Infidelity |taekook

By brown_piano93

36.9K 7.7K 3.1K

tk sinhala More

chapter 1
characters
chapter 2
chapter 3
chapter 4
chapter 5
chapter 6
chapter 7
chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24
Chapter 25
Chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 32
chapter 33
chapter 33
Chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39
Chapter 40
Epilogue 💚💜️
The End🥂

chapter 31

811 172 89
By brown_piano93

"Mhuk අනෙ හියුන්ගී...ඒක පුංචි පාර්ටි එකක් විතරයිනේ...

"ක්ලබ් වල මොන පාර්ටීද වස්තුව...

ටේහියුන් හිටියෙ එයාගෙ කම්පැනි එකෙ..එතකොට එකපාරට පාත්වෙච්ච කලු ඇදගත්ත කෙනෙක් එයාගෙ ඔෆිස් එකෙ ටේබල් එක උඩට වෙලා...

"ඒත් ඔයා එදා මං අහපුවාම හා කිව්වනෙ හියුන්ගි..

"කෝ එහාට...ඔයා මගෙ ෆයිල් එකක් උඩ ඉන්නෙ...මං බිසීනෙ වස්තුව...කෝ චුට්ටක් එහාට වෙන්නකෝ.

ටේහියුන් ජන්කුක්  ව එහාට කරලා ජන්කුක් ගෙ බූටි එක අස්සෙ තියන ෆයිල් එක ගන්න හැදුවත් ජන්කුක් නෙමෙ එහාට උනෙ..ඒ වෙනුවට එයා බාගෙට ගැලවිලා තියන සපත්තුව ගලවල දාලා කකුල ටේහියුන් ගෙ බඩ උඩින් තිබ්බා..

"ඔයාට දැන් මාවද වටින්නෙ ෆයිල් එකද...

"ඕකෙ ෆයින්...දැන් කියන්න හරියට...

ටේහියුන් හුස්මක් අරන් ජන්කුක් ගෙ කකුල පරිස්සමට අතගාද්දි ජන්කුක් තොල් උල්කරගත්තා.

"පාර්ටි එක...

"ම්ම්

"ක්ලබ් එකෙ..

"ඔයා මට පාර්ටි එකක් ගැන කිව්වට ක්ලබ් කතාවක් එදා කිව්වෙ නෑ..ඒ නිසයි මං හා කිව්වේ...

"එහෙනම් ඔයත් එන්න මාත් එක්ක....

ජන්කුක් අත්දෙක බැදගනිද්දි ටේහියුන් හුස්මක් පාතට දැම්මා..

"හියුන්ගිට වැඩනෙ වස්තුව..හරි එහෙනම් හුගක් රෑ වෙන්න කලින් එන්න ඕනි හරිද...බොඩිගාඩ්ලා අරන් යන්න ඕනි..සීයාතාත්තා ගෙ හරි මගෙ හරි...

ටේහියුන් කියද්දි ජන්කුක් ආයෙම තොල් උල් කරා.

"අනෙ අප්පාහ්...අල බෝල හියුන්ගි ලාට මගෙ යාලුවෝ බයවෙනවනේහ්...අනික එයලා ආවහම මගෙ ඇගෙ වැදෙන හැම මනුස්සයටම ගහනවා..

ජන්කුක් ඇස් බෝල කරගනිද්දි ටේහියුන් ජන්කුක් ව උස්සලා මේසෙ උඩ පැත්තකින් තිබ්බා..තියලා මෙච්චර වෙලා යටවෙලා තිබ්බ ෆයිල් එක ගත්තා..

"එහෙනම් නෝ පාර්ටීස්...

"මං තරහයි...

"කමක් නෑ...ඔයාගෙ ආරක්ශාවට මං එහෙම කරන්නෙ..මිනිස්සු දන්නවා ජියොන් ජන්කුක් කියන්නෙ කවුද කියලා...

ටේහියුන් කියද්දි ජන්කුක් මේසෙන් බිමට පැන්නා.එයාට එක සපත්තුවක් ගලවන් ඉන්න එක අපහසු නිසා එයා අනිත් සපත්තුවත් ගැලෙව්වා..ගලෝලා ඒක අතට ගත්තා..

"මං ඔයාව  කසාද බදින්නෑ..නෑමයි.හියුන්ගි ...මං මින්හ්වාන් අජුස්සි ව බදිනවා..

ජන්කුක් දොර වහපු සද්දෙට ටේහියුන් එක ඇහැක් පියෙව්වා.එච්චර හයියෙන් ජන්කුක් ඒ දොර වැහුවා..යන්න කලින් ජන්කුක් එයාට දමලා ගහපු සපත්තුවයි,කලින් බිම දාපු සපත්තුවයි අතට අරගත්ත ටේහියුන් එයාගෙ වස්තුව පස්සෙන් යන්න ගත්තෙ මේ අවුරුදු ටිකට හුරතල් හා පැටියා කොච්චර වෙනස් වෙලාද කියලා හිතන ගමන්

එයා පොඩ්ඩක් මැර වෙලා.හැබැයි හුරතලේ නම් තාම එහෙමයි..
ටේහියුන් ගෙ මැර පැටියා!!!!!!!

________________________________

"හරියටම දහයට මං එනවා ක්ලබ් එක ලගට ...මින්හ්වාන් අජුස්සි එක්කම ඉන්න ඕනි හරිද...

ජන්කුක් පස්සෙන් ටේහියුන් එහාට මෙහාට යන ගමන්  කියද්දි ජන්කුක් හැමදේටම ඔලුව වැනුවා..

" ඔයා හූඩි එකක් ගන්න...ඩාන්ස් කරද්දි දගලන්න එපා...අනික ඩ්‍රින්ක්ස් ගන්න නම් හිතන්නවත් එපා..

"අනෙහ්...දගලන්නැතුව නටන්නෙ කෝමද..අනික සුට්ටක් බොන්නම්කො මං කොල්ලෙක්නෙ...

"ඔයා චුට්ටක් බිව්වත් ඩෝප් වෙනවා වස්තුව..එවෙලෙට මොන විනාසයක් කරයිද දන්නෑ...ඒ නිසයි කියන්නෙ...ඒ හින්දා මගෙ හොද වස්තුව වගේ ඩ්‍රින්ක්ස් ගන්න එපා..පරිස්සමින් ගිහින් එන්න...ෆෝන් එක ඔන් එකෙ තියාගන්න ම්ම්ම්....

ටේහියුන් කියද්දි ජන්කුක් හිමින් ඔලුව වැනුවා..අන්තිමට ටේහියුන් ජන්කුක් ගෙ නළල ට දිග හාදුවක් දුන්නා..

"හියුන්ගිට ඔෆිස් එකෙ වැඩ හුගයි වස්තුව...මං දැන් යන්නම්...පරිස්සමින්

"ආදරෙයි හියුන්ගී..

ටේහියුන් යනකන් ඉදලා ජන්කුක් කෙලින්ම ගිහින් මින්හ්වාන් ගෙ බෙල්ලෙ එල්ලුනා.මැරයෙක් වෙන්න ඕනි යාලුවෝ ඉස්සරහනෙ..එතකන් හුරතල් උනාට කමක් නෑනි..

"ජන්කුක් බේබි...

"ඕ මින්හ්වාන් අජුස්සි...

"අපි දෙන්නම පොඩ්ඩ පොඩ්ඩ බොමු...

"ම්.......මං මගෙ අලබෝලයට ආදරෙයි අනෙව්...

මින්හ්වාන් හරිම ප්‍රව්ඩ්ලි විදියට හිනා උනා..ජන්කුක් බේබි එයාට මේ සතියට ආදරෙයි කියපු තුන්වෙනි වතාව..හහ්...

_____________________________________________

"ඔයා හොදින්ද....මං බය උනා...යෙවෝල්....

සේලයින් ගහලා තිබ්බ තමන්ගෙ බිරියගෙ අතින් අල්ලගෙන ජන්කුක් ගෙ තාත්තා කියන පට්ටම නමට ගත්ත මිනිහා ඇස් වල කදුලු පිහ දැම්ම...

මීට අවුරුදු දෙකකට කලින් වෙඩි වැදිලා පැරලයිස් වෙලා හිටිය යෙවොල් එහෙමත් නැත්තම් අගමැති ආර්‍යාවට අන්තිමේදි සිහිය ආවා.

"මං හිතුවෙ මං පරක්කුයි කියලා...හිතුවෙ නෑ අර මිනිහා ඔයාට වෙඩි තියයි කියලා...

"එයා මාව මරයි..මං ජීවතුන් අතර කියලා දැනගත්තොත් මාව මරලා දායි ජන්ග් සූ....

"ශ්...අඩන්න එපා දෙයක් පෙන්නන්න තියනවා...

අගමැතිවරයා තමන්ගෙ සෙකට්‍රි දිහා බලද්දි එයා ජන්කුක් ගෙ තාත්තා අතට ටැබ් එක දුන්නා..

ටිකකින් ටැබ් එක යෙවොල්ගෙ අතෙ තියෙද්දි යෙවොල් පුදුමෙන් තමන්ගෙ සැමියා දිහා බැලුවා.

"මේ මමනේ....මං කොහොමද මැරෙන්නේ.

"ඔයා වගෙ ගෑනියෙක් හොයලා මරලා දැම්මා..මට ඔයාව කොයිතරම් වටිනවද කියලා දන්නවනේ...අපි දෙන්නම එක වගෙ..අපි දෙන්නටම අයිති වෙන්න ඕනි දේවල් උන් අයිතිකරගත්තා...

"මං ආදරෙයි ජන්ග් සූ...ඔයා නැත්තම් මං අද ජීවතුන් අතරත් නැ...මගෙම තාත්තා කොහෙවත් යන එකෙක් නිසා මට වෙඩි තියද්දි ඔයයි මාව බේරගත්තේ....මං මගෙ අක්කව මරලා දැම්මා..අන්තිමට ඔයා ඔයාගෙම නිවුන් සහෝදරයාව මරලා දැම්මා..අපි සාධාරන නැද්ද ජන්ග් සූ,අපි අපෙ අයිතීන් ගන්න හදනවා විතරයි...මගෙ තාත්තා අදටත් හිතන්නෙ ඔයයි ජන්කුක් ගෙ තාත්තා කියලා...

යෙවොල් හිනාවුනා.ජන්කුක් ගෙ තාත්තාට නිවුන් සහෝදරයෙක් ඉන්නවා කියලා දැනන් හිටියෙ යෙවොල් විතරයි.

ජන්කුක් ගෙ ඇත්ත තාත්තා ඒ කියන්නෙ ජන්ග් සූගෙ නිවුන් සහෝදරයා බලය ගන්න තන්හාවට තමන්ගෙ පවුලත් අත ඇරලා දාලා ආපු මිනිහෙක්,

යෙවොල් ඒක දැනගන්නෙ තමන්ගෙ අක්කගෙ වෙඩින් එක දවසේ,පිස්සෙක් වගෙ මඩ නාගෙන ඉන්න තමන්ගෙ අක්කගෙ සැමියා කියලා හිතුවත්...

නෑ ඒ අක්කගෙ සැමියගෙ නිවුන් සහෝදරයා!!!

එදා ඉදන් සමහරවිට සල්ලි තන්හාව නිසා යෙවොල් ට වගේම ජන්ග් සූටත් හුගක් දේවල් මග ඇරිලා ගියා...

"ඒකෙන් අගමැතිතුමා හිතුවා මමයි ජන්කුක්‍ වෙනුවෙන් සල්ලි යැව්වෙ කියලා..එකපාරට සල්ලි යවන එක නතර කරෙ ජන්කුක්ගෙ තාත්තාව, මගෙ ආදරණීය අයියව මැරිලා ගිය නිසා කියලා ඒ වයසක මිනිහා කොහොම නම් දැනගන්නද......

යෙවොල් හිනාවුනා.ජන්ග්වූ හිනාවෙද්දි යෙවුලුත් සද්දෙන් හිනාවුනා.

" මෙලහට ජන්කුක් මැරිලා ගිහින් කිම් ටේහියුන් මැද්දට නොපැන්නනම්....

"ඌ  ජන්කුක් ගෙ ඇගේ එල්ලිලා..අනිවාර්යයෙන් ම සල්ලි නිසයි...අපිට මුලින්ම ඌව මරලා ඉන්න වෙයි...ඒත් මං හිතන විදියට කිම් ටේහියුන් ට පාතාලෙ උදව් තියනවා යෙවොල්...

"කිම් ටේහියුන් ? ඌ තමයි මං ගැන විස්තර හෙව්වේ...එතකොට ඌ ජන්කුක් ගෙ ප්‍රේමවන්තයද?......ජන්කුක්ව මරලා දාන්න ඕනි...ජන්ග් සූ!!!!.උගෙ මහලොකු ප්‍රේමවන්තයත් එක්කම...හැබැයි ඔක්කොටම කලින් මරලා දාන්න ඕනි මගෙ තාත්තා කියන මිනිහා...

"babe...ඔයාට කියන්න දෙයක් තියනවා...ඔයාගෙ තාත්තා ට කැන්සර් එකක්...ඩොක්ටර් කියපු විදියට උපරිම මාස හයක්, නැත්තම් අවුරුද්දක්....

"එහෙනම්.....මගෙ ආදරනීය තාත්තා මැරෙනකන් අපි ඉවසල ඉමු..අපිට හිමීට පුලුවන් එයාගෙ මරණෙ ලං කරන්න..බෙහෙත් මාරු කරලා වගේ දේවල් කරලා...

"ම්ම්...අනික අපි හිතුවට වඩා ජන්කුක් කියන්නෙ මෝඩයෙක්...අපිට ජන්කුක් ව මරලා දාන්න ලොකුවට මහන්සි වෙන එකක් නෑ...කිම් ටේහියුන් ව මුලින්ම මරලා දාලා ඊලගට මගෙ හුරතල් පුතාව මරලා දාමු....එතකොට මෙ දේපල ඔක්කොගෙම තනි අයිතිය අපිට...

"මං මේ දවස එනකන් බලන් හිටියා ජන්ග් සූහ්...මට මගෙ හරි අයිතිය ලැබෙනකන් මං බලන් හිටියා...පොඩි කාලෙ ඉදන් හැමදේම මගෙ අක්කට විතරයි එයාලා දුන්නෙ...මාව එයාලා පැත්තකට කරලා දාලා හිටියෙ හරියට මගෙ අක්කා තමයි එයාලට හිටිය එකම දුව වගේ..අන්තිමට,අන්තිමට මගෙ තාත්තා මට වෙඩි තිබ්බා..එයා මාව මරන්න හැදුවා...

යෙවොල් අඩද්දි ජන්ග් සූ තමන්ගෙ බිරිදව තදින් බදාගත්තා..ජන්ග් වූගෙ පැත්තෙනුත් ජන්ග්වූ හරි කියලයි ඔහුට හිතුනෙ..අසනීපයෙන් ඉන්න අම්මයි තාත්තා වයි අතාරලා දේශපාලනය කරන්න ගිය පුතා අන්තිමට පෙලපත් නාමෙත් වෙනස් කරගන අගමැති විදියට දිව්රුම් දෙද්දි වෙන පවුලක් තමන්ගෙ පවුල කියලා ලෝකයාට පෙන්නද්දි ජන්ග්  වූ සාධාරන නැද්ද?

_______________________________________________

"ජන්කුකා..මෙහෙ වරෙන් ඩාන්ස් කරන්න  තව කොච්චර වෙලා වාඩිවෙලා බොන්න හිතන් ඉන්නවද...

"මට වරෙ---------

ජන්කුක් දෙයක් කියන්න උත්සාහ කරත් ජන්කුක් ගෙ ඉස්සරහ හිටන් හිටිය මින්හ්වාන් කතාකරා..ඒකත් ජන්කුක්ගෙ යාලුවගෙ මූන ඉස්සරහට නැවිලා,

"එයාට වරෙන් කියලා කියන්න එපා..හිච්චි කොල්ලෝ..

"අහ්...සොරි...ජන්කුක් එන්න...

"ඔයා යන්න එවුන් වූ...මං මෙතන ඉන්නම්...මං සද්ද...

"එයා කියනවා එයා සද්ද වලට වැඩියෙ කැමති නෑයි කියලා...

"මින්හ්වාන් අජුස්සි ඔයා එයාව බය කරනවා..

"සමාවෙන්න බොස්...

මින්හ්වාන් කැස්සා..ටිකක් හයියෙන් .මොකද ජන්කුක් බේබි මින්හ්වාන් ට තර්ජන කරා එයට යාලුවෝ ලග බේබි කියන්න එපයි කියලා...

" මට කම්මැලි නෙ මින්හ්වාන් අජුස්සි...මං හිතුවෙ ක්ලබ් යන එක ජොලි ඇති කියලා...අහ්...ඒත් මට මේ සද්ද වලටයි ලයිට්ස් වලටයි වමනෙට වගෙ...හැබැයි මේවා නම් රසයි...

මින්හ්වාන් බලන් හිටියා ජන්කුක් පලවෙනි වොඩ්කා උගුර බොන විදිහ..එක උගුරනෙ..ඒකට කමක් නෑ...

"මින්හ්වාන් අජුස්සි...එන්න අපි දෙන්නා බොමු...මේ පලවෙනි  විදුරුව මගෙ ටේහියුන් හියුන්ගීට...
.
.
.
.
.
.
.
.
.
.
.

"ජන්කුක් බේබි...මෙතන...ඉක්...එකපාරට මිනිස්සු වැඩි උනාද .....ඉක්...මන්දා...අපි වැරදිලා නිවුන්නු ඉන්න ඉක්...ක්ලබ් එකකටද ...ඉක්...ඇවිත්...තියෙන්නෙ....

"මට මින්හ්වාන් අජුස්සි ලත් දෙක දෙක පේනෝනේ...මේ මට නිකන්ම හිනා යනවා...ඉක්...මින්හ්වාන් අජුස්සි මාව පාවෙනවා වගේ....

"ජන්කුක් බේබි...දුවන්න එපා...මගෙ අත අල්ලගන්න ....අපි පාර පයිමු...

"ම්හු...ආයෙ බේබි කිව්වොත්...ඉක්...හපනෙක...ඉක්...හපනවා...අනික කොහෙද මෙතන පාරක් තියෙන්නෙ...අපි ඉන්නෙ ක්ලබ් එකෙනේ...මින්හ්වාන් අජුස්සි ලග මොකත කටු බැල්ලියක් කෙකර...ඉක්..ගානවා වගේනේ...

"හේයි හැන්ඩ්සම්...මොකද කියන්නෙ ම්...

"ඒහ් අහකට පල මෝඩ ගෑනී...මේ මං ලමයෙක් ඉන්න ...ඉක්...තාත්තෙක්..ජන්කුක් බේබි මේ ගෑනි මගෙ ඇග දිගෙ නගිනවා...ඉක්...උබට මං අද වෙඩි...

"ඕ...ඕ...මින්හ්වාන් අජුස්සියෝහ්...ඔය තුවක්කුව ආයෙ සාක්කුවටම දාගන්න...ඉක්...අපිට පොලිසි යන්න ඉක්...වෙයිහ්....

"නැ ජන්කුක් බේබි..මං මේකිට අද වෙඩි තියනවා..ඉක්...මගෙ ජන්කුක් බේබි ඉද්දි ලැජ්ජා නැතුව මගෙ ඇගෙ...ඉක්..නැග්ගා..තාත්තා කෙනෙක් ඉක්...විදියට මට ලැජ්ජායිනේහ්...

" ඔයා යන්නකෝ අක්කේහ්..එයා ඇත්තටම ඉක්...වෙඩිතියයි වගේහ්...

"පලයන් පර බැල්ලි...ඉක්...මගෙ ලමයා  හිටියෙ නැත්තම් ඉක්..උබට කුනුහරපෙන් බනින්න තිබ්බ...ඉක්...එන්න..ජන්කුක් බේබ් බොස් ඉක් ..අපි දෙන්නා පාර පනිමු...

"ඉක්...පාරක් නෑනි මින්හ්වාන් අජුස්සි..අපි ඉන්නේ මුහුදු වෙරලෙනේ...ඉක්...අර දියකිදුරෙක්ද මන්දා...ටේහියුන් හියුන්ගී වගේ දියකිදුරෙක්...

"නෑහ්...ට්‍රැෆික් පොලිසියෙන් ජන්කුක් බේබි බොස්...ටිකක් අපෙ ලොක්කාත් වගෙ....

"ම්හු...ටේහියුන් හියුන්ගී වගෙ දියකිදුරක්...මං ටේහියුන් හියුන්ගී ව ඩිවෝස් කරලා දියකිදුරාව කසාද බදිනවා...එතකොට මට හැම්දාම මාලු ඉක්...කන්න පුලුවන්....

"අයියෝහ් ජන්කුක් බේබි බොස්...අපෙ ලොක්කව කන්න එපා..

"අඩන්න එපා මින්හ්වාන් අජුස්සි...අනේ  ඉක් මටත් ඇඩෙනවා වගේනේ...

"පාර්ක් මින්හ්වාන්!!!!!!!!!!

මෙච්චර වෙලා ජන්කුක් එක්ක විකාර කර කර හිටිය මින්හ්වාන් ඉද්ද ගැහුවා වගෙ කෙලින් උනා...ටේහියුන් අත්දෙකත් බැදන් මින්හ්වාන් ඉස්සරහ ඉද්දි මින්හ්වාන් ටේහියුන් ට සැලියුට් කරා..

"ඔය සාක්කුවට දාපු වීදුරුව මේසෙ උඩින් තියපන් මිනිහො...කෝහ්  වස්තුව නැගිටින්න යන්න ඕනි...

ටේහියුන් වොඩ්කා බෝතලයක් ඉබින ඩෝප් වෙච්ච වස්තුව උස්සන්න හදද්දි මින්හ්වාන් ලග තිබ්බ මේසෙකට හේත්තු උනා.

"ම්හු....බෑ සොව් රි...මට බැ දියකිදුරෙක් කසාද බදින්න..
මට කෙනෙක් ඉන්නවා මිස්ටර් මාලුවා..මං බැදලා...

"ආහ් හා..යමන්කෝ ගෙදර මාලුවා පෙන්නන්න...මින්හ්වාන් ජන්කුක් බේබිගෙ යාලුවන්ට කියන්න එයාව මං එක්කන් ගියා කියලා...ඔය සැලියුට් කරන් ඉන්න එක නවත්තපන් යකො..මේ මිනිස්සු හිතයි මං හමුදාපති කියලා...

" ඔන්න හියුන්ගී රැල්ලක් එනවා..අයින් වෙන්න..

"රැල්ල...රැලි දායි හෙට උදේට..මට නේද යකෝ මූ බේබද්දා බේබද්දා කියලා බනින්නෙ....අනෙ රත්තරනෙ ඔය බෝතලෙ අතාරපන්කෝ...මං ගෙදර ගිහින් බෝතලයක් දෙන්නම්...

අන්තිමේදි ජන්කුක් ව ටේහියුන් උස්සගන එලියට යද්දි ක්ල්බ් එක ඇතුලෙ වෙරිමරගාතෙ නට නට හිටපු ටේහියුන් ගෙ බොඩිගාඩ්ලා ත් එලියට ඇවිත් ටේහියුන් ව නොදන්න ගානට වාහන වලට නැගලා ටේහියුන් ගෙ වාහනෙ යනකන් බලන් හිටියා..

"මින්හ්වාන් දොර ඇරපන්..

"එහෙමයි තුමනි..

"යමන්කො අද උබත්...ඔය මාව සුප්පන්න එපා වස්තුව....

"එහෙමයි තුමනි..

"කටවහන් ජන්කුක් බේබිව දාපන් මින්හ්වාන් ඇතුලට..උබව මං අස් කරනවා මතක තියාගනින්...බේබි ඔය දොර අතරින්න...

"දෙයියනෙ මේ සාගරයට අදිපති පොසයිඩන්ගෙ ජිප් එකද...ටේහියුන් හියුන්ගී සොරි මං ඔයාව දැන්නම් ඩිවොස් කරලම දානවා...






ඔය දොර අල්ලපන් මින්හ්වාන් !!!!!!!




මං මෙච්චරක් ආදරෙයි..👉👈🌼











Continue Reading

You'll Also Like

2.2K 302 12
සමගියෙන් සිටි පවුලකට එක වර සිදු වෙන විපතක් ඔවුන් කෙසේ දරා ගනී විද? ඔවුන්ට ඒ විපතේ අයිතිකාරයාට දඩුවම් දිය හැකි වෙයිද? Sad ending ද?Happy ending ද? 😌�...
80.8K 10.8K 40
Seokjinက ငါ့အိမ်ကကျွန်လေ... အိပ်စရာလူကုန်ရင်တောင် သူနဲ့တော့မအိပ်ဘူး၊ ကျွန်စော်နံလို့...[ABO/kookjin]
12.9K 2.1K 20
🦋 Welcome to my story • Taekook • Yoominhope • Namjin 🥀 ( සිංහල ) 🥀 Tae : TOP Kook : BOTTOM •••••••••••••••••••••••••••••••••••••••••••••••••••...
170K 26.4K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."