මම කැස්බෑවෙක් වූ හැටි..✅

By zara-N1111

17.5K 3.3K 4.2K

Zhan and Yibo ..A close to real life fan fiction 💚❤️ ලස්සනම ලස්සන ආදරයක් ඇස් වලින්ම දුටු සාක්ෂිකාරයෙක් වුන... More

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
44
45
46
47
48
49
50
51
ඔයා කැස්බෑවෙක් වුන හැටි.. ??
52
53
54
55
56 - the end
❤️💚
❤️💚

43

212 47 55
By zara-N1111

වර්තමානය.

රයන්

මායි , xin yi යි එක්ක කතා කලාට පස්සෙත් Peng yue xiao zhan එක්ක කතා කරන්න වටේ කැරකෙන බව මට පෙනුනා. අද xiao zhan ගෙ සීන් දිගටම shoot කරන්න තිබුනා විවේකයක් නැතිව වගේ. තව දවස් කීපයකින් රෑ ගත කිරීම් ඉවර වෙනවා. Xiao zhan වැඩ වලටම අවධානය දීලා හිටියා මිසක් එයාව ගනන් ගත්තෙ නෑ.

වැඩ ඉවර වෙලා Zhan යන්න හදද්දි peng yue දුවගෙන ආවා car park එක ලගට..

" xiao zhan laoshi ..මට පොඩ්ඩක් කතා කරන්න දෙන්න.."
එයා උස් හඩින් කිව්වෙ zhan කාර් එකට නගින්න හදනකොටමයි .

එයාගෙ සද්දෙට අවට හිටිය කීප දෙනෙකුත් හැරිලා බැලුවා. මෙතන show එකක් වෙනවට තියෙන අකමැත්ත හින්දද මන්දා zhan වෑන් එකට නගින්නෙ නැතුව එයා දිහාවට ඇවිදගෙන ආවා.
ඒ දැකලා peng yue ගෙ මුහුණේ සතුටු හිනාවක් ඇදුනා.

" zhan zhan .."

" Miss Peng Yue , අද මගේ staff එක ඔයාට හැමදේම පැහැදිලි කරන්න ඇති. ඒ විදිහට වැඩ කරගෙන යමු. "
බොහොම ආත්ම සංයමයකින් , මුකුත් emotion එකක් පෙන්වන්නෙ නැතුව එහෙම කියපු xiao zhan ආපහු හැරිලා ඇවිත් වාහනේට නැග්ගා.

කවුරුවත් පිටිපස්ස හැරිලා බැලුවේ නැති වුනාට , වෑන් එක ඉදිරියට යද්දි පිටිපස්සෙම සීට් එකේ හිටිය මම හැරිලා පිටිපස්සේ වීදුරුවෙන් බැලුවේ ඉබේටම වගේ..

ඒ වෙලාවේ හිටිය තැනම ඉදන් නොසෙල්වී බලාසිටි Peng yue ගෙ මුහුණේ තිබුන expression එක මට තේරුම් ගන්න අමාරුයි.
ඒත් මම ඒකට පොඩ්ඩක්වත් කැමති වුනේ නම් නෑ.
.ඒ බැල්මට මාව සීතල වෙලා යනවා කියලා මට දැනුනා.

...........❤️💚........

2021 දෙසැම්බර්

Xiao Zhan

මම හිටියෙ i pad එකෙන් ලොකු වැඩක . ආයෙත් ඩිසයිනින් ජොබ් එකක් .
මගේ බෝයිෆ්‍රෙන්ඩ් මේ දෙසැම්බර් 31 වෙනිදට release කරන සින්දුවට hand drawn cover තමයි මම මේ design කරන්නෙ.

සින්දුවෙ නම nian. ඒ කියන්නෙ විස්ස.(20)..

" ඇයි බොබෝ ඒ නම?? "
මම ඇහුවෙ ඒ lyrics එක්ක 20 වල සම්බන්ධය මොකක්ද කියලා හිතාගන්න බැරුව.

උත්තර දෙන්න කලින් එයා මගෙ බෙල්ල බදාගෙන කම්මුලක් සිපගත්තා.

" මේ සින්දුව මම කියන්නෙ 2020 හිටිය xiao zhan වෙනුවෙන්.."

එයා එහෙම කියපු ගමන් ඒ lyrics වල තේරුම මට හදවතටම දැනුනා..
2020 .!! 227! ඒ අමාරු අවුරුද්ද..
ඒත් කුණාටුවේදි නොසැලී ඉදිරියටම ගිය අවුරුද්ද..
මගේ අතින් අල්ලාගෙන මගේ ආදරවන්තයා පවුරක් වගේ මා ලග නොසැලී හිටිය අවුරුද්ද..

" A meteor rushes towards the end of the sky
Can a wisp of wind understand
A glimmer of hope also extols him
Want to rekindle the fire
Only ashes are left before my eyes time and time again
A wound looking for an exit
Tighten the invisible rope repeatedly

I can't break free with my hands empty
How vast is the wind above three feet
Songs of sorrow have already sounded on all sides
Stand up a million times
Stand up to the skyline
Stand up to the end
Stand up to the infinite future
Stand up straight forward
Stand up for the horizon
Stand up for warmth
Also stand up for the ordinary world

Before a storm rages across the border
A beam of light penetrated the long night
He was no longer alone in an instant
Follow all the ups and downs all the way
My eyes are full of brilliance along the way
Three thousand lights reflect the stars
The whole world will return with you

........

මම එයාට hand drawn covers 4 ක් ඩිසයින් කරලා දුන්නා. එයාගෙ ඉවරයක් නැති ඉල්ලීම හින්දම එකක මගෙ signature එක xz කියලා දාන්න වුනා.

එයාගෙ YBO එකෙන් සුපුරුදු පරිදි සින්දුවෙ covers, teasers එකින් එක දාන්න ගත්තා.
දෙසැම්බර් 30 තමයි සින්දුව රිලීස් වෙන්නෙ. දෙසැම්බර් 31 ඒක එයා new year eve program එකක perform කරනවා.

සින්දුව රිලීස් කරන්න කලින් දවසෙ අපි දෙන්නම හිතුවා එකම වෙලාවට පෝස්ට් දෙකක් දාන්න.

මගෙ ace troops ඩ්‍රාමා එක දෙසැම්බර් 26 විකාශනය වෙන්න පටන් ගත්තනෙ. ඉතින් මට දාන්න පුළුවන් ace troops සම්බන්ධ පෝස්ට් එකක් .

2021-12-29 දා හරියටම 22.20 ට yibo offical එකෙන් වගේම xz studio එකෙන් පෝස්ට් දෙකක් දැම්මා.
YBO එකෙන් දැම්මෙ nian- 20 සින්දුව ගැන පෝස්ට් එකක්..

එතකොට මම දැම්මෙ 20 කියන අංකය ලොකුවට ගහලා තියෙන ඩ්‍රාමා එකේ ගොඩනැගිල්ලක පින්තූර කීපයක් එක්ක ෆොටෝ එකක්!!!

" අම්මෝ.. බොස්.. එකම වෙලාවට 20 තියන පෝස්ට් එකක් දැම්මම මේක මාර obvious "
මගේ staff එක එහෙම කිව්වා..

ඒ වුනාට මට ඒක එහෙමම weibo දාන්න ඕන උනා.
Xiao Zhan දාන්නෙ candy bombs කියලනෙ කොහොමත් කට්ටිය කියන්නෙ .

.......... ......❤️💚........

වර්තමානය.

රයන්

Shen yuan සහ jiahao සදාකාලික රාත්‍රියක් තියෙන වනාන්තරයේ දිගටම ඉදිරියට ගමන් කලා. විශකුරු සත්තු, මරණීය උගුල් සහ තරණය කරන්න අමාරු දියවැල් එහෙම පහුකරගෙන දෙන්නා එකට අභියෝග වලට මුහුණ දිදී ඉස්සරහට එනවා.

මේ අතර තව දෙපාරක් shen yuan , jiahao ව මරන්න හදනවා. එක පාරක් ආයෙත් කෑම වලට වස දාලා.. ඒත් jiahao කන්න ඉස්සෙල්ලා ඒ කෑම නරක් වෙලා කියලා ඒක වීසි කරනවා.

අනික් පාර විශ පෙවූ ඊතලයකින්. ගහකට මුවාවෙලා ඒක jiahao ට විදින්න හදනකොට , shen yuan දකිනවා jiahao ට දශ්ට කරන්න බලා ඉන්න විශකුරු සර්පයෙක්. ඉතින් shen yuan ඊතලයෙන් විදින්නෙ ඒ සර්පයාට..
Jiahao දුවගෙන ඇවිත් shen yuan වැලදගෙන ස්තූති කරනවා.

කොහොම නමුත් දෙන්නා එක්ක එකට අභියෝග වලට මුහුණ දිදී ඉස්සරහට යද්දී නොදැනීම දෙන්නා අතර බැදීමක් ගොඩ නැගෙනවා.

පසුතල දර්ශනය හදලා තිබුනේ අදුරු වනාන්තරය නිසා ඒ සීන් ටික රූ ගත කරලා ඉවර කරනවාලු.

....

කොහොම නමුත් එදා සිදුවීමෙන් පස්සේ සහය නිශ්පාදිකා peng yue සෙට් එක පැත්තෙ ආවෙම නෑ.
එයාගෙ තාත්තා peng chao නම් සුපුරුදු පරිදි ඇවිත් වෙනසක් නැතුව හිටියා.
Peng yue නැති එක අපි කාගෙත් හිතට සහනයක් වුනත් මට නම් එදා අවසාන වතාවට දුටු එයාගෙ ඇස් දෙකේ බැල්ම අමතක කරන්න බැරි වුනා..

ශූටින් යන අතරේ මම පොඩ්ඩක් පැත්තකට ගිහින් ලංකාවෙ ඉන්න මගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් හසිනිට කෝල් එකක් ගත්තා. එයාගෙ final exam එකට විශ් කරන්න . එයා දැන් යුනිවර්සිටි එකෙන් අවුට් වෙන්නත් ලගයි.

ඒ වගේම , තව දෙයක්.. !
XZ studio එකත් එක්ක මගේ contract එක ඉවර වෙන්නත් ලගයි.

.......❤️💚.......

වර්තමානය.

Xiao Zhan

" හෙලෝ zhan ge.."
I pad screen එකේ ඉදන් යිබෝ හිනාවෙලා අත වැනුවා..
" කොහොමද අද ශූටින් ?? "

" අද ගොඩක් මහන්සියි බොබෝ . වනාන්තරය ඇතුලෙ සීන් එක දිගට ශූට් කලා"

"ඉතින් දැන් ඔයා yang yang ට ආදරේ වෙලාද?? "

" මම yang yang ට නෙවෙයි. Shen yuan , jiahao ට නම් දැන් ටිකක් කැමතියි වගේ.."
අපි දෙන්නම හිනා වුනා.

" ඔයාගෙ booting ceromony එකේ ෆොටෝස් මම දැක්කා බොබෝ.."

අද යිබෝගෙ අලුත් movie එක the patriot වල booting ceromony එක.
හෙට අනිද්දා script reading , ඊලගට සතියක විරාමයකින් පස්සේ තමයි shooting පටන් ගන්නෙ . ඒ location book කර ගත්ත විදිහ අනුව.
ඒ සතියක් ප්‍රමාද වෙන එක නම් කියලා වත් කරගන්න බැරි වැඩක්.

මොකද මගෙ legend of shen yuan ශූටින් තව දවස් දෙක තුනකින් ඉවර වෙනවා . එතකොට අපි දෙන්නටම ඒ සතියක විතර break එක එකට ගත කරන්න ලැබේවි.
අපි දෙන්නම ඇගිලි ගනිමින් ඉන්නෙ ඒ වෙනකල් තමයි .

" ආ.. අද වැඩක් වුනානෙ zhan ge. අද මට booting ceromony එකෙන් පස්සේ athur chen කෝල් එකක් ගත්තනෙ. "

." කෝල් කරා? ඒ මොකටද?? "

" සුභ පතන්න the patriot චිත්‍රපටයට.
මේකෙ lead role එකට එයත් audition ආවට , ඒකට මාව තමයි හොදටම ගැලපෙන්නෙ කියලා කිව්වා. "

මගෙයි , යිබෝගෙයි දෙන්නගෙම අදහස වුනේ කලින් මොන අමනාපකම් තිබුනත් අර ෆොටෝ වැඩේට එයාගෙ සම්බන්ධයක් නැතුව ඇති කියලා.

" zhan ge... ඉතින් අපි දෙන්නට කාලෙකින් හම්බ වෙන සතියක නිවාඩුවෙ මොකද කරන්නෙ?? "

" ගෙදරටම වෙලා ඉමු.. Good food and good sex !! කොහොමද ඒක ?? "

" ඒකත් හොද අදහස තමයි.."
බොබෝ කිව්වෙ හිනා වෙවී..

" ම්ම්.. බොබෝ..අපි කෑම්පින් යමු මේ පාරත්?? "

" ඒකත් ගෙදර ඉන්නව වගේ තමයි. ඔයා කෑම්පින් යනකොට මුලු ගෙදරම උස්සගෙන යනවනෙ zhan ge.."

" අනේ යන්න . අවශ්‍යම දේවල් විතරයි ගත්තෙ මම.."

අපි දෙන්නා දැනට beijin වලයි , inner Mongolia වලයි එකට camping ගිහින් තියෙනවා. කෑම්පින් යනකොට මම මුලු ගෙදරම උස්සගෙන යනව කියලා තමයි බොබෝ නිතරම විහිලු කරන්නෙ.
එයාට ඔය කතාව interview එකකදිත් කියවුනානෙ . හොද වෙලාවට interview කල host ඒ කතාව එතැනින් නැවැත්තුවා..

" camping විතරක් නෙවෙයි. ඔයා tour එකක් යනකොටත් බලන්න කොච්චර බෑග් තොගයක් අරන් යනවද කියලා .. ඔයා බෑග් දහයක් ගන්නකොට මම අරන් යන්නෙ බෑග් තුනයි...."

" ඕන දේවල් විතරයි මම අරන් යන්නෙ මෝඩයෝ..."

යාලු වුන දවස් වල ඉදන්ම අපි දෙන්නා මෙහෙම බොරු රණ්ඩු වලට , bickering වලට හරි දක්ශයි..

...... ......❤️💚.........

2018 ජූලි

Xiao Zhan

The untamed බලන කොට ඇහැට කදුලක් ආව තව දර්ශනයක් තමයි අර lan zhan කුඩයක් අරන් වැස්සෙ wei wuxian ව බලන්න න්එන වෙලාව.

" අපි කවදා හරි සටන් කරනවා නම්, මම කැමතියි අන්තිම වෙනකල් ඔයා එක්ක සටන් කරන්න .. මොකද මම මැරෙන්නෙ ඔයාගෙ අතේ නම් ..ඒක මට ඇති.."
වගේ වාක්‍යයක් wei ying කියන්නෙ ..

ඒක හරි emotional දර්ශනයක්. අපි දෙන්නත් ඒ feeling එක උපරිමයට දැනිලා තමයි රගපෑවේ.

ඒ වුනාට ඒ serious සීන් එකට කලින් set background එහෙම හදන වෙලාවෙ අපි දෙන්නා වෙනමම ලෝකෙක හිටියෙ.
මගෙ බෝයිෆ්‍රෙන්ඩ් හිටියෙ full horny mood එකක.

ඒකට හේතුව ඊට ටික වෙලාවකට කලින් අපි දෙන්නා කවුරුවත් හිටියෙ නැති හිස් ඩ්‍රෙසින් රූම් එකක් තුල හමුවීම . ඒක අපි plan කරපු දෙයක් නෙවෙයි. ඒත් ෆෝන් එක අමතක වුන නිසා යිබෝ ඩ්‍රෙසින් කාමරේ පැත්තට ආවම මාත් එයාගෙ පිටිපස්සෙන් ආවා.

වෙලාව කියන්නෙ ඒ වෙලාවෙ කාමරේ කවුරුත් හිටියෙ නෑ.
අපි දැන් ආපහු ඉක්මනින් යන්නත් ඕන. ඒත් ආදරෙන් මත් වුන තරුණ පිරිමි ලමයි දෙන්නෙක් තනිවුනාම පොඩ්ඩක් ඒකෙ ප්‍රයෝජනයක් ගන්නත් ඕනනෙ. ඉතින් බොහොම කඩිමුඩියේ කෙරුනු සිපගැනීම්, ආදරෙන් ස්පර්ශ කරගැනීම් ටිකකට පස්සේ අපි ඉක්මනට ආපහු යන්න හැරුනා ..
මදි මදි..හොදටම මදි .. ඒත් දැන් යන්න ඕන ශූටින් වලට.

" ඉතුරු ටික අද රෑ..රූම් එකට ගියාට පස්සේ.."
මම එයාගෙ කනට කරලා කිව්වා..

" ම්ම්ම්.. අද මගෙ දවස zhan ge.."
එයා කිව්වා..

ඉතින් දමනය වෙලා නැති සිතුවිලි , ඉදුරන් එක්ක තමයි අපි ඒ වෙලාවෙ සෙට් එකට ගියේ.
ඒ නිසාම ශූටින් වලට කලින් පොඩි පිස්සු වැඩ ටිකක් වුනා.
බොබෝ මා දිහාම බලාගෙන බොහොම seductive විදිහට අර කුඩේ stroke කරපු එක... මමයි පෙන්නුවේ ඔන්න ඕක කැමරා කරනවා කියලා .

ඊට පස්සෙ මගෙන් පුංචි කිස් එකක් ඉල්ලපු එක .. මම කිව්වා ලොකු තොප්පිය එක්ක අමාරුයි කියලා ..

දැන් නම් මතක් කරන කොටත් මුවගට සිනහවක් එන ලස්සනම ආදරණීයම ගිම්හානයක් තමයි ඒක..

.........❤️💚.........

වර්තමානය.

රයන්.

" රයන් අපි යමුද අද red lantern pub එක පැත්තෙ?? ඔයාට හදුන්වලා දෙන්න කෙනෙක් ඉන්නවා.."

Liu min එදා හවස මට කිව්වා.
Wu chang සහ xin yi වෙන වැඩ වගයක් දාගෙන තිබුන නිසා මට විතරයි අද යන්න ලැබුනෙ.

Li-ling හුරුබුහුටි ලස්සන කෙල්ලෙක්. එයා pub එකේ bartender කෙනෙක් . උදේ වරුවේ එයා shanghai university එකේ ඉගෙන ගන්නවා. හවස මෙතන වැඩ කරනවා.

Center එකෙන් ඈත ඝෝශාව අඩු ටේබල් එකක් එයා අපිට ලෑස්ති කලා. එතන හොදම දේ අපිට මුලු pub එකම පේනවා වුනත් අපිව එහෙම ලොකුවට අනික් අයට පේන්නෙ නෑ..
වැඩ කරන අතර සැරෙන් සැරේ Li-ling ඇවිත් අපිත් එක්ක කතා කලේ special cocktails එහෙම අරගෙන .

රෑ 9.00 ට විතර ආපු එක්කෙනා දැකලා මමයි liu minනුයි මූණට මූණ බලා ගත්තා. කොල්ලො කෙල්ලො 6 දෙනෙක්ගෙ විතර යාලුවො සෙට් එකක් එක්ක peng yue . මට මතක් වුනේ එදා අපේ වෑන් එක දිහා බලාගෙන හිටිය එයාගෙ බැල්ම . එදායින් පස්සෙ film studio එකට ආපු නැති නිසා එයාව දකින මුල්ම වතාව.
අපේ ටේබල් එක තියෙන තැන හින්දා peng yue අපිව දැක්කෙ නෑ.. ඒත් අපි එයාට නොපෙනෙන්න ඔලුව හංගගත්‍තා. යාලුවො සෙට් එක ගියේ ස්ටේජ් එක ලගම ටේබල් එකකට. කලින්ම ඒක reserve කරලා තිබුනු බව පෙනුනා..

" liu min .. මට ඔය peng yue ව අල්ලන්නෙ නෑ .. පොඩ්ඩක් ඇහැ දාගෙන ඉමු.."
මම කිව්වම liu min එකග වුනා.
ඒත් ටික වෙලාවකින්ම තේරුනා එතන බලන්න විශේෂයක් නෑ කියලා. නිකම් යාලුවො ටිකක් කකා බිබී enjoy කරනවා.

" Li-ling , අර ගෑණු ලමයව ඔයා දන්නවද?? "
මම Drinks දෙකක් අරන් අපි ලගට ආපු liu min ගෙ කෙල්ලගෙන් ඇහුවා.

" ම්ම්.. එයා යාලුවො ටික එක්ක නිතර එනවා. ගොඩාක් සල්ලි තියෙනවා . එයා තමයි හැමදාම බිල් එක ගෙවන්නෙ. හොදට සින්දු කියන්න පුළුවන් .වෙන විශේෂයක් නෑ."
Li-ling කිව්වා.

ඒ යාලුවො සෙට් එක Karaoke සින්දු කිව්වා.
අන්තිමට peng yue ත් නැගිටලා ගියා සින්දුවක් කියන්න. DJ ට කියලා එයාට ඕන සින්දුව තමයි තෝරාගත්තෙ.
ඉංග්‍රීසි සින්දුවක්. පිටරට කැම්පස් එකක ඉගෙන ගෙන තියෙන නිසා peng yue ගෙ ඉංග්‍රීසි දැනුම හොදයි වගේ . සින්දුව නියමෙට කියනවා..

එයා තෝරගෙන තිබුනෙ Doja cat ගෙ paint the town red සින්දුව . ඒකෙ තිබුන catchy beat එකත් එක්ක මම සින්දුව හොදට enjoy කර කර ඉන්නකොට ඒකෙ lyrics දිහාත් මගෙ ඇහැ යොමුවුනේ ඉබේටමයි

Mm.. She the devil
She a bad lil bi*tch , she a rebel
She put her foot to the pedal
It'll take a whole lot for me to settle..

Cause bi*tch i said what i said
I'd rather be famous instead
I let all that get to my head
I don't care i paint the town red..

මහලොකු ගැඹුරු තේරුමක් නැතිවට මේ කියන්නේ මුලු නගරයම ලේ වලින් පාට වුනත් මට ඕන දේ මම කරනව කියලානෙ.

එතකොට තමයි center stage එක ලග තියෙන ලොකු screen එකෙන් දර්ශනය වෙන peng yue සින්දු කියන දිහා මම හොදට බැලුවෙ.

මොකක්ද මේ එයාගෙ මූණෙ තියෙන expression එක!!
ඒකට මාව ආයෙත් සීතල වෙනවා වගේ දැනුනා. හරියට එදා එයා වෑන් එක දිහා බලාගෙන හිටිය දවස වගේ.

...........

ඊට පස්සේ දවසෙ මුලු අන්තර්ජාලයම ලොකුම කුණාටුවක් වගේ කලඹවන ෆොටෝ එකක් කවුරුහරි දාලා තිබුනා.
නෑ ඒක wang yibo තායිවාන කොඩිය තියෙන ටීශර්ට් එක ඇදන් හිටිය ෆොටෝ එකක් නෙවෙයි.
ඊට වඩා දරුණු එකක්.  !!

.............❤️💚.................

To be continued....

කතාව කියවන ඔයාලා හැමෝටම ආදරෙයි ..🥰🥰

Continue Reading

You'll Also Like

5.7K 995 15
අනපේක්ෂිත හමුවීමක් අබියස ජිවිතය වෙනස් වූ තරැනයෙකුගේ කතාවයි
945K 71.6K 46
သစ္စာ ဖောက်တဲ့ ex ကို ကလဲ့စားခြေဖို့ အဖေကို ယူ......... ငါ့ကို သစ္စာဖောက်တဲ့ အတွက် မင်းက ငါလေးကို Mom လို့ခေါ်ဖို့သာ ပြင်ထားတော့ ဝမ်ရီလျှို့ ~~ရှောင်...
6.2K 551 24
සමහර බැදිම් ලස්සනයි නමක් නොදෙනතාක් !.. 2024.1.22
810K 30K 105
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...