Infidelity |taekook

By brown_piano93

38.8K 8K 3.1K

tk sinhala More

chapter 1
characters
chapter 2
chapter 3
chapter 4
chapter 5
chapter 6
chapter 7
chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24
Chapter 25
Chapter 26
chapter 27
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 33
Chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39
Chapter 40
Epilogue ๐Ÿ’š๐Ÿ’œ๏ธ
The End๐Ÿฅ‚

chapter 28

755 162 130
By brown_piano93

ruvi_VKOOK අලුත් ඇදුමට තැම්කූ...😭

_________________________________________

ජන්කුක් සීයා තාත්තා ගෙ අතෙ එල්ලිලා අතුරුදන් වෙලා හිටිය එයාගෙ තාත්තා එනකන් මේ බලන් ඉන්නෙ හුග වෙලාවක ඉදන්,ටේහියුන් ගස්සන් ගියාට පස්සෙ ටේහියුන් ගෙ අම්මයි තාත්තා යි ජන්කුක් ට හුගක් ස්තූති කරලා යන්න ගියා, ජන්කුක් මේ බලන් ඉන්නෙ එකපාරට අතුරුදන් උන එයාගෙ තාත්තා එනකන්...

"ඒක නෙමේ ජන්කූ......අර ඉලන්දාරියා ඔයාට වස්තුව කිව්වා වගෙ මට මතකයි...

ජන්කුක් හිමින් සීයා දිහා බලල ආයෙම බිම බැලුවා..කන්දෙක..කරුනාකරලා රතු වෙන්න එපා..ජන්කුක් අත්දෙකෙන් කන්දෙක වහගන ආයෙම සීයා දිහා බැලුවා.

"ම..ට මතක නෑ.....

"ඒකා ඔයාට බබා කියලාත් කිව්වා...

"සී...යාහ්.

ජන්කුක් සීයට හිමින් තල්ලු කරා.මොකද සීයා හිනාවෙනවා..එයාගෙ මූනෙ තරහෙ අංශු මාත්‍රයක්වත් නෑ..

"ඉතින් ඒ ඉලන්දාරියා කොහොමද....

"එයා හොදයි...

"හැබැයි ඉගනීම මුල් තැනට එන්න ඕනි.....කිම් ටේහියුන් නිසා ඔයා අඩලා මට අහුවුනොත් එතනින් මේ සීයා ඔය සම්බන්ධෙ නතර කරනවා...

සීයා කිව්වෙ හුගක් ආදරෙන් ජන්කුක් ගෙ ඔලුව අතගාන ගමන්.

"එයා හුගක් හොදයි සීයා තාත්තා ...........

ජන්කුක් අමාරුවෙන් වචන ගලපද්දි සීයා තාත්තා හිනාවුනා..

"මං ඒක දන්නවා....

සීයා හිනාවෙලා කියද්දි ජන්කුක් සීයගෙ අත අල්ලගෙන එහෙට මෙහෙට පැද්දෙව්වා..ඒ එයා සතුටින් ඉන්නෙ කියලා පෙන්නන්න වගේ..

ඇස් වලින් පවා හිනවෙන ජන්කුක් දැකලා සීයගෙ හදවත බරවුනා..එයා අර ඉලන්දාරියා ගැන ඕනිවට වඩා හොයලයි මේ ඉන්නේ..අනික ඒ ඉලන්දාරියා ජන්කුක් ට නොකිව්වට මොකද සීයගෙන් ජන්කුක් ව ඉල්ලුවා.ඒකත් සීයා ඉස්සරහ දණ ගහගෙන.

කපටියා..!!

"තාත්තා එනවා...

ඈතින් එන මිස්ටර් ජියොන්ව දැකලා ජන්කුක් කියද්දි ජන්කුක් ගෙ තාත්තා කලබලෙන් වගේ ඇවිත් ජන්කුක් ගෙ ඔලුව අතගෑවා..

"යමු...

"ඔයා කොහෙද ගියෙ පුතේ....

"හොස්පිට්ල් එකෙ මගෙ ෆෝන් එක දාලා ඇවිත් තිබ්බෙ තාත්තා ...කුක් යමු එන්න...

_______________________________________

එදා රෑ ජන්කුක් බලාගෙන හිටියෙ ටේහියුන් ගෙන් කෝල් එකක් එනකන්.මොකද මේකා ෆෝන් එක ඕෆ් කරන් දැන් හැට පැයක ඉදන්..

අන්තිමට රෑ දොලහත් පහුවෙලා ජන්කුක් ගෙ ෆෝන් එක රින්ග් උනා..

"ව...ස්තුව...

"හියුන්ගී අනෙ ඔයා කොහෙද ඉන්නේ...මං බයවෙනවනෙ අප්පා....ඇයි ඔයා ඔහොම කරන්නේ...

"සූමින් සූසයිඩ් කරගෙන වස්තුව...

ජන්කුක් අතින් ෆෝන් එක අතාරුනා.කදුලු බින්දු කඩාගෙන වැටෙද්දි ජන්කුක් වැටිච්ච ෆෝන් එකත් අහුලගෙන පහලට දුවගෙන ගියා.

පහල හිටියෙ ජන්කුක් ගෙ තාත්තා විතරයි.සීයා තාත්තා බෙහෙත් බීලා රෑ වෙන්න කලින් නිදාගන්නවා...

"කුක්...ඔයා ඇඩුවද පැටියෝ....

"තා..ත්තා...සූමින් නූනා මැරිලා...එයා සූසයිඩ් කරගෙන.....

ජන්කුක් අඩාගෙන එයාගෙ තාත්තා ගෙ උකුලට වැටෙද්දි තාත්තා ජන්කුක් අතෙ තිබ්බ ෆෝන් එක කනෙන් තියාගත්තා.

"හෙලෝ පුතා...

"අංකල් මං හොස්පිට්ල් එකෙ ඉන්නේ..සූමින් බිල්ඩින් එකෙන් පහලට පැනලා සූසයිඩ් කරගෙන...

ටේහියුන් ජියොන්ගෙ කටහඩ ඇහිලා කියවද්දි ජන්කුක් හිටියෙ කෝල් එක නෑහුනත් තාත්තා ගෙ මූන දිහ බලාගෙන.

" ඔයා සූමින්ගෙ කවුද ටේහියුන් ? ඔයා ම කිව්වනෙ සම්බන්ධයක් නෑ කියලා..ඒ නිසා හොස්පිට්ල් එකෙන් එලියට ඇවිත් ගෙදර යන්න...ඕනිනම් ෆියුනරල් ෆන්ක්ශන් එකට අපි යමු...නැතුව මරණෙ වැඩ වලට කලබල වෙලා මහන්සි වෙන්න ඔයා නෑදෑයෙක් නෙමේ නෙ නේද...

"තා...ත්‍තා..

ජන්කුක්ගෙ ඇස් ලොකු උනා..එයාගෙ තාත්තා ගෙ කතාව නිසා..එයා බලාපොරොත්තු උනේ නෑ තාත්තා එහෙම කරයි කියලා.

" ජන්කුක් කාමරේට ගිහින් නිදාගන්න පුතා..අද දිග දවසක්නේ...ඔයාට රිද්දපු මිනිස්සු වෙනුවෙන් ඔහොම අඩන්න ලෑස්ති වෙන්න එපා..හරිනම් ඔයා සතුටු වෙන්න ඕනි...එයා ඔයාට හිටිය බාධයක් නේ...දැන් ඒකත් නෑනි...

තාත්තා ගෙ වචන එක්ක ජන්කුක් ගෙ කදුලු පවා වේලුනා..එයා හරිම නරක විදියට කතාකරන්නෙ..තාත්තා ජන්කුක් ගෙ අතින් තිබ්බ ෆෝන්‍ එක අතට අරන්  ජන්කුක් මොකුත්ම නොකියා උඩට නැග්ගා..

"වස්තුව...

තාමත් ලයින් එකෙ ඉන්න ටේහියුන් ගෙ කටහඩ ඇහුන නිසා ජන්කුක් ෆෝන් එක කනෙන් තියාගත්තා.

"හියුන්ගි තාත්තා ඇයි එහෙම කිව්වෙ .....

"තාත්තා දන්නවනෙ සූමින් ගෙ තාත්තා අපිට ඇටෑක් කරා කියලා, අන්න එ  තරහට එහෙම කියන්න ඇත්තේ

"හ්ම්...දැන් ඔයා මොකද කරන්නේ..ඔයා සූමින් නූනලා ලග ඉන්න ඕනි නැද්ද...

"ඒත් ජියොන් අංකල් මට ඉන්න එපා කිව්වනෙ බේබි...මට හිතෙනවා මං එන එක හොදයි..

"අනෙ මන්දා...ඔයා සූමින් නූනාව දැක්කද හියුන්ගි..

"නෑ වස්තුව...මං එයාව දැක්කෙ නෑ..සුමින්ගෙ තාත්තා මට කෝල්කරලා පිස්සුවෙන් වගෙ කෑගහද්දි මං දැනගත්‍තෙ...

"එයා පව්...

ජන්කුක් ගෙ ඇස් ආයෙම උනුසුම් උනා..සූමින් හොද කෙනෙක්...සමහර දේවල් නිසා එයා නපුරු කෙනෙක් උනාට...

"අපි හෙට යමු ෆියුනරල් එකට...මං එන්නම් ඔයාව ගන්න....

"හ්ම් හරි..

"බේබි නිදාගන්න...මොකුත් හිතන්න එපා...

"හරි...දැන් හියුන්ගී ගෙදර යනවද?

"ම්..මං දැන් යනවා...

"කොයි ගෙදරද...

"අම්මලගෙ...

"ඔය ඇත්තටමද හියුන්ගී..

"මට එයාලා නැතුව පාලුයි ජන්කුකී....

"මං ඒක දන්නවා...පරිස්සමින් යන්න...

"හරි...හියුන්ගී ආදරෙයි....

"මාත් ආදරෙයි හියුන්ගී...

ජන්කුක් කදුලු පිහදාලා කට් වුන ටේහියුන් ගෙ නම්බර් එක ලාවට කිස් කරා.ටේහියුන් ගෙ වචනත් ඇති..ජන්කුක් ට සහනයක් දැනෙනව..

"දෙවියනේ හැමෝටම ඒ වගේ safe place එකක් ලැබෙන්න ඕනි"

__________________________________


"එලියෙන් ඉන්න...

ටේහියුන් එයාගෙ බොඩිගාඩ්ලාට කියලා ජන්කුක් ගෙ අතින් අල්ලගත්තා.ජන්කුක් ගෙ ඇස් තාම රතු වෙලා..එයා මුලු රැම සූමින් වෙනුවෙන් අඩලා කියලා ඕනිම කෙනෙක් ට කියන්න පුලුවන්.

"උ....බ.....කිම් ටේහියුන් මොන හයියකින්ද උබ මගෙ දරුවගෙ අවමගුලට ආවේ.....

අඩ අඩ හිටිය සූමින්ගෙ තාත්තා ටේහියුන් දැක්කා විතරයි ටේහියුන් ඉන්න පැත්තට පැන්නා..ඒ ක්ශනිකයෙන් ටේහියුන් ජන්කුක් ව ඇදලා අරන් තමන්ගෙ පිටිපස්සට කරත් සූමින්ගෙ තාත්තා ට පුලුවන් උනෙ නෑ ටේහියුන් ට ලං වෙන්න..මොකද මින්හ්වාන් ටේහියුන් ගෙ ඉස්සරහට පැනලා ටේහියුන් ව කවර් කරගත්තා...

"අතාරපන්...මතක තියාගනින් කිම් ටේහියුන් උබට මං සතුටින් නම් ඉන්න ඉඩ තියන්නෙ නම් නෑ... අතාරපන් යකෝ.....

ටේහියුන් ඉන්නෙ කේන්තියෙන් කියලා තේරුන නිසා ජන්කුක් ටේහියුන් ගෙ අතින් තදින් අල්ලගත්තා.

"එයා..කේන්තියෙන් ඉන්නෙ...අපි යමු ටේහියුන්ගී....

"මිස්ටර් නා දේයොන්.....උබෙ දුව මැරුනෙ උබ නිසා...තමුන්ගෙ හෘද සාක්ශියෙන් බේරෙන්න මාව පටලගන්න එපා...මින්හ්වාන් ඔය මිනිහව අතාරින්න.

ටේහියුන් එලියට යනකන් මින්හ්වාන් සූමින්ගෙ තාත්තා ව අතාරියෙ නෑ...ටේහියුන් නම් කේන්තියෙන් හැරිලා ගියත් ජන්කුක් ඈත ඉදන් සුමින්ට අවසන් ගෞරවය දැක්වූවා.

ජන්කුක් එලියට එනකන් බලන් හිටිය ටේහියුන් ජන්කුක් එනවා දැකලා ජන්කුක් ලගට ආවා.

"හරිද...

"ම්ම්

"අපි කොහහරි යමුද...

ජන්කුක් අවුලෙන් ඉන්න නිසා ටේහියුන් හිමින් ජන්කුක් ගෙ කොන්ඩෙ අවුස්සලා අහද්දි ජන්කුක් හිමින් ඔලුව වැනුවා..

"මින්හ්වාන්..අජුස්සි ?

"ඒකා එන්න කලින් අපි යමු වස්තුව...

ටේහියුන් හිනාවෙලා ජන්කුක් ගෙ අතින් අල්ලගෙන වාහනේන් ඉන්දෙව්වා.එයාලා නිසා දවසක මින්හ්වාන් අජුස්සිට හාට් ඇටෑක් හැදෙනවා....

එයාලගෙ වාහනෙ හරවද්දි ජන්කුක් සයිඩ් කන්නාඩියෙන් දැක්කා මින්හ්වාන් දුවගෙන එනවා..පව් අසරනයා..

ජන්කුක් ට මතක් උනා මින්හ්වාන් දවසක් කියපු දෙයක්..

"අම්මා පෙට්ටි කඩයක් දගන තේ විකුනන්න කියලා ඒ කාලෙ කිව්වෙ හේතුවක් ඇතුව ජන්කුක් බේබි"

"මොකද ආ තනියෙන් හිනාවෙන්නේ...

ටේහියුන් ඉස්සරහ බලාගෙනම ජන්කුක් ගෙන් අහද්දි ජන්කුක් තොල් උල්කරලා අහක බලාගත්තා.

දිවැස් දිවැස්..මූට දිවැස් සීයා තාත්තා !!!!!!!!

"අපි කොහෙද යන්නෙ ටේහියුන් හියුන්ගී...

"නිදහසෙ ඉන්න පුලුවන් තැනකට..

"හැබැයි කෑම තියෙන්න ඕනි..

ජන්කුක් එයාගෙ බඩට ඇගිල්ලෙන් ඇනලා කියද්දි ටේහියුන් ඔලුව වැනුවා..

"නිදහසෙ ඉන්න පුලුවන් කෑම තියන තැනක්....

ජන්කුක් කෑගහද්දි ටේහියුන් ජන්කුක් ගෙ කම්මුලක් මිරිකුවා..හොදයි හැමදාම මිරික මිරික ඉන්න තිබ්බනම්...

"නැ...නෑ ...ඔයාට බෑ මුලු ජීවත කාලෙම මගෙ කම්මුල් මිරික මිරික ඉන්න....

"ඔ..ඔයා මගෙ හිත කියෙව්වද වස්තුව...

"අපොයි නෑ...ඔය මගෙ කම්මුල් දිහා බලන්නෙ නිකන් උයලා කනවද ..නැත්තම් අමුවෙන් කනවද වගෙ බැල්මකින්...ඒ නිසා පීස් එයාලට ඉන්න දෙන්න...

"ඔයා මං දිහා හොරෙන් බලන්න එපා මහලොකු යස්ස මූනූ බේබද්දො...

"ම්..ඔයා හුග කාලෙකින් මට ඒ නම කිව්වෙ....

"මතකද ඔයා බේබද්දෙක් වගෙ කෙල පෙරාගන මට බල්ලෙක් වගෙ බඩගාන් එන්න්ත් කිව්වා...අනික ඔයා මාව යටකරන් මගෙ ලිප්සුත් හැපුවා...මහ නරකයෙක්...

"ඕ ඇත්තද....කෝ බාන්න ලිප්ස් වල ඒ කැලල තියෙද කියලා...

ටේහියුන් ජන්කුක් ගෙ තොල් වලට පාත් උනත් ජන්කුක් අත්දෙකෙන්ම තොල් වහගත්තා..

"කරුනාකරල මගෙ තොල් වලට පාඩුවෙ ඉන්න දෙන්න...මෝඩ කරදරකාරයා..

"අපි බලමුකෝ වස්තුව..සීයා තාත්තා මාව ඔයාට බාරදුන්නාම..මං ඔයාව කාලා දානවා...කාලා කාලා සූප්පනවා..

ජන්කුක් ගෙ ඇස් ලොකු උනා...ඒක හොද විහිලුවක්...එහෙම නේද..

නෑ කොහෙත්ම නෑ..

ජන්කුක් එයාගෙ පැත්තෙ ශටර් එක පාත් කරා..

ඊලගට බෙල්ල එලියට දැම්මා..

" බේරගනියෝ මෙන්න මිනී මස් කන බේබද්දෙක් මාව අල්ලගන යනවෝ!!!

_________________________________

"ඔය තරහත....

"...........................

"ම්හුක්...විහිලුවටනෙ අනේ...

"........................

"ඉතින් තරහ වෙන්න තරම් දෙයක් උන්නෑනි...

"උන්නැ?තරහ වෙන්න තරම් දෙයක් උන්නෑ...ඒ මිනිස්සු හිතුවෙ මං ඔයාව පැහැරගන යනවා කියලා ...

"හරි ඉතින් මං කිව්වනෙ එයාලට..

"මං ඒ මිනිස්සු ඉස්සරහ ලැජ්ජා උනා....

"ඉතින් එයාලා සමාව ගත්තනෙ..

"අනික පොලිසියෙන් මට දඩත් ගැහුවා..

"ඒකනම් ඔයාගෙ වැරැද්ද.ඔයා දැනගන්න එපැයි ඉතින් ඉර නොකපා යන්න..

"මට ඉර කපන්න උනෙ අර මිනිස්සු මගෙ පස්සෙන් ආපු නිසා..ඔයාව බේරගන්න කියලා හිතාන...

"ඔයාට නැව් දහයක් ගන්න සල්ලි තියනවනෙ...ඉතින් දඩ කොලෙ ගෙවන්න බැරිද...

"මට ඒතරම් සල්ලි නෑ..

ටේහියුන් බොරු කේන්තියක් මවන් ජන්කුක් ට කෑහැහුවෙ..හරි කෑනුගහත් බෑනෙ..එයාලව මහ් පාර මැද්දෙ නවත්තන් හයෙ හතරෙ මිනිහෙක් ටේහියුන් ව ඇදලා ඒලියටත් ගත්තනෙ...තව ටිකෙන් උන් දතකුත් ගලෝනවා...

"හියුන්ගී...

"......................

"අම්ම…අහන්නකෝ ඔයා එයාලව උස්සන්නෙ නෑ නේද...එයාලා පව්නේ...ඔයාව කාරෙකෙන් ඇදලා ගත්තෙ මාව බේරගන්නනේ...

ජන්කුක් ඇගිලි පූට්ටු කරනවා..අනික ඇසුත් ලොකු කරන්..හැබැයි ටේහියුන් දන්නවා තව ටිකක් එයා තරහෙන් හිටියොත් ජන්කුක් අඩන්න පටන් ගන්නවා...ඒ නිසා ටේහියුන් ජන්කුක්ගෙ නහයට තට්ටුවක් දැම්මා..ඒ තරහ නෑ කියලා නොකියා කියන ගමන්...

_______________________________________

"ඌ....වාව්....මේක නිකන් රෙස්ටුරන්ට් එකක් වගෙ නෙමේ අනී..මේක නිකන් පරන තාලෙ මල් වත්තක් වගේ...

අන්තිමට එයාලා රෙස්ටුරන්ට් එකකට ආවා..ඒක හරිම පුංචි තැනක්.....එතන ටේබල් ඇරේන්ජ් කරලා තියෙන්නෙ හරියට ගහක් ඇතුලෙ ඉන්නවා වගෙ ෆීලින් එකක් දැනෙන්න...අනික එතකොට කාටවත් ම පේන්නෙත් නෑ...

"යන් ඇතුලට...මං ඕඩර් එක දාලා එන්නම්...

ටේහියුන් ජන්කුක් ව ලස්සන වුඩන් පුටුවක වාඩි කරා..උවූ පුටුවෙ ඔතල තිබ්බ මලක් ජන්කුක්ගෙ නහයෙ වැදිලා ජන්කුක් නහය රැලි කරද්දි ටේහියුන් ජන්කුක් ගෙ නහයෙන් හාද්ද්ක් තිබ්බා..

"මං එන්නම් ඉක්මනට...

ජන්කුක් අතින් නහය වහන් ඇස් වලින් ටේහියුන් ට රවද්දි  ටේහියුන් හිනාව මූනෙ තියාගනම එතන දොර වැහුවා...

ටේහියුන් හොද හුස්මක් ගත්තා.එයාගෙ අතෙ ගන් එක නොතිබිච්ච එක  ගැන ටේහියුන් පසුතැවුනත් ඉනෙ තිබ්බ බෙල්ට් එක ලාවට ලෙහෙද්දි ඉස්සරහ හිටිය මනුස්සයා දිහා ටේහියුන් බැලුව...

වයසක මනුස්සයෙක් ටේහියුන් තමන් දිහා බලන් ඉන්නවා දැනුන නිසා කොර ගගහ යන්න හැදුවත් ඊට කලින් ටේහියුන් තමන්ව පහු කරන් ඉස්සරහට යනවා මහල්ලා දැක්කා..

"බොරුවට කොර ගහලා අමාරු නැද්ද..

ටේහියුන් ගෙ අතෙ බෙල්ට් එක තදට එතිලා තියෙද්දි මේතරම් වෙලා කොර ගගහ හිටිය මනුස්සයාගෙ ආධාරකේට තිබ්බ හැරමිටිය අතට ආවා.

ටිකකින් ටේහියුන් මේතරම් වෙලා පැත්තක තිබ්බ  බාර් එක ලගට වෙලා කිසිම ගානක් නැතුව මොජිටෝ එකක් හද හද හිටිය මනුස්සයට සිග්නල් එකක් දුන්නා..

වේටර් කෙනෙක් වෙට් ටවල් එකක් අරන් ටේහියුන් ගෙ මූනෙ තිබ්බ ලේ ටික පිහිද්දි තව දෙන්නෙක් ලේ  වලින් නෑවිල තිබ්බ මිනිය අයින් කරා..

"සර්...

"ස්ට්‍රෝබෙරි මොජිටෝ එකයි..බ්ලූබෙරි එකයි ඒ ඇති...

"මිනිය...

"මිස්ටර් නා දේයෝන්ට යවන්න...ලුසියානෝ කිම් ටේහියුන් ට උදව් කරනවා කියලා නා දේයෝන් දැන ගනී...

ටේහියුන් වේටර් කෙනෙක් ගෙනත් දුන්න මොජිටෝ දෙක අරගෙන ආයෙම ඇතුලට ගියා..කෙනෙක් ඉන්නවා එල්ලලා තියන මල් වැල් ඉව කර කර...

උවූ  හරියට හාවෝ වගේ...

"වස්තුව...

"ඔහ්..ඔයා පරක්කුයි හියුන්ගී...

ජන්කුක් මූන පුලුටු කරගෙන පුටුවෙන් වාඩිවෙද්දි ටේහියුන් ට්‍රේ එක පරිස්සමට මේසෙ උඩින් තිබ්බා..

"මං මේවා කලින් බීලා නෑනි...

"රසයි බොන්නකෝ..

"ම්හු...ඇල්කොහොල් සුවදක් එනවා..මං මීට කලින් ඇල්කොහොල්  බීලා නෑ නෙ හියුන්ගි...

"ඔකට ඇල්කොහොල් මික්ස් කරලා තියෙන්නෙ..චුට්ටම චුට්ටයි...

"එවු...මං ඇල්කොහොල් රසට ආසා නෑ..

ජන්කුක් කට ඇද කරගත්තා...

Continue Reading

You'll Also Like

10.9K 1.3K 10
Hi guys .. it's part 02 of his dark prince . Hope you read part one before read this . Two of them are finally together After all of the earthquakes...
87.6K 11.5K 42
Seokjinแ€€ แ€„แ€ซแ€ทแ€กแ€ญแ€™แ€บแ€€แ€€แ€ปแ€ฝแ€”แ€บแ€œแ€ฑ... แ€กแ€ญแ€•แ€บแ€…แ€›แ€ฌแ€œแ€ฐแ€€แ€ฏแ€”แ€บแ€›แ€„แ€บแ€แ€ฑแ€ฌแ€„แ€บ แ€žแ€ฐแ€”แ€ฒแ€ทแ€แ€ฑแ€ฌแ€ทแ€™แ€กแ€ญแ€•แ€บแ€˜แ€ฐแ€ธแŠ แ€€แ€ปแ€ฝแ€”แ€บแ€…แ€ฑแ€ฌแ€บแ€”แ€ถแ€œแ€ญแ€ฏแ€ท...[ABO/kookjin]
62.9K 8.6K 34
Apรณs a morte de seu pai Edward Teach, um dos maiores e mais respeitados piratas da regiรฃo do Caribe, Mon assume como capitรฃ do navio Concorde. Bem qu...