තුහින || Thuhina ( taekook no...

thashi123

10.3K 1.8K 3.8K

මා මත් උනි...ඔහුගේ සුවඳ හමන පෑන් තුඩින් ලියැවුන අකුරු කියවමින් මා උන්මත්තකයෙක් උනි...ඒ වචන විස්කි වීදුරුවකටත්... Еще

හඳුන්වා දීම
1 වෙනි දිග හැරුම
2 වෙනි දිගහැරුම
3 වෙනි දිගහැරුම
4 වෙනි දිගහැරුම
5 වෙනි දිගහැරුම
7 වෙනි දිගහැරුම
8 වෙනි දිගහැරුම
9 වෙනි දිගහැරුම
10 වෙනි දිගහැරුම
11 වෙනි දිගහැරුම
12 වෙනි දිගහැරුම
13 වෙනි දිගහැරුම

6 වෙනි දිගහැරුම

597 125 188
thashi123

අද සඳුදා....

සුපුරුදු පරිදි පාන්දර ඇහුන අම්මාගේ ඝෝශාවට මං ඉස්කෝලේ යන්න නැඟිට්ටත් මට වෙනදාට වඩා සීතලක් අද ඇඟට දැනුනා....ඇස් දෙකෙනුත් ගින්දර පිට වෙනවා වගේ....මං බොහෝම අමාරුවෙන් ඇස් දෙක ඇරලා ඊයේ රෑ ගලවලා පැඳුර කෙලවරින් තිබ්බ කමිසේ දාගෙන රෙද්දකුත් ඇඟ වටේ පොරවන් හෙමීට බිමින් නැගිට්ටා...

මං එහෙමම ආවේ කුස්සියට....එතකොටත් අම්මා කඩා දාලා හිටිය කොණ්ඩේ මැද්දෙන් පනාව ගහන් මොනා හරි හොයනවා....

" අම්මේ..."

මං කුස්සියට ඇතුල් වෙන තැනේ ඉදන් අම්මාට කතා කරලා එතනම තිබ්බ බැම්ම උඩින් වාඩි උනා....

" අහ් නැගිට්ටාද...? ඒක නෙමෙයි මං උබෙන් අහන්න හිටියේ...කෝ බං අර ඊයේ හාමූ දුන්නායි කිව්ව බූන්දි ටික....මං මේ ටික හොයන්නේ..."

" ටික මං කෑවා නේ...."

" ...උබ මල්ලම ගිල්ලාද ? "

" ඇටේ ඇටේ කනකොට දන්නේම නැතුව සේරම ගිලුනා නේ..."

" හරි ශෝක්....තනියම ගිලිනවාද බං තරම් සිනී කන්දරාවක්...හදගනින්කෝ දියවැඬියාවත් ඔහොමම....ඔච්චර තමා නේ ඉතිං අඩු වෙලා තියෙන්නේ...හ්ම් මේක බීලා , පලයන් මුහුන හෝදගන්න..."

" මං අද ඉස්කොලේ යන්න ඕනමද අම්මේ ? "

" ඇයි යන්න කම්මැලිද ? "

" එහෙම නැහැ....ඇඟට නිකන් තෙහෙට්ටුයි වගේ..."

" මොකද එකපාරම..."

එහෙමම අම්මා තේ කෝප්පේත් එක්ක මං ගාවට ඇවිත් මගේ නලලට අත තිබ්බා...ආයේත් ඒ අතම මගේ බෙල්ලට ගෙනාත් නවතිද්දි මං බලාගෙන අම්මාගේ ඇස් දෙක ලොකු වෙනවා....

" දෙයියනේ...උබට ආයේත් සහලෝල උණ නේ ! "

අම්මා කෑගහන ගමන් තේ කෝප්පේ මගේ එහා පැත්තෙන් තියලා කරුවලේම පිලිකන්නට දිව්වා....

උණ හැදෙන එක මට හරිම සමාන්‍ය දෙයක්....මට ගොඩාක් පාරවල් වල මේ දේ සිද්ද වෙනවා....කලින් දවසේ කිසිම ලෙඩක් නැතුව හොඳට ඉදලා පහුවෙනිදාට පැඳුරෙන් නැඟිටගන්නවත් පණක් නැති වෙන වෙලාවල් අනන්තවත් මගේ ජිවීතේ වෙලා තියෙනවා....මුල් දවස් වලදි අම්මා මාව ටවුමේ ඩිස්පැන්සරියට ගෙනියලා දොස්තර මහත්වරුන්ට පෙන්නුවාත් එයාලාට ගෙවන්න අම්මා කාසි මල්ලත් හූරලා හූරලා සල්ලි හොයන විදිහ දැක්කාම මං දොස්තර මහත්තයලා ගාවට යන එකත් නැවැත්තුවා....එයාලාට දහස් ගනන් ගෙවන එකේ ගෙදර හදලා දෙන පස්පංගුව මට ඊටත් වඩා හොඳයි...

" කෝ කමිසේ උස්සපන්..."

අම්මා පිලිකන්නෙන් භාජනේකට වතුර පුරවන් ඇවිත් ඒකේ අස්සේ දාලා තිබ්බ රෙදි කෑල්ල මිරිකුවා...

" අනේ අම්මා සීතලයි..."

මං එහෙට මෙහෙට ඇඹරුනා...අම්මා වතුර පෙඟිච්ච රෙද්ද මේ හිමිදිරි පාන්දරේ මගේ ඇඟ වටේ ගෙනියද්දි කලින් දැනුන සීතලටත් වඩා සීතලක් මට දැනෙන්න ගත්තා.....අම්මා මගේ පපුවයි පිටයි කකුලුයි තෙත මාත්තු කරලා මගේ මුහුනත් පුංචි කාලේ වගේ හේදුවා...

පස්සේ එයාම කාමරේන් ඇඳුමක් ගෙනාත් කලින් ඇදගෙන හිටිය කමිසේ මගේ ඇඟෙන් ගලවලා අහක් කරා....

" කෝ මේ කලිසම අන්දවන්න දීපන්...."

" මං ඒක ඇඳ ගන්නම්....අම්මා යන්නකෝ දැන්..."

" අනේ අම්බේ උබේ කිරල ඇබේ බලන්න වටිනම එක නේ...හ්ම් හ්ම්....ඉදා එහෙනම් ඇඳගනින්කෝ...හොඳට ඇඟවල් එහෙම වහ ගනින්....පින්න වැටෙන්න මිදුලට එහෙම යනවා නෙමෙයි....මං ඉක්මනින් වලව්වට ගිහින් ලමාතැනිට පණිවිඩේ කියලා එන්නම්..."

" මං නිසා අම්මා නිවාඩු ගන්න ඕන නැහැ...අම්මා වලව්වට යන්න...මට හැකියි තනියම ඉන්න..."

" අනේ එහෙම හොඳ නැහැ මේ මයේ රත්තරනේ....උබට මොනා හරි අවශ්‍යතාවයක් උනොත් මං ලඟ ඉන්න එපැයි...."

" කාරි නැහැ....තේ ටික බීලා පැන්ඩොල් පෙත්තක් බිව්වොත් මේක ටිකක් අඩු වෙලා යයි...අම්මා වලව්වට නොගිහින් වැඩ පාඩු කරගන්න එපා...."

" උබට විස්වාසද තනියම ඉන්න හැකියි කියලා ? "

" ඔව් අම්මා... ගැන කනස්සලු වෙන්න එපා..."

" හරි එහෙනම්....මං එහා පැත්තේ කුසුමා නැන්දාට කියලා යන්නම්..අවශ්‍ය උනොත් නැන්දාට අඬගහපන් හරිද...."

" හරි අම්මා..."

" කෝ මේ තේ ඩිංග උණුවෙන් බඩට දාගනින්..."

අම්මා ඔලුවේ ගහන් හිටිය පනාවෙන් කොණ්ඩේ පීරලා ගෙඩිය ගහ ගන්න ගමන් මට දණ්ඩ නිතී සංග්‍රහයම දාලා අවසානේ ගෙදරින් පිටත් උනා...ඔය ගියාට මං දන්නවා එයා ඉන්නේ හිත දෙගිඬියාවෙන්...වලව්වේ වැඩ ටික වේලාසන කරගන්න පුලුවන් උනෝතින් දවල් වරුවේම ගෙදරට දුවගෙන එයි....

මං අම්මා දීපූ තේ එකත් බීලා පැනඩෝල් පෙත්තකුත් කටේ දාගෙන අම්මා ඇන්ඳුව අත් දිග කමිසේකට අලුත් කලිසමක් ඇදගෙන දැනුන මත ගතිය නිසා ආයේත් පැඳුර උඩින් ඇලවුනා....

විනාඩි පහක් යන්නේ නැතුව ඇති....මට වැටිච්ච ගමන් හොඳටෝම නින්ද ගියා....

මං ආයේත් ගැස්සිලා හැරුනේ ගෙදර ඉස්සරහ දොර කවුරු හරි අරින්න හදන සද්දේට....මං පැඳුර උඩින් නැඟිටලා ජනේලේ පැත්තට ඔලුව හරවනකොටයි දැක්කේ හොඳටෝම එළිය වැටිලා තියෙනවා කියලා..දැනටමත් උදේ එකොලහාට වගේ ඇති...මං කැත නැතුව පැය පහක් විතර බුදිය ගෙන....

මං හෙමීට පැඳුරෙන් නැඟිටලා සාලේ මැද්දෙන් දොර ගාවට ගිහින් දොරේ අඟුල ඇරියා....අම්මා වෙන්නැති...ගියපූ විදිහට මට හිතුනා එයා අනිවාර්යයෙන්ම ආයේත් ගෙදර එයි කියලා....

මං දොර හෙමීට ඇරියා....

ඒත් ඒ ඇරලා බිමට බර කරන් හිටිය ඔලුව උස්සලා මං ඉස්සරහා බැලුවා විතරයි මට තවත් උණ ගත්තා වගේ....

හිච්චි හාමූ....ගෙදර දොර ඉස්සරහා හිටන් හිටියේ හිච්චි හාමු....යටින් රත්තරන් පාට බෝඩරයක් ගිය කලු සරමකට සුදු පාට අත් දිග කමිසයක් ඇදන්, ඒ අත් වැලමිට ලඟට වෙනකන් නවාගෙන මගේ දිහා බලන් හිටියේ වෙන කවුරුත් නෙමෙයි....ඒ හිච්චි හාමු...

මට හදිස්සියට කෙල ගිලුනෙත් නැහැ....

මං එහෙමම ඇස් කරකවලා වත්තේ නවත්තලා තිබ්බ සුදු පාට වාහනේ දිහා බැලුවා....

" තුහින මාව මෙතනම තියන් ඉන්නද කල්පනාව ? "

හාමු එකපාරම එහෙම ඇහුව්වාම මං ඉක්මනින් දොර ගාවින් අයින් වෙලා හාමූට ඇතුලට එන්න අවසර දෙන ගමන් ගේ ඇතුල දිහා බැලුවා....

අපේ ගෙදරටම තිබ්බේ ප්ලාස්ටික් පුටු තුනයි....මං ඉක්මනින් කාමරේට ගිහින් රෙදි කෑල්ලක් උස්සගෙන හාමූට ඉදගන්න පුටුවක් පිහිදාන්න ලෑස්ති උනා...

" ඉන්න හාමූ මං ඉක්මනින් මෙක පිරිසිදු-"

" ඇඟ පොඩි කරගන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න තුහින..."

හාමූ හඬ රළු කරලා මගේ අතේ තිබ්බ රෙදි කෑල්ල උදුරලා අරන් එහෙමම ගිහින් පුටුවක් උඩින් වාඩි උනා....

මං තාමාත් ඉන්නේ තුශ්ටින් භූත වෙලා....මොකද සමානෙන් වලව්වේ උදවිය අපේ වගේ පුංචි පැල්පත් ඇතුලට එන්නේ නැහැ....හිච්චි හාමූත් මේ හිටිය කාලේටම අපේ ගෙදරට ඇවිත් ඇත්තේ දෙපාරක් නැත්තම් තුන්පාරයි...ඒත් මිදුලේ ඉදන් හෝ වැටෙන් එහා පැත්තේ ඉදන් අවශ්‍ය පණිවිඩේ කියලා යනවා මිසක් කවදාවත් හාමු අපේ වහල යටට ඇවිත් අපිත් එක්ක මෙහෙම සුහඳ සාකච්ඡා වල යෙදිලා නැහැ....

හාමූගේ ඇස් සාලේ වටේම ගිහිල්ලා අවසානේ මගේ ලඟ නවතින ගමන් අර අතේ තියන් හිටිය රෙදි කෑල්ල පැත්තකින් තිබ්බා....

" දැන් කොහොමද උණ ගතිය එහෙම ? "

" දැන්නම් ටිකක් අඩුයි හාමූ...උදේන්ම පැනඩෝල් පෙත්තක් බිව්වා නේ...."

" හ්ම්ම්ම් කමලා මට කිව්වා...උදේට කාලාද ඉන්නේ ? "

" අහ්ම්...මේ....කන්න බැරි උනා හාමූ..මට නින්ද ගියා නේ..."

" මේන් මේක කාලා ඉදින්..."

හාමූ මගේ පැත්තට ශොපින් කවරේක දාපූ පාර්සලයක් දික් කරා....

" මේ මොනාද හාමූ ? "

" පිට්ටු වගයක්...අම්මා හැදුවේ..."

" ලමාතැනි ? "

" නැහැ බං...උබේ අම්මා...ගනින් ඉතිං මේක..."

හාමූ උස්සගෙන හිටිය මල්ල ආයේත් හොල්ලනකොට මං අත් දෙක දිග ඇරලා මල්ල අරගෙන පපුවට හේත්තු කර ගත්තා....

" හාමූට තේ ඩිංගක් වක්කරන්න බොනවාද ? "

" ලොකුවට අවශ්‍යතාවයක් නැහැ....ඒත් පුලුවන් නම් හා...."

" මං ඉක්මනින් හදාගෙන එන්නම්..."

මං එහෙමම පපුවට තුරුල් කරන් හිටිය පිට්ටු පාර්සලේත් එක්ක කුස්සියට ඇවිත් දර ලිප පත්තු කරලා කේතලේ ඒ උඩින් තියන ගමන් හාමුට දෙන්න පුලුවන් විදිහේ තේ කෝප්පයක් රාක්කෙ තියෙනවාද කියලා බැලුවා....

වේලාවට රාක්කේ කොනකට වෙන්න සුදු පාට අඬු කෝප්පයක් තිබ්බා...

මං ඒකත් හෝඳගෙන ඇවිත් තේ කොළ ටික ජෝග්ගුවට දානවත් එක්කම...

" හ්ම්ම්...කුස්සිය හරි පිළිවෙලට තියෙනවා නේ..."

හිතුවේ නැති විදිහට හාමූගේ ගැඹුරු කටහඬ මගේ පිටිපස්සෙන් ඇහෙද්දි මාව එකපාරම ගැස්සුනා....

හාමු ඉදගෙන හිටිය තැනෙන් නැඟිටලා ඇවිත් කුස්සිය පටන් ගන්න තැනම හිටන් අත් දෙකත් පිටිපස්සට කරලා බැදගෙන කුස්සිය වටේත් ඇස් ගෙනිච්චා....මේකා සක්‍ර දෙයියෝ වගේ අනුන්ගේ ගෙවල් අස්සේ මෙහෙම සක්මන් කරන්න කොහෙන් ඉගෙනගෙනද මන්දා...

" හාමූ සාලේන් ඈදීගෙන ඉන්න...මං තේ එක සාලේට-"

" ඕන නැහැ....මට පිඟන් තියෙන්නේ කොහෙද කියපන්කෝ.."

" පිඟන් ? අර මක්කටෙයි හාමු...? "

" උබට එකෙන් වැඩක් නැහැ නේ...කොහෙද තියෙන්නේ කියපන්කෝ...."

මේකාගේ කට යකෝ..මගේ ගෙදරට ඇවිත් මටම පල් පාට් දානවා...උණ නැත්තම් දෙනවා විසික් වෙන්න....

මං නිහඬවම ඇඟිල්ල දික් කරලා අපේ පිඟාන් දාලා තිබ්බ රාක්කේ පෙන්නුවා....හාමූත් එතනට ඇවිදන් ගිහින් පිඟානක් අරන් ආයේත් මගේ එහා පැත්තට එන ගමන් පිට්ටු දාපූ පාර්සලේ අතට ගත්තා....

" උබ මං ඊයේ දීපූ බූන්දි පාර්සලේම කෑවාලූ නේද ? "

" අපේ අම්මා නේ කිව්වේ ? "

" කවුරු කිව්වාත් කතාව ඇත්ත නේ...කමලා හොඳට උබේ පලු ඇර ඇර හිටියේ....මමත් කිව්වා ආයේ අරන් දෙන්නේ නැහැ කියලා..."

" අනේ හාමූ..."

මගේ යටි තොලත් ඉබේම පහලට නැමුනා...මේ අම්මා එක්ක බැහැ අනේ...මට නිකන් හම්බුන බූන්දි පාර්සලේ...පරාදේ....දැන් ඉතිං ආයේ හම්බෙන්නේ නැහැ නේ...

" අනේ හාමූ තමයි...උබේ ඔලමොට්ටල වැඩ හින්දා හාමූ නෙමෙයි නම් මමත් බැනුම් අහනවා....මං හිතුවේ බූන්දි ටික උබ අම්මාටත් දීලා කහට කෝප්පයක් බොන වේලාවට එහෙම කයි කියලා....හරි හරි මුලින් මේ ටික කාලා ඉදපන්කෝ...හ්ම්ම් කාපන්...."

හාමූ මට එහෙම කියලා පිඟාන බැම්ම උඩ තියලාම මගේ දිහාවට තල්ලු කරද්දි අනිත් පැත්තෙන් කේතලේත් වතුර නටන්න ගත්තා....

හාමුත් එහා පැත්තට හැරිලා ලිපේ තිබ්බ කේතලේ අල්ලන්න යනකොටයි මං දැක්කේ හාමූ ගාව රෙදි කෑල්ලක් නැහැ කියලා...

" ඉන්න හා-"

" අර්හ් ! "

මට කියන්න හදන දේටවත් කියන්න ඉඩ නොදි හාමූ ගින්දර ගොඩේ තිබ්බ කේතලේ යකඩ අණ්ඩට අත තිබ්බා....ඒත් එක්කම හාමූ අත තිබ්බාටත් වඩා වේගෙන් ආයේත් අත ඇදලා අරන් කෙඳිරි ගානකොට අල්ල පිච්චිලා ඇති කියලා බය වෙච්ච මං හාමූගේ අවසරෙකින් තොරව ආයේම වතාවක් ඒ විශාල අත මගේ අත් දෙක අස්සේ හිර කර ගත්තා...

" පරිස්සමෙන් වැඩ කරන්න හාමූ...."

" මට ගෙදර පුරුද්දට ඇල්ලුනා තුහින..."

" ගොඩාක් තදට පිච්චුනා ...? "

" නැහැ...ඒක ප්‍රශ්නයක් නැහැ..."

මං හාමූගේ අල්ල මගේ අතින් පිරිමදින ගමන් සැරෙන් සැරේ ඒවාට තොල් උල් කරලා පිම්බා...හාමූ පිරිමිකම හින්දාද මන්දා මට බොරු කියනවා....හාමූගේ අල්ල මැද්දෙන්ම හරහට රතු පාට පාරක් ගිහින් තිබ්බාත් හාමූ නෙමෙයි මට රිදෙනවා කියලවාත් කිව්වේ...

" ඉන්න මං ක්‍රීම් එකක්-"

" තුහින මං ගැන තරමට හිතනවාද ? "

" අහ් ? "

මං ඒත් එක්කම ඔලුව උස්සලා හිච්චි හාමූ දිහා බැලුවා....මං එයා දිහා බලනකොටත් හාමූගේ ඇස් තිබ්බේ මගේ ලඟ නතර වෙලා....ආයේත් එකම එක තප්පරේකට මගෙයි හාමූගේයි ඇස් එකට යා උනා...

" මං ඇහුව්වේ තුහින ඇයි මේ තරම් කලබල වෙන්නේ ? මගේ නේ අත පිච්චුනේ...."

" කලබල වෙන්නැතුව කොහොමද...හිච්චි හාමූට මොනා හරි උනොත් ලමාතැනි මට දොස් කියයි..."

" හින්දා විතරමද කලබල වෙන්නේ ? "

" ඇරුනාම වෙන හේතු මොනාද හාමූ...? "

" ඔව් නේ....වෙන හේතු නැහැ නේ..."

හාමු එහෙම කියලා මෙච්චර වෙලා කිසිවක් නොකියා මගේ අල්ල උඩින් තියන් හිටිය ඒ අත ඇදලා ගත්තා...හාමූගේ මුහුනත් වෙනස් උනාද මන්දා....මොනාද එයාට එකපාරම වෙන්නේ...වේලාවකට හොඳට ඉන්නවා තවත් වේලාවකට තරහ ගන්නවා....

ඉස්සෙල්ලා මගේ ලඟම නතර වෙලා තිබ්බ ඇස් දැනුත් මාව මඟ හැරලා ගිහින් කලින් පිට්ටු ටික අඩුක් කරපූ පිඟාන අරගෙන මගේ දිහාවට දික් කරා...

" මුලින් මේක කාලා ඉදින්....උබේ ඇඟ ලෝදිය වගේ..."

" අනේ මට කන්න පිරියක් නැහැ හාමූ...මං පස්සේ කන්නම්..."

" එහෙම කියලා හරියන්නේ නැහැ නේ...මේක අමාරුවෙන් හරි කාලා ඩිස්පැන්සරියට යන්න ඇඳුමක් දා ගනින්..."

" ඩිස්පැන්සරියට ? "

" ඔව්..."

" අනේ හාමූ...ඩිස්පැන්සරි යන්න ඕන නැහැ....මට දැන් ගුණයි"

" මෙහෙ වරෙන්...."

" හාමූ තේ එක..."

" තේ එපා...ඇවිත් මෙතනින් වාඩි වෙයන්..."

හිච්චි හාමු එහෙමම මගේ මැණික් කටුව හරියෙන් ඇල්ලුවා....ඒ අල්ලලා මාවත් ඇදගෙන ඇවිත් අර බැම්ම උඩින් මාව ඉන්දවන ගමන් මගේ එහා පැත්තෙන්ම එයාත් වාඩි උනා....ඊට පස්සේ සරම කකුල් අස්සේ ගහගෙන තනි අතකට පිඟාන වාරු කර ගත්ත හාමූ එයාගේ අතින්ම පිට්ටු ටික පොඩි කරා....

" හාමූ මොනාද කරන්න යන්නේ ? "

" උබට කවන්න හදන්නේ....කෝ කට ඇරපන්...."

" මං තනියම කන්නම් හාමූ..."

" නැහැ නැහැ.....උබ කලින් කිව්වා නේ පිරියක් නැහැ කියලා... හින්දා දැන් කට ඇරපන්....කෝ තව හොඳට ඇරපන්..."

හාමූ පිට්ටු ටික අර රෝස පාට ඇඟිලි තුඩු වලින් පොඩි කරලා ගුලියක් හදලා මගේ කට ලං කරද්දි මට මහ අමුත්තක් දැනුනා...නමුත් මං කට ඇරියා....මගේ අම්මා වගේම හාමූත් මට හෙමීට කෑම ගුලි ගහලා කැව්වා...මේ පලවෙනි වතාව මං හාමූ අතින් කෑම කන....ඒවා රසයි...අපේ අම්මා කවනවා වගේමයි....හාමූ මගේ කට ඇතුලට පිට්ටු ගුලිය ඔබනකොට හාමූගේත් කට ඉබේම ඇරෙනවා...හැම කටක් අවසානේ හාමූ මහපට ඇඟිල්ලෙන් මගේ ඉදුල් ගෑවුන තොල් පිහිදලා දැම්මා...

" කැහ් කැහ්...! "

" හෙමීට හෙමීට.... මේක බීලා ඉදපල්ලා...මං උබට කිව්වා කුරුළු පැටියෙක් වගේ කට අරින්න එපාය කියලා....කෝ මේක හෙමීට බීපන්..."

හාමූ පිඟාන ඔඩොක්කුව උඩ තියන් ඉඳුල් නොගෑවුන අතින් මගේ පිටට ගගහා වතුර කෝප්පෙත් මගේ තොල් ලඟට ලං කරා...

විනාඩි දහයක් තිස්සේ බොරු කිය කිය හාමූ කොහොම හරි මට අර පිට්ටු සේරම ටික ගිල්ලුවා...ඇත්තටම මට කන්න තරම් පිරියක් තිබ්බේ නැහැ...ඒත් මේ දුශ්ටයා මං ඇති කියන හැම සැරේකම මට සැර කරලා බලහත්කාරකමෙන් කෑම කැව්වා....හිටපන්කෝ...වමනේ ගියෝත් මූව හොයාගෙන ඇවිත් ඇඟටම කරලා යනවා....

මමයි හාමූට තේ හදලා දෙන්නද ඇහුව්වේ අන්තිමට හාමූයි මට තේ හදලා දුන්නේ....මං ඒකේන් භාගයක් බීලා තවත් මොකවත් බඩට දා ගන්න ඉඩ නැති තැන ඇතියි කියලා කිව්වාම හාමූ කෝප්පේ අතට අරන් මාවත් පුදුම කරවන ගමන් මං බිව්ව කෝප්පෙටම කට තියන් ඉතුරු කහට උගුර බීලා දැම්මා....

ඊට පස්සේ හාමූ මාව කාමරේට එව්වා...කොච්චරවත් කිව්වාත් මං පිඟාන හෝදන්නම් කියලා හාමූ මට ඒකට කොයිම වේලාවකවත් ඉඩ දුන්නේ නැහැ....අන්තිමට තර්කේ පැරදිච්ච මං හාමූ පිඟාන හෝදන අතරේ කාමරේට ඇවිත් ඩිස්පැන්සරියට ඇඳන් යන්න පුලුවන් විදිහේ ඇඳුමක් හෙව්වා...

මං කලින් දවසේ පන්සල් ඇන්ද කලිසමම ඇඳගෙන ඒකට ගැලපෙන කමිසේකුත් දාගන්න ගියාත් සාලේට ඇවිත් හිටිය හාමූ එකපාරම කාමරේ දොරට තට්ටු කරා....

" තුහින..."

" ඔව් හාමූ..."

" පොඩ්ඩක් එළියට එන්න..."

හිච්චි හාමූ එළියේ ඉදන් හරි හෙමින් කතා කරද්දි මං කමිසේ අතේ තියාගෙනම ඉක්මනින් ගිහින් දොර ඇරියා...

" ඇයි හාමූ...? "

" ගෙදරට කවුරු හරි ඇවිත්...පොඩ්ඩක් ගිහින් බැලුවා නම්..."

හාමූ ඔලුවෙන් මට ඉස්සරහා දොර පෙන්නලා ඇහිබම ලං කරන් කතා කරනකොට එළියේ හිටිය ගැහැනු කෙනා ආයේත් අපේ අම්මාගේ නම කියලා කෑගැහුව්වා...

විනාසයි....! අර පොලී ගැණී....මේ වේලාවේම එකීටත් එන්න ඕන උනා නේ....

" කමලා !!! "

ආයේත් ඒ ගෑණි මිදුලේ ඉදන් කෑගැද්දි හාමූටත් ඒ ඉසකුඩිච්චියගේ සද්දේ අහගෙන ඉන්න බැරුව ඇහිබම එකට පූට්ටු කරන් රවන්න ගත්තා....

" මං ගිහින් බලලා එන්නම් හාමූ..."

අර ගෑණූ මනුස්සයා එළියේ ඉදන් පැත්තටම ඇහෙන්න විලාප තියනකොට මට මං ඉන්න විදිහත් අමතක වෙලායි ඉස්සරහට යන්න අඩි තිබ්බේ...නමුත් හොඳ වේලාවට හාමූ ඉක්මනින් මගේ වැලමිටෙන් අල්ලලා මාව නවත්ත ගත්තා....

" උබේ කවකටු පෙට්ටිය වහගෙන පලයන්..."

හාමූ කිව්ව ගමන්ම මං අතේ තිබ්බ කමිසේ දාන් ආයේත් හාමූ දිහා බැලුවා....

" හාමූ ගෙදර ඉන්නවා කියන්නද ? "

" එපා එපා පිස්සුද උබට..."

" ඉතිං කාර් එක දැකලා ඇති නේ..."

" ඇහුව්වොත් කාර් එක වත්තේ දාලා ලඟකට ගියා කියන්න..."

" හොඳයි හාමූ...."

මං ඔලුව වනලා එහෙමම එළියට ආවා....

" ස්වර්ණා නැන්දේ...."

" අහ්...උබලාට උගුර ලේ රහ වෙනකන් කතා කරාම තමා එළියට එන්නේ නේද....ඒක නෙමෙයි...මේ හිච්චි හාමූගේ වාහනේ නේද ? "

" එහෙමයි නැන්දේ...හාමූ කාර් එක වත්තේ දාලා ලඟකට ගියා....නැන්දා ආව කාරණාව...? "

" කාරණාව කතා කරන්න කෝ උබේ මහ එකී....?"

" අම්මා වලව්වට ගියා....."

" අහන අහන හැම දවසකම එකී වලව්වෙ නේ...උබලාට ඔය වලව්වෙනුත් පෝෂණේ වෙලා ඇති නැද්ද...? "

ඒත් එක්කම මගේ අත් දෙක මිට මොල උනා...නමුත් මං වෙනසක් නොපෙන්වා ඉන්න පුලුවන් තරමක් උත්සහා කරා....බොහෝම අමාරුවෙනුයි මං තාමාත් තොල් දෙක පවා උඩු අතට ඇදගෙන හිටියේ....

" නැන්දා ආපූ කාරණේ කියලා හිටියා නම් ? "

" මං ආවේ මගේ සල්ලි ටික අරන් යන්න....උබලාට උපාලි මහත්තයාගේ ණය ගෙවන්න නම් සල්ලි තියෙනවා...නමුත් මගේ ණය ටික ගෙවා ගන්න තමා බැරි...දැන් අවුරුදු කීයක් ? අපිටත් අඟ හිඟකම් එනවා...උබලා සල්ලි ඉල්ලගෙන යනකොට කොහොමද කියන්නේ...හොඳ හිතින් උබේ අම්මාට කියපන් මාව නරක ගෑණී කර ගන්නේ නැතුව ඉක්මනින් සල්ලි ටික දීපන් කියලා..."

" හරි...රුපියක් හත් දහයි නේ....මං අම්මාට කියන්නම්..."

" හත්දහා ? එතකොට පොලිය ගෙවන්නේ උබලාගේ මැරිච්ච මහ එකා ? ගාණ රුපියල් දහ දහයි...."

" දහදාහක් වෙන්නේ කොහොමද ? අම්මා හැම මාසේම පොලිය ගෙවනවා....ගිය මාසේ විතරක් මඟ හැරුනා කියලා කොහොමද පොලිය තුන්දහක් වෙන්නේ.....? "

" මඟහැරිය එකටත් එක්ක තමා පොලිය හැදුනේ...අනිත් ඒවා වලින් වැඩක් නැහැ...මට හරියට සල්ලි ටික රුපියලක්වත් අඩු නොවී තියෙන්න ඕන....නැත්තම් දෙන්නා දෙගොල්ලොම ලෑස්ති වෙන්න උසාවි නගින්න..."

මං අමාරුවෙන් ඉවසගෙන උන්නා...පාරේ යන මිනිස්සුත් මේ ගෑණිගේ කටේ සද්දේට මේ පැත්ත හැරි හැරි යනවා....ඒ මදිවට හාමූත් ගේ අස්සේ...එයාටත් ඔක්කොම ඇහෙන්න ඇති....මට හරි අපහසුතාවයක් එක්ක ලැජ්ජාවක් දැනුනා...උණ මතෙන් මේවා අහගෙනත් ඉන්න සිද්ද උනාම උණ දෙපටින් යන්න කියලා ගහන්න හිතයි මේකීගේ දත් සැට් එක බඩට බහින්න....

මං ගුලි වෙච්ච අත් දෙක සාක්කුවට දාගෙන දත් මිටි කාගෙනම අර ගැණීට උත්තර බඳින්න ලෑස්ති උනාත් මට කලින් ඉස්සර උනේ ගේ ඇතුලේ හිටිය හිච්චි හාමූ....

" කවුද තුහින ඔය සක්කිලි පඩි ගත්තා වගේ කෑගහන ගෑණී ? "

හාමූ දොර ඉස්සරහාට එන ගමන් කකුලේ වලුකර උදව්වෙන් සරමේ වාටිය පිටිපස්සේ බැඳන් උන්න අතේ ඇඟිලි වලට හිරකරගෙන උරහිස් කෙලින් තියන් ස්වර්ණා දිහා බලද්දි මං දැක්කා ඒ ගැණීගේ මුහුන පුක වෙලා යනවා....

හාමූ කොහොමත් මේ ගමේ කිසිම එකෙක්ට බය නැහැ....ඒ නිසාම කියන්නේ කුනුහරපයක්ද ඒක තව එකෙක්ගේ මුහුනටම කියන්න තරම් ශක්තියක් හිච්චි හාමු ගාව තිබ්බා....සමානෙන් හාමූ පහර දෙන්න තෝර ගන්නේ මේ ස්වර්ණාලා උපාලිලා වගේ කට්ට මිනිස්සුන්ව වෙද්දි මුන් සේරම හාමූගේ දූවිල්ලක් වැදුනාත් හැත්තැමයක් විතර ඈතට දුවලාත් ඉවරයි....

" ඇයි උබ කිව්වේ නැත්තේ හාමූ ඇතුලේ කියලා..."

අරකී මගේ වැලමිටෙන් ඇද ඇද දත් මිටි කාගෙන කතා කරද්දි ඒකටත් පිලිතුරු මගේ පිටිපස්සෙන්ම හම්බුනා....

" මොනාද කුචු කුචු ගාන්නේ ? කියන්න දෙයක් තියෙනවා නම් සද්දෙන් කතා කරපන් ස්වර්ණා....! "

හිච්චි හාමූ මෙච්චර වෙලා මගේත් එක්ක කතා කෙරුව කටහඬ සම්පූර්‍ර්ණයෙන්ම වෙනස් කර ගත්තා...ඒ හඬ ආයේත් ගැඹුරු උනා....රවන ඇසුයි ගොරොසූ කටහඬයි එක්ක හාමූගේ මුලු පෙනුමම අහංකාර රෞද්‍ර පෞර්ශත්වයකට පණ පොවද්දි අරකී මීක් නොගා හිටියා....

හාමූ එහෙමම ඉන්න තැනේ ඉදන් ඉස්තෝප්පුවට බහින්න තිබ්බ පඩිය බැහැලා මිදුලට ඇවිත් මගේ එහා පැත්තෙන් හිටගන්න ගමන් මුලින්ම කරේ මාව අතින් ඇදලා හෙමීට එයාගේ පිටිපස්සට කර ගත්ත එක....

ඊට පස්සේ ඒ තියුණු කලු ඇස් එහෙමම කැරකුනේ හාමූගේ ඉදිරියේ බලු වෙලා හිටිය අර ගෑණී දිහාවට....

" හ්...හාමූ....මං දැනන් හිටියේ නැහැ-"

" ඔව්....උබ දැනන් හිටියා නම් මෙහෙම කෑගහන්නේ නැහැ නේ...නේද ? ස්වර්ණාට ආත්ම ගරුත්වයක් කියලා එකක් තියෙනවා ? ඔහේ මේ මුලු ගමටම ඇහෙන්න කෑගැහුව්වා කියලා ඒකෙන් මොනාද ස්වර්ණාට ලැබෙන්නේ....? හ්ම්...මට ඒකට උත්තර දීලා හිටියා නම් "

" හාමූ මං මෙයාලාගෙන් ණය ඉල්ල ගන්න කියලා.."

" ඔව් ඔව්...මට ඒක ඇහුනා නේ කලිනුත්....ඒත් මොකක්ද අර වලව්වෙන් පෝෂනේ වෙන කතාව...? "

" මුන් කොහොමත් වලව්වට පින් සිද්ද වෙන්න-"

" ස්වර්ණා !!! "

හාමූ එකපාරම සද්දෙන් කෑගැහුව්වා....ඒකට ස්වර්ණා විතරක් නෙමෙයි මමත් ගැස්සුනා....බය වෙච්ච පාර මට සිංහයෙක් වගේ ගෙරෙව්ව හාමූගේම කමිසේ කොන තදින් ඇල්ලුනා....

" උබ ගෑනියෙක් හින්දායි තාමාත් උබට මගේ ඉස්සරහා වචන කතා කරන්න ශක්තිය තියෙන්නේ....හැබැයි උබ තව දුරටත් මේ විදිහට හැසිරුනොත් මට උබ ගෑහැණියෙක් කියන දේත් අමතක වෙයි....තේරුනා ?"

" ..එහෙමයි හාමූ..මට සමාවෙන්න....

" කමලා උබෙන් ණයට ගත්තේ කොච්චරක් ? "

" දහදාහයි අපේ හාමූ..."

" දහදාහ පොලියත් එක්ක නේ...උබ සීයට කීය ගානේද පොලිය හදන්නේ ? "

" සීයට අට ගානේ වගේ හාමූ..."

" අහ් ඇත්තද ? සීයට අට ගානේ දීලාද තුන්දාහක් ඇවිත් තිබ්බේ ? "

හාමූ අහද්දි අරකී ඉක්මනින් ඔලුව බිමට නමා ගත්තා....

" දුප්පත් මිනිහාගේම බඩට ගහන උබලාට හරියයි කියලා හිතනවාද ? අපි සීයට දහය ගානේ පොලිය දුන්නත් තුහින කිව්ව විදිහට ගිය මාසේ විතරයි කමලාට ගෙවන්න බැරි වෙලා තියෙන්නේ...එතකොට උබට එහෙ මෙහෙ වෙලා තියෙන්නේ රුපියල් දහකටත් වඩා අඩූ ගාණක්...හැබැයි උබේ බොරු හින්දා පොලී සල්ලි නැහැ...."

එහෙම කියලා හාමූ කමිසේ සාක්කුවේ අස්සේ දාගෙන හිටිය පසුම්බිය එළියට ඇදලා ඒක අස්සෙන් පන්දාහේ නෝට්ටුවක් එළියට ගත්තා...

" ඉදා මේක තියා-"

" හාමූ එපා...! "

මං ඉක්මනින් හාමූ සල්ලි කොලේ හිර කරන් උන්න අතින් ඇල්ලුවා....

" හාමු අපි ගෙවන්නම් ඒක...හාමූ මැදිහත් වෙන්න එපා අපේ ප්‍රශ්න වලට...."

" මැදිහත් වෙන්නේ නැහැ....මේක උබලාට කරන උදව්වක් විතරයි.....මං ස්වර්ණාට දෙන හත්දාහට හරින්න උබලා ණය මට ගෙවන්න ඕන....මේක තියාගනින් ස්වර්ණා....දැන් මං ගාව මාරු සල්ලි නැහැ...හවහාට හරි හෙට දිහාවට හරි වලව්වට වරෙන්....මං ඉතුරු දෙදහා දෙන්නම්...."

" හොඳයි හිච්චි හාමු...මං එහෙනම් ගිහින් එන්නම්..."

" නැහැ ආයේ එන්න එපා....දැන් එන්න අවශ්‍යතාවයක් නැහැ නේ....ඔහොමම යන්න...."

" එහෙමයි..."

ස්වර්ණා පන්දාහත් අරගෙන රං කිකිළි වගේ වැටෙන් එහා පැත්තට පනිද්දි හාමූ ආයේත් එකීට කතා කරා....

" ස්වර්ණා...? "

" හාමූ ? "

" උබලාගේ ඔය සීට්ටු සූදූව ඉක්මනින් නවත්ත ගත්තෝත් බෝහෝම හොඳයි....මං නොදන්නවා නෙමෙයි සීට්ටු මුවාවෙන් උබලා මාටියා ගහන එව්වා....ගමේ එවුන්ව රවට්ටන්න පුලුවන් උනාට උබලාට මගේ කනෙන් රිංගන්න ටිකක් අමාරු වෙයි....මට ආයේ මේක කියන්න තියන්න එපා....එහෙම නොකරොත් කමලාට පස්සේ උබට විත්ති කුඩූවට නගින්න සිද්ද වෙයි..."

හාමූ කියද්දි ගොලු වෙච්ච ස්වර්ණා නිහඬවම ඔලුව වනලා යන්න ගියා...

හම්මා...බලන් ගියාම හාමූටත් යමක් කමක් තියෙනවා නේ.....තියෙනවා තමා ඉතිං...මුන් මේ ගමෙන්ම ඉන්න රදලම පවුල නේ....මුලු ගමම යටයි ලේව්කේබණ්ඩාරලාගේ වචන වලට....

නමුත් මගේ හිතට හරි මදියි....අපි ගත්ත ණයවල් හාමූ ගෙව්ව එකට මං එච්චර ආස නැහැ....ඒ උනාත් ඒකා ණය ගෙව්වේ අපිට ඒ සල්ලි එයාට ආයේ ගෙවන්න කියලා නේ...අම්මාට මේක කිව්වොත් අම්මා මට බනී හාමූට කියවලා ඒ සල්ලි ගෙවා ගත්තේ ඇයි කියලා...ඒත් ඉතිං මං හාමූව නවත්තන්න උත්සහා කරා නේ...කමක් නැහැ....අම්මාට කියනවා හාමූත් ඒ සල්ලි දුන්නේ ණයට කියලා.....

" උබ දැන් ඇඳගෙන ඉවර ? "

" ඔව් හාමූ...සෙරප්පු දෙක දා ගත්තාම ලෑස්තියි..."

" හ්ම්ම්...ඊට කලින් වරෙන් ලඟට...."

හාමූ එහෙම කිව්වාම මං හාමූ ගාවට කිට්ටු කරා...එයා මගේ කමිසේ කොලරේක හදලා ඊට පස්සේ මගේ නලලටයි බෙල්ලයි අත තිබ්බා....

" දැන්නම් චුට්ටක් උණ බැහැලා....ඒත් කමක් නැහැ...කොයි එකටත් ඩිස්පැන්සරියට යං....ගිහින් සෙරප්පූ දෙක දාගෙන එන්නකෝ..."

එහෙමම මං සෙරප්පූ දෙක දාගෙන දොරත් වහගෙන එළියට බැස්සා....එතකොටත් හාමූ කාර් එක ඉස්සරහාට ගිහින් හිටගෙන හිටියාත් හාමු කාර් එකට නඟින්නේ නැතුව ඉණටත් අත් දෙක තියාගෙන කාර් එක දිහා බලාගෙන ඉන්නවා...

මමත් පොඩ්ඩක් ලං වෙලා බැලුවා හාමූ මොකක් දිහාද මේ බලන්නේ කියලා....

ඔහෙක් පලයන්....අපේ සූකීරි හාමූගේ කාර් එකේ ඉස්සරහා කෑල්ලට නැගලා හොඳට ගුලී ගැහිලා බුඳී....

" මේකාද ඔයා කියන සූකිරී ? "

" .... මෙයා තමා....ලස්සනයි නේද ? "

මං ඇසුත් දිලිසීගෙන එහෙම කතා කරලා හාමූ දිහා බැලුවේ " අනේ ඔව්..එයා ගොඩාක් ලස්සනයි " වගේ හොඳ උත්තරයක් කියයි කියලා බලාපොරොත්තුවෙන් උනාත් හාමූ ගත් කටටම....

" ඊයා...හැටි විතරක්....උබ වගේ...."

හාමූ මගේ මුහුන දිහා බලන්ම එහෙම කිව්වා....අවලංන් බිංකුණ්ඩා....ගහනවා තොට වැලි...මගේ සුකිරීට අපහාස කරා....ඒ මදිවට මලක් වගේ ඉන්න මටත් අපහාස කරා...

ඔව් ඔව්....උබ හරි කෑල්ල නේ....අපේ සුකීරීට කෙල්ලෙක් හරි ඉන්නවා....උබට මැක්කෙක්වත් ඉන්නවාද ? පඩත්තර ගඳ හාමූ....

" පලයන් යන්න මගේ කාර් එක උඩින්..."

හිච්චි හාමූ කාර් එක ඉස්සරහාට ගිහින් කාර් එක උඩ නිදාගෙන හිටිය මගේ සුකීරීගේ බෙල්ලෙන් උස්සලා ඌව බිමට දාන ගමන් තව පුකට පයින් පාරකුත් ගැහුව්වා....ඒ දර්ශනේටම විතරක් මගේ පපු කැහුත්ත ගැලවීලා බිම වැටුනා....පව්කාර හිච්චි හාමූ.....

" අනේ මගේ සුකිරී...එයාට රිදුනා හාමූ...."

" රිදෙන්න තමා ගැහුව්වේ.... කාගේන් අවසර අරගෙනද මගේ කාර් එක උඩ බුදිය ගත්තේ...."

" ඔයාට විශාල විද්‍යුත් ආරෝපණ ප්‍රමාණයක් රැගත් ආරෝපණ කදම්බ්‍යක් එක වරම අහසේ ඉදන් ඇවිත් වදින්න ඕන...."

" මොකක්ද ? "

" මොකුත් නැහැ...."

" උබට හරි වේදනා ඇති නේ පුස් තඩියාට ගහද්දි...උබ විද්‍යාත්මක විදිහට කිව්ව එක මට නොතේරුන විදිහට ඉන්නම්...දැන් නැගපිය කාර් එකට...."

මං හාමූ ගැහුව්ව පාරේන් දුවන්න ලෑස්ති උන සුකීරිව අත් දෙකට වඩා ගනිද්දි හාමූ ආයේත් ඌව මගේ අතින් උදුරලා අරන් පැත්තකට විසි කරලා මාවත් ඇදගෙන ගිහින් කාර් එකේ දොරක් ඇරියා....

මං හාමූ ඇරලා දුන්න දොර පැත්තේන් කාර් එකට නඟිද්දි හාමූත් කාර් එකේ ඉස්සරහින් ඇවිත් මගේ එහා පැත්තෙන් ඩ්‍රැයිවර් පුටුවේ වාඩි උනා....

" උබලා කී දෙනෙක්ගෙන් ණය අරගෙන තියෙනවාද බං ? "

" ගොඩාක්ම අම්මා ගත්ත ඒවා නෙමෙයි හාමූ....තාත්තා අර ගත්ත ඒවා...සීයා තාත්තාගේ මරණේටයි ගෙදර වැඩ කටයුතු වගේකටයි ගත්තුවා...."

" මට දවසක් කමලා කිව්වා උබලෑගේ ගේත් සින්න වෙන්න යන කතාවක්...."

" ඔව් ඒකත් උගසට තිබ්බා නේ...."

" නිකන් හරි ඒක සින්න උනොත් උබලා කොහෙද නවතින්නේ ? "

" යන්න තැනක් නැහැ හාමූ....එහෙම උනොත් අම්මා එක්ක පාරට බැහැලා හිඟා කනවා...වෙන මොනා කරන්නද "

" එතකොට තුහිනලාට ඥාති කවුරුත් නැද්ද ? "

" එහෙම උන් ඉන්නවා නම් මේ වැටිලා ඉන්න අගාදෙන් දැන් උනාත් අපිව බේරෙ ගන්න එන්න එපැයි....සීයා තාත්තාගේ මරණේදි දැක්කා විතරයි...එදා ඉදන් උනුත් ආගිය අතක් නැහැ...."

" ඥාති නම් කොහොමත් ඔහොම තමා බං...අපේත් ඉන්නවා ඔහොම ඈයෝ වගයක්....කාරි නැහැ...මොනා හරි උනොත් මාව දැනුවත් කරාපන්කෝ....මං තාවකාලීකව හරි උබලාට පදිංචි වෙන්න පොඩි ගේ කෑල්ලක් ගමෙන් හොයලා දෙන්නම්...."

" අනේ වචනේටම ගොඩාක් ස්තුතියි හාමූ..."

අපි කතාවෙන් කතාව ටවුමට ආවා...හාමූ කෙලින්ම වාහනේ ඩිස්පැන්සරිය පැත්තට හරවලා මාව දොස්තර මහත්තයා ගාවට ගෙනිච්චා....

වෙනදාට දොස්තර මහත්තයාට මගේ ලෙඩ කියන්නේ අම්මා නිසා මට පුරුද්දට වගේ දැනුත් කට වැහුනා...වයස අහද්දි ඒකටත් උත්තර දුන්නේ හාමූ.....ඇඟට දැනෙන අමාරුකම් මොනාද ඇහුව්වාම මං අත් දෙක කකුල් දෙක අස්සේ ගහන් හාමූ දිහා බැලුවා...හාමූ මං දිහා බැලුවා...දොස්තර මහත්තයා අපි දෙන්නා දිහාම බැලුවා...පස්සේ මං හෙමීට උණ කියලා තොල් මැතිරුවාම දොස්තර මහත්තයාට ඒක ඇහුනේ නැහැ....ඉතිං හාමූම මං වෙනුවෙන් ඒ පාරත් මගේ ඇඟේ තියෙන ලෙඩේ ගැන දොස්තර මහත්තයාට කිව්වා....හෙම්බිරිස්සාවත් තියෙනවා කියලා බොරුත් කිව්වා....

ඊට පස්සේ දොස්තර මහත්තයාගේ තුණ්ඩු කෑල්ලත් අරන් අපි ෆාමසි එකට ඇවිත් අවශ්‍ය බෙහෙත් ටික ගත්තා.....හාමූ මං හින්දා අද වියදම් කරේ එසේ මෙසේ ගාණක් නෙමෙයි....ස්වර්ණාටයි , දොස්තර මහත්තයාටයි මේ බෙහෙත් වලටයි....සේරමටම ලොකු ගාණක් ගියා....

අපි ඒ වැඩ සේරම කරගෙන එනකොට දවල් එකත් පහු වෙලා තිබ්බ නිසා හාමූම කෑම කඩයක් ලඟින් වාහානේ නැවැත්තුවා....

" මට එලෝලු බත් දෙකක් දෙන්න...."

" ගෙනියන්නද ? "

" ඔව්..."

හාමූ කඩේ මනුස්සයාත් එක්ක කතා කරලා එතන තිබ්බ පුටුවක් උඩින් වාඩි වෙද්දි මමත් හාමූගේ එහා පැත්තෙන් වාඩි උනා...

" මං දැනන් හිටියේ නැහැ නේ හාමූ කඩ කෑම කනවා කියලා.."

" මං කඩ කෑම කන්නේ නැහැ තමා..."

" එහෙනම් එලෝලු බත් දෙකක් මොකටද ? "

" උබටයි කමලාටයි..."

" අනේ හාමූ...එහෙම කරන්න එපා...හාමු බත් පාර්සලයක් ගෙදර ගෙනියන්න...මටයි අම්මාටයි එකක් ඇති..."

" වලව්වට පිළි ජාති ගෙනියන්නේ නැහැ නේ තුහින...ඕවා වල මස් තියෙනවා....අපේ අම්මණ්ඩි දැන ගත්තොත් මාවත් කෝටු මස් කරයි... හින්දා දෙකම උබ ගෙනියන්න...."

ටිකකින් අපේ කෑම පාර්සල් දෙක කඩේ මනුස්සයා ලෑස්ති කරලා දුන්නාම ඒක අතට ගත්ත හාමු කෑම මල්ල තනි අතකින් අරන් අනිත් අතින් මගේ මැණික් කටුව අල්ලන් කාර් එක දිහාවට ගියා....

අපි ආයේත් කඩ පේලි හුඟාක් පහු කරගෙන එනකොට මං වීදුරුවෙන් එපිට බූන්දි පැණි වලලු බයිට් අච්චාරු එහෙම විකුනන ඒ කඩේ දැක්කා.....මං ජනේලේ උඩින් අල්ලවල් දෙක තද කරන් මුහුනත් ජනේලේ ගහගෙන ඒ දිහා බලාගෙන හිටියා....මගේ කටට කෙලත් ඉනුවා....ආයේත් කන්න තිබ්බා නම්....ඒත් ඉතිං හාමූ දුන්නා වගේ අච්චර බූන්දි ගොඩාක් ආයේ නම් මට හම්බෙන එකක් නැති වෙයි....

" බැහැලා ගනින් එහෙනම්..."

හාමූ එකපාරම බූන්දි කඩේට පොඩ්ඩක් ඉස්සරහා කරලා වාහනේ නවත්තලා එහෙම කිව්වාම මං හාමු දිහා බැලුවා.....

" මොනාද ? "

" උබ දැන් වීදුරුවේ එල්ලිගෙන බලාගෙන හිටපූ දේ..."

" මං එහෙම මුකුත් බැලුවේ නැහැ හාමූ...."

" පලයන් ගිහින් අර ගනින්....මෙතන පේරේතෙක් වගේ බලන් හිටියෝත් ඕවා කන මිනිස්සුන්ටත් බඩේ රුදාව අර ගනී...ගිහින් අරන් වරෙන්...හැබැයි කමලාට කියනවා එහෙම නෙමෙයි....තේරුනා නේ...? "

" එහෙමයි..."

හිච්චි හාමූ මං දිහාවට මොනර කොළයක් දික් කරද්දි මං ඒක හාමූ කියන නිසාම විතරක් ගන්නවා වගේ බැල්මකින් අර ගත්තාත් හිත යටින් මාරම විදිහට සතුටු උනා....

ගී බූන්දි දැක්කාම මට අසනීපත් හොඳයි වගේ....මං වාහනෙන් බැස්ස ගමන්ම ඒ කඩේ දිහාවට දුවන්න ගත්තා.....එහෙන් ඇඟ පොඩි කරගන්න එපා කියලා හාමූ බෙරිහන් දෙනවා....

මං ගිහින් කඩේ ලඟ නතර උනාම හාමූත් මගේ පස්සෙන් ඇවිත් මගේ එහා පැත්තේන් නතර උනා....

කලින් දවසේ වගේම බූන්දි ගොඩාක් හාමු මට අරන් දුන්නා....හැබැයි අද මට මුරුක්කුයි අච්චාරුයි එහෙමත් හම්බුනා...මං හාමූව එතන තියන් වික්කා....ඇත්තටම මං කටින් නෙමෙයි ඔය මොකවත් ඉල්ලුවේ...මට තිබ්බේ ඔය කඩචෝරු පුරවපූ බෑග් ලඟට ගිහින් ඒ දිහා තප්පරයක් දෙකක් බලන් ඉන්න විතරයි...ඊලඟ විනාඩියේ හාමූ මට ඒවා අරන් දුන්නා....හැබැයි ඒ ගමන්ම මේ සේරම හාමූ අරන් දෙන්නේ මං අසනීප නිසා කියලා නොක්කාඩු කතාත් කිව්වා....

අපි ආයේත් කාර් එකට ආවා....ඒත් කාශ්ට අව්වත් එක්ක පොඩි තෙහෙට්ටු ගතියක් දැනුන නිසා මට ආයේත් අද පාන්දර වගේ ඇඟට ටිකක් අමාරුයි කියලා දැනුනා....උදේ පිට්ටු ටික ගිල්ලවලා හාමූ බලෙන්ම පෙව්ව පැනඩෝල් පෙත්තේ බලේත් දැන් ටික ටික හීන වේගෙන එනවා වගේ....මං කාර් එකේ පටිය දාගෙන පැත්තකට ඔලුව හරවලා ගින්දර පිටවෙන ඇස් වලට පොඩි සැනසීමක් දෙන්න චුට්ටකට ඇස් වහ ගත්තා....

ඊට ටිකකට පස්සේ මගේ ඇස් එකපාරක් ඇරුනා...එතකොට මං මගේ ලඟම හිටිය හාමූව දැක්කා....මං ආයේත් ඇස් පිල්ලමක් ගැහුව්වා....හිච්චි හාමූගේ අත මගේ පපුව අත ගෑවා...මට මගේ ඇඟේ කමිසයක් තියෙනවා කියලා තව දුරටත් දැනුනේ නැහැ....ඒ වෙනුවට මට දැනුනේ උදේ වගේම තෙත් වෙච්ච තුවායක් මගේ පපුව දිගේ පහලට ගිහින් ආයේත් උඩට එනවා විතරයි....

ඔව්....මට මතක හැටියට මං අන්තිමට හිටියේ හාමූගේ කාර් එක ඇතුලේ...එත් දැන් මං ඉන්නේ මගේ කාමරේ ඇතුලේ....මගේ පැඳුර උඩ...මං කොයි වේලාවේද මෙතනට ආවේ ? මට ඒ ගැන කිසිම නිච්චියක් නැහැ....

" තුහින නැගිට්ටාද හ්ම්ම් ? "

හාමූ එහෙම අහන ගමන් මගේ නලල උඩ තිබ්බ ඔඩිකොලොන් දාපූ ගෝස් කෑල්ල ආයේත් ඔඩිකොලොන් වල පොගවලා මගේ නලල උඩින් තිබ්බා.....

" මං හාමූට බත් ඩිංගිත්තක් ඉක්මනින් ලිපේ තියන්නම් ..."

" අවශ්‍ය නැහැ කමලා...මං දැන් කොහොමත් යනවා...."

අපේ අම්මාත් ගෙදර ඇවිත්....මං ඉන්න විදිහෙන්ම ඔලුව හරවලා අම්මා දිහා බැලුවා...මාව කරකවලා අතැරියා වගේ....මොකක්ද හත්තික්කේ ඇත්තටම උනේ ? මං පොඩ්ඩකට ඇස් දෙක වහ ගත්තා කියල මේ තරම් දේවල් වෙන්න පුලුවන් ද ?

හාමූ තෙත් වෙච්ච තුවා කෑල්ලෙන් මගේ යටි පතුල් දෙකත් තෙත මාත්තු කරලා මගේ ඇඟම රෙද්දකින් වහන ගමන් දණගහගෙන හිටිය තැනින් නැඟිටලා කාමරේ දොර ගාව හිටගෙන හිටිය අපේ අම්මා දිහාවට ඇවිද්දා...

" තව මොනා හරි කෑම බඩු එහෙම අඩු උනොත් මට කියන්න කමලා....මං අරන් එන්නම්.....දැන් තුහිනට කවලා බෙහෙත් ටික වේලාවට දෙන්න...ඕක දවසක් දෙකක් යනකොට ඇරිලා යයි...."

" අනේ හාමූට පින් සිද්ද වෙනවා මගේ කොල්ලාව මං එනකන් බලා ගත්තාට..."

" පින් බලාපොරොත්තුවෙන් නෙමෙයි කමලා මං මේවා කරේ....උබ උණ හැදිච්ච කොල්ලාව ගෙදර තියලා අපේ ගෙදර උදව්වට ආව එකට යුතුකමක් විදිහටයි මං මේ දේවල් කරේ...."

" ඒත් හාමූ කොයි තරම් වියදම් කරලාද..."

" ගැන හිතන්න එපා....අපි සල්ලි හම්බ කරන්නේත් මේ වගේ වේලාවල් වල වියදම් කරන්න නේ....අහ් අනිත් කාරණාව , මං ස්වර්ණාගේ ණය ටික පියවලා දැම්මා...දැන් ගැන හිතන්න දෙයක් නැහැ..."

" දෙයිහාමුදුරුවනේ හිච්චි හමූ...!!! හාමූ ඇයි එච්චර ලොකු ගාණක් ගෙව්වේ.....?? මං කොහොමද දැන් හාමූට සල්ලි ටික දෙන්නේ ? "

" මං උන් වගේ උබේ පස්සෙන් සල්ලි ඉල්ල ඉල්ල එන්නේ නැහැ නේ....ඔය තියෙන වේලාවකට නිවි හැනහිල්ලේ දියන්....එහෙමත් නැත්තම් ඒක ගැන අමතක කරලා දාපන්...හැබැයි කමලා ~"

" අපේ හාමූ ? "

" මයේ අම්මණ්ඩිට එහෙම දැන ගන්න තියන්න එපා උදේ වරුවේ ඉදන් මං හිටියේ මෙහෙ කියලා...මං උන්දෑට කිව්වේ රාජකාරි වැඩකට නගරෙන් පිට යනවා කියලා....කමලාත් ආයේ හවහාට වලව්වට නෑවිත් තුහිනව බලා ගන්න...රෑ කෑම ටික ලමාතැනි පිලියෙල කරයි නේ....ආඃ තුහින ඇහැරිලා ඉන්නේ...ආයේ නින්දට වැටෙන්න කලින් කෑම ටික කවලා බෙහෙත් ටික දෙන්න....මං එහෙනම් ගිහින් එන්නම්....දැනට මේ ටික අතේ තියා ගන්නකෝ..."

" අනේ හාමූ සල්ලි එපා...මෙච්චර ගෙදරට බඩු මුට්ටු ගෙනාත් දීලා-"

" මේක තියා ගන්නකෝ කමලා...හදිස්සියක් උනොත් එහෙම කීයක් හරි අතේ තියා ගන්නත් එපැයි...."

මං ඔලුව හරවලා හාමුයි අම්මා දිහායි බැලුවා....හිච්චි හාමූ අම්මාගේ අතට දහයේ කොලයක් ගුලි කරලා මං දිහාවට බැල්මක් දාන ගමන් කාමරේන් පිටමං උනා...අම්මාත් හාමූ පස්සෙන් ගියා...ටිකක් වෙලා යනකොට හාමූගේ කාර් එක පන ගැන්වුන සද්දෙ මට ඇහුනා.....

" මයේ අම්මා...වරෙන් බත් ටික කවන්න....හාමූ අද උබට එලෝලු බත් අරන් දීලා නේ...කෝ එන්න රත්තරනේ...හෙමීට නැඟිටපන්කෝ..."

හාමූගේ වාහානේ සද්දේ එන්න එන්නම අපේ ගෙදරින් ඈතට යනවා ඇහෙනකොට අම්මා ආයේත් කාමරේට ඇවිත් ඇඟට පණක් කියලා දෙයක් නොතිබ්බ මාව හෙමීට එයාට වාරු කරගෙන සාලේට එක්කන් ආවා...

අම්මා මාව පුටුවක් උඩින් ඉන්දවලා එයාත් මගේ ඉස්සරහාට පුටුවක් ඇදගෙන ඇවිත් හාමූ අපිට අරන් දුන්න බත් පාර්සල් දෙකෙන් එක බත් එකක් ලිහලා මට හෙමීට කැව්වා....

ඒ අතරතුරෙදියි අම්මා මට ගොඩ ගැහිච්ච ප්‍රශ්න එකින් එක ලෙහලා දුන්නේ....අම්මා කිව්ව විදිහට නම් හාමූ මට කඩචෝරු අරන් දුන්නායින් පස්සේ නින්ද ගියපූ මාව කාර් එකේ තියලා මාකට් එකටත් ගිහින් තියෙනවා...ඒකෙන් තමා හාමූ අපේ ගෙදරට අවශ්‍යයි කියලා හිතෙන කලමනා ටික අරන් ඇවිත් තියෙන්නේ....ඊට පස්සේ අපි ගෙදරට එනකොටත් අම්මා වලව්වේ වැඩ අහවර කරලා ගෙදර ඇවිත් තිබ්බාලූ....නින්ද ගියපූ මාව කූද්දන්න එපා කියලා අපේ අම්මාට කියලා තියෙන්නෙත් හාමූ...පස්සේ හාමුමලු මාව උස්සගෙන කාමරේට ගෙනත් පැදුර උඩින් තියලා තියෙන්නේ...දවාලේ ටිකක් එහෙට මෙහෙට ඇවිදලා දැඟලුව නිසා මගේ උණ වැඩි වෙලා....ඒක හින්දායි හාමූ මගේ කමිසේ ගලවලා ඇඟ තෙත මාත්තු කරන්න අරන් තියෙන්නේ....

හාමූ මාව කාර් එකේ ඉදන් අත් දෙකට උස්ස ගනිද්දි මං නින්දෙන්ම හාමූගේ බෙල්ල වටේ අත ඔතන් ඒ උරහිස උඩින් ඔලුව තියා ගත්තා කියලා අම්මා ගානක් නැතුව කියනකොට මට කකා හිටිය බත් ටිකත් නහයෙන් ආවා.....දෙයියනේ....මං එහෙමත් කරලාද ? තුහිනයෝ ~ උබ බලන් ගියාම නිදි මතෙන් උනාත් නටලා තියෙන්නේ එසේ මෙසේ සෙල්ලමක් නෙමෙයි....ලඟදි කසාදයක් කර ගන්න ඉන්න මිනිහෙක්ගේ ඇඟේ දැඟලුවා කියලා උබව දඬුකඳේ ගහන්නත් බැරි නැහැ....

අම්මා මට බත් කවන අස්සේම මං බිම තිබ්බ සුදු පාට මලු දෙක තුන ඇරලා බැලුවා...එලවලුයි පලතුරුයි මාලූ වගේකුයි එක්ක හාමූ ලොකු බිස්කට් පැකට් දෙක තුනකුයි සන්කුයික් බෝතලේකුයි චොක්ලට් එකකුයි ගෙනාත් තිබ්බා...මං අත දිග ඇරලා කෙලින්ම ගත්තේ චොක්ලට් එක....කටේ බත් ගුලිය තියාගෙනම මං චොක්ලට් එක අරින්න ලෑස්ති උනාම අම්මා මට රිදෙන්නේ නැති වෙන්න පාරක් ගහල චොක්ලට් එක අතින් උදුරගෙන ආයේත් ඒක බෑග් එකට දැම්මා....

මගේ හවස් වරුවම ගෙවුනේ කාමරේ පැදුර උඩ....දොස්තර මහත්තයා දීපු බෙහෙත් පෙතිත් හරි සැරයි....මට ඒවාටත් නින්ද ගියා...ආයේ ඇහැරෙනකොට ඉර බහින හෝරාවත් ලං වෙලා....අකලංකත් ඒ වේලාවෙදි මං ඉස්කොලේ ආවේ නැත්තේ ඇයි කියලා බලන්න අපේ ගෙදරට සිනී බනිස් ගෙඩි දෙකක් එක්ක ඇවිත් තිබුනා...

ඌත් ඉතිං මං ගාව ඉදගෙන ඉස්කොලේ වෙච්ච වැල් වටාරං දොඩව දොඩව හිටියා....කට්ටිය අවුරුද්දෙන් පස්සෙ තියන්න හිටිය කලා උළලේ අවුරුද්දට කලින් සතියේ තියන්න තීරණය කරලා....මොකද අපි මෙහෙම හිටියාට මේ අවුරුද්දේ උසස් පෙළ ලියන්න ඉන්න උදවිය....ඉතිං අප්‍රේල් මාසේ නිවාඩුවෙන් පස්සේ අපිට ඉගෙන ගන්නවා ඇර ඉස්කොලේ බාහිර ක්‍රියාකාරකම් වලට අවධානේ යොමු කරන්න අමාරුයි....අකලංකලත් ලගදිම උන්ගේ ශිශ්‍ය නායක තනතුරු පොඩි එවුන්ට භාර දෙන්න ඕන...අනිත් එවුන් ගැන නම් දන්නේ නැහැ...ඒත් අකලංක නම් අත් දිග කමිසෙන් අත් කොට කමිසේට මාරු වෙන්න ඇඟිලි ගැන ගැන ඉන්නේ...ඌට මේ වගකීම් එක්ක තියෙන තනතුරු ඇති වෙලා...

ඇත්ත ඉතිං...උදේන්ම ඉස්කෝලේ එන්න ඕන....ආයේ පරක්කු වෙලා ඉස්කොලේන් පිටත් වෙන්න ඕන....හැබැයි අපේ එකා නම් ප්‍රින්සිපල් සර් ඌගේ අප්පොච්චා වගේ හිතන් වැඩ කරේ...තනතුර හම්බුනාත් හරි මූ විතරයි ශිෂ්‍ය නායකයන්ට තිබ්බ නිති රිති මාලාවම කනපිට හැරෙව්වේ....

" එහෙනම් තුහින මං ගිහින් එන්නම්....උබ හොඳ උනාම ඉස්කොලේ වරෙන් ....අපිට නැටුම් ටික හදා ගන්න තියෙනවා...."

" හරි බං..."

අකලංක මට සමූ දුන්නත් දුන්නේ ආයේ ඉස්කොලේ එනකොට කරන්න වැඩ රාජකාරි බොහෝමයක් තියෙනවා කියලා මාව දැනුවත් කරලා....

දැන් එතකොට මං නටන්නත් ඕනාද ?

අනේ අම්මේ...එක්කෝ මට හොඳ වෙන්න ඕන නැහැ...!

දවස් දෙක තුනක් ගෙවිලා ගියා....ඒ අතරතුරේ මාත් ටික ටික සුව තත්වේකට හැරුනා...හිච්චි හාමූත් ඉදලා හිටලා ඇවිත් ඔලුව දාලා ගියා....මොනා උනාත් හාමූට පින් සිද්ද වෙන්න අපේ ගෙදර යහමින් බත් වේල් දෙක තුනක් හැදුනා....

හොඳම කාරණාව මේ ගෙවීගෙන ගිය දවස් දෙක තුනේදි හාමූට අර බලන්න ගිය පුංචි මැණිකෙලාගේ ගෙදරින් ටෙලිපෝන් කෝල් එකක් ඇවිත් සුභ පණිවිඩේකට....එයාලාත් ඉක්මනින්ම හාමූලාගේ වලව්වට එනවාලූ....

මං සම්පූර්ණයෙන්ම හොඳ වෙලා ඉස්කොලේ ගිය ගමන්ම කලා අංශයේ සැට් එකම ඉස්කෝලේ මිදුලෙයි නැටුම් කාමරේයි ශාලාව අස්සෙයි තෙයියාත් තෙයියාත් ගානවා....

මං අකලංකගෙන් කට්ටි පැන පැන ලැට් එක අස්සෙත් ගිහින් හැංගිලා ඉදියාත් මූ මාව කොහොම හරි හොයාගෙන ඇවිත් තියෙන හොඳම එකෙන් යස පරිප්පුවක් මට සැට් කොරා...

අපි ඉගෙන ගන්න ගමන්ම විවේක කාලයෙන් පස්සේ තියෙන පරිඡේද වල අපේ අංග ටික පුරුදු පුහුනු උනා....

අවසානේ දවස් හරිම වේගෙන් ගෙවීගෙන ගිහින් දන්නේම නැතුව සෙනසුරාදා දවසත් ආවා....දැන් තියෙන්නේ අර කෝපි පාට ලියුමේ තියෙන අකුරු කතා කරනකන් මඟ බලාගෙන ඉන්න....

.

.

.

හායි....

අද එක නම් ටිකක් බෝරින්ග් වගේ ඇති....

ඊලඟ එක හොඳට දෙන්න උත්සහා කරන්නම්....

එහෙනම් අලුත් එකෙන් මුණ ගැහෙනකන් ~

තාවකාලිකව සමූදෙන්නම් 🥰

Продолжить чтение

Вам также понравится

Life As A Spy WhenInBudapest

Подростковая литература

226K 8.3K 45
Spies are cold and independent. Sage Winters is the top agent at the most prestigious agency (TSA) and exactly that. After her parents are killed, s...
1.8K 238 7
දගකාර මුරන්ඩු හිත් දෙකකුයි දඩබ්බර ආදරනීය හිත් දෙකකුයි එකතු උනොත්...ඒක කොයි වගේ තියෙයිද..♡ මේ එයාලගෙ කතාව♡ ʏɪᴢʜᴀɴ ᴛᴏᴘ- ʏɪʙᴏ ʙᴏᴛᴛᴏ- ᴢʜᴀɴ ᴛᴀᴇᴋᴏᴏᴋ ᴛᴏᴘ...
103K 12.1K 80
This story is about an introvert girl. Who is the elder daughter of the family. She is insane but sane, immature but mature, emotionless but emotiona...
435K 12K 112
Were Yoongi and Hoseok start a family.