°_නුඹ හා_°

By bunnygirl9710

9.3K 909 427

~ආදරනීය සෙංකඩගල ආදරණීය කතාවක්~ More

CHAPTER 01
CHAPTER 02
CHAPTER 03
CHAPTER 04
CHAPTER 05
CHAPTER 06
CHAPTER 07
CHAPTER 08
CHAPTER 09
CHAPTER 10
CHAPTER 11
CHAPTER 12
CHAPTER 13
CHAPTER 14
CHAPTER 15
CHAPTER 16
CHAPTER 17
CHAPTER 19
CHAPTER 20
CHAPTER 21
CHAPTER 22
CHAPTER 23
CHAPTER 24
CHAPTER 25
CHAPTER 26
CHAPTER 27
CHAPTER 28
CHAPTER 29

CHAPTER 18

277 26 27
By bunnygirl9710

අද අපෙ ප්‍රින්සස් ගේ..අහ් සොරි අවුරුදු කුමාරයගෙ ප්‍රින්සස්..පොර කැමති නෑනෙ අපි ප්‍රින්සස් කියනවට..කවුද ගනන් ගන්නෙ..එයාගෙ බර්ත්ඩෙ එක..මන් උදේම තිසරු ලමැදව ඇහරවල නන්ගිට පැටියට කතා කරලා විශ් කරා..ඊයෙ මන් සුදු අක්කට කියල ගිෆ්ට් එක්කුත් ගෙන්න ගත්තා..මන් ඉස්සර තෙරුනිට එකේක එව්වා ගන්නෙත් සුදු අක්කට කියල තම..මේ පාර මට පොලොවෙ පස් කන්න උනා මට කෙල්ලෙක් නෑ තිසරු ලමැදගෙ නන්ගිට ගන්නෙ කියන්න..ඇත්තනෙ අප්ප කෙල්ලෙක් නෑනෙ..කොල්ලෙක් නෙ ඉන්නෙ.ඉව්ව්..හරිම අසෝබනයි හරිම අවිනීතයි.අරය ස්කෝලෙ ආවෙත් නෑ ඉතින් අද.අපිට නම් උදේ ඉදන් එක දිගට ඉගැන්නුව..එක ෆ්‍රී පීරියඩ් එකක් වත් තිබ්බෙ නැ අප්ප..ජිට් එකෙත් මැත්ස් සර් කාරයා ඇවිත් උගන්නව්වා.අප්පො අර ඝාතීය ශ්‍රිත වල ප්‍රස්තාර නම් සෙට් නෑ..අපෙ ක්ලාස් එකෙ ඒ ටික කරෙත් නෑ තාම..හයියො හයියො..අපෙ තාත්තාගෙන් අවසර ගන්නත් හෙන ගේමක් ගියා මේකට යන්ඩ.හැමදාම රෑ වෙනකන් මොකක් හරි දාගන්නවලු..මට කියන්න හිතුනා ඉතින් තාම පටන් ගත්තා විතරයි කියල..මොකද අර quize එකෙ වැඩ එහෙම්ම නෙ..ඕවා හෙමිට කියන්නොනෙ.

මන් බෑග් එකත් එක අන්ඩට දාගෙන ආවා ගේට් එක ගාවට..උදෙ පාන්දර කෝල් දහයක් විතර දීල අර මෝඩයා කිව්වා මට අවුරුදු කුමාරය එක්ක එන්ඩ් යැයි යැයි ගාල..අනෙ මට බෑ අනෙ ඔහොම මිනිස්සුන්ට වද දෙන්න..කවුරු එක්ක ගියත් මන් ගෙදර ගිහින් ඇදුම් මාරු කරන් එපැයි එන්න...බස් එකෙ ගියාම වෙලා යනවලු..මන් කලින් ගිහින් බැළුම් පුම්බන්නද අනෙ..ඕක කියල බැණුමුත් ඇහුවා..චික්..පුදුම බැණුම් ගොඩක් මන් අහගන්නෙ මෙකාගෙන.රෙද්ද.

ඒ උනාට මගෙ හිත කියන්නෙම නෙහාන් අයියට කියල බස් එකෙ යන්නමයි.එය බනින්නෑ මට ඕක කිව්වා කියල.මන් ටිකක් වෙලා නැවතිලා කල්ප්නා කරලා ගේට් එකෙ ඩියුටි ඉන්න් අයගෙන් අවුරුදු කුමාරයව හෙව්වා..ඉනව ඉන්නව අත් දෙකත් බැදගෙන..හෙමීට බෝලෙ බස්සමු නිකිත්...අර චූටියා කියනව වගෙ fightinggg...!!!

මන් ශෙප් එකෙ ගියා පොර ලගට..

"විනාඩි දහයක් දෙන්න ගෙබිස්..මන් එන්න්ම ඈ"

දැන් ඉතින් බෝලෙ බස්සන්න හිතෙනව මට....ඇත්තමයි....කාම් ඩව්න් කාම් ඩව්න් නිකිත්..ඕම්ම්ම්ම්ම්ම්ම්ම්..

"මෙ අයියෙ මන් යන්නම්"

"කොහෙ"

එයා ලමයි දිහා බලාගෙනම කතා කරද්දි මාත් වට පිට බල බල උත්තර දෙන්න ගත්තා.

"ගෙදර..බස් එකෙ යන්නම් මන්.ඔයා හෙමීට එන්ඩ"

"පිස්සු නටන්නැතුව ඉන්ඩ නිකිත්..අරූ මට උදෙ කෝල් කරල කිව්වා සියපාරක් විතර උබව එක්කන් එන්න කියල"

අනේ  එයාට නටාගන්න කියන්න රෙද්ද.

"නැ අයියෙ එහෙම හරි නෑනෙ..එයා තේරුම් ගන්නෙ නෑ මන් කිව්වට..මෙච්චර දවස් බස් එකෙ ඇවිත් එක පාරට කාර් වලින් ඇවිත් ගෙ ලග බහිද්දි ගමෙ අය උනත් මොනා කියයිද..මන් ආස නෑ අයියෙ තාත්තට බොරු ප්‍රශ්න එනවට.."

මන් විස්තරේම කිව්වා නෙහාන් බොසාට..ඇත්තනෙ ඉතින්..

"මට තේරෙනව මල්ලි..උබ ඔහොම බස් එකෙ යද්දි අපිට අවුල් නෙ මන් කියන්නෙ කොහොමත් අපි එ පැත්තට යන්කොට උබ බොරුවට යන්නොනැ නෙ"

"ඒත්.."

තවත් කියල වැඩක් නෑ මෙයලට..එපා වෙනව අප්ප..මන් එපැයි මොනා හරි උනොත් තාත්තගෙන් බැණුම් අහන්න..මන් මූනත් එල්ලන් පස්සහ තිබ්බ බැම්මට හේත්තු උනා.

"හරි හරි මූන එල්ලගන්න එපා..යන්න ඕන්නම් බස් එකෙ යන්ඩ.මන් කියන්නම් මාත් එක්ක ආවෙ කියල"

හනේඒඒඒඒඒඑ..අවුරුදු කුමාරයෝ..මන් කිව්වෙ මන් කිව්වෙ මෙයා බෝලෙ ගිලිනව කියල..ශෝක් අප්පා..යන්න කියපු වෙලෙ සනික යන්නොනේ තීරනෙ වෙනස් වෙන්න කලින්..

"හා..එහෙනම් එහෙම කියන්න..මන් යනවාආආ.."

නෙහාන් බොසා හිනා වෙලා ඔලුව වනලා යන්න කියද්දි මන් බායි කියල දුවලා ආව ගෙට් එකෙන් එලියට..ඉක්මනට යන්නොනෙ බස් එක මිස් වෙන්න කලින්..තිසරු ලමැද කියන කියන විදියට නටන්න බෑ මට රෙද්ද..

"කොහෙද දන්නෑ නෙ මෙ කලබලෙන් යන්නෙ"

අනෙ මන්දා සාන්කාවටද කොහෙද කටහඩත් ඇහෙනවා ඇහෙනව වගෙ එයාගෙ..මේ ලමයි යන්නෙත් නෑ ඉක්මනට..මන් කට්ටිය අස්සෙන් රින්ගන් වගෙ යද්දි මාව ඇදිල ගියා පැත්තකට..මොන මගුලක්ද

"නිකිත්.!!!"

"ආහ්..ඔ...යා"

මන් ඉවරයි..මන් ඉවරයි...අයියො..ඇ්‍ී දෙවියනෙ මට මෙහෙම කරන්නෙ..මාව ඇදල පැත්තකට කරන් මගෙ ඉස්සරහ අත් දෙකත් බැදගෙන රවන් ඉන්න තිසරු තඩියව දැක්කම බඩත් එක්ක දන්න ගත්තා..මෙයා මොක්ද අනෙ මෙහෙ..මට උදෙ කියපුවත් මතක් වෙනවා..
'අද නම් මන් එපා කියන දේ කරොත් හොද වැඩක් කරනව නිකි මන්.'
'යැයි යැයි'
'තමුසෙ මගෙ හැටි දන්නෑ..ඒකනෙ ඔය..බලමුකො හවසට'
'එදත් කිව්වෙ ඕකනෙ'
'හරි බලමුකො..'

අද නම් මන් ඉවරයි..ඉවරටම ඉවරයි.

"ඔව් මන් තමා.කොහෙද මෙ යන්නෙ ඉතින්"

"ආහ්..ම්ම්..මෙ...අහ් අවු-නෑ නෙහාන් අයියට තිබහයි කියල යන ගමන් බොන්න මොනා ..හරි...ගන්න කිව්වා..ඔව්.."

"ම්ම්..යන්..ගමු"

"මන් යන්නම්"

"දැන් මන් මොකක්ද කිව්වෙ"

"යන් යන්"

මන් පාර පැනල ඉස්සරහ තිබ්බ ශොප් එක ඇතුලට යද්දී එයත් මගෙ පස්සෙන්ම ආව..මන් ඉවරයීඊඉ..මන් ඉවරයී...

"අන්කල් මේ කෝක් එකක් දෙන්න"

"කෝක් බොන්නෙප..වෙන මොනව හරි ගන්න"

"ඇයි"

"හොද නෑ"

පුහ්..කෝක් බොන්නැති ඔයාට කෝක් ජාතික බීම උන මාව ගැලපෙන්නෑ සුදු මහත්තයො..විකාර හිතෙන්නෙපා හු## මෙ වෙලාවෙ.කුනුහරුපත් හිතෙනව ඒ අස්සෙ..

"අන්කල් බබ්ල් ටී තුනක් දෙන්න..මොන ෆ්ලේවර් එකද ඔයාට"

"අහ් ..ඕන එකක්"

අනෙ මෙ ඕවට දෙන්න තරම් සල්ලි නෑ මන් ගාව..රුපියල පන්සීයයි තියෙන්නෙත්..ඕන මගුලක් ඇරන් එයාට ගෙවාගන්න කියල මන් එලියට ආවා..අවුරුදු කුමාරයට කොහොමද දැන් මන් කියන්නෙ මේක..අයියෝඕඕඕඔ..

මන් එයත් එක්ක කාර් එක ගාවට ඇවිත් බබ්ල් ටී ටිකයි මගෙ බෑග් එකයි කාර් එක ඇතුලෙන් දැම්මා.

"නගින්න"

"අහ් නෑ..නෙහාන් අයියා ආවමම නගින්නම්..දාඩි..යයි නේ"

"ම්ම්"

පිස්සු හැදෙයි...මන් කොහොම හරි මෙය ලගට එන්න කලින් අවුරුදු කුමාරයට සිග්නල් එක දෙන්නොනෙ..නැත්තන් බබ්ල් ටී පෙන්නයි මට.ඇත්තටම මන් මෙ බයට නෙමෙයි මෙහෙම හැසිරෙන්නෙ..මොනා උනත් බොරුකාරයෙක් වෙන්නොන්නෑ නෙ..

ටිකකින් නෙහාන් බොසාගෙ චායාව පාරෙන් ඉස්සරහ මතු වෙද්දි අරය අත වනලා අපෙ පැත්තට එන්න කිව්වා.මන් දැක්ක නෙහාන් අයියා මන් මොක්ද මෙතන වගෙ බැල්මක් දීගෙන ඉන්නව..මන් ශේප් එකෙ අඩියක් පස්සට වෙලා අතින් පයින් ඔක්කොගෙන්ම මන් ගියෙ නෑ කියන්න කියලා නෙහාන් අයියට කියන්න කිව්ව..එතකොටම තිසරු ලමැද මන් දිහා බැලුවා.

"අම්මො රස්නෙයීයීයී"

මල මගුලයි..මන් ඉක්මනට පවන් ගහගන්නව වගෙ ඇක්ට් එකක් දුන්නා...අරය මට රවලා නෙහන් අයියාගෙ පැත්ත් හැරුන..පොර පාර පැනලත් ඇවිත්

"උබ මොකො මෙහෙ..ගොඩක් වෙලාද ඇවිත්"

"ටව්න් එකට ආවා බඩු වගයක් ගන්න..1.30 උන හින්දා උබලත් එක්කන්ම යන්න ආව..එද්දිම මෙයා මෙ උබට බීම ගන්න කඩෙ යන්න යද්දි හම්බුනා..උබටත් මාර තිබහවල් නෙ එන්නෙ"

අයියෝඕඕඕ..මූ ගම කනවා..මන් පස්සහ ඉදන් ඔව් කියන්න ඔව් කියන්න කියල ඔලුව වනද්දි අර මොඩයා ආයෙ පස්සහ හැරුනා.

"බෙල්ල මොකක්ද වෙලා වගෙ..අහ් රිදෙනවා"

මන් ඉක්මනට බෙල්ල අල්ලගෙන පොඩ්ඩක් අතගලා ඔලුව දෙපැත්තට කර ඇක්ට් එකක් දැම්මා..

"කැක්කුම ඔක්කොම හොද වෙයි යමන්කො"

නෙහාන් උබ හිනා වෙයන් හොදට..හරීඊඉ හිනා ඉතින්න්...මට යන්න එපා මල්ලි ඉන්න කිව්වනම් මෙහෙම වෙන්නෑනෙ..මුගෙ තමා වැරැද්ද.රෙද්ද..

මන් සීට් එකෙ කොනට ගිහින් ඉදගෙන බෑග් එක ඔඩොක්කුවෙන තියාගත්ත..අරයා මට එහාපැත්තෙන් නැගල ඉදගද්දී නෙහාන් අයියා පුරුදු විදියටම ඉස්සරහින  ඉදගත්තා..ඌ ලොකුයිනෙ ඒකයි...මන් ශටර් එකෙන් එලිය බලම් හිටියෙ..ඒ උනාට ඇස් කොනට පේනව අරය අවුරුදු කුමාරයට බබ්ල් ටී එකක් දෙනව..

"ආ.."

"තැන්ක්ස්"

එච්චරයි..මගෙ අතට ඒක දීලා එයා එයාගෙ බබ්ල් ටී එක අරන් බොන්න ගත්ත..තරහ ගිහින් ඉන්නෙ..නැත්තන් ඔහොම ඈතින් ඉන්නෑ කොහොමත්..ම්හු...දුකයි දුකයි වගෙ..මන් මගෙ එක බොන්න ගත්තා..ඉව්ව්ව්ව්ව්....මේ Honeydew එකනෙ..අනෙ මන් ආස නෑ මේකට..මට ඕනෙ mango එක හරි strawberry එක හරි..මන් බැලුවා ඒ දෙන්නට මොකක්ද තියෙන්නෙ කියල්..අනේඒඒ ඇයි එයල ඒ දෙක අරන් මට මේක දුන්නෙ..දැන් කියන්නත් බෑ..මොකක්ද ඕනි ඇහුවම් මන් නෙ ඕන එකක් කිව්වෙ..කමක් නෑ..මටෝන්නෑ..ගෙදර ගිහින් සුදු අක්කට වත් දෙනවා..

මන් කප් එක අතෙ තියාගෙන එලිය බලාගත්තා..

"බොන්නැද්ද"

"අහ් ම්ම්..බොනවා"

"බොනවා ඉතින් බලන් ඉන්නැතුව"

"ම්ම්"

වැඩක් නෑ එයා එක්ක කතා අරල...බොරු ආදරෙ...මාත් එක්ක විතරක් කතා කරන කට යැයි යැයි තමා..නපුරු කම නියපොත්තෙ ඉදන්..හරියට කෙල්ලෙක් එක්ක පැනල යන්න ගිහින් අහු උනා වගේ නෙ නටන්නෙ.රෙද්ද..මන් අකමැත්තෙන් තව උගුරක් බිව්ව..අස නෑ අනේඒ..බිව්වේ නැත්තන් තර්හ යයි හැබැයි..මන් තව උගුරක් බොන්න යද්දිම එයා කප් එක ඇදල අරන් එයාගෙ එක මට දුන්නා.

"හිතුවක්කාරකම නම් තියනවා...ඊට වඩා හපන් ලොකුකම"

මටද අනෙ මෙ බනින්නෙ..කමක් නෑ බැන  බැන හරි එයාගෙ එක දුන්නා නෙ..ම්ම්ම්...රසයි මේක..තිසරු මෝඩයට ඕන එකක් කියල බැනගන්න කියල මන් එයාගෙ බබ්ල් ටි එක බොන්න ගත්තා..එයා මන් දිහා බලන් ඉදල ආයෙ අහක බලාගත්තා.මොනවද දන්නෑ බලන්නෙ.

"නෙහාන් උබට මන් උදෙ කියල නෙ එව්වෙ..උබ ඔක්කොටම හපන්"

"හරි බන්..මල්ලි කියන එක ඇත්ත..එක පාරට මෙයලගෙ ගෙදරට කාර් එන්න ගත්තම ගමෙ මිනිස්සු මොනවා හිතයිද..දන්නවනෙ ඔය ගම්වල අයගෙ හැටි..අනික අක්කත් ඉන්නවනෙ මෙයලගෙ..එයාට උනත් අරි නෑනෙ"

"එහෙම කියල ගමෙ උන්ට බයෙ ඉන්න ඕනෙද බන්..උබ ඉතින් හැමවෙලේම මුගෙ පැත්තනෙ.."

"එහෙම නෙමෙයි යකො"

"නැත්තන් නැත්තන් කොහොමද..උබම එදා දැක්කනෙ මු බස් එකෙ යන විදිය...ෆුට්බෝඩ් එකෙ එල්ලිලා යන්නෙ..එක්කො හොල්ට් එකට ගිහින් නගින්නොනෙ..එකත් නෑ..මගින් නැගල අරකෙ එල්ලිලා එන-

"මන් හෝල්ට් එකට ගිහින් නගින්නම් ඊලග දවසෙ"

"මගෙන් ගුටි කන්නැතුව කටවහන් ඉදපන් නිකිත් හරි...!!!..මන් මෙ බොහොම ඉවසීමෙන් කියන්නෙ"

මන් ආයෙත් ස්ට්‍රො එක කටෙ ගහගත්තා..හරිනෙ පුපෙ අමාරුව..මැදින් පනින්න ගිහින් අහගත්තා හොදට.

"ඒක නම් ඇත්ත තමා බන්.."

"අර පාලම ගාවින් යද්දි මන් හිතුවෙ මූ විසි වෙයිකියලා..ඇගෙ මස් කලදක් නෑ..තව ටිකක් ගියානම් හොයාගන්න තිබ්බා අපිට ට්‍රින්කො වලින් මුහුදට වැටෙද්දි...පුදුම ආසවක් නෙ තියෙනෙ මෙයාට බස් එකෙ එල්ලිලා යන්න..උදෙ අච්චර කියලත්..තව බොරුත් කියනවා.අම්මපා"

තිසරු ලමැද අත උස්සල මට ගහන්න වගෙ යද්දි මන් ඇස් දෙක තද කරන් පියන් පස්සට උනා..අද නම් බඩු හරි වගෙ...ඒත් ටිකක් වෙලා යනකන් සද්දයක් නැති හින්දා මන් එක ඇහැක් ඇරල බැලුවා....හේ..දෙන්නම ඉන්නව රවන් බලාගෙන..ඇයි අප්පහ්..මන් මෙ අදක ඊයෙක ඉදන් ෆුට්බෝඩ් යනව වගෙ කතාව...අවුරුදු ගානක එක්ස්පීරියන්ස් පිට යන්නෙ මන්..ඕවා කියන්න යන්න බෑ..කිවොත් නම් අනිවා ගහනවා.

"මටත් ඔන්නෑ බන් මෙයට ඕනවට වඩා වද දෙන්න..හිරකරන්න..ඒ උනාට එදා නම් මට බස් එකෙ යන විදිය දැක්කම ආයෙ යවන්න හිතුනෑ බන්...උබත් කිව්වනෙ බන්..මන් මෙයාව දාන්න විතරක් යනව නෙමෙයි නෙ..මාත් ගෙදර යනගමන් නෙ එක්කන් යන්නෙ..අන්කල්ට කතා කරන්න දෙන්නෙත් නෑ..මන් ආයෙ කියන්නැ..ඕන මගුලක් කරගත්ත දෙන්..හිතුවක්කාර කම."

බැනල බැනල අන්තිමට එයගෙ බබ්ල් ටී එක එක උගුරුට බීලා දලා පැත්තකින් තියල airpod දෙක අරන් කනෙ ගහගත්ත..අද නම් තරහ වෙලා ඉදී වගෙ දවසම..ෆෝන් එකෙන් සින්දුවක් ප්ලේ කරන් එය එහෙමම සීට් එකට ඔලුව ගහන් ඇස් පියාගත්තා..මන් එයා දිහා බලන් හිටියා ටිකක් වෙලා..අද වෙනස් එයාගෙ පෙනුමත්..නිල්පාට අහ් දික highneck t shirt එකක් ඇදලා කලු ඩෙනිමට නිල් පාටම වගෙ ඩෙක් දෙකක් දාගෙන හිටියෙ එය..අද ස්පෙක්ස් දෙක නැද්ද කොහෙද..හැන්ඩසම් මෙ මනුස්සය..ඇත්තටම හැන්ඩ්සම් මහ ගොඩක්...වෙනදට වඩ එයා මස්ල්ස් කැපිලා පෙනුන අද..මන් හිතන්නෙ අවුරුදු ලුමාරය කැළෙ මෙයාගෙ ඇගත් එක්ක..කොහෙද ස්ටෙටස් එක වත් දානවා කියල ඈ ජිම් ගිහින්..ඊයෙත් ගියා හවස..එක අතකට දාන්නැති එකත් හොදයි..මොකටද හෝටම පෙන්නනෙ එයගෙ ඇග්..මන් විතරක් දැක්කම ඇති..ඉව්ව්ව්ව්ව්..බඩත් මොකදො උනා.කවදා හිතපු දේවල්ද මන් මෙ හිතන්නෙ..

මන් එයා දිහා බලාගෙනම එයා ගාවට ලන් උනා ටිකක්..බනීද දන්නෑ..බයයි බයයි වගෙ..ඕන එකක් කියල මන් තව ටිකක් එයා ලගටම කිට්ටු උනා..මගෙ අත එයාගෙ අතෙ ගෑවෙන තරම්..වාහ් මෙයාගෙ jawline එක..මන් කටත් ඇරන් එයාගෙ මූන දිහා බලන් ඉදලා මන් හිටපු පැත්තෙ කනෙ තිබ්බ earbud එක ගලවලා අරන් මගෙ කනෙ ගහගත්තා..තනියම සින්දු අහන්න දෙන්න බෑනෙ රෙද්ද..එයා තාම ඇස් පියන් හිටපු විදියටම ඉන්නව..බැන්නෙ නෑ හැබැයි..

'සිදඟනාවී නුඹමයි සසරෙම පැතුවේ
හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ
දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ
එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ

කඳුළැලි මා නවතා යළි හිනැහෙන්නම්
ඔය මුවගේ පෙර සේ මදහස වේ නම්
තුරුලේ හොවමින් නළලත හාදු තියන්නම්
රිදුමන් සඟවා මා නුඹ හට සමු දෙන්නම්'

අහ්හ් අහ් අහ්හ් මේ මොකද මේ...කලින් එකීව මතක් වෙලාද මෙයා මේ මේවා අහන්නෙ අහ් තිසරු ලම..උබට මන් ලග ඉද්දිත් ඒකි ගැණ සින්දු අහන්නෙ..හහ්..
මන් එයගෙ අතෙ තිබ්බ ෆෝන් එක උදුරල අරගෙන ඉලග සින්දුව ප්ලෙ කරා..ආව මෙතන හිමිකම් නැති ලැම වල් ගැණ කියන්න..තිසරු ලමැද...

'මදි වුනාදෝ
දෙවියන් හට නුඹෙ රුව මවන විටදි කලමනා
ඒ නිසාදෝ
වල ගැසුනු දෙකොපුල් අතරේ රැඳුනේ පෙම් සිනා
මං හිතුවෙම නුඹ ළඟ ඉඳගෙන
ඔය රුව දෙස බලමින් සැනසෙන්නට...'

මොන මගුලක්ද..බූට් සින්දු විතරද මෙයා ගාව තියෙන්නෙ රෙද්ද..මන් ආයෙ next කලා..

'I found a love, for me
Darling, just dive right in and follow my lead
Well, I found a girl, beautiful and sweet
Oh, I never knew you were the someone waiting for me

'Cause we were just kids when we fell in love
Not knowing what it was
I will not give you up this time
But darling, just kiss me slow
Your heart is all I own
And in your eyes, you're holding mine

මෙන්න සින්දු..අහපන් දැන් මේක..ආව මෙතන බූට් ඒවා අහන්න..මන් එයාගෙ අත බදාගෙන උරිස්සට හේත්තු උනා..මගෙ මගෙ කියන්නෙ ඉතින් මටත් අයිතිනෙ...මාව එහාට කරොත් නේ.ආයෙ එන්න නෙමෙයි අල්ලන්න මාව බැබා බබා ගාගෙන..නින්ද ගිහින්ද මන්දා මූට..කිසිම රිඇක්ශන් එකක් නෑනෙ..ඕන මගුලක්..මන් තව ටිකක් අත බදන් එයාට ලන් උනා..තරහ වෙලානෙ අප්පහ්...මන් ආදරැයි මේ මනුස්සයට........ගොඩක්....

මට safety fealing එකක් දැනෙන..අපෙ තාත්තා ගාව දැනෙනව වගෙ..මන් මෙච්චර දවසක් කරෙ අනිත් කෙනාව පරිස්සම් කරන එක..නීති දාපු එක..සැර් අකරපු එක..දැන්..මාව පරිස්සම් කරනවා.සැර කරනව..අනේ මන් ආසයි...නපුරුස්ස්ස් මගෙ..
.
.
.
.
.
.
.

"නැගිටින්න..ඉක්මනට රෙඩි වෙලා එන්න ගිහින..යන්න"

"ම්ම්.."

මට නින්දා ගිහින් තිබ්බාඅ..මන්දන්නෑ එයා ගාව දැනෙන සනීපෙට මට හරි ඉක්මනට නින්ද යනවා හැමදාම...මන් නැගිටලා බලද්දි අපි හිටියෙ අපෙ ගෙදර ඉස්සරහ..නෙහාන් බොසා කලින් බැහැලා ගිහින්ද කොහෙද..උට කොහොමත් හරි අමාරුයි නෙ අපෙ ගෙදර එන්න..මන් තිසරි ලමැදගෙන ඈත් වෙලා බෑග් එකත් අරන් බැස්සා කාර් එකෙන්..මන් නිදාගද්දි හිටියෙ එයාගෙ අතට හේත්තු වෙලා උනත් නැගිටිද්දි නම් හිටියෙ එයාගෙ පපුවට තුරුල් වෙලා..මුට බෑ මාත් එක්ක තරහ වෙන්න...මගෙ සික්ස්ටි ෆො මැජික්ස් ටික දාලා යාලු කරගන්නොඑ..කවිදු තමා මට කියල දුන්නෙ...ඕනම වලියකට පස්සෙ පොඩ්ඩක් ඇලිලා ගැළිලා උම්ම එකක් එහෙම දුන්නම හරිනවලු..ඒත් හරි ගියෙ නැත්තන් පොඩ්ඩක් අඩන්න කිව්ව.එතකොට කොහොමටහ් ගොඩලු..ම්ම් ම්ම්ම්ම්ම්...තව කතා දෙක තුනක් බලන්නොනෙ..සරන්හේඒඒ..

මන් සීයටත් තට්ටුවක් දාගෙන ඉක්මනට වොශ් කරගන්න ගියා.මට ඇහෙනව අරයා සීයා එක්ක කතාවක්.මන් ඉක්මනට වොශ්දාලා ඩෙනිමකුයි ටී එක්කුයි ඇදන් හවසට අදින ඇදුමයි ශූස් දෙකයි ගිෆ්ට් එකයි බැග් එක්කට දාගත්තා..තාත්තා අයන් කරල ගිහින් ඇදුම හොදවෙලාවට..ෆෝන් එකත් ඩේට ඕන් කලා මැසෙජ් ලෝඩ් වෙන්න තියල සාකුවට දාගෙන මන් ආව සාලෙට..සීයට බත් එක බෙදල දෙන්නොනෙ..

"ඔයා කාලද ආවෙ"

"ම්ම්"

මන් ඇදුම් බෑග් එක ඉස්සරහ පුටුවකින් තියල සීයට බත් එක බෙදලා වතුර එකත් එක්ක ගෙනත් දුන්න..

"ඔයා කන්නෙ නැද්ද"

"බඩගිනි නෑ"

"ගිහින් කමු එහෙනම්.."

මට ඕන කෑමක් නැ..කතා කරන්නෙත් නෑ..මන් හිතුවෙ කාමරේට ඇවිත් උම්මා එක වත් දෙයි කියල..රෙද්ද...උම්ම තියා කතා කරන්නෙත් නැ..එපා වෙනව අප්පාආආහ්හ්හ්හ්හ්හ්හ්...අනික එය කවද්ද මන් බස් එකෙ යනවා දැක්කෙ..ආයියො මන්දන්නැ...

මන් බෑග් එකට් අරන් එයාට යන් කියද්දි එයා සීයට වැදලා කාර් එකට ගියා..අමො අමො සිරිමත්.

"මන් යනව සීයෙ ඇ..සුදු අක්කා එයි නෙ තව ටිකකින්."

"හරි හරි..නිපුතෙ මේ පොඩි සොට් එකක් එහෙම හම්බුනොත් අරන් වරෙන් ඈ"

"දෙනවා මන් ශොට්..ඇත්තමයි"

මේ සීයව නම් හදන්න බෑ...මන් එලියෙ තිබ්බ සෙරෙප්පු දෙකත් දාගෙන යද්දි අරයා කාර් එකට නැගලත් තිබ්බා..මත් ඉතින් පාඩුවෙ ගිහින් අනිත් පැත්තෙන් නැගල අයිනට උනා..ඇලෙන්න යන්නොන්නෑ නෙ..අහ්හ් මන් ආස නෑ මෙහෙම......
.
.
.
.
.

හවස හය හත වෙද්දි පාර්ටි එක පටන් ගත්තා...කෙක් කපලා ගිෆිට් දීලා ඔක්කොම ඉවරයි දැන්..නන්ගිගේ කාමරෙ තමා ඕව කරෙ..තිසරු ලමැදයි ආන්ටි අන්කලුයි නෙහාන් අයියත් ඒකෙ ඇඨ්හුලෙ ඉද්දි අපි එලෙඉයෙ ඉදන් බලන් හිටිය..හැමෝටම යන්න බෑනේ..එයගෙ රුම් එක ඉස්සරහ තිබ්බ ගාර්ඩින් එකෙ තමා අපි ඉන්නෙ..එතන පාර්ටි එකට ඇරෙන්ජ් කරල තිබ්බ..අනෙ මන්දා මට හිතෙන්නෙ එයාට කරදරයක්ද කොහෙද මේවා..මාත් එක්ක හවස කතාකර කර හිටියනෙ..එත් ඉතින් ගෙදර අයත් මෙහෙම කරන්නෙ එයාගෙ සතුටටම තමයි....අනෙ මන්ද...මට තේරෙන්නෑ...මට හිතන්නත් බයයි මේ දෙවල්..දුක් හිතෙනව...

තාම නෙහාන් අයියගෙ ගෙදර අයනම් ඇවිත් නැද්ද කොහෙද...අපෙ කල්බ් එකෙ සෙට් එකක් උඩ වැඩ ඒ අස්සෙ..පාර්ටි වගෙ නෙමෙයි ඒව ඉවර කරගන්නත් එපැයි..මායි කවිදුයිත් මෙතන තවත් ඉදලා වැඩක් නෑ වගෙ හින්දා උඩට යන්න ලෑස්ති උනා..තිසරු ලමැදත් කිව්වා යන්න කියල...ඌ කොහොමත් මාව ගෙන්න ගත්තෙ ඔකෙ වැඩට තම..මන් දන්නැද්ද..හහ්..

"අහ් කොහෙ යනව-"

"සොරි සොරි පුතා..මන් දැක්කෙ නෑ"

ආයිශ්..උරිස්ස පැන්නද මන්ද..තඩි බඩෙක් ඇවිත් හැප්පුනා ඇගෙ..සොරි සොරි තම..මන් බොරුවට හිනා වෙලා යන්න යද්දි පොර ආයෙ කතා කරා මට..

"අහ් පුතා ඔයා.."

"අහ් අන්කල් මෙ තිසරු අයියගෙ යාලුවෙක්..අපිට පරක්කු වෙල තියෙන්නෙ අපි යනව..යන් නිකි"

ඒ තඩියයි ඊට එහා පැත්තෙ එක්කනයි එක පාරට මාව දැකල මොකදො වෙලා මූනට මූන බලන් මගෙ මොකක්ද අහන්න ගියා..කොහෙද මේ කවිදුවට කඩි කුලප්පුව නෙ..මූ මාවත් ඇදන් ආවා ඇතුලට.මොන මගුලක්ද මුට උනෙ.

"ඇයි බන්"

"ඔය නාකි එක්ක කතාවට යන්නෙපා බන්..උන මහ හොද නෑ..බිස්නස්මන්ලා නෙ"

"ම්ම් ම්ම්"

මූ කියන එකක් තමයි ඉතින්..අපි ආවෙ අර මෝඩයගෙ කාමරේට.මෙකෙ කවුරුත් නා හොද වෙලාවට..අනිත් කාමර වලද කොහෙද..අරයගෙ ලප් එකද කොහෙද ඇද උඩ දිගෑරල තියනවා..මන් ඇදෙන ඉදගෙන ලප් එක ගත්තා අතට්..ම්ම් ඔව් එයාගෙ තමා...වොල්පේපර් එකෙ හිටියෙ එයයි නන්ගි...මෝඩ තඩියා...කවිදු දාගෙන කොටනව ෆෝන් එකට..විහග අයියා තාම ආවෙ නා..පොරට ක්ලස් ලුනෙ..

බලමු මෙකෙ මොනවද තියෙන්නෙ කියලා...ම්ම්ම්...pictures එකට යමු....ෆැමිලි එපා..වැඩක් නෑ....ෆ්‍රෙන්ඩ් ම්ම් පස්සෙ බලමු....මොකක්ද මේ...හාර්ට් දාලා..

අනේ......අයියෙ.......
.
.
.
.
.
Bunnygirl🌼
.
.
.
හායි හායි....මන් announcement  එකක් දැම්ම කතාව ඕනෙත කියල..ඔයලා ඉතින් මුකුත් කිව්වෙ නැති හින්දා මන් හෙමීට ටයිප් කොරා😪

අපෙ ගෙබිස්ව මතක් උනා මෙක දැක්කම...

ඉක්මනට එන්නම්..ලව් යූ❤️❤️ මොනා හරි කියන් යන්න.....🌝

Continue Reading

You'll Also Like

48.6K 4.6K 85
ආදරයම හොයන පුංචි හිතක්.. නැටුමටම කැපවෙන ඒ හිතට දරාගන්න බැරි තරම් වගකීම් වැඩිවෙනකොට... ඒ අහිංසකයගෙ වගකීම ගන්න අහන්බෙන් ඇවිත් අයිති කරගනෙ තමන්ගෙ අම්ම...
7.3K 796 8
ජිවිතේ ගොඩක් දේවල් බෙදාගත්ත අපිට..... මේ ආදරෙත් බේදාගන්න බැරිවෙන එකක් නැ බන්...... උබට මූ වටිනවා වගේම මටත් මෙකව වටිනවා...... උබ කොච්චරක්ද මූට ආදරේ...
78.9K 6.1K 16
𝗦𝗵𝗲 𝗜𝘀 𝗧𝗼𝗼 𝗗𝗲𝗹𝗶𝗰𝗮𝘁𝗲 𝗙𝗼𝗿 His 𝗗𝗲𝘀𝗶𝗿𝗲 "Fuck, whenever you're in my arms, I feel like I might crush you. You're so delicate," he...
5K 752 31
සප්ත ස්වරයන් අතරේම ඉපදී ජීවත් වී වෙන් වීමටත් මෙන්ම, නැවත එක්විමටත් සමත් වූ තත් අතරින් මැවුණු සංගීතයත් සමගම මුසුව ගලා යන්නා වූ ඔවුන්ගේ ආදර කතා...