ආධිල් : හලෝ තුහින ! කොහොමද අද වැඩ ටික ?
තුහින : වලියක් බේරලා පටන් ගත්තු නිසා දවස අවුලක්මත් නෑ .
ආධිල් : වලියක් ?
තුහින : අපේ නිරාශා කෙල්ලට ! උඹ නිසා.
ආධිල් : මං නිසා ? ඒ මොකද්ද ඒ ?
තුහින : ම්ම්.... දවසක් උඹව කෙල්ලො කට්ටියකගෙන් බේර ගත්තද අපේ නිරාශා ?
ආධිල් : අහ් ඔව් ඔව්... උන් මේ සැරේ ආව ජූනියර් බැජ් එකේ උන් ටිකක් බං. කුප්පියක් දා ගන්න උඩ දාං ආවෙ .
තුහින : එහෙමද ? උන් අන්න නිරාශා කෙල්ල එක්ක පැටලෙනවා ආධිල් අයියව බෙදා ගන්න බැරුව .
ආධිල් : ම-මාව ?
තුහින : ඔව් ඔව් උඹව ! උන් හිතන් ඉන්නෙ නිරාශා තමයි උඹේ කෙල්ල කියලා . අන්න අපේ එකීට යහතින් ඉන්න තියන්නෑ ගගා උඩ පැන පැන ඉදියා .
ආධිල් : ආයෙ මොන දේවාලයක් ඔළුවට කඩං වැටෙන්න යනවද දන්නෑ .
තුහින : ඔය පොඩි උන්ගෙ මනස්ගාත වැඩනෙ බං .
ආධිල් : නිරාශට වාත වෙන්න ආවොත් නම් මං කියනවා ඒ පොඩි පගයොන්ට !
තුහින : මොනාද උඹ කියන්න යන්නෙ දැන් ?
ආධිල් : උඹ මගේ බෝයිෆ්‍රෙන්ඩ් කියලා . ආ නැත්නම්
කියනවා මට මිනිහෙක් ඉන්නවාය කියලා ! ඇයි එපාද ?
තුහින : අනේ නෑ . කියපන් කියපන් . නැත්නම් දැන් මං එපා කිව්වනම් එහෙම උඹ මෙතන ඔක්කොම පැත්තකට දමලා ගහලා ඉවර වෙලා මේ අහිංසක මාව මරං කන්න හදයි !
ආධිල් : ඒක ඇත්ත . ඒත් ඒම කියන්නත් බෑ නේත ?
තුහින : මංදා බං . උඹ ඕන එකක් කියා ගනින් . මං මුකුත් කියන්නැ .
ආධිල් : දන්නවද බං . මං දන්නෙ නෑ ලෝකෙ මිනිස්සු අපි දෙන්න ගැන දැන ගත්තම මොන වගේ දේවල් කරයිද කියයිද කියලා . ඒත් ඒ එක දේකින්වත් මං වෙනස් වෙන්නෙ නැතුව ඉන්නවා කියලා මං උඹට පොරොන්දු වෙනවා .
තුහින : හ්ම්... ජීවත් වෙන්න මහ ගොඩක් මිනිස්සු ඕන නෑ ආධිල් . කෙනෙක්ට තමන් පණටත් වඩා ආදරේ කරන කෙනා ඒ කෙනත් එක්කම ඉදියනම් ජීවත් වෙන්න තවත් මිනිස්සු මොකටද බං . මං දන්නෙ මෙච්චරයි , උඹ මාත් එක්ක ඉන්නකන් මං හොදින් ඉදීවි !
ආධිල් : හ්ම්.... ඇත්තටම බං මං දන්නෙ නෑ මං හරිද වැරදිද කියන්න . ඒත් මං දන්නවා උඹ ඉන්නකන් මට කිසිම ප්‍රශ්නයක් නෑ කියන එක . ඒත් තුහින මට අපේ තාත්තා ගැන හිතද්දි හරි බයක් දැනෙනවා බං !
තුහින : ඇයි බය ? මාත් කොල්ලෙක් , උඹත් කොල්ලෙක් . ඒ නිසාද ?
ආධිල් : හරියටම හේතුවක් මං කියන්න දන්නෙත් නෑ ..... ඒත් දන්නවනෙ , එයා හණමිටි අදහස් තියෙන කෙනෙක් තුහින !
තුහින : හ්ම්.... බය වෙන්න එපා ආධිල් . අපි එන හැමදේටම බය නැතුව මූණ දෙමු හරිද ?
ආධිල් : හ්ම්...
තුහින : කාලා එහෙමද ? හෙට එනවා නේ උඹ ?
ආධිල් : තාම කෑවෙ නෑ බං . හෙට එනවා මං . අහ්.... මේ මං අද ශෙවෝන්ව දැක්කා .
තුහින : ඒ කොහෙදිද ? උඹ කතා කළාද ඉතින් !
ආධිල් : නෑ බං . මං පාරෙ ඉදියෙ . දවල් දෙකට විතර තමයි දැක්කෙ . අර ශෙවෝන් නිතරම යන එන රෙස්ටුරන්ට් එකේ ටේබල් එකකට ඔළුව ගහන් ඉදියෙ .
තුහින : ඔළුව ගහන් ? උට අසනීපයක්වත්ද දන්නෑ . ආධිල් ඔයාට ශුවර්ද ඒ ශෙවෝන්මයි කියන්න !
ආධිල් : ම්ම්... මං දැක්කා එයාගෙ කාර් එකත් නවත්තලා තිබ්බා .
තුහින : මංදා බං . මේ මිනිහා ඉන්නෙ එක්කො ලොකු ප්‍රශ්නයක හිර වෙලා . නැත්නම් උට මොකක් හරි අසනීපයක් . ඇරත් මිනිහා ඔහොම ඉන්නෙ නෑ කවදාවත් ...
ආධිල් : ඔයාට පුළුවන් නම් හිමීට කතා කරලා බලන්න . බල
කරලම අහන කොට ශෙවෝන් උණත් කියයි ප්‍රශ්නයක් තියේනම් .
තුහින : මෙච්චර කල් නොකිව්ව එකේ මං හිතන්නෙ නෑ ඌ දැන් කියාවි කියලා . උඹට ඔය නිකං ඉද්දි කතා කරන්න බැරිද එහෙන් මෙහෙන් වටෙන් ගොඩෙන් .
ආධිල් : උඹ හිතනවද බං උඹට නොකියන දේ අපේ ශෙවෝන් මට කියාවි කියලා ?
තුහින : සමහරවිට කිය්ස්න්න ඉඩ තියේවි . අපි තව ටික කාලයක් ඉවසලා බලමුකො බං .
ආධිල් : හ්ම්.... ඒත් බං ඌ ගැන දැන් මට හරි බයයි . මං හිතන්නෙ නෑ බං උගේ හිත නිදහසේ තියෙනවා ඇතියී කියලා . මේ දේවල් වලට හේතුව එයාට යුගාන් අයියව ආපහුම හම්බුණ එකද තුහින ?
තුහින : නෑ ආධිල් . යුගාන් අයියා නිසා ශෙවෝන්ගෙ මානසික
නිදහසට කිසිම බලපෑමක් වෙන්න විදියක් නෑ . මට ඒක විශ්වාසයි .
ආධිල් : එහෙනම් ගෙදර දෙයක් වෙන්න පුළුවන් .
තුහින : ඒක මටත් නොහිතුනාම නෙවෙයි ආධිල්. බැරි උනොත් මං ආන්ටිට කෝල් කරලා බලනවා .
ආධිල් : හ්ම්.... හොද විදියක් .
තුහින : මේ උඹ එනවා නේ නුවර යන්න ?
ආධිල් : බෑනෙ ඒයි ඉතින් ඒම නේත ?
තුහින : මොකක් ? ඇයි බැරි ?
ආධිල් : බදින්න කලින් බෑණාව ගෙදර එක්කන් යන එක හරි නෑනි මං කියන්නෙ . ආන්ටීයී අන්කලුයි උනත් මොනවා හිතයිද මෙයා මේ ආධිල් කොලුවා ගැන .
තුහින : අම්මපා ආධිල් ! මං ළග ඉදියනම් තොගෙ පිට පැලෙන්න එකක් දෙනවා .
ආධිල් : අර ඇයියේ ඒ පාර ?
තුහින : ඇයි තෝ අපේ ගෙදර ගියාම ප්‍රෙග්නට් වෙනවද ?
ආධිල් : ඇයි වෙන්න බැරිද ? කියන්න බෑනෙ ඉතිම් නේද ?
තුහින : ආධි.......ල් ඔය කතාව නවත්තපන් මාව යකා අවුස්සන්නැතිව .
ආධිල් : අනේ මේ , උඹ කෝමද මගෙ කට නවත්‍තන්නෙ . උඹලා මේ නුවර නිළමෙලා කියලා මේ කළුතර අපි බය නෑ හරිය . අනික උඹේ යකා වෙනම අවුස්සන්න දෙයක් තියෙනවා යෑ . ඔය යකා ඇවිස්සුන ගමන්නෙ ඉන්නෙ .
තුහින : හොද හිතින් මට ඔය නුවරෙ නිළමෙ කියන එක නවත්තලා දානවා .
ආධිල් : බෑ .... බෑ කිව්වම බෑ . මං කියනවමයි .
තුහින : ....... ආධිල් මේ !
ආධිල් : අනේ පලයන් ! උඹ මට පාට් දාන් ආවට මේ මං බය නෑ හරිය ? යකෝව් ඔය කවුරු උණත් දැන ගන්නෝන මාත් එඩිතර කොල්ලෙක් කියලා .
තුහින : එඩිතර ? ඇයි තෝ මද්දුම බණ්ඩාරද ?
ආධිල් : නෑ...මං ඇහැළේපොළ කුමාරිහාමි !
තුහින : මොකක් ? මොන මගුලක්ද උඹ කියවන්නෙ ආධිල් ?
ආධිල් : එතකොට උඹ කොහෙන් ගියත් නිළමෙ කෙනෙක් .
තුහින : ආ උඹත් නම් , ඔහොම ඉදපන්කො... එන්න එපා උඹ මට හෙට තුහින තුහින ගාගෙන . මගෙ බල්ලටවත් බලන්න දෙන්නෑ මං . අර කුප්පි නංගිලා එක්කම ඉදපම් . මට ඉතින් ඔය ශෙවෝනුයි නිරාශා කෙම්ලයි ඉදියම ඇති .
ආධිල් : ආ.... මේ මොන මළ සමයමක්ද මේ ? අනේ මේ ඉන්නවා . මේ ආධිල් එක්ක ඒවා කොහෙද ....
තුහින : අපෝයි උඹත් . කටු අත්තක් බං . හා හා දැන් පාඩම් කරපන් ආධිල් . මාත් මේ පොතක් බලා ගන්න කියලා හදන්නෙ .
ආධිල් : බෑ .... මං යනවා හම්බන්තොට . කරවල වේලන්න .
තුහින : ආධිල් !
ආධිල් : හරි හරි අනේ . කෑ ගහ ගත්තු ගමන්මයි . මං හැදුවෙ ඔයාට කරවල ටිකක් ගෙනත් දෙන්නනෙ . එහෙනම් මුහුදු ගිහින් මාළු බාං එන්නද ?
තුහින : මට ඕන කරවලයක්වත් මාළුවක්වත් නෑ...
ආධිල් : එහෙනම් පොළට ගිහින් උඹට හදලා දෙන්න කොහිල ටිකක් අරං එන්නද ?
තුහින : කොහිල ඇයි ?
ආධිල් : උඹේ මූලග්ගින්නට !
තුහින : ආධිල් උඹ මගෙන් කනවා ඈ. විසාල කරදරයක් උණානෙ මේක .
ආධිල් : හේ හේ... මං තියනවා ඒනම් ඈ . ගුඩ් නයිට් .
තුහින : හ්ම්... ගුඩ්නයිට් .
ෆෝන් එක තියපු තුහිනට තනියමම ලොකු හිනාවක් ගියේ මේ ආධිල්ගෙ ඉවරයක් නැති කියවිල්ලයි ඉවරයක් නැති ගොන් වැඩයි මතක් උණ නිසා .
උදේ ඉදන් ඉගෙන ගන්න අලුත් දේවල් අස්සෙ මහන්සින්වෙලා ඒ ඉවර උණාම ගෙදර එනකන් ආයෙ පාරෙ රස්තියාදු වෙන ජීවිත වලට ඇත්තටම ඕන පුංචි සතුටට කාරණාවක් විතරයි . ඒ ගත්තමත් තුහින වගේ මනුස්සයෙක්ට ආධිල් කියන්නෙ ඇත්තටම මහා දෙයක් . ආධිල් බොරුවට රැවුවත් තුහිනගෙ මූණට හිනාවක් ගේන්න ආධිල්ට පුළුවන් උණා . ආධිල් නැතත් තුහින ඒ බව හොදටම දැනන් උන්නා. මොකද තුහිනට ඒක දැනෙනවා . තුහින ඒක විදිනවා . තුහිනට ලොකු සතුටක් ගේන්න ආධිල්ගෙ හිනාවකටත් පුළුවන් .
ඇත්තටම මනුස්සයෙක්ගෙ මූණට හිනාවක් ගේන්න අපි මහ ලොකු දේවල් කරන්න ඕන නෑ . ඇත්තටම ලෝකෙ එහෙම මිනිස්සුත් ඉන්නවා . මනුස්සයෙක්ගෙ හිත් එක්ක සෙල්ලම් නොකරන , හැමෝටම හිනාවක් ගේන්න උත්සහ කරන මිනිස්සු . ඒ වගේ අය තමන්ගෙ හිතේ කොහොම බරක් තිබ්බත් හරි සැහැල්ලුවෙන් ඉන්න උත්සහ කරනවා හැම වෙලේම .
හැමතැනම නැති උණත් අපි හැමෝටම ජීවිතේ එකම සැරයක් හෝ ඒ වගේ මනුස්සයෙක් හම්බෙලා තියෙන්නම ඕන . නැත්නම් අනාගතේ හරි මුණ ගැහෙන්නම ඕන . අන්න ඒ වෙලාවට ඒ මනුස්සයගෙන් අපි ඈත් වෙන්න හොද නෑ . මොකද ඒ වගේ සතුටට හේතු වෙන මිනිස්සු හරි අල්පයි . ඉතින් ඒ කෙනාව රැක ගන්න ඕන අපි . ජීවිතේට සතුට ගේන මනුස්සයෙක් කියන්නෙ ඇත්තටම ලොකු වහලක් .
_____________________________
වෙනදා වගේම දැනෙන දේ හැගෙන දේ කියන් යමු . හොද නරක දෙකම මං භාරගන්නවා . ඉතින් ඕන දෙයක් කොටාගෙන යමු මේ ඉඩ තියෙන තැනේ...
ඇත්තටම මේක පොඩ්ඩක් පොඩි එකක් . මං ඒ නිසා එන සතියෙ අප්ඩේට් හතරක් දෙන්න බලන්නම් හලෝලා...
එතකන් ගිහිම් එන්නම් .
බායි 💗