විනාඩි දෙකක් විතර යන කොට තුහිනගෙ පිටිපස්සෙන් අවදි උණේ කාලෙකට කලින් තමන්ට සුපුරුදුව තිබ්බ පිරිමි කටහඩක් .
" තුහින !"
තුහින : ඔයා ....? ආහ් යුගාන් අයියා . දැක්ක කල්.... අදුන ගන්නත් බැරි උණා මට .
යුගාන් : උඹට මතක තිබිලා නේද මාව ? කොහොමද බං ජීවිතේ ? ශධිලුත් හොදින් නේද ?
තුහින : යුනිවසිටි යන ගමන් වැඩ ටිකත් බැලන්ස් එකේ කරගෙන යනවා අයියෙ . ඔව් ඔව් ශෙවෝනුත් හොදින් ඉන්නවා .
යුගාන් : ම්ම්.... මං බලං ඉදියෙ . උඹ හරි සතුටින් නේද අද ?
තුහින : හ්ම්.... ඔව් අයියෙ . අන්තිමට මං ඒක කළා කියලා දැනෙද්දි හරි සතුටක් දැනෙනවා . ඒක නෙවෙයි අයියා ගොඩක් වෙලා බලං ඉදියද ?
යුගාන් : ම්ම්... උඹ ශධිල් එක්ක මෙතනට එනකොටම වගෙයි මං දැක්කෙ .
තුහින : ඉතින් අයියට එන්න තිබ්බනෙ කතා කරන්න . ඇයි නාවෙ... ?
යුගාන් : මං කොහොමද බං ඌ ඉස්සරහට එන්නෙ ? නිකං හරි මං ආවානම් ඒ නිසා මෙච්චර ලස්සනට වෙන්න තිබ්බ දේ එහෙම්මම විනාස වෙන්න තිබ්බා .
තුහින : ඌ එහෙම කරන එකක් නෑ බං අයියෙ . උඹ දන්නවනෙ ඌ ඒ කාලෙත් උඹව ප්‍රතික්ෂේප කළේ කිසි කහටක් හිතේ තියාගෙන නෙවෙයි කියලා....
යුගාන් : දැන් අවුරුදු ගාණක් ගෙවිලා ගිහින් තුහින !
තුහින : ඒක මං දන්නවා අයියෙ . ඒත් මං දන්නවා උඹ තාම මග බලං ඉන්නෙ කියලා . උඹ දිහා බැලුවම ඒක කියන්න පුළුවන් .
යුගාන් : මට හිත හදාගන්න බෑ බං . ඌව දැක්කත් නොදැක්කත් ඒ රූපෙ කවදාවත් අමතක කරන්න අමාරුයි .
තුහින : ඒක ඇත්ත . යුගාන් අයියා දැන් ඉන්නෙ කොහෙද ? කොළඹද නැවතිලා ඉන්නෙ ?
යුගාන් : ම්ම්.... මං මෙහෙ ඉන්නෙ තුහින . තව අවුරුද්දකින් දෙකකින් රට යනවා .
තුහින : හ්ම්.... යන්න කලින්වත් ශෙවෝන් ට ආපහු සැරයක් කියලා බලන්න අයියෙ .
යුගාන් : ඌ ආපහු එදා වගේ හැසිරුණොත් මේ පාර නම් මට දරාගන්න බැරි වෙයි තුහින ! ඉතින් ආපහු ප්‍රශ්න ඕන නෑ .
තුහින : උඹ දන්නවනෙ බං . ඌ එදා එහෙම හැසිරුණේ මොකක් හරි වෙන හේතුවක් මත කියලා . මටත් පුදුමයි ඒ හැසිරීම ගැන .
යුගාන් : සමහර විට ශධිල් ගෙ හිතේ වෙන කවුරු හරි ඇති බං.
තුහින : මං හිතන්නෑ යුගාන් අයියෙ. ඌ එහෙනම් මට ඒක නොකියා ඉන්නෙ නෑ . මට විශ්වාසයි .
යුගාන් : ඒක නෙවේ උඹ කොහෙද බං දැන් ඉන්නෙ ?
තුහින : අපි කොළඹට පොඩ්ඩක් මෙහයින් ඉන්නෙ අයියෙ .
යුගාන් : අපි කිව්වෙ ?
තුහින : අහ් මමයි ආධිලුයි ශෙවෝනුයි .
යුගාන් : එකටද උඹලා ඉන්නෙ ?
තුහින : අනේ නෑ . වෙන වෙනම ඉන්නෙ . ශෙවෝන් නම්
ඉන්නෙ ටිකක් එහාට වෙන්න පන්නිපිටිය පැත්‍තෙ උන්ගෙ ගෙදරක .
යුගාන් : ඒක නෙවෙයි බං . මං මේ ආවෙ යාළුවෙක් හම්බ වෙන්න . දැන් ඌ ඇවිල්ලත් ඇති . මං දැන් ගිහින් එන්නම් එහෙනම් . මේ මගේ කාඩ් එක . මට කෝල් එකක් දීපන්....
තුහින : හරි අයියෙ.... ගෙදර දිහා ඇවිත් යන්න වරෙන් ඈ....
යුන්හි : අනිවා !
තුහිනගෙ පිටටත් එකක් ගහපු යුගාන් එතනින් ඇවිදගෙන යන්න ගියා . යුගාන් ඇදලා හිටියෙ බ්ලැක් කලර් ශෝට් එකකට ක්‍රීම් පාට ටී ශර්ට් එකක් . ඒක හරි අහඹු මුණ ගැහීමක් වගේ තුජිනට හිතුණෙ . ඒත් එයාගෙ හිත කිව්වෙම ඒකට කොහේ හරිම හේතුවක් ඇති කියලා . තුහින ෆෝන් එකක් ගත්තෙ යුනිවසිටි එන්න දවස් දෙකකට විතර කළින් . ඒ නිසාම යුගාන්ගෙන් නම්බර් එක ඉල්ල ගන්නවත් හොයා ගන්නවත් තරම් කාලයක් තුහිනට තිබ්බෙ නෑ . තුහින ඈත යන යුගාන් දිහා අත් දෙකත් බැදගෙන බලං හිටියෙ හිතට හරි අමුතු හැගීමක් දැනෙන කොට .
ආධිල් : තුහින ! කවුද ඒ ?
තුහින : ගමේ අයියා කෙනෙක් බං . යුගාන් කියලා . ඒක දිග කතාවක් . මං ආධිල්ට පස්සෙ කියන්නම් .
ආධිල් : හ්ම් හරි එහෙනම් ... ඒක නෙවෙයි ඒක හරි ලස්සනයි .
ආධිල් කිව්වෙ තමන්ගෙ අතේ තිබ්බ මුද්ද දිහා හරිම ආදරණීය විදියට බලාගෙන .
නිරාශා : මේ තුහින ! කවුද අර උඹත් එක්ක රිසෝට් එකේදි කතා කරපු කොල්ලා ? අර සුදු උස එක්කෙනා . ආධිල් එතනට ආවෙත් එවෙළෙ මං හිතන්නෙ .
ශෙවෝන් ඩ්‍රයිව් කරන කොට ඉස්සරහා පැසෙන්ජර් ශීට් එකේ ඉදපු නිරාශා පිටිපස්සෙ ශීට් එකේ ඉදගෙන එන තුහින දිහාට හැරිලා ඇහුවෙ ආධිලුත් කට ඇරං ඒකට උත්තරයක් අහ ගන්න තුහින දිහාට හැරෙන කොට .
තුහින : අහ්... මේ ගෙවල් පැත්තෙ අයියා කෙනෙක් බං .
ශෙවෝන් : කවුද බං . ආධිලුත් එවෙලෙ එතනට ගියා නම් උඹ දැක්කෙ නැද්ද බං ? අනික කවුද මං නොදන්න ගෙවල් පැත්තෙ අයියා ?
ආධිල් : ආ.... මතකයි මට !
ශෙවෝන් : කවුද ?
ආධිල් : මොකද කොනිත්තන්නෙ ? එන්න එපා ඔව්වටනම් හරිත . ඉදපන් උගෙ නම මොකක් කියලද කිව්වෙ උඹ ? යුදාන්..... ආ හරි හරි යුගාන් . ඔව් ඔව් යුගාන් කියලා කිව්වෙ .
තුහින ආධිල්ට මරං කන සයිස් බැල්මක් දාලා ඉස්සරහා මිරර් එකෙන් ශෙවෝන් දිහා බලන කොට උගෙ මූණෙ මෙච්චර වෙලා තිබ්බ හිනාව නැතිම වෙලා ගියා . තුහිනට පුළුවන් කමක් තිබ්බෙ නෑ ආධිල්ට ඒක නොකියා ඉන්න කියලා කටින් කියන්න . කෙනිත්තුවෙත් ඒ නිසා . කොහෙද වක්කඩ ඇරියම වතුර නවත්තන්න බෑ වගේ කියලා දැම්මනෙ බූරු පුතා .
නිරාශා : මොකද උඹලා සද්ද වැහුවෙ ?
ආධිල් : කවුද ඒ යුගාන් ? කියන්නකො තුහින !
තුහින : ආ.... පස්සෙ කියන්නම් බං . දැන් ටිකක් නිදිමතයි මට .
නිරාශා :නේ උඹේ නින්ද ගහගනිම් කොහෙ හරි . ශෙවෝන් උඹවත් කියහන්කො බං...
ශෙවෝන් : අහ්... ම්..මොනාද නිරාශා ?
නිරාශා : කවුද යුගාන් අයියා කියන්නෙ ?
ශෙවෝන් : ම්ම්ම්... මං දන්නෑ නිරාශා . මං හිතන්නෙ..
ආධිල් : උඹලා දෙන්නා නොකියන දෙයක් තියෙනවා නේ ? හරි හරි කමක් නෑ . දැක්කනෙ නිරාශා . අපිට තමා ඔක්කොම වෙනස්කම් මුන්ගෙ...
නිරාශා : ඒක තමයි බොම්ක . ඔන්න ඔහේ ඒවා පැත්තකට දාලා මේ මයියොක්කා පෙම්තක් හපාම් බං .
අතේ තිබ්බ කසාවා චිප්ස් පැකට් එක ආධිල්ට දීපු නිරාශා කිව්වෙ මූණත් ඇද වෙච්ච වළදක් වගේ කරගෙන .
තවත් පැයක් විතර යන කොට නිරාශාවත් ගෙදරින් ඇරලලා තුන් දෙනා කෙලින්ම ආවෙ ආධිල්ගෙ ගෙදරට . ඒ අතරෙ කිසි කතා බහක් තිබ්බෙ නෑ . ආධිලුත් එච්චර වෙලා ඉදියෙ නිදා ගෙන . අනිත් කටර් එකත් බැහැලා ගිය නිසා එතන මහ කතා බහක් තිබ්බෙ නෑ . ගෙදර ගාවට ආවට පස්සෙ ආධිල්ටත් ඇහැරවලා තුහිනත් ආධිල් එක්කම බැස්සෙ ආධිල්ට සමු දෙන්න .
ආධිල් : මං යනවා එහෙනම්... පරිස්සමින් යන්න .
තුහින : හ්ම්... මං කෝල් එකක් දෙන්නම් ගිහින් .
ආධිල් : දන්නවද තුහින.... දරා ගන්න අමාරුම දේ මොකද්ද කියලා .
තුහින : මොකද්ද ?
ආධිල් : දවසම එකට ඉදලා , ගිහින් එන්නම් කියලා කියන කොට ඈත් වෙලා යන එක දරාගන්න හරි අමාරුයි නේද ?
තුහින : හිතන්නෙපා ආධිල් . අපි හෙට හම්බෙනවනෙ... ම්ම් ? ගුඩ්නයිට් එහෙනම් . ගෙට යන්න දැන්....
ආධිල් : ගුඩ් නයිට්...
ආධිලුත් ගෙට යන කොට තුහින ඇවිල්ලා කාර් එකේ පැසෙන්ජර් ශීට් එකෙන් ඉද ගත්තා .
ශෙවෝන් : උඹ බයික් එක ගන්නවද මේ ගමන්ම ?
තුහින : ඔව් බං... ඒක ලේසී . මේ මහන්සිය පිටම බයික් එකත් උඹලගෙ දිහායින් අරගෙනම යන්නම්...
ශෙවෝන් : ම්ම්... තේව් අයියව හම්බුණාද ?
තුහින : ම්ම්... ඔව් බං . සොරි ඒක මං උඹට නොකියා ඉන්න හැදුවෙ . උඹ අප්සට් ගහයි කියලා .
ශෙවෝන් : එහෙම නෑ බං .
තුහින : අනේ මේ ශෙවෝන් . උඹ එනවනෙ මේ මට කොළේ වහන්න , නිකං බොරු නොකියා ඉදහං බං .
ශෙවෝන් : මොනාද කියන්නෙ ?
තුහින : එහෙම විශේශයක් නෑ බං . බලන්නෙපෑ දැන් අයියගෙ ලස්සන . උස බලහං.... අම්බේ ශුවර් එකට ලක්ශ ගාණක සැලරියක් ගන්නවා ඇති...
ශෙවෝන් : හහ්... බොරු කියලනෙ බං ඉතින් .
තුහින : අනේ මේ ශෙවෝන්... උඹ දන්නවා යුගාන් අයියා ගැන . ඌ ඒ වගේ කේස් බාරගන්නෙත් නෑ කියලා උඹ දන්නවනෙ . අනික බං උඹ හිතහං මොන ලෝයද සීයට සීයක් ඇත්තම කියන්නෙ...?
ශෙවෝන් : ඒකනෙ ඒ කියන්නෙ හැම ලෝයර් කාරයම කියන්නෙ බොරු !
තුහින : අනේ මේ බං. උඹ ඕන මගුලක් හිතා ගනිම් . උඹට තිබ්බා අඩු ගානෙ යුගාන් අයියා හොදින් හිටියද කියලවත් මගෙන් අහන්න .
ශෙවෝන් : උඹමනෙ දැන් කිව්වෙ තේව් අයියා ලක්ශ ගාණක සැලරි එකක් ගන්නවා කියලා . ඉතින් බං ඌ හොදින් වෙන්න එපැයි.
තුහින : උඹ එහෙම හිතං ඉදපන් . ඒත් ශෙවෝන් උඹේ පැත්තෙන් වගේම අනිත් මිනිස්සුන්ගෙ පැත්තෙනුත් බලන්න පුරුදු වෙයං .
ශෙවෝන් : මංදා බං . දැන් මේ කතාව ඇති .
තුහින : හ්ම්... ඇත්තටම බං මේ හැමදේටම ගොඩක් තෑන්ක්ස් ආහ් . උඹ නොහිටින්න අදත් මං හිත හිත ඉන්නෙ ආධිල්ට මේ දේ කියන්නෙ කොහොමද කියලා .
ශෙවෝන් : හිතන්නෙපා බං . ඕවා මොනාද . අනික දැන් හැමදේම හොදම විදියට සිද්ධ වෙලානෙ තුහින .
තුහින : දන්නවද බං . ඇත්තටම යාළුවෙක් කියන්නෙ උඹ වගේ එකෙක්ට .
ශෙවෝන් : අනේ බං ඔය වර්ණනාව ඇති බං . ලැජ්ජයිත් එක්ක .
තුහින : බලපන්කො මුගෙ මල සමයං .
ශෙවෝන්ටත් සමු දුන්න තුහින ගෙදර එද්දි වෙලාව පාන්දර එකටත් කිට්ටු කරලා තිබ්බා . ආධිල්ටත් කෝල් එකක් දාපු තුහින වොශ් දාගෙන ඇවිල්ලා ඇදේ මුණුන් අතට පෙරළිලා වැළමිටක් අරං නළල උඩින් තියා ගත්තා .
තුහින හිටියෙ සතුටින් . කොහොම කියන්නද කියලවත් හිතා ගන්න බැරි තරම් සතුටක . ඒ වගේම ආධිලුත් හිටියෙ නින්දෙන් ගොඩක් දුර . මං හිතන්නෙ ඒකට හේතුව ඒ හිත් වල තිබ්බ ලොකු සතුටම වෙන්න ඕන . ඒත් ශෙවෝන් ? ශෙවෝන්ගෙ නින්ද තිබ්බෙත් ගොඩක් ඈතක . ඒත් ඒකට හේතුව සතුට නෙවෙයි . ශෙවෝන් ඉදියෙ මොකද්දෝ අමුතු හැගීම් ගොඩක හිරවෙලා . එයාට හිතා ගන්න බැරි උණේ ඒකට හේතුව තේව්ද කියන එක . නෑ ඒකට හේතුව තේව් විතරක්ම නෙවෙන්න පුළුවන් . මොකද ශෙවෝන් දැනන් උන්නා මේ දවස් කීපය පුරාවට තමන්ගෙ වටේ සිද්ධ උණේම හිත බිදෙන සිදුවීම් කියලා .
දේවල් සිද්ධ වෙන විදිහ දිහා බලනකොට තමයි තේරෙන්නෙ ඒ දේවල් හරිම පැටලිලි සහගතයි . තුහින වගේම ආධිල්ටත් හිතේ තිබ්බ සතුට නිසා නින්ද ලං නොවෙන කොට ශෙවෝන්ට නින්ද ලං නොවුනෙ හිතේ තිබ්බ අමුතුම නොසන්සුන්කම නිසා .....
____________________________
ඔයාලට හිතෙන්නෙ කෝමද කතාව ගැන ?
කට්ටියම හොදින් ඉන්නවා නේද ?
ඔන්න දවසක් ඇර දවසක් අප්ඩේට් දීගෙන යන්නෙ මං . පොරොන්දු කඩ කරම්නෙ නෑ . බායි එහෙනම් 🤪
සරන්හේ 🤎