Shhh... ( Complete )

By geethma16

1.6K 302 131

Don't trust too much.... Don't love too much.... Don't hope too much.... Because that "too much" can hurt you... More

Introduction
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Last Chapter ❤

Chapter 18

32 7 0
By geethma16

............

  මං බය නෑ ඔයගෙ ඔප්පට.. ජින් කියද්දි ආරා එහාට දුවන ගමන්..

  බය වෙයි.. ඔප්පා සැරයි.. 😛 ඇද කරන ගමන් හිනා වෙවි කියනවත් එක්ක ම ජින්..

  බලමුකො ඔයාගෙ ඔප්ප ද මම ද සැර කියලා.. ජින් කට කොනින් හිනා වෙලා කිව්වේ ආරා ගිය පැත්තට යන ගමන්..

  ජින් දුවගෙන ආරා ළගට යද්දි ආරාත් දුවගෙන ගියත් ජින් ආරාගෙ අතින් අල්ලගෙන ළගට ඇදලා ගන්න ගමන්..

  කොහෙද දුවන්නේ..

  අතාරින්න.. ආරා ලැජ්ජාවෙන් කියද්දි ජින් ලං වෙලා..

  ස්ටෝබෙරි කෑවේ නෑ කාලෙකින්..😌

  එහෙනම් කඩෙන් අරන් කන්න..

   ළඟ තියෙන කොට තව මොකට ද..අද්

ආහ්හ්හ්.. ඔප්පා.. යන්න.. ආරා ජින් ව තල්ලු කරලා එහාට යනවත් එක්ක ම වේගෙන් ආව කාර් එකක් ආරාව හප්පගෙන ගියා..

  අ...ආරා.... ජින් කෑ ගහගෙන ළගට ගියත් ආරා බිම වැටිලා ඉදියේ සිහි නැතුව..
 
  අ..ආරා.. ආරා .. කතා කරන්න.. ජින් ආරා ව තුරුලු කරගෙන කිව්වෙ ආරාගෙ ඔලුවෙන් ලේ යද්දි වගෙ ම මිනිස්සු එතනට එකතු වෙද්දි ...

  ටික වෙලාවකින් ජින් ආරාව අරගෙන හොස්පිටල් එක ඇතුළට ආවත් ආරාව ඔපරේෂන් තියටර් ඇතුළට අරන් ගියේ ජින් ට නතර වෙන්න කියන ගමන්..

  ජින් ලාවට පේන වීදුරුවෙන් ආරා දිහා බලන් ඉදියේ රතු පාට වුණ ඇස් වල පිරුණ කදුළු කම්මුල් දිගේ වැක්කෙරෙද්දි..

  ජ්...ජිනා... නම්ජුන් වේගෙන් දුවගෙන එන ගමන් කියද්දි අනෙක් පැත්තෙන් එරා වගේ ම කුකීත් ජින් ළගට දුවගෙන ආවා..

  ජින්.. ජින් මගෙ ආරා... කෝ ආරා.. නම්ජුන් කලබලෙන් අහද්දි ජින් නම්ජුන් දිහා බලන් ඉදියා මිසක් මොකුත් ම කිව්වෙ නෑ..

  ජින්ව එහාට තල්ලු කරපු නම්ජුන් දොර ළගට ගිහින් ආරා දිහා බලන් ඉන්න අතරේ ඒරා..

  ඔප්පා..

  එ..ඒ මොකාද... ජින් තරහින් අහද්දි ඒරා..

  ම්..මං ඒක බලා ගන්නම්.. ඔප්පා මුලි..

  නෑ මම .. මට ඕනි.. ඒකව බංකර් එකේ තියන්න.. ජින් තරහින් කියද්දි කුකී..

  හරි බන්..

  ඔප්පා.. චුට්ටක් ඉද ගන්නකෝ.. හ්ම්.. එන්න... ඒරා ජින් ව පුටුව ළගට එක්කගෙන එන ගමන් කිව්වෙ නම්ජුන් දිහාත් බලන ගමන්..

  Time passed..

  නම්ජුන් ජින් දෙන්නා මාරුවෙන් මාරුවට එහාට මෙහාට ඇවිදින දිහා ඒරා වගෙ ම කුකි බලන් ඉන්න අතරේ ඇතුළෙ ඉදන් ආව ඩොක්ටර් ළගට දුවගෙන ගිය නම්ජුන් ජින් දෙන්නා...

  ආරා... ආරාට කොහොමද .. අහද්දි ඩොක්ටර් ..

  ඔයාලා පේෂන්ට්ගෙ කවුද..

  ම්..මං..

මං එයාගෙ ඔප්පා.. නම්ජුන් කිව්වෙ ජින්ගෙ අතින් අල්ල ගන්න ගමන්..
  
මා එක්ක එන්න මට කියන්න දෙයක් තියෙනවා..

මටත් කියන්න.. ජින් සැරෙන් කියද්දි නම්ජුන් ..

  ජින් ඉන්න මං ඒක..

  කියහන් ..මොකද මගෙ ආරාට මොකද.. ජින් තරහින් ඩොක්ටර්ගෙ කෝට් එකෙන් අල්ලගෙන කියද්දි ඒරා කුකි දෙන්නත් ජින් ලගට ගිහින් අයින් කරන්න උත්සාහ කරා..

ඔප්පා.. ඉන්න ඒක නම්ජුන් අපිට කියයි..

නෑ මට කියන්න.. ආරාට මොකද .. ජින් තරහින් කෑ ගහලා අහද්දි ඩොක්ටර් ..

  ම්..එ..එයාගෙ ඔපරේෂන් එක සක්සස් වුණත් මේ වෙලාවේ එයා ඉන්නෙ කෝමා එකක... ඩොක්ටර් කියනවත් එක්කම නම්ජුන් කදුළු පිරුණ ඇස් වලින් ඩොක්ටර් දිහා බලන ගමන්..

ම්..ම්වො.. කියද්දි ඒරා නම්ජුන්ගෙ අතින් අල්ල ගත්තෙ නම්ජුන් වැටෙන්න ගිය නිසා..

  ආරාට සිහිය ඒවි නේද..ආහ්.. කියනවා.. ජින් තරහින් කෑ ගහද්දි කුකි ජින්ව අයින් කරන ගමන්..

  ජින් ඉදහන් කෝ.. අතෑරපන් ඩොක්ටර් ව...

  ඒක අපිට කියන්න බෑ.. ඔයාලට තියෙන්නෙ එයාට සිහි එන්න කියලා ප්‍රාර්ථනා කරන එක විතරයි.. ඒත් එයාගෙ බ්‍රේන් එකට ඩැමේජ් වෙලා නිසා මෙමරි ලොස් එකක් වෙන්න පුලුවන්.. ඩොක්ටර් කියද්දි ජින් කකුල් පණ නැතුව වැටෙන්න ගියත් කුකි ඉක්මන් කරලා ජින්ව අල්ල ගත්තා..

  ටික වෙලාවක් රතු වුණ ඇස් වලින් කාමරේ ඇතුළෙ ඉන්න ආරා දිහා බලන් ඉන්න ජින් තරහින් යනවත් එක්ක ම කුකි ජින්ගෙ පස්සෙන් ගියේ ජින් මේ වෙලාවේ තරහා ගිහින් නිසා කාව මරයි ද කියලා දන්නෙ නැති නිසා..

   නම්ජුන් ... ඒරා නම්ජුන් ළගට ගිහින් කතා කරේ නම්ජුන් කිසිම දෙයක් නොකියා බලන් ඉන්න නිසා..

  ගිහින් ජින් ගැන බලන්න..

කුකී බලයි... ගෙදර කවුරුත් ආවෙ නැත්තෙ ඇයි...

  ඔම්මලා මෙහෙ නෑ.. නම්ජුන් දුක හිර කරගෙන කියද්දි ඒරා..

  දුක හිර කරන් ඉන්නෙ නැතුව අඩන්න..

  මං ඇඩුවා කියලා මගෙ ආරා නැගිටින්නෙ නෑනේ.. නම්ජුන් තරහින් ඒරා දිහා බලන ගමන් කියද්දි ඒරා..

  නැගිටින්නෙ නැති එක ඇත්ත.. ඒත් ඔයාත් මේ වෙලාවේ අසනීප වෙන එක නවත්ත ගන්න පුලුවන් ...

  මට එයාව ආයෙම මෙතන දකින්න ඔනි වුණේ නෑ..

  ආයෙ ම.. ?

  අවුරුදු පහේ දී මේ වගෙ ම ආරා හොස්පිටල් එකෙ ඉදියේ.. ඒ විදිහට ම ඔපරේෂන් කරා.. ඒ දේවල් අමතක කරලා සතුටින් ඉන්න ගත්තා විතරයි ඇයි මගෙ ආරාට ආයෙ ම එහෙම වුණේ... නම්ජුන් අත් දෙකෙන් ම මූණ වහගන්න ගමන් කිව්වෙ ඇස් වලින් කදුළු එළියට එද්දි....

  ආරාට සනීප වෙයි.. ඒරා නම්ජුන්ගෙ පිටට තට්ටු කරන ගමන් කිව්වා..

  අනී.. මේ පාර ඩොක්ටර් කියපු විදිහට එයාට මෙමරි ලොස් එකක් වෙවි..

  එහෙම අපිට කිය...

  නෑ ඒරා.. කලින් වුණ ඇක්සිඩන්ට් එකෙ දි අපි ඒක බලාපොරොත්තු වුණත් එහෙම දෙයක් වුණේ නෑ.. දෙවියන්ගෙ පිහිටෙන්.. ඒත් ඩොක්ටර් කිව්වා එයාව පරිස්සම් කරන්න කියලා.. ම... මට මට බැරි වුණා ඒක කරන්න.. මට බැරි වුණා එයාව බලා ගන්න..

  නම්ජුන් .. එහෙම කියන්න එපා.. ඔයා එයාව බලා ගත්තා..

  නෑ.. එයාගෙ ලොකේ වීරයා වුණේ මම.. ඒත් මේ පාර එයා මාව අමතක කරොත්.. මට ඊට වඩා දඩුවක් ඔනි නැති වෙයි.. ඊමෝ සම්චොන් ඉදියත් චූටි කාලේ ඉදන්ම ඔප්පා..ඔප්පා මගෙ ඔප්පා කිය කිය මගෙ ළඟ ඉදියේ.. මං නැතුව නිදා ගන්නෙවත් නෑ.. ඒත් මං.. මට බැරි වුණා..

  ජූන්... ඒරා නම්ජුන් ව බදාගෙන පිටට තට්ටු කරන ගමන් කිව්වේ නම්ජුන් දුකට අඩන නිසා..

  Author pov. End
Flashback end.

  එදා වුණ ඇක්සිඩන්ට් එක නිසා මගෙ ආරාට සිහි ආවේ අවුරුද්දකට පස්සේ.. ඒත් එදා ඉදන් මගෙ ආරාට මගෙ ඒරාවවත් ජින්වවත් මතක තිබුණෙ නෑ.. ජින් ආයෙ ම ආරාට එයා ගැන මතක් කරන්නවත් එයාගෙ ඉස්සරහට ආවෙ නෑ.. මං එදා තරහින් කෑ ගැහුවට ජින් ගොඩක් හිතින් මේක ගැන වද වෙනවා කියලා මම දන්නවා..

  ජින්ගෙයි මගෙයි යාලුකමට ඒ තරම් ලොකු කාලයක් නැති වුණත් ඒ හිත තේරුම් ගන්න පුලුවන් ... ඇස් වලින් ඒ දුක ඒ පසුතැවිම මට හොදට තේරෙනවා.. හැමදාම ආරා ළගටම වෙලා ඉදියා.. ජී වොන් ව ඒරා එක්ක තියලා පුලුවන් හැම වෙලේම ඇවිත් හොයලා බැලුවා.. මං තරහට බැන්නත් ඒ හිත ඊට වඩා ගොඩක් රිදුනා කියලා මං දන්නවා..

  " ආයෙම මං වගෙ කෙනෙක් නිසා අහිංසක ජිවිතයක් විනාස වෙන්න ඕනි නෑ ජුනා.. " ආරාට සිහිය ඇවිත් ජින් මතක නෑ කියලා දැන ගත්ත වෙලේ ජින් මට කිව්වෙ ඒ වචන ටික විතරයි.. ආරාගෙ පලවෙනි ආදරේ වගෙ ම ජින්ගෙ පලවෙනි ආදරෙත් ආරා කියලා මට ඒරා කිව්ව නිසා මං පුලුවන් හැම වෙලේ ම ආරාට ජින්ව මතක් කරන්න හැදුවත් මට ඒක කරන්න බෑ..

  ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ ඔම්මා අප්පා එක්ක ආරාව ඇමරිකාවට එක්කගෙන ගියා.. ආරා දැන් ඩොක්ටර් කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා...  ඉස්සර ඉදපු දග ආරා දැන් නෑ.. අහිංසක ඕනි දෙයක් අහන දොංසෙන් කෙනෙක් වෙලා..

  ඔප්පා මොනා ද කල්පනා කරන්නේ..

  අහ්.. මොකුත් නෑ..

  එහෙනම් නිදා ගන්න..

  හ්ම්ම් .. ඔයත් නිදා ගන්න.. මං ආරාගෙ ඔලුව අත ගාලා කියද්දි ආරා කාමරේට ගියෙ මමත් මගෙ කාමරේට යද්දි..

  හැමෝම ගැන හිතන්න, හොයන්න ඔනි කියලා එයාලව පරිස්සම් කරන්න ඔනි කියපු ඒරා ඔයා යන්න ගියා ම හරි ද.. මේ කාමරේ ඇතුළේ ඔයා එක්ක තිබුණ මතක හැම වෙලාවෙම මගෙ හිත පාරවනවා.. ජනෙලෙන් ඉදගෙන කොයි වෙලෙත් තුවාලයක් කරගෙන ඒම නැත්තම් ගන් එකක් කිනිස්සක් අතේ තියාගෙන මාව මරන්න හදපු ඔයා අද සද්දයක් නැතුව ම යන්න ගිහින්.. 

  නොමරා මරන්න ඔයා හරි දක්ෂයි කිව්වට මං ඒක විශ්වාස කරේ නෑ.. ඒත් දැන් මට තේරෙනවා.. ඔයා හරි ම නපුරුයි කියලා.. ඔයා නිසා මේ හිත කොච්චරක් රිදෙනව ද කියලා දන්නව ද.. හුස්ම ගත්තත් පහළ දාන එක හරි ම අමාරුයි.. එපා කියන දේ අහන්න ම බැරි නිසා නේද එහෙම වුණේ.. එදා මං කිව්වා.. යන්න එපා කියලා..

එක පාරක්.. එක ම එක පාරක් හරි මං කියන දේ අහන්න තිබුණා.. යුනි එකෙන් අයින් වෙන දවසට කරන දේවල් කලින් ම ප්ලෑන් කරා නේද .. ඒවා කරන්න ආවෙ නෑ නෙද ආහ්.. ජන්ග්කුක්ට ජින්ට එයාලගෙ ආදරේ නැති වුණා ම එයාලා තනි වුණා ම ළගට ගිහින් හිත හදන්න ඔයා හරි දක්ෂයි නෙද.. මගෙ හිත හදන්න එන්නෙ නැද්ද.. එදා ආරා හොස්පිටල් එකෙ ඉන්නකොට වගෙ ජුනී කියලා මාව හග් කරන්නෙ නැද්ද..

  ඔයාගෙ හැන්ඩ්සම්ගෙ ඇස් වල කදුළු පිරිලා තියෙනවා ඔයාට පෙන්නෙ නැද්ද ඒරා.. ඔම්මා ආබුජි මොන තරම් විදවනව ද කියලා ඔයාට දැනෙන්නෙ නැද්ද.. ඔයා ඇත්තට ම නපුරු ඇයි ඒරා.. යුනි එකට ගියා ම ඉගෙන ගත්තෙ මේ තරම් ඔයාට ආදරේ කරන අයව රිද්දලා දාලා යන විදිහ ද.. ජින් ජන්ග්කුක් තාමත් පසුතැවෙනවා.. තමන්ට ම වැරැද්ද දාගන්නවා.. ඔයා මේ දිහා බලන් සතුටින් ද ඉන්නෙ ආහ්.. නපුරු කෙල්ල..  

අවුරුදු දෙකක් ඒරා.. ඔයාගෙ හිනාව.. කතාව නැතුව.. හොස්පිටල් එකට ගියත් ඔයාගෙ මොනා හරි දග වැඩක් නැතුව දවස ගෙවන්නෙ ගොඩක් අමාරුවෙන්.. චූටි පැටියෙක් ඉන්නවා.. ඔයා වගෙමයි.. කොයි වෙලෙත් අතක් පයක් කඩා ගන්න හදනවා.. ඔයාගෙ ජිමිනි බබා දැන් ලොකු වෙලා.. ඔයා එයාට බෙහෙත් කරා ද එහෙම නැත්තම් ඒක තව වැඩි කරල ද කියලා මට හිතා ගන්න බෑ...

  මං සොෆා එකට වෙලා ඇස් දෙක ටිකක් ඇස් දෙක පියා ගත්තේ මට තාමත් එදා දවස මතක් වෙද්දි නින්ද යන්නෙ නැති නිසා..

Flashback
  2 Years ago

   ඒරා කෝල් එක කට් කරත් මගෙ හිතට දැනුණ බය නිසා මං ඒරාගෙ කාර් එක තිබුණ පැත්තට ඩ්‍රයිව් කරගෙන ගියත් එක පාරට ම බ්ලැක් කලර් කාර් ගොඩක් මාව පහු කරගෙන ගිය නිසා මට සැක හිතුනා..

  මේ කෙල්ල මොනා කරන්න ද කරන්නේ.. මට සැක හිතුන නිසා මං කන්ද පහළ පාරෙන් කාර් එක අරන් ගියේ ඒ රහස් පාර දන්නෙ මමයි ජිනුයි විතරක් නිසා.. මං කාර් එක නවත්තලා කන්ද පැත්තට හෙමින් නැග්ගලා ගියත් කාර් එකක් පෙරලෙන සද්දයක් ආව නිසා මං හිතුවේ ඒරා කාව හරි මරනවා කියලා.. මං උඩට නැගලා ගලට මුවා වෙද්දි මං දැක්කෙ ඒ ඒරාගෙ කාර් එක කියලා..

  ඒරා.. මට ලාවට කියවෙද්දි ඒරා කාර් එකෙන් එලියට ඇවිත් ළඟ ඉදපු මනුස්සයට ගැහුවා.. ඒ තරම් තුවාල වෙලත්.. ඒ එක පාරට ම හිතන්නත් කලින් මිනිහෙක් ඒරාට වෙඩි තිබ්බා..

මං ඉක්මනට එතනට යන්න හැදුවත් ඒරා මං දිහා බලලා ඒ ඇස් වලින් එන්න එපා කිව්වා.. එයා මාව දැක්ක ද.. කොයි වෙලේ ද.. එ...ඒත්... තිරිසන්නු වගෙ ඒරාට වෙඩි තියද්දි මට පුලුවන් වුණේ ඈත ඉදන් බලන් ඉන්න විතරයි..
 
  උන් ටික යයි කියලා හිතුවත් ඒරාව ආයෙ ම කාර් එකට දාලා කාර් එක තල්ලු කරගෙන ඇවිත් පහළට තල්ලු කරේ කාර් එකට ගිනි තියන ගමන්..

  එ...ඒඑරා... ඒරා.. ඇස් අරින්න.. ඒරා.. මං දොර කඩන්න හදන ගමන් කතා කරේ ඒරාව සිහි නැති වෙන එකෙන් නවත්ත ගන්න ඔනි නිසා.. අමාරුවෙන් දොර කඩලා ඒරාව මගෙ ළගට ගනිද්දි වෙනදට එක තැනක ඉන්න බැරි මගෙ ඒරා මගෙ ඇගට කඩාගෙන වැටුණේ ඇග හැම තැනින් ම ලේ වැක්කෙරෙද්දි..

ඒ...ඒරා... මං ඒරාව අරගෙන ඉක්මනට එතනින් එහාට ගියේ කාර් එක පුපුරලා යද්දී.. දෙන්න ව ම ඈතට විසි වුණත් මං ඉක්මනට ඒරාව මගෙ ළගට අරගෙන කම්මුලට තට්ටු කරේ සිහිය ගන්න ඔනි නිසා..

  එ...ඒඑරා... ඒරා ඇස් අරින්න.. යාහ්.. මං කියන දේ අහනවා කිව්වා නෙද.. ඒරා ඇස් අරින්න.. මං කිව්වෙ ගලක් කරගෙන ඉදපු ඇස් දෙකෙන් කදුළු එළියට එද්දි..

  ඉක්මනට ඒරාව කාර් එකට දාගෙන ඩ්‍රයිව් කරගෙන මම ජින් ට කෝල් කරේ මේ වෙලාවේ ඒරාව හොස්පිටල් එකට අරන් යන එක භයානක නිසා.. එයාව මරන්න ඔනි වුණා නම් මේ ගැන දැන ගත්තොත් ආයෙ ම ඒරාව මරන්න ඒ මිනිස්සු එන්න පුලුවන් කියලා මට හිතුන නිසා..

  ජුනා.. මොකො මේ වෙලාවේ..

  ඉක්මනට .. ඉක්මනට ඔයාලගෙ ඔපරේෂන් රූම් එක රෙඩි කරන්න..

  ම්..මොන.. ජුනා මොනා ද කියන්නේ..

  ඉක්මන් කරහන්.. ජින්.. මගෙ ඒරා මැරෙයි යකෝ... මං තරහින් කෑ ගැහුවා.. මගෙ ඔලුවට දාහක් දේවල් එද්දි ඒරා හුස්ම ගන්න එක නැවතිලා කියලා දකිනකොට හුස්ම ගන්නත් අමතක වුණා..

  මං ලොකේෂන් දැම්මා ඉක්මනට වරෙන්..ජින් කියද්දි මං කාර් එකෙ වේගෙ වැඩි කරා..

  මං ඉක්මනට ජින්ගෙ මැන්ෂන් එකට යද්දි ජින් එළියට වෙලා කබලබලෙන් බලන් ඉදියා මං ඉක්මනට කාර් එක නවත්තද්දි ජින් මගෙ ළගට ආවා..

ජුනා මොකද්ද ඒරා ... ජින් අහන්න ගිය දේ නතර කරේ මං කාර් ඇතුළේ ඉදපු ඒරා ව මං අත් දෙකට අර ගනිද්දි...

  ඒ එරා... ජින් කියද්දි මං ඉක්මනට ඒරාව අරගෙන මැන්ෂන් එක ඇතුළට ගියා..

  ඒරාගෙ ඇදුමම ලේ වලින් තෙත් වෙලා ගිහින් තිබුණා වගෙ ම ඒරා හුස්ම ගන්න එක නතර කරලා තිබුණ නිසා මං පුලුවන් තරම් ආයෙ ම හාර්ට් එක වැඩ කරවන්න ට්‍රයි කරත් ඒ කිසිම දෙයක් වැඩක් වුණේ නෑ..

  ඒරා... ඒරා චේබල් නැගිටින්න.. මං හිතින් දහස් වාරයක් කියන ගමන්  ට්‍රයි කරත් ඒරා මුරණ්ඩුයි එක පාරක්වත් මං කියන දේ ඇහුවෙ නෑ.. ජින් එයත් ළගට ඇවිත් ඒරාට කතා කරත් ඇහුණෙ නෑ වගෙ නිදාගෙන ම ඉදියා..

  එ..ඒරා... ඒරා බබා... ජන්ග්කුක් ඇතුළට දුවගෙන ඇවිත් ඒරාව හයියෙන් හොලවන ගමන් කෑ ගහන්න පටන් ගත්තේ වේදනාවෙන් වගෙ ම තරහින්..

  එයාගෙ යාලුවා ඔප්පා හැමෝම අඩනවා ඒත් එයා ඇස් අරින්නෙවත් නෑ.. මං මොකද කරන්නේ.. මට මොකුත් කරන්න බෑ... මට ඒ වෙලේ කරන්නත් බැරි වුණා.. දැනුත් බෑ.. මං ම්...මට.. මං මොකුත් ම කර ගන්න බැරි එකෙක්.. මගෙ ආරා වගෙ ඒරාත් ලේ පෙරාගෙන ඇද උඩ ඉන්නවා බලන්න වුණා අන්තිමට..

එතන මොනා වුණා ද කියන්න දන්නෙ නෑ.. ම්ම්ගෙ ඇස් නතර වෙලා තිබුණේ සුදු මැලි වෙලා ගිහින් තිබුණ ඒරාගෙ මූණ ළග.. ඒ තොල් සුදු වෙලා... අත් වලින් ඔලුවෙන් ලේ බිංදු බිංදු වැටෙනවා.. මට මොකුත් ම මොකුත් ම කරගන්න බැරි වුණා.. මගෙ ගැහෙන හදවත ඒරා එක්ක ම නතර වෙලා යන්න කියලා මං දහස් වාරයක් ඉල්ලුවා... ඒත් මං කියන කිසිම දෙයක් කවුරුත් ම ඇහුවෙ නෑ.. කිසිම දෙයක්...

Flashback end.

  ඒ නරක හිනේ හැමදාම වගෙ ම අදත් මට පෙනෙද්දි මං ඉක්මනට නැගිට්ටා.. මගෙ ඇගම දාඩියෙන් තෙත් වෙලා තිබුණා.. ඒත් ඒරාගෙ ලේ වලින් පෙගිලා තිබුණ ඇදුම් ඒ තුවාල තිබුණ මගෙ රෝස මලගෙ මූණ කවදාවත් මට අමතක වෙන්නෙ නෑ.. මං සෝෆා එකෙන් නැගිටිලා වොශ් රූම් එකට ගියේ මූණ ටිකක් සෝද ගන්න..

  ඒ හැන්ඩ්සම් ...

ඒරා..

ලව් යූ...

  නපුරු කෙල්ල.. මං මිමිණුවේ කණ්ණාඩියෙන් මට මැවිලා පෙනුන ඒරාගෙ රූපේ දිහා බලාගෙන.. ඒත් ඒරා කරේ මං දිහා බලාගෙන එයාගෙ දගකාර හිනාව දාපු එක ම විතරයි..

Flashback
   3 Years Ago

   යුනි ගිහින් ඇවිත් මං වොශ් එකක් දාගන්න වොශ් රූම් එකට ආවේ ආරාගෙයි මගෙයි රෑ කෑම ලෑස්ති කරලා ඉවර වෙලා.. මං ශර්ට් එකෙ බොත්තමක් පන්නන ගමන් ශවර් එක ඇරියේ වෙනදට වඩා ටිකක් මහන්සි නිසා.. ඒත් එක පාරට ම..

  ඕඔ... මිස්ටර් හැන්ඩ්සම් ...

  ඔයා...🤨

  කවුද මම ද.. ඒරා වටපිට බලන ගමන් අහද්දි මං රවලා බලන ගමන්..

  නැතුව මෙතන වෙන කවුරුත් නෑනේ.. මමයි ඔයයි හැරුණ ම..

  ඒකත් ඇත්ත නේ.. 😌

  මොනා ද මේක ඇතුළෙ කරන්නෙ..🤨

  ඔයා බලන්න ආවා..😌

  ඒරා .. 😑

  ඇයි ලැජ්ජයි ද.. ලැජ්ජා වෙන්න එපා අනේ.. මං දැකලා නැති දෙයක් ඈ..😌

මොකද්ද..

  මං ඔයිට වඩා බොඩි දැකලා තියෙනවා බබා.. ඕක මොකද්ද මගෙ කුකීගෙ බොඩි එකත් එක්ක.. 😌

  එහෙනම් ගිහින් ඒක බලා ගන්න..

  ඒක බලලා තමා ආවේ.. ඒරා කියද්දි මට තරහා ගියේ මගෙ වොශ් රූම් එකෙ ඉදපු එකට නෙවෙයි.. ජන්ග්කුක් එක්ක ඉදියා කියපු එකට.. ඒරා මං ළගට ඇවිදන් ඇවිත් ශවර් එකෙන් එහාට වෙන්න හිටගෙන..

  ලැජ්ජා වෙන්න එපා.. මාව මැරි කරාම කොහොමත් මං ඕක දකිනවනේ..😌
 
මේ කෙල්ල නම් කිසිම ලැජ්ජාවක් නැතුව හැදිලා තියෙන්නේ.. මං ඒරා දිහා රවන් බලන් ඉන්න අතරේ ආයෙ ම..
 
  ලැජ්ජයි වගෙ ද .. එහෙනම් මං එළියෙන් ඉන්නම්.. කියලා මට නෝන්ඩියට වගෙ හිනාවක් දාද්දි මං ඒරාව ඇදලා මං ළගට ගත්තා..

  නෑ ඉන්න..

  ම්..ම්වො.. යාහ් මාව තෙමෙනවා.. ඒරා මාව තල්ලු කරලා එහාට යන්න හදන ගමන් කිව්වත් මං ඒරා ව බිත්තියට හේත්තු කර ගත්තේ මගෙ ඇගෙ දිගෙ වතුර ඇවිත් ඒරාව තවත් තෙමෙද්දි..

  මැරි කරාම කොහොමත් එකටනෙ ඉන්නෙ.. නෙහ්.. ඉතිං දෙන්නම වොශ් එකක් දාමු.. 😏

  ම්..ම්වෝ... ඒරා තරහින් අහද්දි මට හිනා ගියා.. තරහා ගියාම රතු වෙන ඒ මූණට රෙඩ් රෝස් කියන නමම තමා ගැලපෙන්නෙ..

  ඇයි බය ද..

  ඒරා කාටවත් බය නෑ හරි ද..😏

  චිංචා.. එහෙනම් එන්න වොශ් එකක් දාමු.. කෝ ඉන්න මං උදව් කරන්නම්.. කියන ගමන් ඒරාව බය කරන්න හිතලා මං එයාගෙ බ්ලැක් කලර් බ්ලවුස් එක ළගට අත ගෙනියනවත් එක්ක ම..

  මැරෙන්න ආස ද..

  ලැජ්ජා වෙන්න එපා.. කලින් දැකලා නැති දෙයක් නෙවෙයි නේ මං..😏

  යාහ්.. මං හිතුවා කාම විකෘතියකයෙක් කියලා..

  එහෙනම් ඇයි ඇතුළට ආවේ..😏

  ඕකේ.. ඔයා කැමති නම් එහෙම කරමු කියන ගමන් එක පාරට ම ඒරා බ්ලවුස් එකට අත තියද්දි ඒරා කෙසේ වෙතත් මාව ගැස්සිලා ගියා... ඩොක්ටර් කෙනෙක් විදිහට බෙහෙත් කරද්දි මං ඒ දේවල් ගනන් ගත්තෙ නැති වුණාට ළඟදි ඉදන් මේ හිත ඒරා ළඟ නතර වෙලා කියලා මට තේරුණ නිසා මං මේ විහිලුව තව දුර ගෙනියන එක නවත්තන්න ඒරාගෙ අත් දෙකෙන් අල්ලගෙන ..

  ලැජ්ජාවක් කියලා එක්ක නැද්ද ආහ්...

  ඇයි ඔයාට ලැජ්ජ ද .. මට නම් නෑ.. කෝ ඉන්න. කියන ගමන් කට කොනින් හිනාවක් දාගෙන මගෙ අත් දෙක ගලවගන්න හදද්දි මං ආයෙ ම ඒ අත් දෙක තද කරලා අල්ල ගන්නවත් එක්ක ම...

ඔප්ප.....පාආ...

  අ..ආරා.. මං ඉක්මනට ඒරා ළඟින් ඈත් වෙලා කියද්දි..

  අහ්.. ඩාර්ලින්ග්..

  ඔ... ඔයා මොනා ද කරන්නේ... ඔප්පා.. ආරා ඒරා දිහා බලලා ඔරවලා මං දිහා බලන ගමන් අහද්දි මං..

ආරා...

  දැක්කනේ ඔයාගෙ ඔප්පා හොද නෑ.. ගෑනු ළමයින්ට කරදර කරනවා.. 😪

  නෑ මගෙ ඔප්පා හොදයි.. ඔයා තමා එයාට කරදර කරනවා ඇත්තේ ... ආරා කියද්දි මට හිනා ගියා..

ම්..ම්වො.. මං..

ඔව්..😑

  හරි කරත් මොකද.. ඔයාගෙ ඔප්පා මැරි කරන්නෙ මාවනේ..😌

අ..අනී.. ඔප්පා ඔයා මෙයාව නම් මැරි කරන්න එපා කවදාවත්ම..අරස්සෝ..

  ඔයා මට චැලෙන්ජ් කරනව ද.. ඒරා ආරාගෙන් අහද්දි ආරාත් ඒරා එක්ක රණ්ඩුවටම..

  ඕ.. මං කවදාවත් ඔයාට කැමති වෙන්නෙ නෑ.. එහෙම වුනොත් මට ඔයාව අමතක වෙලා තියෙන්නෙ ඕනි.. කියපු ආරා හයියෙන් දොරත් වහගෙන යන්න ගියා..

  වැඩෙමනේ එයාගෙ මහලොකු ඔප්පා ව මැරි කරන්න.. ඒරා මටත් ඇද කරලා එළියට ගියාම මං වොශ් එකක් දාගත්තා..

මං ඇදුම් ඇදගෙනම වොශ් රූම් එකට යන්නෙ ඔය හේතුව නිසාමයි... ආරා පොඩි කාලෙ ඉදන්ම කතා නොකර ඇවිත් දොර අරිනවා.. කොච්චර කිව්වත් වැඩක් නෑ... දැන් ඒ ගමන මගෙ මැර කෙල්ලත් ඒ වැඩෙ පටන් අරන්... කවදා මට නිදහසෙ වොශ් එකක් දාගන්න වෙයිද දන්නෙ නෑ...

මං වොශ් එකක් දාගෙන කාමරේට යනවත් එක්කම මං දැක්කේ ජනේලෙන් එළියට පනින්න හදන ඒරාව..

  ගිය ආත්මේ වදුරෙක් ද.. මං අතේ තිබුණ සාළුව පුටුව උඩින් දාන ගමන් අහද්දි ඒරා ..

  නෑ වඳුරු කෙල්ලෙක් ඇයි..

  මට හිතුනා..මෙහෙ එනවා.. කියන ගමන් මං අතින් ඇදන් ඇවිත් පුටුවෙන් ඉන්දෙව්වා ..

  යාහ්හ්හ්... මොකද  .. ඒරා තරහින් අහද්දි මං උඩට බැදලා තිබුණ කොණ්ඩෙ ගලවලා දැම්මේ ඔලුව ම තෙමිලා නිසා..

  අසනීප වෙලා මගෙ ළගට එන්න එපා අයෙ..
 
ඕ.. හලෝ මිස්ටර් හැන්ඩ්සම් .. මං ඔයා ළගට ආවෙ නෑ හරි ද .. තමුන් තමා මගෙ ළගට ආවේ... මොනා ද කරන්නේ.. ඒරා කෑ ගහ ගහ අහද්දි මං මෙසෙ උඩ තිබුණ චොකලට් බොක්ස් එකෙන් චොකලට් එකක් අරන් ඒ කට ඇතුළට එබුවා..

මං හෙමින් සැරේ ඒ කොණ්ඩේ පිහිදාලා තෙත මාත්තු කරේ දැන් ගොඩක් රෑ වෙලා නිසා..

ආ.. මේක ඇද ගන්න.. කියන ගමන් මං ළඟ තිබුණ ආරාගෙ ඇදුමක් ඒරා ළග දැම්මේ චොකලට් ගෑවිලා තිබුණ තොල් දෙක ළගට ම මගෙ ඇස් දෙක යන එක නතර කර ගන්න ඔනි නිසා..

  ම්..මට බෑ.. මේ ගවුම් අදින්න..

  කටවහන් ඇද ගන්නවා... කියන ගමන් මං ඒරාව ක්ලොසෙට් එක ඇතුළට දාලා දොර වැහුවා..

  ටික වෙලාවකින් ඒරා රෝස පාට ගවුම ඇදගෙන එනකොට මගෙ ඇස් නතර වුණේ බෝනික්කෙක් වගෙ ඉදපු ඒරා ළඟ..

  ඒ.. මිස්ටර් හැන්ඩ්සම් .. මොකො.. මං දන්නවා මං ලස්සනයි කියලා..😌

  වෙන නැත්තම්... මං කිව්වෙ ඉක්මනට අහක බලන ගමන්..

   ආදරේ හිතුනා නෙහ්.. ඒරා මගෙ ළගට ඇවිත් මූණට එබෙන ගමන් අහද්දි මං අහක බලා ගත්තා..

එහාට යන්න..

  හිතුනා..නෙහ්.. ආහ්...හිතුනා හිතුනා.. ඒරා මගෙ පස්සෙන් එන ගමන් කියද්දි ඇදලා මං ළගට අරන් ඉන වටේ අත යවන ගමන්..

  දගලන්නෙ නැතුව ඉන්නවා... නැත්තම් මොනා කරයි ද දන්නෙ නෑ..

  ඇයි මොනා කරන්න ද.. 😏 ඒරා කට කොනින් හිනාවක් දාලා කියද්දි මං ඒ තොල් වලට බර වුණේ ඒරා මං දිහා බලන් ඉද්දි..

  Flashback end.

  ඒරා දැනගෙන එයාව පළවෙනි පාරට සිපගත්ත දවස.. මං ඒරාට ආදරෙ කරන්න පටන් ගත්තේ ඒරා මාව දැන ගන්නත් කලින් ඉදන්.. ජන්ග්කුක් එක්ක ලෙක්චර්ස් කට් කරද්දි.. ලෙක්චර් එක මැදදි හොරෙන් ක්ලාස් එක ඇතුළට එද්දි ලෙක්චර් එකෙ නිදා ගනිද්දි.. හැමදාම මං ඒ දේවල් දිහා බලන් ඉදියා..
 
  ඔයා ලේ පෙරාගෙන ඉන්නවා දැක්ක වෙලේ මාව මරනවා කියද්දි මං ඒත් ඔයාට බෙහෙත් කරේ ඔයා එහෙම ඉන්නවා බලන් මම ආස නැති නිසා.. ඔයා ගැන මං හරියටම දැන ගත්තේ එදා.. තනියම ආදරේ කරලා.. ඔයත් මට ආදරේ කරන්න පටන් ගන්නකොටම මාව දාලා ගියෙ ඇයි.. ඒ තරම් නපුරු වුණෙ ඇයි ඒරා..

මං වොශ් රූම් එකෙ ඉදන් එළියට එනවත් එක්ක ම..
.
.
.
.
.
.
.
.
මතු සම්බන්ධයි ❤️

Continue Reading

You'll Also Like

595K 21.6K 96
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
1.1M 19.2K 44
What if Aaron Warner's sunshine daughter fell for Kenji Kishimoto's grumpy son? - This fanfic takes place almost 20 years after Believe me. Aaron and...
4.4K 732 6
පුංචි කාලේ ඉදන් ඔම්මගේ අප්පගේ ආදරේ ලග හැදිලා තමන්ගේ ජීවිතේ වීරයා වුන අප්පගේ වෙනස් වීම හමුවේ පුන්චි දූ ලෝකේ ඉන්න පිරිමි ගැන කොහොම හිතයිද?.ඒ හිතට යලි ප...
1.2M 52.8K 99
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC