Shhh... ( Complete )

Bởi geethma16

1.6K 297 131

Don't trust too much.... Don't love too much.... Don't hope too much.... Because that "too much" can hurt you... Xem Thêm

Introduction
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Last Chapter ❤

Chapter 19

36 8 0
Bởi geethma16

...........

    ඔයා ලේ පෙරාගෙන ඉන්නවා දැක්ක වෙලේ මාව මරනවා කියද්දි මං ඒත් ඔයාට බෙහෙත් කරේ ඔයා එහෙම ඉන්නවා බලන් මම ආස නැති නිසා.. ඔයා ගැන මං හරියටම දැන ගත්තේ එදා.. තනියම ආදරේ කරලා.. ඔයත් මට ආදරේ කරන්න පටන් ගන්නකොටම මාව දාලා ගියෙ ඇයි.. ඒ තරම් නපුරු වුණෙ ඇයි ඒරා..

මං වොශ් රූම් එකෙ ඉදන් එළියට එනවත් එක්ක ම සිහි නැති ව ඉදපු ඒරා වේගෙන් ගැහෙන්න පටන් ගත්ත නිසා මං ඉක්මනට ගියේ ඒරා ළගට.. එක දිගටම ඒරාව ගැහෙන්න පටන් ගනිද්දි මං ඉන්ජෙක්ෂන් එක දුන්නා.. ටික වෙලාවක් යද්දි ඒරා ආයෙ ම සාමාන්‍ය අතට හැරුණත් අවුරුදු දෙකක් ගිහින්වත් ඒරා එක පාරක්වත් ඇගිල්ලක්වත් හෙල්ලුවෙ නෑ..

  එදා.. එදා රූම් එකෙ තිබුණ සද්දෙ අඩු වෙලා ගියෙ ජින් ජන්ග්කුක් දෙන්න ම එළියට ගියාට පස්සෙ.. මට කර ගන්න දෙයක් නැතුව අසරණ වෙද්දි මං එක ම එක පාරක් ඒරා ළගට ගිහින්..

" චේබල්.. ඒරා.. මාව දාලා යන්න.. එපා.. චේබල්.. අප්පා ඔම්මා එයාලා වෙනුවෙන් නැගිටින්න.. මං වෙනුවෙන් නැත්තත්.. චේබල්.." මං ඒරාගෙ අතින් අල්ලගෙන කියද්දි එක පාරට ම මට දැනුණෙ මගෙ අත තද වෙනවා වගෙ.. කදුළු පිරිලා තිබුණ ඇස් දෙකෙන් මං ඒරා දිහා බලද්දි දැක්කේ ඒරා ලා වට හුස්ම ගන්නවා.. මං ඉක්මනට ඒරාට ඔක්සිජන් මාක්ස් එක දාලා ඔපරේෂන් එක ආයෙමත් කරන්න පටන් ගත්තා..
   
මගෙ ජිවිතේ පලවෙනි පාරට මං කරපු ඔපරේෂන් එක.. කිසිම කෙනෙක්ගෙ උදව්වක් නැතුව.. ඒරාගෙ ලේ වලින් පෙගුණ ඇදුම් අයින් කරලා මං ඒරාගෙ ඇගෙ තිබුණ බුලට් දහයකට වඩා අයින් කරලා බෙහෙත් දානකොට මගෙ ඇග ම පණ නැති වෙලා ගියේ ඒරා ශක්තිමත් නිසා මං එයාව කොහොම හරි බේර ගන්න ඔනි නිසා.. මං කියපු දේ අහලා නැගිටපු නිසා...

  මං ඔපරේෂන් එක කරත් ඒරාට සිහිය ආවේ නෑ.. ජින් ආයෙම එද්දි ඒරාගෙ ඔපරේෂන් වැඩ ටික ඉවර වුණත් ඒරා කෝමා එකකට ආවා... ජින් එක්ක මං ඒරාව හැමෝගෙන්ම හංගලා තියා ගන්න හිතුවේ ඒ නිසයි.. අබොජිගෙ වගෙම ඔමොනිගෙත්ත් ඒරා නිසා ජිවිතේ කඩන් වැටෙද්දි මට එයාලට ඇත්ත කියන්න බැරි වුණා.. ආබුජි එක්ක තරහා නිසා ඒරාව මරන්න ආව මිනිස්සු ආයෙම එයාලගෙ පවුලට කරදර කරන එක නවත්තන්න මං ජින් එක්ක ඒරාව හැංගුවා..

  අඩු ම මේ ගැන ජන්ග්කුක්ටවත් කිව්වෙ නෑ... ඒරා ගැන ආරාට මතක නැති නිසා ආරා මං නැති වෙලාවට ඒරා ගැන බලා ගන්නවා.. අවුරුදු දෙකක් ගිහින්වත් තාම ඇගිල්ලක්වත් හෙල්ලුවෙ නෑ... ඔයාට මං කියන දේවල් වත් ඇහෙන්නෙ නැද්ද ඒරා.. මේ තරම් කල් නිදා ගන්න ඔනි ද..

  ඔය විදිහට සද්ද නැතුව ඉන්නෙ කොහොමද ආ... ඔය කට වහන්න නම් බෑ කියලා නේද කිව්වෙ.. ආහ්.. කියවන එක නතර කර ගන්න කිව්වට මේ විදිහට ඉන්න කිව්වෙ නෑ ඒරා... ඔයා මගෙ රෝස් මල නේද.. රතු රෝස මල දැන් සුදු මැලි වෙලා.. තාමත් තුවාල කැලැල් සනිප වෙලා නෑ.. ඒත් එක පාරක් ඇස් අරින්න.. බැරි නම් එක පාරක් මේ අත අල්ල ගන්න.. මට දැන් ගොඩක් මහන්සි ඒරා..

  මේ හිත ඔයා වෙනුවෙන් බලන් ඉන්න ඕනි ද තව ගොඩක් කල්.. ජිවිතේ හැම වෙලාවෙ ම විදින්න ඔනි කිව්වා නේද.. ඔයා ඔහොම ඉදල හරි යන්නෙ නෑ නේද..

  මං ඒරාගෙ සීතල වෙලා තිබුණ අතක් මගෙ අත් දෙකෙන් ම වහ ගන්න ගමන් මං බලන් ඉදියේ හුස්ම විතරක් වැටෙන අවුරුදු දෙකක් තිස්සේ පිය වෙලා තියෙන ඒ ඇස් දිහා.. මගෙ ළඟ මා එක්ක ම නිදා ගන්නකම් මං දවස් ගැන්නා.. හරියට පොඩි ළමයෙක්ට තෑග්ගක් හම්බෙනකම් බලන් ඉන්නවා වගේ..

  ඒත් ඔයා දැන් මගෙ ළඟ ඉදලත් මගෙ පපුව පිච්චිලා යනවා වගෙ... අපි දෙන්නා සමාන්තර රේඛාවක් වගේ ද ඒරා.. කවදාවත් එකතු වෙන්නෙ නැද්ද.. අන්තෙට ගියත්.. මට එහෙම ඔනි නෑ.. ඔයාගෙ ආදරෙයි මට ඕනි.. ඔයා එක්ක ඉන්න.. ඔයාගෙ හිනාව දිහා බලන් ඉන්නයි මට ඕනි.. ආයෙමත් ඔය පුංචි තොල් වලින් හැන්ඩ්සම් කියලා අහන්න...

මං ඒරාගෙ ඒ සුදුමැලි වෙලා තිබුණ මූණ මගෙ මහපට ඇගිල්ලෙන් අතගෑවේ මගෙ ඇස් වල කදුළු පාලනෙ කර ගන්න එක මට බැරි වෙද්දි... කොයි වෙලේ නින්ද ගියා ද කියලා මම දන්නෙ නෑ.. මට නැගිට්ටුණේ කවුරු හරි මගෙ ඔලුව අත ගානවා දැනුන නිසා.. මං ඉක්මනට නැගිට්ටින ගමන්..

එ...ඒරා...

ඔප්පා..

අ..ආරා ඔයා මෙතන..

හ්ම්.. ඔන්නි කියල ද හිතුවේ.. ආරා මගෙන් ඇහුවේ ඒරා දිහා බලන ගමන්... මං ලාවට හිනාවක් දැම්මා.. ඔව් මං හිතුවේ මගෙ ඒරා කියලා.. ඩොක්ටර් කෙනෙක් විදිහට ඔයා ගැන බලාපොරොත්තු තියා ගන්න එක අමාරු දෙයක් වුණත්.. ඔයා නැගිටිනකම් බලන් ඉන්න මට පුලුවන් ඒරා... ඔයා මට පොරොන්දු වෙන්න ඉක්මනට නැගිටිනවා කියලා.. චේබල්..

  ඔප්පා වොශ් එකක් දාගන්න.. හොස්පිටල් යන්න තියෙනවා නේද.. ආරා කියද්දි මං ඒරාගෙ ඔලුව අත ගාලා නැගිටලා ගියෙ වොශ් රූම් එකට...
   
  ඒරාගෙ සේලයින් මාරු කරලා ඒ හැම දෙයක් ම බලලා මං හොස්පිටල් එකට ආවා.. psychiatrist කෙනෙක් විදිහට වැඩ කරන්න පටන් අරන් දැනට අවුරුදු තුනක් වෙනවා.. පළවෙනි අවුරුද්දෙදි ඒරාත් මා එක්ක ම හොස්පිටල් එකට ආවත් එයා ඊට කලින් ඉදන් ම ජිමින් ට ට්‍රිට්මන්ට් කරන්න පටන් අරන් තිබුණා..

ජිමින් ව ජින් නිසා හම්බුණා කියලා තමයි මට ඒරා කියලා තිබ්බෙ... ජිමින් කියන්නේ multiple personality disorder පේෂන්ට් කෙනෙක්.. ජිමින්ගෙ තත්ත්වෙ සාමාන්‍ය තත්ත්වෙන් තිබුණත් ඒරාගෙ ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ ට්‍රිට්මන්ට් නතර වෙලා තිබුණ නිසා තත්ත්වෙ දරුණු වෙලා තිබුණා.. ස්වරූප දෙකක් තිබුණ එක දැන් ස්වරූප පහක් වෙලා..

  ජින් මට ජිමින් ගැන බලන්න කිව්වේ ගිය අවුරුද්දේ .. ට්‍රිට්මන්ට් කරගෙන ගියත් ජිමින්ගෙ evil personality  එක වගෙ ම innocent personality එක හැම වෙලේ ම අහන්නෙ ඒරා ගැන.. මං මොනා කියන්න ද.. ඒ පොඩි දරුවා මේ ගැන දැන ගත්තොත් එයාව සනීප කරන එක තවත් අමාරු වෙනවා.. ඒරා ඔයා මාව පිස්සෙක් කරලා ඔහොම ඉන්න එකට අනිවාර්යයෙන් ම මං පනිශ්ට් කරනවා..

  ඩොක්ටර් ...
   
  කියන්න ..

  ඩොක්ටර් ට ලියුමක් ඇවිත්..

  මට කාගෙන් ද..

  රෙඩ් රෝස් කියලා විතරයි තියෙන්නෙ ඩොක්ටර් ...

  ම්..ම්වෝ... මං ඉක්මනට නර්ස් මින් අතේ තිබුණ ලෙටර් එක අර ගත්තේ නර්ස් මින් මං දිහා බලලා රූම් එකේ දොර වහගෙන යද්දි..

  මං ඉක්මනට ලියුම ඇරලා බැලුවෙ රෙඩ් රෝස් ගෙන් මේ වෙලාවෙ මට ලියුමක් එන්න බැරි නිසා..

  මිස්ටර් හැන්ඩ්සම්..
   
    අන්‍යොන් ... ඩොක්ටර් කිම් නම්ජුන්.. මං ලියුම් ලියන්න දන්නෙ නෑ.. මේක අහගන්න කෙලින් කියන්නම්.. මොනා ද.. මොකුත් නෑනේ කියන්න.. ආහ්හ්.. මතක් වුණා..

     සරන්ග් හේ.. ජූන්.. හැපි සෙකන්ඩ් ඇනිවසරි... 😘 මට අමතක වෙන නිසා මං ඔන්න මේක දාන්නෙ අවුරුදු දෙකකට කලින්.. මෙයාලා කිව්වා හරි දවසට ම දෙනවා කියලා..😌 එතකොට මේක ඔයාට හම්බෙන්නෙ අපි දෙන්නගෙ දෙවෙනි ඇනිවසරි එකේ දි.. 😌 මාත් එක්ක ගෙවන ජිවිතේ කොහොමද .. ලස්සනයි නෙහ්.. මං දන්නවා..😌

  මැරුවෙ නැති නිසා සතුටින් නෙහ් මේ වෙනකොට ඇත්තේ.. බය වෙන්න එපා තව ඉස්සරහට අපි දෙන්නගෙ බබෙක් ආවම ඔයාට ජිවිතේම එපා වෙයි.. 😏 ඔන්න බලා ගන්න ජූන් බබා මං වගෙම ඉදිවි.. අප්පට හොදට පනිශ් කරන්න පුලුවන් විදිහට මං එයාව හදනවා.. 😌

  අද ගෙදර එනකොට මට තෑග්ගක් අරන් එන්න.. සමහර විට මට අමතක වෙලා ඇති.. මොකද ගැන්ග් එකෙ බිස්කට් මිෂන් වැටෙන්නෙ මේ කාලෙට.. ඒ නිසා මට අමතක වෙලා නම් තරහා වෙන්න එපා.. මොකද අවුරුදු දෙකකට කලින් මට අද දවස මතක තිබුණා..😌

  මේක මට ගැලපෙන්නෙ නෑ.. ඒත්.. ඔයාට කියන්න දෙයක් තියෙනවා..

  ජිවිතේ ඉර එළිය වගෙ ම වෙලාවක හෙවනැල්ල වගෙ මගෙ ළඟ ම ඉන්නවට.. මට අප්පාට නොදෙවෙනි ව ආදරේ කරනවට.. මං ගොඩක් ආදරෙයි ජූන්.. ඔයා මගෙ.. මගෙ විතරයි.. සරන්ග් හේ... ❤

                                           Lovely Wife
                                               Red Rose.. 😘

  එ...ඒරා... සරන්ග් හේ.. නාදු නාදු සරන්ග් හේ... මං කිව්වෙ ඒ ලියුම මගෙ පපුවට තුරුල් කර ගන්න ගමන්.. ඒරාගෙ අත් අකුරින් ම ලියපු ඒ වචන දකින කොට මගෙ හුස්ම නැවතුනා වගෙ දැනුනා.. අවුරුදු දෙකකට කලින් ඔයා අද දවස ගැන ප්ලෑන් කරා ද.. ආහ්... මං.. මං ඔයාගෙ තමයි ඒරා.. මේ හිත ඔයා එක්කම අරගෙන ගිහින්..ඔයා හොරකම් කරලා.. හොරකම් කරගෙන යන්න ම ගිහින්..

  කොච්චර වෙලාවක් ඇඩුව ද කියන්න මම දන්නෙ නෑ.. ඒත් මගෙ රූම් එකෙ දොරට කවුරු හරි තට්ටු කරනවා ඇහුණ නිසා මං නැගිට්ටෙ මගෙ ඇස් වල කදුළු පිහිදාන ගමන්..

  Time passed..

  හැපි ඇනිවසරි ඒරා... මං කිව්වේ ඒරා ළඟින් රතු රෝස මල් පොකුරක් තියලා ඒ නලලින් හාදුවක් තවරන ගමන්...

ඔයා ආසයි කිව්ව දේවල් කරන්න ඉක්මනට නැගිටින්න ඒරා.. අපි මැරි කරේ නැති වුණත් එදා අපි දෙන්නගෙ වෙඩින් එක වුණා නම් ඔයා මේ විදිහට නැතුව මගෙ ළඟ මාව සතුටින් හග් කරගෙන ඉන්න තිබුණා.. ඔයා එදා මා එක්ක කිව්වටත් වඩා එහෙනම් අද දවස ගොඩක් ආදරණීය වෙන්න තිබුණා.. නේද..

Flashback
  @ Seoul Hospital

ඩොක්ටර් කිම්..

ඔහ්.. කියන්න ඩොක්ටර් ශින්..

හවස ඉන්න පුලුවන් නේද..

අහ්.. දේ.. මට ඉන්න පුලුවන් ...

ඇත්තට ම මට අද දවස අමතක වුණා නැත්තම් මං මීට කලින් මොකක් ම හරි කරනවා..

  නෑ කමක් නෑ ඩොක්ටර් ශින්.. මං ඉන්නම්..

කරදර කරනවා නේද..

එහෙම නෑ.. කොහොමත් මට කරන්න තව වැඩ වගයක් තියෙනවා.. මං හිනා වෙලා කියද්දි ඩොක්ටර් ශින් මගෙ පිටට තට්ටු කරලා යන්න ගියා..

  මම රූම් එක ඇතුළට ආවේ ආරාට කෝල් එකක් ගන්නවා කියලා හිතන ගමන් වුණත් කවුරු හරි දොරට තට්ටු කරනවා ඇහුණ නිසා මං පෝන් එක සාක්කුවට දාන ගමන් ම..

එන්න ඇතුළට..

කමක් නැද්ද ආවට.. 😉 කියන ගමන් ඒරා දොරෙන් එබිලා ඇහැක් ගහන ගමන් කිව්වා..

මොකො.. මං සැරෙන් කැමති නෑ වගෙ ඇහුවට එයාව දැක්ක ම මට සතුටු හිතුනා..

  ඩොක්ටර් හැන්ඩ්සම් ලන්ච් ගත්ත ද..

  ඇයි...

  එහෙනම් මා එක්ක කමු කෝ.. බඩගිනි..

  ඇයි ඔයාගෙ අර කුකීස් එක ඉන්නෙ.. එයා එක්ක කන්න..

  එයා ඉන්නවා නම් ඔයාව හොයන් එන්නෙ නෑනේ.. ඒරා කෝට් එකෙ සාක්කුවට අත් දෙකත් දාගෙන ඇතුළට ඇවිදන් එන ගමන් කිව්වා..

  ඇයි මං ස්පෙයාර් විල් එකක් කියලා හිතුව ද.. මං ආයෙ ම පෝන් එක අතට ගන්න ගමන් ඇහුවේ ජන්ග්කුක් එක්ක ඒරා ඉන්න කොට මට තරහා යන නිසා.. ජින් ජන්ග්කුක් එක්ක සම්බන්ධේ ඔනි වට වඩා ළඟ වැඩි කියලයි මං හිතන්නේ.. යාලුවො කියලා අස්සෙ රිංගන්න ඔනි නෑනේ..

  යෙප්... 😌

  මට වැඩ තියෙනවා..

  මටත් වැඩ තියෙනවා.. යමු හලො කන්න... ඒරා මගෙ අතින් අල්ලගෙන අදින ගමන් කිව්වා.. මට හිනා ගියත් මං ඒ අතින් ඇදලා මං ළගට අරගෙන ඉන වටේ අත දාගත්තා..

  යාහ්හ්හ්.. මොනා ද කරන්නෙ  ආහ්..

  මහ ලොකු මැර කෙල්ලෙක් නෙහ්.. පණ නැද්ද..

  පණ නැති නිසා තමා කන්න යමු කිව්වේ.. අතාරින්න හොද හිතින් කියන්නේ...

  මට තියෙන්නෙ නරක හිතක්.. 😏

  මං දන්නවා නැත්තම් බෙහෙත් කරනවා කියලා මගෙ ඇදුම් ගලවන්න ඔනි නෑනේ... 😌

  මං ඔයාට බෙහෙත් කරෙ ඩොක්ටර් කෙනෙක් විදිහට ඩොක්ටර් මින් ඒරා...
 
  බෙහෙත් කරේ ඩොක්ටර් කෙනෙක් විදිහට වුණාට හිත වැඩ කරේ ඒ විදිහට නෙවෙයි නෙහ්..😏

   ඒක වෙන ම කතාවක්..

   මං ලස්සනයි නෙහ්.. 😌

  ඔයා ඇත්තට ම කෙල්ලෙක් වගෙ වැඩක් කරේ කවද්ද ආහ්..

  ම්... ඒක නම් බොන්න ඔනි ප්‍රශ්නයක් ... 🤔 අන්න වැඩෙ මොකො කියන්නෙ බොමු ද..😉 ඒරා අහද්දි මං ඇස් හිනි කරලා බලලා පෝන් එක කනෙන් තියා ගත්තේ ආරා අන්ස්වර් කරපු නිසා ...

  ඔහ් ඔප්පා..

  ආරා ඔම්මලා ආව ද..

  ඔහ්.. ඔප්පා එන්නෙ නැද්ද...

  අද රෑ මට වැඩක් වැටුණා ඒ නිසා ඔයා ඔම්මලා එක්ක යන්න අරස්සෝ..

  ඔප්පා එන්නෙ නැද්ද..☹️

  මේ පාර මං නැතුව යන්නකො හ්ම්..

  හරි... ඔප්පා කෑව ද..

කන්න යන්න ඔනි ඉක්මනට කෝල් එක කට් කරන්න.. ඒරා කියද්දි අනිත් පැත්තෙන් කෝල් එකෙ ඉදපු ආරා...

  ආහ්.. ඔප්පා අර වාතේ ඔයා ළඟ ද..

  වාතේ..යාහ්.. කපනවා දිව.. ඒරා කියද්දි ආරා ආයෙ ම..

  ඔප්පා.. මොනා ද එයා ඔතන කරන්නේ..

  ආදරේ ඇයි ප්‍රශ්නයක් ද..

  ඒරා... මං සැරෙන් කියද්දි ඒරා මං දිහා බලලා හිනාවක් දැම්මා..

  ආරා මං  රෑ වෙලා කතා කරන්නම්..

  දේ.. ඔන්නිගෙන් ඈත් වෙලා ඉන්න අරස්සෝ.. ආරා කියද්දි මං හිනා වෙලා කෝල් එක කට් කරලා සාක්කුවට දාගන්න ගමන්..

ආයෙ ම කියන්න..

මොකද්ද..

ආදරේ කියලා..

ශිරෝ.. 😛

මං අනිත් අතත් ඒරාගෙ ඉන වටෙන් දාලා ඒරාට ලං වෙනවත් එක්ක ම ඒරා මගෙ තොල් වලින් හාදුවක් තිබ්බා.. මං ඒරා දිහා බලන් ඉන්න අතරේ ආයෙ ම දග හිනාවක් දාගෙන..

  මොකො..

  මදි..

  ම්වෝ..

  ඒක මදි.. 😌

  යාහ්හ්.. ඩොක්ටර් කිම්.. යුනි එකෙ ලැජ්ජා වුණා මදි ද.. ඔනි නම් හොස්පිටල් එකෙත් මට පුලුවන් ඔයාට හොද්....
 
  ෂ්ස්ස්ස්ස්....🤫

  ඇයි... මං..ම්ම්ම්ම්... ඒරා කියන්න ගිය දේ නැවතුනේ මං ඒ තොල් වලින් මගෙ තොල් තියපු නිසා..

  දැන්වත් යමු ද කන්න.. ඒරා අහද්දි ම

  ඔයාව කන්න ද..

  මං හිතන්නේ ඔක්කොට ම කලින් මේ ඩොක්ටර් ට බෙහෙත් කරන්න වෙනවා..  ඒරා මගෙ කම්මුල් දෙකෙන් මිරිකන ගමන් කිව්වා..

  බෙහෙත දන්නවා මං .. 😌

  මං කියලා නම් කියන්න එපා..

  රෙඩ් රෝස්...

  චිංචා.. රෙඩ් රෝස් මෙතනට ආවොත් ඔයාගෙ පෑනෙන් ඔය හාර්ට් එක ඕපන් කරලා නහරෙන් නහර එළියට ගනී.. දැන් යමු.. කියන ගමන් මගෙ අත් දෙක අයින් කරලා මං ළඟින් එහාට ගිහින් මගෙ එක අතකින් ඇදගෙන එළියට ගියා..

  සයිස් එකෙන් පොඩි වුණාට මාර ශක්තියක් තියෙන්නෙ මේ කෙල්ලට.. දෙන්නා එක්කම කැෆටේරියා එකට ආවාට පස්සෙ මං කවුන්ටර් එක ළගට යන ගමන්..

  මොනාද කන්නේ..

  කන්න බෑ.. චොකලට් මිල්ක්ශේක් එකක්.. කියන ගමන් චොකලට් මිල්ක්ශේක් එකක් අරන් මෙසෙට යද්දි මං හැම්බර්ග් දෙකකුයි ස්ටෝබෙරි මිල්ක්ශේක් එකකුයි අරන් එතනට ගියා..

  ඇයි කන්නෙ නැත්තේ.. මං ඇහුවෙ මිල්ක්ශේක් එක කඩලා බොන ගමන්..

  ඊයෙ පොඩි මිෂන් එකකට ගියා..

  ඉතිං..

  දෙන්නෙක්ව පෙති පෙති ගියා මගෙ අතින් ඉතිං බන් එක ඇතුළෙ තියෙන මස් පෙත්ත දැක්ක ම ඒ මිනිස්සුන්ගෙ බඩ වැල් මතක් වෙනවා.. ඒරා චොකලට් මිල්ක්ශේක් එක කටේ ගහගෙනම කියද්දි බිබි ඉදපු මිල්ක්ශේක් එකත් මට ඔක්කාරෙට ආවා..

  ඔප්ස්.. අමතක වුණා සොරි.. 😁 ඒරා හිනාවක් දාලා කිව්වා.. කන්න ගත්ත එකත් එපා වුණ නිසා මං හැම්බර්ග් එක පැත්තකට කරා.. මේ කෙල්ල නම් මුල ඉදන් හදලා ගන්න ඔනි..

  ඉතිං ඕක බීලා ඇති ද..

  නැතුව... ඒක නෙවෙයි මොකද්ද අද රෑ වැඩ සින් එක..

  සීන් එක.. 🤨

  හරි හරි .. මොකද්ද ඒ.. මට අද රෑ නෑනේ..

  ඩොක්ටර් ශින්ගෙ අද වෙඩින් ඇනිවසරි එක අමතක වෙලා නිසා ඩොක්ටර් වෙනුවට මං අද රෑ ඉන්න පොරොන්දු වුණා..

  චිංචා.. මාත් ඉන්න ද..

  එපා..

  ඉන්නවා එහෙනම්.. 😌 ඒරා කියද්දි මට හිනා ගියා.. එයාට කියලා වැඩක් කර ගන්න ඔනි නම් පොඩි ළමයින්ට වගෙ එපා කියලා කියන්න ඕනි..

  ඔහොම හිනා වෙන්න එපා..

  ඇයි...

  මිරිකලා දාන්න හිතෙනවා..😌 ඒක නෙවෙයි ජූන්..

  හ්ම්..

  අපි දෙන්නා මැරි කරාම හරි රොමැන්ටික් විදිහට ඇනිවසරි එක සමරන්න ඔනි..😌

  ම්වෝ...

  යෙප්..මං ඔයාට දෙනවා අමතක නොවෙන්න.. ඇනිවසරි එක ...😌

  අද විශේෂත්වේ මොකද්ද...

ඇහ්...

අද විශේෂ දිනයක්..

ඒ මොකද්ද..

මතක් කරලා බලන්න..

මොකද්ද... ඒරා කල්පනා කරන විදිහ දැක්ක ම මට හිනා ගියා..

  යාහ්හ්හ්...බොරු නේද කිව්වේ..🤨

  කිසිම දෙයක් මතක නැතුව ඇනිවසරි සමරන්න.. පිස්සු කෙල්ල.. මං ඒරාගෙ නළලට තට්ටුවක් දාලා නැගිටින ගමන් කියද්දි ඒරා..

කන්නෙ නැද්ද..
 
  ඒ කිව්ව අප්පිරියා කතාව එක්ක කන්න පුලුවන් ද..

  අහ්.. 😁 ඔව්වා සාමාන්‍ය දේවල් අනේ.. කියන ගමන් නැගිටලා ඇවිත් ඉස්සිලා මගෙ කරවටෙන් අත දැම්මා..

  ගන්න අත..

  බෑ.. 😏

  මෙතන දි ඔයා ඩොක්ටර් කෙනෙක්.. ඒ විදිහට හැසිරෙන්න.. කියන ගමන් මං අත අයින් කරලා අතින් අල්ල ගත්තා..

  අත අල්ලන්නෙ නැතුවම බෑ නෙහ්.. ඇයි කුකී හොරකම් කරන් යයි කියලා බය ද.. 😏

  නෑ..

  එහෙනම්..

  මට උන් දෙන්නම ශුවර් නෑ..

  යාහ්හ්හ්... ඉන්නවා මං කියන්නම් ජින් ඔප්පට... ඒරා මං දිහා බලන් කියද්දි මට හිනා ගියා...

  Flashback end.

  ඒ දෙන්නගෙන් කෙනෙක් ඔයාව හොරකම් කරගෙන ගියා නම් මට කමක් නෑ ඒරා.. මේ විදිහට ඉන්නෙ නැතුව...

......................................................................
Author pov.

   ඒ වැඩෙ ගොඩක් හොදයි මං නම් හිතන්නේ..

   ඔයත් එහෙම හිතනව ද..

  අනිවාර්යයෙන් ම.. මේක දිගට ම අර ගන්න වෙයි..

  හ්ම්.. මට හෙට යන්නත් තියෙනවා ගමනක්..

  හ්ම්.. හොදට නිදා ගන්න.. අද හොදට නින්ද යයි.. මේ සේර ම  වේදනාව අඩු වෙයි.. උස කඩවසම් පුද්ගලයා ඇමති ලී හන්ගෙ ඇද ළඟින් නැගිටින ගමන් කිව්වා..

  බෙක් සියෝ දෙන්න ම එක ම දවසෙ නැති වුණ එක ගැන පොඩි සැකයක් තියෙනවා මං හිතන් ඉන්නේ ඒ ගැන හොයලා බලන්න..

  චිංචා.. ඒක ගොඩක් හොදයි.. මටත් කියන්න දෙයක් තියෙනවා..

  මොකද්ද.. කියන්න..

  කමක් නෑ ඔබතුමා විවේක ගන්න.. අද මහන්සි වුණා නේ..

  අනී.. කමක් නෑ කියන්න..

  මේ නින්ද ගොඩක් ලොකු නින්දක් වෙයි..

  ඇයි  එහෙම කියන්නේ..

  ම්... කවදාවත් ම නැගිටින්නෙ නැති නින්දක් ලැබුනොත් මොකද කියන්නේ..

  මොකද්ද තමුසේ කියන්නේ... කියන ගමන් නැගිටින්න හැදුවත් ඇමති ලී ට නැගිටින්න අමාරු වුණා..

  මං හිතන්නෙ මට අමතක වුණා..

  මොනා ද..

  පෙත්ත ගිල්ලොත් බේර ගන්න කාලෙ ඇති.. ඒත් මොනා කරන්න ද.. අද හපලනේ කෑවේ.. ඒක නම් ලොකු අත් වැරැද්දක්..

  ම්..මොනා ද ...ත්..තමුන්...ආආහ්හ්හ්හ්..

ඇයි හුස්ම ගන්න අමාරු ද.. ඔලුව පුපුරන්න වගෙ නෙහ්.. හ්ම්.. මට තෙරෙනවා ඒත් ඉතිං මොනා කරන්න ද.. කියන ගමන් තරුණයා දාගෙන ඉදපු කණ්ණාඩි දෙක ගලවලා කට කොනින් හිනා වුණා..

ට්...තම්..මුන්...ස්....ස්ව්...ස්වොර්...
 
  ෂ්ස්ස්ස්.....🤫

.......................................................................
Jin pov.

ජි වොනා මං ගන්න එනවා හරි ද..

දේ.. පරක්කු වුණාට කමක් නෑ..

කපටි කෙල්ල.. මං එනවා කොහෙවත් යන්න එපා හරි ද..

දේ... මං යනවා ඔප්පා..

  හ්ම්.. පරිස්සමින් ඉන්න.. මං කියන්නත් කලින් ම ජි වොන් කොලේජ් එක ඇතුළට ගිහින් ඉවරයි..

  ඒරා වගෙ ඩොක්ටර් කෙනෙක් වෙන්න ඉදපු ජී වොන් දැන් ඇක්ට්‍රස් කෙනෙක් වෙන්න දගලනවා.. මට එයාට ඒක කරන්න දෙන්න බෑ.. ජී වොන්ව පරිස්සමින් බලා ගන්නවා කියලා මං පොරොන්දු වුණා.. ජී වොන් මගෙ ජිවිතේ වගෙ..  ඒරා වගෙ එයාටත් යන්න දෙන්න බෑ.. මේ හැම දේම වෙනස් වුණේ ඒරා යන්න ගියාට පස්සේ.. නෑ ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ හැමෝම හිතුවේ ඒරා අපිව දාලා ගියා කියලා..

  එදා මං ආයෙ ම එනකොට නම්ජුන් ඒරාට ආයෙම පණ අරන් තිබුණා.. ඒ කොහොමද කියලා මම දන්නෙ නෑ.. ඒත් ඒරා හුස්ම ගන්නවා දැක්කට පස්සෙ මට දැනුනා මං ආයෙම ජිවත් වෙනවා වගෙ.. ඒත් ඒරාව පරිස්සම් කර ගන්න ඕනි නිසා මං නම්ජුන් එක්ක ඒ ගැන රහසක් විදිහට තියා ගන්න හිතුවා.. ඒරාගෙ පවුලෙ අය ව මං කවදාවත් දැකලා නෑ.. මං ඒ ගැන හොයලත් නෑ.. මං එදා බොරුවට තියපු ෆියුනල් එකටවත් මං ගියෙ නෑ.. නම්ජුන් මට ඒ ගැන බලා ගන්නම් කියලා පොරොන්දු වුණ නිසා..

ඒරාගෙ ආදරේ... ඒ කුකි කියලා මගෙ හිත සැක කරත් ඒ නම්ජුන් වුණෙ කොහොමද කියලා මට හිතා ගන්න බෑ.. දකින දකින වෙලේට නම්ජුන්ව මරන්න හදපු මගෙ දග කෙල්ල ඒ කොල්ලට කොහොම ආදරේ කරන්න පටන් ගත්ත ද කියලා මම දන්නෙ නෑ.. ඒක හිතන්නවත් අමාරු වුණේ එදා මං ඉදියෙ නැත්තම් නම්ජුන් මේ වෙනකොට මැරිලා නිසා..
 
  Flashback

  ඔයා ආරාගෙන් ඈත් වෙලා ඉන්න..

  එහෙනම් තමුන් මැරෙන්න ඕනි එච්චරයි.. සරලයි.. මං නම්ජුන්ගෙ ගෙදරට ගියත් ඒකා ඉස්සරහා ඉදපු නැති නිසා මං ඒකගෙ කාමරේ ළගට යනකොට ඇහුණෙ ඒරාගෙ සද්දේ..

  ඒ කටහඩ.. ඒරාට තරහා ගියාම ඒ තරම් එයාගෙ කටහඩ දරුණු වෙනවා.. මං ඉක්මනට දොර ඇරගෙන ඇතුළට යද්දි ඒරා කිණිස්ස බෙල්ලට ඒම් කරලා අනින්න හදනවත් එක්ක ම මං ඉක්මනට ඒරාගෙ අත් දෙකෙන් ම අල්ල ගත්තේ මං එක අතක් අල්ල ගත්තොත් අනිත් අතින් නම්ජුන් ට අනින්න පුලුවන් නිසා.. ඒරා කියන්නේ ඒ තරමටම දරුණු කෙනෙක්..

  ඒරා මොනා ද කරන්නේ..

  ඔප්පා අතාරින්න මාව... ඒරා තරහින් කියද්දි මං නම්ජුන් දිහා බැලුවෙ අහකට යන්න කියන්න වුණත් ඒරාගෙ අනිත් එකා තමා මේ.. මූත් කියන දේ අහන එකෙක් නෙවෙයි නේ...

  ඒරා දැන් ඇති..

නෑ මදි.. ඔයා යන්න ඔප්පා.
 
  ඒරා... දැන් ඇති.. මං කිව්වේ ඒරාගෙ අතේ තිබුණ කිනිස්ස පැත්තකට විසි කරලා ඒරාව බදා ගත්තේ ඒරාව සන්සුන් කරන්න පුලුවන් මං දන්න එකම විදිහ ඒක නිසා...

  දැන් සේර ම හරි.. හ්ම්..

  නෑ ඔප්පා ම....

  ෂ්ස්..ෂ්ස්ස්... මං නේ කියන්නෙ හ්ම්.. ඒරා ඇති.. මං බදාගෙන කියලා චුට්ටක් එහාට වෙලා ඒරාගෙ මූණ දිහා බලද්දි ඒරා මං කියන දේට පිටින් යන්න බැරිකමට..

  ආහ්හ්හ්..යන්න ඔප්පා.. ඔයාට මට වඩා ඕනි මේකව බේර ගන්න.. කියන ගමන් මාවත් තල්ලු කරගෙන යන්න ගියා..

  යාහ්හ් ජුනා මොකද්ද කරේ කියහන්.. මං ඒරා යනකම් ඉදලා නම්ජුන් දිහාවට හැරෙන ගමන් ඇහුවත් එකත් බස්සා වගෙ මොකුත් නොකියා..

ඇයි ආවේ..

  මුලින් මං ප්‍රශ්නෙ ඇහුවේ..

  මං ඒකට උත්තර දෙන්නම ඔනි නෑනේ..

මැරියන් එහෙනම්.. යකෝ ඒරාට අද උපරිම තරහා ගිහින් වැදහන් මට මං ආවෙ නැත්තම් මෙලහට .. කෙලින් අඩි හයක් පහළ ...

  මොකට ද ආවේ..

  මේකා.. ඇයි මට එන්න බැරි ද..

  බෑ..

  ඇයි...😏

  මෙහෙ ආරා ඉන්නවා... ඒ නිසා තමුන් කොහොමත් එන්න ඔනි නෑ..

  යකෝ... ඇයි මං ආරා අරන් යයි කියලා හිතුව ද..

  ඔව්..

  අරන් යනවා තමා..😏

  ඒවා ඒ වෙලාවට.. දැන් එන්න ඕනි නෑ..

  මුගෙ ගෑස්.. මටත් ඉන්නවා යකො ලස්සන දොංසෙන් කෙනෙක්..

  එහෙටත් ජන්ග්කුක්ට එන්න දෙන්නෙ නෑනේ..

  ඒකා කුකුළා...

  ඔයා කියලත් වෙනසක් නෑනේ.. නම්ජුන් කියද්දි හොද ඒවා මට මතක් වුණා.. හැබැයි ඉතිං බොරුවකුත් නෙවෙයි.. 😌

   හරි මේ.. කෝ ආරා... ඉදියෙ නෑනේ..  මං ජුනා එක්ක ම එළියට යන ගමන් ඇහුවේ වටපිට බලන ගමන්..

  මං කිව්වා මෙහෙ එන්න එපා කියලා ආරා හොයාගෙන..

  මං මෙහෙ ආවෙ ඔයා හොයාගෙන..

  එහෙනම් ආරා ගැන අහන්නේ..

  තමුන්ගෙ නංගි නිසා... යාලුවගෙ නංගි ගැන හොයලා බලන එක හොදම යාලුවගෙ වගකිමක්.. 😌

  ඒ වගෙ වගකිමක් නොකරට මං තරහා වෙන්නෙ නෑ..

  හරි බන්.. කෝ ආරා...

  ඔම්මලා එක්ක ගමනක් ගියා..

  කොහෙද..

  ඒක ඕනි නෑ... ඇයි ආවේ..

නිකන්..

  ආරා බලන්න ද..🤨

  නැතුව .. ඔයා බලන්න කියලා හිතුව ද.. මං යනවා දොර  හොදට ලොක් කර ගනින් ඒරා රෑ දොළහට ඇවිත් වුණත් බෙල්ල කපන්න බැරි නෑ.. කියන ගමන් මං එළියට ආවා..

  Flashback end.

  ඒ තමයි මගෙ ඒරා.. මගෙ මූන් ගැන්ග් එකෙ සීක්‍රට් බුලට් එක.. මගෙ සික්‍රට් ගන් එක තමයි මගෙ ජන්ග්කුකා... ඒරා නෑ කියන්නෙ මගෙ ඇගෙන් බාගයක් ම පණ නැති වෙලා වගෙ...

මං ජි වොන් ව කොලේජ් එක ළඟින් දාලා ආවේ එයාපොර්ට් එකට... අවුරුද්දකට පස්සේ එයා ආයෙ ම එනවා.. එයා මගෙ ඉස්සරහා ඉන්නවා... මගෙ හිත කියන්නෙම ගිහින් එයාව හග් කරන්න කියලා ඒත්.. අනී.. ආයෙ නෑ කවදාවත්ම... මං නිසා ඔයාට කරදරයක් වෙන්න දෙන්න බෑ ආරා...

නම්ජුන් කිව්වා හරි.. ඔයා පරිස්සම් වෙන්න ඕනි.. ඔයා ළගට ආවෙ නැති වුණාට ඈතින් ඔයා දිහා බලන් ඉදලා මේ හිතට ගොඩක් මහන්සි ආරා.. ඔයාව හොයනවා.. පිස්සුවෙන් වගෙ.. ඔයා මාව දාලා යද්දි මගෙ හයියට ඒරා ඉදියත් දැන් ඒරා මාව දාලා ගිහින් සද්ද නැතුව නිදා ගෙන ඉන්නවා..

  ආරා ටික ටික මගෙ ඉස්සරහට එද්දි මං ඒ ලස්සන සුදු මූණ දිහා බලන් ඉදලා ආරාව මග අරින්න හිතාගෙන අනිත් පැත්ත හැරෙනවත් එක්ක ම..
.
.
.
.
.
.
.
.
.
මතු සම්බන්ධයි ❤️

Đọc tiếp

Bạn Cũng Sẽ Thích

26.9K 4K 21
⚠️don't copy, republish, publishing ss in any social media without the author's permission.. A marriage that happened suddenly‌ .. Will the bond bet...
4.4K 730 6
පුංචි කාලේ ඉදන් ඔම්මගේ අප්පගේ ආදරේ ලග හැදිලා තමන්ගේ ජීවිතේ වීරයා වුන අප්පගේ වෙනස් වීම හමුවේ පුන්චි දූ ලෝකේ ඉන්න පිරිමි ගැන කොහොම හිතයිද?.ඒ හිතට යලි ප...
6.8K 1.3K 30
You Me And Him Trapped Between Life And Death
9.4K 1.6K 13
A person who came to change his life. And if his life is linked to the mafia How do you accept it? ❌🙃🔥