ආදිත්...

By TharundiRanabahu

2.5K 343 263

ආදිත්×යශෝදර More

චරිත හදුන්වාදීම🥂
Chapter 1
Chapter 2
chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 8
Chapter 9
Chapter 10
chapter 11

Chapter 7

166 29 22
By TharundiRanabahu

Yashodhra pov

"ඇත්තටම මේ පැත්ත හරි නිස්කලංකයි නේ!! ලොකු රස්නෙකුත් නැ" මිචෙල්ලා කිව්වා.

"අහ් ඔව් අනේ....දැක්කනෙ අපි දැන් අර ගියපු ඇලේ...වතුර වල සීතල"

"අප්පාහ් ඔව්!! අපි දවසක එනවා හොදේ නාලා යන්න.කොහෙද යශා අපිට කලින් කිව්වෙ නැනෙ ඇලක් ගැන" ශේන් කිව්වෙ මන් දිහා බලන ගමන්.

"ඕවා මොනවද අනේ!! යශ් ගෙ අම්මලා ඉන්න පැත්ත තමා මරුම.පට්ට ලස්සනයි!!!!ගියොත් එන්න හිතෙන්නැ" වෙනුක් කිව්වේ රස කර කර.

"එහෙනම් නොයා ඉමු...."ශේන් කිව්වෙ හිනා වෙන ගමන්.

"අනේ මේ ඕයි.....තමුසෙට මාව විහිලුවක් වගේද පේන්නෙ දැන්."

"දැන් ඉතින් ඔයාමනෙ කිව්වෙ ගියෙ⁣ාත් එන්න වෙන්නැ කියලා.....ඒක නම් භයානකයි චූටි...අපි ඒ හින්දා නොයා ඉමු" ශේන් කිව්වෙ වෙනුක්ගෙ තරහා තවත් අවුස්සන ගමන්.

"අම්මෝ මේ...උබලා දෙන්නගෙ හුරතලෙ ඉවර නම් යමන්ද ගෙදරට" ආදිත් කිව්වෙ ඉස්සර වෙලා යන ගමන්.

අපි ගියේ පොඩ්ඩක් මේ පැත්ත බලලා එන්න.මමත් ඉතින් ඔහේ මේ භූත බංගලාවෙ හිටියට වැඩිය කොහෙවත් යැවෙන්නෙ නැ.පස්සෙ අපි රවුමක් දෙකක් දාලා ආයෙත් ගෙදරටම ආවා.

"හවස් වී ⁣ගෙනත් එනවා ශේනා...මොකෝ කරන්නෙ යන්නැද්ද?" මිචෙල් ඇහුවේ කරුවල වි ගෙන එන එලිය දිහා බලලා.

"කොහේ යන්නද බල්ලෝ....අද රෑ මෙහෙ ඉන්නෙ..."

"අඩෝ පිස්සුද උබට!! අපි ඇදුම් ගෙනාවෙත් නැ" ආදිත් කිව්වෙ අත් දෙකත් ඉනේ තියාගෙන.

"ඔන්න මම නම්⁣ ගෙනාවා...චූටි ඔයත් ගෙනාවනෙ...මම කිව්වා ඔයාට ඊයේ මතකනෙ" ශේන් කිව්වෙ වෙනුකයා දිහා බලලා.

"හරි හරි ඕයි...ගේන්න දෙයක් නැ මෙහෙ මගේ ඇදුම් තියේ..."

"අහ් එහෙනම් හරිනෙ! ඔය තියන ඇදුමක් චූටි ඔයා මිචෙල්ටත් දෙන්න.යශෝදර උබේ තියන ඇදුමක් දීපන් ආදිට...." ශේන් කිව්වෙ හැමෝගෙම ප්‍රශ්න විසදන ගමන්.

"උබ නම් ශේන්.....හරි දැන් අහපන්කෝ..හෙට ස්කෝලෙ යකෝ අනික හෙට අර ඉවෙන්ට් එකත් තියනවා." ආදිත් කිව්වේ ශේන් දිහා කේන්තියෙන් බලාගෙන.

"හරි හරි බන්....කෑගහන්න එපා!අපි හෙට උදේ පහට මෙහෙන් පිටත් වෙනවා"

"මට නම් බැ එච්චර උදෙන්ම ඩ්‍රයිව් කරන්න" ආදිත් කිව්වෙ ශේන්ට රවලා.

"ඇයි උදේට ඇහැ පොට යනවද?" මම කිව්වේ එක දිගට ශේනුයි ආදිතුයිගෙයි කියවිල්ල අහන් ඉන්න බැරි නිසා....මන් එහෙම කිව්වා විතරයි ආදිත් මට හැටට හැටේ රවලා අහක බලාගත්තා.

"අර දැක්කනේ...යශෝදර උනත් කැමති ආදිත් අද මෙහෙ ඉන්නවට"

"අනේ මේ....පල පල මම එහෙම එකක් කිව්වෙ නැ හරිද?"

"අනේ මෙන්න මෙහෙ යමන් ශේන්..ගෙදර! එක එකාගෙ අකමැත්තෙන් අපි ඉන්න ඕනෙ නැනෙ මේ අපිට ගෙවල් තියෙද්දි" ආදිත් කිව්වෙ මාත් එක්ක තරහින්.

"මොකද මොකද!! බන් මේ හොදට ඉදලා එක පාරටම එල්ලෙන්න හදන්නෙ" මිචෙල් කිව්වෙ රණ්ඩුව දුර දිග යන එක නවත්තලා.

"නැ බන් මම වැරදි දෙයක් කිව්වද දැන්"ආදිත් ආයෙත් මිචෙල්ට කිව්වා.

එතකොට ඔක්කොමලා කරේ මන් දිහා බලපු එක.

"දැන් එතකොට මම ද වැරදි දේ කිව්වෙ.මම කිව්වෙ නැනෙ කාටවත් යන්න කියලා අනික මට එහෙම කියන්න උවමනාවක් නැ ආදිත්..." මම කිව්වෙ ආදිත්ට.

"නොකියා කියන ඒවා හොදට තේරෙනවා යශෝදර මට!! කොහොමත් තමුසෙ උදේ ඉදන්ම අපි මෙහෙ ආපු එකට අවුල්නෙ එහෙමනෙ..." ආදිත් එහෙම කියද්දි මාව පිච්චිලා ගියේ ⁣ඇයි කියලා මටවත් හිතා ගන්න බැ.

"මොනවද තමුසේ මේ කියන්නෙ ආදිත්!! කට වහගන්නවා" ශේන් කිව්වේ ටිකක් හයියෙන්.

"මට තේරෙන්නැ ආදිත් මේ හිතන විදිහ.මම මෙ⁣ානාද කරපු අඩු පාඩු ඔයාලට මෙහෙම හිතන්න"

"අනේ නැ යශෝදර....එහෙම කිසි දෙයක් නැ...මේ මුට පිස්සු හැදීගෙන එන්නෙ"මිචෙල් කිව්වේ ආදිත්ව අතින් පෙන්නන ගමන්.

"මේ අහපන් ආදිත්....උදේ ඉදන් උබ හොදට ඉදලා මොකක්ද මේ උබට හැදිලා තියන පිස්සුව.එලියට ගිහින් ආපු පාර ග්‍රීස් යකාවත් වැහුනද තොට" ශේන් ඇහුවෙ ආදිත් එක්ක තරහෙන්.

"මට වැහුනු යකෙක් නැ බන්.අර ආකාශාද ආකාශිද මුට ආයෙ දෙවනි පාර අරන් කතා කරපු ඒවා මන් හොදට අහන් හිටියෙ."

Flashback ..............(Call)

"ඕ ආකාශා කියන්න"

"අනේ අහනවකො මගේ මූ යුනිෆෝම් එකේ බැජ් එහෙම කොහෙන්ද අල්ලන්න තියෙන්නෙ කියලා තේරෙන්නැ මට පිස්සු වගේ"

"අප්පා ඒක නම් ආමාරුයි තමා අපිත් මුල් කාලෙ සෙ⁣ට් එකම එකතු වෙලා තමා ඔය වැඩ ටික කරගත්තෙ"

"ඒක තමා යශ්...මේ ඒක නෙවෙයි මන් තව ටිකක් හවස් වෙන්න වගේ ආවොත් බැරි වෙයිද.....හවස කියන්නෙ ඉතින් ටිකක් රෑ වෙයි මන් පන්ති ඇරිලා එහෙම්ම අරන් එන්නම් මට මේ ටික ගහන්න ඕන තැන් ටික හරි කියනවකෝ"

"අහ් අවුලක් නැ එන්න එන්න.හැබැයි අර ගොල්ලෝ එහෙම ඉන්නවා තාම"

"අප්පෝ තාම ගියේ නැද්ද එයාලා"

"නැ අනේ.....අද රෑ ඉදීවි මන් හිතන්නේ..."

"අප්පාාාහ්....ඔයාගෙ ගෙදර ඉඩ ඇතිද යශ් ඔය ඔක්කොටම ඉන්න"

"ඉඩ කියන්නෙ ඉතින් එක කාමරෙක වෙනුකයි, ශේනුයි තව එකක් මිචෙල්ලා අනිකෙ ආදිත්"

"එතකොට ඔයා!!!"

"මම ඉතින් අද සාලෙ තමා...."

"අඩේ.....මේ පිස්සුද අනේ...ඔයත් ඔය කාමරේකට යන්න"

"බැනේ....බන් මිචෙල්ලට තනි රෑම් එකක් ඕනිලු"

"එහෙනම් ආදිත් එක්ක ඉන්න"

"අප්පෝ මට බැ පිස්සුද?"

"ඇයි........උදේ වෙද්දි හොද හොද ආරංචි අහගන්න පුලුවන් අපිටත්"

"අනේ මේ පල පල යන්න"

"මේ සිරාවටම කියන්නෙ හරිද? ඔය ත්‍රිබල නම් සතේකට විශ්වාස කරන්න බැ.ඔය ශේන් ගැන ඉතින් කියන්න දෙයක් නැනෙ ඔයා දන්නවනෙ.අනිත් අයත් එහෙම තමා ඉතින් ඔය ආදිත් රෑට රෑට ක්ලබ් අස් රිංගන් ඉන්නවා ටීචස්ලම දෙතුන් දෙනෙක් ⁣දැකලා තියේලු අපේ ස්කෝලෙ"

"සිරාවටම....ආදිත්! ක්ලබ් වල"

"ඔව් ඕයි.....මිචෙලුත් බබා වගේ හිටියට ඒකත් එහෙම තමයිලු අනේ....හොද දාර බූට් එකක් කාලා පස්සෙ ඒ දුක නිවාගන්න කියලා මත්ද්‍රව්‍ය අරවා මේවා පාවිච්චි කරනවලු ඕකා..."

"ඔව් ඔව්.....උන් කොහොමත් ස්කෝලෙත් ප්‍රසිද්ධ ඔය මත්ද්‍රව්‍ය සීන් වලට තමා කොහොමත්.මට තියන පුදුමේ ඇයි මේ කවදාවත් නැතුව මෙහෙම හැසිරෙන්නෙ කියලා මේ දවස් වල"

"අනේ මන්දා ඉතින් මන් දන්නැ ඕවා...කමක් නැ කමක් නැ....ඕවා වැඩක් නැ...අහන්නකො එහෙනම් මන් පුලුවන් උනොත් එන්නම් රෑ වෙලා....හරිද? මන් තියන්නම් අයියෙ ක්ලාස් යන්නත් ලෑස්ති වෙන්න එබැයි.

End Flashback..........

"ස්පීකර් දාලා තිබ්බ නිසා ඒකි කියපුවත් මට හොදට ඇහුනා....ඔව් බන් අපි ඒවා කරන තමයි.ඒක අපේ අයිතිය කවුරුත් කොහෙවත් යන උන් ඒවට ඇගිලි ගහන්න එන්න ඕනෙ නැ"

කියපු ආදිත් ගෙදරින් එලියට බැහැලා වත්තේ නවත්තලා තිබ්බ කාර් එකේ ඩ්‍රයිවින් ශීට් එකට නැග්ගා.එච්චර වෙලාවක් යන්න ගියේ නැ එවලෙම ශේනුත් ගිහින් කාර් එකට නැග්ගා.මොනවද වෙන්නෙ කියලා හිතාගන්න බැරි මම හිටියේ එතනම ගල් වෙලා හිටගෙන.

"මන් බලලා එන්නම්" කියලා වෙනුකයත් මගේ පිටට තට්ටු කරලා ගිහින් කාර් එකට නැග්ගා.

එහෙම්ම හෙල්ලෙන්නවත් නැතුව ටික වෙලාවක් බලාගෙන හිටපු මට ඇහුනේ...ආදිත් කාර් එකේ හෝන් එක ගහනවා.මන් හිතන්නෙ ඒ ගැහුවේ මිචෙල්ට එන්න කියලා වෙන්න ඇති.මෙච්චර වෙලා මොකක්ද උනේ කියලා හිතා ගන්න බැරුව හිටපු මිචෙලුත් හෝන් එකේ සද්දෙ ඉවර වෙනවත් එක්කම මන් ගාවට ආවා.

"ගිහින් එන්නම් බන්" කියලා පිටට තට්ටුවක් දාලා මිචෙල්ලත් කාර් එකට ගියාම.වත්තෙන් කෙලින්ම හරවලා ගත්ත කාර් එක පාරෙන් නොපෙනි යන්නම ගියා.

තාමත් හරියට මොකක්ද උනේ කියලා හිතාගන්න බැරි මම එතනම ඉස්තෝප්පුවෙ තිබ්බ පඩියෙන් වාඩි වුනා.'ඇත්තටම ආදිත්ට මන් කෝල් එකේ හිටපු ඒවා ඇහිලද?ඉතින් මම එච්චර දෙයක් කිව්වෙ නැනෙ....ආකශනෙ කිව්වෙ..ඒවත් ඇහිලද? '

මට පිස්සු වගේ ආදිත් පැත්තකින් තියමුකො.ශේන්,මිචෙල් එතකොට වෙනුක්.....දෙයියනෙ ඔක්කොමටම මාව එපා වෙන්න ඇති.ඇයි මම එහෙම කරේ දෙවියනේ......ඒ වුනාට ඉතින් ඒක නෙවෙයිද ඇත්ත!! දැන් ආදිත් උනත් කිව්වෙ....ඔව් අපි එහෙම තමයි කියලා.එයාලා විතරක් නෙවෙයි හැමෝම දන්නවා ඒ ගැන.හැමෝම කතා වෙනවානම් ඇයි මට බැරි.එයාලා ඒක පිලිගන්නවනම් ඇයි මට බැරි!!!.

ඇයි මටම මෙහෙම වෙන්නෙ.....

මම එහෙම්මම ඔලුව කකුල් දෙකට ගහගෙන ඇස් පියාගත්තා.

.

.

.

.

මම ඔලුව උස්සලා බලද්දි හොදටම කරුවල වෙලා.මන් හිතන්නෙ මට පැයක් විතර හොදට නින්ද ගිහින් වගේ.6.30 ටත් කිට්ටුයි.මම ඉක්මනට නැගිටලා එලියෙ ලයිට් ටික දාලා වැලෙ තිබ්බ රෙදි ටිකත් අරන්, ඇතුල⁣ට ගිහින් දොරවල් ඔක්කොම වහගෙන ඇදට ගියා.හවස වෙච්ච දේ හින්දා ඔලුවත් හොදටම බර වෙලා රිදෙන නිසා මම ඉක්මන තිබ්බ ⁣පෙනඩෝල් දෙකක් එක පිම්මට බීලා දැම්මා.පස්සෙ ඇදට ගිහින් පෝන් එක ගත්තම තමා දැක්කෙ වෙනුකයා ගෙන් msg එකක් ඇවිත් කියලා.

"උබ අවුල් ගන්න එපා බම්.ආදිට ටිකක් තරහා ගිහින්.
උබත් ඉතින් මරු වැඩනෙ කරන්නෙ ඒකේක ගෑනු එක්ක එහෙම ඒවා කියන්න ගියේ මොන පක#ට කියාම්කො.ඔක්කොම අවුල් උනා අන්තිමට.ආදිත් කිව්වලු ශේන්ට හරි අවුලක් නැ කියපු ඒවා වල ඒවා ඇත්ත තමයි කියලා හැබැයි එහෙමයි කියලා අපිව නිකන් හොද නැති මිනිස්සු ගානට දාන්න උබට බැ කිව්වලු.ගගා උබට බැනලා හොදටම.මට තේරෙන්නැ ඔව්වා.උබ අවුල් ගන්න එපා මන් ශේප් කරන්නම් කොහොමහරි මෙයාලා.හෙට අනිවාරෙන් ඉවෙන්ට් එකට වරෙන් හොදේ......."

වෙනුකයාගෙ දිග msg එක කියවලා එහෙම්ම පෝන් එක ඇදට විසි කරලා මම කල්පනා කරේ මන් කරපු වැරැද්ද ගැන.මන් මොන දේ කරත් මම හිතන දෙයක් තමා නැ මම වැරදි නැ මම හරි කියලා.මෙතනත් මම එහෙමයි.ඒ මගේ.එකේකාට තරහා යන්න තරම් දෙයක් මෙතන උනේ නැනෙ.ආකාශා මට දේවල් ටිකක් කිව්වා මම අහන් හිටියා පස්සෙ මමත් කතා කරලා තිබ්බා.අනික ඉතින් මුලු ස්⁣කොලෙම දන්න දේවල් මොකද මෙච්චර මේ අමුතු දේවල් කරන් කෑ ගහන්නෙ.අනික ඔකුන් තුන්දෙනා කරන හරිවක් එකේක ඒවා කරන්නෙ ස්කොලෙ ඇතුලදිමයි නම් පස්සෙ ලමයි ඇහුවාම උන්ම පිලිගන්නවනාම් මොකක්ද ඕකෙ ඔචිචර තියන මැජික් එක.අනික ඇයි මට එහෙම?මම නෙවෙයි වැඩි හරියක්ම කිව්වෙ ආකාශා එයාට බනින්න එපැයි....ඇයි මටම කියවන්නෙ.හිතන්න ඇති මම පාඩුවෙ ඉන්න නිසා මට කෑගහලා මෙතන ෆිල්ම් එකක් කරන්න.පිස්සු හුත්#ක්.....

මන් දන්නැ ඇයි මට මෙච්චර තරහා යන්නෙ කියලා,ඒත් මට තරහයි....හරිම තරහයි....

මහන්සියට ද දුකට ද මන්දා මට එහෙම්ම නිදා ගියා.පස්සෙ උදේ නැගිට්ටහම තමා මතක් උනේ ඉවෙන්ට් එක ගැන.

"දෙයියනෙ.....අමතක උනානෙ ඒක." ලොකු අවුලක් උනේ නැත්තෙ මට ලෑස්ති වෙන්න එච්චර කාලයක් තිබ්බෙ නැතත් මට වෙලාවට එතනට යාගන්න බැරි වෙන එකක් නැති වෙයි කියලා හිතපු නිසා.කැඩෙට් යුනිෆෝම් ඔක්කොම මම හොදලා අයන් කරලා එහෙම වෙනම අරන් තියලා තියන නිසා මට වැඩේ තවත් ඉක්මන් උනා.

එතකොට තමා මතක් උනේ ඊයේ ආකාශා කිව්වා පුලුවන් උනොත් රෑ එනවා කියලා ඒත් ආවෙ නැනෙ....ෂුවර් එකට පන්ති ඇරිලා මහන්සිත් නිසා එහෙම්ම ගෙදර යන්න ඇති.

ලෑස්ති වෙලා ඉවර උන ගමන් මන් තිබ්බ ජැකට් එහෙකුත් දාගෙන ආවා පාරට බස් එකට නගින්න.කොහොමත් මම කැඩෙට් යුනිෆෝම් එක ඇන්දොත් බස් එකෙදි ජැකට් එක දාගන්නවා.කුනු මොනවහරි ගෑවුනොත් කියලා බයට.මොකද මට ඕනේ හොද නීට් එකටම මගේ යුනිෆෝම් එක තියාගන්න.මම ඉතින් බස් එකට නැග්ග වෙලෙ ඉදන් වටේ මිනිස්සු මන් දිහා බලනවා බලනවා ඉවරයක් නැ....මැජික්ද දන්නැ අප්පාහ්.....

කොහොම හරි මට පස්සෙ මතක් උනේ....අද බස් එකට ආදිත්වත් ශේන්වත් මිචෙල්වත් කවුරුත් මගදි නැග්ගෙ නැ.කොහොමත් මම බයෙන් හිටියා මන් කොහොමද  මුන දෙන්නෙ කියලා හිත හිත පස්සෙ එයාලා අද නැති හින්දා මට පට්ට සහනයක් ලැබුනෙ.මොකද මට ඕන්නැ උදේ පාන්දර පෙෂර් වැඩි කරගන්න.

ඔය කිව්වට මට ෂුවර් අද ත්‍රිබල අනිවාරෙන් ම එයි ස්කොලෙ.....කාර් වල හරි උන්ගෙ...මම නම් ඊයේ රෑ ම හිතාගත්තා ආයෙ මූනවත් බලන්නැති බව කාගෙවත්.

මන් ස්කෝලෙට යද්දිත් වෙනදා වගේ නෙවෙයි ලමයි ගොඩක් කඩිසරයි අද.එහෙට දුවනවා මෙහෙට දුවනවා...අතුගානවා,ඒ අස්සෙ ඉන්දියාවෙ නිලියෝ ටිකක් බැහැලා කියාම්කො මේක අස්සට අද.....අහ්!!
නැ නැ ඒ අපේ ටීචර්ස්ලා ටික,අම්මෝ අද හැඩ.

අපේ කො⁣ල්ලෝ ටිකත් කහ කුරුල්ලෝ ටික වගේ සැරසිලා මන් දැක්කා ඉන්නවා ස්ටේජ් එක ගාවට.මමත් එතනට ගියාම තමා බෑග් එක තියලා ජැකට් එක ගැලැව්වෙ.

හැරෙන්න උනේ නැ ඉතින් විසිල් එක ගැහුව නිසා අපි ඉක්මනට ගිහින් ස්ටේජ් එකට පොඩ්ඩක් එහාට වෙන්න පෝලිම් උනා.Wepon එකත් අරන්.



අද ස්කෝලෙ ශිෂ්‍යනායකයෝ එහෙම ඇදලා හිටියෙ ස්කූල් යුනිෆෝම් එකට සුදු කෝට් එක එතකොට ක්‍රිඩා කරන සෙට් එක ඇදන් හිටියෙ ස්කූල් යුනිෆෝම් එකට කලු කෝට් එක.ඒ වගේද ඉතින් අපි සෙරමොනියම් යුනිෆෝම් එක නීට් එකට ඇදලා කහ කුරුල්ලෝ ටික වගේ හිටියේ.

"කණ්ඩය සීරුවෙන් සිටින්!!"
"තුන් පෙලින් දකුණ බලා දකුණට හැරෙන්!!!"
"දකුණින් පෙල........ගමනේ යා...."

දකුණට හැරිලා ටීම් එකම එක ගානට අත් ඇදලා ලස්සනට කෙලින් ඉස්සරහ බලාගෙන ගමනේ ගියා.ගමනේ යනවත් එක්කම ඉස්සර ඉදලා මේ පැත්තට එන්නෙ ස්කෝලෙ යුනිෆෝම් එකට කලු ⁣කෝට් එක දාපු කොල්ලෝ තුන් දෙනෙක් වෙන කවුද ඉතින් ආදිත්ලා තමා.තුන් දෙනාම ඉතින් වට පිට නොබල හෙන ගැම්මෙන් ස්කෝලෙට ආවේ අද දවස කොහොමත් එයාලගෙ දවස වගේ තමා නිසා.

ඉස්සරහටම සෙට් ⁣වෙනවා කියලා ඉතින් මම දුවන්න ඕනෙ නැනෙ.මමත් කෙලින් බලාගෙන ගමනේ ගියා.

"ආපසු හැරෙන්......"

අම්මෝ හොද වෙලාවට සර් ආපසු හරවපු නිසා අපි ආයෙත් අනිත් පැත්ත හැරිලා ගමනේ ගිහින් නැවතුනා.එතකොටම තමා අපි දැක්කේ ගර්ල්ස් ටීම් එකත් ඒ ස්කෝලෙ ටීච කෙනෙක් එක්ක ලස්සන පෝලිමට එනවා.

අ⁣ම්මෝ අද වෙන මොනවා නැතත් මේකෙ ඉන්න උන්ට හොදට නගී වගේ....දැන්ම ඉදන්ම කොල්ලෝ පිස්සු වැටිලා වගේ බලන් ඉන්නවා.

ගර්ල්ස් ටීම් එකත් අපෙ එහාපැත්තෙන් ඇවිත් පෝලිම් උනා.මම ඉතින් හිමීට එබිලා බැලුවෙ ආකාශා දිහා....මේකිට හෙන ලැජ්ජයි ඉතින්,අපිත් එහෙම තමා ඉතින් මුලින්ම යුනිෆෝම් අදිද්දි.මන් ආකාශාත් එක්ක හිනා වෙලා ආයෙ හිමිට⁣ කෙලින් වෙලා සීරුවට ආවා.



දහය වෙද්දි විතර අපිට කරන්න තිබ්බ වැඩ කොටස අවසන් උනා.ඔක්කොටම ගමනෙ ගිහින් ආචාර කරලා අරවා මේවා කරලා අන්තිමට අපි ශේප් එකේ ඔක්කොම එකට සෙට් වෙලා පැත්තකට වෙලා හිටියා.

"කියෙව්වට ඔය ඇදන් තියෙන්නෙ හොදට යුනිෆෝම් එක"

"මම අදුරන අක්කා කෙනෙක්ගෙ ගෙදර ගියා උදේ පාන්දර අනේ.....කොහෙද මට ඊයෙ එන්නත් හිතයි ඒත් අර කට්ටිටය හිටියනෙ"

"එයාලා රෑ හිටියෙ නැ"

"ඇයි ඒ...."

"දන්නැ ආකාශා ගියා එයාලා" මම ඒක කිව්වෙ ඈත තියන මහ විසාල කුඹුක් ගහ දිහා බලාගෙන.

"හරි හරි ඒකට අවුලක් නැ අහපන්කො දැන් උබ අර මොන සංග්‍රහ ද ඉන්නවනෙ නේද?"

"හම්මට ඔව්නේ.......අයියෝ මට ඔක්කොම අමතක වෙනවා අප්පා...අඩෝ වෙනුකයා ගිහින්ද කොහෙදෝ මාත් යනවා....බන් "

"හරි හරි ඉක්මනට යනවා"

මම ⁣මැක්ස් එකට යද්දිත් වෙනුකයා හෝ ගාලා වැඩ.සංග්‍රහ කරන්නෙ ඔක්කොම කෑම මේස හදලා තියෙන්නෙ මැක්ස් එකේ.ඩෙස් ඔක්කොම එකට ලං කරලා රෙද්දලක් දාලා තිබ්බෙ මමත් ගිහින් වෙනුකත් එක්ක වෙනුකයා තියන තියන පිගානට කේක් බිස්කට් අරවා මේවා තියලා හදලා ගත්තා.

වෙනුකයා සාමන්‍ය විදිහට මාත් එක්ක හිනා වෙලා කතා කරලා හිටිය නිසා මමත් එහෙම්ම හිටියා.

"ළමයි හරිද හරිද.....ඉක්මනට රෙඩි කරන්න දැන් තව පොඩ්ඩකින් අජිත් සර්ගෙ කතාව ඉවර උන ගමන් කෙලින්ම ආරාධිත අමුත්තෝ එක්ක එන්නෙ මෙතනට."

එහෙම ඇවිත් අපි කරන වැඩ තවත් ඉක්මන් කරේ අපේ ඉස්කෝලෙ සෞඛ්‍යය උගන්නන ටිකක් තරුන ව⁣යසෙ ඉන්න මනෝජ් සර්.

______________________________________












ආදිත්!!

Continue Reading

You'll Also Like

179K 3.7K 46
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
25.2K 450 30
(DISCONTINUED) [Feel free to read. I made a rewrite of this book, sorry for doing this and enjoy the story😊 Its under the same name!] What happens w...
1M 40.2K 93
𝗟𝗼𝘃𝗶𝗻𝗴 𝗵𝗲𝗿 𝘄𝗮𝘀 𝗹𝗶𝗸𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 𝗳𝗶𝗿𝗲, 𝗹𝘂𝗰𝗸𝗶𝗹𝘆 𝗳𝗼𝗿 𝗵𝗲𝗿, 𝗔𝗻𝘁𝗮𝗿𝗲𝘀 𝗹𝗼𝘃𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 �...
1M 62.4K 119
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...