NIRNAMIKA | සිංහල | (Anonymou...

BTS_taesite_

3.6K 720 232

~තුහින හරි පරණ තාලෙ වයිබ් එකේ මනුස්සයෙක් . ඒ නිසාමද කොහෙද ආධිල් හැම තැනදිම හැම මොහොතකදිම හැම තප්පරයකම තුහිනව... Еще

"නිර්නාමික-01"
"නිර්නාමික-2"
"නිර්නාමික-3"
"නිර්නාමික-4"
"නිර්නාමික-5"
"නිර්නාමික-6"
"නිර්නාමික-7"
"නිර්නාමික-"8
"නිර්නාමික-9"
"නිර්නාමික-10"
"නිර්නාමික-11"
"නිර්නාමික-12"
"නිර්නාමික-13"
"නිර්නාමික-14"
" නිර්නාමික-15"
" නිර්නාමික-16"
" නිර්නාමික-17"
" නිර්නාමික-18"
" නිර්නාමික-19"
" නිර්නාමික-20"
" නිර්නාමික-21"
" නිර්නාමික-22"
" නිර්නාමික-23"
" නිර්නාමික-24"
" නිර්නාමික-25"
" නිර්නාමික-27 "
" නිර්නාමික-28 "
" නිර්නාමික-29 "
" නිර්නාමික-30 "
" නිර්නාමික-31 "
" නිර්නාමික-32 "
" නිර්නාමික-33 "
" නිර්නාමික-34 "
" නිර්නාමික-35 "
" නිර්නාමික-36 "
" නිර්නාමික-37 "
" නිර්නාමික-38 "
" නිර්නාමික-39 "
" නිර්නාමික -40 "
" නිර්නාමික -41 "

" නිර්නාමික-26 "

95 23 9
BTS_taesite_

තුහින : රණ්ඩු නොවී ඉදපන්කො පොඩ්ඩක් ආධිල් .

ආධිල් : අනේ මේ අන්න අරයට ඒක කියාම් . තව පොඩ්ඩෙන් ඇහැකුත් අද එළියට ගන්නවා .

තුහින : ඩිනර් එකට නම් තව වෙලත් තියෙනවා . උඹට බඩගිනිද ?

ආධිල් : නෑ තුහින . ඔව් තාම හයයිනෙ . හම්බේ.... ඒක නෙවෙයි මෙතන මෙච්චර ලස්සනයි කියලා දන්නවනම් අපිට කලින්ම එන්න තිබ්බා .

තුහින : ඇයි ආධිල්ට මෙතනට හිත ගිහින්ද ඒ සැරේ... ?

ආධිල් : නැතුව . උඹට නම් හැබැයි හිත යන්න දෙයක් නෑ නේ ?

තුහින : ඒ ඇයි ?

ආධිල් : නෑ ඉතින් . උඹේ ඔය හිත නතර වෙන්නෙම කොහොමත් මේ වගේ තැන් වල කියලා මං දන්නවා .

තුහින : හ්ම්.... බලං යද්දි උඹටත් පොඩි aesthetic වයිබ් එකේ චොයිසස් තියෙනවා නේ එහෙන් මෙහෙන් .

ආධිල් : උඹ හිතනවද එහෙම ?

තුහින : කොහොමද ?

ආධිල් : උඹේ ටේස්ට් එකෙන් ටිකක හරි ටේස්ට් එකක් මටත් තියෙනවා කියලා .

තුහින : දන්නෑ ආධිල් . ඒක වෙලාව අනුව වෙනස් වෙනවා මට දැනෙන විදියට නම් .

ආධිල් : ඒ කිව්වෙ ?

තුහින : එහෙම තමයි . උබේ හිතේ තියෙන දේවල් එක්ක තමයි කොහෙ හරි තැනක තියෙන වයිබ් එකයි ඒකට දැනෙන ආසාවයි තීරණය වෙන්නෙ .

ආධිල් : එහෙමද ?

තුහින : නිකං හිතලා බලපන් . උඹ එදා මාළිගාවට යන්න ඕන කිව්වෙ හිතේ තිබ්බ මහන්සියයි දුකයි නිසා . නිකං උඹ හිතපන් උඹ පිරිලා ඉතිරිලා යන සතුටක ඉදියනම් එහෙම කවදාවත් කීයටවත් මට මාළිගාවට යන්න ඕනෙ කියනවද ?

ආධිල් : ම්ම්... ඇත්ත. මං එහෙම කියන එකක් නෑ !

තුහින : ම්ම්... හැම දේම පිටට පේන්න තියෙන දේ විතරක්ම නෙවෙයි බං .

ආධිල් : ඒ කිව්වෙ ?

තුහින : ආදරේ ගැන උඹ දන්නෙ මොනවද ?

ආධිල් : ආදරේ ගැනද ?

තුහින : ම්ම්.... ඒක ගැන තමයි !

තුහින ඈත පේන ක්ෂිතිජය දිහා ට ඇස් යොමු කළාම ආධිලුත් ඒ දිහාම බලාගෙන සාක්කු දෙකට අත් දා ගත්තෙ ලොකු හුස්මක් අරගෙන දිග කතාවකට මුළ පුරණ ගමන් .

ආධිල් : මං ළග උඹේ වගේ හිතට වදින බර වචන නම් නෑ බං. ඒත් උඹ අහපු දේට මගෙ වචනෙන් මං උත්තරයක් දෙන්නම් .
මං ආදරේ කියන දේ බොරුවක් මෝඩකමක් දුර්වලකමක් විදියට දකින්නෙ නෑ . මොකද මං ආදරෙන් පරාද උණාට මං දැකලා තියෙනවා ආදරේ හරි ලස්සනට විදින මිනිස්සු .

වරු ගනන් කෝල් මැසේජ් නොකළත් හම්බෙන විනාඩියේ හරි අනිත් එකා ගාවින් හෙල්ලුනේම නැති මිනිස්සු ,
අහස උසට වැඩ තිබ්බත් "ඔයාට කොහොමද ? කෑවද ? " කියලා හොයලා බලන ආදරණීය මිනිස්සු ,
ජීවිතේ මොන බාධක ආවත් "අපි මොනා හරි කරමු . මං ඉන්නවනෙ ඔයාට " කියලා කියන හිතට සැනසීමක් ගේන මිනිස්සු,
දෙන්නගෙන් කෙනෙක් බිසී උණත් එක වචනයක් වෙනුවෙන් කිසිම කහටක් නැතිව මග බලං ඉදපු මිනිස්සු ,
කොටින්ම කිව්වොත් ජීවිතේ ගෙවා ගන්න අපිට පුංචිම හරි බලාපොරොත්තුවක් ගේන මිනිස්සු ,
දන්නවද ඒ වගේ කැපකිරීමක් තවත් කෙනෙක් වෙනුවෙන් කරන්න පුළුවන් ඇත්තම ආදරයක් තියෙනවා නම් විතරයි තුහින .

තුහින : හ්ම්.... ඔයා කවදා හරි එහෙම බලාපොරොත්තු වෙන්නෙ මොනාද බං .

ආධිල් : මං.... ?

තුහින : හ්ම්... ආධිල් උත්සර ජයසිංහ බලාපොරොත්තු වෙන්නෙ මොනවගේ ආදරයක්ද ?

ආධිල් : "මං උඹට ආදරේ නෑ" කියලා කිව්වත් "කමක් නෑ - මං උඹට ආදරෙයිනෙ , ඒ ඇති අපි දෙන්නටම " කියන කෙනෙක්ව.....

තුහින : හ්ම්... දන්නවද ආධිල් , මගේ ජීවිතේ මේ පහුහිය අවුරුදු හත තමා මගේ ජීවිතේ ලස්සනම කාලෙ .

ආධිල් : ඒ ඇයි?

තුහින : දන්නෑ බං . ඉස්කෝලෙ කාලෙ අහම්බෙන් හම්බ වුණ එකෙක්ව මට එදා ඉදන් හරි ලස්සනට පේන්න ගත්තා . I mean , දැනුත් වෙනසක් නෑ .

ආධිල් : තේරෙන්න කියන්න තුහින !

තුහින : මං මුළින් හිතුවා ඒක මගේ හිතට දැනුන ආකර්ෂණීය හැගීමක් වෙන්න ඇති කියලා . ඒත් උඹ දන්නවනම් !
රෑට හීනෙන් මට ඌව නොපෙණුන දවසක් නෑ . ඉස්කෝලෙ ඇරිලා හවස ගෙදර ගිහින් ආපහු උදේ වෙනකන් බලං ඉන්නෙ ඒ ඇස් දෙක බලන්න . නිකං හරි එහෙම නොදැකපු දවස් වලට මට මහ අමුතු දුකක් දැණුනා . නිකන් හිස් හැගීමක් වගේ . පස්සෙ පස්සෙ මං තවත් එයාට ඇබ්බැහි වෙන්න ගත්තා වගේ දැනුනා . ඒ කාලෙ මං හිටියෙ හරි සතුටින් . හිතේ අමුතු හැගීමක් දළු දාලා වගෙයි තිබ්බෙ . ඒත් මං බය උණේ නෑ . මොකද ඌ මගෙ පේන මානෙම ඉදන් අදටත් හරි ලස්සනට උගෙ ගමන යනවා . මං දන්නෙ නෑ අපේ පාර කොතනින් දෙකට බෙදෙයිද කියලා . ඒත් මං මේ වෙනකන් උගෙ දිහා බලං හිටියෙ හරි සතුටින් .

ආධිල් : ක-කවුද බං ?

තුහින : ........

ආධිල් : තුහින මොකද සද්ද නැත්තෙ ? මොකද බං මේ ? ඔය කදුළු-

ආධිල් එහෙම කිව්වහම තුහින තමන්ගෙ ඇස් අග තිබ්බ පෙනෙන නොපෙනෙන කදුළු බිංදුව පිට අත්ලෙන් පිහද ගත්තා .

තුහින : මං හිතන්නෙ ඒ ආදරේ අදටත් එක අංශු මාත්‍රයකින්වත් මේ හිතෙන් අයින් වෙලා නැතිව ඇති බං . උඹ දන්නවද ඒ ආදරේ මේ ගෙවෙන තප්පරෙත් පොඩ්ඩක් හරි මගේ හිතේ දළු දානවා . ඒක දැන් මහ රූස්ස ගහක් වගේ ආදරයක් ආධිල් .

"ඉතින් උඹ මට ආදරේ නෑ කිව්වත් උඹටයි මටයි දෙන්නටම ඇතිවෙන්න ආදරේ කරන්න මට පුළුවන්ද ආධිල් ?"

එහෙම කිව්ව තුහින අතේ තිබ්බ රින්ග් එක හිමීට අතට ගත්තෙ ආධිල් ළග දණ ගහන ගමන් .

ආධිල් : ත්-තුහින ? මෙ-මේ මොකද ?

තුහින : උඹට නොකියා හැම තප්පරේම උඹට ආදරේ කළාට සමාවෙයන් . දැන් මට උඹට පේන්නම ආදරේ කරන්න අවස්ථාව දෙනවද ආධිල් ?

ආධිල් : හ්ම්... ඇයි මං එහෙම නොකර ඉන්නෙ තුහින .

එහෙම කිව්වහම එතන තිබ්බ හාට් ශේප් එකට හදපු ලයිට්ස් ටික පත්තු උණා . තුහින වගේම ආධිල් ඉදියෙ ඒ වැල්ලෙ ලයිට්ස් වලින් හදපු හාට් එක මැද . ඒත් එක්කම තුහින දණ ගහගෙන ඉදපු තැනින් නැගිටින කොට ශෙවෝන් වගේම නිරාශාත් යන්තමට පුංචි අත්පුඩියක් ගහන ගමන් එතනට ආවා . නිරාශා කෙල්ලගෙ ඇස් වල කදුළු පිරිලා තිබ්බා .

පස්සෙ තුහින ආධිල්ගෙ ඇගිල්ලකට රින්ග් එක දැම්මම ආධිල් කදුළු පුරවං බලං හිටියා . තුහිනගෙ මූණෙ තිබ්බෙ හරි ලස්සන හිනාවක් . පුංචි

තුහින : දන්නවද ආධිල් ! ඊයෙට වඩා මං අද උඹට මහ ගොඩක් ආදරෙයි . ඒ වගේම අදට වඩා හෙටත් මං උඹට මහ ගොඩක් ආදරෙයි !

ආධිල් : මමත්.... උඹට ගොඩක් ආදරෙයි තුහින ! මැරෙනකල්ම...






























ආධිල් : ඒයි.... නිරාශා කෙල්ලත් මේක දැනන් ඉදියද ?

නිරාශා : ඔව් මල්ලී... මේ මං තමයි අපේ ශෙවෝන් බ්‍රදර් එක්ක මේක ප්ලෑන් කොළේ...

තුහින : ඔව් ඔව්.... මුන් දෙන්නා නැත්නම් මට මේ වැඩේ කර ගන්න වෙන්නෙ නෑ .

ශෙවෝන් : අපිට ඉතින් ඕවට සැලකුම් ඕන මල්ලී....

නිරාශා : තොපි ශ්ලෝක කියෙව්වද බං . අපි දෙන්නට අර පොල් ගස් දෙක ගාවට වෙලා ඉදලා එපා වුණා . නැද්ද ශෙවෝන්....

තුහින : ඉතින්.... මොකටද උඹලා පොල් ගස් අස්සට රිංගුවේ... ගිහින් මුහුදට පනින්න තිබ්බනෙ...

නිරාශා : යකෝ.... පෙනේද ශෙවෝන් . වැඩේ උණාම අපිව විසිකරපු හැටි . උඹට මේ වසවත්ති මාරයාව දා ගන්න අපි දෙන්නා තමයි වැඩිපුරම කට්ට කෑවෙ .

ශෙවෝන් : අන්න ඒකයි . උඹ වරදක් තමා කරනවා නිළමෙ මාත්තයා .

ආධිල් : ඒක නෙවෙයි මොකද්ද වසවත්ති මාරයා කිව්වෙ . කවුද බං ඒ....

නිරාශා : මේ අඩෝ... අම්මි කෝල් එකක් ගන්න කිව්වා . මං කතා කරලා එන්නම්.

එහෙම කිව්ව නිරාශා ගවුමත් අත් දෙකට ගුලි කරගෙන දුවලා ගියේ රූම් එක දිහාවට .

ආධිල් : ඒ මොකද ඒක අහපු ගමන් අර හොල්මන ලිස්සලා ගියේ....

ශෙවෝන් : මේ බලපන්... ඒකි වසවත්ති මාරයා කිව්වෙ වෙන කාටවත් නෙවෙයි . උඹට....

ආධිල් : යකෝ... අඩෝ නිරාසා ! වරෙන් යකෝ . පලයන් යකෝ. ගහගන්න වරෙම්.... වරේම්. අඩෝ වරෙම් යකෝ....

ශෙවෝන් : මෙන්න මෙහෙ වරෙන් යන්න . උඹ නිකං වැල්ලෙ ඩයල් එකක් වගේනෙ බ්‍රදර් .

එහෙම කිව්ව ශෙවෝන් ආධිල්ගෙ කරටත් අතක් දාගෙන නිරාශා ගිය පැත්තටම ඇවිද ගෙන ගියා .

මේ අතරෙ තුහින සාක්කු දෙකට අත් දාගෙන මුහුද දිහාට හැරුණා .

අපේ ජීවිත හරි අමුතුයි . හේතුවක් දන්නෙ නෑ . ඒත් ගොඩක් වෙලාවට අපේ ජීවිතේ අපිට විදින්න වගේම විදවන්නත් වෙන දෙයක් තමයි බැදීම් කියන්නෙ . බැදීම් වලට ඕන වෙන කිසි දෙයක් නෙවෙයි . විශ්වාසය විතරමයි . අපි බැදීම් ගොඩනගා ගන්න තරම් කාලයක් ඒවා විනාස වෙලා යන්න ගත වෙන්නෙ නෑ . ඉතින් කවදාවත් මොනම හේතුවක් උඩවත් තමන් ආදරේ කරන කෙනාගෙ විශ්වාසය පළුදු කරන්න එපා . දන්නවද මං හිතන්නෙ තුහින වගේ මනුස්සයෙක්ගෙන් විශ්වාසය කියන කැඩපතට වෙන්න තිබ්බ හානිය හරිම අඩුයි. දන්නවද ඒ වගේ වින්ටේජ් මිනිස්සු ආදරේ කරන්න ගත්තම හරි ලස්සනයි . ඒ මිනිස්සු කොහෙ ගියත් ඒ ආදරේ , නිහඩ බව වගේම ඒ වින්ටේජ් ගතිය පැතිරිලා යනවා.

ඇත්‍තටම අපේ ජීවිතේ කොනකදි හරි අපිට හම්බ වෙන්න ඕන ඒ වගේ දුඹුරු පාට මිනිස්සු....
කෝපි සුවදට වහ වැටුණ , නිහඩ බවට පෙම් කරන මිනිස්සු
මුහුදු වෙරළෙන් එන සුවදට කැමති , හදට පෙම් කරන මිනිස්සු
ජීවිතේ අතාරින්න හිතුනමත් , ජීවත් වෙන්න හේතු හොයන මිනිස්සු
ආදරේ විශ්වාස කරලා ජීවත් වෙන , ආදරේට ආදරේ කරන මිනිස්සු .

ඉතින් තුහිනත් අන්න ඒ වගේ ආදරේට ආදරේ කරන මහ වින්ටේජ් මනුස්සයෙක් . මේපල් කොළ පාට ආදරවන්තයෙක් . කෝපි පාට ආත්මයක්....



































____________________________

ඔන්න දුන්නා ඒනම් . ළමයි ඔයාලත් හොයා ගන්න ඕන "will you marry me ?" කියලා අහනවට වඩා "මට ඔයාට ආදරේ කරන්න අවසර දෙනවද ?" කියලා අහන කෝපි පාට ආදරවන්තයෙක් .

හරිත ?
තේරුණාද ?
ආ ?

ඒනම් මං යනවා බබාලා...🤍
සරන්හේ .

Продолжить чтение

Вам также понравится

131K 7K 36
Full mature so Read your own risk
The Missing Mafia Princess Yaszy🫶🏻

Документальная проза

766K 15.5K 111
Yaszy Romano has been through so much pain and suffering her entire life but it makes her who she is. Dark Angel...Dangerous, Powerful. An Assassin...
4.1K 814 15
සුදු කඩුපුල...🕊️🖤 Published :- 2023/09/24 "ඇයි මේ මගේ කඩුපුලට පිනි වැටිලා....ම්ම්ම්...පින්න වැටෙන්ඩ තරම් මොනවද මගේ පැටියා බුදුන් ඉස්සරහ ඉදන් ප්‍ර...
18.4K 758 5
When nine-year-old Harry Potter runs away from the Dursleys, his magic takes him to a place where he would never be found if it wasn't for a certain...