මම කැස්බෑවෙක් වූ හැටි..✅

By zara-N1111

17.5K 3.3K 4.2K

Zhan and Yibo ..A close to real life fan fiction 💚❤️ ලස්සනම ලස්සන ආදරයක් ඇස් වලින්ම දුටු සාක්ෂිකාරයෙක් වුන... More

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
ඔයා කැස්බෑවෙක් වුන හැටි.. ??
52
53
55
56 - the end
❤️💚
❤️💚

54

218 46 112
By zara-N1111


වර්තමානය.

Xiao Zhan

"Xiao zhan,  වැඩිය දැගලුවේ නැත්නම් නුවණට හුරුයි..
මොකද ඔයාගෙ wang yibo දැන් ඉන්නෙ අපි ලගයි.."

මාව අල්ලා ගත්ත ඒ මිනිස්සුන්ගෙන් එක්කෙනෙක් කිව්වම මාව ගල් ගැහිලා ගියා. කවුරු වුනත් මුන් මං ගැනයි යිබෝ ගැනයි දන්නවා. යිබෝ දවල් වෙලා රයන් එක්ක හදිසියේ කොහෙද ගියානෙ. කොහෙද මම කාගෙන්වත් කෝල්ස් එන එක නවත්වන්න ෆෝන් එක ඕෆ් කලානෙ.
අනේ .යිබෝ කෝල් කලාද කියලා දන්නෙත් නෑ. එයා හොදින්ද!! මුන් කවුද!!

" දගලන්නෙ කෑගහන්නෙ නැතුව හිටියොත් මහත්තයාටවත්  , wang yibo ටවත් කිසිම කරදරයක් වෙන්නෙ නෑ.

දැන් නම් කොහොමවත් කෑගහන්න බෑ. කට වටෙත් මොකක් හරි බැන්දා.
අත් දෙකයි, කටයි, ඇස් දෙකයි ඔක්කොම බැදලා.
එක්කෙනෙක් මගේ අත් දෙක තව ටිකක් තදකලා..

" හා හා පරිස්සමෙන් .." තව එකෙක් කියනවා ඇහෙනවා.

" ඔව්. වැඩිය තද කරන්න එපා.."

මුන් මොන වගේ මංකොල්ලකාරයොද?? මොන වගේ Kidnappersලද??

මට යිබෝ ගැනත් බයයි. මොනව උනත් මෙතන නුවණට හුරු දේ උන් කියන විදිහට ඉන්න එක කියලා මට තේරෙනවා. කොහොමත් දැන් නම් මට ඕන උනත් දගලන්න බෑ අත් ගැට ගහලා තියෙන හැටියට .
එතන උන් කීදෙනෙක්ද දන්නෙ නෑ . දැනුන හැටියට 4 ක් 5 ක් ඉන්නවා වගේ..

මගේ සෙකියුරිටි ඔෆිසර්ස්ලාට මොනව උනාද?? උන්ගෙන් යුවාන් බාගෙකවත් වැඩක් තියෙනවද?? මොකටද මම මුන්ට පඩි ගෙවන්නෙ..??

" හොදයි xiao zhan .. දිගටම ඇවිදගෙන යමු . අපි guide කරන්නම්.."
උන් දෙන්නෙක් මගෙ දෙපැත්තෙන් අල්ලාගෙන . වැඩි දුරක් ඇවිදින්න උනේ නෑ.
මට දැනුන හැටියට මාව කාමරයක් ඇතුලට දාලා දොර වැහුවා.

ඊලගට මගේ ඇස් සහ කට බැදපු රෙදි කෑලි උන් අයින් කලා. ඔව් මම ඉන්නෙ කාමරයක් ඇතුලෙ. මේ Gouce Beijin conference center එකේ රූම් එකක් වෙන්න ඕන. Ground floor එකේ. පාකින් එක ලගම එකක්. වැඩිදුරක් ආවෙ නෑනෙ.

" අත් දෙක දැන්ම ලිහන්න බෑ xiao zhan මහත්තයා.. "

කතා කලේ රූම් එක ඇතුලෙ හිටිය මිනිස්සු දෙන්නාගෙන් ප්‍රධානීයා වගේ පේන එක්කෙනා. අතේ තුවක්කුවකුත් තිබුනා. කෝ අනික් අය. ?

" අනික් අය දොරෙන් එහා පැත්තෙ ඉන්නවා. කලබල කරන්න එපා.."
මගේ සිතුවිලි තේරුම් ගත්තා වගේ ඒ මනුස්සයා කිව්වා.

" උඹලා මොනවද කරන්නෙ?? කෝ යිබෝ ?? "

" wang yibo ට කරදරයක් නෑ. බය වෙන්න එපා. අපි කිව්වෙ බොරු. එයා අපි ලග නෑ.."

" මොකටද මනුස්සයෝ මාව මෙහෙම අරන් ආවෙ?? මට යිබෝට කෝල් කරන්න ඕන."

ඒ මනුස්සයා මුකුත් කිව්වෙ නැතුව බිත්තියේ සවි කරල තිබුන ටීවී එක ලගට ගියා.

" මම කිව්වනෙ යිබෝට කෝල් කරන්න ඕන කියලා .. මගේ අත් දෙක ලිහපන්.."

එතන බිත්ති ඔර්ලෝසුවේ වෙලාව රෑ 7.00 යි.
මගෙ media conference එක පටන් ගන්න ඕන මේ වෙලාවට.

" මගේ media conference එක .!! ඒක 7 ට පටන් ගන්න තිබුනෙ..!! "

" බය වෙන්න එපා.. මාධ්‍ය සාකච්ඡාව පැවැත්වෙයි. "

" මොකක්?? "

ඒ මනුස්සයා ටීවී එක ඔන් කලා.
" ඔබතුමාට බලන්න පුළුවන් ඒකේ ලයිව් රෙකෝඩින් එක.."

මොකක්ද මේ වෙන්නෙ..?? මම හිටියේ මුකුත්ම හිතා ගන්න බැරුව.
ටීවී තිරයෙන් පෙනුනේ හැම ආසනයක්ම පිරී ඇති conference room එක...

ඊලගට ..
මගේ හුස්ම හිරවුනේ මාධ්‍ය සාකච්ඡාව conduct කරන මේසයට  ඇවිත් වාඩිවුන අය දැකලා..
දෙයියෝ සාක්කි. මේ මොකක් වෙන්නද යන්නෙ..!!

.....................❤️💚.................

2022 අගෝස්තු
රයන්

අගෝස්තු 5 උදා උනා ..
යිබෝගෙ 25 වෙනි උපන්දිනය. අද zhan යිබෝ දෙන්නා එක තැන නම් නෙවෙයි. ඒකමයි පහුගිය දවස් වල zhan hangzhou ගිහින් යිබෝව බලලා ආවේ. Zhan zhan මේ දවස් වල where the dreams began ඩ්‍රාමා එකේ ශූටින් . යිබෝ sdc5 වල වැඩ. තව දවස් කීපයකින් දෙන්නා කොහොම හරි උපන්දිනේ සමරාවි. මොකද ලගදි zhan ගෙ ඩ්‍රාමා එකේ ශූටින් ඉවර වෙනවා.

අද ඉතින් හැමෝම බලාහිටියේ යිබෝ මොනව හරි විශේෂ දෙයක් පෝස්ට් කරයි කියලා . ඒත් යිබෝ කලේ රෑ 12.00 ට online ඇවිල්ලා , වෙයිබෝ එකෙන් automatically දාන happy birthday banner එක delete කරලා දාන එක තමයි .
ඒ වෙලාවෙ අපේ zhan බොසුත් ඔන්ලයින් ඇවිත් කියලා හැමෝටම පෙනුනා. රෑ 11.45 ට එයාගෙ personal account එකේ තිබුන පෝස්ට් 915 .. රෑ 12.30 විතර වෙනකොට 916 ක් වෙලා..
ඒත් ඒ වැඩි උන පෝස්ට් එක මොකක්ද කියලා කාටවත් පේන්නෙ නැතිවෙන්න settings හදලා තිබුනේ..
හරියටම රෑ 12 වෙනකොට මොනව හරි ක්‍රමයකින් යිබෝට සුබ උපන්දිනක් ප්‍රාර්ථනා කරන එක බොස් හැමදාම කරන දෙයක්.

.....

2020 අවුරුද්දේ රූගත කරලා ඉවර කරපු being a hero 2022 අගෝස්තු 11 තමයි විකාශනය වෙන්න පටන් ගත්තෙ.
යිබෝ මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් නිලධාරියෙක් විදිහටනෙ රගපාන්නෙ ඒකේ. Chen yu තමයි එයාගෙ නම. හසිනි නම් කියන්නෙ යිබෝ chen yu විදිහට හරිම හොට් කියලා .. අනේ මන්දා ඕවා.

කොහොම හරි ඒක telecast වෙන දවස ගැන ශුවර් එකක් නැතුව එක එක කතා තිබුනානේ. අන්තිමට හදිසියේ වගේ තමයි අගෝස්තු 11 විකාශනය කරන්න ගත්තෙ. පලවෙනි දවසෙම එපිසෝඩ් හතරක්..

කට්ටිය දන්නවනෙ යිබෝ නම් zhan ඉදිරියට කරන්න වැඩ ගැන පනිවිඩ කුරුල්ලා වගේ පෝස්ට් දානවා කියලා .
ඊයේ අපේ බොසුත් ඒ වගේ වැඩක් කලා.

අගෝස්තු 10 එයා හදිසියේ douyin වීඩියෝ එකක් දැම්මා.
කලු පාට ටීශර්ට් එකයි කලිසමයි.. ඊට පස්සේ ඩෙනිම් ජැකට් එකකුත් ඇදන් .. හරියටම chen yu අදිනව වගේමයි. ඊට පස්සේ ඇගිලි හතරක් පෙන්නලා hand sign එකක් දැම්මෙ එපිසෝඩ් 4 ක්ම අද එන බව කියන්නද..

.......❤️💚.........

වර්තමානය.

රයන්

Gouce Beijin conference center එකේ මේ conference room එක අතුරු සිදුරු නැතුව පිරිලා.
කොහොමද xiao zhan effect එක!!
Zhan හදිසියේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනවා කිව්වම තියෙන උනන්දුව.!!

මම හිටියේ කණ්නාඩි කුට්ටමක් සහ face mask දාගෙන. මම XZ studio staff කියලා කවුරු හරි අදුනාගත්තොත් හරි නෑ. Face mask දාපු කෙල්ලෙක් මා ලගට ආවා. ඒ xin yi .

" හැමදේම හරි නේද රයන් ?? "
එයා හරිම nervous .

" ඔව් ඔව්..බය වෙන්න එපා.."
ඒ කිව්වට මාත් ලොකු ස්ට්‍රෙස් එකක හිටියේ .
Wu chang සහ liu min දෙන්නත් දැන් ලග ලගම එනවා..

Conference table එකට ඇවිත් හිදගත්ත කීප දෙනා දැකලා මාධ්‍ය ආයතන වලින් ආපු අය ඔක්කොම මූණට මූණ බලාගත්තා..ශාලාව පුරා නැගුනේ කසු කුසුවක්..

" xiao zhan නේද meeting එක කෝල් කලේ..??"

" ඇයි එහෙනම් මේගොල්ලො ආවේ  ?? "

අවසානයට ටේබල් එකට ඇවිත් වාඩිවුන මේ දවස් වල හොදටම කතාබහට ලක්වුන කඩවසම් තරුව දැක්කාම විශ්මයෙන් නැගෙන හඩවල් වලින් රූම් එක පිරුණා ..

" මට තේරෙනවා ඔයාලාගෙ පුදුමයට හේතුව. ඔයාලට එවපු message එකේ පොඩි mistake එකක් වෙලා. ඇත්තටම මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්න ඕන උනේ අපටයි.. ඒ කිව්වෙ yuehua entertainment company එකට. "

Yuehuwa president / CEO වන Du hua කියා සිටියා .

එයාගේ දකුණු අත පැත්තෙන් වාඩිවෙලා හිටියේ අර ෆොටෝ සිද්ධියෙන් පස්සෙ මාධ්‍ය වලට දකින්නට නොලැබුනු wang yibo ..

ඊලග පුටුවේ හිටිය එක්කෙනා නම් මාධ්‍යයට ඒතරම් පුරුදු කෙනෙක් නෙවෙයි. ඒ Beijin chaoyang hospital එකේ ඩිරෙක්‍ටර්.

" අපි සූදානම් අපේ company එකේ artist wang yibo ට පහුගිය දවස් වල එල්‍ල උන අභූත චෝදනා ගැන ඇත්තම තොරතුරු ඔබ හැමෝටම කියන්න.."

............❤️💚...........

වර්තමානය.

Xiao Zhan

තිරයේ සජීවීව දිස්වන මාධ්‍ය හමුව දිහා මම බලන් හිටියේ මාර  පුදුමයෙන්.
මේවා කවදා හොයාගත්ත කරුණුද?
අද හවස රයන් යිබෝ එක්ක හදිසියේ ගමනක් ගියා කිව්වෙ ඒකද??
ඒ එක්කම මට දැනුනේ කියාගන්න බැරි තරම් සහනයක් .. දෙවියනේ ..අර මෝඩ , පදනමක් නැති චෝදනා වලින් මගෙ කොල්ලා නිදහස්.

ඒ අතර මගෙ අත් දෙක බැදලා තිබුනු රෙදි පටියත් මේ මනුස්සයා ගලවලා දැම්මා .

" ඇත්තටම ඔයගොල්ලො කවුද?? ".
මම ඒ මනුස්සයාගෙන් ඇහුවා.

එයා මට සාක්කුවෙ තිබුන ID එකක් පෙන්නුවා.

" මම Beijin chaoyang hospital එකේ chief security officer.. අපි දෙන්නම එහෙන් ආවේ.."

" මොකක්!! මම මේක පොලීසියට පැමිණිලි කලොත් වෙන දේ දන්නෙ නැද්ද?? "
මම ඇහුවෙ කේන්තියෙන්

එයා මද සිනහවක් පෑවා.

" අපිට මේ ඩියුටි එක බාරදුන්න එක්කෙනා කිව්වා xiao zhan කවදාවත් මේක පොලීසියට පැමිණිලි කරන්නෙ නෑ කියලා.."

ඒකට නම් මටත් හිනා ගියා.
මට දැනටමත් තේරිලා තිබුනා හැබැයි කවුද මේ පිටිපස්සේ ඉන්න මහ මොලකාරයා කියලා ..

" අපේ හොස්පිට්ල් එකේ cctv දර්ශන වලින්නෙ ඒ ෆොටෝ එක එඩිට් කරලා තියෙන්නෙ. අපේම staff හිටපු කෙනෙක් මේකට සම්බන්ධයිනෙ. ඒත් wang yibo කිව්වා හොස්පිට්ල් එකට විරුද්ධව පැමිණිලි කරන්නෙත් නෑ කියලා. ඉතින් උදව්වක් ඉල්ලුවම ඉටු කරන එක අපේ යුතුකම"

" හොස්පිට්ල් එකෙන් ආවෙ ඔයාල දෙන්නා විතරද?? මට හතර පස් දෙනෙක් ඉන්නවා වගේ තේරුනානෙ.."

" ආ ඒ අනික් අය wang yibo ගෙ security එකෙන්. ඒ අයව xiao zhan අදුන ගනී කියලා තමයි අපි දෙන්නාටත් කතා කලේ.. "

අනේ ඇත්තට.. මෙහෙමත් ආදරවන්තයො ඉන්නවනෙ ලෝකෙ.

" අනික එන්න ඕන තැන වෙලාව ගැන අපිට හරියටම කිව්වෙ xiao zhan ගෙ security officers ල තමයි .."

Wait , What!!
මෙහෙමත් පාවා දීම් තියෙනවද!!
යිබෝගෙන්ම පඩි ඉල්ලා ගන්න කියන්න ඕන මුන්ට .

............❤️💚.......

වර්තමානය.

රයන්

සාක්ශි විදිහට cctv දර්ශන , හොස්පිට්ල් බිල් ඔක්කොම පෙන්වලා සාර්ථක විදිහට මාධ්‍ය හමුව අවසන් කලා. දැන් තියෙන්නෙ පොලීසියට අර kai min fen කියන බොරුකාරයාව අල්ලාගන්න තමයි.

අමුත්තන් දැන් පිටව ගිහින් .

" හැමදේම නූලෙන් බේරුනා නේද පොඩි බොස්..?"
මම ඇහුවේ යිබෝ ලගට ගිහින් . තව පොඩ්ඩෙන් zhan මාධ්‍ය සාකච්ඡා තියලා මොනවා කියයිද දන්නෙ නෑ.

".නූලෙන් බේරුනා නේන්නම් . දැන් මට විසදගන්න දෙයක් තියෙනවා ඔයාලගෙ බොස් xiao zhan එක්ක .."

............💚❤️..........

2018 අගෝස්තු

Xiao zhan

" ඔයාගෙ eye lashes හරි ලස්සනයි. "
මට හදිසියේම නෝට් උනදේ මම යිබෝට කිව්වා..
ඒක අහලා ලස්සන හිනාවුනු යිබෝට මුකුත් කියන්නවත් වෙලාවක් උනේ නෑ ..මේකප් ආර්ටිස්ට් බොක්ස් එකත් උස්සගෙන එනවා..

" කෝ ..ඔයාලා දෙන්නාගෙ මේකප් එක පොඩ්ඩක් හදමු.."

TU shooting වල එක සීන් එකක් ඉවර උනාම අනික් එකට කලින් අනිවාර්යයෙන්ම මේකප් එක fix කරන්න වෙනවා ආයෙත්.. ඒතරම් රස්නෙයි මේ දවස්. මේ වෙනකොට මම හිතන්නෙ අපි දෙන්නා ගැන crew එකේ හැමෝම දන්නවා.

" zhan zhan , මේ ඔයාගෙ දකුණු අතේ තියෙන සීරිම් කලේ ඔයා ලග ඉන්න එක්කෙනාද?? "

මගේ මුහුණේ මේකප් එක touch up කරන ගමන් makeup artist ඇහුවේ මම subian කඩුව අල්ලාගෙන ඉන්‍න අත දිහා බලලා..
අපේ සම්බන්ධය හංගන්න අමාරුම ජීව විශේෂයක් තමයි makeup artists ල කියන්නෙ .
Zhan zhan මේ බෙල්ලේ පැල්ලම නම් මදුරුවෙක් කාලා වෙන්න බෑ.. ..Zhan zhan ඔයාගෙ යටිතොල ඉදිමිලා..blah blah blah.. ප්‍රශ්න කෝටියයි..

මම ඉතින් මගේ දකුණු අත දිහා බැලුවා..

" ආ නෑ.. මේවා මගේ jianguo සීරුව ඒවා.. "
ඒ මගේ සුරතල් පූසනෙ.
මම මගේ වම් අතේ එච්චර ගැඹුරු නැති සීරීමක් මේකප් ආර්ටිස්ට්ට පෙන්නුවා..

" මේක නම් මෙයා හූරපු එකක් තමයි.."
මම කිව්වේ ඇස් කොනින් යිබෝව පෙන්වමින්..

" මොකක්ද කිව්වෙ xiao zhan ..ආ?? "
මේ තරම් වෙලා සද්ද නැතුව හිටිය යිබො කතා කලේ එයාගෙ bichen අසිපතින් මට ගහන ගමන්..
ඊට පස්සේ එයාගෙ අත යිබෝ මගේ මූණ ඉස්සරහට දික් කලා..

" මට ඇති jianguo කෙනෙකුත් නැ.. ඒත් මේ බලන්න මගේ අතේ තියෙන සීරීම් ගොඩ.."

............❤️💚.............

වර්තමානය.

Xiao zhan

මම හිටිය කාමරයේ දොර ඇරුනා..

මේ තරම් වෙලා හිටිය හොස්පිට්ල්  සෙකියුරිටි ඔෆිසර්ස්ලා දෙන්නා මටත් ආචාර කරලා , කාමරයට දැන් ආපු එක්කෙනාගෙනුත් සමු අරගෙන පිටත් වෙලා ගියා.

කාමරයට ආපු එක්කෙනා දොර වහලා ලොක් කලා.
එයා හිටියේ දොර ලග.
මම හිටියේ කාමරේ අනික් කොනේ..

" zhan ge.."

"මොකක්ද මෝඩයෝ මේ කරපු වැඩේ තේරුම?? "
මම ඇහුවේ තරහ තියෙන ප්‍රමාණයට වඩා  ටිකක් වැඩියෙන් පෙන්නලා ..

" එතකොට මොකක්ද ඔයා කරන්න හදපු වැඩේ තේරුම??"

" ඔයා දන්නෙ නෑනේ මම මීඩියා වලට කියන්න හැදුවෙ මොනවද කියලා "
මම කිව්වෙ ජයග්‍රාහී හඩින්..

යිබෝ එයාගෙ අර ප්‍රසිද්ධ කට කොනට නැගෙන හිනාව , smirk එක දැම්මා ..

" ඔයා හිතන්නෙ මම දන්‍නෙ නෑ කියලද?? "

එයා දොර ලග ඉදන් අඩියක් මගෙ පැත්තට ආවා..

" ඔයාගෙ ස්ටාෆ් එකටත් හොරෙන් .. මටත් නොකියා .. ෆෝන් එකත් ඕෆ් කරගෙන .. මාව බොරු චෝදනා වලට ඇරෙස්ට් කරන්න යන වෙලාවෙ .. ඔයා හදිසියේ මාධ්‍ය සාකච්ඡා තියලා කියන්න යන දේ මට හිතාගන්න පුළුවන් zhan ge..."

මම goldfish කෙනෙක් වගේ කට ඇරියා වැහුවා මිසක් , ගැලපෙන මුකුත් කියාගන්න බැරිවුනා..

" ඔයා හැදුවේ දුවන කෝච්චියට බෙල්ල තියන්න .. ඒ දවස් වල ඔයාව defend කරන්න public යන්නත් මට ඉඩ දුන්නෙ නැති ඔයා මේ මොකක්ද කරන්න හැදුවෙ?? ඒ ෆොටෝ එකේ මාත් එක්ක හිටියේ ඔයා කියලා කියන්න?? 
එහෙම කිව්වා නම් ඔයාට මොකද වෙන්නෙ xiao zhan ??"

මම එයාගෙ ඇස් දෙක දිහා කෙලින් බැලුවා. මාත් අඩියක් එයා පැත්තට ගියා..

" ඔයාව පොලීසියට ඇරෙස්ට් කරන්න ඉඩ දීලා මට නිකම් බලන් ඉන්න පුළුවන්ද,,?? නිකමට හරි police report එකක් වැදුනොත් වෙන දේ දන්නවනෙ . හැමෝම ඔයාව boycott කරයි.. ඔයාගෙ නිර්මාණ තහනම් වෙයි.. ඔයා දන්නව මෙහේ හැටි. C entertainment industry එකේ හැටි.. අනික මෙහේ police department එකේ හැටි ඔයා දන්නවනෙ. බොරු චෝදනාත් ඇත්ත වෙන්න පුළුවන් . එහෙම උනොත් වෙන දේ හිතාගන්නවත් පුළුවන්ද?? "

" ඒක නිසා ඔයා හිතුවා තමන්වම බිල්ලට දෙන්න?? "

" මම දන්නවා ඒක හොදම විසදුම නෙවෙයි කියලා ..ඒත් ඔයාට පොලීසියෙ නඩු යනවට වඩා අඩුවෙන් නරක ප්‍රතිපලයක් තියෙන දේ මම තෝර ගත්තා.
ඒකෙන් හැබැයි අපි දෙන්නගෙ සම්බන්ධය ඒගොල්ලො දැන ගනියි. ඒත් දැනටත් ඕක ප්‍රසිද්ධ රහසක්නෙ. අපි දෙන්නා යාලුයි කියලා අපිව boycott කරන්න , නිර්මාණ ban කරන්න කාටවත් බෑනෙ.. ඕනනම් ජනප්‍රියත්වය අඩුවෙයි.
ඒත් ඔයාව පොලීසියෙන් අරන් යනවට වඩා ඒක හොදයි.."

යිබෝ තව අඩියක් මා ලගට ආවා.
" ඒත් ඔයා මහා මෝඩ වැඩක් කරන්න ගියේ. ඒක පිලිගන්න zhan ge.."

මාත් එයා පැත්තට තව අඩියක් ආවා

" මෝඩ වැඩක් වෙන්න පුළුවන් . ඒත් ඔයාට කරදරක් වෙනකල් නිකම් බලාගෙන ඉන්නවා නම් මොන වගේ trash boyfriend කෙනෙක්ද මං ?? "

" කව්ද කියන්නෙ නිකම් බලන් ඉන්නවා කියලා ..?? "
එයා තව ටිකක් මගෙ පැත්තට ආවා..

" මගේ මෝඩම මෝඩ boyfriend .. ආයෙත් මා නිසා දුවන කෝච්චියකට පනින්න ගියොත් මම හොද වැඩක් කරනවා .. "

ඉබේම වගේ අපි දෙන්නා පියවරෙන් පියවර ඉදිරියට ඇවිත්

" මාව විශ්වාස කරගෙන හැමදාම මගේ ලග ඉන්න ඔයා තමයි මගෙ ලොකුම ශක්තිය zhan ge.."

දැන් අපි දෙන්නා හොදටම ලංවෙලා..
හුස්ම ගන්න එක ඇහෙන තරම් ලංවෙලා..
මගේ අත් එයාගෙ ඉන වටා සහ එයාගෙ අත් මගෙ බෙල්ල වටා ගියේ එක නිමේෂයකින්..
ඊලගට අපි දෙන්නා සිපගත්තා..
ගොඩක් බඩගින්නෙන් හිටිය දෙන්නෙක් වගේ.. උමතුවෙන් වගේ.. ලෝක විනාශය හෙටයි වගේ...
අපි දෙන්‍නා සිප ගත්තා..

...........💚❤️...............
වර්තමානය.

Xiao  zhan

අපි දෙන්නා එලියට යනකොට මේ ඉන්නෙ ද්‍රෝහියො සෙට් එක. මගෙ security officersලා..
ඊට පස්සේ රයන් , wu chang , liu min.. ඊලගට රහසක් රකින්න පුළුවන් කියලා හිතලා වැඩක් බාර දුන්න xin yi..
මම දැක්කා මුන් ඔක්කොම ටික media conference එකේ ඉන්නවා..
හැමෝටම පොඩි බොස් තමයි ලොකු..
මම අල්ලාගන්නම්කො හැමෝවම..

ඒත් මම දන්නවා උන් කල දේ හරි කියලා ..
තමන්ගේ බොස්ටත් වඩා බොස්ගෙ බෝයිෆ්‍රෙන්ඩ්ව විශ්වාස කල එක ගැන මම අද නම් ස්තූතිවන්ත වෙනවා..

" බොස් .."
මා ලගට ආවේ wu chang ..
" peng chao ඇවිත් බොස්ව හම්බවෙන්න .."

............❤️💚.........

To be continued ..

මේ පුංචි කතාව බලන ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි.
ගොඩක් ආදරෙයි .🥰🥰🥰🥰

Continue Reading

You'll Also Like

426K 16.3K 25
Tae and Jungkook have an arranged marriage, but was it really forced and did they actually like the news... however Jungkook isn't popular and gets a...
1.3M 31.9K 99
Hello... I'm doing a one-shot story, there's not much to say. I own the stories, not the characters or fan art (credits to the original artist if I c...