Shhh... ( Complete )

By geethma16

1.6K 297 131

Don't trust too much.... Don't love too much.... Don't hope too much.... Because that "too much" can hurt you... More

Introduction
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Last Chapter ❤

Chapter 24

43 8 0
By geethma16

.............

  ඔප්පා.. ප්‍රොමිස් වෙනවා මං ජි වොනා බලන්නවා..
 
  මුලින් ඔයා ගැන බලා ගන්න කියපු ජින් ඔප්පා මට ඔරවලා ගියෙ ජූන් ඉන්න පැත්තට... ඒ එක්ක ම..

  ඒරා... අප්පා කියද්දි මං බැලුවෙ අප්පා දිහා..

  අප්පා... මං කියද්දි අප්පා මාව එක්කගෙන ගියෙ රූම් එකට.. මගෙ රූම් එක තාමත් ඒ විදිහටම තියේ...

  අප්පා මේක..

  හ්ම්... ඇයි අපි ව බය කරේ ආහ්.. මේ තරම් කාලයක්.. ඔම්මයි අප්පයි ගැන දුක හිතුනේ නැද්ද...

  අ..අනී.. මි..මියානෙ අප්පා.. මට මතක් වුණා.. හැමදාම... මෙහෙම එන්න ඕනි වුණේ නෑ.. මං කිව්වෙ ඇස් වලට කදුළු පිරෙද්දි..

  ඒරා ඔයා කොහොම මගෙ ළගට ආවත් ඔයා තාමත් මගෙ දුව.. මගෙ පණ..

  අ..අප්පා.. මං කිව්වෙ අප්පව බදා ගන්න ගමන්..

  මගෙ මැනිකට ගොඩක් රිදෙන්න ඇති නේද.. මියානේ අප්පට ඔයාව පරිස්සම් කරන්න බැරි වුණා..

  අනී.. මම .. මම නිසයි මේක වුණේ.. මියානේ ඔම්මයි අප්පයි බය කරාට.. ඔම්මා හොදින්ද අප්පා..

  අපි යමු ඔම්මා බලන්න..

  ඒත් මෙහෙම..

  තව කල් ඉන්න එපා ඒරා.. ඔම්මා අසනීපෙන් ඉන්නේ...

   හ්ම්.. අප්පා මේ කොන්ඩෙත් සුදු වෙලා.. අපි කලර් කරමු ද ආහ්.. මං කිව්වෙ අප්පගෙ කොණ්ඩේ අතින් එහෙ මෙහෙ කරන ගමන්..

  දැන් ඔයාගෙ අප්පා වයසයි..

  අනී.. මගෙ අප්පා වයස නෑ..

  හ්ම්.. දැන් නම් ඔම්මා දැක්කොත් ආස හිතෙයි..

  එක තැනක ඉන්න නිසා ද.. 😒

  අනී.. බලන්නකො ගවුම් ඇදලා කොණ්ඩෙත් දිගට වවලා ආහ්.. තව ලස්සන වෙලා මගෙ චූටි කෙල්ල..

  අප්පා ඔම්මා එයා වගෙ ම බෑනා කෙනෙක් හොයා ගත්තෙ කොහොමද ...

   ඒ ඔයාගෙ ඔම්මනේ.. එකයි.. නම්ජුන් ඔයාව පරිස්සමින් බලාගෙන..

  අනී.. එයා මට කරදර කරා..

  ම්ව්..වෝ..

  දේ.. මේ මං එපා කියද්දි දිග ගවුම් අන්දනවා.. මේ කොණ්ඩේ කපන්න දෙන්නෙත් නෑ.. එයා මා එක්ක තරහා වෙලා ඉදියේ.. කතා කරෙත් නෑ..

   චිංචා.. ඒත් ඉතිං මගෙ ප්‍රින්සස් ලස්සනයි මෙහෙම..

ඔව් ඒත් ඉතිං ආයෙම සනිප වුණාම මේවා හරියන්නෙ නෑනේ මං කියන්නේ..

ඇත්ත ද..ආහ්.. දැන් මට කියන්න එතකොට ඔයා කවද්ද රෙඩ් රෝස් වුණේ..

  ආ..හ්ම්..හ්.. මේ..

  ඒරා.. අප්පා කියද්දි මං හිනාවක් දැම්මා..

  අප්පා මාව අල්ලගෙන ඇදෙන් ඉද ගත්තා.. දැන් මට චුට්ටක් ඇවිදලා යන්න පුලුවන් ඉතිං ජූන් වඩාගෙන ගියාට..

  ඉතිං කියන්න..

  අහ්.. ඒකද.. ජන්ග්කුක්ට ළමයි වගයක් කරදර කරා..

  ඉතිං..

  මං ගැහුවා එයාලට..

  ඉස්කොලෙ යන කොටද..

  ඕ.. හයි ස්කූල් එකෙ දි..

  හ්ම්.. ඉතිං රෙඩ් රෝස් වුණෙ..

  එදා මම ෆයිට් කරද්දි ජින් ඔප්පත් ආවා උදව්වට.. මං ඔප්පගෙ ගැන්ග් එක හදන්න උදව් කරා..
 
  හ්ම්..

  ඉතිං අප්පා මට මගෙ රෝස මල කියලා කතා කරනවනේ.. ඉතිං ජින් ඔප්පා රෙඩ් මූන් නිසා මං රෙඩ් රෝස් කියලා දා ගත්තා.. පස්සෙ මං අතින් මැරුණ හැමෝටම මං ගානේ රතු රෝස මලක් දුන්නා.. 😁

  ඇයි.. ඔයා මේ වැඩ කරේ ආහ්.. මේක හොද ලෝකයක් නෙවෙයි බබා..

  මං දන්නවා අප්පා.. මගෙ ආදරේ කරන අයව මං ආරක්ෂා කරන්න ඕනිනේ.. 😌

  මගෙ දග කෙල්ල.. දැන් ඉදන් ඒ වැඩ නවත්තන්න..

  අ..අප්පා.. ☹️

  මේ දේවල් ඇති ඒරා.. ඔයාට ඉස්සරහට දුක් වෙන්න වුණොත්.. හ්ම්.. ඔයා දැන් වගකිමක් ගන්න ඕනි වයසෙ ඉන්නේ..

  අප්පා කියන්නෙ ජූන් ගැන ද.. බය වෙන්න එපා එයා මට වඩා දරුණුයි .. දැක්කෙ නැද්ද ඒ මනුස්සයා බෙහෙත් වලින්ම මරලා.. මාත් ඒ වැඩේ කරලා බලන්න ඕනි.. 😁

  ඒරා...

   ඕ... 😁

  එතකොට තායිලන්ඩ් වලදි මාත් එක්ක ෆයිට් කරේ මං කියලා දැනගෙන ද..

  ඕ... 😌

  එදා මං අතින් තුවාල වුණා ඔයාට..

  අයියෝ අප්පා ඒක චූටි එකක්නේ.. ඔයිට වඩා තුවාල වෙලා තියෙ කුකිටයි මටයි.. 😌

  පණ්ඩිත කෙල්ල.. අප්පා මගෙ නහය මිරිකන ගමන්..

  Two days later...

  අහ්.. ජූන් මේක දිගයිනේ... වෙන එකක්... අහ්..

  ඒරා... මේ කබඩ් එකට තියෙන දිගම ගවුම ඕක.. දිග කිව්වට දණිස්සටත් වඩා අඟලක් කොටයි ඕම දිග නම් දිග ඒවට කියන්නෙ මොකද්ද... ජුන් ඇහුවෙ මගෙ කබඩ් ඒ තියෙන ඇදුම් දිහා බලන ගමන්.. ඔව් ඉතිං මෙකෙ තියෙන්නෙ මගෙ කලින් ඇදුම්නේ..

Long කියලා... 😌

ඒරා.. 😑

අහ්.. හරි හරි එහෙනම් අදිමුකෝ... මං කිව්වෙ ජූන් මට රවපු නිසා..

ජූන්...

හ්ම්...

ජින් ඔප්පයි ආරායි ඉස්සරහට මොනා කරයිද.. ඒක නම් හිතුවට වඩා වෙනස් පාරක යන කතාවක් වගෙ..

මං දැන් වුණත් කැමති නෑ ආරා එහෙ ඉන්නවට.. ඔයා කිව්ව නිසා කැමති වුණේ..

එහෙම කියන්න එපා ජිනූ හොදයි...

බලමුකො ආරාගෙ කැමැත්තට තමා මං ඉඩ දෙන්නේ.. කියපු ජූන් මගෙ ගවුම හදලා wheelchair එකෙන් ඉන්දෙව්වා...

  ජුන් මාව එක්කගෙන ඉස්සරහට යද්දි අප්පා එක්ක කතා කර කර ඉදපු ජී වොන් මං දිහා බලලා අහක බලා ගත්තා..

දැන් ඔයා මා එක්ක තරහ ද...

මං ඔයාව දන්නෙ නෑ..

අසනීපෙන් ඉන්න කෙනෙක්ට මෙහෙම කරන්න හොද නෑ...මට තියෙන්නෙ දුර්වල හදවතක්.. 😪

අනේ ඔයාගෙ දුර්වල හදවත.. මෝඩි...

මේ ඔය ඉන්නේ චූටි ප්‍රින්සස් කෙනෙක් ද ප්‍රින්ස් කෙනෙක් ද..

ඒ ඉන්නෙ මගෙ ඒන්ජල් ... ජිමින් මං අහපු එකට උත්තර දුන්නා..

මං වගෙ ලස්සන කෙල්ලෙක් වෙයි.. 😌

අනේ ඔයාගෙ ලස්සන... ජින් ඔප්පා ඇතුළට එන ගමන් කියද්දි ආරා...

ඔප්පා..ජ්...ජනා...ධි..ප..ති..තුමා 😳 පුදුමෙන් කියද්දි අප්පා...

කොහොමද ...

ම්...හ්...ඇ...ඇයි ම්...මේ මෙහේ...

ඔන්නි මේ මගෙ සම්චොන්... ඒරා ඔන්නිගෙ අප්පා.. ඔයා දන්නෙ නැද්ද...

ඔ...ඔන්නි ගෙ... 😳

මං ඔයාට කිව්වනේ මාව අවතක්සේරු කරන්න එපා කියලා.. 😌

අනේ ඔයාගෙ අවතක්සේරුව.. 😒 අපි දෙන්නා තරහයි...

ඇයි යාලු වුණේ..

  ආයෙ තරහයි.. ඔයා මට බොරු කිව්වා..

ඇයි මේ ළමයා.. අසනීපෙන් ද.. අප්පා ඇහුවෙ ආරා දිහා බලන ගමන්.. එතකොටම ජින් ඔප්පා..

ශැඩෝ වෙඩි තියලා.. 😏

මොකද්ද.. අප්පා ඇහුවා..

ශැඩෝ... ඒ ගමන කොහෙවත් ඉන්න මනුස්සයෙක් අල්ල ගත්ත ද... කියපු ආරා තනියම wheelchair එකත් තල්ලු කරගෙන ජුන් ළගට ගියෙ ජින් ඔප්පට ඔරවලා... ජින්  ඔප්පා ජිමින් ළඟින් ඉද ගනිද්දි මං..

යාහ් ආරා.. ඕකෙන් බැහැලා ඇවිදිනවකෝ.. මං මේ නැගිට ගන්න බැරුව ඉන්නවා.. මෙයා එකේ යනවා.. 😒

මට බෑ...

පුලුවන් ඔයා උත්සාහ කරන්නෙ නෑ.. මං මේ දිග ගවුම් ඇදගෙන දුක් විදිනවා.. 😪

ඕක දිග හොද දිග.. ආරා හිනා වෙලා කිව්වා.. ඒ අතරේ ජූන් මාව උස්සලා අරගෙන අප්පා ගාවින් තියලා ආරා ළගට යද්දි ජින් ඔප්පා...

ජී වොනා අපි යමු ද...

එයා කොහෙ යන්න ද ඉන්නේ මා එක්ක...

කවුද කිව්වේ.. ජී වොන් අපි යමු...

නෑ එයා මෙහෙ ඉන්නේ.. අප්පයි ජින් ඔප්පයි රණ්ඩු වෙන්න ගනිද්දි මෙච්චර දවසක් රහසක් විදිහට තිබ්බ දේ මගෙ කටින් එළියට පැන්නා...

ආහ්... අප්පයි පුතයි ආයෙම පටන් ගත්ත ද රණ්ඩුව...

මොකද්ද .. 🤨 ජින් ඔප්පා අහද්දි අප්පා....

කොහොමද දන්නේ.. 🤨

අ...ආහ්.. මේ..ජූන් මං හිතන්නේ මං...

ඔහොම ඉන්න මොකද ඒ කිව්වෙ ඒරා.. ජින් ඔප්පා සැරෙන් අහද්දි අප්පා..

ඒරා මං දෙයක් ඇහුවා..

අ..අ.අහ්.. මේ.. ම්..මං.. මේ මට අප්පගෙ ඩයරි එක හම්බුණානේ.. මං හොරෙන් අප්පා දිහා බලන ගමන් කියද්දි ජිනූ...

මොකක් ගැන ද කියන්නේ... ඒරා කියන්න.. 🤨

ම්...මේ මේ ඉන්නේ.. ඔ..ඔයාගෙ ඇත්ත අප්පා... මං තොල කොනින් හපාගෙන කියද්දි ජී වොන් ජිමින් ආරා තුන්දෙනාම මං දිහා බැලුවා..

මොන විහිලුවක් ද ඒරා මේ.. ඔයාගෙ ඔලුව වැදුණ ද කොහෙ හරි ... ජිනු අහද්දි අප්පා නැගිටලා කාමරේට ගියා..

නෑ ඇත්ත අප්පගෙ ඩයරි එකේ තිබ්බේ..

මොනා ද.. 🤨

අ..අහ් මේ.. ඔයා අප්පගෙන් අහන්නකෝ.. මං කියන එක හරි නෑනේ.. 👉👈

ඔප්පා... ජි වොන් කියද්දි ජින් ඔප්පා...

මට ඔය විකාර අහන්න ඕනි නෑ.. මං කොහොමද එයාගෙ පුතා වෙන්නේ පිස්සු කියවන්න එපා... ජී වොන් ජිමින් අපි යමු..

එහෙම කියන්න එපා ජිනු ඔයා දන්නවද අප්පා ඇයි Mr. Kim ව මැරුවෙ නැත්තේ කියලා.. ජී වොන් ට කියපු හේතුව ඇරෙන්න තව එකක් තිබ්බ අප්පට..

මොකද්ද ...

අප්පා එක්ක කතා කරලා අහන්න ජින් ඔප්පා.. මං හිතන්නේ අප්පා ළඟ ඔයාට කියන්න දෙයක් ඇති...

මට ඕනි නෑ...

ඔප්පා... අහලා බලන්න..

ජී වොන්..

ඒක බොරුවක් වුණත් ඇත්ත නම් සම්චොන්ට දුක ඇතිනේ...

ජී වොන්...

ඔප්පා ... එක පාරක්.. හ්ම්... ජී වොන් කියද්දි ජින් ඔප්පා අප්පගෙ කාමරෙ පැත්තට ගියා..

ඔන්නි මොකද්ද ඒ කතාව...

ඒක අප්පගෙ රහසක් ජි වොනා.. ම්..මේ.. ජින් ඔප්පා කියන්නෙ මගෙ ඔප්පා.. මං ඔයාට ඉස්සර කිව්වෙ විහිලුවට නෙවෙයි... ඒක ඇත්ත..

එ..එතකොට අප්පා ඒක දැනගෙන ඉදියෙ නැද්ද.. ජිවොන් අහද්දි මං ලාවට හිනා වෙලා ..

මං හිතන්නෙ ඒක නොදැන ඉන්න වුණ එක වෙන්න ඇති කිම් අජුස්සිට ලැබුණ දඩුවම..

  ඒ කිව්වේ.. ජිමින් අහද්දි මං.

තමන්ගෙ පුතා කියලා තමන්ගෙ තරහාකාරයගෙම ළමයා හදා ගත්ත එක ම දඩුවමක් නෙවෙයි ද.. අප්පාගෙන් බලෙන් ගත්ත හැමදේම එයාට ආයෙම දෙන්න වුණේ මගෙ අප්පගෙ පුතාටමනේ..

  එ..එ කියන්නේ ආරා ඔන්නි ඔයා ජනාධිපතිගෙ ලේලි නෙහ්.. ජී වොන් කිව්වත් ආරාගෙ මූණෙ කිසිම සතුටක් තිබුණේ නෑ.. ටිකකින් අප්පා පහළට ඇවිත් කතාවක් නැතුව යන්නම ගියා.. ඊට ටික වෙලාවකට පස්සෙ ජින් ඔප්පා පහළට එන ගමන්..

ඔප්පා...

හ්ම්..

ගෙදර යනවද... ජී වොන් අහද්දි ඔප්පා...

ඔයයි ජිමිනුයි කැමති දෙයක් කරන්න..

හේ හේ ලව්... ඔන්න අල්ල ගන්න... කියන ගමන් මං අතේ තිබුණ ඇපල් ගෙඩියක් ඔප්පගෙ පැත්තට විසි කරේ ඔප්පගෙ මූඩ් එක හරි නැති නිසා....

ඒරා.. මොකද ඔය.. ජුන් කියද්දි ඒරා..

අහ්.. ඔයා මට සැර දානවා.. ☹️ ජින් ඔප්පා බලන්නකෝ...

ඔය දෙන්නගෙ රණ්ඩු මට කියන්න එපා.. ජින් ඔප්පා හිනාවක් දාලා කිව්වත් ඒක බොරු හිනාවක්..

මගෙ ඔප්පට නොකියා වෙන කාට කියන්න ද.. ඒ ජී වොන් දැක්කනේ එයා මගෙ ඔප්පා.. 😌

ඔප්පා... ඔයා සම්චොන් එක්ක තරහ ද..

තරහා වෙන්න අපි දෙන්නා යාලු වෙලා ඉදියේත් නෑනේ ජී වොනා නේද..

ඒක ඇත්ත.. මේ කු කූ තරහා වෙලා යාලු කරලා දෙන්නකෝ.. මං කියද්දි ජිමින්..

ඔය කුක්කා තරහා වුණාට මොකද.. ජී වොන් එයා ඔයා එක්ක ආත්ම ගානක් තරහා වෙනවා නම් ඒක තමා මගෙ සතුට..

අනේ මගෙ ඊරිසියාකාරයා... ජී වොන් ජිමින්ගෙ කම්මුලක් මිරිකලා කියද්දි ජින් ඔප්පා....

මං යනවා ආරා යමු...

ම...මට බෑ..

මොකද්ද ... 🤨

ම්...මට බෑ... ම්..මං ඔප්පා මං කැනඩා යනවා ප්ලීස්.. මට මෙහෙ ඉන්න බෑ... කියපු ආරා wheelchair එකත් තල්ලු කරගෙන kitchen එක පැත්තට යද්දි ජුන් ජින් ඔප්පා දිහා බැලුවා....

ඔ...ඔන්නි ඉන්න.. කියන ගමන් ජී වොන් ආරා පස්සෙන් යන්න හදනවත් එක්ක ම ජින් ඔප්පා...

ජී වොන් ඉන්න.. එයාට කැමති දේ එයා කරයි... කියලා යන්න ගියා..

ඔ..ඔප්පා....

ජීනූ....  මං කිව්වත් ඔප්පා එළියට ගියා.. ඒ කියන්නෙ මේක මෙහෙමද ඉවර කරන්න හදන්නෙ එයාලා...

ඒ දෙන්නා ඇයි එක පාරටම... ජිම්න් අහද්දි ජි වොන්..

එතකොට ඔන්නි යනව ද... එතකොට...

ඒක එයාලට තීරණය කරන්න දෙන්න ජී වොන්.. ඒ ප්‍රශ්නෙදි අපිට මොකුත් කරන්න බෑ.. මං කිව්වෙ මටත් කරන්න දෙයක් නැති නිසා..

  ජි වොන් ජිමින් එක්ක දවස් දෙක තුනක් මෙහෙ ඉදලා ආපහු ගියා... ජින් ඔප්පත් ආයෙම ආරාව හොයා ගෙන ආවෙ නැති නිසා ජූන් ආරා එක්ක කැනඩා ගියා.. මම වීල්චෙයාර් එක තල්ලු කරගෙන ගියෙ තනියම ගාර්ඩ්න් එකට වෙලා කල්පනා කර කර ඉදපු අප්පා ළගට..

  අප්පා..

  ඒරා.. සීතලයි යමු ඇතු..

  අනී.. අප්පා එක්ක මෙහෙම ඉමු.. මං කිව්වෙ වීල්චෙයාර් එකෙන් නැගිටින්න හදන ගමන්.. අප්පා මට උදව් කරපු නිසා වැටෙන්නෙ නැතිව බේරුණා..

  තනියම යන්න එපා වැටෙයි..

  අප්පා ඉන්නවනේ මාව අල්ල ගන්න..  මං කිව්වෙ අප්පගෙ උරහිසෙන් ඔලුව තියා ගන්න ගමන්..

  හ්ම්ම්.. අපි හෙට යන්න ලෑස්ති ද..

  ඕ.. ඔම්මාට කිව්වෙ නෑ නේද..

  නෑ.. ඔයා එපා කිව්වනේ..

  ඕ.. අපි සර්ප්‍රයිස් කරමු...

  හ්ම්ම්... ඔම්මා බය වෙයි ද දන්නෙ නෑ..

  මං නම් හිතන්නෙ නෑ.. ඒක නෙවෙයි අප්පා..

  හ්ම්..

  මං දෙයක් අහන්න ද..

   මොකද්ද .. ඩයරි එකෙ තිබ්බෙ නැද්ද ඒක... අප්පා හිනා වෙවි ඇහුවා..

  මියාන්.. කියෙව්වට.. 😁

  කමක් නෑ.. මොකද්ද දැන් මගෙ ඒරාට තියෙන ප්‍රශ්නේ..

  අප්පා.. ජින් ඔප්පාව හම්බෙන්න කියලා දැන ගන්නකොට අප්පා මැරි කරලා ඉදියෙ නෑ නේද..

  නෑ.. ඇයි..

  එතකොට මං කොහොමද ඔප්පගෙ වයස වුණේ.. 🤔

  මේ කෙල්ලට තියෙන ප්‍රශ්න ආහ්.. අප්පා මගෙ නහය මිරිකන ගමන් කිව්වා...

  නෑ අප්පා ඉතිං මං ඩොක්ටර් කෙනෙක්නේ.. මං ඒක කොච්චර හිතුවත් ඒක.. ඉන්න.. බැරි වෙලාවත් මං අප්පගෙ නෙවෙයි ද..

  යාහ්හ්...ඒරා... ඔම්මා ඉන්න තැන එහෙම ඕවා කියලා මට එහෙම බේර ගන්න කියන්න එපා..

  ඉතිං ඇත්තනේ නැත්තම් කොහොමද ..

  යේ වොන්.. ජින් ගෙ ඔම්මා මට වෙන කෙනෙක් ව මැරි කරන්න කියලා කිව්වත් මං කාවවත් මැරි කරේ නෑ.. ඒත් ජින් ගැන දැන ගත්ත ම ඒ රිපෝර්ට් වෙනස් කරලා ඒ හැම දෙයක් ම බලා ගත්තේ ඔයාගෙ ඔම්මා.. ඒඔන්.. එඔන් කියන්නෙ මගෙ හොදම යාලුවෙක්.. අනිත් අයගෙ ඔය ඩයරි කියවන පුරුද්ද ඔයාට ආවෙ මගෙන් කියලා මං පිළිගන්නවා..

  ඇයි..

  මොකද යේ වොන් මං ළගට එන්න නෑ කියලා තීරණේ කරලා මට වෙන කෙනෙක් ව මැරි කරන්න කියද්දියි මට හම්බුණේ එඔන් ගෙ ඩයරි එක.. මින් යුන්ගි කියන්නෙ එයාගෙ ඒක පාර්ශ්වික ආදරේ කියලා මං දැන ගත්තෙ එදා.. එයා වගෙ හිත හොද දග කෙල්ලෙක් මට හම්බෙලා තිබුණ නැති නිසා මං එඔන්ට ප්‍රොපෝස් කරා...

  ඔහ්.. චිංචා.. තේබක්.. හැබැයි අප්පා මං නම් හිතන්නෙ මං ගොඩක් ඔයා වගෙ තමා..

  ඇයි...

  මට එහෙම ඒක පාර්ශ්වික ආදරයක් තිබිලා නෑනේ.. ඔම්මට වගෙ.. 🙄

  එතකොට නම්ජුන් ...

  එ... එයා ආදරේ කිව්වට පස්සෙ මං කැමති වුණේ..

  ඒත්.. නම්ජුන් කිව්වෙ නම් ඔයා කිව්වා කියලා..

  ම්..ම්..මොන බොරු ද එයා ඉස්සෙල්ලම කිව්වේ.. අහ්.. හරි හරි කෝ.. අර මං ප්‍රශ්නේට උත්තරේ..

  ඉතිං මැරි කරාම හම්බුණා..

  ඒම වෙන්න බෑනේ අප්පා..එහෙනම් මං අවුරුද්දක්වත් බාල වෙන්න ඔනි.. මෙතන එහෙම වෙලා නෑනේ..

  ඩොක්ටර් කෙනෙක් වුණෙ කොහොමද ඇත්තටම ආහ්හ්.. ඔයාගෙ ඔම්මගෙ ආදරේට වටිනාකමක් මං දුන්න නිසා තමා ඔයා හම්බුණේ.. ඒත් ඔයා කලින් ආවනේ..

  ඇහ්..

  දග කෙල්ල කියන්නෙ නිකන් ද ආහ්හ්.. මං හිතුවෙ ඔම්මට මොනා හරි වෙයි කියලා..
 
  අහ්හ්.. කලින් කියන්න එපෑ.. අමතක වුණානේ ඒක.. 😁  මං හිනාවක් දාලා කියද්දි අප්පා මාව බදා ගත්තා..

  අප්පා ඉතිං ජනාධිපති වුණාම කොහොමද වැඩ..

  මං ආව වැඩෙ දැන් ඉවරයි ඒරා.. මේ ලබන අවුරුද්දේ මං අයින් වෙනවා..

  ඇයි..

  දැන් ඇති.. මගෙ දුව දැන් ඉන්නවනේ.. දැන් මෙ හැමදේම මං අතෑරලා ඔම්මා එක්ක ඉන්න ඔනි...

  ඕ... ඒ ආදරේ..

  දේ.. ඉක්මනට මාව හරබොජි කෙනෙක් කරන්න අරස්සෝ..

  ඒ ගැන බය වෙන්න එපා අප්පා.. ඔයාගෙ දුව නේ මං... මං ඇහැක් ගහන ගමන් කිව්වා..

  ඊළග දවසේ උදේ ම මං අප්පයි අජුස්සි එක්ක ස්විඩන් ගියා.. එයාපොර්ට් එකෙ ඉදන් ගෙදරට එනකම්ම ඔම්මා කෝල් කරත් අපි කවුරුත් ම ආන්ස්වර් කරේ නෑ..

  මම අප්පා එක්ක ඇතුළට යනවත් එක්ක ම..

  කෝල් කරා ම ආන්ස්වර් කරන්න බැරි ද දන්නෙ නෑ.. ඔම්මා තනියම බැන බැන ඉන්නවා ඇහුණ නිසා මමයි අප්පයි හිනා වෙවි..

  Mrs. Min කාට ද බනින්නේ..

  ආහ්හ්.. ආව ද.. කෝල් කරා ම ආන්ස්වර් කරන්න බැරි ද.. ආහ්.. ඔම්මා අප්පටයි මටයි බැන ගෙන ගියා.. ඉන්න.. ඔම්මා පුදුම වෙන්න එපෑ.. ඇයි බනින්නෙ .. මාව පේන්නෙ නැද්ද එයාට..

  ඔම්මා.. මං කතා කරත් ඔම්මා..

  මොකද .. අප්පත් එකයි දුවත් එකයි.. කියන ගමන් ඔම්මා කිචන් එකට ගියෙ අප්පයි මමයි මූණට මූණ බලද්දි..

  ඔම්මා ඔයාට මාව දැකලා සතුටු නැද්ද..

  සතුටු.. මොකට ද..

  ඔ..ම්මා.. මේ මං ඒරා.. ඔයාගෙ දුව.

  මං දන්නවා ඉතිං..

  ඔම්මා මං ආවා.. මේ..

  මට පේනවා..

  ඔ..ම්මා.. ඔයා.. මං බලන් ඉදියේ ඔම්මා දිහා.. එයාට කිසි ගානක් නෑනේ.. ඒ කොහොමද ..

  ඔයාලා ආව ද...

  ජ්..ජූන්... මං කිව්වෙ දොරට හේත්තු වෙලා ඉදපු ජුන් දිහා බලලා..

  හ්ම්...

  කොයි වෙලේ ද ආවේ.. අනී ඔයා ඔම්මට කිව්වද..

  ඕ..

  ඇයි ..

  ඇයි... ඇයි කියන්න එපා ද ආහ්.. අප්පයි දුවයි දැන ගත්ත ම ඇති ද.. ඔම්මා සැරෙන් ඇහුවා..

ආ...අනී මං .. මං ඔම්මව සප්‍රයිස් කරන්න.. හැදුවේ... එ... ජූන් ඇයි ඔයා කිව්වේ..

  පනිශ්මන්ට් ..

  ම්වෝ.. ?

  මං එපා කිව්ව දේවල් කරාට පනිශ්මන්ට් .. 😌

  යාඅහ්හ්හ්හ්හ්හ්හ්... අප්පා මං මේ මනුස්සයව මරනවා..  මං තරහින් කෑ ගැහුවා.. නෑ කෑ ගැහුනා.. එයා කොහොමද එහෙම කරේ මගෙ වැඩ වලට මැද්දෙන් පනින්න එයා කවුද..😤

  මොකද්ද කියන්නේ ආහ්..

  මම ඔයාව සප්‍රයිස් කරන්නනේ හැදුවේ.. ඔයා මොකට ද ඒක කලින් කිව්වෙ ආහ්.. යනවා යන්න ... මං තරහින් කියලා ආවේ සාලෙට.. ඒ මදිවට ජුන් මට කට කොනින් හිනාවකුත් දැම්මා...

ඒරා දැන් කමක් නෑ.. හ්ම්...

  නෑ.. යන්න අප්පා.. ඔයත් එකයි ඔම්මත් එකයි.. කවුරුත් එපා මට... අජුස්සි.. මගෙ කාමරේට යමු.. මං කියද්දි ජුන් මගෙ ළගට ඇවිත්..

  මං..

  ඕනි නෑ යනවා යන්න..එන්න එපා.. කතා කරන්න එපා මා එක්ක.. මං කිව්වෙ ජූන්ව තල්ලු කරන ගමන්.. අජූස්සි මාව කාමරේට එක්කගෙන ඇවිත් ඇද උඩින් ඉන්දෙව්වා..

  බේබි...

  හ්ම්..

  තරහා ගන්න එපා.. නම්ජුන් බේබි..

  එපා එයා ගැන මා එක්ක කියන්න ඕනි නෑ මට.. ආයෙ කතා කරන්නෙ නෑ මං..

  ඒත් බේබි ව බලා ගත්තෙ එයානේ...

  එ...ඒක වෙනයි මේක වෙනයි.. මං කිව්වෙ අත් දෙකත් හරහට බැදගෙන..

  දේ දේ.. අජුස්සි හිනා වෙලා කියලා යන්න ගියේ මගෙ හැටි දන්න නිසාමයි..

  තරහා වැඩි නිසා මං ඇදෙන හාන්සි වෙලා ඇස් දෙක පියා ගත්තෙ නිදාගන්න හිතාගෙන නෙවෙයි වුණත් කොයි වෙලේ ද දන්නෙ නෑ මට නින්ද ගිහින්.. කවුරු හරි මගෙ ඔලුව අත ගානවා දැනුනත් ජූන් වෙන්න ඇති කියලා මට හිතුන නිසා මං..

  ඔය අත ගන්න මං ළගට එන්න එපා.. මෝඩයා..

  ඔයා මට ද මෝඩයා කිව්වේ..

  ඔ..ඔම්මා.. අනිත් පැත්ත හැරිලා ඉදපු මං ඔම්මගෙ පැත්තට හැරුණ පාරට කොන්ද මොකක් හරි වුණා..

ආහ්..

  ඔය ළමයෝ දගලන්නේ.. තාම සනිප නෑ නේද..

අ..අනී දැන් මට හොදයි..

  ඇත්ත ද.. එහෙනම් අරකේ ආවේ මොකට ද ආහ්..

  නිකන්.. අනික ඔම්මට දැන් ලොකු මාව නෙවෙයිනේ.. 😒

  ඔව්.. මට ඔයා ලොකු නෑ.. 😌

ඔ..ම්මා ... මං සැරෙන් කෑ ගැහුවත් ඒකට මට දුක හිතුනා..

  ඔයා තාම මගෙ චූටි කෙල්ල.. අරස්සෝ..

  ඔම්මා..

  අවුරුදු හතක් තිස්සෙ මං බලන් ඉදියා ඔයා එනකම් ඒරා..

  ඔ..ඔම්මා දැනන් ඉදිය ද..

අනි.. මං දැන ගත්තේ ඊයේ රෑ නම්ජුන් කිව්වම..

  එහෙනම්..

  මගෙ කෙල්ල එහෙම ලේසියෙන් මාව දාලා යන්නෙ නෑ කියලා මං විශ්වාස කරා.. හැමදාම ඔයාවයි අප්පවයි ආරක්ෂා කරන්න කියලා මං ප්‍රාර්ථනා කරා.. කවුරු මොනා කිව්වත් ඔයා ඒ විදිහට මැරෙන්නෙ නෑ කියලා මට විශ්වාසයක් තිබුණා..

  මං මැරුණා නම්... මං කියද්දි ඔම්මා මට ගැහුවා.. ආව්...

  ආව්ව්.. මොනා ද කියන කතා අහ්.. ඔම්මයි අප්පයි කොච්චර දුක් වුණා ද.. ඔයාට එහෙම වෙඩි තියනවා මගෙ ඇස් දෙකෙන් ම දකිද්දි.. කාර් එකක් පුපුරලා යනකොට..

  ඔම්මා.. මියාන්...

  හ්ම්.. ඒවා අමතක කරමු.. ආයෙ එහෙම කොහෙ හරි යන්නකො බලන්න.. කකුල් කඩනවා මං..

කඩන්න දෙයක් නෑ කැඩිලා තියෙන්නෙ..

සනීප වෙයි නේ..

නැතුව... මට කොච්චර වැඩ තියෙ ද කරන්න.. මගෙ කුකී යාළු කර ගන්නත් ඔනි...

  ඒ ළමයට දැන්වත් නිදහසෙ ඉන්න දෙන්න..

  ම්වෝ.. ඇයි මං ඇවිදින්න ගියොත් ආයෙ එන්නෙ නැති වෙයි කියලා බය ද..

  දේ.. දේ.. ඔම්මා කියනවත් එක්ක ම..

ඔමොනි බය වෙන්න එපා මං ළඟ ඒකට බෙහෙත් තියේ.. ජුන් කාමරේට එන ගමන් කියද්දි මං ජූන්ට රැව්වා..

  යනවා මගෙ කාමරේට එන්න එපා.. මං කියද්දි ඔම්මා හිනා වෙවි යන්න ගියා..

  ඔයා කොහොමද මට යන්න කියන්නේ.. යන්නෙ නෑ.. ජුන් මට ඇද කරලා කියද්දි මං..

එහෙනම් මං යන්නම්.. කියලා නැගිටින්න හදනවත් එක්කම ජූන් ඉන්ජෙක්ෂන් එකක් පෙන්නන ගමන්..

  ගිහින් බලන්න..

  යාහ්හ්.. එපා මං ගහනවා හොදේ..

  මට ..ගහලා බලන්න.. 😏 කියන ගමන් ජූන් මං ළගට ආවා..

  අ...අප්පාහ්හ්...

  ඔයා කෑ ගැහුවට බේර ගන්න අප්පා ගෙදර නෑ..

  ජ්..ජූන් ගහනවා එපා හොදේ..

  ගහන්න..

  යනවා මෝඩයෝ යන්න.. ඕක ගැහුවම රිදෙනවා..

  බොරු කියන්න එපා හිරි වැටෙනවා විතරයි..

  ඒක රිදෙනවා.. අනික එතකොට මට හෙලවෙන්නවත් බෑ...

  ඒකනේ ගහන්නේ..😏
 
  යාහ්හ්හ්හ්.. යනවා... මං ජූන්ව තල්ලු කරන ගමන් කියද්දි ජූන් මාවත් පෙරළගෙන ඇද උඩට ආවා..

  යන්නෙ නෑ..😏 මොකො කියන්නෙ එදා බර්ත් ඩේ පාර්ටි එකෙ ඉතුරු ටික කන්ටිනියු කරමු ද..

  ම්..මොනා කරන්න ද.. යන්න.. මං තරහයි.. ඔ..ඔයාට් ඕඕ...

  ෂ්ස්ස්....🤫 කෑ ගැහුවොත් ගොඩක් රිදෙයි.. කියන ගමන් ජූන් මගෙ තොල් වලට ලං වුණා...

.......................................................................
Author pov.

  අප්පා...

  හ්ම්... නැගිට්ට ද... යුන්ගි ඇහුවේ ඉස්සරහට ආව ඒරා දිහා බලන ගමන්..

අප්පා.. මේ මනුස්සයාට යන්න කියන්න.. 😒

මොකද වුණේ.. යුන්ගි හිනා වෙවි අහද්දි ඒරා නම්ජුන්ට ඔරවන ගමන් ..

  මේ මනුස්සය මට ඉන්ජෙක්ෂන් විදිනවා.. මට නැගිටින්න බැරි වෙන්න..

  හොදයිනේ..

  ඔම්මාහ්හ්හ්... අප්පා බලන්නකෝ... ඒරා කෑ ගැහුවේ එඔන් නම්ජුන්ගෙ පැත්ත ගත්ත නිසා.. නම්ජුන් හොරෙන් හිනා වෙවි ඒරා දිහා බලන් ඉන්න අතරේ යුන්ගි..

  නම්ජුන් එහෙම කරා ද..

  අහන්න දෙයක් නෑ අප්පා කරා..  ඒරා අත් දෙකත් හරහට බැදගෙන කියද්දි යුන්ගි හිනා වෙලා..
 
  මොකද කරන්නේ එහෙනම් ඔයා කියන්නකෝ.. අත් දෙක කපමු ද.. ඒරාගෙන් රහසින් අහද්දි ඒරා..

  හොද අදහසක්.. ඒත් එතකොට මට මැරි කරන්න වෙන්නෙ අත් නැති කෙනෙක් නේ..

  එහෙනම් මොකො කරන්නේ..

  එයාටත් විදිමු ද.. ඒරා අහද්දි ඒඔන්..

  නම්ජුන්ට අතක් හරි තිබ්බොත් ඔය දෙන්නා ඔයාලගෙ අත් දෙක මං කඩන්නෙ අරස්සෝ..

  ඔම්මා මට වඩා ආදරේ එයාට.. ඒරා තරහින් කියද්දි එඔන්..

   දේ.. ඒ ළමයා මං කියන දේ අහලා ඉන්න හරි හොද වැදගත් ළමයෙක්..

  වෙන නැත්තම්.. ඒරා කියද්දි යුන්ගි..

  හරි හරි අපි දෙන්නා කොහෙ හරි යමු ද..

  චිංචා... අපි දෙන්නා විතරයි හොදේ.. අනිත් දෙන්නා ඔනි නෑ.. 😒
 
  යන්න ඉතිං අපිට මොකො.. එඔන් කිව්වෙ නම්ජුන් එක්ක යන ගමන්..

Time passed..
@ Stockholm
 
ඔහ්.. ගොඩ කාලෙකින්... ඒරා වටපිට බලන ගමන් කියද්දි..

කොහෙද යන්නේ මුලින් ම..

ම්.. අප්පටයි මටයි ගැලපෙන තැනට යමු.. 😌

හ්ම්ම්.. යමුකෝ.. යුන්ගි කිව්වෙ හිනා වෙලා කාර් එක ඩ්‍රයිව් කරන ගමන්..

  බබා...

  ඕ..
 
  දැන් ඇත්තට ම ද නම්ජුන් එක්ක තරහා වෙලා ඉන්නේ..

  ඔව්... නැතුව

  ඒත් ඊයේ රෑ දෙන්නා හිනා වෙනවා ඇහුණනේ..

  එ..එඒඑ.. ඊට පස්සෙ තරහා වුණේ..

  නම්ජුන් හොද හස්බන්ඩ් කෙනෙක් වෙයි කියලා මං හිතුවේ.. එහෙනම් ඔයාව බලා ගන්න හොද කෙනෙක් ව හොයා ගමු...හ්ම්.. මං දන්න..

  අ..අනී නම්ජුන් හොදයි...

  දැන් තරහයි කිව්වේ..

  තරහයි.. ඒත් එයා හොදයි.. 🙄

  ඒත් මං කැමති නෑ..

  ඇයි.. ඒරා ඉක්මනට යුන්ගි දිහා බලන ගමන් ඇහුවා..

  එයා ඔයාව හොදට බලාගෙන නෑ බලන්න කෙට්ටු වෙලා..

  අ..අනී අප්පා... එයා හොදයි.. මාව බලා ගත්තා.. එයා තමයි අප්පා හැමදේම කරේ.. අප්පා දන්නව ද එයාට මාව මුලින් ම.. නෑ මං හිතන්නෙ මට එයාව හම්බුණේ මං තුවාල වෙලා ඉද්දි..

ම්වෝ..
 
  දේ.. මං කිව්වා එයාව මරනවා කියලා.. ඒත් එයා මට බෙහෙත් දැම්මා.. ඉස්සර මමයි කුකි එයා අකමැති නිසා මුහුදු පැලෑටි සුප් බොන්න එයාව එක්කගෙන ගියා.. ඒරා හිනා වෙවි කියද්දි යුන්ගි..

  ඔයා බොන්නෙ නෑනේ ඒවා..

  ඕ.. පස්සෙ වමනේ දාපු එක වෙන එකක්.. තව අප්පා අර මමයි අජුස්සි යන්නෙ ඌරු බොකු තියෙන්නේ..

  අහ්.. ඉතිං.. යුන්ගි අප්පිරියාවෙන් වගෙ කියද්දි ඒරා හිනා වෙලා..

  නම්ජුනුයි ජින් ඔප්පවයි එක්කගෙන ගිහින් කුකි මමයි කරපු වැඩ දන්නෙ නෑනේ..😅

  හ්ම්.. ඔයා නම් ඔම්මා වගෙම තමා.. එයාත් මාව ඔය අමුතු කෑම කඩවල් අස්සෙ එක්කගෙන යනවා...

  අමුතු නෑ හොදයි.. ආහ්.. අප්පා දන්නව ද..

  මොකද්ද...

  ජින් ඔප්පා අප්පා වගෙ.. එයත් ආස නෑ ඒවට.. ජුනීගෙ ඇගටම වමනේ දැම්මා මාෆියා ලීඩර් වුණාට...😅

  ජන්ග්කුක් එක්ක හොද වැඩක් කරේ කවද්ද ඔයා අහ්.. යුන්ගි අහද්දි කල්පනා කරපු ඒරා යුන්ගි දිහා බලලා හිනාවක් දැම්මා...

  යුන්ගිගෙ කාර් එක The Royal Palace එකට ආවා.. ඒරාව වීල්චෙයාර් එකෙ තියාගෙන යුන්ගි ඒරා එක්ක ඇතුළට ගියා...

  අප්පා අර ප්ලේස් එක අප්පටයි මටයි නෙවෙයිද ගැලපෙන්නෙ.. ඒරා රජ පුටුව පෙන්නන ගමන් කියද්දි යුන්ගි..

  දේ... මගෙ ප්‍රින්සස්නේ ඔයා..

  අ..අප්පා..

  හ්ම්...

  අර කපල් එක බලන්නකෝ.. ඒරා කිව්වෙ ඊට එහායින් යුන්ගි ඒරා දෙන්නව දැක්කෙ නෑ වගෙ ඉදපු එඔන් ජූන් දෙන්නව පෙන්න ගමන්...

අප්පා..

  හ්ම්..

  එයාලා එහෙම නම් අපිත් එහෙම ඉමු.. ඒරා කියද්දි යුන්ගිත් ඔලුව වනලා එඔන් ජුන් දැක්කෙ නෑ වගෙ ඒ දෙන්නා ළඟින් යන්න ගියා..

   යුන්ගි ඒරා එක්ක එළියට ආවේ සෙනග ටිකක් වැඩි නිසා.. ඒ එක්ක ම යුන්ගි ට එක දිගට කෝල් ආවත් යුන්ගි ආන්ස්වර් කරපු නැති නිසා ඒරා..

  අප්පා ආන්ස්වර් කරන්න ඒකට..

  අනී.. මං අද ඔයත් එක්ක ඉන්නවා කියලා පොරොන්දු වුණානේ..

  කමක් නෑ හදිසි වැඩක් වෙන්න ඇති..

  එහෙනම් මෙතන ඉන්නකො.. හ්ම්.. කියපු යුන්ගි සෙනග නැති හෙවන තැනක් බලලා වීල්චෙයාර් එක තියලා යුන්ගි අඩි දෙක තුනක් එහාට යන ගමන් කෝල් එක ආන්ස්වර් කරා..

  " දැක්කෙ නෑ වගෙ ගියා නෙහ්.. බලාගමුකෝ.. ඉන්නවකෝ මං ඉක්මනට නැගිටලා ළගට ඇවිල්ලා සුම් සුම් කියලා වැටෙන්න ගහන්නේ.. " ඒරා නම්ජුන් ව මතක් කරන ගමන් හිතුවා..

  ඒරාගෙ හිතට ආව අදහසක් නිසා ඒරා හෙමින් සැරේ වීල්චෙයාර් එකෙන් නැගිට්ටේ හිත හයිය කරගෙන..

  ඔ..හ්.. මට පුලුවන් .. දෙ.. මං මින් ඒරා නේ.. ආහ්.. ඒත් වෙව්ලනවා වගේ.. අනී.. අනි මට පුලුවන් .. තමන්ට කිය ගත්ත ඒරා අමාරුවෙන් අඩියක් ඉස්සරහට තියලා ඇවිද්දා..

  අඩි දෙක තුනක් බයෙන් බයෙන් ඇවිදපු ඒරා හිනා වෙලා ඊළග අඩිය ඉස්සරහට තියනවත් එක්ක ම...
.
.
.
.
.
.
.
මතු සම්බන්ධයි ❤️

Continue Reading

You'll Also Like

1.1M 44.7K 51
Being a single dad is difficult. Being a Formula 1 driver is also tricky. Charles Leclerc is living both situations and it's hard, especially since h...
2.2M 115K 64
↳ ❝ [ INSANITY ] ❞ ━ yandere alastor x fem! reader ┕ 𝐈𝐧 𝐰𝐡𝐢𝐜𝐡, (y/n) dies and for some strange reason, reincarnates as a ...
26.9K 4K 21
⚠️don't copy, republish, publishing ss in any social media without the author's permission.. A marriage that happened suddenly‌ .. Will the bond bet...
4.4K 730 6
පුංචි කාලේ ඉදන් ඔම්මගේ අප්පගේ ආදරේ ලග හැදිලා තමන්ගේ ජීවිතේ වීරයා වුන අප්පගේ වෙනස් වීම හමුවේ පුන්චි දූ ලෝකේ ඉන්න පිරිමි ගැන කොහොම හිතයිද?.ඒ හිතට යලි ප...