Enchanter ♡ [Ala Adawwa Side...

By nithuvihansa

2.6K 441 388

" There are enchanted moments, between the you and me, with every moments l find myself glimpsing into heaven... More

1#
2#
3#
#4
#5.
6#
8#
9#
10#
11#
12#
13#
14#
15#
16#
17#
18#
19#
20#
21#
22#
23#
24#
25#
26#

7#

84 15 14
By nithuvihansa

මන් කෑම පෙට්ටියත් බිම දාලා දුවද්දි කාශ්‍යප අයියත් මගෙ පස්සෙන් පන්නගෙන ආවා....අපි නිකන් අල්ලන සෙල්ලන් කරන පොඩි උන් වගේ හති දාගෙන මල් ගස් වටේ හිටන් දිව්වා.....

චිකේ මල් ගස් වටේ....ඒක කිව්වම මට මතක් වුණේ අර සිකුරු හතේ මල් ගස් වටේ කැරකි කැරකි නටන සමන්මලී....

සමන්මලී....සමන්මලී.....මගේ මලී....
සමන්මලී....
නටුවේ කටු නැති රෝස මලී......
අතුඅග පිපි සුදු පිච්ච මලී.....

එව්.....යකෝ....ඈතින් දුවන් එන කාශ්‍යප අයියා සුදු දිග ගවුමක් ඇදන් මල් ඔටුනකුත් දාගෙන පැන පැන එනවා මට මැවිලා පේන්න ගත්තා....මොන@@...... සිහියට වරෙන් මිහින්...!

" ඒ අර....."    කගවේනා වගේ මාව අල්ලගන්න දුවන් ආව කාශ්‍යප අයියා එකපාරම කකුලෙන් බ්‍රේක් එකක් ගහලා වෙන පැත්තකට දුවන් ගියා.....පිස්සුද මුට..

ආ....එලිෆන්ට් හවුස් එකේ අයිස්කීම් ට්‍රක් එකක්....මේකා කගවේනා වගේ දිව්වෙ ඒකට....
කාශ්‍යප අයියා ආපහු ආවෙ වොන්ඩර් කෝන් දෙකකුත් අරගෙන....බලන් ගිහයම සල්ලිකාර හතුරෙක් ඉන්න එකත් මරු....
මේ පාරත් ඒකා ' වහ නෑ ඕයි කනවා ' කියලා අයිස්ක්‍රීම් කෝන් එකක් කොලේ ගලවලාම මගෙ අතට දුන්නා.....

" තමුසෙ ඇයි අයියේ එකපාරම හොඳ වෙලා...."

" කවුද මන්....."  කාශ්‍යප අයියායි මායි කතා කර කර අයිස්ක්‍රීම් දෙකත් කන ගමන් ඇවිද්දා.... අපි හිටියෙ මීවන උයන කියන හරියෙ....ඒ හරියෙ කවුරුත් නැති නිසා හොඳටම පාලුයි වගේම මීවන ගස් අස්සෙ ඇවිදිද්දි නිකන් ඇමසන් වනාන්තරෙ වගේ....

" ඔව් තමුසෙ තමා....."

" ඇයි මන් කිව්වෙ තමුසෙට රසට කවනවා කියලා....දැන් ඉතින් කනවා....."

" කවුද දන්නෙ තවුසෙගෙ යටි අරමුණු තියේද කියලා...."

කාශ්‍යප අයියා මගෙ පිටට හයියෙන් එකක්
ගහලා හිනාවෙවී පොඩි සිමෙන්ති බෙන්ච් එකකින් ඉඳගත්තා...මාත් ගිහින් එතනින් ඉඳගත්තහම අපි සෑහෙන වෙලාවක් එක එක ඒවා කතා කලා...ක්‍රිකට් ටීම් එක ගැන
එයාලගෙ එක්සෑම් ගැන...කාශ්‍යප අයියා නම් මේ පාර ලියන එක ගැන ලොකු සැටිස් එකක් නෑ වගේ...එස් තුනක්වත් තිබ්බොත්
ලොකු දෙයක්ලු....මන්දා ඉතින් ලබන අවුරුද්දෙ මටත් ඔච්චරම තමා....මතක් වෙද්දිත් පපුව හිර වෙන්න එනවා.....

" මන්දා මිහින්....හිතේ නිදහසක් නැතුව
මට මුකුත් හරියට කරගන්න බෑ...."

" ඔයා අවුලකින්ද ඉන්නෙ...."  මන් අයිස්ක්‍රීම් එකේ අන්තිම චොක්ලට් ටිකත් කාලා කොලේ ගානට ඒම් කරලා කුණු බක්කියකට විසි කරා.  පලවෙනි වතාවට වෙන්නැති කාශ්‍යප අයියායි මමයි මෙහෙම
කතා කරන්නෙ. කාශ්‍යප අයියා මන් දන්න තරමින් ආතල් එකේ හැමෝම එක්ක කතා කරලා ෆිට් එකේ ඉන්න ජාතියෙ කෙනෙක් නෙමෙයි....ඉස්කෝලෙ ළඟම යාලුවො හිටියෙත් දෙතුන් දෙනයි....හැබැයි පොර ඉස්කෝලෙ හෙන ප්‍රසිද්ධයි බිග් මැචස් වල කලර්ස් පෙන්නලම.....
කෙල්ලො වුණත් මැත්ස් එකේ කාශ්‍යප කිව්වහම පණ ඇරලා...ඒ වුණාට මේ ගොබ්බයා කෙල්ලො දැක්කහම බුම්බගෙන යන්නෙ....මට මතක් වෙන්නෙම අර ගුජුම්පියෝද මොකාද එකාව...මූත් ඒකා වගේ අඩි හතරක් පහක් ගුවනින් යන එකෙක්....
අනේහ් මගේ කස් එක නම් අර සිදේවි ජීහු අයියා....එයාට නම් බොක්කෙන්ම ලව්....ජීහු ඇවිත් අපෙ නිකිණියගෙ කස් එක ඒ වුණාට දැන් නිකිණියට හොරෙන් එයා මගේ.....

" දන්නැද්ද බන් ඉතින් පවුල් ප්‍රශ්න එහෙම "

කාශ්‍යප අයියා ලොකු හුස්මක් අරන් ලොකු බැරෑරුම් දෙයක් හිතනවා වගේ කිව්වෙ....
මුන්ට පවුල් ප්‍රශ්නත් තියේද අප්පා අච්චර නාන්න සල්ලිත් තියෙද්දි...පිස්සු හැදෙයි සඳ බැබළෙයි...මන්ත්‍රී පුතානෝටත් පස්න...පස්න....

" මේහ් එක නෙවේ අර සත්තු පව් නේද..."

කාශ්‍යප අයියා ආයෙත් හෙණ බැරෑරුම් මූඩ් එකක් ගහලා මගෙ දිහා බැලුවා... ඒ පාර මේකට සත්ත්ව කරුණාවක් පහළ වෙලා...

" මොන...? "

" ෆාම් එකේ හිටපු සත්තු...."

" උන් හෙන ආතල් එකේ ඉන්නෙ අර....
ළඟටම කන්න බොන්න බෙහෙත් හිටන් හම්බවෙන්නෙ...."

කාශ්‍යප අයියා අත් දෙක එකට ගුලි කරගෙන ඒ දිහා බලන් හිනා වුණා... එයාගෙ ඇඟිලි සීතලට ලා වට රතුවෙලා...

" නිකමට හිතලා බලන්න අපිවත් මුලු ජීවිත කාලෙම එකම තැනකට කොටු කරලා තිබ්බොත්...කෑම බීම ළඟටම දුන්නත් එතනම කාලා අපේම ජරා ගොඩේ ඉන්න වුණොත්...අන්තිමට අපෙන් වැඩක් නැති වෙලා මස් වලට මරන්න විකුණුවොත්......"

කාශ්‍යප අයියාගෙ වචන මොනතරම් සංවේදි වුණාද කියන්න මන් විහිලුවට ගත්ත එයාගෙ ප්‍රශ්නෙ ඊළඟ විනාඩියෙදි මාව යතාර්ථය කියන අගාධෙට ඇදලා දැම්මා.....ඇත්තටම අපිට එහෙම වුණොත්
මතුපිටින් ලා තණකොල පිට්ටනියක ඇන්කර් හයිලන්ඩ් කිරි පෙට්ටියක සුරපුරයක් මැව්වට දකිනවට වඩා ඇතුලතින් ඒ සත්තුන්ගෙ ඉරණම......
මාව හිටි ගමන් වචන නැතුව ගොලු වුණා...

" දැනුත් ඔයාට හිතෙනවද ඒ සත්තු ආතල් එකේ ඇති කියලා...."

කාශ්‍යප අයියා කියන්නෙ පිටකවරෙන් මනින්න බැරි පොතක්....එයාගෙ සංවේදී පැත්ත ගැන කියවන්න කියවන්න අතිසංවේදී පරිච්ඡේදයක් වගේ...

හවස පහත් හයත් අතරෙ අපි හිටියෙ අපෙ අන්තිම නැවතුම වුණ ග්‍රෙගරි වැව ළඟ....ක්ලාස් එකතු වෙලා ගෘප් ෆොටෝස් ගන්නවයි...කෙල්ලො පෝනියො වටේ කැරකි කැරකි ෆොටෝ ගන්නවයි....තව උන් ඩොල්කි උස්සගෙන ගිහින් වැව ළඟ ඉදන් සිංදු කියනවා....

යසිරුව හංස බෝට්ටුවක් පදින්න ආසයි කියලා දඟලද්දි රියාසුයි මමයි ඒකව jetski එකක් කඩාගෙන එනකොටම වැවට තල්ලු කරලා ඒකා නාගෙන තෙමිච්ච කුකුළා වගේ අපිට බැන බැන ගොඩට ආවා.....

" මේහ් මල්ලා....අපේ එකාව එහෙම දැක්කද මේ පැත්තෙ...."

" නෑ අයියෙ....මේ හරියෙ හිටියෙ නෑ...."

මලින්ද අයියා බැදපු අලපෙති ටිකකුත් උස්සන් කාශ්‍යප අයියා හොයාගෙන වැව හරියට ඇවිත් ඒකා පේන්න නැති එකේ මට අර බැදපු අලපෙති කූරක් දික් කරලා එයාගෙ ප්‍රියම්බිකාව ඉන්න දිහාවට දිව්වා..
දැන් මන් මේක කන එක හරිත් නෑ වගේ මේක කාශ්‍යප අයියටනෙ ගන්න ඇත්තෙ....

මන් ඉදන් හිටපු තණකොල බිස්සෙන් නැගිටලා පස්සත් පිහදගෙන සීගිරි කස්සපයා හොයන් ඇවිද්දා....කවදා කරපු වැඩද යකෝ මේවා....මට නම් හොඳ ලෙඩක් හැදීගෙන එනවා....

හැමතැනම ඇවිදලා මන් ආවෙ බස්ටික පාක් කරපු තැනට....බස්ටිකත් වටේට ගහලා....අන්තිමට ඩිජේ එකක් දෙනවා කිව්වනෙ නටන්න....තොරණ් ටිකක් මැද්දට පැන්නා වගේ....දම් රැජිනලයි නිල් කුමාරිලායි කහ කිරිල්ලියොයි......මන් බස් එකක් ඇරන් දවසක කලු ස්ටිකර් ටිකක් ගහලා දානවා 'කලු කුමාර එක්ස්ප්‍රස් ' කියලා....ම්ම්ම්.......ඔය එක එක කිරිල්ලියො වගේද කලු කුමාර එක්ස්ප්‍රස්...ගැම්මක් තමයි......

අනාගතේ දවසක කලු කුමාර එක්ස්ප්‍රස් එකක් හදන්න දඩාර ප්ලෑනක් කල්පනා කරන ගමන් වතුර බොන්න අපි ආව චූටි කෙල්ලද නෝටි කෙල්ලද මන්දා බස් එකට නගිද්දි මන් දැක්කෙ පිටිපස්සෙම සීට් එකේ අයිනට වෙලා ඉන්න කාශ්‍යප අයියා...මිනිහා එයාපොඩ් දෙකකුත් ගහන්
ඇස් දෙකත් පියාගෙන සිංදුවක් අහනවා වගේ....මාර එකෙක් අච්චර එලියට බැහැලා ඇවිදින්න පුලුවන් එකේ මූ බස් එක අස්සෙ.....උගුඩුවෙක්ම තමයි.....

මන් වතුර බෝතලෙත් අරන් වතුරත් බීලා අන්තිම සීට් එකට කලින් තියන තුනේ සීට් එකට නැගලා සිල්වර් බාර් එකට නිකට තියාගෙන අතේ තිබ්බ අර බැදපු අලපෙති කූර කාශ්‍යප අයියගෙ නහයට ළං කරා....

" ඔයාද....මන් හිතුවෙ මලින්දයා කියලා...."

අල පෙති එකේ සුවඳට ඇස් ඇරලා බලපු කාශ්‍යප අයියා එකේන් කෑල්ලක් කටට දාගෙන ඉතුරු ටික මට ළන් කලා....

" මලින්ද අයියා ඔයාව හෙව්වා....ඔයා පේන්න හිටියෙ නැතිනිසා මට මේක දීලා ගියා....මොකෝ තනියම...."

" කම්මැලි...."

" කම්මැලි නම් ඉතින් එලියට එනවකො..."

" මන් මිනිස්සුත් එක්ක ඉන්න කම්මැලි...."

මිනිස්සුත් එක්ක ඉන්න කම්මැලි.....ඒ මොන අපබන්සයක්ද....දැන් එතකොට මූ මිනිහෙක් නෙවෙයිද පිටසක්වල ජීවියෙක්ද

" ඇයි තමුසෙ වෙන ග්‍රහ ලෝකෙකින් ආව එකෙක්ද....."

" ඔව්නෙ.....කටවහන් ඉන්නවා....නැත්තම් ආපු විදිහටම යනවද...."

කාශ්‍යප අයියා මට රවලා ජනේලෙට ඔලුව ගහගත්තා....හැලපයා..දෙන්න හිතෙනවා බෝතලෙන්...

" තමුසෙ නම් මහ......මටත් තමුසෙ වගේ උගුඩුවන්ට පැන පැන සර්විස් දෙන්න පුපෙ අමාරුවනෙ රෙද්ද...."

මන් කාශ්‍යප අයියට රවලා ගස්සලා යන්න හදනවත් එක්ක කාශ්‍යප අයියා මගෙ අතේ තිබ්බ අලපෙති එකේ ඉතුරු ටිකත් අරගෙන සිංදුවක් ප්ලේ වෙන එක එයාපොඩ් එකක් මගෙ කනේ ගැහුවා....

එක හීන රෑක දෑත දෑත යා වෙලා
හිම රේණු නෑවි නෑවි තුරුලු වෙලා
ඔබ නේද ඈත ඈත ඈත පා... වෙලා
හිත ආයෙ ආයෙ ආයෙ හොයන කෙනා......

" මිහින්....just look here...."

කාශ්‍යප අයියා බිමට නැඹුරු වෙලා තිබ්බ මගෙ අවධානෙ අතකින් සයින් එකක් දීලා එයා ගාවට ගත්තා....අර එයාගෙ අමුතු පාට ඇස්වලට බස් එකේ පාට පාට එලි වැටිලා සැරින් සැරේට ලෙන්ස් එකේ පාට වෙනස් වෙනවා....

ඔය ඇස් කතා කරනවා
මගෙ දිහා බල බලා
හිරි මල් හිතේ නැවතිලා
ඉන්නටම දිවි පුරා.......

" මන් අදනෙ ඔයාගෙ ඇස් දෙක හරියටම දැක්කෙ..... it's super enchant..."

කාශ්‍යප අයියා නොහිතපු වෙලාවක නොහිතපු විදිහට මගෙ ඇස් වලට එබෙද්දි මන් ගැස්සිලා පස්සට වුණා...

හදවත ඉතිරී ඉතිරී ගලන මේ
හැඟුම දෝ ආදරේ......









" ආ....හ් වට් ද හෙල්....මෑන්...!!!! "

" සුදුමහත්තයා..!!! "

" ඇයි...."

" ඔය මොකද කාමරේ හැටි...අස්කර
ගන්න...."

තාත්තා වැඩ ඇරිලා ආව ගමන් මගෙ හැඩි වුණ කාමරේ දැකලා කෑගහන්න ගත්තා....මන් බිම තිබ්බ කොට්ටෙකට පයින් ඇනලා ටවල් එකත් ඇරගෙන වොශ්රූම් එකට රිංගගත්තා....

' තමුසෙට මොකද වෙලා තියෙන්නෙ මිහින්..'

මූණට සීතල වතුර පාරක් ගහගෙන කම්මුල් වලට තට්ටු කරේ කණ්ණාඩියෙන් පේන මටම බැන ගන්න ගමන්....
අර ගෝත කාශ්‍යපයා මගෙ ඔලුවෙ හොල්මන් කරනවා ඉවරයක් නැතුව...

මාව ආයෙත් කාලතරණය වෙලා වගේ ඊයෙ වුණ දේවල් මතක් වෙද්දි රතු වේගෙන ආවා....
කාශ්‍යප අයියා එකපාරම මගෙ ඇස් වලට එබිලා බලන් හිටපු හැටි...
ඩිජේ එක වෙලාවෙ කට්ටිය මැද්දෙම මගෙ ඉනෙන් අල්ලලා නටන ගමන් ඇගට හේත්තු කරගත්ත හැටි....

" ආ.....හ්...වනචාරියා..!!! ලැජ්ජ නැති ගොබ්බ උගුඩුවා....! ආවා මෙතන ජැක් ගහන්න..."

මන් කාශ්‍යප අයියා කියලා හිතාගෙන සබන් ගාපු  ඇඟ අතුල්ලන ස්පොන්ජ් එක දමාගෙන පාගන්න ගිහින් ලිස්සලා හොම්බත් සින්ක් එකේ වද්දගෙන කොමඩ් එකේ එල්ලිලා යන්නතම් බේරුණා විතරයි උඩින් ගිය සබන් කෑල්ලත් ඇවිත් ඔලුවට වැටුණා...

" ආ!!!! කාශ්‍යප අයියේ!!!!හ්.."

" සුදු මහත්තයා....!!! මන් දෙකක් දෙන්න කලින් නාගෙන එනවා...."

" අනේ තාත්තේ...මාව හොස්පිල් ගිහින් දාන්න අයියෝ!!.."

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Those enchanted eyes 👀

Continue Reading

You'll Also Like

7.6K 1.1K 19
COMPLETED | DEAR DIARY SERIES 1 To those who are secretly in love with someone who doesn't love you back. Created/Started: Sept. 4, 2021 Ended/Publis...
7.5K 1.5K 14
Love must meet to be possessed. In the trilogy, one person suffers while the other finds comfort in life. Love is comfort. Stay where you feel comfor...
73.5K 6.5K 18
Nandini has been married to Manik for 5 years, his kids call her Mumma, his parents dote on her like a daughter....but he refuses to see her as anyth...
3K 84 71
❝ 𝐏𝐔𝐑𝐏𝐋𝐄 𝐓𝐄𝐀𝐑𝐃𝐑𝐎𝐏𝐒 𝐈 𝐂𝐑𝐘, 𝐈𝐓 𝐃𝐎𝐍𝐓 𝐇𝐀𝐕𝐄 𝐀 𝐏𝐑𝐈𝐂𝐄, 𝐋𝐎𝐕𝐈𝐍𝐆 𝐘𝐎𝐔 𝐈𝐒 𝐂𝐇𝐄𝐑𝐑𝐘 𝐏𝐈𝐄 ❞ 𝗶𝗻 𝘄𝗵𝗶𝗰�...