NIRNAMIKA | සිංහල | (Anonymou...

By BTS_taesite_

3.7K 720 232

~තුහින හරි පරණ තාලෙ වයිබ් එකේ මනුස්සයෙක් . ඒ නිසාමද කොහෙද ආධිල් හැම තැනදිම හැම මොහොතකදිම හැම තප්පරයකම තුහිනව... More

"නිර්නාමික-01"
"නිර්නාමික-2"
"නිර්නාමික-3"
"නිර්නාමික-4"
"නිර්නාමික-5"
"නිර්නාමික-6"
"නිර්නාමික-7"
"නිර්නාමික-"8
"නිර්නාමික-9"
"නිර්නාමික-10"
"නිර්නාමික-11"
"නිර්නාමික-12"
"නිර්නාමික-13"
"නිර්නාමික-14"
" නිර්නාමික-15"
" නිර්නාමික-16"
" නිර්නාමික-17"
" නිර්නාමික-18"
" නිර්නාමික-19"
" නිර්නාමික-20"
" නිර්නාමික-21"
" නිර්නාමික-22"
" නිර්නාමික-23"
" නිර්නාමික-24"
" නිර්නාමික-25"
" නිර්නාමික-26 "
" නිර්නාමික-27 "
" නිර්නාමික-28 "
" නිර්නාමික-29 "
" නිර්නාමික-30 "
" නිර්නාමික-31 "
" නිර්නාමික-32 "
" නිර්නාමික-34 "
" නිර්නාමික-35 "
" නිර්නාමික-36 "
" නිර්නාමික-37 "
" නිර්නාමික-38 "
" නිර්නාමික-39 "
" නිර්නාමික -40 "
" නිර්නාමික -41 "

" නිර්නාමික-33 "

72 14 3
By BTS_taesite_


නිරාශා : ඒ බං.... ඒහෙම බැලුවම ඒ දෙන්නම පව් බං . ඒත් මං බැලුවා ඒ යුගාන් කියන බෝයි ගැන කියන කොට අපේ ශෙවෝන්ගෙ මූණ අදුරු උණේ ඇයිද කියලා...

තුහින : මංදා බං.... මේ දේට මට ඉන්වෝල් වෙන්න බෑ . උන් දෙන්නම මගේ සහෝදරයො වගේ බං .

ආධිල් : යුගාන් අයියා ඇත්තටම හිත හයිය එකෙක් . අපේ ශෙවෝන්ගෙ ප්‍රශ්නෙ මොකද්ද කියලයි මට තාම හිතා ගන්න බැරි .

නිරාශා : හේතුවක් ඇති බං . ශෙවෝන්ගෙ හිත එකග වෙන්නෙ නැති ලොකු හේතුවක් වෙන්න ඕනෙ ඒ...

ආධිල් : ශෙවෝන් වෙන කෙනෙක්ට කැමතිද තුහින ?

තුහින : මං දන්නෙ නෑ ආධිල් . මේ පිස්සා මට මේ වෙනකන් එහෙම දෙයක් කියලා තියා දැනෙන්නවත් ඇරලා නෑ බං .

නිරාශා : ශෙවෝන් යුගාන් අයියට අකමැතිත් නැත්නම් , මට මෙහෙම හිතෙනවා බං .

ආධිල් : කොහොමද බං ?

නිරාශා : යුගාන් අයියට අකමැතිත් නැතිනම් , යුගාන් අයියට වඩා කැමති කෙනෙක් ඉන්නම ඕන ...

තුහින : ඊට වඩා කැමති කෙනෙක් කිව්වෙ ?

ආධිල් : උගෙ හිතත් කා ගාව හරි නතර වෙලා ඇති .

තුහින : මං ශෙවෝන් එක්ක කතා කරන්නම් එහෙනම් . ඒත් ඒක වැඩකට නැති වෙයි බං .

ආධිල් : ඒ ඇයි ?

තුහින : මං දන්නවා බං ශෙවෝන් ගැන . උගේ කටින් ඔහොම දෙයක් ගන්නවා කියන එක කළුණික හොයනවා වගේ .

නිරාශා : හ්ම්.... තුහින ! උඹ ඕක දැන් හාරවුස්සන්නැතුව ඉදපන් . මේකට හදිස්සි වෙලා බෑ . බලමු අපි ඉස්සරහට වෙන දෙයක් ....ම්ම් ?

තුහින : හ්ම්.... අපි බලමු .

ආධිල් : එහෙනම් කෙල්ලෙ . ලෙක්චර් එක ඉවර උණ ගමන්ම වරෙම් ඈ ... දැන්ම බඩගිනි වගේ....

තුහින : ඒකි එයි . උඹ වරෙන්කො - නැද්ද බං....

නිරාශා : අන්න ඒකයි බ්‍රෝ.... බායි එහෙනම්....

එදා දවසත් යුනිවසිටි ඉවර වෙලා තුහිනයි ආධිලුයි දෙන්නත් එක්ක කතා කර කර ඉදපු නිරාශා ඒ දෙන්නත් ගෙදර යන්න ගියාම නිරාශාත් ඇවිදගෙන බස් හෝල්ට් එකට ආවා . ඒ වෙද්දි දෙලාව හතර හමාරටම විතර ලං වෙලයි තිබ්බෙ . ඒත් එක්කම වගේ නිරාශා ඉන්න තැනට ආවෙ ශෙවෝන් .

ශෙවෝන් : ඒ.... වරෙන් මං දාන්නම් .

නිරාශා : ඇහ්.... උඹ කොහෙද මෙහෙ ?

ශෙවෝන් : උඹට ඒවා වැඩක් නෑනි . මෙන්න මෙහෙ වරෙන් .

නිරාශා : උඹ දැන් ආපහු මාව දාන්න උඹලේ ගෙවල් පහු කරගෙන යන්න එපැයි බං . මං බස් එකේම එන්නම් .

ශෙවෝන් : නෑ නෑ . මං කහතුඩුවට යන්න කියලා පොඩි වැඩකට . උඹව දාං යන්නම් . ගිහින් නැගපන් .

ශෙවෝන්ටත් ඇද කරපු නිරාශා ගිහින් කාර් එකට නැග්ගම ශෙවෝනුත් කාර් එක ස්ටාට් කරගෙන යන්න පටන් ගත්තා .

නිරාශා : අහ්... ඒක නෙවෙයි . මං මේ උඹෙන් අහන්නමයි ඉදියෙ ශෙවෝන් . උඹ රට යන්න ලෑස්තී කතාවක් ආරංචි උණා මට නම්...

ශෙවෝන් : අහ්.... තුහිනයද කිව්වෙ ?

නිරාශා : ම්ම්.... ඔව් . කාලෙකට කලින් කිව්වෙ . මට මේ දැන් මතක් උණ නිසා ඇහුවෙ .

ශෙවෝන් : හ්ම්.... දැන්ම නෙවේ බං . තව ටික කාලෙකට පස්සෙ තමයි යන්න හිතං ඉන්නෙ.

නිරාශා : හ්ම්... කාලෙකට පස්සෙ කිව්වෙ ?

ශෙවෝන් : අවුරුදු එකාමාරක් දෙකක් වගේ .

නිරාශා : හ්ම්...උඹට හොද විදියක් . හැබැයි ඉතින් උඹ කිව්වා වගේ ඒක එච්චර මහ ලොකු කාලයක් නෙවේ බං . බලපන්කො කාලෙ යන ඉක්මන .

ශෙවෝන් : ඒක නම් ඇත්ත නිරාශා . මොනා උනත් බය වෙන්නෙපා උණ හැදුනත් බෙහෙත් ගන්න එන්නෙ උඹ ගාවට .

නිරාශා : එන්න එන්න . දෙනවා මං නියගලා අලයක් .

ශෙවෝන් : යැයි යැයි යැයි .

නිරාශා : පුළුවන් නම් උඹේ වෙඩිමවත් අපිට කියපන් ශෙවෝනයා .

ශෙවෝන් : මොන වෙඩින්ද බං . ඒවා බලන්න බැරියැයි .

නිරාශා : මං නම් බදින්නෙ ඩොක්ටර් කෙනෙක්වම තමයි . පස්සෙ අපේ බබලාවත් ඩොක්ටර්ස්ලා කරනවා....

ශෙවෝන් : අම්බෝ යකෝ.... උබලා ඩොක්ටර් ෆැමිලි එකක්ද එතකොට හදන්න යන්නෙ ?

නිරාශා : හුම් හුම් . කෝමද ගැම්මක් නේද ඒයි ?

ශෙවෝන් : අන්න ඒකයි . උඹේ යාළුවෝ හැටියට අපිටත් ඉතිම් ආඩම්බරයක් තමයි .

නිරාශා : හේ හේ .

කතාවෙන් කතා වෙන් නිරාශාවත් ගෙදරින් ඇරලවපු ශෙවෝනුත් තමන්ගෙ වැඩ ටිකත් කරගෙන ගෙදර යන්න පිටත් උණා . ඔය අතරෙ තුහින ගෙදර ඇවිල්ලා වොශ් දාගෙන එහෙම ගිහින් ඉස්සරහා දොර ළග බිමින් වාඩි වෙලා දොර උළුවස්සට හේත්තු උණේ ආපහුම පාරක් ඊයෙ ආධිල් අප්ලෝඩ් කරපු සිංදුව ප්ලේ කරන ගමන් .

පැය භාගයක් විතර එතනට වෙලා ඉදපු තුහින අම්මටත් කෝල් එකක් අරගෙන ටික වෙලාවක් කතා කරළා ඉවර වෙලා ඉදං ඉදපු තැනින් නැගිට්ටෙ කන්න මොනා හරි හදා ගන්න හිතාගෙන . කිචන් එකට ගිහින් තිබ්බ පාන් එක ඒ මැදට සීනි සම්බෝල ටිකක් දාලා අරගෙන ඒක ටෝස්ටර් එකට දාපු තුහින අත් දෙකත් බැදගෙන පැන්ට්‍රි එකට හේත්තු උණේ ඒක හරියන කල් . තුහින රෑට කන්නෙ හරිම පොඩි දෙයක් . පාන් පෙති දෙක තුනක් , නැත්නම් මොනා හරි සුප් එකක් වගේ බර අඩු කෑමක් තමයි බොහෝ දුරට කැවෙන්නෙ . ටෝස්ට් කරපු පාන් ටිකත් නිවෙන්න තියලා තුහින වතුර එකක් හීටර් එකට ගහලා කොෆී එකකුත් හදා ගෙන රෑටත් කාලා ඉවර උණා .

එක දිගට තිබ්බ දේවල් එක්ක හරියකට පාඩම් කර ගන්න තියා පොතක් අල්ලන්නවත් බැරි උණ නිසා තුහින තියෙන පොත් සේරම ඇදගෙන සෙම් එකේ මුළ ඉදන් දුන්න නෝට් ටික පාඩම් කරන්න ගත්තා . තිබ්බ පළවෙනි සෙශන් එකේ නෝට් එක පාඩම් කරලා ඉවර වෙන කොට වෙලාව එකත් පහු වෙලා තිබ්බා . එහෙම්මම පොත් ටිකක් වහලා උදේ නැගිටින්න ෆෝන් එකට එලාම් එකත් තියපු තුහින නිද අගන්න ඇදට පැන්නෙ නිකංම ඇස් දෙක පිය වෙන කොට .

තුහින හිතං ඉදියෙ මේ සතියෙ සිකුරාදා රෑම ගමේ පිටත් වෙන්න . එතකොට ඒ මහන්සි පිටම ඇදට පැනලා නිදා ගත්ත හැකි . සෙනසුරාදා උදේම පිටත් උණොත් එදා දවස භාගයක් ගෙවෙන කන්ම මහන්සි නිසා ඔහේ එහෙට මෙහෙට වෙලා ඉන්නවා මිසක් වැඩක් කෙරෙන්නෙ නෑ . ඒකයි කැම්පස් ඉවර වෙලා එහෙම්ම ගමේ යන්න හිතා ගත්තෙ . තුහින ආධිල්ටත් යමු කිව්වෙ හැම සති අන්තෙම එයා බෝඩිමට වෙලා ඔහේ තනියෙන් බලං ඉන්න නිසා . එන්න කිව්වට මොකද ආධිල් තාම එනවද නැද්ද කිව්වෙත් නෑ . ඒත් තුහින හිතං ඉදියෙ නම් ආධිල් බොහෝ දුරට නුවර යන්න එයි කියලා . අනික ආධිල් තුහිනලගෙ අයියව හම්බෙන්නයි ඒ පොඩි කෙල්ල යෙනූවයි බලන්නත් හරි ආසාවෙන් ඉදියෙ .

පහුවෙනිදා තුහිනට කැම්පස් තිබ්බත් ආධිල්ට එදා කැම්පස් තිබ්බෙ නෑ . මොකද දැමෝටම හැමදාම කැම්පස් නෑ කොහොමත් . ෆස්ට් ඉයර් එකේ තිබ්බත් සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් වෙනකොට බොහෝ දුරට කැම්පස් තියෙන්නෙ දවස් දෙකක් තුනක් විතර විතරයි . ආධිලුත් නැති නිසා නිරාශා බකන්නිලාගෙන බලං ඉදියෙ තුහින එනකන් .

........ : අහ්.... අක්කෙ ? මොකද අද ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් නැද්ද ?

නිරාශා : කවුද මේ ? අහ් පොඩ්ඩක් ඉන්න ! ඔහෙලා නේද එදා කුප්පියක් දා ගන්න ආධිල්ගෙ පස්සෙන් ආවෙ ?

වෙනදා තුන් දෙනා සෙට් වෙන ලොකු පිහිඹියා ගහ යටට වෙලා ෆෝන් එක ඔබ ඔබ ඉදපු නිරාශා , එදා ආධිල්ගෙ ඇගේ එල්ලීගෙන කුප්පියක් දා ගන්න පස්සෙන් ආව කෙල්ලො තුන් දෙනා දිහා නෝන්ඩි හිනාවක් දාලා ආයෙ ෆෝන් එකට එබුණා .

...... : හහ්.... තමුසෙ නිසා තමා බැරි උණේ .

නිරාශා : අහ්.... එහෙමද ? කියලා ඉවරනම් යනවකො පොඩි එකෝ වද නොදි.... නිදහසේ ඉන්නවත් නෑ .

..... : මේ අහගන්නවා ! අනික තමුන් දන්නවද මං කාගෙ කවුද කියලා ?

නිරාශා : තමුනුත් ඉතින් කාගෙ හරි අම්මෙක්ගෙයි තාත්තෙක්ගෙයි ළමයෙක් නෙ නේද ? ඇයි එහෙම නෙවේද ?

..... : මං මෙහෙ නගරාධිපතිගෙ දුව !

නිරාශා : ඉතින් .... අනේ සොරි පොඩි එකෝ . මං මේ නගර කොට්ඨාසෙ නෙවෙයි . ඒ නිසා මනාපයට කතිරෙ ගහන්න වෙන්නෙ නෑ . ආ.... ඔය කටවල් වහම් මෙතනින් යනවලා... මොනාද බං මේ ? වද නොදී යනවකො අප්පා.... චා වෙවී මෙතන ලතවෙන්න පිස්සුද ?

..... : මට ඕන මනාපයක් නෑ හලෝ . අනික මං තමුන්ට චා වෙවී ඉන්නෙ නෑ . කරුණාකරලා තමුසෙ ආධිල්ගෙන් අයින් වෙලා ඉන්නවා .

නිරාශා : ආධිල් ? ඇයි එදා තිබ්බ යැයියෙ යැයියෙ කෑල්ල හැළුනද ? අනික තමුන් මට මේ කරන්නෙ තර්ජනයක් නම් ,

..... : එහෙම තමයි !

නිරාශා : එහෙනම් දැන ගන්නවා . උඹේ තාත්තා ජනාධිපති උණත් මං උඹට බය නෑ නංගි හරි... මොන ලැජ්ජ නැති වැඩක්ද මේ😂 ?

...... : හහ්... හරි බලමු . මං තමුසෙට යහතින් ඉන්න තියන්නෑ .

තුහින : මොකද මේ ? නිරාශා !

...... : අනේ තුහින අයියෙ මෙයා අපිට බනිනවා !

තුහින : මොන අයියෙක්ද ? මොකද මේ . අහකට යනවා .

තුහිනගෙ අතේ එල්ලෙන්න ආව කෙල්ලගෙන් එහාට පැනපු තුහින ටිකක් සැරෙන් එහෙම ඇහුවම ඒ කෙල්ල අත් දෙක ගුළි කරගෙන ආයෙ අහක බලා ගත්තා .

නිරාශා : ආධිල් ගෙන් ඈත් වෙලා ඉන්න කියන්නෙ මේකි මට ! දැන් ඒ සැරේ උඹේ ඇගේ එල්ලෙයි වගේ .

..... : ඇයි ? අක්කා ඩබල් ගේම් ගහනවද ? කැම්පස් එකේ ෆේමස්ම යාළුවෝ දෙන්නව අල්ල ගෙන .

තුහින : මොන මගුලක්ද ? කට වහන් ඉන්න කොට මේ කොහෙවත් යන උන් අපේ කරේ නැගලා ඔළුවටත් අත හෝදයි වගේ...

..... : අනේ අයි-

තුහින : මෙන්න මෙහෙ වරෙන් බං....

එහෙම කිව්ව තුහින නිරාශා ගෙ අතකිනුත් ඇදගෙන එතනින් යන්න ගියේ අර කෙල්ල ඔරවගෙන බලං ඉන්න කොට .

තුහින : මොකද බං ඒ ?

නිරාශා : ඕකි ආධිල් ගෙ ඇගේ එල්ලෙන්න එද්දි මං එදා ඌව ගලෝගත්තෙ . ඉතින් දැන් ඒ ගෑනි හිතං ඉන්නෙ මං ආධිල්ගෙ කෙල්ල කියලා .

තුහින : උඹටත් වැටෙන්නෙ මහ මරාල .

නිරාශා : ආ.... මරාලදත් අහනවා බං . දැනගනිම් මේ මං නැත්තන් තොට පෙම් කරන්න කොහෙන්ද කොල්ලෙක් . මං තමයි ඌව දිවි පුදා රැක ගත්තෙ .

තුහින : තැන්ක් යූ උඹේ දිවි හිමියට ඈ . ඒක නෙවෙයි , යහතින් ඉන්න තියන්නෑ කිව්වෙ කාවද ?

නිරාශා : මේ නිරාශා කෙල්ලට තමයි . බලාම් මරණ තර්ජනයත් එල්ල වෙනවා අර මරිබුකුස් ආධිල් නිසා.

තුහින : නොහිතා ඉදාම් බං . බලපන් අපේ එකත් නැත්තෙ මරුම දවසෙ ආ !

නිරාශා : අපේ එකා නෙවෙයි . උඹේ එකා කියපන් . මොකද ඌ පොදු වැසිකිළියක්ද ?

තුහින : ආධිල් උඹ එක්ක රණ්ඩු වෙන එක ඇත්තටම සාධාරණයි කියලා මට මේ දැං තේරුම් ගියා ආහ්....

තවත් ටික වෙලාවක් කියෝ කියෝ ඉදලා දෙන්නත් එක්ක තම තමන්ගෙ ලෙක්චර් හෝල් වලට යන්න ගියේ එක එක දේවල් වලින් වෙලාව නිකන්ම ගිහින් ලෙක්චර්ස් වලට වෙලාව ලං වෙලා තියෙන කොට .

















______________________________

ඔන්න ආවා. බලන්න අනේ.... මං ගමේ ගියා . තාම ගමේ තමා . ඇත්තටම එක සිග්නල් කට්ටක් නෑ මගේ එයාටෙල් සිම් එකට හලෝ . අම්මගෙ එකෙන් තමයි හොට්ස්පොට් අරන් චැපිය දැම්මෙ .
මං ටයිප් කරාට දෙන්න බැරි උණා .

🥲

ඔන්න අද දුන්නා ඒනම් ඈ .

බායි
සරන්හේ 💗

Continue Reading

You'll Also Like

13.4K 390 9
When the Marauder era got a letter from golden era saying that there is second wizarding war, and they are going to watch the life of two Potter in o...
120K 12.7K 72
TaeKook Non Fanfiction #1 nonfic #1 nonfanfiction #1 nonff #1 nonfanfic 2023.12.09 2024.
4.2K 697 11
""සැනසීම"" ඒ වචනේ තේරුම මොකක්ද කියලා හොයන එකත් මට අකැප දෙයක් වෙද්දී හැමදාම මම පිටකරන ඒ බර හුස්මත් ඒ විදියටම අදත් පිට කලා.ජීවිතයේ අමාරුම සීත ඍතුව ගෙවම...
11.9K 2.9K 21
"හරි නරකයි ඔහෙ මට ඉන්න දෙන්නැ ඉහි..ඉහි ,අනික මන් ඔහෙගෙ නමවත් දන්නෑ" යෙහස් බිම බලාගෙන කිව්වා.. "මගෙ නම විහංඟ , විහංඟ ප්‍රභාෂ්වර රත්නායක ....කවුරැහරි උ...