ශනෙලි : හලෝ.... අයියේ !
ආධිල් : මොකද ශනෙලි හදිස්සියේ ?
ශනෙලි : අයියෙ.... අම්මව හොස්පිටල් නැවැත්තුවානෙ . අනේ ඉක්මනින් එන්නකො . මට බයයි....
ආධිල් : මොකක් ? ඒ මොනා වෙලාද ශනු ? හරි හරි ටිකක් ඉවසලා ඉන්න... මං දැන්ම එන්නම්...
ශනෙලි : අනේ අයියෙ ඉක්මනින් හරිද ?
ආධිල් : ම්ම්... හරි ශනූ මං එන්නම් .බය වෙන්න එපා මං එනවනෙ...
ශනෙලි : හරි අයියෙ...
උදේ කැම්පස් යන්න ලෑස්ති වෙන ගමන් ඉදපු ආධිල් බෑග් එකට දා ගන්න ගියපු පොත් ටික ආපහු ඇද උඩට දාලා අතට අහුවුණ ඇදුම් ටිකක් අරගෙන බෑග් එකට දා ගත්තා . දොරත් ලොක් කරලා යතුරත් බෑග් එකට දා ගෙන ආධිල් පාරට ආවෙ කළුතර යන්න හිතා ගෙන . සේරටම කලින් එයා කෝල් එකක් ගත්තෙ තුහිනට .
තුහින : ආ කියන්න ආධිල් ?
ආධිල් : තුහින ! ම...මං කළුතර යනවා තුහින . සමහර විට දවස් දෙක තුනක් කැම්පස් එන්න වෙන්නෙ නැති වෙයි මට . මං ගත්තෙ-
තුහින : ඒ ඇයි ආධිල් . මොකක් හරි හදිස්සියක්ද ?
ආධිල් : අම්මා හොස්පිටල් ඇඩ්මිට් කරලලු බං . ශනූ දැන් මට කෝල් කළේ...
තුහින : වට් ? මං එන්නද යන්න ආධිල් ?
ආධිල් : නෑ තුහින . කමක් නෑ.... ඔයා වැඩ ටික කර ගන්න . අනික මං යනවනෙ දැන්... උවමනාවක් උණොත් මං කියන්නම් ඔයාට .
තුහින : හරි එහෙනම්... පරිස්සමින් ගිහින් කෝල් එකක් දීපන්. හදිස්සියක් නම් මට ඒත් ඉක්මනින් කෝල් එකක් දියන් ආධිල් . මං කොහෙ හිටියත් එනවා.... හරිද ?
ආධිල් : මං දන්නවා තුහින . හරි මං එහෙම කරන්නම් . බායි....
තුහිනත් හිත ටිකක් කලබල කරගෙන කැම්පස් එකට යන්න පිටත් වෙන කොට ආධිලුත් කොළඹ කළුතර බස් එකකට ගොඩ උණේ ගෙදර යන්න හිතා ගෙන . උදේ වරුවෙ ඒ පැත්තට වැඩි ට්‍රැෆික් එකක් නොතිබ්බ නිසා පැයක් විනාඩි හතළිස් පහක් විතර යන කොට බස් එක නැවැත්තුවේ කළුතර ටවුන් එකේ . බස් එකෙන් බැස්ස ආධිල් අඩිය ඉක්මන් කළේ මහ ඉස්පිරිතාලෙට යන්න . මගදි ශනෙලිට කෝල් කළ වෙලේ නම් කිව්වෙ එයත් ඉන්නෙ හොස්පිටල් එකේ කියලා . ඉස්පිරිතාලෙ ගේට් එකෙන් ඇතුළට ගිහින් ආධිල් ආයෙම වතාවක් ඩයල් කළේ ශනෙලිගෙ ෆෝන් එකට .
ශනෙලි : ආ අයියෙ... ?
ආධිල් : ශනූ මං ඉන්නෙ ඉස්සරහා ගේට් එක ළග
ශනෙලි : ඔතන තියෙන අලුත් බිල්ඩින් එකේ තුන් වෙනි තට්ටුවේ කෙලවරට එන්න...
ආධිල් : අහ්ම්... හරි
ලිෆ්ට් එක ගාවට දුවගෙන ගියපු ආධිල් තුන් වෙනි තට්ටුවට යන බට්න් එක එබුවෙ අත් දෙක එකට අතුල්ලන ගමන්. නොකිව්වට මොකද තමං මේ තරම් කලබල උණ දවසක් මේ වෙනකන් තිබිලා නෑ කියලයි ආධිල්ට හිතුණෙ . තාත්තාත් තමංට අකමැති එකේ ඒ හැමදේකදිම තමං එක්ක ඉදියෙ එයාගෙ අම්මා විතරමයි කියලා ආධිල් හොදටම දැනන් ඉදියා . ඉතින් මෙහෙම තමන්ගෙ අම්මට වරින් වරේ එක පාරටම අසනීප වෙන එක ගැන ආධිල්ට තිබ්බෙ ලොකු බයක්.
ලිෆ්ට් එකෙන් එළියට එන කොටම වගේ ආධිල් දැක්කා ෆ්ලෝ එක කෙළවර ICU එක ගාව ඉස්සරහා දාලා තිබ්බ බංකුවේ ශනෙලි ඉද ගෙන ඉන්න විදිය . ආධිල්ව එතනට යැවුණෙ ඊයක වේගෙන් .
ආධිල් : ශනූ ? මොකද්ද ළමයො උණේ... ම්ම්
ශනෙලි : අනේ අයියෙ... මං ගොඩක් බයෙන් ඉදියෙ. අම්මා දැන් පැය ගානක් ඇතුළෙ අයියෙ...
ආධිල්ව බදාගෙන ශනෙලි අඩන්න ගත්තම ආධිල්ගෙ ඇස් වලටත් කදුළු ඉණුවෙ කියන්න බැරි තරම් වේගෙකින් . ඒත් එයා මේ වගේ වෙලාවක කදුළු වලට ඉඩ දීලා හරි යන්නෙ නෑ ආධිල්ගෙ යටිහිත කිව්වෙ එහෙම .
ආධිල් : ශනූ... මේ අහන්න . දැන් මේ කදුළු පිහද ගන්න . කෝ දැන් මෙහෙ බලං කියන්න මොකද්ද උණේ කියලා...
ශනෙලි : මං ඉස්කෝලෙ යන්න නැගිටලා තේ එක බිබී හිටියෙ අයියෙ... එක පාරටම අම්මට නවත්ත ගන්න බැරි කැස්සක් ආවා . මං උණුවතුර දුන්නා . බාම් ගෑවා . ඒත් හරි ගියේම නෑ . පස්සෙ පපුව රිදෙනවා කියලා කෑ ගැහුවා .
ආධිල් : බය හිතුනද ඔයාට .... ම්ම් ? එවෙලෙ තාත්තා ඉදියෙ කොහෙද ශනූ...?
ශනෙලි : තාත්තා ගෙදර හිටියා අයියෙ . හොස්පිටලුත් ආවා . මේ දැන් අයියා කෝල් කරලා මං මෙතනට එද්දි එයා නෑ .
ආධිල් : එහෙමද ? කෑවද ඔයා ශනූ ? ඉන්න මං මොනා හරි අරං එන්නම්...
ශනෙලි : නෑ අයියෙ . තව ටිකකින් කමු... බඩගිනි නෑ .
ආධිල් : හ්ම්.... හිතේ ගින්දර තියෙද්දි කොහොමද කෑම කන්නෙ එක අතකට . මැණික අඩන්නැතුව ඉන්න. මං ආවානෙ ම්ම් ?
ශනෙලි : හ්ම්... අයියාට කැම්පස් නේද අද ?
ආධිල් : ම්ම්... ඕක නම් මොකද්ද ශනූ . ඒ වගේද අපි දෙන්නගෙ අම්මා ? මට ඔය තුන් දෙනා වෙනුවෙන් ඕන දෙයක් කරන්න පුළුවන් . ඉතින් ඒවා හිතන්න දේවල් නෙවෙයි ...
ශනෙලි : අහ්... අයියෙ ඩොක්ට එනවා... අනේ අහන්නකො අම්මට මොකද කියලා...
ආධිල් : ම්ම්... මං අහන්නම්. .......... Excuse me doctor ?
Dr : ඔව් මේ ?
ආධිල් : අහ්... ඩොක්ට මං පේශන් ගෙ පුතා ආධිල්. අම්මට මොකද්ද ඩොක්ටර් වෙලා තියෙන්නෙ... ?
Dr : ම්ම් එයාට හාට් ඇටෑක් එකකට තමයි ඇවිල්ලා තියෙන්නෙ . දැන් නම් ලොකුවට අවදානමක් නෑ . ඒත් පොඩි පරික්ෂණ වගයක් කරන්න තියෙනවා . ඒ ටික කරලා අපි බලමු...
ආධිල් : ආ හරි ඩොක්ටර් . තෑන්ක්ස්... අම්මව බලන්න පුළුවන් ද ඩොක්ටර් ?
Dr : ම්ම්... වෝඩ් එකට දාද්දි තව පැය තුන හතරක් යයි මිස්ට ආධිල් . ඔයාලා දවල්ට පේශන්ස්ලා බලන වෙලාවට එන්න . දැන් රිස්ක් එකක් නැති නිසා බය නොවී ගිහින් එන්න .
ඩොක්ටර් එක්ක කතා කරපු ආධිල් ඇවිල්ලා ආයෙමත් ශනූ ගාවට ගිහින් ඉදගෙන ශනූට විස්තරේ කිව්වා .
ශනෙලි : ම්ම්... එහෙනම් ගිහින් ඕන බඩු ටිකත් අරං එමු අයියෙ . ඉදලා අම්මව බලන්න දෙන්නෙත් නෑනෙ...
ආධිල් : ම්ම්... ඒක තමයි මාත් බැලුවෙ . ඔයා තාත්තාට කියන්න . මා එක්ක ගෙදර යනවා කියලා...
ශනෙලි : හ්ම්...
තාත්තා ටත් ශනෙලි පණිවිඩේ දුන්නට පස්සෙ ආධිල් ශනෙලිත් එක්කම හොස්පිටල් එකෙන් එළියට ඇවිල්ලා ටුක් එකක නැග්ගෙ ගෙදර යන්න . විනාඩි දහ පහළොවකින් ටුක් එක ගේ ඉස්සරහා නවත්තන කොට ආධිල් බැහැලා සල්ලි දුන්නෙ ශනෙලිත් ආධිල්ට පස්සෙ එළියට බහින කොට .
ශනෙලි : බලන්නකො ඉතින් . අම්මට අසනීප වෙන්නම උණානෙ අයියට ගෙදර එන්න...
ආධිල් : ඔයා දන්නවනෙ ශනූ තාත්තා මං එනවට අකමැතී කියලා . එහෙව් එකේ ඇවිල්ලා රණ්ඩු සරුවල් වෙන කොට අම්මත් දෙපැත්තෙන්ම තැලෙනවා . මට ඒ නිසා ගෙදර එන්න හිතක් දෙන්නෑ...
ශනෙලි : වෙලාවකට මට හරි දුකයි . අනික තාත්තා එක්ක කේන්තී අයියෙ... එයා නිසයි ඔයා අම්මගෙනුයි මගෙනුයි ඈත් වෙන්නෙ...
ආධිල් : එයා එක්ක තරහා ගන්න එපා ශනූ . හොද උණත් නරක උණත් ඒ අපි දෙන්නගෙ තාත්තා . එයා නැත්නම් අපි දෙන්නම
නෑ... අනික මං ඉන්නෙ මේ පැයක දුරනෙ . ඔයාලගෙන් ඈත් වෙන්නෙ නෑ මං .ම්ම්... ඔය මනස්ගාත නොහිතා ගිහින් උයලා තියෙන දෙයක් කාලා ඉන්න .
ශනෙලි : ම්ම්... අයියත් කමු . එන්න.... දැන් දවල්ට අම්මව බලලා ඇවිල්ලම නා ගමු . නැත්නම් වැඩක් නෑනෙ...
ආධිල් : ම්ම්... හරි එහෙනම්. අතපය හෝදගෙන මටත් බෙදන්නකො එහෙනම් . මං කෝල් එකක් තියෙනවා අරං එන්නම්...
ආධිල් මිදුලට බැහැලා තුහිනගෙ නම්බර් එකට ඩයල් කරන කොට ශනෙලි කුස්සිය දීහාවට ඇවිදගෙන යන කොට . රින්ග්ස් තුනක් වත් යන්න කලින් තුහින ඉක්මනින් ආන්සර් කළේ ආධිලුත් පුදුම වෙනකොට .
තුහින : ආධිල් ?
ආධිල් : අහ්... තුහින .
තුහින : මොකද්ද වෙලා තියෙන්නෙ අම්මට ?
ආධිල් : හාට් ඇටෑක් එකක් කියලා තමයි කිව්වෙ නම් . තාම ICU එකේ බං . උදේ මං එහෙම්ම හොස්පිටල් එකට ගියා . දැන් තමයි ගෙදරට ගොඩ උණේ .
තුහින : නෝමල් වෝඩ් එකට දාන්නෙ කීයටද ? මං රෑට එන්නද බං ?
ආධිල් : දවල්ට බලන්න පුළුවන් වෙයි කිව්වා සමහර විට . අනේ නෑ තුහින . දැන් ප්‍රශ්නයක් නෑ කිව්වනෙ .
තුහින : අනේ මංදා බං . මගෙ හිතට හරි නෑ මේ වගේ වෙලාවක උඹව මෙහෙම තනියෙන් යවපු එකට .
ආධිල් : පිස්සුද අනේ... අනික මං දන්නවනෙ තුහින . මගෙ හැම දේකදිම ඔයා මං ළගින් ඉදියා . අනික මේක හදිස්සියේ උණ දෙයක්නෙ බං. මං මැනේජ් කර ගන්නම් . ශනුත් ඉන්නවනෙ...
තුහින : හ්ම්... ඕන වෙලාවක මට ගන්න ආධිල් . එහෙනම් මං දැන් තියන්නම් බං . ලෙක්චර් එක පටන් ගන්න යන්නෙ...
ආධිල් : හරි තුහින බායි .
තුහින : හරි ආධිල් . බායි එහෙනම්...
ආධිල්ගෙ කෝල් එක කට් කරපු තුහින ඉදියෙ ලෙක්චර් හෝල් එක ඉස්සරහා . ෆෝන් එකත් සාක්කුවට දාගෙන හෝල් එක ඇතුළට ගියපු තුහින පුටුවට හේත්තු වුණේ දිග කල්පනාවකට මුළ පුරන ගමන් .
මිනිස්සුන්ගෙ හිත් වලට සතුට ගලං ආවම ඒ හිත් වගේම ඒ මිනිස්සුත් හරි ලස්සනට හැසිරෙනවා . ඒත් තුහින එහෙම හිතන්න කැමති උණේ නෑ . මොකද සතුට එක්කම දුකත් එක සැරේ ගලං ආවම දැනෙන හැගීමකට දෙන්න නමක් තුහින දැනන් ඉදියෙ නෑ . හරියට මේ දැන් වගේ . තුහිනගෙ හිතේ තිබ්බ සතුට සම්පූර්ණයෙන්ම මේ අහම්බෙන් උණ සිද්ධිය නිසා වැහිලා ගියේ ආධිල්ගෙ අම්මත් තමන්ට එයාගෙම කෙනෙක් වගේ දැනුන නිසා . තුහින ආධිල්ගෙ අම්මව එහෙම ලොකුවට හම්බ වෙලා නෑ . වැඩිම උණොත් ඉස්කෝලෙ දෙමාපිය රැස්වීමෙදි හම්බෙන පැය එකහමාර විතරයි . ඒ හැම සැරේම වගේ රැස්වීම ඉවර වෙලා යන්න හදන වෙලාවට ආධිල්ගෙ අම්මා අනිවාර්යයෙන් ඇවිල්ලා තුහිනට කතා කරනවා . ඔළුව අතගාලා අවවාදත් ගොඩක් දීලයි යන්නෙ . වෙලාවට කන්න . හොදට පාඩම් කරන්න . පුළුවන් නම් ආධිල්ටත් ගහලා හරි කමක් නෑ පොතක පතක වැඩට යොමු කරන්න පුතේ . වගේ ගොඩක් දේවල් ඒ අතර තිබ්බා . ඒත් තුහින ආසම උණේ "පුතා ඕන දෙයක් මටත් කියන්න" කියලා සමුදෙන වෙලාවට ඔළුව අතගාලා කියන වචන කීපෙකට . ඇත්ත්ටම ඒ වගේ පුංචි වචන කීපයක් නිසා උණත් තුහිනට ආධිල්ගෙ අම්මව ගොඩක් දැණුනා .
_________________________________
දවසක් පරක්කු උණා . Corry ළමයි .
වැඩි දෙයක් කියන්න යන්නෑ මං . මං යනවා එහෙනම්...
චැපිය ගැන යම්කිසි දෙයක් තියේ නම් කමෙන්ටුවක් දාං යමු.
අනිද්දට එනකන් බායි සරන්හේ 💕🪄