පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰...

By Kim-Yuhaqwe

103K 13.5K 22.5K

ආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආ... More

01-පළිඟු දිගහැරුම ♡
02-පළිඟු දිගහැරුම ♡
03-පළිඟු දිගහැරුම ♡
04-පළිඟු දිගහැරුම ♡
05-පළිඟු දිගහැරුම ♡
06- පළිඟු දිගහැරුම ♡
07-පළිඟු දිගහැරුම ♡
08-පළිඟු දිඟහැරුම ♡
09-පළිඟු දිඟහැරුම ♡
10- පළිඟු දිගහැරුම ♡
11- පළිඟු දිඟහැරුම ♡
Intro ♡
12- පළිඟු දිඟහැරුම ♡
13- පළිඟු දිඟහැරුම ♡
14- පළිඟු දිඟහැරුම ♡
15- පළිඟු දිඟහැරුම ♡
16- පළිඟු දිඟහැරුම ♡
17- පළිඟු දිඟහැරුම ♡
18-පළිඟු දිඟහැරුම ♡
19- පළිඟු දිඟහැරුම ♡
20- පළිඟු දිඟහැරුම ♡
21 - පළිගු දිඟහැරුම ♡
22- පළිඟු දිඟහැරුම ♡
23- පළිඟු දිඟහැරුම ♡
24- පලිඟු දිඟහැරුම ♡
25- පළිඟු දිඟහැරුම ♡
26- පළිඟු දිඟහැරුම ♡
27-පළිඟු දඟහැරුම ♡
28- පළිඟු දිඟහැරුම ♡
29- පළිඟු දිඟහැරුම ♡
30- පළිඟු දඟහැරුම ♡
31- පළිඟු දිඟහැරුම ♡
32- පළිඟු දිඟහැරුම ♡
33- පළිඟු දිඟහැරුම ♡
34- පළිඟු දිඟහැරුම ♡
35- පළිඟු දිඟහැරුම ♡
36- පළිඟු දිඟහැරුම ♡
37- පළිඟු දිඟහැරුම ♡
38-පළිඟු දිඟහැරුම ♡
39- පළිඟු දිඟහැරුම ♡
40- පළිඟු දිඟහැරුම ♡
41- පළිඟු දඟහැරුම ♡
42- පළිඟු දිඟහැරුම ♡
43- පළිඟු දිඟහැරුම ♡
44- පළිඟු දිඟහැරුම ♡
45- පළිඟු දිඟහැරුම ♡
46- පළිඟු දිඟහැරුම ♡
47- පළිඟු දිඟහැරුම ♡
48- පළිඟු දිඟහැරුම ♡
49- පළිඟු දිඟහැරුම ♡
50- පළිඟු දිඟහැරුම ♡
51- පළිඟු දිඟහැරුම ♡
52- පළිඟු දිඟහැරුම ♡
53- පළිඟු දිඟහැරුම ♡
54- පළිඟු දිඟහැරුම ♡
55- පළිඟු දිඟහැරුම ♡
56- පළිඟු දිඟහැරුම ♡
57- පළිඟු දිඟහැරුම ♡
58- පළිඟු දිඟහැරුම ♡
59- පළිඟු දිඟහැරුම ♡
60- පළඟු දිඟහැරුම ♡
61- පළිඟු දිඟහැරුම ♡
62- පළිඟු දිඟහැරුම ♡
63- පළිඟු දිඟහැරුම ♡
64- පළිඟු දිඟහැරුම ♡
65-පළිඟු දිඟහැරුම ♡
66- පළිඟු දිඟහැරුම ♡
67- පළිඟු දිඟහැරුම ♡
68-පළිඟු දිඟහැරුම ♡
69- පළිඟු දිඟහැරුම ♡
70- පළිඟු දිඟහැරුම ♡
71- පළිඟු දිඟහැරුම ♡
72- පළිඟු දිඟහැරුම ♡
73- පළිඟු දිඟහැරුම ♡
74- පළිඟු දිඟහැරුම ♡
75- පළිගු දිඟහැරුම ♡
76- පළිඟු දිඟහැරුම ♡
77- පළිඟු දිඟහැරුම ♡
78- පළිඟු දිඟහැරුම ♡
79- පළිඟු දිඟහැරුම ♡
80- පළිඟු දිඟහැරුම ♡
81- පළිඟු දිඟහැරුම ♡
82- පළිඟු දිඟහැරුම ♡
83- පළිඟු දිඟහැරුම ♡
84- පළිඟු දිඟහැරුම ♡
85- පළිඟු දිඟහැරුම ♡
86- පළිඟු දිඟහැරුම ♡
87- පළිඟු දඟහැරුම ♡
88- පළිඟු දිඟහැරුම ♡
89- පළිඟු දිඟහැරුම ♡
90- පළිඟු දිඟහැරුම ♡
91- පළිඟු දිඟහැරුම ♡
92- පළඟු දිඟහැරුම ♡
93- පළිඟු දිඟහැරුම ♡
94- පළිඟු දිඟහැරුම ♡
95- පළිඟු දිඟහැරුම ♡
97- පළිඟු දිඟහැරුම ♡
98- පළිඟු දිඟහැරුම ♡
99- පළිඟු දිඟහැරුම ♡
100- පළිඟු දිඟහැරුම ♡
101- පළිඟු දිඟහැරුම ♡

96- පළිඟු දිඟහැරුම ♡

700 102 526
By Kim-Yuhaqwe

නඩු වාරයට පැය කිහිපයකට පෙර

(එකම වෙලාවේ දෙතුන් පැත්තක වෙන සිද්ධිදාම ලියන්න ගියාම තමයි මට ප්‍රෙසර් නගින්නේ )

"ජොඑලා උබට කරදරයක් නැත්තං හැව්ලොක් සිටි එකෙන් මාව හලාගෙන යනවද ?"

මම මෙච්චර වෙලා කල්පනා කරලා බැරිම තැන ජොඑලාට තට්ටුවක් දැම්මේ ඇස් පොඩි කර ගන්න ගමන්

"ඒ මොකටද ?"

"ටවීයා ගාවට යන්න ඕන බන් "

"ඒත් ඌ මේ වෙලේ අපි එක්ක කතා කරයිද ?"

මම ජොඑල් දිහා බැලුවේ අවිනිශ්චිත බැල්මකින් .... ඇත්තටම ටවීශ්ගේ මේ වෙනස් වීම එක පැයක් ඇතුලත මට මහා හිසරදයක් උනා

ටවීශ් කියන්නේ කාගෙවත් හිත රිද්දන ජාතියේ මනුස්සයෙක් නෙමේ කියන්න හොදටම දන්න දෙන්නා මායි ජොඑලායි .... එහෙව් වෙලත් මේ වගේ ප්‍රශ්නයක් වෙනකොට මට සාධාරන සැකයක් ආවා ජොඑලා මදිවට මට ටවීශ්වත් මැගෑරුනද කියලා

"මාව හලාගෙන යමන් ජොඑලා "

"මාත් එන්නද ?"

"එපා බන් ටශ්මිව අරන් ගෙදර පලයන් .... රස්තියාදු කරන්න එපා එයත් මහන්සියෙන්නේ ඉන්නේ "

මම පිටිපස්සේ ශීට් එකේ කකුල් දෙකත් උඩට අරන් ඩෝ එකට හේත්තු වෙලා හිටිය කෙල්ල දිහා බලලා කිව්වේ ජොඑලාත් පිටිපස්සට එබෙද්දි

"ජොඑල් මාව හැව්ලොක් සිටි මෝල් එකෙන් දානවද ? මගේ අයි ශැඩෝ පැලට් එක ඉවරයි "

"අහ් අපි ආයේ එනකොට ඔයාව පික් කරන්නම් "

"ම්ම්"

ටශ්මි ගලවගෙන හිටිය ඩෙක් ශූස් දෙක දාගෙන වාහනෙන් එලියට බැස්සේ ජොඑලා වාහනේ හරවන් ආයෙම ටවීශ්ගේ ගෙදරට යද්දි

"මට ආයෙම කොහේ හරි මගෑරුනද ජොඑලා "

"රොනාල් ඔහොම හිතන්න එපා ඕයි ..... ගිය පාරත් මගෙයි නුරාගෙයි වැරැද්ද සම්පූර්න තියෙද්දි උබ උබට වැරැද්ද පටව ගත්තා "

"ඒ වුනාට මට උබලා ගැන හොයන්න තිබ්බා බන් "

ඇත්තටම මම කිව්වේ හිතේ දුකට ජොඑලා මම ටවීශ් කියන්නේ එකේ ඉඳන් යාලුවෝ.... එහෙම වෙලත් එකෙක්ට කරදරයක් වෙද්දි අනිකා දන්නෑ කිව්වම මට හැමදේම පැත්තක දාලා අවංකවම අඩන්න හිතුනා

"හරි අපි යන්කෝ උගේ ගෙදර .... ඒක පැත්තක දාපන් මචං ඌ කතා කරපු විදිහ අන්තිම කැතයි .... මොකක්ද අර එක්ස්පයර් වෙච්ච කිරි කතාව "

"අරයට කේන්ති ගියේම ඒක බන් .... සාමාන්‍යෙන් එයා කේන්තිය අපේ ඉස්සරහා පෙන්නන්න කෙනෙක් නෙමේනේ ... ඒත් මල්ලිනේ බන් .... ඔහොම කතා කරනකොට අපේ අයියලට උනත් මල පනිනවනේ "

"නැතුව බන් .... මම දන්නෑ අර ලබ්බට ගිය දා ඉඳන් අඩුම අපි එකෙක්ට වත් ඌ කෝල් එකක් දුන්නද නෑ .... අඩුම පොඩි කොල්ලටවත් නෑ .... අපිට ඌව කන්ටැක්ට් කරගන්න විදිහක් නෑ ..... මට එක වෙලාවකට හිතෙනවා බන් ඒ ලබ්බෙන් අපේ එකාව හිත් පිත් නැති එකෙක් කරලාවත්ද කියලා "

මම ඔලුව ශටර් එකෙන් තියාගත්තේ ඇත්තටම ටවීශ්ගේ වෙනස දරාගන්න බැරිව ....

"එක්කෝ ඌ කරන්නේ ඔස්කාර් සම්මානෙන් දමලා ගහන්න පුලුවන් රගපෑමක් ....නැත්තං ඌ ඇත්තටම පොඩි කොල්ලව අතෑරලා වෙන කෙල්ලෙක් හොයන් "

"මම හිතන්නේ දෙවනි එක .... උබ දැක්කානේ හෝල් එකේ පැය ගාණක් හිනා වෙවී කියෙව්වා කා එක්කද මන්දා "

"එක්කෝ ඕකවත් මරලා අපි දෙන්නත් වහ කාල කාල ගහමුද ජොඑලා "

"මට මගේ මිනිහව ගෙනත් දීපාන් ... ආන් එදාට වහ ගැලුමක් ඌටත් පොවලා මමත් ඒකෙන්ම කාලක් ගහනවා "

"තොපි ඔක්කොම පිස්සු උකන්නෝ "

අපි දෙන්නා කියව කියව ගිහින් උන්ගේ ගේ ඉස්සරහම ඉන්න හමුදා කොල්ලෝ දෙන්නට අයි ඩී දෙක දුන්නේ ඊට පස්සේ වාහනේ චෙක් කරාට පස්සේ ගාඩ් එකෙන් වාහනේ ඇතුලට දාන්න දෙද්දි

"කාව හම්බෙන්නද මිස්ටර් "

"ටවීශ් දි සිල්වා "

"පොඩි මහත්තයා ඉන්නවා ඇතුලට යන්න මිස්ටර් "

අපි දෙන්නා ඇතුලට යනකොටම ඇතුළෙ හිටියේ තරුණ ගෑනු ළමයෙක් .... පෙනුමින් ලස්සනයි හැබැයි අපිට වඩා වයස පාටයි

ඒත් එක්කම එලියට ආවේ ටවියගේ සාම්ප්‍රධායික අම්මා

"ආහ් මෙයාලානේ .... මොකෝ මේ පැත්තේ "

"ආන්ටි අපි මේ ටවියව බලන්න ආවේ "

"ආහ් අන්න මටත් පුප්පන් උඩට ගියා .... "

"අපි දෙන්නත් උඩට යන්නද ?"

"යන්න යන්න "

ජොඑලා ආන්ටි එක්ක කතා කරන වෙලාවේ මම අර තරුන ගෑනු ලමයව අධ්‍යයනය කරා .... සරලයි ලස්සනයි ... මිනාගි අක්කා වගේ ... කොට නෑ මගේ උරහිස තරමට වත් උස ඇති

"ආන්ටි මේ අයියගේ අක්කද ?"

බැරිම තැන මම ඇහුවේ ටවීශ්ගේ අයියා ගෙදරින් පැනලා ගිහින් කසාද බැදපු අක්කද කියලා ඒ ඉදගෙන ඉන්නේ ... බෑනේ කරන්න කුතුහලේනේ

"හහ් හා මරු විහිලුව ඔය ඉන්නේ ටවීශ්ගෙ ෆියොන්සේ ... "

"මොකක් !?"

මම ආන්ටි දිහයි ඒ අක්කා දිහයි ජොඑලා දිහයි මාරුවෙන් මාරුවට බැලුවේ මේ ප්‍රශ්නේ මෙච්චර දුර ගිහින් ඇති කියලා හිතුවේ නැති නිසා

"ඔව් ඩිසෙම්බර් වල එන්ගේජ්මන්ට් එක පොඩියට ගන්න හිතුවේ පුතා .... මොකද ජනවාරි වල ඉඳන් ආයේම SLMR යන්න එපැයි "

"අහ් හා අපි උඩට යන්නම් "

අපි දෙන්නා හරක් දෙන්නා වගේ ටවීශයාගේ කාමරේ දොර ඉස්සරහට ඇවිල්ලා මූනට මූන බලාගත්තේ ඇත්තටම ඒකඳ දැන් වෙන්නේ කියන කුතුහලේ අපි දෙන්නටම මදි නොකියන්න තියෙන නිසා

"ඇතුලේ dj එකක් දාන් මූ කසාද බදින්න යන සතුටට නටනවා වෙන්න බැරිද ?"

"සද්දේ යකෝ කන් අඩි පුපුරන්න එනවා මූ මේක ඇතුළෙ ජීවත් වෙන්නේ කොහොමද මෙහෙම dj දාගෙන "

දෙපාරක් විතර තට්ටු කරත් දොර ඇරුන්නැති නිසා අන්තිමට ජොඑලා නොබ් එක කරකුවේ ඇරෙයි කියලා පූර්න විශ්වාසයක් නැතුව .... නමුත් ඇරුනා

අපි දෙන්නම කාමරේට ගියත් ටවීයට නෙමෙයි දැනුනේ ඌ ජනේලෙන් එලියට පැනලා බැලකනි එකේ අත් වැට උඩ ඉදගෙන දිග කල්පනාවක

"මේ ඕයි උබ ඔතනින් වැටිලා මැරිලා මයේ අක්කා පනට වැඩ වැඩි නොකර බැහැපන් "

ජොඑලා කෑ ගහපු පාර ගැස්සිලා ගිය ඌ තව ඩිගෙන් තට්ටු තුනකින් බිමට .... මම පිටිපස්සෙන් ගිහින් කලිසමෙන් ඇද්ද නිසා හොදට ගියා

"මොකෝ උබ රට අල්ලන්න කල්පනා කරනවද නැත්තං කෙල්ලෙක් බැදලා කොල්ලෙකුත් බදින්න කල්පනා කරනවද ?"

ජොඑලා නෝක්කාඩුවට කියද්දි මම උගේ කකුල පෑගුවේ මූ ඉන්නේ එච්චර හොද මූඩ් එකක නෙමේ කියලා ලාවට මට තේරුන නිසා

"ඇයි ආවේ "

"වෙනදටත් උබෙන් අහලා එන්නෑනේ .... "

"ජොඑලා ඇති ඕක !"

මම ජොඑලාව සෝෆා එකට තල්ලු කරලා කවුච් එකෙන් ඉදගත්තේ ටවීශයා මන් ගාවින්ම බිමින් ඉදගත්දි

"ඇඩුවද උබ "

"මගුලටද අඩන්නේ මම "

ටවීශ් බිම බලන් කියවලා මම කකුල් දෙක උඩට අරන් ඉදගෙන හිටිය කවුච් එකටම ඔලුව තියාගත්තේ ඇස් අඩවන් කර ගන්න ගමන් ...

"මගුලට කියලා නම් අපිටත් පේනවා ... ෆියොන්සේ ලස්සනයි අක්කි බබෙක් නේ "

"ම්ම්" ..

ජොඑලාගේ කට වක්කඩ කැඩුවා වගේ මට දැන් ඌට පයින් එකක් අනින්න තද බල ආසාවක් තියෙනවා ... ඌ එක්ක බෑ නේ මේක කරන්න

"මොකක් හරි ප්‍රශ්නයක්නම් කියපන් පගෝ.... "

"ප්‍රශ්නයක් නෑ "

"උබ දන්නවා මීට මාස අටකට නවයකට කලින් ඔය විදිහටම කිව්ව එකෙක් අපේ ඉස්සරහා ඉන්නවා කියලා ..... "

ජොඑලා බිම බලාගනිද්දි මම ඌටත් රවලා ටවීශයාගේ කොන්ඩෙන් ඇදලා මගේ පැත්තට හරවගත්තා

"ඒක නිසා ඔය වචන මට විශ්වාස නෑ ..... මූ කරෙත් උබ කරන්නෙත් ප්‍රශ්න නෑ කියලා මාව මගාරින එක "

"ඉතින් ප්‍රශ්නයක් නැත්තං මැරෙන්නද බන් මට කියන්නේ ... "

අනේ අම්මේ මට නෑනේ මුගේ ඔලුවට එකක් කෙලින්න හොද පොල්ලක් !

"උබ කාටද බන් බොරු කරන්නේ ඔය  .... උබ ගැන කලිසනේ චූ යන කාලේ ඉඳන් අපි දෙන්නා දන්නේ ... ඇත්ත කියපන් ඇයි අර කෙල්ලෙක්ව බැදගන්න මෙච්චර රුදාව උබට "

"මොකද මට කොල්ලෙක් බැන්දම ලැබෙන දෙයක් නැති නිසා "

"මොකක්ද තෝ කියන්න හදන්නේ කියපන්කෝ මුලින්ම "

ජොඑල් ආවේස වෙලා නැගිටින්න හැදුවත් මම ඌව ආයෙම සෝෆා එකට තල්ලු කරේ ප්‍රශ්නාර්ථ බැල්මකින් ටවීශ් දිහා බැලුවා .... බැලුවා නෙමේ මට ඉබේටම බැලුනා

"උබ පොඩි කොල්ලට කරේ බොරුවක්ද එතකොට!"

"Little time pass dude !"

"මට තේරෙන්නෑ මචං මෙතනින් එහාට උබ එක්ක කතා කරන්න "

මම ටවියගේ කොන්ඩෙ අතෑරලා පුටුවෙන් ඈතට උනේ හිතේ දුකට ...... පළවෙනි වතාවට හිතේ දුකට මට මගේ හොදම යාලුවගේ කන් අඩි පුපුරලා යන්න ගහන්න හිතුනා ......

"උබලා නිකමට හිතන්න මට ඌත් එක්ක ගමනක් නෑ උබට ජොඑලට වගේ නෙමේ මට කොහොමත් මගේ ටාගට් එකත් එක්ක ජොබ් එකත් එක්ක ඌ එක්ක පවුල් කන්න බෑ ... මම ඉතින් හොඳම තීරනේ ගත්තේ "

"හම් එහෙමද .... හරි එහෙනම් උබ ඕකේ නම් අපිටත් අවුලක් නෑ ... උබ නෑ කියලා පොඩි එකාටත් අවුලක් වෙන එකක් නෑ ඌව ශෙහාන් බලාගනී "

"මම යනවා මචං ගෙදර උබත් එනවද ?"

ජොඑලා නැගිටලා ගිහින් දොරේ නොබ් එක කැරකුවේ මන් දිහා බලන ගමන්

"අපි යනවා මචෝ එහෙනම් ප්‍රීති මංගලම් ... වෙඩින් එකට ඉන්වයිට් කරපන්කෝ අපි එන්නම් වරෙන් රොනාලයා යන්න "

"කෑ නොගහා ඉදින් ජොඑල් "

උගේ ඔලුවටම පාරක් ගැහුව මම ආයෙම හැරිලා ඇවිත් ටවීශයාව සයිඩ් හග් කරේ එහෙම කරපන් කියලා හිත කිව්ව නිසා ... අඩුම ආපස්සට බදා ගැනීමක් වත් මම උගෙන් බලාපොරොත්තු නොවීමයි ඌව බදාගත්තේ .... හැබැයි ඌ මාව බදා ගත්තා එක අතකින් .... මන්දා උගේ ඇස් හරියට හිස් ... කිසිම හැගීමක් නෑ ... ඒක නිසා ඌ සතුටින්ද දුකින්ද කියන්න වත් මට තේරෙන්නෑ ....

ජොඑලා මුකුත්ම නොකිය ගිහින් වාහනේට නැග්ගා ...මාත් උගෙ පස්සෙන් ගිහින් නැග්ගා ...

"ඌ කරන්නේ බොරුවක් රොනාල් ... ඌට පොඩි එකාව අමතක කරලා ඔහොම ඉන්න බෑ .... යකෝ උබයි මායිනේ දැක්කේ උන් ලව් කරපු විදිහ "

"මටත් තේරුනා ... ඒත් උගේ කටින් නම් වචනයක් අල්ලන්න වෙන්නෑ ජොඑල් ... ඌ මොන මගුලක් කරන්න යනවද කියලා මට තේරෙන්නෑ "

මම හැව්ලොක් සිටි මෝල් එකට එනකන්ම කරේ ඇස් පියාගෙන ආපු එක ආරු කොහෙද දන්නෑ ... දැන් කෝල් කරාට එයා ආන්සර් කරන්නෙත් නෑ කියලා මම දන්නවා ... මට හිස රදේ වගේ ....

"නගින්න ටශ්මි "

ජොඑලා වාහනේ නවත්තලා කෙල්ලට නගින්න කිව්වම කෙල්ල අහක බලාගෙන අපි දෙන්නට මිල්ක් ශේක් දෙකක් දිග් කරල එයා බිබී හිටිය එක කටේ ගහන් බොන්න පටන් ගත්තා

"තෑන්ක්ස් "

මේ වෙලාවේ මොකා එක්ක වත් කතා කරන්න මූඩ් එකක් නැතිව හිටිය මම ආයෙම ඇස් පියාගත්තා ඒත් එක්කම ජොඑලාට කෝල් එකක් ආවා ... ඌ මං දිහත් බලනවා දැක්කා

"ඔව් කියහන් මචං "

"......."

"අහ්... ඔව්.... ඉන්නවා .... මොකක් .... හා හා කියපන්කෝ "

"........"

"මොන ... හුත්තක්ද ... ?"

"........"

"නෑ අම්මපා කියහන් ... අඩෝ වෛ බන් උබ මාවත් ගස් යවන වැඩ කරන්නේ "

"........"

"තොපි නිවාඩු දවසේ වත් මට ඉන්න දෙන්නෑ නේ ... හැබැයි පුතේ මගේ කම්පැනිය බංකොලොත් උනොත් තෝ පාඩුව ගෙවහන් ඈ "

"......."

"හරි අක්කට එන්න කියපන්කෝ මම මේ දෙන්නව දාලා යන්නම් ..."

"......."

"නෑ කම්පැනි එක ගාවට එන්න කියන්න මං ගාව ගැජට් එකක් තියෙනවා ඒක පන්නගත්තොත් ලයිව් දෙන්න පුලුවන් "

"........ "

"මේ ගැන පස්සේ මට කියපන් ඈ ... මට විනාඩි විස්සක් දියන් මේ දෙන්නා බස්සලා හැරෙන තැපෑලෙන් මම එනවා"

ඌ කම්පැනියේ වැඩකටද කොහෙද කතා කර කර හිටිය නිසා මම ආයෙම ඇස්පියාගෙන ඇලට් එකක් දැම්මේ ගෙදර යනකන්

"රොනා බැහැපන්.... "

"ම්හ්....හම් "

"බැහැපන් මා දෙයියා උබට තොත්තුවකුත් දෙන්නද මං ... බැහැපන්කෝ යකෝ මට වැඩට යන්න තියෙනවා "

"අහකට පල වනචරයා "

මම මගේ ශීට් එකට බරවෙලා හිටිය ජොඑලාව තල්ලු කරලා ඇස් ඇරියම තමා දැක්කේ කටත් ඇද කරන් බලන් ඉන්න ටශ්මිව

කොරි නංගේ මේවා සාමාන්‍යයි

මම බම්ලු හිනාවක් දීලා ජොඑලාට ඇහැක් ගහලා දොර ඇරගෙන කැපේ ගිහින් සෝෆා එකට වැටුණේ මාම් කුස්සියේ ඉඳන් අත වනද්දි

"හායි ලස්සන කෙල්ලේ ... ඔයා උයනවා වගේ "

මම මාම්ට ඇහැකුත් ගහලා ෆ්ලයින් කිස් එකක් දුන්නම මාම් රතු වෙලා ඇබරිලා අහක බලාගත්තේ මට ලාවට හිනාවක් යද්දි

හනේ මගේ ලස්සන මාම් !

_______________________________

"ගුඩ් මෝර්නින් සර් ... සර්ව මීට් වෙන්න DIG ලැනරෝල් එක්ක තව බෝයි කෙනෙක් ඇවිල්ලා ඉන්නවා වෙයිටින් රූම් එකේ "

"එවන්න ජෙසී ඒ දෙන්නව මගේ රූම් එකට "

ජොඑල් ටශ්මිවත් ගෙදරින් දාලා ආයෙම හැරෙන තැපෑලට කම්පැනි එකට ගියේ රෙහානා එනවා කියලා අර වෙලාවේ කෝල් කරපු පාර ශෙහාන් කියපු නිසා

"අක්කේ ?"

රෙහානාට එහ පැත්තෙ නෆ්‍රාස් හිටන් ඉන්නව දැක්කම ජොඑල් ඉබේම නැගිට්ටුනේ එයා මේක බලාපොරොත්තු නොවුන නිසා

"කතා කර කර ඉන්න වෙලාවක් නෑ මල්ලි මම තව විනාඩි හතලිස් පහක් ඇතුලත ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ඕන "

"හරි මේ තියෙන්නේ ගැජට් එක ඒක ඔතනින් ඇතුලට පන්නලා මේ රෙඩ් කලර් බට්න් එක ප්‍රෙස් කරන්න මම සිග්නල් එකක් දුන්නම මෙන්න මේ ඉයර් පීස් දෙක කනේ ගහගෙන ඉන්න "

"ඕකේ තෑන්ක්ස් මල්ලි ... ආ තව දෙයක් මේකේ ගාන කීයද ?"

"ඇයි ?"

"මේක ආයේ ඔයාට ලැබෙන්නෑ මට මේක කඩන්න වෙනවා "

"ඒ ගැන හිතන්න එපා ... ඕක අරන් යන්න මම මෙහේ ඉඳ වැඩේ දෙන්නම්.... රෑට උදිතව දම්මලා නග්ගලා ගන්නම්"

"මම උදිතට කතා කරා මූ මිනිස්සුන්ගේ ඔලුවටම බස්සයි බොසා මිනිමරුවා කියලා "

ජොඑල්ට තම්බ්ස් අප් එකක් දුන්න රෙහානා නෆ්‍රාස්වත් ඇදගෙන කම්පැනි එකෙන් එලියට ගියේ ජොඑල් මයික් එකකුත් උස්සන් ප්‍රඩියුසර් රූම් එකට දුවද්දි

_________________

"මාමේ කොහෙද ඉන්නේ "

"මම අරලියගහ මන්දිරේ ඉන්නේ "

"ඔහේම ඉන්න එන්න එපා ... අරකි නඩුව උඩු යටිකුරු කරා .... කොල්ලුපිටියේ ගෙදරයි ජනාධිපති මැදුරයි වට කරලා "

"පුතේ විනාසයි යකෝ විනාසයි ඒක අස්සේ වැදගත් දේවල් කොච්චර කියලා තියෙනවද .... පැනගන්න බලපං කොල්ලු පිටියේ ගෙදරට... මුන් කොහොමද එහෙම කරන්නේ කවුද වොරන්ට් එක දීලා තියෙන්නේ "

"නඩුකාරයා දුන්නේ ... කරන්න දෙයක් නෑ අර අලුතින් පටන් ගත්ත මීඩියා චැනල් එක ගම කාලා "

"මං විනාසයි හුත්තෝ මම විනාසයි .... දැන් මම මොකක්ද කරන්නේ කොහොමද උසාවිය ඇතුළෙ වෙන දේ ඌ ලයිව් දුන්නේ "

"හිතාගන්න බෑ ... සීමෝනා එක වටලලා තියෙන්නේ ....ඔයාගේ පාස්පොට් එකත් ලොක් ...මට කර ගන්න දෙයක් නෑ මාමේ ... මම උසාවිය ගාව හිර වෙලා ඉන්නේ "

"රිචඩ් .... මේ ඔක්කොම කරන්නේ ඌ........ මම ... ඌගේ මුලු පවුලම විනාශ කරනවා ... බලන් ඉන්න කියපන් ඌ තමා මේක අදින්නේ පාහර බල්ලා ...  "

අනුරාධ කෝල් එක කට් කරලා ෆෝන් එක පොලොවේ ගැහුවේ පිටිපස්සෙන් ආපු කෙනෙක් අනුරාධගේ උරහිසින් අත තියද්දි ..

"ඇයි ජනාධිපතිතුමා මොකක්ද ප්‍රශ්නේ "

"රෝහිත ... මගේ ගෙදරයි ජනාධිපති මන්දිරෙයි වටලලා "

"ඕහ් අර නිවුස් වල යන ඒවා ඇත්තද ?"

"බොරු ... බොරු යකෝ ...බොරු ... මම මගේම ගෑනිව මරාගත්තා කියලා උබලා හිතනවද ?"

"අපෝ නෑ ජනාධිපතිතුමා මම දන්නවනේ ඔබතුමා එච්චර තිරිසන් නෑ කියලා .... එන්න අපි තත්වය සමථයකටපත් වෙනකං ඇතුලට වෙලා ඉමු "

අනුරාධ බැලුවේ රෝහිතගේ නිවිලා තියෙන ඇස් දිහා ... අනුරාධ කපටියි ... මොළේ තියෙනවා හැබැයි රෝහිත කියන්නේ හැමවෙලාවෙම ජෝකර් වගේ ගේම ගහන එකෙක් කියලා අනුරාධ අවුරුදු විසි තිස් ගාණක් මේ දේශපාලන ලොකයේ ඉදලත් තාම තේරුම් අරන් තිබ්බේ නෑ

"මාමා .... මම හිතන්නේ නඩුව අදින්නේ රිචඩ් එක්ක ඔයාගේ පුතා ... "

"ඌ ... ඌ කොහොමද එච්චර දෙයක් කරන්නේ මේ මට "

අනුරාධත් එක්ක දෙවනි පාරටත් ෆෝන් එකෙන් සම්බන්ධ උන සංජය කතා කරේ සෑහෙන්න විශ්වාසෙකින්

"අර කෙල්ල පැහැදිලිවම කිව්වා ... එදා සිමෝනා එකේදි වෙච්ච දේ ඇහින් දුටු සාක්ශිකාරයෝ දෙන්නෙක් ඒකිගාව ඉන්නවා කියලා .... එදා ඒ බංගලාවේ හිටියේ සර්වන්ට්ලා තුන් දෙනයි කොල්ලයි විතරයි .... එහෙමනේ "

"ම්ම් ...ම්ම්ම්.... ඌ ඒ කියන්නේ මට ගේම දෙන්නද හදන්නේ ... තව දවස් දෙකක් තුනක් බලලා අර නිවුස් එක මීඩියා එකට දාපන් ... ඉට පස්සේ බලමුකෝ ඌ මේ රටේ ජීවත් වෙන හැටි.... දැන් අරුනුත් ජීවත් වෙලා ඇති ... එක ගලින් කුරුල්ලෝ දෙන්නටම ශොට් එක දෙන්න නම් හොදම විදිහ දෙන්නවම මරන එක ....පැත්තකින් රිචඩ් ... පැත්තකින් ශෙහාන් ...  "

"ඒත් ... ඒ ලමයිනේ ......"

"චඃ අම්මන්ඩි වගේම හැදිච්ච හැතිකරයක් ... "

කට කොනින් හිනා වෙවී සංජය එක්ක දොඩවන අනුරාධ දිහාවට ඇස් හතරක් එල්ල වෙලා තියෙනවා කියලා අනුරාධ නොදැන ඉන්න ඇති ඔව් අනිවාරෙන්ම ...

_________________________

එකපාරට මහ වැස්සක් පටන් ගත්ත නිසා මෙච්චර වෙලා බැල්කනි එකට වෙලා හිටිය මම බැල්කනි එකෙන් එහාට වුනා ............හැබැයි ජීවිතේට දැකලා නැති පැජරෝ තුනක් ගේ වටේ නවත්තනව  දැක්කම මම වැස්සෙම බැල්කනියට බැස්සේ සැකේට ...

මේ මොකද මේ ...පැජරෝ තුනෙන් හයේ හතරේ කොල්ලෝ විසි දෙනෙක් විතර බහිනකොට මගේ කටත් ඇරුනා ... ඇයි යකෝ මොන මගුලක්ද මේ වෙන්න යන්නේ කවදාවත් නැතුව

ඒත් එක්කම ඩෑඩ්ගේ වාහනේ කඩාගෙන එනවා දැක්කම මම පල්ලෙහාට බැස්සේ තෙත ඇදුම පිටින්මයි

"ශෙරින් නිවුස් දාන්න මේ දැන්ම "

ගෙට ගොඩ වෙන්න කලියෙන්ම ඩෑඩ් මාම්ට කෑ ගහගෙන ගෙට ගොඩ වුනේ මිනාගි අක්කත් බයෙන් සාලෙට දුවගෙන එද්දි

"මෙන්න දැන් ලැබුන විශේෂ පුවතක් ...

දිවා කාලයේ පැවැත්වූ හිටපු ජනපති ආර්යා ක්ලාරා එව්ජීනියා ස්ටීව්සන් මැතිනියගේ නඩු වාරයේ ප්‍රථිපලයක් වශයෙන් මේ වන විට ජනපති මැදුරත් ... කොල්ලුපිටියේ පිහිටි ජනපතිගේ පුද්ගලික නිවසත් ... වසර දහයකට අධික කාලයක් අතහැර දමා තිබූ සිමෝනා මැදුරත් පොලිස් භලකායන් විසින් වටලා ඇත ...

මේ වන විට අතිගරු ජනාදිපතිතුමා අරලිය ගහ මන්දිරේ ආරක්ශිතව සිටින අතර එතුමාගේ නිල නිවාසය හා පෞද්ගලික නිවාසය සෝදිසි කිරීම මේ වන විටත් ඇරඹි ඇති බව පොලිස් බලකායන් දන්වා සිටි

හිටපු ජනපති ආර්යා ක්ලාරා එව්ජීනියා ස්ටීව්සන් අභිරහස් ලෙස මිය යෑම ස්වභාවික මරණයක් නොව ඝාතනයක් බවට අද දින ශ්‍රේෂ්ඨාධිකරණයේදි සනාථ වූ හෙයින් මෙවැනි අවස්ථාවක් උද්ගත වී ඇති අතර මේ වනවිට අතිගරු ජනාධිපති අනුරාධ සමන් රත්නායක මහතාගේ විදෙස් ගමන් බලපත්‍රයද තහනම් කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිවේදනය කර ඇත .....

"මොකාක් "

මට කෑගැහුනා ..... මම ඩෑඩ් දිහා බැලුවේ ශොක් වෙලා .... මෙහෙම දෙයක් උනේ කොහොමද දෙයියනේ

"ඩෑඩ් මොක්ක්ක්ද වෙලා තියෙන්නේ "

"මරණය සැක සහිතයි කියලා ඔප්පු වෙලා .... අක්කට වරෙන්තුව ලැබිලා සර්ච් කරන්න ... මේ පාර අනුරාධ ඉවරයි වගේ ... රොනාල් ... ශෙහාන්ට කෝල් කරලා ඉන්න තැනකින් ගෙදරට ගෙන්න ගන්න ... එයා තනියම පාරේ ඉන්න එක අනතුරු දායකයි "

මොනාද හත්වලාමේ මේ වෙන්නේ ...

මම උඩ තට්ටුවට ගිහින් ෆෝන් එක අරන් ජොඑලාගේ චැනල් එකේ ලයිව් එකක් රිවයින්ඩ් කර කර හිටිය ඩෑඩ් ගාවින් ඉදගත්තේ ආරූට කෝල් කරන ගමන්

"අනේ දෙවියනේ .... මොන අපරාධයක්ද රිචඩ් මේ "

ඇත්තටම ඒ නඩුව අහන් ඉන්න බෑ මොන ජාතියේ විසක් වුනත් දෙයියනේ ඒ ගෑනු කෙනා මොන තරන් විදවන්න ඇතිද .... ශාප වෙනවා .... අනුරාධ ඇත්තටම මේක කරානම් ශාප වෙනවා

"මට සැකේ තිබ්බා ශෙරින් මට විතරක් නෙමේ මොහාන්ටත් තිබ්බා ... කෙල්ල මෙහෙම හිතු මනාපෙට මැරෙන්න විදිහක් නෑ කියලා ...."

"මේක අහන්නේ කොහොමද රිචඩ් මේක හරිම අමානුශිකයි "

"හෙලෝ ... කොහෙද ඉන්නේ .... ඔයා කොහෙද ලමයෝ "

"මම ... මම ඉන්නේ බ්ලූ නයිට් එකේ ... "

"පරිස්සමින් අපේ ගෙදරට එනවද ඉක්මන් කරලා "

"එන්නම් "

හැම චැනල් එකකම ප්‍රධාන මාතෘකාව ඒක ... කිව්වට විශ්වාස කරන්න හැම fb එකට යන්න බෑ බාගෙට භාගය මිනිස්සු මාරයා ආවේශ වෙලා වගේ කමෙන්ට් කරන් යනවා ඒ පෝස්ට් වලට ....

"ඩෑඩ් අර ගාඩ්ලා ?"

"අක්කා එවලා තියෙන්නේ ...."

"ඒත් ඇයි "

"අනුරාධ මේ වැඩේ කරපු අයව හොයනවා ..... ප්‍රධාන සැකේ අපිට ! ඊලග නඩුවට තව මාසයයි දවස් දහයක් වගේ තියෙන්නේ .... එතකන් අපිට මෙහෙම ඉන්න වෙයිද දන්නෑ "

"ඩෑඩ් ඇත්තටම ... ජිනී ආන්ටිව එහෙම මරලද ?"

"ම්ම් "

"අක්කා ?"

"එයාව තව දවස් ගානකට හොයන්න වෙන්නෑ සිමෝනා එකේ කොනක ඉඳන් පටන් ගන්නවා කිව්වේ බබා ... මම හිතන්නේ අක්කා සතියකට ගෙදර එන එකක් නෑ "

"රොනාල් මල්ලි රිසාල්ට් අවුට් වෙලා !"

"මොකක් !"

ජර මර අස්සේ බර කරත්ත කිව්වලු ... අනේ හත්වලාමේ රිසාල්ට් මේ ප්‍රශ්න අස්සේ අවුට් වුනේ ඇයි අප්පාහ්හ්හ්හ්හ්

මම ෆෝන් එක විසික් කරලා බ්‍රේකින් නිවුස් වල යන රිසාල්ට් අවුට් වුනා කියන නිවුස් එක දිහාවට රැව්වේ වාහනයක් ඇතුලට දානවත් ඇහෙද්දි

ඇවිල්ලා හිටියේ ආරු ... සෑහෙන්න තෙමිලා ... වැස්සෙම ඉදලා වගේ ...

"තෙමුනද ?"

"රිසාල්ට් අවුට් වෙල .... "

"පස්සේ බලමු වොශ් එකක් දාගෙන එන්න "

මම කාටවත් නෝට් නොවෙන්න එයාවත් ඇඳන් උඩට ගියේ එයත් පිටිපස්සෙන් ඇදිලා එද්දි

"වොශ් දාගන්න .... බීලා නේද ඉන්නේ "

"ඇයි මේ ?"

මම මගේ කාමරේ බිත්තිය දිගේ රූටලා බිම ඉදගත්ත එයා දිහාවට ඇවිදන් ගිහින් එයා ගාවින්ම දන ගහ ගත්තා

"ඔලුව රිදෙනවා .... "

"ඔයාට අඩන්න ඕනිද ? "

"එපා චූටි අයියේ "

"අනේ ඇයි ලමයෝ මේ "

"මම මැරෙන්න බයයි චූටි අයියේ ... ඔයාව දාලා යන්න බයයි ...."

"ඇයි ලමයෝ මේ ... ඔයා බය වෙන්න එපා ඔයාව මරන්න කාටවත් බෑ කෝ නැගිටින්නකෝ තව හිටියොත් ඔයා ලෙඩ වෙනවා නේ "

මම එයාවත් නැගිට්ටවන් බාත් ටබ් එකෙන් ඉන්දලා කොන්ඩේ ශැම්පෝ කරේ එයාට ඔහේ මන් දිහා බලන් ඉන්න ඉඩ දීලා

මන් දන්නෑ එයා මොන හේතුවක් උඩ මෙහෙම හැසිරෙනවද කියලා .... හරිනම් එයා සතුටු වෙන්න ඕන දවසක මෙහෙම බලාගත්තු අත බලාගේන ඉන්න එක ගැන මට පුදුමයි සෑහෙන්න

"ඔයාට නිදාගන්න ඕනිද .... ? මම බෙහෙත් මොනව අහරි ගෙනත් දෙන්නද ?

"එපා ලගට වෙලා ඉන්න මම අම්මි ගාවට යන්න බයයි ... මට ඕන නෑ එහෙට යන්න "

"කොල්ලෝ ඇයි බන් මේ ..... මොකද ... හම් .... "

මම මුකුත් නොකියම ෆෝන් එක අරන් ඇද උඩින් ඉදගත්තේ එයා කොට්ටෙත් උස්සන් ඇවිත් ඒක බදාගෙන
මගේ උකුලට ඔලුව තියන් නිදාගන්න ලෑස්ති වුන නිසා

මම කාමරේ ඉදන්ම මාම්ට මැසේජ් එකක් දැම්මේ රෑ කෑමට තව පැය තුනකින් විතර එන්නම් කියලා ...

හම් දැන් යමු රිසාල්ට් බලන්න ...

අතත් ගැහෙනවා වගේ ... අනේ දෙයියනේ ෆේල් වෙලානම් තියෙන්න එපා දෙයියෝ ...

එක්කෝ මගේ එක නොබලා මේකාගේ එක බලමුද

නෑ එක්කෝ එපා මගේ එකම බලමු

Boy, you lookin' like my type
But tell me, can you hit it right?
'Cause if I let you in tonight
You better put it do-do-down, do-do-down

"ආර්හ්හ්හ් නිදාගෙන ඉන්න මනුස්සයට නිදාගන්න දෙන්නෑ නේ .... "

"හෙලෝ "

"මොකෝ නිකන් වුබර් හොරෙන් කතා කරන්නේ "

"ආරු නිදි ..."

"එව්ව් උබලා ඇමිනෙනවද රිසාල්ට් අවිල්ලා පගයිනේ "

"බෙරිහන් දෙන්න එපා යකොව් ....දන්නවා මම ....උබට ටිකකින් කෝල් එකක් දෙන්නම් "

මම වෙබ්සයිට් එකට ගිහින් මගේ රිසාල්ට් බලන්න ඉන්ඩෙක්ස් නම්බර් එක ගැහුවා

මට ශුවර්ම නැත්තේ bs ඒක ඇනුනදත් මන්දා

කැරකෙනවා කැරකෙනවා ... අයියෝව් ...

ආවා ආවා ... අනේ අයියේ මල්ලිට ඔය ගෙදරින් කාමරයක් දෙන්න ඒයි පම්පෝරි ගහපු විදිහට ලකුණු නොතිබ්බොත් බත්කාඩ් එකත් කුඩු

Economics :- A
Communication and Media Studies :- A
Business Studies :- A
Common Genaral Text :- 061
Genaral English :-A

District Rank :- 37
Island Rank :- 256

"හත්දෙයියනේ මම පාස් ..... දෙයියනේ පාස් !!!!"

උකුල උඩ නිදාගෙන හිටිය ආරුව ඇදෙන් තියලා මම පල්ලෙහාට පඩිපෙලෙන් බැස්සා නෙමේ පැන්නා කිව්වා නම් තමා හරියටම හරි

"මාම් , ඩෑඩ්.... අනේ මම පාස් "

ඩෑඩ් මාව තද කරලා බදාගත්ත පාර ෆෝන් එක අතින් ලිස්සලා ගියේ මාම් ඒක අහුලගෙන රිසාල්ට් ශීට් එක බලද්දි

"මම දැනන් හිටියා අපේ කොල්ලා දක්ශයි කියලා "

ඩෑඩ් මගේ කොන්ඩෙට හාදුවක් තියලා කොන්ඩේ අවුල් කරේ මාම් මගේ මූනම ඉබිද්දි ...

දෙයියනේ මට මැරෙන්න වගේ ... මම මිනාගි අක්කට වැන්දා ඒ ගැම්මටම .... මොකද bs ගොඩ ගියානම් ඒ එයා නිසාමයි

"අනේ මගේ කොල්ලෝ ටික ... මට හරි ආඩම්බරයි ලමයෝ "

මිනාගි අක්කා මාව බදාගත්තේ මම එයාවත් අතෑරල ආයෙම ෆෝන් එක අතට ගනිද්දි

"මිනාගි අක්කේ ආරුගේ ඉන්ඩෙක්ස් නම්බර් එක ************ නේද ?"

"මතක නෑ ලමයො අර ෆොටෝ එකක් තිබ්බා ඒ ශීට් එකේ පොඩ්ඩක් ඉන්න "

"ඔව් ඔව් ඒක තමා "

මම එයාගේ ඉන්ඩෙක්ස් නම්බර් එකත් ගහලා ලෝඩ් වෙනකං බලන් හිටියේ නියපොතුත් කකා ... ඇයි පාඩම් කරේම නෑ නේ ගිටාර් එකක් අල්ලන් හිටියා මිස

Economics :- A
Music  :- A
Business Studies :- A
Common Genaral Text :- 070
Genaral English :-A

District Rank :- 01
Island Rank :- 08

"Oh my god "

මට කලන්තේ නොහැදුනා විතරයි ඒක බලලා දෙයියනේ දිස්ත්‍රික් ෆ්‍රස්ට් මගේ කාමරේ ඇද උඩ නිදි කියන එක විශ්වාස කරන්න පුලුවන්ද ?

"මිනාගි අක්කේ !"

මම ෆෝන් එක කෙලින්ම පාස් කරේ මිනාගි අක්කා අතට ... රෑන්ක් එක දැක්ක ගමන් අක්කගේ කට ඇරුනේ සතුටට ...

"ඒ කොල්ලා දක්ශයි!"

මම ෆෝන් එක මාම්ට දීලා ඩෑඩ්ගේ ෆෝන් එකෙන් ජොඑලාට කෝල් එකක් ගත්තා

"මචං ... "

"කන්ග්‍රැටුලේශන්ස් බෝත් ඔෆ් යූ ඩලා "

"ඇඩෙන්න වගේ යකෝ රිසාල්ට් කොහොමද ?"

"A දෙකයි B එකයි "

"මොනාද B "

"ඉකෝන් බන් ඉකෝන් එව්ව් තට්ටයාගේ ඉකෝන් "

"අඩෝ අඩෝ ආයේ සෙට් වෙන්නේ අගහරුවාදට නේ ටශ්මිගේ රිසාල්ට් කොහොමද "

"හපේ අප්පේ ආන් අඩි දහයක් උඩ ඒකි කොම්ස් කරලා A තුනක් අරන් "

"කන්ග්‍රෑට්ස් කරා කියන්න මම ටවියට අරන් බලන්නම් "

"වැඩක් නෑ ෆෝන් ඕෆ් රිසාල්ට් ශීට් එකේ ss එකක් එවලා ඌ ෆෝන් ඕෆ් කරලා "

"කොහොමද උගෙ රිසාල්ට් නුරාගේ එකත් හොයාගන්න ඕන "

"ටවියටත් A දෙකයි B එකයි  B එක බිස්නස් ස්ටඩීස් වලට නුරාට A එකයි , B එකයි , C එකයි ... B එක බිස්නස් ස්ටඩීස් C එක ඉකෝන් වලට A එක මියුසික් ...."

"මදැයි ඔයින් ගියා .... මම ඌ ගැන තමා බයෙන්ම හිටියේ උබලා විකාර නැටුවනේ ඒ දවස් වල .."

"ම්ම්ම් මං උබට ගන්නම් ලයිව් එක මිස් වෙනවා නැත්තන් "

"හා හා "

මම කෝල් එක කට් කරලා මාම්ගේ අතට ෆෝන් එක දුන්නේ අයියටයි අක්කටයි රිසාල්ට් ශීට් එක සෙන්ඩ් කරන ගමන් අපි දෙන්නගෙම

___________________________

පැය කිහිපයකට පෙර ...

"ඔව් ශෙහාන් .... "

"ඔතනින් මන්දිරෙයි ගේයි වැටලුවා කියලා සාක්කි හොයන්න බෑ නෆ්‍රාස් ... ඒ අවස්ථාවෙන් උබලා ඌගේ හොර වැඩ ටික අල්ලපන් ශේප් එකට "

"මල්ලී මේ අහපන් අපි මේ වැඩේ කරන්නම් උබ සීමෝනා එකට තනියම යන එක ඩේන්ජර් ..... ප්ලීස් ගෙදර පලයන් කොල්ලෝ "

"දේවා .... මේ අහපන් ... උබ බීලත් ඉන්නේ නහුතෙට පලයන් හුත්තො ගෙදර "

"ම්ම් යන්නම් "

"ම්ම් යන්නම් නෙමේ පලයන් ..... සංජය උබව දඩ බල්ලෙක් වගේ හොයන්නේ .... ඌට අපිට අත තියන්න බැරි වුනාට ලේසියෙන් තනියම ඉන්න උබට අත තියන්න පුලුවන් "

"දඩ බල්ලෙක් කවද්ද සිංහයෙක්ව යටත් කරේ ! "

කෝල් එක කට් වෙනවත් එක්කම නෆ්‍රාස් ඇස් රෝල් කරලා කොල්ලුපිටියේ අනුරාධගේ ගෙදර ගාවින් බැස්සේ නෙහාන් ඇවිල්ලා නෆ්‍රාස්ගේ පපුවේ වම් පැත්තකට වෙන්න බැජ් එක රදවද්දි

"නවතින්න ඇතුලට යන්න බෑ "

" ඇම් DIG රෙහානා ලැනරෝල් ෆ්‍රොම් මරදාන ඒරියා ... ඇන්ඩ් හී ඉස් ඩිඩෙක්ටිව් ඔෆිසර් සයාශ් අබේකෝන් ... ඇන්ඩ් හී ඉස් CID ඔෆිසර් නෙහාන් ඉමදූව "

ඇත්ත අයි ඩී දෙකත් සයාශ් කියලා හදපු නෆ්‍රාස්ගේ බොරු අයිඩි එකත් ඔෆිසර් කෙනෙක්ට චෙක් කරන්න දුන්න රෙහානා වොරන්ට් එක එලියට අරන් පෙන්නුවේ වට වෙලා හිටිය ඔක්කොම පොලිස් නිලධාරියෝ සැලියුට් කරද්දි

"ඇතුලට යන්න මැඩම් මෙන්න අයි ඩී තුන "

අයි ඩී තුන චෙක් කරන්න ගත්ත ඉන්ස්පෙක්ටර් ආයෙම ඒ තුන දෙනකොට තුන් දෙනාම ඇතුලට ආවේ ගැහෙන හදවතින්

අර වෙලාවේ සයාශ් කියලා තිබ්බේ බොරු අයි ඩී එකක් කියලා අහුවුනානම් වැඩේ ගස්ම තමා

"යකෝ මේකේ විශාල ... කොහෙන් පටන් අරන් කොහොම ඉවර කරන්නද මන්දා ?"

"නෙහාන් මුලින් ස්ටෝ රූම් එක බලන්න නෆ්..... සයාශ් ඔයා බෙඩ් රූම් එක බලන්න ම්ම්ම යන්නම් මිනි බාර් එක බලන්න ... සැක කටයුතු තැන් තුන තමා ඔය ..... තව වැදගත් තොරතුරු කොහේ කොහේ තිබ්බත් අපිට මේකට ලැබෙන වෙලාවහ් එක්කසර්ච් කරන්න පුලුවන් ඔය තැන් තුන විතරයි  "

තුන් දෙනා තුන්පැත්තට බෙදිලා ගිහින් හොයන්න පුලුවන් හැම විදිහකින් බැලුවත් ඒ කිසිම තැනක වැඩකට ඇති දේවල් තිබ්බේ නෑ ... ආන්ඩුක්‍රම විවස්ථායි ... ගැස්ට් පත්‍රයි ... විවස්ථා සංශෝදනයි .... විදේෂ ප්‍රතිපත්ථියි .... ප්‍රථිපත්ති ප්‍රකාශනයි .....අරකයි මේකයි හැටහුටාමාරමක් තිබ්බත් වැදගත් කියලා හිතෙන දෙයක් තිබ්බේ නෑ  ඒ ගෙදර

"න... සයාශ් ඔහේ කොහොමද ?"

"ම්ම් චෙක් කරනවා .... "

"නෙහාන් ?"

"මෙහේ වැඩකට අති දෙයක් නෑ "

"රෙහානා දැන්ම බෙඩ් රූම් එකට එන්න "

න්ෆ්‍රාස්ගේ කට හඩ ඉයර් පීස් එකෙන් ඇහෙනවත් එක්කම නෙහාන් වගේම රෙහානාත් කඩාගෙන බෙඩ් රූම් එක ඇතුලට ගියේ මොනවද වෙන්නේ බලන්න

"අර බලන්න සීක්‍රට් ලොකර් එකක් "

ලොකු බිත්ති අලංකරනයක් පිටිපස්සට වෙන්න යකඩෙන් හදපු ජනෙල් පියන් දෙකක් වගේ දොරටුවක් තියෙද්දි නෆ්‍රාස් නෙහාන් දිහා බැලුවේ මෙතනින් එහාට නෙහාන්ට වැඩ කොටස බාර නිසා

"මැඩම් වාහනේ තියෙන කොල පාට බෑග් එක අරන් එනවද ?"

"මොකක්ද කරන්න යන්නේ "

"මෙතන තියෙන්නේ ස්කියුරිටි කෝඩ් එකක් අපි සයිබර් ඇටෑක් එකක් දීලා කෝඩ් එක කඩමු "

"ඔව් කියන්න  ... මට ඔයාව ඇහෙනවා මොකක්ද ප්‍රශ්නේ ....."

"වට් ද ෆක් මෑන් ... ජයලාල් ! ශිට් .... ශිට් විනාසයි ...  "

රෙහානා ඔලුව අත ගහගත්තේ දැනුන බයට ... ජයලාල්ව මරලානම්.... එයාලාගේ ඉස්සරහට එන ප්ලෑන්ස් ඔක්කොම වතුරේ ... ඇරත් මරන වෙලාවේ කොල්ලා කියන්න ඕන ඒවා ඔක්කොම වමාරලා නම් ....

විනාසයි

රෙහානාට කිසිම හොද හැගීමෛ දැනුන්නෑ දැන් දැන්

"නෙහාන් ජයලාල්ව මරලා !"

"මොකක් !"

රෙහානා හිමින් මුමුනලා කාමරෙන් එලියට ගියේ නෙහාන් ඔලුවේ අත ගහ ගනිද්දි .....

"ජයලාල් දැනන් හිටියා ... හැමදෙයක්ම වගේ ... මම ප්‍රාර්ථනා කරනවා ඔයාලා දෙන්නා ගැන උගේ කටින් වචනයක් වත් එලි වෙලා නැතුව ඇති කියලා ...."

"මගේ ඔලුවත් කැක්කුමයි දැන්නම්.... මට තේරෙන්නෑ කොහොම පටන් අරන් කොහොම ඉවර කරන්නද කියලා ... අරහෙන් අරූට එලියට බැහැගන්න බැරිව ඌ හිරවෙලා ... ඌ ගියාද දන්නෑ රොනා ගාවට !"

"මම හිතන්නෑ ජයලාල් අනාථයෙක් නිසා ඌ වෙනුවෙන් කරන්න ඕනි වැඩ කරනවා ඇති එයා !"

"සිමෝනා බංගලාවේ ඌ හොයන දේ ඇතිද කෙවීන් "

නෆ්‍රාස් නෙහාන් ලගටම ඇවිල්ලා රහසින් ඇහුවේ කවුරු කොහොම අහන් ඉන්නවද ශුවර් නැති නිසා

"ඔය කියන ලේඩි මැරිලා සතියක් ඇතුලත සිමෝනා එක අතෑරලා ..... ඒ කියන්නේ ගෙදර තිබ්බ බඩුත් එක්කම ඒක අතෑරලා දාලා "

"වට් ?"

"ම්ම් පස්සේ කතා කරමු "

රෙහානා එනවා ඇහෙනවත් එක්කම අර යකඩ ලොකර් එක ගාවට ගියපු නෙහාන් ඒකේ බට්න් එකක් ඔන් කරලා රෙහානා ගෙනත් දුන්න ලැප් එක ඔබන්න පටන් ගත්තේ පුදුමාකාර වේගෙකින්

"සයාශ් එලියට යන්න ගිහින් අරූව ගෙදර යවන්න කොහොම හරි මමයි මෙයයි වැඩේ බලන්නම් සැක කටයුටු කෙනෙක් ඉන්නවනම් සෝදිසියේ ඉන්න "

නෆ්‍රාස් ඔලුව වනලා පල්ලෙහාට බැස්සේ හතර වටම ස්කෑන් කරන ගමන්

එහෙන්මම ගිහින් වාහනේට නැග්ග නෆ්‍රාස් දොරවල් ලොක් කර ගත්තේ ඉයර් පීස් එකෙන් ශෙහාන්ගේ ලයින් එක අල්ලන ගමන්

"කොහෙද ඉන්නේ "

"සෙම්ට්‍රි එකේ "

"ඌව අපේ එකෙක්ට බාරදීලා පලයන් යකෝ .... උබව අරූ පිස්සු බල්ලෙක් වගේ හොයනවා .... උබ පාරට වෙලා විකාර නටනවා .."

"ම්ම් ... සංජය පිස්සු බල්ලෙක් වගේ ඔතනට එයි දැන් රෝහිත අලර්ට් එකක් එව්වා අනුරාධයා එහේ කියලා .... උබලා තුන් දෙනා පරිස්සම් වෙයන්.... දැන් දැන් ශුවර් නෑ මේ කරන අපරාද වලට අපි කොහේ ගිහින් නවතීද කියලා "

"දැන දැනමනේ වලට පැන්නේ අපි හැමෝම "

"ම්ම් "

_____________________

"නෙහාන් ඇයි ලොක් එක ඇරෙන්නැතේ "

"තව පොඩ්ඩයි .... අහ්ම් දැන් හරි "

නෙහාන් දැහැනට සම වැදිලා වගේ කී බෝඩ් එක දිහා බලාගෙන ඉදපු විදිහ වෙනස් කරලා රෙහානාට කිව්වේ රෙහානා ලොකර් එක අරිද්දි

"ෆයිල් වගයක් !"

"සෑහෙන්න ප්‍රමාණයක් තියෙනවා නේ දෙයියනේ නෙහාන් මේ බලනවා !"

රෙහානා ඇස් ලොකු කරන් අනුරාධගේ කාමරේ දොර ලොක් කරන්න දිව්වේ ඒ ෆයිල් ටික නෙහාන්ට පාස් කරන ගමන් .... අනුරාධ කියටවත් හිතෙන් නැතුව ඇති මේ ලොකර් එක අරින්න කාටවත් පුලුවන් වේවී කියලා

"මැඩම් මෙතන මේ තියෙන්නේ ඔක්කොම යට ගහපු නඩු එහෙම නේද ?"

"ෆෝන් එක ගන්න ෆෝන් එක ... ඉක්මන් කරන්න තව වැඩි වෙලාවක් අපිට මේක මෙහෙම සර්ච් කරන්න ලැබෙන්නෑ "

"මේ අර විපක්ශ නායක තුමාගේ ඝාතන නඩුව "

"මැඩම් මේ බලන්න අර කොල්ල කාපු වෝග් ජුවලර්ස් එකේ නඩුව ... "

"මේ ඔක්කොම ඌ කරපුව කියලා විශ්වාස කරන්නත් බෑ මැඩම් "

"ඌ කරපුවා තමා "

නෙහාන් එකින් එකට ෆයිල් දිගෑරලා රෙහානාට දුන්නේ රෙහානා මැශින් එක වගේ ෆොටෝ ගහද්දි

"මේ අර නිලියගේ ඝාතන නඩුව අපි ඉපදිලා අවුරුදු හයක් විතර මේක වෙනකොට "

"මට මතකයි නෙහාන් "

"මේ අර යාපනයේ දූපත ඉන්දියාවට අයිති උන ... යකෝ ..... මූද ඒ රටත් විකුනපු පරයා !"

"නෙහාන් මෙතන ඔක්කොම තියෙන්නේ යට ගහපු නඩු මට පේන විදිහට "

"මේ බලන්න මැඩම් මේ තියෙන්නේ ප්‍රංශ තානාදිපතිව මරපු එකේ නඩුව ..... මූ පිස්සෙක්ද මැඩම් "

"මේ අර අතුරුදහන් උන යුධ හමුදාපතිගේ යට ගියපු නඩුව "

"අපි හොයන ඒවා තාමත් ආවේ නෑ නෙහාන් "

"මෙතන සෑහෙන්න ප්‍රමානයක් තියෙනවා මැඩම් "

"මේ අර දල ඇත්තු පහළොව සමූහ ඝාතන සීන් එක "

"අඩෝ මූ නිදනුත් හාරලා මැඩම් මේ බලන්න "

"මූ අප්පගේ ඩෑල් එකක් නෙහාන් "

"මේ ප්‍රාදේශිය සභා මන්ත්‍රී වරයෙක් මරපු සීන් එකක්"

රෙහානා එපා වෙලා වගේ නෙහාන් දිහා බැලුවේ අන්තෙට කලකිරිලා .... මේ එකක් වත් විසදන්නේ නැතුව සල්ලි බලෙන් යට ගහපු නඩු .... සීයට සීයක් එයාලා හොදත් නෑ නමුත් මෙතනින් භාගෙට බාගයක් මැරිලා තියෙන්නේ අසාධාරනේ වෙනුවෙන් කතා කරන්න ගිහින් කියලා බැලූ බැල්මට තේරෙනවා

"මැඩම් හිටපු ඇමරිකන් තානාධිපති ස්ටීව්සන් ඝාතන නඩුව "

"අරයාගේ සීයා මේ ළඟදි යට ගහපු සීන් එක ඕක !"

"අර විපත්තුව කැබිලි කර විකිනීමේ නඩුව "

"මෙන්න මැඩම් රගර් ක්‍රීඩකයා අතුරුදහන් උන සීන් එක "

"මැඩම් හෙහ් හේ .... මෙන්න උමා ඔය ව්‍යාපෘතියෙන් කොල්ලකාපුවා !"

"මැඩම් පාස්කු ඉරිදා "

"කාලකන්නි බල්ලා මම උබව පතුරු ගහන්නේ මේකට අද මම නිකන් ගියාට ඊලග පාර එන්නේ මේ ඔක්කොම රාජසන්තක කරන්න බලාගෙන "

"එක්කෝ මැඩම් අපි මේවා JVP එකට දීලා මූව මරවමුද ?"

"විකාරද බල්ලෝ !"

"මෙන්න කුඩු නඩු මේවා ඔක්කොම ෆයිල් හයක් විතර මෙතන තියෙනවා ...."

"නෙහාන් තව ෆයිල් කීයක්ද ? නිකන් ඉන්න එකේ මේ ටික ගහගන්න වා අයිසේ කියවන්නැතුව "

"බයින එකමයි වැඩේ ...තව සෑහෙන්න තියෙනවා ..... "

"වැදගත් කියලා හිතෙන ෆයිල් ගන්න පරන ඒවා පැත්තක දාන්න ....... ඉක්මන් කරන්න සංජය ඇවිල්ලා විකාර නටනවා ඇහෙනවානේ පල්ලෙහා   "

"මැඩම් මේ අර මාධ්‍ය වේදියාව මරපු එක "

"මේ අර ෆිල්ම් ප්‍රඩියුසර්ගේ කේස් එක"

"මොන නෙරන්ජනා ගහපු සංක්‍රාන්ති ලිංගික එයාද ?"

නෙහාන් ඔලුව වැනුවේ මීට අවුරුදු පහකට විතර උඩදි මුලු කලා ලොවම උඩු යටිකුරු කරපු නඩුවේ ෆයිල් එක තමා එයාගේ අතේ තියෙන්නේ කියන්න වගේ

"ඒ යකා මරුනේ හාට් ඇටෑක් එකකින් නෙවේද ?"

"රේප් සීන් එකක් !"

"යකෝ මේ පාහර බල්ලා කොල්ලොත් ගහලද ?"

"ඒවගේ "

"මැඩම් මේ මහා බැංකුව මහ දවාලේ කොල්ල කාපු එක "

"දන්නවද නෙහාන් මට වහ කුප්පියක් බොන්න හිතිලා ඉන්නේ දැන් !"

"මැඩම් .... මේ අර අතුරුදහන් උන කෝටිපති ව්‍යාපාරික *** විජේසිරිගේ කේස් එක "

"යකෝ ඒකත් මුගේ වැඩක්ද ? "

"මැඩම් .... මම හිතන්නේ මේ තියෙන්නේ අපි හොයපු නඩු තුන !"

"ගන්න ගන්න ඉක්මන් කරන්න "

අනිත් ෆයිල් වලට වෙනස් විදිහකින් ගැටගහලා තියෙන ෆයිල් කවර තුනක් අතට ගත්ත නෙහාන් ඒ ටික රෙහානාට දීලා හැඩි කරපු අනිත් ෆයිල් තත්පරේට අස් කරන්න පටන් ගත්තේ කාලය සීමිත නිසා

"කවිරාජ් දිසානායක ඝාතන නඩුව "

" නංගි වෙනුවෙන් යුක්තිය හොයන්න ගිය අයියා "

මේ තමයි සසිත බලාපොරොත්තු වෙන සසිතගේ තාත්තගේ කෙරුවාව .... කේතකීව රේප් කරලා මදිවට ඒ වෙනුවෙන් පෙනී හිටිය කේතකීගේ අයියව අනුරාධ මරලා දාලා ඒක හරි ලේසියට සල්ලි බලෙන් යට ගහපු නඩුව තමයි නොදැනුවත්ව හරි රෙහානාගේ අතේ දැන් තියෙන්නේ

"තිරිසන්නු දැක්කා මෙහෙම එකෙක් දැක්කේ නැ නෙහාන් මම .... කලින්ම පොඩි එකාව එලියට යවපු එක හොඳයි මේ බලන්න නෙහාන් .... මේ තියෙන්නේ ජුවන්නා ෆාතිමා අලවුදීන්ගේ නඩුව !"

"මේවා කොහොමද මැඩම් මූ යට ගැහුවේ !"

"බල්ලොත් නොකන සල්ලි වලින් !"

"නෙහාන් එක කොළයක් නෑර මේ ෆයිල් දෙකේ ෆොටෝ ගහගන්න ....! මම අස් කරන්නම් "

බිම වැටිලා තියෙන ෆයිල් ඔක්කොම එකතු කරලා තිබ්බ විදිහටම මිටි ගහපු රෙහානා නෙහාන් දිග් කරපු ජුවන්නාගේ ෆයිල් එක මිටි කරලා අල්ල ගත්තේ දත් මිටි කකා .

"ක්ලාරා එව්ජීනීයා ස්ටීව්සන් සත්‍ය නඩු වාර්ථාව "

"තිරිසන් පාහර බල්ලා .... මූ මානසික පිස්සෙක් "

නෙහාන් ශාප කරන ගමන්ම ෆොටෝ ටික ගහගෙන ගහගෙන ගියේ රෙහානා අනික් පැත්තට ෆයිල් මිටි බදිද්දි....

"මැඩම් ඉවරයි .... "

ඒත් එක්කම පල්ලෙහයින් විසිල් එක වැදුනේ සර්ච් එකට දීලා තිබ්බ කාලේ අවසානයි කියලා කියන්න වගේ ...

"නෙහාන් ඉක්මන් කරපන් මිනිහෝ "

"මම පහට ගණන් කරද්දි ලොක් එක කරකවන්න මැඩම් !"

"එකයි
දෙකයි
තුනයි
හතරයි.
.
.
.
.
පහයි "

"දොර ඇරපන් නෙහාන් ....."

නෙහාන් වගේම රෙහානා එකම ගැම්මෙන් ස්ටික් දෙක කරකව කරකව ඇවිල්ලා පල්ලෙහාට බැස්සේ සංජය කඩාගෙන උඩට නගින්න ලෑස්ති වෙද්දි .....

"ඇමතිතුමා කලබලෙන් කොහෙද යන්නේ මේ "

"ඩී. අයි. ජී නෝනා මොකෝ හිස් අතින් හෙව්ව ඒවා හම්බුන්නැද්ද "

"ඒකනේ ඇමතිතුමා .... හරි නරකයි හරිද ... හොයාගන්න දෙයක් මේ බිත්ති හතරේ ඇත්තෙම නෑ නේ "

සංජය කට කොනින් හිනාවෙලා රෙහානාට අතින් පෙනුවේ ප්‍රධාන දොර

"එහෙනම් ආපු විදිහටම යන්න පොලිස් නෝනා "

සරම පැත්තකින් උස්සලා අතට ගන්න ගමන් උඩු රැවුල කරකවපු සංජය රෙහානාට කින්ඩියට හිනා වුනේ රෙහානාත් අතේ තිබ්බ ස්ටික් එකෙන් සංජයගේ පපුවට තට්ටුවක් දාද්දි

"යන්නම් ඇමතිතුමා ... සතුටින් ඉන්න එහෙනම් ... "

පඩි දෙකෙන් දෙකට බැස්ස රෙහානා වාහනේ ස්ටාට් කරන් හිටිය නෆ්‍රාස්ට පිං දිදි වාහනේට නැගලා ලොකු හුස්මක් පහත දැම්මේ සාතන්ගේ අඩවියට ගිහින් නිරුපද්‍රිතව ආවා වගේ

"Hello DIG .... ජනාදිපති මැදුර සර්ච් කරලා විසුරුවා හරින්න සැක කටයුතු දෙයක් සහ කෙනෙක් හිටියොත් අත් අඩංගුවට ගන්න ! "

ෆෝන් එකෙන් ජනපති මැදුර වටලලා ඉන්න පොලිස් කන්ඩාංකයට උපදෙස් දීපු රෙහානා ෆෝන් එක ඕෆ් කරලා කැබින් එකට දැම්මෙ ඇස් පොඩි කරන ගමන්

"දැන් ජනාධිපති මන්දිරේ සර්ච් කරලා වැඩක් නෑ ඒකේ ඇති දෙයක් නෑ මූ ඔක්කොම මෙහේ තියන් හිටියේ "

"අපරාදේ මැඩම් අර අතෑරපු නඩු ටික "

"ම්ම් සිමෝනා එකට දැඩි ආරක්ශක රැකවල් දාන්න කියන්න අපි හෙට යමු එහෙට .... ශෙහාන් වත් එක්කන් යන්න වෙනවා ..... මිනිහා තමයිඒ ගැන දන්න එකම කෙනා සයාශ් පුතේ හරවපන් වාහනේ හෙඩ් ක්වාටස් ...උබට අද නිදාගන්න වෙන්නේ යොහාන්ගේ ඇදේ තමා "

රෙහානාගේ කීමට ඔලුව වනලා එකග වුන නෆ්‍රාස් වාහනේ පැදෙව්වේ විදුලි වේගන් ....

___________________________

මම රෑටත් කාලාම කාමරේට ගියේ හිච්චියාගේ නින්දේ තරමට කොල්ලා ආයේ නැගිටින්නේ හෙට උදේ නිසා

Brzz brzz

අපේ අක්කා ?

මේ රෑ නවයට මේකාට ගන්නේ මොකෝ

"ගේම් ඕවර් .... හෙට සිමෝනා යන් ... "

"අක්කේ මම .... "

"අහ්....හා රොනාල් ... අහ්ම් .... රිසාල්ට් ආවා නේද බබා මන් දැක්කා රිසාල්ට් ... මට හැපි ආහ් ...."

"තෑන්ක්ස් "

"මොනාද ඕන මගෙන් "

"හග් එකක් විතරයි "

"අනේ මගේ චූටි මල්ලියා .... ඔහොම ඉන්නකෝ අක්කා ඔයාව තදට බදාගන්නම් හෙට උදේම ඇවිත් ...කෝ ඔයාගේ ආරු "

"බීලා අක්කේ සෑහෙන්න දැන් නිදි .... මේ ඇහෙන දේවල් එක්ක මටත් ඔලුවේ කැක්කුම වගේ "

"ස්ට්‍රෙස් වෙන්න එපා බබා ...එයාට නිදාගන්න දෙන්න ඔයත් නිදාගන්න "

අක්කා ඒ පැත්තෙන් කෝල් එක කට් කරපු නිසා මම එයාගේ ෆෝන් එකත් සයිලන්ට් දාලා ඇදට නැග්ගේ කොට්ටේ බදන් නිදාගෙන ඉන්න එයගේ නලලට කිස් එකක් දෙන ගමන්

"උබ අහිංසකයි බන්.... අම්මා නිසාම යක්ශයෙක් උන අහිංසකයෙක් උබ .... "

"මට.... සමාවෙන්න .... හිතලා නෙවේ.... මම ආදරෙයි දාලා යන්න ....එපා ...."

"ශ්හ් නිදාගන්න නිදා ගන්න "

වෙරි නිසාම හීනෙන් කියවපු එයාව මගේ පපුවට හේත්තු කරන් තට්ටු දැම්මේ එයා ආයෙම තඩි නින්දට වැටෙද්දි

"අපේ වටේ වෙන දේවල් හරි අත්භූතයි ...... බලමුකෝ !"

____________________________________________________________

චැප්ටර් එක දිග වැඩියි ඒක නිසා සිමෝනා එකේ කොටස් ටික ඊලග චැප්ටර් එකට දෙකට කැඩුවා .......

මේකෙත් වචන පන්දාස් පන්සීයක් 🙂

මං දන්නවා සෑහෙන්න ප්‍රස්න නේ ඔයාලාට කමක්නෑ කමන් නෑ පොඩ්ඩක් ඉවසන්ඩලා ඒයි

ටවීශ් ..... මන්දා ඌ මොකක් කරන්න යනවද කියලා....

ජොඑල් රොනාල් දෙන්නටම ෆ්හැනෙනවා ටවීශ් බොරු කරනවා කියලා ..... හැබැයි ඇයි කියලා තේරෙන්නෑ .....

තේරෙන්න කියන්න එපැයි වුට්ට .... අඩුම හින්ට් එකක් වත් නෑහ්

ටශ්මි හොදේකි එන්න එපා ඒකිට එක එක ඒවා කියාගෙන එව්ව්

ජොඑලා තමා මීඩියා සහකරු කෝමද ඒක

කෝමද අනුරාධ මාමගේ කෙරුවාව

තවත් සහන ඉදිරියට බලාපොරොත්තු වන්න

ඊයේ රෑ දෙන්න හිටියේ කොහෙද දෙන්න බැරි වුනා නේ

දැන්නම් සාධාරණ බයක් එනවා මාව මේ කතාවක් නිසා පොලීසියෙන් කුදලන් යයිද කියලා බන්ග්

එකම වෙලාවේ සිද්ධි කිහිපයක් විස්තර කරන්න අමාරුයි ළමයි .... මම හිතනවා මමලියපු විදිහ අවුලක් නෑ කියලා .....

P.S : මෙය මාගේ හිතලුවක් වන අතර මෙහි සදහන් සියලුම දෑ මනඃකල්පිත වේ . තවද කතෘ අයිතිය සුරකින ලෙසද කාරුනිකව ඉල්ලා සිටිමි

යන්නාම්

Hope will enjoy gyzz ❤️

AKESHI 𓆉︎







Continue Reading

You'll Also Like

1.6M 128K 41
( ရိုးမာန်ဂုဏ် ♡ နွေလရိပ် ) ♡ 28 . 8 . 2021>♡< 19 . 12 . 2021 ♡
ELORA By osi yr

Non-Fiction

10.8K 1.9K 41
මගදි වෙදදුරන් මුණ නොගැසුණු ගමනකදි තවත් පලුදු වුණ හදවතක් මට තිබේ ... . . . . "ප්‍රශ්නේ කියන්නෙ මේ පාර අපිට king ලා දෙන්නෙක්ම ඉන්න එක නේ ." "නෑ ප...
103K 13.5K 102
ආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්‍ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුල...
226K 1.7K 9
အတုယူစရာမရှိပါ။ အသုံးအနှုန်းများမှာ 18+သာဖြစ်သည့်အတွက်အသက်ပြည့်မှဖတ်ရှုပေးပါရန်။