"ඇයි සේහි..!! මොකද කැ ගහන්නෙ?"
"මේ.. මේ මොකද්ද?"
සේහිගෙ කෑ ගැහිල්ලට නම්ජූන් ලොක් කරලා තිබ්බ ස්ටෝරූම් එකට දුවන් ගියපු ජන්කුක්ටයි ටේහ්‍යුන්ටයි දකින්න ලැබුනෙ විශ්වාස කරන්න බැරි දෙයක්.
ස්ටෝරූම් එක ඇතුලෙ රහස් කාමරයක්?
ජන්කුක් ටේහ්‍යුන් දෙන්නා ඒකෙ ඇතුලට යනකොට සේහි ඉන්නවා පොතක් අතේ තියාගෙන ඒක දිහා බයවෙලා වගෙ බලාගෙන. ජන්කුක් ටේහ්‍යුන් දෙන්නා සේහි ලගට ගියා.
"මොකද්ද උනෙ.. මොකද්ද ඔය බලන්නෙ?"
සේහි එයා බලාගෙන හිටපු පිටුව ටේහ්‍යුනුයි ජන්කුක්තුයි ඉන්න දිහාට හැරෙව්වා. ඒත් ජන්කුක්ටයි ටේහ්‍යුන්ටයි ඒකෙ කිසි දෙයක් තේරුන්නැ.. ටේහ්‍යුන් ඒ පින්තූරෙ දිහා බලලා ඒක යටින් තිබ්බ එක හයියෙන් කියෙව්වා
"සඳ දෙව්දුවගේ ශක්තියෙන් නැවත පණ පොවන ලද බළල් මිනිස් ප්‍රාණය අනාවැකිවලට අනුව වයස දහඅට සපිරෙත්ම නැවතත් යට ගියාවූ වෘක බලය ඉහලට පැමිණෙනු ඇත..
ඇල්ෆාවරුන් දෙදෙනෙකුට දාව මොහුගෙ ශරීරයේ ප්‍රාණය පවතින්නෙ සඳ දෙව්දුවගේ ශක්තියෙන් වන බැවින් වෘක ස්වරූපය ලැබෙන්නෙ ඔහුගෙ පෙර බළල් ස්වරූපයේද ශක්තීන් හා තවත් බලවත් වෘක ශක්තීන් එකතු වීමෙනි.!"
සේහිගෙ අතේ තිබ්බ පොත අතට ගත්ත ටේහ්‍යුන් ඒකෙ තියෙන ඒවා කියවනකොට ජන්කුක් එ දිහා බලන් හිටියත් එ දෙන්නට ඒකෙ කිසි විශේෂයක් දැනුනෙ නැ..
ඒත් සේහිට...!!!
එයා දන්න බළල් ශක්තිය එකතු උන කෙනෙක් ඉන්නවා.. ඔව්.. ඒ හ්‍යුන්ජින්!!
හ්‍යුන්ජින් ගැනත් පොත්වලට තියෙනවා? අනික පරන පොතක.. අනාවැකි.. සේහිට මේවා විශ්වාස කරන්න පුලුවන්ද?
ඒත් හ්‍යුන්ජින් කොහොමද වුල්ෆ් කෙනෙක් වෙන්නෙ?
මොකද්ද අනාවැකිය කියන්නෙ?
හ්‍යුන්ජින් කොහොමද සඳ දෙව්දුවගෙ ශක්තියෙන් ඉපදෙන්නෙ?
මේ කියන කෙනා හ්‍යුන්ජින්මද? නැත්තං වෙන කෙනෙක්ද?
සේහි කල්පනා කරා.. නියපොත්තත් කටේ ගහගෙන බය වෙලා වගෙ දස අතේ කල්පනා කරන සේහි ගාවට ගිහින් ජන්කුක් හයියෙන් අත්පුඩියක් ගැහුවා.
*ක්ලැප්*
සේහි ගැස්සිලා ජන්කුක් දිහා බැලුවම පොත අතේ තියන් හිටපු ටේහ්‍යුනුත් ඒ ලගට ආවා.
"ඇයි දැන් උබ කැ ගැහුවෙ මේක දැකලද? මේක මේ පරණ පොතක්.. අනික මේ රහස් කාමරේ?? කොහොමද ඇරියෙ? මමයි කුකීයි ඔයාට කලින් ඉදලා මෙහෙ හිටියා. අපිවත් දන්නැ මේක ගැන"
ජන්කුක් කාමරේ වටේම ඇස් යවන ගමන් ඇහුවා.
"මෙන්න මේ බෝලෙ මේ ලාච්චුව ලග බිම තිබ්බෙ. ඒක බාගෙට ඇරිලා වගේ තිබ්බ නිසා ඒක වහලා බෝලෙ ගන්න ගියාම මේ බිත්තිය එක පාරට මෙහාට උනා.. ඇතුලට ගියාම තිබ්බ මේසෙ උඩ මේ පොත පෙරලලා තිබ්බා.."
සේහි කියන දේත් උනන්දුවෙන් අහගෙන හිටපු ටේහ්‍යුන් ආයෙත් පොතට මූන ඔබාගත්තා..
"කුකී? බළල් ශක්තිය තියෙන මිනිස් ස්වරූප ඉන්නවද? අනික එහෙම එක්කෙනෙක් ඉපදෙන්නෙත් කල්පෙකට සැරයක් නේහ්?"
සේහිගෙ ඇස් දෙක තවත් ලොකු උනා.. සේහිට හිතාගන්න බැ මොනාද මේ වෙන්නෙ කියලා..
(කල්පෙකට සැරයක් ඉපදෙන්නෙ එක්කෙනෙක්නම් මේ කියන කෙනා අනිවාරෙන් හ්‍යුන්ජින් ද? අනික.... අනික
මොකක්...!!!??
ඇල්ෆාවරු දෙන්නෙක්ට දාව...!?)
සේහි වෙව්ලන අත්දෙකෙන් කට වහගෙන ඉද්දි එයාගෙ නලල දෙපැත්තෙන් දාඩිය බේරෙනවා ජන්කුක් ටේහ්‍යුන් දෙන්නා දැක්කා..
"සේහි...!! මොකද මෙ බය වෙලා වගේ? ටේ මේ බලන්නකො"
"සේහි... සේහි ඇයි මේ.. කතා කරන්නකො"
"හ්-හ්‍යුන්ජින්... මට.. මට හ්‍යුන්ජින්ට කතා කරන්න ඕනෙ"
"හ්‍යුන්ජින්? හ්‍යුන්ජින්ට කියන්න කලින් අපි දෙන්නට කියන්න මොකද්ද උනේ කියලා... අපිට වඩා එයාව ලොකු උනේ කොහොමද ආ...!?"
සේහි ඒ කාමරෙන් යන්න හැදුවම ටේහ්‍යුන් සේහිගෙ වැලමිට ලගින් අල්ලගෙන ටිකක් සැරෙන් ඇහුවම ජන්කුක්ත් ඒකට එකඟ වෙන්න ඔලුව වැනුවා..
"අතාරින්න ටේ.. මට හ්‍යුන්ජින්ට කතා කරන්න ඕන.. ප්ලීස් යන්න දෙන්න"
"මොකක් ගැනද එයත් එක්ක කතා කරන්නෙ"
"ඒක මං ඔයාලට පස්සෙ කියන්නම්.."
"අතාරින්න එපා ටේ... මේ අහනවා..ඒ ඉන්නෙ තමුසෙගෙ බෝයිෆ්‍රෙන්ඩ්නුත් නෙවෙයිනම්.. ඌත් එක්ක මොකද්ද ඔච්චරටම තියෙන සම්බන්ධෙ.. අනික තමුසෙ දන්නවනෙ. තමුසෙගෙ ජීවිතේ තියෙන්නෙ අනතුරේ.. මේ කොහෙවත් යන එකෙක් ඔලුව උඩට අරන්"
"ජන්කුක්......!!!!"
සේහිගෙ සද්දෙ ඒ කාමරේ ඇතුලේ දෝංකාර දුන්නා. සේහි ජ්න්න්කුක්ගෙ දිහාට දබර ඇගිල්ල දික් කරලා කතා කරන්න ගත්තා.
"හ්‍යුන්ජින් කියන්නෙ කොහෙවත් යන එකෙක් නෙවෙයි......!!! ආයෙ තමුසෙ ඕක මට ඇහෙන්න කිව්වොත්, තමුසෙ මගෙ අයියා කියන එකත් මට අමතක වෙයි"
සේහි බොහොම කලාතුරකින් ජන්කුක්ට නම කියලා කතා කරන්නෙ. සේහිගෙ ඇස් කොන් ගින්දර වගේ රතු වෙලා.. සේහි හඬ උස් කරලා කතා කරනකොට ජන්කුක් වගේම ටේහ්‍යුන්තුත් බය උනෙ නැ කිව්වොත්, ඒක බොරු... ඒ දෙන්නා පවා ගැස්සිලා ගියා..
සේහිගෙ සද්දෙට ටේහ්‍යුන්ට දන්නෙම නැතුව සේහිගෙ අත අතෑරුනා.. සේහි එතන තිබ්බ පුටුවෙන් වාඩි වෙලා නලලට අත්දෙක තියාගෙන මේසෙට බර උනා.. ඒත් ජන්කුක්ටයි ටේටයි තරහ ගියා.. මොකද්ද සේහි මෙච්චර හ්‍යුන්ජින්ව සුද්ද කරන්නෙ කියලා..
"මොකද්ද තමුසෙ මෙ කතා කරන විදිය ආ... පිට කෙනෙක් නෙවෙයි නම් හ්‍යුන්ජින් කියන්නෙ තමුසෙගෙ කව්ද? කියනවා ඒක"
ජන්කුක් මේසෙට බර වෙලා සේහිගෙන් ඇහුවම සේහි අර විදියටම ඇස් කොන් දෙක රතු කරගෙන ජන්කුක් දිහා බැලුවා.
"මගේ කව්ද කියලනෙ දැනගන්න ඕන නේහ්?"
සේහි පුටුවෙන් නැගිටලා ටේගෙයි ජන්කුක් ගාවටයි අඩියෙන් අඩිය තිය තිය ගියා. ඒ ඩබල අත් දෙකත් පපුවට බැඳගෙන බලන් හිටියා.
"හ්‍යුන්ජින් කියන්නෙ...!!
මගෙ මල්ලි....!"
තප්පර දෙකක්....
තුනක්....
හතරක්...
කිසිම සද්දයක් තිබ්බෙ නෑ.. මුලු මැන්ශන් එකම මීයට පිම්බා වගේ නිහඬයි.. ඒත් ටික වෙලාවකින්,
ටේයි කුකීයි බඩවල් අල්ලගෙන හිනාවෙන්න ගත්තා..
"හම්මො.. යකෝ.. මල්ලි...!? මේකි මේ සහෝදරයෙක් හොයාගෙන තියෙන්නෙ කොහෙන්ද ටේ?"
"කුකී.. හිනාවෙන්න එපා කුකී ඔයා හිනාවෙන විදියට මටත් හිනා යනවා.."
"හම්මෝ... හම්මෝ... පොඩ්ඩක් ඉන්න.. මොකද්ද කිව්වෙ ආයෙ කියහන්.. හ්‍යුන්ජින් කියන්නෙ තමුසෙගෙ මල්ලි? ආආආහ්හ්හ් අම්මෝ මට බෑ..."
සේහි දැන් ඉන්නෙ හොදටම ලේ කුපිත වෙලා.. බඩ අල්ලගෙන දෙකට නැවිලා හිනාවෙන ටේගෙයි කුකීගෙයි ගාවට ගියපු සේහි දෙන්නගෙම පිටට ඩෝං ඩෝං ගාලා ගැහුවා..
"හරි හරි හිනාවෙන්නැ.. අම්මො රිදුනා යකො"
"මං කියන්නෙ ඇත්ත කුකී.. ඊයෙ මං ටේට ඒක කියන්න ගියත් මං ඒක නොකියා හිටියා"
"ඊයෙ මොකද්ද මට කියන්න ගියේ"
"මගෙ අම්මගෙ මාලෙ... ඒක... ඒක හ්‍යුන්ජින් ලග..."
"මොකක්...?"
ඔන්න ඒ පාරනම් කුකීයි ටේයි දෙන්නම හිනාවෙන එක නවත්තලා අමුතු විදියට සේහි දිහා බලන් හිටියා.. ටේට මතක් උනා.. සේහි කලින් දවසෙ එහෙම එකක් කියන්න ගියා කියලා..
"ම්ම්.. ඔයාලා දන්නෙ නැතුව එහේ ගොඩක් දේවල් සිද්ද උනා.."
"ඒත් කොහොමද කියන්නෙ ඒ ඉන්නෙ ඔයාගෙ මල්ලිමයි කියලා.. ඒක වෙන්න බැ සේහි.. සන්හි ආන්ටිට හිටියෙ ඔයා විතරයි.."
"අපි කවුරුවත් කවුරුත් ගැන හරියටම දන්නෙ නෑනෙ ටේ.. නේද? අපෙ ඔම්මා අප්පා.. එයාලට එක පාරට මොකද උනේ.. එයාලා කව්ද? මොනා කරපු අයද? ජියා නම්ජූන් ගාවට අපි ආවෙ කොහොමද? ඇයි අපි මේ දෙන්නා ලගට ආවෙ.. ඒ මුකුත් අපි දන්නැ.."
"හ්ම්ම් ඒක ඇත්ත. ඒත් හ්‍යුන්ජින් කියන්නෙ ඔයාගෙම මල්ලිද කියලා කියන්නෙ කොහොමද.. මාලයක් ඕන කෙනෙක් ගාව තියෙන්න පුලුවන්නෙ..
හරි කියන්නකො.. මොනාද එහේදි උනේ."
"වැදගත්ම දේ.. ඔසී ගිහින් දෙවෙනි දවසෙම මං දැනගත්තා හ්‍යුන්ජින් කියන්නෙ ශිෆ්ට් වෙන්න පුලුවන් පූසෙක් කියලා"
(ටේ,කුකී):- "මොනවා පූසෙක්....!?"
"ඔව්...."
"එතකොට... එතකොට මේ පොතේ...
•
•
•
•
ස්ටෝරූම් එකේ රහස් කාමරේ තිබ්බ පුටු සෙටි එකේ වාඩිවෙලා සේහි එහේදි උන සේරම දේවල් කුකීටයි ටේටයි කිව්වා.. සමහර වෙලාවකට කුකීගෙයි ටේගෙයි ඇස් ලොකු උනා.. සමහර වෙලාවට හ්‍යුන්ජින් ගැන තරහ ඇති උනා, සේහි ගැන තරහ ඇති උනාම සේහිට ගැහුවා.. 'ඇයි ඒගොල්ලොන්ට මේ කිසි දෙයක් කිව්වෙ නැත්තෙ කියලා'
හ්‍යුන්ජින් ගැන, බ්‍රැන්ඩො ගැන, යෝරා ගැන කියනකොට ටේ කුකී දෙන්නා ගල් වෙලා වගෙ අහන් හිටියා...
•
•
•
"
එතකොට හ්‍යුන්ජින් කියන්නෙ ශිෆ්ට් වෙන්න පුලුවන් පූසෙක්නම්... එයාද කල්පෙකට සැරයක් සඳදෙව්දුවගෙ ශක්තියෙන් ඉපදෙන කෙනා..?"
ටේ එහෙම අහනකොට ජන්කුක් හිටියෙ සේහිගෙ ඇගට හේත්තුවක් දාගෙන උඩ බලාගෙන.
"ඉතින් ටේ එහෙම උනොත්.. හ්‍යුන්ජින් කොහොමද සේහිගෙ මල්ලි වෙන්නෙ.. සේහි කියන්නෙ සාමාන්‍ය මනුස්සයෙක්නෙ?"
"මටත් තියෙන ප්‍රශ්නෙ ඒක තමයි කුකී.. ඒත් හ්‍යුන්ජින් මාත් එක්ක ඉන්නකොට මට දැනෙනවා එයා මගේ මල්ලි කියලා.. ඔයාලම කිව්වනෙ අපි දෙන්නා එක වගේ කියලා.. අනික මගෙ ඔම්මගෙ මාලෙ හ්‍යුන්ජින් ගාව තියෙන්න විදියකුත් නැ එයා මගේ මල්ලි නෙවෙයිනම්"
"සේහි...."
"ම්ම්ම්.. ඇයි කුකී..? එහාට වෙන්නකො ඔයා බරයි අනේ"
කුකී තවත් සේහිගෙ ඇගට හේත්තු වෙලා ඉදලා උකුලෙන් ඔලුව තියාගත්තා.
"මේ ටේ... මෙයාගෙන් තාම මට සෙන්ට් එකෙ සුවඳ එනවා.."
"ඇහ්"
"ඔව් මෙ ඇවිල්ලා බලනවකො"
ජන්කුක් සේහිගෙ බඩ පැත්තට හැරිලා ඉව කරන්න වගෙ කැඩි කැඩි හුස්ම උඩට ගත්තා.. ටේත් ඇවිල්ලා සේහිව ඉව අල්ලන්න ගත්තම සේහි හිටියෙ මෙ මල විකාරෙ එපා වෙලා..
"අයියෝ මොන මගුලක්ද අනෙ.. එහාට වෙනවා.. මට එහෙම කිසි සුවඳක් එන්නැහ්නෙ"
"කුකී... ඇත්තනෙ.. එනවා තමයි.."
"මට ආයෙත් රට් එක හැදෙන්න බැරි කමක් නැ මේකිගෙ සුවඳට"
"හා හා මේ.. එහාට වෙලා ඉන්නවා එහෙනම්.. අම්මෝ ඊයෙ තමුසෙ මෙතන අල්ලපු පාර මට සිහි නැතිවෙන්න ආවා"
සේහි ගානක් නැතුව පපුවෙ එක පැත්තක් අල්ලගෙන කියනකොට කුකී ඉක්මනින් සේහිගෙ උකුලෙන් අයින් උනා..
"සොරි"
ජන්කුක් මූනත් අව්ල් කරගෙන එහාට උනාම සේහිට පස්සෙ තමයි මීටර් උනේ එයා කිව්වෙ මොකද්ද කියලා..
"ආහ් හයියෝ නැ. නැ.. ඒක නිකන් කිව්වෙ.. මේ කුකී"
සේහි පැනලා කුකීගෙ උකුලෙන් ඔලුව තියලා කකුල් දෙක ටේගෙ උකුල උඩින් තියාගත්තා.. ටේ වැඩි කතාවක් නැතුව මේ දෙන්නගෙ කතාවලට ඇහුම්කන් දෙන ගමන් පොත කියව කියව හිටියෙ.
"කෝ එහාට වෙන්න සේහි.."
"ම්හුක්... බෑ... *kiss*"
"ආහ්..!! සේහි මට කිති.."
ජන්කුක් අව්ල් ගත්තා කියලා තේරුන සේහි ජන්කුක්ව කිස් කරලා කිතිකවන්න ගත්තා. සේහි හිනාවෙවී කකුල් දෙක ගසනකොට ටේ සේහිගෙ කකුල් දෙක හයියෙන් අල්ලගත්තා..
"මේ.. තමුසෙ අපිට බැන්නට තමුසෙ කොච්චර දේවල් අපෙන් හංගලාද? හරිනම් හම ගහන්න ඕන."
"ඇත්ත ටේ.. මෙතන අපි ඉස්සරහ පැය ගනන් හොටු පෙරන් අඩනවා කිව්වෙ නැ කියලා.. එ උනාට මේකි.."
"නැ නැ. මං ඇත්තටම බය උනා ඔය දෙන්නට කියන්න.. යෝරගෙ ප්‍රශ්න නිසා ඔයාලත් කලබල වෙයි කියලා හිතුනා.. මාව බලාගන්න හ්‍යුන්ජින් හිටියනෙ. අනික ඔයාලට කිව්වොත් මාව මෙහාට ආයෙ ගෙන්නගන්නවා. එතකොට මට මුකුත්ම දැනගන්න වෙන්නැ... ඉතින්.... මේ... ඒක තමා මං කිව්වෙ නැත්තෙ"
*clap*
*clap*
*clap*
"ම්ම්.. හරිම නියමයි. ඇහුනද ටේ.."
"ඇහුනා.. ඇහුනා.. කොහොමත් ඉස්සෙල්ලා ආපු කනට වඩා පස්සෙ ආපු අං ලොකු වෙනවලුනෙ"
"අනේ එහෙම නැ ටේ... ඇත්තටම මට බය හිතුනා.. ඔයාලත් කලබල උනොත් යෝරගෙ ඊලග ප්ලෑන් එක මොකක් වෙයිද? හ්‍යුන්ජින්ට වගේම ඔයාලටත් කරදරයක් වෙයිද කියලා මං හිතුවා"
සේහි කියන කතාව ඇත්ත.. හදිස්සියේවත් ටේකුකී දෙන්නටත් ප්‍රශ්නයක් උනොත් මෙ ප්‍රශ්නෙ ලිහාගන්න කලින්ම තවත් වැඩි වෙනවා..
"ඒ උනාට ඔයා වැරදී සේහි.. අපිව ඈත් කරලා තියලා ඔයා තනියම ප්‍රශ්න විසඳන්න යන එක වැරදි"
"ම්ම්ම්.. අපි තුන්දෙනා දැන් ඉඳලා පොරොන්දුවක් වෙන්න ඕන.. ආයෙමත් අපි තුන්දෙනා අතර කිසි රහසක් තියෙන්නැ කියලා"
සේහි එයාගෙ අත ඉස්සරහට කරාම ඒ අත උඩින් ටේ අත තිබ්බා.. ටේගෙ අත උඩින් කුකී අත තිබ්බා..
"පොරොන්දු වෙනවා.. ආයෙ අපි තුන්දෙනා අතර කිසි රහසක් නැ"
"මමත් පොරොන්දු වෙනවා"
සේහි ඉස්සරහ ජන්කුක් ටේහ්‍යුන් දෙන්නා පොරොන්දු උනා.
"ටේ.. කුකී... දැන් අපි හොයාගන්න ඕන මේක.. කොහොමද විශ්වාස කරන්නෙ. හ්‍යුන්ජින්ට දහඅට සම්පූර්ණ උනාම වුල්ෆ් කෙනෙක් වෙනවා කියලා. අනික වුල්ෆ්ලා දෙන්නෙක්ට දාව ඉපදුනානම්... මම??"
"ඔයා වුල්ෆ් කෙනෙක්නම් ඔයාට අඩුම තරමෙ ශිෆ්ට් වෙන්නවත් පුලුවන් වෙන්න ඕන සේහි.. මං අහලා තියන විදියට සන්හි ආන්ටි සාමාන්‍ය මනුස්සයෙක්නෙ"
"ඔය පොත දෙන්නකො ටේ.. අපි කියවලා බලමු තව මේකෙ මොනාහරි තියෙනවද කියලා"
සේහි පොත අරගෙන කියවනකොට ජන්කුක් අර බෝලේ බිත්තියකට ගහ ගහ හිටියා.. ජන්කුක්ට එහා පැත්තෙන් ටේහ්‍යුන් වාඩිවෙලා හිටියා..
ජන්කුක් බෝලේ බිත්තියට ගහනකොට ටේහ්‍යුන්ගෙ එක අතක් ජන්කුක්ගෙ කලවා උඩින් තිබ්බම ජන්කුක් ගැස්සිලා ගියා.. ජන්කුක්ගෙ බිත්තියට ගහපු බෝලේ ආයෙ අල්ලගන්න ටයිම් මදි උනා.. ඒක ඇවිල්ලා ජන්කුක්ගෙ ඔලුවෙ වැදෙන්න ගනකොටම ජන්කුක් ඔලුව පාත්කරගත්ත නිසා සෙටියට පිටිපස්සෙ තිබ්බ ටේබල් ලෑම්ප් එක බිම වැටිලා කුඩු වෙලා ගියා..
සේහි බය වෙලා පොතේ කියවපු තැනට ඇගිල්ල තියාගෙන නැගිට්ටා.. සේහි ටේබල් ලෑම්ප් එක කුඩු උන තැනට ගියා.
"හයියෝ කුකී......!!!"
"කුකී ගාන්නෙ... තමුසෙනෙ මෙතන මගෙ කකුල්--"
"මෙ දැන් ටිකකට කලින් නෙහ් කිව්වෙ තුන්දෙනා අතර රහස් නැ කියලා.. කුකීගෙ කකුල අතගානවා මං දැක්කා. කුකීගෙ කටින් අත අරගෙන එන්න මෙහාට පොඩ්ඩක්"
සේහි හිනාව කාගෙන කියද්දි මූනවල් රෝස පාට කරගත්තු ටේහ්‍යුන් ජන්කුක් දෙන්නා නැගිටලා සේහි ලගට ගියා..
ඒත්...!!
ටේබල් ලෑම්ප් එක කුඩු උන නිසා ඒක යට තිබ්බ ෆොටෝ එකක් වගෙ දෙයක් බිම වැටිල තිබ්බා.. සේහි ඒක අතට ගත්තා.
"මේ මොකද්ද?"
ජන්කුක් සේහිගෙ අතට එබුනා.
"ගෙයක් වගේ නෙහ්? කොහෙන්ද? පොත අස්සෙද?"
"නැ නැ.. මෙතන ටේබල් ලෑම්ප් එක යට තිබ්බ එකක්... මේ තැන හරි අමුතුයිනෙ.. අප්පා මොකද මේ ෆොටෝ එකක් මෙතන හංගන් තියන් ඉන්නෙ?"
"අන්න ඒක.. හොඳ ප්‍රශ්නයක්.. ඇත්තටම ඇයි දන්නැ.."
"මෙ බලන්න ටේ.. මේ පොතේ සඳදෙව්දුව ගැන තියෙන පිටු ටිකම නැහ්. ඒක ඉරලා අරගෙන.. අනික... අනික මේ බලන්න.. මේ පිටුවෙ තියෙන අඩසඳ දෙකක් මැද්දෙ පුරහඳ සලකුන මේ ගෙදර ඇතුල් වෙන තැන තියෙනවා.. මේ දෙක අනිවාරෙන් සම්බන්ධයි.."
"ඔව්.. මොකක්හරි සම්බන්ධයක් මේකෙ තියෙනවා.. අපි ඉස්සෙල්ලම මේක අස් කරලා ඊටපස්සෙ ඔය ඉරිලා තියෙන කොල ටික හොයන්න ගමු. අනිවාර්යයෙන් මෙ කොහේ හරි ඇති."
ටේ ඒ අමුතු කලුසුදු ෆොටෝ එක දිහා බලාගෙන ඉඳලා ෆොටො එක ආයෙමත් සේහිගෙ අතට දීලා කැඩුනු ලෑම්ප් එකේ වීදුරු කෑලි අස් කරන්න ගත්තා..
"ටේ..... කුකී......."
"ඒ පාර මොකද?"
"මේ.... මේ.. මේ ෆොටො එක පිටිපස්සෙ... මේ තියෙන පාර. අනිවාරෙන් මෙ ගෙදරට යන පාර වෙන්න ඕන.. අපි හොයන් යමුකො"
සේහි උද්‍යෝගයෙන් කතා කරද්දි ටේහ්‍යුන් සනිකව නැගිටලා සේහි ගාවට ගිහින් ඒ ෆොටෝ එක අතට ගත්තා.. ඔව් ඒ ෆොටෝ එක පිටිපස්සෙ පාරක් තියෙනවා තමයි. පාර අවසන් වෙන තැන අඩසඳ ලකුනු දෙකක් මැද්දෙ පුරහඳ සලකුනක් තියෙනවා.
"ඒත් සේහි.. මේකෙ පටන් ගන්න තැනක් නැනෙ.. අපි කොහෙන්ද මේක හොයාගන්නෙ"
"අපි අර කැලේට ගිහින් බලමුද?"
"ආආආහ්හ්හ්"
"අයියෝ කුකී....!"
ටේබල් ලෑම්ප් එකේ වීදුරු කටු අහුලන්න ගිහින් කුකී එයාගෙ අතේ වීදුරු කටුවක් ඇනගෙන.. එතනින් ලෙ යනවා හෝ ගාලා.. ටේ ටක් ගාලා ජන්කුක් ගාවට යද්දි. බය උන සේහිත් ෆොටෝ එක පැත්තකින් තියලා කුකී ගාවට ගියා..
සේහිට කුකීගෙ ලේ දැක්කම අමුත්තක් දැනුනා.. සේහි නිකන් බලන් හිටියෙ කවදාවත් දැකලා නැති දෙයක් දිහා බලනවා වගෙ. ඒ වගේම ඒ දිහා බැලුවම සේහිට මොකක්හරි මතක් වෙනවා මතක් වෙනවා වගේ තිබ්බත් සේහිට ඒක හරියට ඔලුවට එන්නෙ නෑ.. හිතන්නවත් වෙලාවක් නොතියා සේහි ජන්කුක් ලගට ගිහින් ජන්කුක්ගෙ ලේ යන අතේ ඇගිල්ල කටේ දාලා උරන්න ගත්තා..
ජන්කුක් ටේගෙ දිහා බලලා ආයෙමත් සේහිගෙ කටින් ඇගිල්ල ගන්න හැදුවත් සේහි ආයෙම ඒක උදුරගෙන ඉරුවා..
"(මොකද්ද ඒ ලේ විල)"
සේහි එයාගෙ මනෝකාය තුල අතරමං උනා
•
•
•
•
"මට නම් හිතෙන්නෙම අනිවාරෙන් මේක ඇතුලෙ තමයි මේක තියෙන්නෙ"
"මංදන්නැ බන් මේකි නිසා අපිටත් මැරෙන්න වෙන්නෙ"
මේ තුන්දෙනා හිටියෙ දීර්ඝ විවාදෙකින් පස්සෙ කැලේට ඇතුල් වෙන්න තියෙන පාර ලග.. ටේකුකී දෙන්නා කොච්චර බෑ කිව්වත් සේහිගෙ ඇඬිල්ල අහන් ඉන්න බැරි නිසාම, ඒ ෆොටො එකෙ තියන ගෙදර හොයාගත්තත් නැතත් ඔම්මලා ගෙදර එන්න කලින් එන්න ඕන කියන පොරොන්දුව පිට සේහි එලියට ආවා..
ගස් ගල් උඩින් පැන පැන යන සේහි දිහා බලාගෙන පිටිපස්සෙන් ටේකුකී දෙන්නා ගියේ සේහිව වැටුනොත් අල්ලගන්න බලාගෙන..
"කොහේද මේ?"
"මේ තමයි කුකී මෙතන... මේ තියෙන්නෙ. අපි ඉන්නෙ හරියටම මෙතන. මේ බලන්න ගස් දෙකකුත් තියෙනවා."
"අනේ මෝඩියේ.. මෙ කැලෑව පුරාවටම ගස් තියෙනවනෙ.. තව්සෙ කොහොමද කියන්නෙ ඔය කොලේ තියෙන්නෙ මේ ගස් දෙකමයි කියලා.."
ටේහ්‍යුන් සාක්කුවට අත් දෙකත් දාගෙන හොඳට වටපිටාව ගැන ඇහැ ගහන් හිටියා.. මොකද සේහි කලින් මෙ කැලෑවට ආපු වෙලාවෙ තමයි සේහිව අල්ලගන්න ඉන්න අය සේහිව දැකල තියෙන්නෙ.. සේහිට කොච්චර තේරුම් කරන්න හැදුවත් මේ යන ගමන අනතුරුදායකයි කියලා සේහි කිව්වෙ 'ඔයාලා එන්නෙ නැත්තං ඉන්න මංනම් මැරුනත් මේ ගමන යනවමයි' කියලා.. ඉතින් මෙ දෙන්නටත් මේ ගමන නෑවිත් ඉන්න බැරි උනා..
ටික දුරක් යනකොට ජන්කුක්ගෙ බැන්ඩේජ් කරලා තිබ්බ තුවාල උන ඇගිල්ල ගහක කටුවක පැටලුනා...
"ආහ්..!!"
"ඇයි කුකී මොකද්ද උනේ.."
"මේක ඇමිනුනා ටේ.. තුවාලේ පැරුනාද දන්නැ.."
"කෝ බලන්න...
මේ මේක ලිහන්න බැ වගෙ.. කරන්න දෙයක්
නැ ඔතපු එක ගලවමු"
බැන්ඩේජ් එක හෙමින් හෙමින් ගලවනකොට ජ්න්කුක්ගෙයි ටේහ්‍යුන්ගෙයි කටවල් හාස් ගාලා ඇරුනෙත් ඉබේටමයි..
"කෝ තුවාලෙ.....!?"
"ඒක හැලුනවත්ද?"
"ගොං කතා කියවන්න එපා කුකී..."
"ඉතින් නැහ්නෙ දෙයියනේ.. ඔහ් මයිමූන්ගෝඩස් කැළලක්වත් නැ.. සමහරවිට අපි හීනයක්ද දැක්කෙ වීදුරු කටුවකට මගෙ ඇගිල්ල කැපෙනවා..."
"එහෙම්--"
"ටේ..........!!! කුකී............!!!"
මේගොල්ලො මෙ වෙනකොට කැලේ සෑහෙන්න ඇතුලට ඇවිත් හිටියෙ. ඒ දෙන්නගෙ ඇස් මානෙ පේන්නෙ නැතුව සේහි වෙන කොහේද ඉදන් කැගහනකොට බය උන ටේකුක් ඩබල සේහිගෙ කටහඬ ඇහෙන පැත්තට දිව්වා... ඒ දුවලා නතරවෙන තැන ටේහ්‍යුන් ජන්කුක් දෙන්නගෙ කටවල් ආයෙත් බිමටම ඇරුනා..!!!
"ම්-මේ තියෙන්නෙ එ-ඒක තමයි"
•
•
•
•
ඇත්තටම සමාවෙන්න පරක්කු උනාට.. ඉක්මනට දෙන්න හිටියෙ.. ඒ උනාට බැරි උනා..
ඔයාලා සනීපෙන් ඉන්නවා නේත ❤️🩹🐣
අපි අවුරුදු උත්සවයක් කරනවනෙ ලමයි....
🥹❤️
ඉතින් ඒකෙ වැඩයි.. කට් නොකර ක්ලාස් යන ඒවයි කරගත්තම හැරෙන්නවත් වෙලාවක් නැ කෙලින්ම නිදි😒
ආහ්.. ඊටපස්සෙ.. මං වෝට් ගෝල් දාන එක නැවැත්තුවා.. 🌝
ඒක අයින් කරාම කට්ටිය සුට්ටක් වෝට් කරන එක අඩු කරලා තියෙනවා.. අව්ලක් නැ. මං ලියන්නෙ මගේ ආසාවට.
ඒම ඕන්නැහ්. කැමති අය වෝට් කමෙන්ට් කරාම ඇති🥰❤️
මං මෙ මහා ලොකු ඕතර් කෙනෙක් නෙවෙයි හරිත..
මට හිතෙන නිසා ලියනවා.. කැමති අය කියවන්ට 🤭
ඒනම් කෙල්ලෙ අපි ගියා...
typin mistakes තිබ්බොත් සමාවෙන්න.. මං පස්සෙ දැක්කොත් හදන්නම්..
Emma...🍓🤍"