Taehyung, JINගේ cafe එකේ වැඩ කිරීමට පැමිණ සති දෙකකට ආසන්න ය.
Jin's cafe:
"Hyung, අද මට කලින් යන්න පුළුවන් වෙයිද?"
"ආ... හදිසියේ ම?"😕
"මම බැලුවේ අද අම්මට සල්ලි යවන්න කියලා බැංකුවට යන්න.තව මට යන්න තැන් කිහිපයකුත් තියෙනවා."
"ඒක හොඳයි Taehyung, ඔයා අද ගියාට කමක් නෑ.ඔයාට වෙලා තිබ්බොත් ඇඳුම් ටිකක් ගන්න.හැමදාම මගේ ඇඳුම් අදින්න ඔයා උනත් කැමති නැති වෙයි නේ..අර ඔයාගේ ඇඳුම් අරන් ගිය එකා😤..shik..අනේ මන්දා..පුදුම මිනිහෙක්."
"මම පුළුවන් ඉක්මනට එන්න බලන්නම් hyung" Taehyung ඒප්‍රනය ගලවා පසෙකින් තබමින් මහමගට බැස පදිකවේදිකාව දිගේ ඇවිදින්න ට විය.
🚶🚶🚶🚶🚶🚶🚶🚶
වීදිය දිගේ ඇදුනු ඔහු බැංකුවද පසුකරමින් ඉදිරියට ගොස් අවසානයේ නතර වූයේ seoul හිරගෙදර අසලයි.
Taehyung හිරගෙදර තුළට ගොස් එහි සිටි පොලිස් නිලධාරියා අසල නතරව ,
"Sir,දැන් හිරකාරයින් බලන්න පුළුවන්ද ?"
👮️:"කෝ බලමු වෙලාව.🕛 12:20යි නේද..තව විනාඩි විස්සක් විතර වෙලාව තියෙනවා.විනාඩි 5 යි වෙලාව දෙන්නෙ."
👮️:"කාව හම්බෙන්නද?"
Taehyung: " kim sangchul"
👮️:" kim sangchul නේද?..පොඩ්ඩක් ඉන්න...🤔
" Kim sangchul,එයා මීට අවුරුද්දකට විතර කලින් මැරිලනේ.."
Taehyung: "මොකක්.."😟
👮️:"ඔව්, මේකේ තියෙන්නේ එහෙමයි. මට දැං මතකයි, මිනිහට පිළිකාවක් ද කොහෙද තිබුණා. මනුස්සය බීමට ඇබ්බැහි වෙච්ච කෙනෙක් නේද ?"
Taehyung: "ආ...ඔව්."
👮️: "hmm...මීට කලින් ආවෙ නැද්ද?"
Taehyung: " කලින් එන්න බැරි වුණා.. ඒකට කමක් නෑ, මම එහෙනම් යන්නම්🙁.kumawo.
Taehyung හිරගෙදරින් එළියට පැමිණියේ ප්‍රාණය අහිමි වූ වෙකු විලසිනි. හැමදාමත් වගේ අදත් ඔහු තමන්ගේ දෙනෙත් වල කඳුලුත් සමග අරගල කරන්නට වුණා.
ඔහුගේ පීඩාව කිසි විටෙකත් ඔහු පිටතට පෙන්වීමට ඉඩ තැබුවේ නැත. නමුත් ඔහු හැමදාමත් වගේ ඇතුළතින් ඒ පීඩාවෙන් මිරිකෙන්නට විය.නමුත් අද ඔහු පරදා කඳුළු ජය ගත්තේ ය.
"Appa....😞ඔයත් මාව දාලා ගියාද.
ඇයි.? ඇයි තව ටිකක් කල් ඔයාගේ පුතා එනකන් ඉන්න බැරි උනේ..ඇයි..ඔයාගේ පුතාට එන්න කල් ගියාට සමාවෙන්න.... 😢😭
මට සමාවෙන්න.. මට සමාවෙන්න Appaa.."
Taehyung තම පපුවට අතින් ගසමින් පොළොවේ දණ ගසා ගනිමින් තම වේදනාව මුදාහරින්නට උනේ තමා සිටින්නේ මාර්ගයේ බවටවත් සිහි නොකරයි.😭😭😭😭
ඔහු පසුකර යන්නම් කතාකරන හඬවල් තැකීමකට ලක් නොකෙරූ ඔහු එලෙස මද වේලාවක් තම හදෙහි වූ වේදනා පිට කරන්නට විය.
මද වේලාවකින් ඔහු තමා යන්නේ කොහෙද වත් නොදැන පාර දිගේ ඔහේ ගමන් කරමින් ඇවිද ගොස් නතර වුණේ විශාල වතුර මලක් අසලයි.ඔහු එහි වූ බැම්මේ හිඳගන්නට වුනේ ප්‍රාණය නිරුද්ධ වූ
මිනියක් විලෙසිනි.
එම පෙදෙස අවට මිනිසුන් විශාල වශයෙන් රැස්වී යමක් වෙත අවධානය යොමු කරන අයුරු Taehyung දුටුවේය.
එහි වූයේ මිනිසුන් වට කර ගනිමින් නර්තනයේ යෙදෙමින් සිටි පුද්ගලයෙකි. අවටින්ඇසෙන සංගීත නාදයත්🎶🎶 ඒ නර්තනයත් වෙත අසිහියෙන් මෙන් Taehyung අවධානය යොමුකරන්නට විය.
🌫️🌫️🌫️🌫️🌫️🌫️🌫️🌫️🌫️🌫️🌫️🌫️
💧💧💧💧💧💧💧💧💧💧💧
මද වෙලාවකින් එක විට ම පහළ වූ වර්ෂාවේ පෙරනිමිති හේතුවෙන් එහි වූ රැස්වූ පිරිස් ඉක්මනින් එතැනින් ඉවත් වූහ.නගරයේ සෑම මිනිසෙක්ම ඇද හැලීමට නියමිත මහා වර්ෂාවේ අනතුරු ඇඟවීම් කලබලයෙන් තම නිවෙස් වෙත ගමන් කරන්නට වූහ.තප්පර දහයක් යන්නට මත්තෙන් සෝල් නගරය ජනශුන්‍ය වන්නට විය.
නමුත් ඒ පිළිබඳ වගක්වත් නොවූ Taehyung ඔහුගේ සිතුවිලි තුල ගිලී හිඳින්නට වුණේය.
වර්ෂාව ඔහේ ගලා යන්නට වුනේ Taehyungගේ කඳුලුත් ඒ තුළ සගවමිනි.
ඔහුගේ සිතුවිලි වලට බාධා කරමින් යමෙක් ඔහුට කතා කරන්නට විය.
🌧️🌧️🌧️🌧️🌧️🌧️🌧️🌧️🌧️🌧️🌧️🌧️
"ඔයා වැස්සට ආසයි වගේ. ඒත් ඔහොම හිටියොත් නම් ඔයාට ලෙඩ හැදිලයි නතර වෙන්නේ.."☔☔
එහි වූ තැනැත්තා කුඩයක් ඉහලා ගනිමින් Taehyung ඉදිරියේ සිටගෙන සිටියේය.
ඒ ඔහු යි මදවේලාවකට ප්‍රථම මිනිසුන් වට කොට නර්තනයේ යෙදුණු තැනැත්තායි.
"මාත් මෙතනින් ඉඳගත්තට කමක් නෑ නේ.."🙂 ඔහු තම අත වූ කුඩයක් සමඟ Taehyung අසලින් වාඩි වන්නට විය.
Taehyung ඔහු දෙස පුදුමයෙන් මෙන් බලන්නට වුණේය.
"ඔයත් වැස්සට කැමති, මාත් වැස්සට කැමති දෙන්නම සමානයි නේ..😁 "
Taehyung : "ඔයා මොකද ...😐."
"ඔයා ලගට ආවෙද?hmm..මං දැක්කා ඔයා ගොඩක් වෙලා මෙතන ඉන්නවා.. මං අනුන්ගේ දේවල් වලට ඇඟිලි ගහනවා වගේද ..sorry..මේකයි,මම කැමති නෑ මං ඉස්සරහ කවුරුත් upset එකේ ඉන්නව දකින්න.මම කැමතී හැමෝම හිනාවෙලා ඉන්නව දකින්."
ඔහු සිනාසෙමින් පවසන්නට උනේය😁😁😁.
Taehyung:" ඒත් ඔයා හිතනව වගේ හැමෝටම සතුටින් ඉන්න බෑ😞..හැම කෙනෙක්ගෙම දෛවයේ සතුට ලියවිලා නෑ..."
"ඔයා වැස්සට කැමති ඒවා ඔයාගේ කඳුළු හංගනවා..එහෙම නේ, දෙයක් කියන්නම්, දෛවයට හැමදේම තියෙන්නෙ කරන්න දෙන්න එපා. ස්වභාව ධර්මය එච්චර අසාධාරණ නෑ.කෙනෙක්ට සතුටක් ලැබෙනවා කියන්නේ දුක කියන එක බලාපොරොත්තු වෙන්නම වෙනවා..දුකක් ලැබෙනවා කියන්නේ එයාට කවදා හරි සතුටක් ලැබෙනවා කියන එක."
Taehyung :"ඒත් ඔයා මං ගැන දන්නවද..ඔයාගේ තත්ත්වයට වඩා මගේ තත්වෙ වෙනස්."😔
"ඒක වෙන්න පුළුවන්, ඒත්..මොන දේ වුණත් හැමදාම සතුටින් ඉන්න බලන්න.ඒ සතුට ඔයාගේ දුක තුනී කරල දායි."
Taehyung ඔහු දෙස බලා තම අත්ලෙන් කඳුළු පිස දා තම වේදනාව පසෙකලා සිනා සෙන්නට විය.🙂
"ඉතිං, මගේ නම Jung hoseok.
මට J-hope කියලා කියන්නකෝ,ගොඩක් අය මාව දන්නෙ එහෙම තමා.. මෙ පාරෙ තමා මගේ ජීවිතේ ලියල තියෙන්නෙ..මට පුළුවන් විදියට මගේ හැකියාවෙන් මිනිස්සු ව සතුටු කරනවා. ඒකෙන් මටත් සතුටක් ලැබෙනවා.ඉතින් තාම මොනාද ඕනෙ නේද? "😁
Taehyung : "ඔයා පුදුම කෙනෙක් තමයි. මම kim taehyung.
කොහොම වුණත් ඔයා වගේ කෙනෙක් හම්බවෙච්ච එක සතුටක්.
Ash...ඒත් දැන් ගොඩක් වෙලා ගිහින්. මම ඉක්මනට යන්න ඕනේ.. hyung බය වෙලා ඇති..."
Taehyung තම ඔරලෝසුව දෙස බලමින් කියන්නට විය.
"ඔයා කොහෙටද යන්නේ ...?
"මේ පැත්තට.."👉👉 යැයි Taehyung අත දිගුකරමින් පෙන්වන්නට විය.
" ආහ්... මාත් ඒ පැත්තට යන්නේ අපිට යන ගමන් කතා කරන්න පුළුවන්නේ.."
වැස්ස ඒ මොහොත වන විටත් නැවතී තිබුණි.Taehyung තම නව මිතුරා සමඟ කතා කරමින් වීදිය දිගේ ඉදිරියට යන්නට විය.
............To be continue....❣️
Podi wageeda chapter eka.meke nm aniwaren waradi athi.mn puluwn tharam hodata liyanna baluwa.😕
Kohoma unath meeka read karanwata thank u 😊😘
I purple u💜️✌️