ගත්ත කියලා.. මට පොඩි කාලේ ඉඳන් තිබුණු හීනයක් තමයි ලොකු උනාම, මේ රටේ හොඳ තැනකට යනවා කියන එක.ඉතින් මට වගේම මේ ළමයින්ටත් ඉටු කරගන්න බලාපොරොත්තු වන හීන කොච්චර ඇතිද?😞

මට එදා මගේ හීන ඉටු කර ගන්න මගේ දෙමාපියන් ගෙන් උදව් ලැබුණා ..හැබැයි මට,ඔයාලට වගේ නෙවෙයි, මේ අයට, මේ ළමයින්ට එයාලගේ හීන වලට යන්න අත දෙන්න කවුරුවත් නෑ..😞

ඉතින් මං තීරණයක් ගත්තා😊. මේ ළමයින්ට මගේ අතින් පොඩි හරි උදව්වක් කරන්න මට පුළුවන්නම් ඒක මොන තරම් දෙයක්ද.."
-------

👤: ෂා.. මාරයි.. මෙයා මොන තරම් ලස්සනට බොරු කියනවද ?..ළමයින්ගෙ හීන...😏එයා තමන්ගේ ළමයා ගැන වත් අඩුම තරමේ බලනවද..hyeon jun..කවුද මෙයාට මේ කතාව ලියලා දුන්නේ..😑"

Hyeon jun : "පොඩි මහත්තයා.."🙄

👤:" මේ විකාර බලන්න මටත් එන්න කිව්වා නේ..😒 හැම දෙයක්ම media වලට පේන්න විතරයි.channel කීයකට විතර මේක මේ වෙනකොට broadcast වෙන්වද?."

Hyeon jun :" මේ වෙනකොටත් ප්‍රදාන channel හැම එකකම වගේ head news එක මේක තමයි."

👤:" mm..😒තවත් මට මේ බොරු අහන් ඉන්න ඕනේ නෑ..hyeon jun ..මම ටිකක් එලියට යනවා.. ඕන වුණොත් කතා කරන්න."

Hyeon jun :" හරි පොඩි මහත්තයා.."😶

**************

Taehyung මේ මුළු වෙලාව අතරතුර සිටි කල්පනාවෙන් මිදුනේ ඔහුගේ අතට යමෙකු අත් පත්‍රිකාවක් ලබා දීමෙනි.ඔහු අත් පත්‍රිකාව දෙස බලා එය කියවන්නට විය.

📄📄📄📄📄📄📄

" JYP company " ඔහු එම අත් පත්‍රිකාව නවා තම සාක්කුවේ දමා ගෙන යන්නට සැරසෙන විට දුටුවේ ඔහු මෙතෙක් වෙලා සෙවූ පුද්ගලයා යි.

Taehyung:🗣️"sir...."

🧔:" අනේ දෙයියනේ...මට අමතක උනානේ.. මට ඔයාගේ ගාන දෙන්න බැරි වුණා නේද?. අනේ සමාවෙන්න.🙁 ඔයාගෙ වෙලාවත් යන්න ඇති."

Taehyung:"ඒකට කමක් නෑ sir.."😐

🧔: "මෙන්න සල්ලි. මේකෙ භාගයක් order එක එවන්න කලින් මං jin ට දුන්න.ගොඩක් ස්තූතී හැමදේකටම. මම jin ව මතක් කරා කියන්නකෝ.."

Taehyung ඔහුට කිසි නමා ආචාර කොට නැවත යාමට සැරසෙද්දී යමෙකු ඔහුට කතා කරන හඬ ඇසීමෙන් ඔහු නතරවිය.

🗣️" Taehyung shii..මේ ඔයාද.."

ඔහු පිටුපස හැරී ඒ පුරුදු මුහුණ දෙස මදක් බලා සිටින්නට විය.😐

" jungkook.. මම හරි නේද..?"

" ඔව්.jungkook තමයි.😊හරි පුදුමයි. Taehyung shii මොකද මෙහෙ කරන්නේ.."

" ආ...මම ආවේ jin hyungගෙ කඩේ order එකක් බාර දෙන්න.ඒත් jungkook මොකද මෙහෙ..?"😐

" මම ඉන්නවා කිව්ව අනාථ නිවාස තමයි මේක."😊

" ඕ..එහෙමද.. ඔයාව ආයෙත් දකින්න ලැබිච්ච එක සතුටක්."🙂 Taehyung පැවසුවේ jungkookට තට්ටුවක් දමමිනි.

" ඉතිං jungkook..ඔයාට ආයෙ අර කොල්ලො කරද කලේ එහෙම නෑනේ.."

" පුදුමෙකට උනත් මේ දවස් වල මට එයාලව දකින්න ලැබුනෙත් අඩුවෙන්. එයාලා මට ආයෙ කරදර කරේ නෑ.. මං හිතන්නේ කාපු පාරවල් සැරටම වැදිලා.."🤭🤭

" ඒක ගොඩක් හොඳයි.jungkook.. මොකක්ද මේ.. මෙහෙ තියෙනවා කියන project එක😶..ඔයා ඒක ගැන දන්නවද ?.."

" මම වැඩි දෙයක් නම් දන්නෙ නෑ හැබැයි.ඒ project එකෙන් ලැබෙන සල්ලි එයාලා මේ අනාථ නිවාසෙට දෙනවා කියලා තමයි තීරණය කරල තියෙන්නෙ.. සාමාන්‍යයෙන් සල්ලි කාරයෝ මේ වගේ නෑ.. ඒත් මං හිතන්නේ kim yeonbin sir නම් ඊට  වඩා වෙනස්."🙂

Taehyung එය ඇසීමෙන් තමාටම සිනාසෙන්නට විය.😏😏

" කොහොම වුණත්, ඔය පේන තරම් හැමෝම හොඳ නෑ jungkook..😒ඒකට කමක් නෑ.. මට දැන් යන්න වෙනවා.ගොඩක් වෙලා මං මෙතන රස්තියාදු උනා.."🙂

" හොඳයි  Taehyung shii එහෙනම්.. මම jin shii වත් මතක් කරා කියන්න." 😊

" හරි අනිවාරෙන්.."🙂 taehyung, jungkook සමුගෙන පිටත්ව යන්නට විය.

...........To be continue.....💜️✌️

Onna chapter ekak dunna.mn kiwwane busy unath puluwn welwaka danna balanawa kiyl. Itihn me wage puluwn welwata mn updates denna balannm.

Luv u readers ❤️

I purple u 💜️💜️💜️💜️💜️✌️

 

Продовжити читання

Вам також сподобається

108K 3.2K 31
"she does not remind me of anything, everything reminds me of her." lando norris x femoc! social media x real life 2023 racing season
786K 29.3K 105
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
125K 5.3K 52
❥❥❥ [BNHA x Fem!Reader] ❛❛𝔸𝕝𝕝 𝕥𝕙𝕖 𝕣𝕚𝕔𝕙𝕖𝕤 𝕓𝕒𝕓𝕪, 𝕎𝕠𝕟'𝕥 𝕞𝕖𝕒𝕟 𝕒𝕟𝕪𝕥𝕙𝕚𝕟𝕘, 𝔸𝕝𝕝 𝕥𝕙𝕖 𝕣𝕚𝕔𝕙𝕖𝕤 𝕓𝕒𝕓𝕪...
165K 17.5K 23
"𝙏𝙤𝙪𝙘𝙝 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛, 𝙜𝙞𝙧𝙡. 𝙄 𝙬𝙖𝙣𝙣𝙖 𝙨𝙚𝙚 𝙞𝙩" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...