මම කැස්බෑවෙක් වූ හැටි..✅

By zara-N1111

17.5K 3.3K 4.2K

Zhan and Yibo ..A close to real life fan fiction 💚❤️ ලස්සනම ලස්සන ආදරයක් ඇස් වලින්ම දුටු සාක්ෂිකාරයෙක් වුන... More

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
ඔයා කැස්බෑවෙක් වුන හැටි.. ??
52
54
55
56 - the end
❤️💚
❤️💚

53

197 47 57
By zara-N1111


වර්තමානය.

රයන්

Beijin chaoyang hospital එකෙන් එලියට ආව අපිට කාලෙකට පස්සේ දැනුනේ ලොකුම ලොකු සැනසීමක් ..

Puzzle එකේ කෑලි එකින් එක හරියට සකස් වීගෙන එනවා.

හැමදේම තේරුමක් ඇති විදිහට සකස් වීගෙන එනවා..
අපි එලියට බැස්සෙ ඒ සාක්ශි ඔක්කොමත් එක්ක ..
යිබෝ දිගම දිග සුසුමක් හෙලුවා.. සැනසුම් සුසුමක් !!

" රයන්.. ඔයාට මේක මතක් උනේ නැත්නම් ..මොනව වෙයිද කියලා හිතාගන්න බෑ මට..!!! "
යිබෝ කියන්නෙ ස්තූතිවන්ත හඩින්..
කාලෙකට පස්සේ යිබෝගෙ මුහුණේ සැනසිලිදායක  හිනාවක්.

" ඔක්කොටම කලින් දැන් zhan ge ට කතා කරන්න ඕන."

යිබෝ ෆෝන් එක අතට අරන් කෝල් එකක් ගන්න හැදුවා..

" කෝ.. ඕනම වෙලාවට එයාගෙ ෆෝන් එක වැඩ නෑනෙ.."

" ඇයි අද zhan බොස් කොහෙද ගියේ?? "
මම හිතුවෙ ගෙදර ඇති කියලා

" ඇයි වැඩ වගයක් තියෙනවා කියලා XZ studio එකට ගියේ.."

" වැඩ වගයක්?? අද වැඩක් නෑ කියලා studio එකට එන්න ඕන නෑ කියලා නිවාඩු දුන්නනෙ හැමෝටම . Wu chang , liu min එක්ක එයාගෙ ගෙදර ගියේ.."
මම කිව්වෙ මොනවද ඒ බොස්ගෙ විශේෂ වැඩේ කියලා හිත හිත.

යිබෝ ආයෙත් පාරක් zhan ට කෝල් එකක් ගත්තත් ෆෝන් එක වැඩ කලේ නෑ..

ඒ එක්කම යිබෝගෙ ෆෝන් එක නාද වුනා.
ටික වෙලාවක් තිබුනු කෝල් එක ඉවර වුනාට පස්සේ යිබෝ අපි දිහා බැලුවා.

" කතාකලේ Yuhuewa entertainment එකේ ඩිරෙක්‍ටර් .. Police department එක හදන්නෙ මාව arrest කරන්නලු.. අද රෑට හෝ හෙට උදේට. Underage ලමයෙක් sexually abuse කලාටයි, prostitution සේවය ලබා ගත්තාටයි.. "

" දෙයියෝ සාක්කි. !! ඒත් mr lee , ඔයාලගෙ ලෝයර් එහෙම කතාවක් කිව්වෙ නෑනේ..!! එහෙම දෙයක් තියෙනවා නම් ඒක මුලින්ම ආරංචි වෙන්නෙ එයාටනෙ.."

" ම්ම්.. ඒකනේ.. Lele ගන්නකො mr lee ට කෝල් එකක්.."

..........❤️💚.........

" mr lee එහෙනම් මේ ආරංචිය  zhan ge ට කියලා. Zhan ge කියලා මාව කලබල වෙන නිසා මට කියන්න එපා කියලා .."
යිබෝ කිව්වෙ ලෝයර් එක්ක කතා කරලා ඉවර වෙලා..

" ඒත් දැන් එහෙම අත්තඩංගුවට ගන්න හේතුවක් නෑනෙ. ඒ කතා ඔක්කොම බොරු බව අපිට සාක්කි එක්කම කියන්න පුළුවන්නෙ.."
ඒ lele .

" ඔව් ඒක හරි..ඒත් ඇයි මේ zhan gege ගෙ ෆෝන් එක වැඩ කරන්නෙ නැත්තෙ.. මේ අලුතින් හොයා ගත්ත් දේවල් ටික එයාට ඉක්මනින් කියන්න ඕන . එයත් ගොඩක් අවුල් වෙලා ඇත්තේ"

යිබෝ කියන්නෙ ප්‍රතිපලයක් නැතුවම ආපහු zhan ගෙ නම්බර් එක ඩයල් කරන ගමන්..

මම wu chang ට කතා කලා . එයා liu min එක්ක එයාගෙ ගෙදර ඉන්නෙ. Wu chang ගෙ බබාලගෙ සද්දෙත් ඔය ඇහෙන්නෙ . අද බොස්ව දැකල නෑ ඒ දෙන්නම..

" අපි එහෙනම් xin yi ට කෝල් එකක් අරන් බලමු ."

..............❤️💚.........

.2022 ජූලි

රයන්

ටික දවසකට කලින් xiao zhan පෝස්ට් කරපු ෆොටෝස් වල තිබුනෙ sporty look එකක්. කෙල්ලො කියන විදිහට hot look එකක්.. ඒ ෆොටෝ වල හිටියේ බැඩ්මින්ටන් ගහන sleeveless ඇදුම් ඇදන් ඉන්න xiao zhan කෙනෙක්..

ඒ ඇදුම් , සන්ග්ලාසස් සහ watch එක zhan ගෙම endorsements වුන Li ning , molison සහ zenith තමයි.

Zenith watch එක එයා තෝරාගත්තෙ rainbow color එකක්.. මේ පාර qixi festival එකට තෝරගත්ත රේන්බෝ වොච් එක නෙවෙයි. වෙන එකක්..

යිබෝත් ලගදි chanel එකේ rainbow watch එකක් පාවිච්චි කරන ෆොටෝස් තිබුනනෙ..

ඊලගට molison sun shades .. MS30 line එකේ no.28
30-28

මේ දෙන්නට තරම් අහම්බයෙන් 3,2,8 වගේ ඉලක්කම් කාටවත් හම්බ වෙන්නෙ නැතුව ඇති.

ඉතින් මේ දවස් වල zhan මෙහෙ නෑ. Hangzhou වලට ගිහින් දවස් කීපයකට යිබෝව හම්බ වෙන්න. එක්කෙනෙක්ට free දවසට අනික් එක්කෙනෙනාගෙ shooting තියෙන city එකට ගිහින් හම්බවෙන එක මේ දෙන්නම කරන දෙයක්.
ඉතින් යිබෝ මේ දවස් වල Hangzhou වල SDC season 5 වල වැඩ.

යිබෝ ඊයෙ පෙරේදා interview එකකටත් කියලා තිබුනා මේ දවස් වල ඩාන්සින් practice වලටත් වෙලාවක් නෑ කියලා . ඔව් ඉතින් පැයක් හරි free time එකක් ආවොත් හොටෙල් එකට දුවනවා ඇති.. අනික් බාගෙ තනියම හොටෙල් රූම් එකේ බලන් ඉන්නවනෙ. නැත්නම් Hangzhou වල sdc වල වැඩ ඇර වෙන වැඩක් නෑනෙ..

ඉතින් අද 2022-07-15 xiao zhan ගෙ oasis post එක දැක්කද?? Dumbell එකක් !! ඒකෙ පැහැදිලිව පේන්න තියෙන නම්බර් එක 25!! තව මාසයකට අඩු කාලෙකින් එක්කෙනෙක්ගෙ 25 වෙනි උපන්දිනේ එනවනෙ..

අනික ඒ dumbell එක තියෙන carpet එක!! SDC members ලා hangzhou වල ඉදන් ඩාන්සින් ප්‍රැක්ටිස් වල ෆොටෝස් එහෙම දාලා තිබුනනෙ පහුගිය දවස් වල.
ඒ කාපට් එක වගේම තමයි zhan ගෙ ෆොටෝ එකේ තිබුනු එකත්..

.........❤️💚.......

වර්තමානය.

Xiao  zhan

හැමදේම ලෑස්තියි විශේෂ මාධ්‍ය හමුවට. මගෙ security officers ලා දෙන්නයි , assistant xin yi විතරයි.

" බොස්.. අපි මැනේජර් wu chang ටත් එන්න කියමුද?? "
Xin yi ඇවිත් මගෙන් ඇහුවා..

" නෑ නෑ.. Xin yi ..එයාලා කාටවත් කතා කරන්න එපා. යිබෝ හරි මගෙ ස්ටාෆ් කවුරු හරි කතා කලොත් ඔයා answer කලේ නැතුවට කමක් නෑ.. "

Xin yi මා දිහා බලන් ඉන්නෙ දෙගිඩියාවෙන් වගේ..

" ඔයාට තේරුනා නේද xin yi මම කියපු දේ ?? "

Xin yi දිග සුසුමක් හෙලුවා.
" ඔව් බොස්.."

තව විනාඩි 40 ක් විතර තියෙන්නෙ.
යිබෝ දැන් මට කෝල් කලාද දන්නෙත් නෑ. ඒත් මම කිව්වොත් යිබෝ මට කීයටවත් ඉඩ දෙන්නෙ නෑනෙ මේක කරන්න . XZ studio එකේ අනික් අයත් මේකට ඉඩ දෙන එකක් නෑ කොහොමත්. මගේ කීකරු ඇසිස්ටන්ට් කෙල්ල නම් ප්‍රශ්න කරන්නෙ නැතුව මම කියන විදිහට වැඩ කරනවා.

මගේ බොබෝ .. ඔයාව arrest කරන්න මම ඉඩ තියන්නෙ නෑ.. !!
Underage sexual abuse චෝදනා , prostitution වලට ඈදුනු චෝදනා මුකුත් එල්ල කරන්න විදිහක් නෑනෙ .. ඒ ඉන්නෙ මම කියලා කිව්වොත් ෆොටෝ එකේ .

.............❤️💚..............

වර්තමානය.

රයන්

මම xin yi ට කෝල් එකක් ගත්තා. මේකි කෝල් එක කට් කරනවා.. එයා එහෙම ලේසියෙන් කෝල් කට් කරන්නෙ නෑ. එහෙම උනොත් වෙනදා නම් මම එයා ආයෙත් ඉඩක් තියෙන කොට කෝල් එක ගන්න කල් ඉන්නවා. ඒත් අද එහෙම බෑනෙ.

" xin yi කෝල් එක answer කරන්න .  හදිස්සියක් .."
මම මැසේජ් එකක් දාලා ආයෙත් කෝල් එකක් ගත්තා.

මෙන්න මේකි ආයෙත් කට් කරනවා.

" මොකද xin yi ආන්ස්වර් කරන්නෙ නැත්තෙ..?  "

" එයා අද නිවාඩු නිසා කොහේහරි ගිහින්ද දන්නෙ නෑ. "
මේකිත් හදිසියේ කොල්ලෙක් හොයා ගත්තද දන්නෙ නෑනෙ අර liu min වගේ.

" අපි යමු එහෙනම් XZ studio office එකට"
යිබෝ කිව්වා.

" හරි එහෙම කරමු.."

අපි වාහනයට නැගිලා වේගයෙන් ඉදිරියට යනකොට , විනාඩි දෙකකින් විතර මට xin yi ගෙන් කෝල් එකක් ආවා..

" xin yi ?? "

" රයන්. අනේ මට හිතාගන්න බෑ මොකක්ද කරන්නෙ කියලා .. බොස් කිව්වා කාටවත් කියන්න එපා කියලා .  ඒත්...ඒත්. .."

මේ මොකද මේකි රහසින් කතා කරන්නෙ..?, මේකි අඩනවද ??

"Xin yi.. සන්සුන් වෙන්න්.. කෝ zhan බොස්?? මොනවද බොස් කියන්න එපා කිව්වෙ..? "

ඒක අහල යිබෝ ටිකක් කලබල උනා..

" රයන්..handsfree දාන්‍න.."
කියමින් යිබෝ මා ලගට ආවා..

" xin yi මේ අහන්න , මම යිබෝ.. කලබල නොවී මොකද උනේ කියලා කියන්න.. කෝ zhan ge..?? "

...........❤️💚............

වර්තමානය.

රයන්

බොහොම රහස් කටහඩකින් xin yi අපිට සේරම විස්තරය කිව්වා..
Gouce Beijin conference center එකේ conference room එකක් book කර ගත්ත බව..
විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා කියලා මාධ්‍ය ආයතන වලට message දාපු එක..

මොකක්ද ඒ විශේෂ media conference එක ..
තමන්ගේ boyfriend ටත් රහසින් , ස්ටාෆ් එකටත් නොකියා මොකක්ද මේ xiao zhan කරන්න හදන්නෙ..

" මට හිතාගන්න පුළුවන් zhan ge ගෙ මේ විශේෂ රැස්වීමේ හේතුව ..
Mr lee එයාට කියලනෙ තියෙන්නෙ මාව arrest කරන කතාව.."

යිබෝ කිව්වේ සීරියස් කටහඩකින්... ලොකු කල්පනාවක ගිලුනු ඇස් දෙකක් එක්ක ..

" xin yi.. ෆෝන් එක දෙන්න zhan බොස්ට .. අපි අද හොයා ගත්ත ඒවා එයාට කියන්න ඕනා..."
මම කිව්වා..

" හරි.. පොඩ්ඩක් ඉන්න.."

" නෑ නෑ..එපා xin yi..!! "
යිබෝ කිව්වේ එක පාරටම..

මම වගේම lele ත් පුදුම වෙලා යිබෝ දිහා බැලුවා..

" එයාට මුකුත් කියන්න එපා.. Zhan ge කියපු විදිහටම ඔයා වැඩ කරන්න.. "
යිබෝ තීරණය වෙනස් කරන්නෙ නැති කටහඩකින් කිව්වා..

" පොඩි බොස් ඒත්.."

" නෑ රයන් , zhan ge ප්ලෑන් කර විදිහටම ඔය මාධ්‍ය සාකච්ඡාව කරන්න දෙමු... "
යිබෝ ඔරලෝසුව දිහා බැලුවා..
" කෝකටත් තව පැය බාගයක් වත් නෑ.."

................❤️💚.............

2018 ජූලි

Xiao zhan

Crew එකේ අනික් හැමෝම නැවතිලා හිටිය හෝටලයෙන් ඉවත් වෙලා අපි දෙන්නා වෙනම හෝටලයක නැවතුනා. මේ රූගත කිරීම් වල ඉතුරු වෙලා තියෙන සුලු කාලයක් තව ටිකක් නිදහසේ ගත කරන්න පුළුවන් කියලා අපි දෙන්නා හිතුවා. Crew එකේ කවුරුවත් මොකෝ උඹල දෙන්නා විතරක් ගියේ කියලාවත් ඇහුවෙ නෑ ඉතින් ..

හොටෙල් එකේ රූම්ස් දෙකක් බුක් කරලා තිබුනත් , අලුත් ගෙදරකට living together යනව වගේ හැගීමක් පොඩ්ඩක් අපි දෙන්නට තිබුනෙ.

අපි දෙන්නා shooting වල පොඩි විවේක වලදි පැත්තකට වෙලා මේ ගැන කතා කර කර හිටියේ .

" අද ඉදන් අපි දෙන්නා විතරයි.."
යිබෝ කිව්වේ excite වුනු කටහඩකින්..

" ඇයි මෝඩයෝ , හොටෙල් එකේ අනික් රූම් වල මිනිස්සු ඉන්නෙ..
අනික ඔයා මෙහෙදි වගේ බාත්රූම් එකේ ඉන්න ගමන් Du du du සින්දුව කියන්න එපා.. Crew එකේ දන්න කියන අය නෙවෙයි එහා කාමර වල ඉන්නෙ.."

" ආ ඒකෙ ප්‍රශ්නයක් නෑ.."

" ප්‍රශ්නයක් නෑ?  "

" ඔව්.. බාත්රූම් එකේ ඇති තරම් සින්දු කියන්න පුළුවන් .. ඊට පස්සේ zhan ge...ඔයාට තොල හපාගෙන ඉන්න ඕන නෑ.. ඕන තරම් නිදහසේ කෑගහන්න පුළුවන් .."

" eww.. මොනවද මෝඩයෝ මේ කියන්නෙ..!!
අනික මොකක්ද ඒ කතාවෙ තේරුම?? "

" ඒ කිව්වෙ මම සම්පූර්ණ floor එකම book කරන්න කියලා assistant ට කිව්වෙ.."
යිබෝ කියන්නෙ දගකාර විදිහට .

ඒක නම් හොද ආරංචියක් හැබැයි ..
මේ දවස් වෙන කොට යිබෝ තමයි අපි දෙන්නා අතරින් ප්‍රසිද්ධ , ජනප්‍රිය Established එක්කෙනා..
Rich boyfriend කෙනෙක් ඉන්න එකත් නරකම නෑ..

...      ..........❤️💚..........

වර්තමානය.

Xiao  Zhan

Gouce Beijin conference center ..විදුලි ආලෝකයෙන් නැහැවිලා. ආඩම්බර නිසල පෙනුමෙන් ඈතට දිස්වෙන්නෙ.. ඒත් ලගට යනකොට තමයි පේන්නේ කඩි ගුලක් වගේ කලබල උන parking area එක..
Xiao zhan හදිසියේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනවා කිව්වම මෙහෙම effect එකක් එනවා ඇති. මගේ ෆෝන් එක තාමත් ඕෆ් කරලා. මේක ඔන් කලාම එන alert තොගය ගැන මට හිතාගන්න පුළුවන් ..
හැබැයි මේ මාධ්‍ය සාකච්ඡාවෙන් පස්සේ ෆෝන් එක ඕෆ් කරලම තියන්න තමයි වෙන්නෙ..

කාගෙන් බේරුනත් මේකෙන් පස්සෙ මට යිබෝගෙන් නම් බේරෙනවා බොරු බව මම දන්නවා..
ඇයි zhan ge මේ වගේ මෝඩ වැඩක් කලේ. ?? ඇයි ඔයා මේකට involve උනේ. ?? එයා එහෙම අහයි.
මාත් එක්ක තරහ වෙලත් ඉදියිද??
ඒත් මම කොහොමද එයාව පොලීසියෙන් arrest කරන කල් නිකම් බලාගෙන ඉන්නෙ.
එයාට වැදිලා තියෙන " child abuser" " prostitute seeker.." මේ වගේ ලේබල් ඔක්කොම අයින් කරන්න මට පුළුවන් කම තියෙනවා..

මේකෙන් මට වෙන effect එක ගැන මම නොදන්නවා නොවෙයි. හෙට දවසේ මම සම්පූර්ණයෙන් වෙනස් මිනිහෙක් විදිහට ලෝකෙට පෙනෙයි.

It will never be the same again ..!!

මම දන්නවා මම මේ වැඩ කරන්නෙ xiao zhan කියන public figure එක විදිහට නෙවෙයි.  Xiao zhan කියන boyfriend විදිහට  .!!

ඒත් සමහර අවස්ථාවන් එනවා අපිට මොලය  කියන දේ අමතක කරලා හදවත කියන දේ විතරක් අහන්න ..

............❤️💚.........

Gouce Beijin conference center එක ලගටම අපි ඇවිත් ඉන්නෙ.

Main entrance එකෙන් අපේ වාහනය ඇතුලට දාන එක සුදුසු නෑ.

" බොස්, අපි එහෙනම් කතා කරගත්ත විදිහට Vvip special entrance එකෙන් යමු.. West end එකේ.."
මගේ සෙකියුරිටි ඔෆිසර් කෙනෙක් කිව්වා.

" හොදයි එහෙම කරමු ."

West end එකේ විශේෂ Vvip entrance එකෙන් අපි conference center එකට ඇතුලු වුනා. Parking එක ගොඩනැගිල්ල ඇතුලටම යන නිසා කාටවත් ෆොටෝ ගන්නත් බෑ..
අපේ වාහන දෙක ඇර කිසිම වාහනයක් මේ පැත්තෙ නෑ මේ වෙලාවෙ.
Conference එක පටන් ගන්න කල් මට special room එකක් බුක් කරලා තියෙන්නෙ ..ඒක තියෙන්නෙ fourth  floor එකේ. Ground floor එකේ තමයි conference එක තියෙන්නෙ.  ඒ රූම් එකේ ඉදන් lift එකෙන් conference room එකේ corridor එකට එන්‍න පුළුවන් . Xin yi හොද විදිහට ඒක arrange කරලා..

" බොස් එහෙනම් රූම් එකට නේද යන්නෙ දැන්?? "
මගෙන් ඇහුවෙ මගේ chief security officer.

" ඔව්. තව විනාඩි 10 ක් තියෙනවා press conference එකට..රූම් එකට යමු."

Security officers ලා තුන්දෙනා එක්ක මම කොරිඩෝ එකේ ඉදිරියට ගියා..

එක පාරටම උනේ මම හීනෙකින් වත් හිතුවෙ නැති දෙයක්..
ඔක්කොම උනේ එක් ක්ශනයකින්..
මුකුත් හිතාගන්නවත් බැරි විදිහට .
මේක එකින් එක මම කිව්වට ඔක්කොම උනේ එකපාරටම . එක හුස්මට..

මගෙ ඇස් දෙක එක පාරටම අදුරු වුනා.
ඔලුවට කලු බෑග් එකක්ද කොහෙද කවුරු හරි දැම්මා
ශක්තිමත් රලු අත් දෙකකින් මගෙ අත් දෙක පිටුපසට කරලා අල්ලාගත්තා.
තවත් අත් දෙකකින් කෑගහන්න බැරි විදිහට මගේ කට වහගත්තා. .

මම උන්ගෙන් බේරෙන්න දැගලුවා..

" දගලන්න එපා. කෑ ගහන්න එපා.."

රලු කටහඩක් පහත් ස්වරයෙන් මට කිව්වා..
රෙදි පටියක්  වගේ දෙයක් මගේ පිටුපසට කර ඇති අත් දෙක වටා එතුනා. කෑගහන්න බැරිවෙන්න තව රෙදි පටියක් කටවටා එතුනා. මුන් කී දෙනෙක් ඇවිත්ද..

ඒත් මම ආයෙත් උන්ගෙන් බේරෙන්න උත්සහ කලා. ඒ අත්වල ග්‍රහණය ටිකක් බුරුල් වෙන බවකුත් මට දැනුනා.
හරි තව ටිකක් උත්සහ ගන්නවා. මගේ හොදට work out කරලා හදා ගත්ත පේශි වල ශක්තිය මේ වෙලාවෙවත් පාවිච්චි නොකර මොකටද..
මම තව ටිකක් දගලලා බැමි බුරුල් කරගෙන උන්ගෙන් ගැලවෙන්න උත්සහ කලා..

ඒත් ඒ එකෙක් ඊලගට කියපු දෙයින් මාව ගල් වුනා..

"Xiao zhan,  වැඩිය දැගලුවේ නැත්නම් නුවණට හුරුයි..
මොකද ඔයාගෙ wang yibo දැන් ඉන්නෙ අපි ලගයි.."

.........❤️💚.........

To be continued

මේ කතාව කියවන ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි.
ගොඩක් ආදරෙයි ..🥰🥰🥰

Continue Reading

You'll Also Like

188K 18.9K 24
"𝙏𝙤𝙪𝙘𝙝 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛, 𝙜𝙞𝙧𝙡. 𝙄 𝙬𝙖𝙣𝙣𝙖 𝙨𝙚𝙚 𝙞𝙩" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...
662K 33.4K 61
A Story of a cute naughty prince who called himself Mr Taetae got Married to a Handsome yet Cold King Jeon Jungkook. The Union of Two totally differe...
426K 16.3K 25
Tae and Jungkook have an arranged marriage, but was it really forced and did they actually like the news... however Jungkook isn't popular and gets a...
1.1M 38K 63
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...