මම කැස්බෑවෙක් වූ හැටි..✅

By zara-N1111

17.5K 3.3K 4.2K

Zhan and Yibo ..A close to real life fan fiction 💚❤️ ලස්සනම ලස්සන ආදරයක් ඇස් වලින්ම දුටු සාක්ෂිකාරයෙක් වුන... More

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
47
48
49
50
51
ඔයා කැස්බෑවෙක් වුන හැටි.. ??
52
53
54
55
56 - the end
❤️💚
❤️💚

46

206 47 95
By zara-N1111

වර්තමානය.

රයන්

අපි හිටියේ airport එකට යන ගමන්. දැනටමත් පරක්කුයි. වාහනේ ධාවනය වුනේ වේගයෙන්.

" රයන්.. වාහනේ නවත්වන්න කියන්න.. "
එක පාරටම zhan  කිව්වා ..

" ඇයි බොස් .. මොකද..?? "

කාර්එක එක පාරටම break කලා.

" වාහනේ ආපහු හරවන්න .."

" බොස් , flight එක මිස් වෙයි අපිට "
මම කිව්වෙ ඔර්ලෝසුව දිහා බලමින්..

" කමක් නෑ..වාහනේ හරවන්න .. "

" zhan !!!.."
මම කිව්වෙ නොඉවසිල්ලෙන් .

" වාහනේ ආපහු හරවන්න. මට ටිකක් වෙලාව ඕන .."
Xiao  Zhan ආපහු කියනවා.

මොනවා කරන්නද කියලා නොදැන driver මා දිහා බැලුවා.
Zhan තමන්ගේ තීරණය වෙනස් කරගන්න පාටක් නෑ. කරන්න දෙයක් නෑ.

" කමක් නෑ. බොස් කියන විදිහට කරන්න . "
මම driver ට කිව්වා.

වාහනේ හරවාගෙන ආපහු යනකොට zhan මුකුත් කතා කලේ නෑ. දැන් කොහේටද යන්න ඕන ?

අපි පහුකරමින් හිටියෙ පොඩි lake එකක්. මම හිතන්නෙ Huangpu ගගේ අතු ගංගාවකින් city එක මැද හදපු වැවක්.
Lake එකේ බැම්ම වටේ පහන් කණු සහ ඉදගන්න බංකු තිබුනා.

" වාහනේ නවත්වන්න .."
ආයෙමත් පාරක් වාහනේ break කලා.

" මම මෙතනින් බහිනවා.. මට ටික වෙලාවක් ඕන.."
Zhan එහෙම කිව්වා.

Lake එක අවට පාලුවට ගිහින් . Xiao zhan ගිහින් ඒ බංකුවක වාඩිවුනා. එයාගෙ මාස්ක් , කැප් එහෙම එක්ක අදුන ගන්න අමාරුයි.
Security officers ලා දෙන්නා කොයිකටත් එයා පෙනෙන නොපෙනෙන මානයේ හිටියා.

දැන්නම් කොහොමටත් ඒ flight එකට යන්න වෙන්නෙ නෑ. මම ඒක කැන්සල් කලා. නැත්නම් plane එක take off කරන්න යන වෙලාවට xiao zhan කියලා නම announce කලොත් ඕක news එකක් වේවි. විශේෂයෙන් මේ ෆොටෝ එක out වෙලා තියෙන වෙලාවෙ.

...........

2021 ජනවාරි 11 යිබෝට උනා වගේ. උදේම flight එකේ යන්න හිටියට , කාලෙකින් zhan ව බලන්න ආපු නිසා කොහොම හරි එදා යිබෝ flight එක මිස් කර ගත්තා. ඉතින් එයාගෙ නම announce කරනකොට හැමෝම දැනගත්තා ඒක.

මට තේරෙන්නෙ නෑ zhan ට මොකක් වෙලාද කියලා . අවුල් යනවා තමයි ඒ දෙන්නගෙ ඒ වගේ ෆොටෝ එකක් leak වුනාම.  ඒත් ඉක්මනින් ගියා නම් හොදයිනෙ යිබෝ ලගට..

කරන්න දෙයක් නෑ.  Zhan ට පොඩ්ඩක් ඉන්න දීලා මම එහාට ගියා . ඊලගට තියෙන flight එක තියෙන්නෙ තව පැය 3 කින් පස්සෙ.. කෝකටත් කියලා මම ඒක book කලා. පරක්කු වුනොත් ඒකත් නැතිවෙයි.

.........

ඒ අතරේ මට කෝල් එකක්.  අපේ computer boy . Liu min ගෙන්..

" රයන්.., කොහෙද ඉන්නෙ airport එකේද?? "

"ම්ම් .. නෑ අපිට ඒ flight එක මිස් වුනා .. ඊලග එකේ යන්න වෙන්නෙ . මම ඉන්නෙ city එකේ.. "

Zhan ගෙ අමුතු හැසිරීම ගැන සදහනක් නැතුව මම කිව්වා. 

" එහෙමද?? ..රයන් මම කතාකලේ වැඩක් කියන්න. මම පොඩ්ඩක් red lantern pub එකට ආවා Li ling ට හෙට උදේ අපි යන බව කියන්න.. Wrap party එකට ආවෙ නැති peng yue.. දැන් ටිකකට කලින් මෙහෙට ආවා .."

" එයා අද කලින් ඇවිත් නැද්ද?? දැන්ද ආවේ..?? "
දැන් වෙලාව 11.30 විතර ඇති.

" නෑ දැන් තමයි ආවෙ. එයාගෙ මූණෙ පැත්තක් ඉදිමිලා වගේ .. මොකක් හරි වෙනසක් තියෙනවා.. "

" මූණ පැත්තක් ඉදිමිලා ?? "

" මේක වැඩක් ඇති දෙයක් නොවෙයි මගෙ හිතේ..  එදා රයන් peng yue ගෙ වැඩ ගැන සැකයි කියලා කිව්ව නිසා මම කිව්වෙ.."

" ආ හරි liu min .. "

මම xiao zhan දිහා බැලුවා. එයා තාමත් නලල අතගාමින් ලොකු කල්පනාවක. ඊලග flight එකට තව වෙලාව තියෙනවා පැය 3ක්..
මම google map එකේ බැලුවා. මෙතන ඉදන් red lantern එකට විනාඩි විස්සයි taxi එකක. මට වෙලාව තියෙනවා.

" liu min, ඔය peng yue පබ් එකෙන් යනවද කියලා පොඩ්ඩක් බලන්න . මම දැන්ම එනවා.."

මම security officers ලා දෙන්නට zhan ගැන බලාගන්න පවරලා ඉක්මනින් taxi එකක නැග්ගා.

............❤️💚.......

2022 පෙබරවාරි

Xiao Zhan 

මේ අවුරුද්දෙ chinese new year එක අපි සමරන්නෙ Chongquin වල. කොහොමහරි හැම අවුරුද්දකම වගේ මේ දවස් ටික එකට ගත කරන්න අපි උත්සහ කරනවා.
මේ අවුරුද්දෙ යිබෝගෙ මමා පපා overseas tour එකක් ගිහින් නිසා එයාට Henan ගිහිල්ලත් තේරුමක් නෑ.

අපේ සම්බන්ධය ගැන පවුල් දෙකෙන්ම දැන ගත්තෙ 2020. ඇත්තටම අපි ඒ ගැන ඒ වෙලාවෙ කියන්න plan කරගෙන හිටියෙත් නෑ.
ඒ වුනාට 227 වෙලාවෙ ගෙවල් දෙකටම ඕක ඉව වැටුනා..

ඒ වෙලාවෙ මටත් වඩා upset වෙලා ඉන්න යිබෝව දැකපු එයාගෙ දෙමව්පියන්ට.. ඒ වගේම 227 වෙලාවෙ මට ලොකුම ශක්තිය වෙලා ලග හිටිය යිබෝ දැකපු මගේ මමා පපාට මේ ගැන සැක නොහිතුනා නම් තමයි පුදුම .
ආසියානු දෙමව්පියන් හැටියට කොහොමවත්  ඒක එයාලට බොහොම සතුටුදායක දෙයක් උනේ නෑ.
ඒත් යිබෝගෙ දෙමව්පියන් ඉක්මනින් එයාව තේරුම් ගත්තා.

කොහොම හරි ඒ දවස් වල මම මානසිකව වැටිලා හිටිය හැටිත් එක්ක මගේ අම්මා , තාත්තට මේ සම්බන්ධයට විරුද්ධව මුකුත් කියන්න විදිහක් තිබුනෙ නෑ. හෙමින් නමුත් ඒ දෙන්නා සත්‍යය පිලිගත්තා.. ඒකට මුහුණදුන්නා.
මම වෙනුවෙන් බොබෝවත් පවුලට පිලිගත්තා.
එයාව හොදින් හදුනාගන්න කොට ඒ දෙන්නා යිබෝට ගොඩක් ආදරේ වුනා. දැන් එයාලා බොබෝට සලකන්නේ පවුලේ පොඩි පුතා විදිහටම තමයි.  දැන් නම් මටත් වඩා එයාට තමයි සැලකිල්ල වැඩි.

New year එකට සුබ පතලා තත්පර 13 ක වීඩියෝ එකක් මම පෝස්ට් කලා. මම කිව්වෙ XZ studio එකෙන්.

ඊට පස්සේ designing job එකකුත් තියෙනවනෙ අද
.. මේ 2022 , tiger's year .. ඒකට ගැලපෙන්න මටයි , යිබෝටයි දෙන්නටම artwork දෙකක් design කලා පෝස්ට් කරන්න .

මේ පාර new year festival එකට dinner එක හදන්න මමා එක්ක මාත් හවුල් වුනා.

කලින් මම oasis වල පෝස්ට් කරපු steamed pork dish එක යිබෝ කැමති නිසා තමයි හැදුවේ. එයා පහුගිය දවසක program එකකත් ඒවාට කැමතියි කියලා කියල තිබුනනෙ.

" wow .., cola chicken wings!!  මේක හරිම රසයි මමා.."

" තව දාගන්න පුතා.. ඔයාටමයි හැදුවේ.."

යිබෝ කෑම රසයි කියන කොට තමයි මගේ මමාට වැඩිපුරම සතුටු. අපි කිව්වා වගේ නෙවෙයි පොඩි පුතා රසයි කියන කොට.

ගිය අවුරුද්දේ තිබුන වැඩසටහනක්දි යිබෝගෙන් Host ඇහුවනෙ new year එකට කන්න කැමති කෑම මොනවද කියලා? එයා කිව්වෙ cola chicken wings කියලනෙ. ඒපාර හොස්ට් කිව්වා ඒක ඔයාගෙ hometown dish එකක් නෙවෙයි නේද කියලා ? ඔව් ඉතින්.. එයාගෙ hometown එකේ නෙවෙයි තමයි ඒක..
ඒ වැඩසටහනේම තව segment එකක යිබෝගෙ අම්මලා එයාට හදපු ආසම කෑම මොනවද කියලා ඇහුවම යිබෝ ඔය cola chicken wings ගැන කිව්වෙත්  නෑනෙ.

මේ පාර new year එකට ඉතින් අපි cola chicken wings හැදුවා.

මම chopsticks වලින් කොත්තමල්ලි කොල ටිකක් අරන් බොබෝගෙ පිගානට දැම්මා..

" හොදට කන්න බොබෝ.."

යිබෝ කැමතිම දෙයක් කියලා හැමෝම දන්න කොත්තමල්ලි කොල කෑම මේසෙට එකතු කරන්න මම අමතක කලේ නෑ.

අවුරුදු කෑම මේසෙ ෆොටෝ එකක් weibo දැම්මම හැමෝටම පෙනුනා මේක ගෙදර කෑම වේලක් කියලා , මොකද pot එක මගේ endorsement එකක් වුන zwilling brand එකේනේ. ඒ වගේම යිබෝගෙ favorite කෑම කීපයක් එතන තියෙන බව හැමෝටම පෙනුනා. Chongquin වල සාමාන්‍යයෙන් හදන , එක එක ජාතිවල මිරිස් වැඩිපුර දාන spicy dishes අද හදලා නෑ කියලත් හැමෝටම පේන්න ඇති.

..........❤️💚.........


වර්තමානය.

රයන්

Red lantern එකේ peng yue අද හිටියේ තනියම. Martini වීදුරුවක් බිබී. යාලුවො සෙට් එක නෑ අද.

" peng yue. " මම ලගට ගිහින් කතා කලාම එයා ගනන් ගන්නෙ නැතුව අහක බලා ගත්තා.

Liu min කීව එක හරි. එයාගෙ වම් කම්මුල ටිකක් ඉදිමිලා ..රතු වෙලා.

" peng yue.. මට ටිකක් කතා කරන්න ඕනා.."

" මට කතා කරන්න දෙයක් නෑ. "

මම ඒක අහන්නෙ නැතුව එයා ඉස්සරහ තියෙන පුටුවෙන් වාඩි වුනා.

" මොනව වෙලාද ඔය මූණට? "

" ඒක ඔයාට අදාල නෑනෙ"

" හොදයි.. මම කෙලින්ම කියන්නම්..මම දන්නවා ඔයා සිද්‍ර්ධ වෙච්චි දේවල් එක්ක xiao zhan එක්ක තරහින් ඉන්නෙ. අද වුන දේට ඔයාගෙ සම්බන්ධයක් තියෙනවා නම් ලේසි වෙන එකක් නෑ.."

" මොකක්ද අද උන දේ ??"
ආයෙත් අර ගනන් ගන්නෙ නෑති ටෝන් එක..

" peng yue.., මුලු ඉන්ටර්නෙට් එකම කැලඹිලා තියෙන නිව්ස් එක ඔයා දන්නෙ නෑ කිව්වම මට සැකය වැඩි වෙනවා විතරයි.."

ඇත්තටම peng yue ගෑන සැක කරන්න මට එහෙම සාක්ශියක් මුකුත් නෑ. මේක නිකම් ඉවක්.. gut feeling එකක් විතරයි.

හැබැයි මම එහෙම කිව්වම ඒකි මා දිහා අමුතු බැල්මක් දැම්මා.

" ඉන්ටර්නෙට් එක කලඹපු නිව්ස් එක .?? ඒ wang yiboගෙ ෆොටෝ එකනෙ!! ඇයි ඒකට XZ studio එකේ අය කලබල වෙලා .?? "

" ඔහෝ.. "
ඒ පාර එයා සමච්චල් විදිහට හිනා වුනා..
" ඒ ෆොටෝ එකේ ඉන්න අනික් එක්කෙනා වැරදිලාවත් xiao zhan ද??? "

ඒකට මට උත්තර නැතිවුනා.

" hello .. yue.."
එයාගෙ යාලුවො දෙන්නෙක් බීම වීදුරු අරගෙන ඒ table එකට ඇවිත් වාඩිවුනා.
මම ඉක්මනින් නැගිටලා ගියා.

මොකක්ද ඒ කතාව.
මම මගෙ ෆෝන් එකේ තිබුන ඒ ෆොටෝ එක රහසින් බැලුවා.
ඒ ඇදේ වාඩිවෙලා ඉන්නෙ wang yibo කියලා නම් sure.
එතකොට ඇද ලග හිටගෙන ඉන්නෙ xiao zhan නේද..
ඒ ෆොටෝ එක දිහා බලන කොට මට තේරුනෙ ඒ අනික් එක්කෙනාව කොහොමවත් අදුන ගන්න බැරි බවයි.
Xiao zhan වෙන්න පුළුවන් .. හැබැයි නැති වෙන්නත් පුළුවන් .
එතකොට zhan කාර් එකේදි අමුතු විදිහට හැසුරුනේ ඒකද??
ඒත් එහෙම වෙන්නෙ කොහොමද??

මම වෙලා ගන්නෙ නැතුව ඉක්මනින් taxi එකේ නැගලා ආපහු පිටත් වුනා.

...........❤️💚.....

2018 ජූලි

Xiao Zhan

අද ජූලි 8 වෙනිදා. යිබෝ රූගත කිරීම් වලට ආවට එයා ඉන්නෙ අසනීපෙන්. හොදටම කැස්ස , හෙම්බිරිස්සාව හැදිලා.
ඊයෙ රෑ එයාට නින්ද ගියේම නෑ.

ගොඩක් රස්නෙ උනත් මම AC එක off කරලා , fan එක සෑහෙන්න අඩු කරලා තිබුනේ .

" zhan ge කමක් නෑ .. AC on කරන්න .. ඔයාට රස්නෙයිනේ.."

" කමක් නෑ..බොබෝ ඔයාට තවත්  කැස්ස වැඩිවේවි."
මම කිව්වෙ එයාගෙ පිට අතගාන ගමන්.
" ඔයාට උණු වතුර ටිකක් දෙන්නද? "

" එපා zhan ge. දැන් අඩුයි. මගෙන් ඈත් වෙලා ඉන්න .ඔයාටත් බෝවෙයි"

ඒකට උත්තරය විදිහට මම එයාට තව ටිකක් ලංවෙලා පිට අතගෑවා.

.............

ඉතින් අද shooting වලට ආපු වෙලාවෙ ඉදන් එයාට කැස්ස.. ලොකු අසනීපයක් නොවුනට එයා අමාරුවෙන් ඉන්නෙ. එයාගෙ අසනීපය ගැන අපි කතා කරන ඒවා කාට හරි ඇහුනොත් අපි නිදාගත්තෙ එක කාමරේ කියලා නම් තේරෙනවා. ඒත් ඒක අපි ඒ වෙලාවෙ එච්චර ගණන් ගත්තෙ නෑ.

එදා හවස පොඩි interview එකක් තිබුනා. TU promotion interview එකක් ..මම wei wuxian ගෙ costume එකෙන් ඉදිද්දිම .
Wei wuxian ඉතින් මැජික් දන්න නිසා Host මට කිව්වා එයාට රෑට නින්ද යන්නෙ නැති නිසා ඒකට ප්‍රතිකාරයක් විදිහට talisman එකක් ඇදල දෙන්න කියලා .

මට ඒ වෙලාවෙ මතක් වුනේ යිබෝව. .. Talisman එකක් තිබුනා නම් එයාව ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න.

" මේක ඔයාව ඔක්කොම ලෙඩරෝග වලින් වලක්වන්න ඕන ප්‍රතිශක්තිය දෙයි. "
මම ඇන්ද talisman එක කැමරාවට පෙන්නලා කිව්වා. Host නම් ඉල්ලුවෙ insomnia වලට ප්‍රතිකාරයක්..

ඉතින් මම ඇන්දෙ හාවෙක්ව.. Lan forehead ribbon එකත් එක්ක හාවෙක්..!!

.........❤️💚...........

වර්තමානය.

Xiao  zhan

city Lake එක ඉස්සරහ තියෙන පහන් කනුව යට බංකුවේ මම වාඩිවෙලා හිටියේ..
ලයිට් එලි දිලිසෙන කලු පාට ජල තලයට මගේ සිතුවිලි සන්සුන් කරන්න පුළුවන් කමක් තිබුනෙ නෑ.
මොකක්ද මේ වුනේ දෙවියනේ ..
මට යිබෝව පැහැදිලි නැති රූපෙක උනත් හොදට අදුනාගන්න පුළුවන් ..
ඒ වගේම ඒ අනික් එක්කෙනා මම නෙවෙයි කියලත් මට සියයට සීයක් ශුවර්..
එක එක කෝල්ස් එයි කියලා මම phone එකත් ඕෆ් කරගත්තා. නැත්නම් flight එක මිස් වුනේ ඇයි කියලා මැනේජර් wu chang කෝල් කරනවා.

දෙවියනේ .  දෙවියනේ..
මේ මොකක්ද වුනේ..
මම දැන් මොකද කරන්නේ..
බොබෝ මට එහෙම දෙයක් කරයිද?? එයාට පුළුවන්ද මට එහෙම දෙයක් කරන්න ..
මේක වෙන්න පුළුවන් දෙයක්ද..

නොදැනීම මගේ ඇස් වලින් කදුලු ගලා ගෙන ගියා..
මට හිතුනෙ ලෝකෙම හිස් වෙලා කියලා..
මේක දරාගන්න බැරි වේදනාවක් .. ඇත්තටම පිහිතුඩකින් හදවත හූරනවා වගේ වේදනාවක්. !

කවුරුවත් අවට පේන්න නෑ. පෙනෙන නොපෙනෙන දුරින් ඉන්නෙ මගේ ආරක්ෂක නිලධාරින් දෙන්නා.
මම කදුලු වලට නිදහසේ ගලා ගෙන යන්න දුන්නාම මටත් නොදැනී ඉකිබිදීමක් මගේ මුවින් පිටවුනා..
බොබෝ.. මගේ බොබෝ.. ඔයා මට එහෙම කලාද??
අනේ අපි කොච්චර ආදරෙන්ද හිටියේ ??
ඔයා මට cheat කලාද? ඔයා මට ද්‍රෝහි වුනාද?
ඇයි ඔයා මට මෙහෙම වේදනාවක් දුන්නෙ බොබෝ..???
මම ඔයාව කවදාවත් මෙහෙම රිදවලා නෑ.!!

ඒත්..
මට දෙයක් මතක් වුනා..
ටිකක් මේ හා සමානව යිබෝගෙ හිත රිදුනු වෙලාවක්..

ඒ 2019-11-06..
මම oath of love shooting . 
එදා ෆොටෝ සෙට් එකක්ම release උනා internet එකට . Polaroid ෆොටෝස්. මගෙයි , yang zi ගෙයි. ඒවා බැලුවම අපි දෙන්නා ගොඩක් සමීපයි කියලයි පේන්නෙ.  එතන මම එයාගෙ මුහුණ සිපගන්න ෆොටෝ එකකුත් තියෙනවනෙ.

ඒ ෆොටෝ දැකලා යිබෝගෙ හිත සෑහෙන්න රිදුනා. ඒක සාධාරණයි තමයි ..
හැබැයි ඇත්තටම ඒවා drama එකේ props ටිකක්.. ඩ්‍රාමා එකේ තියෙනවනෙ අපි දෙන්නා polaroid කැමරා එකකින් එහෙම ෆොටෝ ගන්න සීන් එකක්.
ඇත්තටම කවුරු ඒක එලියට දැම්මද මන්දා..

11-06 වෙනිදා OOL filming වල අවසාන දවස. එදා yang zi ගෙ උපන්දිනේට surprise party එකකුත් ලෑස්ති කරලා තිබුනේ crew එකේ ඔක්කොම ඇවිත් . ඒත් මම හිටියෙ හොදටම distract වෙලා. ෆෝන් එක අතේ තියන් හැම තිස්සෙම text කරමින්..  යිබෝට වෙච්චි දේ පැහැදිලි කරන ගමන්.

ඒ වෙනකොටත් මගෙ luggage ඔක්කොම ලෑස්ති කරලා මම පිටත් වෙලා යන්න ලෑස්ති වෙලා හිටියේ . එදා රෑ තිබුනු wrap party එකටවත් ඉන්නෙ නැතුව..
ඊලග දවසෙ OOL ශූටින් අවසාන වුන එකට පෝස්ට් එකක් දැම්මා .


හැබැයි යිබෝ ඉක්මනින්ම තේරුම් ගත්තා.. ඒවා ඇත්ත නෙවෙයි කියලා .
ඒ ෆොටෝ දැකපු ගමන් ඔලුවට එන අදහස වැරදියි කියලා එයා තේරුම් ගත්තා..

..........

ඒ අතීත කතාව මතක් වුනාම මටත් හෙනයක් ගැහුවා වගේ ඒක ඔලුවට ආවා.
මේ ෆොටෝත් දැක්ක ගමන්ම ඔලුවට එන අදහස වැරදි වෙන්න පුළුවන් .
මේවා ඇත්ත නොවෙන්න පුළුවන්  ..
පුළුවන් නෙවෙයි මේවා ඇත්ත වෙන්න බෑ..
අනේ මම කොයිතරම් මෝඩයෙක්ද..
අනිවාර්යයෙන් මේකට වෙන explanation එකක් තියෙන්නම ඕන ..

.....

මේ පහුගිය දවස් වල මගෙයි dilraba ගෙයි ෆොටෝ වෙබ් එකේ ගිය වෙලාව මට මතක් වුනා. ඒ වෙලාවෙ මොකක්ද උනේ කියලා මම විස්තර කරන්නත් කලින් එයා මාව විශ්වාස කරලා හිටියේ..

එදා ඒ dilraba ගෙයි මගෙයි gossip එක දැකලා එයා අවුල් වේවි කියලා හිතලා මම henan වලට දුවලා ගිය දවස.. එදා මම කොච්චර tension එකකින්ද හිටියේ . එයා මාව විශ්වාස කරන බව කිව්වම මට මොන තරම් සැනසීමක්ද දැනුනෙ..

එදා henan වල මහගෙදර එයාගෙ කාමරේ..මුලු රෑම අපි ආදරේ කලාට පස්සේ මම කියපු දේ මට මතක් වුනා..

" බොබෝ.. ඔයාට ගොඩක් ස්තූතියි පැටියෝ.."

ඒ පාර මා දිහා ප්‍රශ්නාර්ථයක් එක්ක බැලුවෙ එයා.

" මොකද උනේ කියලා දැන ගන්නත් කලින්ම ඔයා මාව විශ්වාස කලා."

" අපේ industry එකේ හැටි අපි දෙන්නම දන්නවනෙ zhan ge. මේක හෙට මට වෙන්න පුළුවන් . එතකොට ඔයා මාව විශ්වාස කරන්න .. එච්චරයි "

" අනිවාර්යයෙන් . අපි දෙන්නට අපි දෙන්නා ඉන්නවනෙ .. ඒ ඇති ."
මම එයාව සිපගත්තා.

.....❤️💚

දෙවියනේ මම මොන මෝඩයෙක් වගේද හැසිරිලා තියෙන්නෙ.. මේ වෙලාවෙ එයා කොයිතරම් වේදනාවකින්ද ඉන්නවා ඇත්තෙ..
Lele අන්තිමට කියපු දේත් මට මතක් වුනා..
යිබෝ ගොඩක් අවුලෙන් ඉන්නෙ. .එයාට මේ මොකක් උනාද කියලා හිතාගන්න බැරි බවත්.. කිව්වා. අන්තිමට lele කිව්වෙ එයාව විශ්වාස කරන්න කියලා  ..

අයියෝ. මම මහ මෝඩයෙක්.. Flight එකත් මිස් කර ගත්තා.. මට දැන් ඕනා පුළුවන් ඉක්මනින් beijin වලට දුවන්න . මගෙ බොබෝව මගේ අත් දෙකට ගන්න .
මට එයාව විශ්වාසයි කියලා කියන්න..

මට ඉක්මනින් එයා ලගට යන්න ඕනා ..
මේ දැන්ම..

...........❤️💚........

වර්තමානය.

රයන්

මම taxi එකෙන් බැහැලා lake එක ලග xiao zhan වාඩි වෙලා ඉන්න bench එක ලගට දුවගෙන ගියා.
එතකොටම xiao zhan එතනින් නැගිට්ටා.

" බොස්.. ඒ.. ඒ ෆොටෝ එකේ හිටියේ ඔයාලා දෙන්නමද??"

Zhan පොඩ්ඩක් කල්පනා කලා.

" ඒ ෆොටෝ එකේ හිටියේ මම නෙවෙයි රයන්.."

හරි.  ඒක තමයි zhan ටිකකට කලින් shock වෙලා වගේ හැසිරුනේ. .

" ඒත් .. ඒක කීයටවත් වෙන්න බෑ බොස් . එහෙනම් ඒ ෆොටෝ එක බොරුවක්..!! "

Zhan ඒකට හිනාවුනා. සැහැල්ලු හිනාවක්.

" ඒක හරි රයන්. ඒ ෆොටෝ එකේ යිබෝ එක්ක ඉන්නෙ මම නෙවෙයි නම් ඒ ෆොටෝ එක ඇත්ත වෙන්න බෑ.."

" ඒක හරි .  අපි මේකෙ අගමුල හොයාගමු. "

" ඔක්කොටම කලින් මට beijin යන්න ඕන.  එයා ලගට. රයන් ඉක්මනට flight එකක් book කරන්න   "

" මම ඒ වෙලාවෙම ඊලග flight එක book කලා බොස්."
මම වෙලාව බැලුවා ..
" තව පැය එකයි විනාඩි 45 ක් තියෙනවා.  ඉක්මනට යමු.."

" නියමයි.. Thank you රයන්. "

Zhan එයාගෙ ෆෝන් එක ඔන් කරලා කෝල් එකක් ගත්තා.

" යිබෝගෙ ෆෝන් එක තාම වැඩ නෑ.  අනේ..එයා ගොඩක් අවුලෙන් ඇත්තෙ." ..
Zhan මා දිහා බැලුවා
" රයන්.. ඔයාට කෝල්ස් ආවද? මගෙ ෆෝන් එක ඕෆ් කරලා තිබුනෙ.."

" මට wu chang , ඒ වගේම lele කෝල් කලා. බොස්ගෙ ගෝන් එක වැඩ නැති නිසා තමයි මට ගත්තේ. Flight එකට වෙලාවට යන්න පුළුවන් වුනාද අහන්න ..."

" ඉතින්.. " zhan ටිකක් පැකිලුනා..
" ඉතින් ඔයා මොකද කිව්වෙ..?? "

" මම කිව්වා car එකේ පොඩි breakdown එකක් නිසා අපි පොඩ්ඩක් පරක්කු වුනා. ඊලග flight එකේ යනවා කියලා . .."

Zhan එහෙම හොදයි කියන්න වගේ හිස වැනුවා.
මට එයාව තේරුම් ගන්න පුළුවන් .
කොයිතරම් ආදරේ උනත් , කොයිතරම් විශ්වාස වුනත් ඔයා ආදරේ කරන එක්කෙනා වෙන කෙනෙක් එක්ක ඉන්න intimate ෆොටෝ එකක් දැක්ක ගමන් කලබල වෙන්නෙ නැතුව ඉන්න පුළුවන්ද??

අපි වාහනේ දිහාවට ඇවිදගෙන ගියා.

" රයන්..."
Zhan ගෙ හඩ ඇසෙන නෑහෙන තරම් උනා..

" මට ඔයාගෙන් ලොකුම ලොකු උදව්වක් ඕනා..
ඔයාට කාටවත් නොකියා ඉන්න පුළුවන්ද මම .. මම..ටික වෙලාවක් තනියම ඉන්න ඕන කියලා වාහනේ හරවාගෙන ආපු එක..??  අනික .. අනික.. කොහොමවත්  .. යිබෝට ඒක කියන්නෙ නැතුව ඉන්න පුළුවන්ද?? "

Zhan ගෙ කටහඩ ගොඩක් හැගීම්බර වුනා..

" එයාට ඉවසන්න බැරිවෙයි මම මොහොතකටවත් එයා ගැන වරදවා හිතුවා කියලා දැනුනොත්..."

" බයවෙන්න එපා බොස්... ඒක කවුරුත් දැනගන්නෙ නෑ..මම lele ටත් කිව්වෙ වාහනේ breakdown එකක්.. බොස්ගෙ ෆෝන් එකත් ඕෆ් වෙලා කියලා.."

Zhan මාව වැලදගත්තා..

" ගොඩක් ස්තූතියි රයන් .. "
එයා කිව්වෙ ලොකු සැනසීමකින් වගේ..

" හොදයි .  අපි දැන් යමු.. "

දැන්මම පිටත් වුනොත් flight එක වෙලාවට airport එකට යන්න පුළුවන් වේවි.

.....  ......❤️💚..........

To be continued......

කතාව කියවන ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි.
ගොඩක් ආදරෙයි..

Continue Reading

You'll Also Like

467K 31.6K 47
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...
1.1M 37.9K 63
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...
328K 14.6K 24
The second he awakens, Wei Wuxian realises that he has been sent to the past, but at what cost? How will he prevent the Sunshot Campaign and make sur...
1.1K 128 10
" දෛවය සමහර මිනිස්සුව මුනගස්සනවා හැමදාටම නෙවෙයි - හමුවෙලා වෙන්වෙන්න!" 🤍🌻 ''ඉතිං පැතුමක් පතමි එ හදවත් එකතු වේවා කියලා!''💚❤️