______________
"ජන්කුකී බේබි සර්....මං අර ගෑනිගෙ තොල පලන්නද...
ජන්කුක් ගෙ තොලට තියන්න අයිස් ගෙනාපු සීයා තාත්තා ගෙ බොඩිගාඩ් කෙනෙක් අහද්දි ජන්කුක් එයාගෙ කකුල හෙමිහිට පෑගුවා.මෙයාලාගෙ ඇග පත විතරක් ලොකු ඇයිද මන්දා,පීස් ගෝඩ් මෙයාලට මොලයක් දෙන්න...
"මට සමාවෙන්න.....
ටේහියුන් අම්මා වාඩිවෙලා හිටිය තැනින් නැගිටලා ජන්කුක් ලගට එන්න ලෑස්ති උනත් ජන්කුක් ලග ජන්කුක් ට හුරතල් මූනු දන් හිටිය හයෙ හතරෙ එවුන්ගෙ මූනූ යක්කුන්ගෙ වගෙ වෙච්ච නිසා එයා ඔලුව නමලා ආයෙම වාඩිඋනා.
එයාලා හිටියෙ හොස්පිට්ල් එක ලගම හොටෙල් එකක.මොකද හොස්පිට්ල් එක ඇතුලෙ ප්‍රශ්නයක් උනත් ජන්කුක් ගෙ තාත්තගෙ නමට ඒක ඒතරම් හොද නැති නිසා.
"ඔයා සමාව ගන්න ඕනි මගෙ දරුවගෙන් නෙමෙයි ඔයාගෙ දරුවගෙන් මිසිස් කිම්...මොකද මට එයා කියලා තියන සමහර දේවල් නිසා...මට ඔය දෙන්නාගෙ හැසිරීම ගැන කනගාටුවක් දැනෙනවා...
සීයාතාත්තා කියද්දි ටේහියුන් ගෙ අම්මා ඇස් වලට ආපු කදුලු පිහලා දැම්මා.
"මට ඕනි කලෙ අම්මෙක් විදිහට මගෙ දරුවගෙ ජීවිතෙ හොදින් ගතවෙනවා දකින්න්න....
"ඒත් අපි නොදැන එයාගෙ ජීවිතෙ විනාස කරලා දාලා..
මිසිස් කිම් ගෙ වචන එයාගෙ අත අල්ලගෙන ඉවර කරේ ටේහියුන් ගෙ තාත්තා.අවුරුදු ගානකින් ඔහු තමන්ගෙ දරුවා වෙනුවෙන් කදුලු හලමින් හිටියා.
"මං එයාට කතාකරන්නම්....
කදුලු පිහින ගමන් ටේහියුන් අම්මා ෆෝන් එක අරන් කෝල් කරා.ඒත් රින්ග් උනා මිසක් ටේහියුන් නෙමේ ආන්සර් කරේ.
"එයා වැඩ ඇති...
හිනාවෙන්න උත්සාහ කරන ගමන් මිසිස් කිම් ඇස් වලට ආපු කදුලු ආයෙම පිහගත්තා.
"අහ් ඉන්න ආන්ටි...
ජන්කුක් එයාගෙ ෆෝන් එක අරන් ටේහියුන් ට කෝල් එකක් ගත්තා.එයා ස්පීකර් ඔන් කරලා තිබ්බ නිසා හැමෝටම ඇහුනා කෝල් එක රින්ග් වෙන සද්දෙ.ඒත් දෙපාරක් රින්ග් උනාට පස්සේ ටේහියුන් කෝල් එක ආන්සර් කරා..
"බේ...
ටේහියුන් ආන්සර් කරපු ගමන් ජන්කුක් ස්පීකර් ඔෆ් කරා...මොකද එයාගෙ ටේහියුන් හියුන්ගී සමහරවෙලාවට ඕනිවට වඩා හුරතල් වෙන්න එනවා..
"අහම්....හියුන්ගී....
"ඔව් බේබී කියන්න වස්තුව....
ජන්කුක් සීයා තාත්තා දිහාට ඇස් කැරකෙව්වා.එයාගෙ කන අනිවාර්යයෙන් රතුවෙලා ඇති..අහ්...ඇයි ටේහියුන් හියුන්ගි ට බැරි හරියට කතා කරන්න...
"ඔයාට පුලුවන්ද මං කියන තැනට එන්න..ආහ් ඔයා හොදින් නේද?
"මට ප්‍රශ්නයක් නෑ...අපිට වෙඩිතියපු මල්ලිලා එක්ක මං පුංචි පාර්ටි එකක් දාන ගමන් ඉන්නෙ වස්තුව ,මං දැන්මම එන්න ඕනිද...
"ම්..ඔව් හියුන්ගි දැන්මම එන්න...
"එහෙනම් හියුන්ගී ට ආදරෙයි කියන්න...
ජන්කුක් ආයෙම ඇස් කැරකෙව්වා..මේ මිනිහට මොකක් වෙලාද...
"ඔව් ඔව්...හරි හරි හියුන්ගී...බායි...
ජන්කුක් වෙව්ලන අත්වලින් ෆෝන් එක කට් කරලා එයා දිහා බලන් ඉන්න පිරිස දිහා බැලුවා.
"එයා එයි...
ජන්කුක් හිනාවෙලා මිසිස් කිම්ට කියද්දි එයාගෙ ඇස් වල කදුලු හුගක් තිබ්බා.
"දරුවො......එයාව ආයෙම ලබාගන්න උත්සාහ කරන්න..එයා නොකිව්වට එයාට අම්මවයි තාත්තාවයි නොසෑහෙන්න ඕනි...
"ඒත් එයා ....එයා මාව පිලිගන්නෙ නැති වෙයිද සර්...
මිසිස් කිම් ජන්කුක් ගෙ සීයාගෙ පැත්තට හැරෙද්දි සීයා ජන්කුක් ව එයාගෙ තුරුලට ගෙන්න ගත්තා.
ජන්කුක් සීයාගෙ තුරුලට පැනලා ටේහියුන් ගෙ අම්මා දිහා බලලා ආයම සීයා දිහා බැලුවා.
"අනිවාරෙන්ම එයා ඔයාව පිලිගන්නවා..මොකද මේ ලෝකෙ කඩන්න අමාරුම ලේ බැම්ම...
"සර් ටේහියුන් සර් එනවා.....
ටේහියුන් හොටෙල් රූම් එක ඇතුලට ආවේ ජන්කුක් ව බලාපොරොත්තුවෙන් උනත් එතන හිටිය අය දැකලා ටේහියුන් නතර උනා.
"හියුන්...
"ජන්කුක් මං ආවේ ඔයාව හම්බවෙන්න..නැතුව වෙන මිනිස්සුන්ව හම්බවෙන්න නෙමේ...අනික ඔයාගෙ මහලොකු ලේලිගෙ තාත්තා තව ටිකෙන් මාවයි ජන්කුක්වයි මරලා දානවා..
ටේහියුන් කේන්තියෙන් කියද්දි ටේහියුන් ගෙ අම්මා නැගිටලා හිටගෙන ඉන්න ටේහියුන් ලග දනගැහුවා.ටේහියුන් ගැස්සුනා..ටේහියුන් ගෙ තාත්තා ත් ඇස් වල කදුලු පුරෝගන ඉන්නවා.
" මට සමාවෙන්න ටේ..ටේ ...ඔයාගෙ අම්මට සමාව දෙන්න..මං සූමින්ව විශ්වාස කරා..මට ඕනි කරෙ ඔයා සතුටින් ඉන්නවා දකින්න විතරයි...මට සමාවෙන්න ටේ..ටේ...
ටේහියුන් අම්මට වෛර කරත් එයාට කොහෙත්ම බෑ අම්මා එයා ඉස්සරහ දණ ගහන් ඉන්නවා බලන්න..ඒ නිසා ටේහියුන් බිම දනගහත්තා.ඒත් එයා අම්මව නැගිට්ටවන්නත් ,මොකුත් කියන්නවත් උත්සාහ කරෙ නෑ..
"පුතා..තාත්තා ට සමාවදෙන්න...
ටේහියුන් බිම බලන් හිටියත් ටේහියුන් දැක්කා අම්මගෙ දනහිස ගාවින්ම තාත්තා ගෙ දනහිස් දෙකත් තියනවා.
"ඔයාලා නිසා....
ටේහියුන් වචන ගිල්ලා..එයා ඇස් උස්සලා අම්මයි තාත්තා යි දිහා බැලුවා.එයාලගෙ ඇස් වල පසුතැවීමෙ කදුලු වලින් පිරිලා..
"සූමින්ගෙ දරුවා මගෙ නෙමෙයි කියලා මං ඔයාලට කිව්වා...සෙකට්‍රි එක්ක මට ඇති සම්බන්ධයක් නෑ කියලා මං ඔයාට කිව්වා..ඔයාලට මාව කවද්ද ඔයාගෙ දරුවෙක් උනෙ..මං නිකන්ම ඔයාලගෙ ඩීල් එකක්..
ටේහියුන් ගෙ ඇස් වලින් කදුලු බින්දුවක් වැටුනා.ජන්කුක් ඇස් වලින් කදුලු හෝ ගාලා ගලන්න ගත්තෙ ටේහියුන් ගෙ ක්දුලු දැකලා..ඒත් එයා ටේහියුන් ට ලං උනෙ නෑ..සීයගෙ කෝට් එක අස්සෙ ඉදන් ජන්කුක් එයාලා දිහ බලන් හිටිය.එයාට ඕනි නෑ ටේහියුන් හියුන්ගි ගෙ පවුලෙ ප්‍රශ්න වලට මැදිහත් වෙන්න..
"ටේහියුන් ප්ලීස් පුතා මට සමාවදෙන්න...අපි ගෙදර යමු...සූමින් ගෙ තාත්තා සූමින් එක්ක එකතුවෙලා මගෙ ඔලුව අවුල් කරලා තිබ්බෙ..මං දන්නෙ නැ ඒ කෙල්ල....
ටේහියුන් කටකොනකට හිනා උනා..
"සූමින් ද මමද ඔයාගෙ දරුවා තාත්තේ...ඔයා නිසා හියුන්ග් පවා ගෙදරින් ගියා..ඔයලා දෙමව්පියෝ උනත් කවදාවත් ඇත්ත දෙමව්පියෝ උනෙ නෑ....මං ප්‍රාර්ථනා කරනවා මට අම්මෙක් තාත්තෙක් නැතුව ඉපදුනානම් හොදයි කියලා.....
"කිම් ටේහියුන්....
ටේහියුන් ඔලුව ඉස්සුවා.කෑගැහුවෙ වෙන කවුරුත් නෙමේ..ජන්කුක් ...ටේහියුන් හියුන්ග්වත්..හියුන්ගිවත් නොකියා ජන්කුක් කෑගැහුවෙ ටේහියුන් ගෙ නම කියලා...
"ඔයා දන්නවද අම්මෙක් තාත්තෙක් නැතුව ජීවත් වෙන එක කොයිතරම් නම් අමාරුද කියලා...
"ඔව් ඔයා ඒක දැනගන්න ඕනි...මං දවසට කොයිතරම් නම් අම්මා මතක් කරලා ඉකිගහනවාද කියලා ඔයා හොදටම දන්නවා..
"වස්තුව මට සමාවෙන්න...ඒත්...
"ඔයා කියන්න යන්නෙ මෙතන තත්වෙ වෙනස් කියලා නම් ඔයාට පුලුවන් වෙන්න ඕනි හැමදේම අමතක කරලා එයාලට සමාව දෙන්න...කරුනාකරලා එයාලව බදාගන්න ටේහියුන් හියුන්ගී...එයාලා ඔයාට කොයිතරම් නරක දේවල් කරත් එයාලා නැතුව ඔයාට ඔහොම හිටගන ඉන්න බෑ කවදාවත්....අම්මයි තාත්තා යි කියන්නෙ අපි ඉස්සරහ ඔහොම දනගහන් ඉන්න ඕනි අය නෙමෙයි...
ජන්කුක් නැගිටලා කෑගහද්දි ජන්කුක් ගෙ තාත්තා ජන්කුක් ව තුරුල් කරගත්තා..
"ම..ට ටිකක් කල් ඕනි...
ටේහියුන් නැගිටින ගමන් කදුලු පිස්සා.ටේහියුන් අම්මා ටේහියුන් ගෙ අතකින් අල්ලගනිද්දි ටේහියුන් යන්න හදලත් නතර උනා..
"එහෙනම් ගෙදර එන්න පුතේ...
ටේහියුන් එකපාරක් ජන්කුක් දිහා බලලා මොකුත් නොකියම , ආයෙ නොහැරිම හොටෙල් රූම් එකෙන් යන්න ගියා.ඒ අතරෙ ජන්කුක් ගෙ තාත්තා ජන්කුක් ගෙ කදුලු බින්දු පිහලා දැම්ම වගේම ඊට ටිකකට පස්සෙ ජන්කුක් හිටියෙ ටේහියුන් ගෙ අම්මව නැගිට්ටවන ගමන්..එයා මලකදක් වගෙ ටේහියුන් ගිය දිහාම බලන් ඉන්නව..
ඒත් එක්කම ජන්කුක් ගෙ ෆෝන් එක රින්ග් උනා.ජන්කුක් ෆෝන් එක ආන්සර් කරලා හිමින් කනට තියාගනිද්දී එහා පැත්තෙන් ටේහියුන් ගෙ කටහඩ ඇහුනා.
"එයාට කියන්න..මං ගෙදර එන්නම් කියලා...
ජන්කුක් හිනාවෙලා ටේහියුන් අම්මා දිහා බැලුවා.
ඔයා ට ඉක්මනට ඔයාගෙ පුතාව ලැබෙයි ආන්ටී...
______________________________________________
"එයා මැරුනද අම්මා..මගෙ දරුවා..මගෙ දරුවා..එයා මැරුනද...
සූමින් එයාගෙ අම්මා දිහා බැලුවා..එයාගෙ එහාපැත්තෙ ඉන්න තාත්තා දිහා බැලුවා..
"එයා කොහොමද යන්නෙ අම්මා..මං පරිස්සම් උනානේ.....මං හුගක් පරිස්සම් උනානේ...අනේ තාත්තා ...සමහරවිට එයාලට් වැරදිලා ඇති..එහෙම නේද...මට ඊයෙත් එයාව දැනුනා නේ...ඔව් තාත්තා එයා මගෙ මෙතෙන්ට පයින් ගැහුවා...
අම්මා...
අනෙ මගෙ බබාව මට ඕනි...මට එයාව ගෙනත් දෙන්න..මට අඩුම තරමෙ එයාට කිරි දෙන්න්වත් බැරි උනා..
අනෙ අම්මා එයා වෙනුවෙන් නෙ මේ කිරි..එයාගෙ මමාගෙ කිරි බොන්නැතුව එයාට පාලු හිතෙයිනෙ...
සූමින් අඩනවා..සූමින්ගෙ අම්මා වගේම සූමින්ගෙ තාත්තා ත් සූමින් දිහා බලන් හිටියෙ දරාගන්න බැරි වේදනාවකින්...
"මට සමාවෙන්න දුව......
"නැ...මමයි සමාව ගන්න ඕනි..මගෙ බබා මගෙන් එයා උදුර ගත්තෙ මං ටේහියුන් ට වරදක් කරපු නිසා...අනෙ අම්මා...මේ එරෙන කිරි බොන්නෙ කවුද .....
සූමින් අඩන එක අඩු කරෙ නෑ..එයාගෙ හොස්පිට්ල් කෝට් එකේ උඩ හරියෙ ගෑවෙන කිරි දැකලා සූමින් ආයෙ ආයෙ ඇඩුවා.එයා බබා වෙනුවෙන් මහපු ඇදුම්....සූමින් හොද අම්මෙක්..එයා නරක කෙනෙක් වෙන්න ඇති..ඒත් එයා අම්මා කෙනෙක්...
"ප්ලීස් ඔයාල යන්න..මට තනියෙන් ඉන්න ඕනි...
"ඒත් පුතේ...
"යන්නයි කිව්වෙ...
සූමින් කෑගැහුවට පස්සෙ එයාලා එලියට ගියා..සූමින්ගෙ හොස්පිට්ල් රූම් එකෙ දොර වහලා සූමින්ගෙ තාත්තා දොරට හේත්තු උනා..
"අපි නරක දෙමව්පියෝ ද යේබෝ....
සූමින්ගෙ අම්මා මොනවහරි කියන්න උත්සාහ කරත් එයාලට ඇහුනා කලබලයක්.එකපාරට පහලින් ඇහුන සද්දෙට එයාලා ජනේලෙන් පහල බැලුවා.
"කවුරුහරි බිල්ඩිමෙන් පහලට පැනලා...