මම කැස්බෑවෙක් වූ හැටි..✅

Von zara-N1111

17.5K 3.3K 4.2K

Zhan and Yibo ..A close to real life fan fiction 💚❤️ ලස්සනම ලස්සන ආදරයක් ඇස් වලින්ම දුටු සාක්ෂිකාරයෙක් වුන... Mehr

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
ඔයා කැස්බෑවෙක් වුන හැටි.. ??
53
54
55
56 - the end
❤️💚
❤️💚

52

202 49 70
Von zara-N1111

වර්තමානය.

Xiao Zhan 

මම ඇහැරුනේ ෆෝන් එකේ alarm එක වදින සද්දෙට. මට පිස්සු හැදිලා වෙන්න ඇති ඊයේ රෑ alarm එක තියලා නිදා ගත්තෙ අද වැඩකුත් නැතුව. මම ෆෝන් එක දිහා නොබලම ඒක ඕෆ් කලා. ආයෙත් ඇස් පියවෙන කොටම දෙවැනි වතාවටත් alarm එක වැදුනා.. ඒ පාරත් ෆෝන් එක දිහා නොබලම ඒක off කලත් මම නින්දෙන් අවදි වුනා.
ඇදේ වාඩිවුන මම තාමත් නින්දේ ගිලී ඉන්න බොබෝගෙ එහෙට මෙහෙට වෙලා තියෙන බ්ලැන්කට් එක සකස් කලා.
නිදාගන්න කොට මගේ අත් අතරේ තුරුලු වෙලා නිදාගත්තට , නින්දේදි අපි දෙන්නා එක එක පැත්තට හැරිලා තිබුනා.

මෙන්න ආයෙමත් alarm එක වදිනවා ..මම ෆෝන් එක දිහා බලනකොට ඒ කෝල් එකක් , මගේ අම්මාගෙන්.

" මමා?? "
මම ඇදෙන් පැනලා කෝල් එක ගත්තෙ බොබෝව ඇහැරෙන්නෙ නැති වෙන්න .

" zhan zhan .. මම දෙපාරක්ම කෝල් කලා!! ඇයි කෝල් කට් කරන්නෙ?? "

අපොයි මම alarm එක කියලා මමාගෙ කෝල් එකද කට් කලේ..

" මමා.. මම නිදිමතේම කට් කරන්න ඇති.."

මමා ඒකට ටිකක් හිනාවුනා.

" යිබෝ කෝ ?? "

" එයා තාම නිදි මමා.."

" එයා හොදින්ද zhan zhan ?? ඔයාලා දෙන්නම හොදින්ද?? "
මමා අහනවා..

" අපි හොදින් මමා.."
මම එහෙම කිව්වට තත්ත්වය ඊට වෙනස් කියලා අම්මාට තේරෙනවා.

" පරිස්සමෙන් ඉන්‍න zhan zhan .. යිබෝව හොදින් බලාගන්‍න. මම උදෙන්ම කතා කලේ මම පොඩි දෙයක් එව්වා..දැන් delivery එකක් ඒවි.."

මමා ෆෝන් එක තිබ්බට පස්සේ මම ටිකක් වෙලා එහෙමම ස්ටූල් එකේ වාඩි වෙලා හිටියා.
ඊයේ shen yuan ට ලියපු ලියුමත් එක්ක පෝස්ට් එක මගේ weibo එකේ දාලා තිබුනෙ 20:18 time stamp එකට.. Love you yi bo..

ආදරය කරන කෙනා වෙනුවෙන් ජිවිතයත් පූජා කල Shen yuan ට ලියපු සමුගැනීමේ සටහනත් එක්ක මේ මර උගුලෙන් යිබෝව ගලවා ගන්‍න පුළුවන් පුංචි ආලෝකයක් මට පේන්න ගත්තා. 
පැය 24 ක් යනකල් යිබෝව අත්තඩංගුවට ගන්න එපා කියලා අපේ ලෝයර් කියලනෙ තියෙන්නෙ.
ඉතින් ඒ නිසා අද හවස් වරුව වෙනකොටත් අර kai min fen කාරයාව අල්ලා ගන්න බැරිවුනොත් මට plan එකක් තියෙනවා.
මම කොහොමවත් කොහොමවත් ..ඉඩ තියන්නෙ නෑ යිබෝව arrest කරන්න නම්!! 

......❤️💚

මගේ කල්පනාව බිදිමින් සීතල අත් දෙකක් මගේ ඉණ වටා එතිලා , sharp නිකටක් මගේ උරහිස උඩ රැදුනා..

" good morning zhan ge.."  එයා කිව්වෙ මගෙ කම්මුල සිපගනිමින්.

" good morning බොබෝ .."

එයා මා ලග තිබුනු අනික් ස්ටූල් එකෙන් වාඩිවුනා. 

" zhan ge.. "

" ම්ම්.."

" පෙරේදා වගේම ඊයෙත් මට කිසිම මූඩ් එකක් තිබුනෙ නෑනෙ.."

එයා කියන්නෙ ඇගිලි තුඩු වලින් මගේ පිජාමා ශර්ට් එක එක්ක සෙල්ලම් කරමින් , ටිකක් ලැජ්ජාවෙන් වගේ..
ඇත්තටම මාත් ඊයෙ එයාව තුරුලු කරගෙන නිදාගත්තා මිසක් , වෙන දේකට ට්‍රයි කලේ නැත්තෙ එයාගෙ මූඩ් එක දැනුන නිසා.

" ඒක ගැන හිතන්න එපා බොබෝ.. ප්‍රශ්නයක් හිතේ තියෙන කොට එහෙම වෙනවා තමයි .."

" ඒ වුනාට ඉස්සර නම් මගෙ හිතේ ප්‍රශ්නයක් තියෙන කොට මට ඔයාව වෙනදටත් වඩා ඕන වෙනවනෙ.."

" එහෙම තමයි බොබෝ.. ඒක වෙනස් වෙන්න පුළුවන් .. අනික ඔයාට මාව තුරුලු කරගෙන නිදාගන්න ඕන උනානෙ නේද?? Just relax . හැම දේම හරියයි.."

එතකොටම door bell එකේ සද්දෙ ඇහුනා. Security camera එකෙන් පෙනුනෙ ඩිලිවරි එක ඇවිත් කියලා ..

" මේ මොනවද zhan ge.."
යිබෝ ඇහුවෙ ආපු ලොකු පාර්සල් එකට ඇගිල්ලෙන් තට්ටුවක් දාන ගමන්.

" අපේ මමා එවලා තියෙන්නෙ බලමුකෝ. "

අම්‍මෝ.. එක එක ජාතියේ කෑම ජාති .. ටිකක් කල්තබා ගන්නත් පුළුවන් ඒවා..
Stuffed mushroom , seasoned seaweed , fried fish , roasted pistachio , dried prune .. තවත් කෑම ජාති තියෙනවා..
මගේ මමාගෙ love language එක තමයි මේ. කාලා ඉවර කරන්න බැරි තරම් කෑම ජාති එවන එක. 

" වාව්.. Sauced  beef!! මේක නම් එවලා තියෙන්නෙ මටම තමයි !! "
යිබෝ කිව්වෙ සුදු පාට lunch box එකක් අතට අරන්.
කොහොමත් මමා යිබෝ කැමති නිසා නිතර හදලා යවන කෑමක් තමයි ඒ.

.........

2021- දි යිබෝගෙ දවස් තුනක DDU රෙකෝඩින් එකක් තියෙන වෙලාවක මගේ මමා යිබෝට මේ sauced beef පාර්සලයක් යවලා තිබුනා..

රූගත කිරීම් අතරම යිබෝ ලොකු කමට මට කෝල් එකක් ගත්තෙ ඒ ගැන කියන්න.

" zhan ge මට මමා xiao ගෙන් homemade dish එකක් ලැබුනා ඔයාට මුකුත් එව්වෙ නෑ නේද මේ පාර?? "
ඔයාට ඊර්ෂ්‍යාද දැන්??
එයා ඇහුවෙ හිනා වෙවී..

" අයියෝ. මට ඊර්ෂ්‍යා නෑ. මම ඕවා පහුගිය අවුරුදු දහයකටත් වඩා කාලා තියෙනවානෙ.. "

" ඒ වුනාට ඔයාට දැන් ඒවා හම්බවුනේ නෑනෙ.."

මෙහෙමත් කෝලමක්..

කොහොම හරි LGRG rumor house එකේ ඊලග දවසේ යිබෝගෙ මේ කෝල් එක ගැන කතාව ගියා.

ඊලග දවසෙ මගෙ performance එකක් තියෙනකොට තව interview clip එකක් රූ ගත කලා. ඒකෙ හොස්ට් මගෙන් ඇහුවෙ මුලු අවුරුද්දෙම කාපු හොදම කෑම ජාතිය මොකක්ද කියලා . මට ඉතින් මතක් උනේ.." මගේ මමා හදන sauced beef " කියලා කියන්න තමයි.

යිබෝගෙ legend of fei රූගත කරන දවස් වලත් මගේ අම්මා එයාට මේ dish එක යැව්වනේ.. LOF set එකේදි යිබෝගෙන් ඒවා ගන්නෙ කොහෙන්ද කියලා crew එකේ කට්ටිය අහන කොට යිබෝ " ඒවා කොහෙන්වත් ගන්න බෑ ..ඒවා ගෙදර හදපුවා කියලා " කිව්වෙ හරි සතුටින් .


.........❤️💚

" wang yibo, මගෙ දරුවෝ .., මේ දවස් කොයිතරම් අමාරු වුනත් , ඒවා ඉක්මනින්ම ඉවර වේවි. .. ශක්තිමත්ව සිටින්න.. මමා පපා ඔයාලා දෙන්නටම ආදරෙයි .."

මමා නෝට් එක ලියලා තියෙන්නෙ යිබෝට. වෙන දවසක නම් මම ඕකට බොරුවට රණ්ඩු කරනවා. අද නම් මම එයා ඒක කියවන කොට එයාගෙ ඔලුවත් අතගෑවා.

" zhan ge, උදේට කාලා මම ඔෆිස් එකට යනවා.. "
ඒ කිව්වේ yuhuewa ent. එකේ ඔෆිස් එක.

" හරි බොබෝ.. මාත් අද XZ studio office එක පැත්තට යන්න ඕන. වැඩ වගයක් තියෙනවා."

ඔව්.මට අද මට විශේෂ වැඩක් තියෙනවා.

.................❤️💚.............

2022 ජූනි

Xiao  zhan

මගේ endorsement එකක් වුන Tods මේ දවස් වල සාකච්ඡා කරන්නෙ මාත් එක්ක එකතු වෙලා capsule collection එකක් කරන්න . ඒ කියන්නෙ ඇත්තටම මාත් එක්ක colleberation එකක්..co branding එකකින් designing series එකක් කරන්න theme එකකට. .. ඉතින් එයාලා මගේ අදහස් ඒකට ගත්තා.
ඒකට මගේ inspiration එක උනේ වද මල - hibiscus flower


" ඇයි zhan ge hibiscus flower එක ගත්තේ?? "

යිබො දවසක් මගෙන් ඇහුවෙ මම note pad එකේ hibiscus flower එකක් ඇද ඇද ඉන්න කොට. එයා හිටියේ මගෙ උරහිසට හේත්තු වෙලා ඒක බල බල.

" ඒ මලේ තියෙන meaning එකට මම කැමතියි.. "

" ඒ මොකක්ද? "

" එක එක පාට hibiscus වලට වෙන වෙනම තේරුම් තියෙනවා.
කහ පාට කියන්නෙ happiness , sunshine , good luck..
රතු පාට.. Love and passion. "
මම එයාගෙ දෙතොලට පුංචි හාදුවක් දුන්නා..
" ඊට පස්සේ රෝස පාට කියන්නෙ friendship and all kinds of love "

" ම්ම්.. ඒක ශෝක් !!  මටත් ආස හිතුනා ඒකට.."

.........

ඔය දවස් වලම මගේ where the dreams beijin ඩ්‍රාමා එකේ ශූටින් ඉවර වුනා. 2022-06-08 තිබුනු ඒකේ wrap up party එකට මම ඇන්ද කලුපාට ශර්ට් එකේ ගහපු pins වලට මම hibiscus flower එකකුත් ගත්තා..

කපල් එකක එක්කෙනෙක්ගෙ interests ,කැමති දේවල් අනික් එක්කෙනාටත් ඉබේටම බෝ වෙනවනෙ.

2022 - 6-11 තිබුනු SDC 5 රෙකෝඩින් එකට යිබෝ ඇන්දෙත් hibiscus මල් තිබුනු ශර්ට් එකක්.
Sdc opening එකේ dance එකටත් hibiscus තියෙන shirt එකක්..

..........❤️💚........

වර්තමානය.

රයන්

මම හිටියේ මගේ apartment එකේ .  XZ studio එකේ අපිට ලොකු වැඩක් නැති නිසා අද office එක පැත්තෙ යන්න ඕනෙ නෑ.
චොප්ස්ටික්ස් වලින් Stir fried noodles  කන ගමන් මම weibo එකේ එහෙ මෙහෙ ගියා. හිත සැනසෙන දේවල්  නම් මුකුත් නෑ. Wang yibo ට චෝදනා එල්ල කරන පිරිස එන්න එන්නම වැඩි වෙනවා.

මම ආයෙත් සියවෙනි වතාවට විතර මේ හැම දේටම මුල් වුන ෆොටෝ එක දිහා බැලුවේ ඇත්තටම මේ හුරු පුරුදු තැන කොහෙද කියලා හිතන ගමන්..
ඇත්තටම මේ කොහෙද,? මටයි යිබෝටයි දෙන්නටම මේක පුරුදුයි වගේ දැනෙන්නෙ ඇයි??
මේක ඇත්තටම photoshop කරපු පින්තූරයක්ද?  ඒ මනුස්සයව ෆොටෝ එක ඇඩ් කරර්හෑ ? එහෙනම් ඒක හොද editing skill එකක් තියෙන කෙනෙක් කරපු දෙයක්. විශේෂයෙන් ඒ මනුස්සයා යිබෝගෙ අත අල්ලාගෙන ඉන්න හැටි හොදට එඩිට් කරලා.

මම ඒ  අත අල්ලාගෙන ඉන්න කෑල්ල ටිකක් zoom in කරල බැලුවා.. යිබොගෙ මැණික් කටුව හරියෙන් තමයි අල්ලාගෙන ඉන්නෙ.
ඇයි මේ මිනිහා මේ විදිහට අත අල්ලාගෙන ඉන්නෙ.. ??
රයන් කියන physiotherapist ට තමයි ඒ සිතුවිල්ල ආවේ .. හරියට යිබෝගෙ අතේ නාඩි බලන්න වගේනේ ...

ඒ කල්පනාව එනවා එක්කම මගේ මොලේට ලොකු අකුණක් ගහලා , ඒ එලියෙන් මේ තරම් වෙලා අදුරේ තිබුන මොලේ පදාසයක් එලිය උනා..

දෙවියනේ..
ඇයි මට මේක කලින් මතක් උනේ නැත්තේ..

මේ කාමරය
ශර්ට් එකක් නැතුව ඇදේ ඉන්න යිබෝ
යිබෝගෙ අත්සන තියෙන චෙක් එක..
2021 අවුරුද්ද..
Pulse බලන විදිහට යිබෝගෙ අත අල්ලාගෙන ඉන්න හැටි.!!

This all makes sense now!!

මේක එඩිට් කරපු පින්තූරයක් තමයි..
මේකෙ අගමුල හොයන්න යන්න ඕන තැන දැන් නම් මම දන්නවා.  !!

......... ... ❤️💚........

වර්තමානය.

Xiao  Zhan

" සොරි බොස්.. අද වැඩ නැති දවසක් කියලා මම හිතුවෙ.. බොස් කතා කරන කල් ආවෙ නැත්තෙ ඒකයි.."

මගෙ ඇසිස්ටන්ට් xin yi ඔෆිස් එකට ආපු ගමන් , කෝට් එක coat hanger එකේ එල්ලන ගමන්ම සමාව ඉල්ලුවා ..

" නෑ නෑ xin yi. අද ඔෆිස් එන්න ඕන නෑ කියලා මම කලින් දවසෙ කිව්වා තමයි . අද මේ හදිසි වැඩකටයි එන්න කිව්වෙ. "

" ආ.. හරි බොස්.. " xin yi වටපිට බැලුවා..
" කෝ අනික් අය?? "

" ඔයාට විතරයි මම එන්න කිව්වෙ xin yi..අනික් අයව අවශ්‍ය වෙන එකක් නෑ.."

" හරි බොස්.."

" හොදයි , මුලින්ම ඔයා Gouce Beijin conference center එකේ conference room එකක් book කර ගන්න අද හවස් වරුවට. ඒකෙ ඉඩ නැතිනම් beijin city එකට ලග වෙන conference room එකක් book කර ගන්‍න .."

" හොදයි බොස්.. ඒත් ඒ මොකටද?? "

" දැනට ඔයා තැනක් reserve කරලා full payment කරලා තියන්න. සමහරවිට අපිට ඒක අවශ්‍ය නොවෙන්න ඉඩත් තියෙනවා. ඒත් කමක් නෑ.."

මම කිව්වා. පොලීසියට අර kai min fen කියන නරියව හොයාගන්න පුළුවන් උනොත් සමහරවිට මේක කරන්න ඕන වෙන එකක් නෑ.  ඒත් කියන්න බෑ. ඌව හොයාගත්තත් දැනට කියන බොරුවම වෙනස් නොකර කියනව නම් මොකද කරන්නෙ.. මේක ගොඩක් වෙලාවට මට කරන්න වේවි. .

" ඊට පස්සේ xin yi  , ඔයා ඔක්කොම tv stations , magazines, websites  වල එහෙම media section වල contact details ලෑස්ති කරලා තියාගන්න . හදිසියේ උනත් ටක් ගාලා කතා කරගන්න පුළුවන් වෙන විදිහට .."

" හොදයි බොස්"
මගේ කීකරු ඇසිස්ටන්ට් computer එක ඉස්සරහින් වාඩිවෙලා වැඩ පටන් ගත්තා..

" xin yi.. , එක දෙයක් !! මේ ගැන කාටවත් දැන්ම කියන්න එපා. යිබෝට , wu chang ට , xz studio වෙන කාටවත් කියන්න එපා !! මේක දන්නෙ දැනට අපි දෙන්නා විතරයි "

.......❤️💚.........

2018 ජූලි

Xiao  zhan 

යිබෝ හිටියේ fighting scene එකක් රූ ගත කරමින් xue yang එක්ක..
Wei ying දෙවෙනි වතාවට ඉපදුනාට පස්සේ golden core එකකුත් නැතුව ශක්තියෙන් දුර්වලයිනෙ. ඉතින් ගොඩක් වෙලාවට wei ying ව ආරක්ෂා කරන්නෙ  lan zhan තමයි ..

" අපොයි මට දැනෙන්නෙ දුර්වල ගෑණු ලමයෙක් වගේ "
මම කිව්වෙ මා ලගට වෙලා shooting බලන් හිටිය yu bin ට.

" හෑ..?? "

" මට නෙවෙයි බොල. Wei ying .. !  හැමතිස්සෙම lan zhan නෙ මාව ආරක්ෂා කරන්නෙ. මට lan zhan ව ආරක්ෂා කරන්න scene එකක් නෑ නේද?? "

" ආ.. ඒක මිසක්.. "
යූ බින් කියන්නෙ potato chips කීපයක් හපන ගමන් .

" ඒත් lan zhan ව කොහොම උනත් ඇත්තටම උඹ යිබෝව බලා ගන්නවනෙ හොදට .."

" උඹට එහෙම පේනවද,? "
මම ඇහුවෙ ඒ yu bin ගෙ ඒ නිරීක්ෂණයෙන් සතුටට පත් වෙලා..

යිබෝගෙ ඇදුමේ ඉන්න පුංචි සතෙක් අයින් කරන කොට, ටිශූ හොයාගෙන එයාගෙ මූණේ දාඩිය පිහිදාන කොට, එයාව වැටෙන්න යයි කියලා බයෙන් අතින් අල්ලා ගන්න කොට..
ඒ වගේ පොඩි දේවල් වලින් බලාගෙන ඉන්න අයට එහෙම පේනවා ඇති..

............❤️💚.........

වර්තමානය.

රයන්

මම හිටියේ yuhuewa entertainment office waiting area එකේ.. මම කෙලින්ම යිබෝ හම්බ වෙන්න ආවේ.. මේකට zhan ට involve වෙන්න විදිහක් නෑ..එහෙම උනොත් අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලැබෙනවා.
ටිකකින් යිබෝ මම ඉන්‍න තැනට ආවේ කෝල් එකක ඉන්න ගමන් .

" zhan ge, ඔයා කොහෙද?? ආ හරි.. Yuhuewa ඔෆිස් එකේ මගේ වැඩ ඉවරයි.. දැන් මේ රයන් ඇවිත් මාව හම්බ වෙන්න . .පොඩ්ඩක් ගමනක් යන්‍න තියෙනවලු.. ආ. හරි.. මම එහෙනම් ගිහින් එන්නම්.."

ෆෝන් එක කට් කරලා යිබෝ මා දිහා බැලුවා..

" රයන්, කොහෙද අපි මේ හදිසියේ යන්නේ.?? "
යිබෝ ඇහුවෙ ප්‍රශ්නාර්ථයක් එක්‍ක .
එයා ලගින් lele ත් හිටියා.

" මම විතරක් ගියොත් මුකුත් හොයාගන්න බැරිවෙයි ඒ විස්තර confidential නිසා.. ඒනිසයි යිබෝ බොස්ටත් මේ ගමන යන්න වෙන්නෙ.."

" ඒ කිව්වෙ රයන්?? "

" මට මේ ෆොටෝ එක ගැන පොඩි clue එකක් ආවා පොඩි බොස්. ශුවර් නෑ. ඒ නිසා මුලින්ම කාටවත් කියන්න කලින් ගිහිල්ලා බලමු. "

" මොනවා?? clue එකක්?? "

" ඇත්තටම ??? ඒ මොකක්ද ?? "

යිබෝ , lele දෙන්නම කතා කලේ එක සැරේ වගේ.

" අනික දැන් අපි කොහෙද යන්නෙ?? "

" beijin chaoyang hospital එකට.."

...........❤️💚.........

2021 sdc 4 වල dance practice කරන වෙලාවක යිබෝව කලන්තෙ දාලා වැටුනා.
එදා zhan හිටියෙ rose only එකේ ඇඩ් එකක් shoot කර කර.. ඒක ඉක්මනින් ඉවර කරලා අපි zhan ගෙ apartment එකට ආවා.
යිබෝට කලින් myocarditis හැදිලා තියෙන නිසා zhan ට ඕන උනා එදාම එයාව cardiologist කෙනෙක්ට පෙන්වන්න . Zhan ට යිබෝ එක්ක ප්‍රසිද්ධියේ හොස්පිට්ල් එකට යන්‍න බැරි නිසා මමයි ගියේ එදා beijin chaoyang hospital එකට.
Special VVIP room එකක තමයි ඒ පැය කීපය යිබෝ ඉදලා පරීක්ෂණ ටික කර ගත්තෙ..
ඒ ෆොටෝ එක දැක්කම මට මේ දවස මතක් උනේ .
මොකද ඒකෙ ඉන්න මනුස්සයා යිබෝගෙ අත අල්‍ලාගෙන ඉන්නෙ pulse බලන විදිහටමයි..

...........❤️💚.........

Hospital එකේ ඩිරෙක්‍ටර් එක්ක සෙකියුරිටි එකේ ප්‍රධානියා මේසයේ අපි ඉස්සරහින් වාඩි වෙලා හිටියා..
ඩිරෙක්‍ටර් අපි දුන්න ෆොටෝ එක දිහා බලන් හිටියේ ශොක් වෙලා වගේ..

" දෙවියනේ .. ඔව්මයි මේ අපේ හොස්පිට්ල් එකේ VVIP රූම් එකක්ම තමයි.. ඒත් කොහොමද ?? "

" මේක cctv footage එකකින් ගත්ත ෆොටෝ එකක් එඩිට් කරල වෙන්න පුළුවන් .. "
chief Security officer කිව්වෙ කල්පනාවෙන් ඒ දිහා බලලා..

" අපිට එහෙනම් wang yibo 2021 මෙහේ නැවතුන දවසේ cctv recording බලන්න පුළුවන්ද..? "
මම ඇහුවා.

" chief clerk , මේ wang yibo මහත්මයා හොස්පිට්ල් එකේ නැවතුන දවස search කරන්න.. ඒ දවසට අදාල cctv recordings ටික ගන්‍න "
ඩිරෙක්‍ටර් උපදෙස් දුන්නා..

.................

අපි ඉදිරියේ තිබුනු screen එකේ cctv recording එක play වෙමින් තිබුනේ.
ඒ 2021 සැප්තැම්බර් මාසෙ දවසක්. යිබෝ හිටියේ vvip රූම් එකේ ඇදේ දිගාවෙලා. රූම් එක ඇතුලට ආවෙ cardiologist ඩොක්ටර් සහ ඇසිස්ටන්ට් වෙන්න ඕන. යිබෝගෙ ශර්ට් එක ගලවන්න ඇසිස්ටන්ට් උදව් කරනවා. ඊට පස්සේ ඩොක්ටර් echo test එකක් කරනවා හාර්ට් එකේ. ඇසිස්ටන්ට් එකෝ මැශින් එක අයින් කලාට පස්සේ යිබෝ ඇදේ වාඩිවෙනවා.. ඇද විට්ටමට හේත්තු වෙලා.. ශර්ට් එකක් නැතුව. ඩොක්ටර් යිබෝගෙ අත අල්ලලා නාඩි බලනවා..

"ඔන්න..ඔන්න ..ඔතන pause කරන්න.."
මම එකපාරටම කිව්වා..
" මේක නේද සීන් එක.."

හැමෝම ඒ දිහා බලන් හිටියේ පුදුමය පිරුණු ඇස් වලින්..

" දෙවියනේ ඔව්.. "

" මේකෙ still එකක් අරන් ඩොක්ටර් වෙනුවට වෙන මනුස්සයෙක් දාලා එඩිට් කරලා.."

" හැබැයි ඩොක්ටර් අත අල්ලාගෙන ඉන්න හැටි එහෙමම තියලා.. "

" එතකොට මේ cheque එක යිබෝ හොස්පිට්ල් එකට ලියපු චෙක් එක වෙන්න ඕන. හොස්පිට්ල් ෆීස් වලට. ඒකයි එයාගෙ ඇත්ත අත්සන තියෙන්නෙ"

" අර මිනිහා මේක කාට ලියපු එකක්ද කියලා පේන්නෙ නැතිවෙන්න බොද කරලනෙ තියෙන්නෙ ."

" ඩිරෙක්‍ටර් , මේවා confidential දේවල්.. මේවා එලියට ගියේ කොහොමද?? "
යිබෝ ඇහුවෙ stern voice එකකින්..

Director හිටියේ ගොඩක් අසරණ වුනු මුහුණක් එක්ක..

" ඒක තමයි wang yibo මහත්මයා මට හිතාගන්න බැරි.."

" මේකට විරුද්ධව නීතිමය පියවරක් උනත් ගන්න පුළුවන් wang yibo ට.."
මම කිව්වා..

" ඔව්.. මට තේරෙනවා.!! "

" මේ මනුස්සයාව දන්නවාද බලන්න director ? නම kai min fen"
Lele ඒ මිනිහාගෙ ෆොටෝ එකක් පෙන්නුවා.

" ම්ම්.. මට මතක නෑ.. Chief clerk බලන්න මේක data base එකේ.."
Director කිව්වා.

ඒකෙ ප්‍රතිපල වලින් අපිව ආයෙත් පුදුමයට පත් වුනා.

" මේ ඉන්නෙ සර්.. Kai min fen ඒ වෙනකොට වයස අවුරුදු 21 යි. මෙහෙ cleaning service එකේ වැඩ කරලා තියෙනවා. 2021 ඔක්තෝබර් නොදන්වා සේවය හැර ගිහින් "

ඌට අවුරුදු 18 ට අඩුයි කියන එක තවත් බොරුවක් විතරයි.

හැමදේම තේරුමක් ඇති විදිහට සකස් වීගෙන එනවා..

...... ..

අපි එලියට බැස්සෙ ඒ සාක්ශි ඔක්කොමත් එක්ක ..
යිබෝ දිගම දිග සුසුමක් හෙලුවා..
" රයන්.. ඔයාට මේක මතක් උනේ නැත්නම් ..මොනව වෙයිද කියලා හිතාගන්න බෑ මට..!!! "

කාලෙකට පස්සේ යිබෝගෙ මුහුණේ සැනසිලිදායක හිනාවක්.

" ඔක්කොටම කලින් දැන් zhan ge ට කතා කරන්න ඕන."

යිබෝ ෆෝන් එක අතට අරන් කෝල් එකක් ගන්න හැදුවා..

" කෝ.. ඕනම වෙලාවට එයාගෙ ෆෝන් එක වැඩ නෑනෙ.."

..........❤️💚...........

වර්තමානය.

Xiao Zhan

මම අපේ ලෝයර් lee මහත්තයාට කෝල් එකක් ගත්තා. තාම ඒ පැත්තෙන් කිසිම හොද ආරංචියක් නෑ. අර මිනිහව තාම හොයාගෙනත් නෑ.

" police department එකෙන් අද රෑ හරි හෙට උදේ හරි යිබෝව ප්‍රශ්න කරන්න arrest කරයි. එහෙම උනොත් අපි පුළුවන් ඉක්මනින් එයාව එතනින් එලියට ගන්න ඕනා . ඒක තමයි procedure එක.."
Mr lee කිව්වා.

" xiao zhan එපා කිව්ව නිසා මම මේක යිබෝට කිව්වෙ නෑ තාම.. ඒත් ඉතින් yuhuewa එකට මේක ආරංචි වෙන්න පුළුවන් ඉක්මනින්ම .."

" හොදයි..lee laoshi ..මොකක් හරි දෙයක් තිබුනොත් මට ඉක්මනින් කතා කරන්න ..ආ මගේ ෆෝන් එක වැඩ කලේ නැත්නම් මගෙ ඇසිස්ටන්ට්ට කතා කරන්න .."

ෆෝන් එක තියන්න කලින් මම කිව්වා..

මම කීයටවත් යිබෝව arrest කරන්න ඉඩ තියන්නෙ නෑ.

මගේ ඇසිස්ටන්ට් xin yi දැනටම conference hall එක book කරගෙන ඉවරයි.

මම තීරණයක් ගත්තා.

" xin yi , ඔයා ලග තියෙන ඔක්කොම media වලට message එකක් යවන්න.. Xiao zhan විශේෂ මාධ්‍ය හමුවක් තියනවා කියලා.. Gouce Beijin conference center එකේ., තව පැයකින්.. "

" හොදයි බොස්.. මම wu chang ටත් කියන්නම්.."

" නෑ නෑ එපා. Wu chang ..රයන්.. Liu min මේ කාටවත් කියන්න එපා. විශේෂයෙන් යිබෝට කියන්නත් එපා. "

එයාලා මට මේක කරන්න දෙන එකක් නෑ. ඒක ශුවර්.

"ඔයා Gouce Beijin conference center එකේ ස්ටාෆ් එකට කියලා conference room එක සූදානම් කර ගන්න .."

මම ෆෝන් එක ඕෆ් කර ගත්තා. මේක ආරංචි උනොත් මට මේකට කවුරුත් ඉඩ දෙන එකක් නෑ.

ආදරණීය shen yuan , ඔබට පුළුවන් නම් ආදරය වෙනුවෙන් ජීවිතය වුනත් පූජා කරන්න .. ඇයි මට බැරි මේ පුංචි දේ කරන්න ..
මගේ යිබෝව පොලිස් කූඩුවක තියන්න ඉඩ තියන්නෙ ඇයි මම, එයාව ඒකෙන් බේරගන්න හැකියාව හොදටම තියෙන කොට..
මම ඔයාව arrest කරන්න ඉඩ තියන්නෙ නෑ මගේ gouzaizai..

මම කියනවා ඒ ෆොටෝ එකේ ඔයා එක්ක ඉන්නෙ මමයි කියලා ..

...................❤️💚...................

To be continued....

අපි කැමති නැති තරම් දිගට සමහර ප්‍රශ්න ඇදෙනවා නේද.. 227 උනත් එහෙමනේ..
මේ තමයි කතාවේ final blow එක.. !! හොද විදිහට ඉවර වේවි. .🥰

කතාව බලන ඔයාලා හැමෝටම ස්තූතියි.
Love you all so much ..🥰🥰🥰

Weiterlesen

Das wird dir gefallen

334K 10.1K 110
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
3.5M 155K 61
[COMPLETED] Lyra is a human living among wolf-shifters. Without being blessed with a beast, she tries her best to fit in the pack. Just when she tho...
46.1K 790 19
𝙰 𝚌𝚑𝚒𝚕𝚍𝚑𝚘𝚘𝚍 𝚋𝚎𝚜𝚝𝚏𝚛𝚒𝚎𝚗𝚍 𝚝𝚘 𝚊 𝚟𝚎𝚛𝚢 𝚜𝚙𝚎𝚌𝚒𝚊𝚕 𝚏𝚛𝚒𝚎𝚗𝚍 𝚝𝚑𝚊𝚝,𝚢𝚘𝚞 𝚠𝚒𝚕𝚕 𝚕𝚘𝚟𝚎 𝚠𝚒𝚝𝚑 𝚠𝚑𝚘...
1.1M 38.3K 63
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...