අදට දවස් තුනක් උණා ආධිල් කළුතර ගිහින් . තුහිනට ආධිල් එක්ක යන්න බැරි උණත් පුළුවන් හැම වෙලේම තුහින දුරින් ඉදන් හරි ආධිල්ට හයියක් වෙන්න මහන්සි උණා . නිරාශා ශෙවෝන් පවා ආධිල්ට වචනෙකින් හරි හයියක් වෙන්න ට්‍රයි කළා . ටෙස්ට් ටික කරලා ආව රිසාල්ට් එක නම් අවුලක් නෑ කිව්වා. හැබැයි ආපහුම හාට් ඇටෑක් එකක් ආවොත් තත්වෙ සීරියස් වෙන්න පුළුවන් කියලයි ඩොක්ටර්ස්ලා කිව්වෙ . මොනා උණත් හෙට සෙනසුරාදා නිසා උදේම තුහින නිරාශා වගේම ශෙවෝනුත් ඉදියෙ කළුතර ගිහින් ආන්ටිව බලලා එන්න . අද හවස ඩිස්චාජ් කරපු නිසා ආන්ටිව ගෙදර ගෙනල්ලයි ඉදියෙ . ඉතින් කතා කර ගත්ත විදියටම පහුවෙනිදා හයට විතර තුහින නිරාශා වගේම ශෙවෝනුත් පිටත් උණේ කළුතර යන්න . මහ වෙලාවක් ගියේ නෑ . හයිවේ දාපු නිසා . හත ට දහයක් විතර තියෙද්දි එයාලා ගෙදරටත් ගොඩ උණා .
ආධිල් : ඔයාලා ආවත් එක්කද ? එනවා කිව්වට මං හිතුවෙ දවල් වෙයි කියලා . ගෙට යමු....
තුහින : කොහොමද ආධිල් දැන් අම්මට ?
ආධිල් : දැන් නම් ටිකක් අඩුයි තුහින . මමත් හෙට වගේ කොළඹ යන්න හිටියෙ . නංගි ඉන්නවනෙ ගෙදර වැඩ ටික ශේප් එකේ කර ගන්න .
තුහින : ශනෙලිට පුළුවන්ද බං ?
ආධිල් : නෑ බං . අම්මා උදේ නැගිටලා තමන්ගෙ වැඩ කර ගන්නවනෙ . ශනූ කොහොමත් කන්න ඔය මොනා හරි දෙයක් හදනවා . එතකොට අම්මට රෙස්ට් එකේ ඉන්න පුළුවන් . මට හිටියත් මහ වැඩක් නෑ .
තුහින : ම්ම්.... අද ඉදලා හෙට එන්න එහෙනම් පරිස්සමට . ම්ම්.... ඇතුළට යමු.
ශෙවෝන් නිරාශා ඒ වෙද්දිත් ගිහින් ආධිල්ගෙ අම්මත් එක්ක කතා කර කරයි ඉදියෙ . තුහින දොරෙන් ඇතුළට යනවත් එක්කම ආධිල්ගෙ අම්මගෙ මූණ ලොකු හිනාවකින් පිරිලා ගියා .
තුහින : කොහොමද ආන්ටි . දැන් ඇගට අමාරුවක් නෑ නේද ?
අම්මා : අනේ නෑ පුතා . බලන්නකො කොල්ලා උස් මහත් වෙලා තියෙන තරම් . අවුරුදු තුනකින් විතර දැක්කෙත් නෑනෙ .
තුහින : ඒකනෙ නේද ආන්ටි . ඉස්කොලෙ ඉවර උණත් හරි දැක්කෙම නෑ ...
අම්මා : කියලා වැඩක් නෑ . මේ වැඩ අස්සෙ නිකමටවත් කොළඹ එන්න බැරි උණා මට .
තුහින : ආන්ටි කොළඹ නාවට කමක් නෑ . ගෙදෙට්ට වෙලා ඉන්න පරිස්සමින් . ඒ ඇති . නැද්ද බං ?
නිරාශා : ඒක නම් ඇත්ත ආන්ටි . අපිට පුළුවන් නෙ ආන්ටිව බලන්න එන්න . ඒක නෙවෙයි ආධිල් කෝ නංගි ?
ආධිල් : කිචන් එකේ ඇති බං .
එහෙම කිව්වම නිරාශා එතනින් නැගිටලා කිචන් එක දිහාවට යන්න ගියා .
ශෙවෝන් : තාත්තා කෝ ආධිල් ?
ආධිල් : දන්නෑ ශෙවෝන් .
අම්මා : අහ්... ජයසිංහ ශොප් එකට ගියා පුතා .
තුහින : අහ්.... ඒත් මං හිතුවා අන්කල් යන්න ඇතියි කියලා .
ශෙවෝන් : උඹලගෙත් හෙන ලොකු වත්තක් නේ බං තියෙන්නෙ ?
තුහින : මිදුලට යන්ද ? ආන්ටිත් එනවද ?
අම්මා : නෑ පුතා . මං අර පැත්තට ගිහින් බලන්නම් . කුස්සියේ කෙල්ලො දෙන්නා මොනා කරනවද දන්නෑ . පුතාලා කතා කර කර ඉන්නකො . ම්ම් ?
ශෙවෝන් : හරි ආන්ටි .
ශෙවෝන් තුහින වගේම ආධිලුත් වත්‍තට බැහැලා ටිකක් ඉස්සරහට ඇවිද ගෙන ආවෙ කතාවක් දා ගෙන ඉන්න කියලා හිතා ගෙන .
ආධිල් : උඹලා කීයටද ආවෙ එහෙන් ?
ශෙවෝන් : හතට විතර නේ බං . නිරාශා එද්දි පරක්කු උණා .
තුහින : ඒ පිස්සු මගුල කොහෙ ගියත් පරක්කුයි තමයි .
නිරාශා : කවුද මිනිහො පිස්සු මගුළ ? උඹත් මේ ආධිල් වගේ හැදෙන්න ලෑස්ති වෙන්න එපා ආ .
ආධිල් : ඇයි ඇයි ? මගෙ මොකද්ද පස්නෙ ?
නිරාශා : ඒක දන්නෙ උඹනෙ . වස්සා ,
ශෙවෝන් : අනේ අනේ... ඔන්න ඔය බෝක්කු දෙක වහ ගනිල්ලා ප්ලීස් . අපි ආවෙ අසනීප උණ ආන්ටිව බලන්න මිසක් උබලා දෙන්නගෙ ඔය රණ්ඩු විසදන්න නෙවෙයි...
තුහින : ඒක ඇත්ත . බැලුවොත් මරා ගන්නවා . ගෑණී මිනිහයි වගේ .
නිරාශා : අන්න අන්න කුඩු මාත්තයා උඹට වැරදුනා . ඒක නෙවෙයි මට දැන් ලොකුම ලොකු ප්‍රශ්නයක් තියෙනවා .
ශෙවෝන් : හරි වගේ . ආ ඔන්න ඔහේ අහපන් .
නිරාශා : දැන් . කෙල්ලෙකුයි කොල්ලෙකුයි ආදරේ කරද්දි ගෑණීයී මිනිහයි නම් , කොල්ලො දෙන්නෙක් ආදරේ කරද්දි කියන්නෙ මොකද්ද ?
තුහින : කැහ් කැහ්...
ආධිල් : මොකා ?
ශෙවෝන් : ඔය ඇහුවෙ රෙද්දෙ ප්‍රශ්නයක් ඉතිම් . උන්ට කියන්නෙ මිනිහයි මිනිහයි කියලා .
නිරාශා : ඒත් ඒක හරි යන්නෙ නෑනෙ . ගැලපෙන්නෙ නෑ . මං මේ කෝමත් මුන් දෙන්නට නමක් හදන්න ඉන්නෙ . හොදට හිතලා හදන්නෝන...
ආධිල් : යා... බිංකුණ්ඩි . ඕක නවත්තහන් . බැලුවොත් කටර් එක වගේ කියවනවා .
තුහින : ඉදියෙ නිකං අට සිල් සමාදන් වෙලා වගේ .
නිරාශා : නෑ මං සමාදන් වෙන්නෙ දස සිල් . නැද්ද ශෙවෝන්...
ශෙවෝන් : එහෙමද ? එහෙනම් එහෙම වෙන්න ඇති .
හිනා ගොඩක් එක්ක පිරුණු පුංචි කතා බහක් ඒක . ඒත් ආධිල්ට ඒක හරි ලොකු දෙයක් වගේ දැනුනෙ .
මොකද අපි අමාරුවේ වැටුනම , අපිට අපේ මානසික සුවය කියන දේ නැතිව ගියාම ඒ සේරම අමතක කරලා එක විනාඩියකට හරි මූණට හිනාවක් ගේන්න පුළුවන් අපේ හොදම යාළුවෝ කියන කට්ටියට විතරමයි . උන්ට පුළුවන් ඕනම අමාරු දේකදි උණත් අපිත් එක්කම අපේ පැත්තෙන් හිට ගන්න . සතුටට වඩා උන් අපි එක්ක ඉදියෙම අපිට දුකක් දැනෙන කොට . ඉතින් එහෙම යාළුවෝ හම්බෙන මිනිස්සු හරි වාසනාවන්තයි. ඒ වගේ යාළුකම් තියෙන අයට ජීවිතේ තනිකම දැනෙන අවස්ථාවන් හරිම අඩුයි .
ඉතින් මේ වෙලාවෙ ආධිල්ටත් එයාගෙ යාළුවෝ ගොඩක් දුරට හයියක් වෙලයි හිටියෙ . ඒ වගේම එයාගෙ ආදරෙත් එක විනාඩියක්වත් එයාව අත් නොහැරපු එක ගැන හිතද්දි ආධිල්ට දැණුනෙ පුංචි ආඩම්බරයක් . ඇත්‍ත , ඕනම දේකට තමන් ආදරේ කරන කෙනා තමන් එක්ක ඉන්නවා කියලා දැනෙන කොට දැනෙන හැගීම මොනවගේ එකද්ද කියලා කියන්න මං දන්නෑ . ඒත් මං දන්න තරමින් ඒක ලොකු සතුටක් එක්ක මුසුවුණු පුංචි ආඩම්බරකාරී හැගීමක් වෙන්න ඕන .
විනාඩි පහක් විතර යන කොට ශනෙලි ගෙනාව බීම හතරත් බීලා ඉවර උණාම නිරාශා ශනෙලිත් එක්කම ආපහුම කිචන් එක දිහාවට ඇවිදගෙන ගියා .
ශෙවෝන් : උඹේ නංගිත් නිරාශා වගේ වෙයිද කියලා මට සාධාරණ බයක් තියෙනවා . ඒක නෙවෙයි බං... මට දැන් ෆයිනල් ප්‍රොජෙක්ට් එකක ෆයිල්ස් වගයක් චෙක් කරන්න තියෙනවා . ආධිල් මං උඹේ රූම් එකට යනවා ආ...
ආධිල් : ආ... අහන්න දෙයක්ද බං . පලයං. කෙලින්ම ගියාම හම්බෙන පලවෙනි කාමරේ .
ආධිල්ටත් සැලියුට් එකක් දාපු ශෙවෝන් එතනින් යන්න ගියේ ආව කෝල් එකත් ආන්සර් කරලා ෆෝන් එක කනේ තියා ගන්න ගමන් .
තුහින : අන්කල් මොකද කියන්නෙ ආධිල් ?
ආධිල් : මාත් එක්ක වචනයක්වත් කතා කළේ නෑ තුහින . මං කෑම
කන්නෙත් කාමරේට වෙලා .
තුහින : මං දන්නෙ නෑ බං මෙතන මොකද්ද තියෙන ප්‍රශ්නෙ කියලා . ඒත් උඹ ඒ ගැන වැඩිය නොහිතා ඉදපන් . ම්ම්... මං ඉන්නවනෙ උඹට . එන ඕන දේකට අපි මූණ දෙමු .
ආධිල් : හ්ම්... ඔයා කියනවා වගේ මං මේ දේවල් වලට හුරු වෙලා කියලයි මට හිතෙන්නෙ .
තුහින : හ්ම්... උඹ දන්නවද ආධිල් ? අපි ප්‍රශ්න වල හිරවෙලා තැලිලා පොඩි වෙලා ගියාම ටික කාලයක් යද්දි අපිට හිතෙනවා දේවල් ටික ටික හරියාගෙන එනවා කියලා . ඒත් වෙලා තියෙන්නෙ ඒක නෙවෙයි . අපි වගේම අපේ හිතත් එන්න එන්නම ඒ දේවල් වලට නිකංම හුරුවෙලා ගිහිල්ලා.
ආධිල් : මාත් එහෙම හුරු වෙලා වෙන්න ඇති නේද ?
තුහින : හ්ම්... හුරු වෙලා ඇති .
ආධිල් : ඇත්තටම මොන දේ තිබ්බත් වැඩක් නෑ නේද අපේ මානසික සුවය අපෙන් දුර නම් ? ඇත්තටම මේ වෙන දේවල් එක්ක මට ඒ දේ හොදට දැණුනා . උබලට පිං සිද්ධ වෙන්න මට දේවල් වලට මූණ දෙන්න පුළුවන් උණා .
තුහින : බය නොවී ඉදපන් ආධිල් . කවුරු නැතත් මැරෙනකන්ම
මං හිටගන්නෙ උඹේ අතින් අල්ලගෙන උඹේ පැත්තෙන් විතරමයි . උඹ හරි උණත් වැරදි උණත් මං ගන්නෙ උඹේ පැත්ත විතරයි .
තුහින කිව්වෙ කලිසම් සාක්කුවේ තිබ්බ අත් දෙක අරං පපුව හරහා බැදගෙන ටිකක් දැඩි කටහඩකින් . ඇත්තටම දැඩි නෙවෙයි ඒක ස්ථිර පොරොන්දුවක් වගේ කියලයි ආධිල්ට හිතුනෙ .
ආධිල් : මං වැරදි උණොත් ?
තුහින : උඹ කාටවත් වැරැද්දක් කරන එකෙක් නෙවෙයි ආධිල් . ඉතින් මං බය නැතුව උඹ එක්ක ඉන්නවා .
ආධිල් : ඇත්තටම මං වැරදිනම් ?
තුහින : එහෙනම් ඒ වැරැද්ද වෙන්න ඇත්තෙ නොදැනුවත්ව .
ආධිල් : හ්ම්... එහෙනම් මං බය නැතුව වැරදි කරනවා .
තුහින : ඒ ඇයි ?
ආධිල් : නෑ ඉතින් . මාව බේරගන්න කෙනෙක් ඉන්නවලුනෙ...
තුහින : අනේ බූරුවා . උඹ හිතා මතා වැරදි කරලා එහෙම අහු වුණොත් දනී මං කරන දේ .
ආධිල් : ඇයි මොකද කරන්නෙ ?
තුහින : ගමේ ගිය වෙලාවක රිවස්ටන් එක්කන් ගිහින් පහළට තල්ලු කරනවා .
ආධිල් : මං හිතුවා . තමුසෙගෙ අලි බොරුව තියෙන්නෙ .
තුහින : මොනාද දැන් උඹ හිතුවෙ ?
ආධිල් : යැයි යැයි යැයි . මහ ලොකු රෝමියෝ . තමන්ගෙ පරම
පූජණීය ආදරේ කන්දෙන් පහළට තල්ලු කරන්න කතාව .
තුහින : උඹත් මහ කටු පදුරක් .
ආධිල් : මගෙ කොහෙද කටු . අනික දැන් මාව පදුරක් වගේද පේන්නේ ?
තුහින ලොකු හුස්මක් අරගෙන ආධිල් දිහා බැලුවෙ ලස්සන හිනාවක් මූණෙ පුරවගෙන .
තුහින : ඔය මනස්ගාත හිතුවට කමක් නෑ මගෙන් අහන්නැතුව ඉදපන්කො ආධිල් . වරෙන් ඇතුළට යමු . උඹත් කියවන්න ගියාම එක පිට එක ප්‍රශ්නයක් අහනවමයි . මෙහෙ එනවා...
ආධිල්ගෙත් ඔළුවට ටොක්කක් ඇනගෙන තුහින ගේ ඇතුළට යන්න ගියස්ම ආධිලුත් ටිකක් වෙලා බලං හිටියා . තුහින ටොක්කක් ඇනපු තැනට ආධිල්ගෙ අත ගියේ ඉබේටම මූණෙ පුංචි හිනාවක් ඇදෙන කොට .
______________________________
ළමයි ප්‍රශ්නයක් අහන්නම් මං මේ චැපියෙන් .
ඔයාලටත් ඉන්නවද ඒ වගේ යාළුවෝ ?
මැරෙන්න හරි තමං එක්ක ඉන්න පණ උණත් දෙන අය .
ඒනම් මං යනවා .
බායි එහෙනම් මං යනවා එහෙනම් . අද රෑට තව එකක් දෙන්න බලන්නම් . නැත්නම් හෙට උදේ 11 විතර වෙද්දි දෙනෝ .
ආදරෙයි ඈ 💓