NIRNAMIKA | සිංහල | (Anonymou...

Por BTS_taesite_

3.6K 720 232

~තුහින හරි පරණ තාලෙ වයිබ් එකේ මනුස්සයෙක් . ඒ නිසාමද කොහෙද ආධිල් හැම තැනදිම හැම මොහොතකදිම හැම තප්පරයකම තුහිනව... Más

"නිර්නාමික-01"
"නිර්නාමික-2"
"නිර්නාමික-3"
"නිර්නාමික-4"
"නිර්නාමික-5"
"නිර්නාමික-6"
"නිර්නාමික-7"
"නිර්නාමික-"8
"නිර්නාමික-9"
"නිර්නාමික-10"
"නිර්නාමික-11"
"නිර්නාමික-12"
"නිර්නාමික-13"
"නිර්නාමික-14"
" නිර්නාමික-15"
" නිර්නාමික-16"
" නිර්නාමික-17"
" නිර්නාමික-18"
" නිර්නාමික-19"
" නිර්නාමික-20"
" නිර්නාමික-21"
" නිර්නාමික-22"
" නිර්නාමික-23"
" නිර්නාමික-25"
" නිර්නාමික-26 "
" නිර්නාමික-27 "
" නිර්නාමික-28 "
" නිර්නාමික-29 "
" නිර්නාමික-30 "
" නිර්නාමික-31 "
" නිර්නාමික-32 "
" නිර්නාමික-33 "
" නිර්නාමික-34 "
" නිර්නාමික-35 "
" නිර්නාමික-36 "
" නිර්නාමික-37 "
" නිර්නාමික-38 "
" නිර්නාමික-39 "
" නිර්නාමික -40 "
" නිර්නාමික -41 "

" නිර්නාමික-24"

86 18 7
Por BTS_taesite_

නිරාශා හිටියෙ ශෙවෝන් එක්ක පොඩි ගමනක් ගිහින් එන ගමන් . ශෙවෝන් වගේම නිරාශාත් බැහැලම ඉදියෙ තුහිනගෙ වැඩේට . තුහින අද කාර් එක ගන්න එනවා කිව්ව නිසා නිරාශාවත් ඇරලගෙනම ශෙවෝන් ගෙදර යන්න හිටියෙ .

නිරාශා : ශෙවෝන් තුහිනව දන්නෙ පොඩිම කාලෙ ඉදන්ද ?

ශෙවෝන් : ඔව් නිරාශා . අපේ තාත්තලා නෑයොත් වෙනවා . ඒත් නෑ කමට වඩා අපි යාළුවෝ විදියට තමයි හිටියෙ....

නිරාශා : ආ... ඉපදෙන කොටම දැනගෙන ඉදලනෙ ඒ කියන්නෙ . ඒක නෙවෙයි ඒ තැන හොයා ගත්තෙ කොහොමද බං... ?

ශෙවෝන් : මගෙ යාළුවෙක්ගෙ ප්ලේස් එකක් බං . එතන වැඩේට හොදට ගැලපෙයි කියලා හිතුනා .

නිරාශා : ම්ම්... ගැලපෙයිදත් අහනවා . එතන පට්ට ආහ්... ආ ශෙවෝන් මට පොඩ්ඩක් ශොප් එකකට යන්න තියෙනවා මාව ටවුන් එකෙන් දාලා ඔයා යන්න .

ශෙවෝන් : ආන්ටි බනීද දන්නෑ දෝනියන්දැව පාරෙ දාලා ගියා කියලා . අනික දැන් හවස් වෙලා බං...

නිරාශා : ආ.... මට අනිද්දට අදින්න එකක් නෑ . ලස්සන ඇදුමක් ගන්න ඕනා...

ශෙවෝන් : කෙල්ලොන්ට කොච්චර ඇදුම් තිබ්බත් ඇති වෙන දවසක් නෑ . ආ යමන් යමන් මටත් ගන්න ඕන . පැය භාගෙට තෝර ගනිම් ඈ . උඹව බස්සගෙනම යන්නම් මං . නැත්නම් මොන දීපංකරේ යයිද දන්නෑ .

නිරාශා : ඒක නෙවෙයි ඇයි තුහින ඕෆ් වයිට් තෝර ගත්තෙ ?

ශෙවෝන් : එහෙම තමයි... ඌ මහ පරණ තාලෙ එකෙක් . කිසි ආසාවක් නෑ ඔය විච්චූරණ දේවල් වලට .

නිරාශා : ම්ම්... සරලයි තමා . මේ කාලෙ ඒ වගේ මනුස්සයෙක් ඉන්නවා කියන එකත් හරි පුදුමයක් ශෙවෝන් . ඒකට උගෙ වෙන්න මනුස්පයා.... ඌ නම් නිකන් තුහිනගෙ සම්පූර්ණ අනිත්පැත්ත . හම්බේ ඉතිම්...

ශෙවෝන් : ඒක ඇත්‍ත . 😂

එහෙම කියන ගමන් නිරාශා එක්කම ශෙවෝනුත් කාර් එකෙන් බැස්සෙ Odel එකට යන්න හිතා ගෙන . ශෙවෝන් පැය භාගයක් දුන්නත් නිරාශාට ගියේ පැය එකහමාරක වගේ සුළු කාලයක් . ශෙවෝන් තෝරලා බිල් කරන්න යන්න නිරාශා එනකන් පැය ගානක් ඉද ගෙන බලං හිටියෙ රවාගෙන .

නිරාශා : හරි...

ශෙවෝන් : වරෙන් යකෝ.... පැය කීයක් තේරුවද උඹ ගවුමක් ?

නිරාශා : ඒම තමයි . මං කෙල්ලෙක්නෙ... උඹ වගේ කලිසමක් ගන්න යැයි... යං යං පරක්කු නොවී එන්න ශෙවෝන් . දැන් තුහිනත් එයි කාර් එක ගන්න .

ශෙවෝන් : හරිම සෝක්. නිකං මං පරක්කු උණා වගේ මට බනින්නෙ.

විනාඩි ගානක් බිල් එක දාන්න හිටං ඉදලා තවත් පැය භාගෙකට විතර පස්සෙ නිරාශාවත් ගෙදරින්ම ඇරලපු ශෙවෝන් ගෙදර ගියා . ඒ වෙද්දිත් තුහින ඇවිල්ලා බලං ඉදියෙ . කාර් එක ගේට් එකෙන් එළියෙම නවත්තපු ශෙවෝන් යතුරත් අරගෙනම තුහින් අගාවට ගියා .

ශෙවෝන් : උඹ ගොඩක් වෙලාද බං ඇවිල්ලා ?

තුහින : ම්ම් නෑ බං . දැන් විනාඩි පහක් ඇති ඕන නම් . නිරාශා ව ගෙදරටම දැම්මද උඹ ?

ශෙවෝන් : ම්ම්... දැම්මා දැම්මා . ආන්ටිටත් කතා කරලමයි ආවෙ .

තුහින : ම්ම්... එහෙනම් කමක් නෑ . ඒක නෙවෙයි ශෙවෝන් !

ශෙවෝන් : ඕ කියපන් .

තුහින : දැන් උඹ ආධිල්ට කිව්වද හෙට හවස ඩිනර් එක කියලා .

ශෙවෝන් : ම්ම්.... මං ලොකේශන් එකට ගිහින් එන ගමන් ආධිල්ට කෝල් එකක් ගත්තා තුහින . මං කිව්වා උඹත් එක්ක වරෙන් කියලා .

තුහින : ඒක හොදයි .

ශෙවෝන් : මායි නිරාශයි එකොළහට විතර යනවා පොඩ්ඩක් වැඩේ ඇරේන්ජ් කරන්නත් එපැයි . උබ පහට කිට්ටු කරලා ලොකේශන් එකට ආවා නම් හරි බං .

තුහින  : ම්ම්... මං ඒ වෙලාව අල්ලලා මෙහෙන් පිටත් වෙන්නම් එහෙනම් .

ශෙවෝන් : ම්ම්.... හරි එහෙනම් බං . මෙන්න කාර් එකේ කී එක . හෙට හම්බෙමු කොල්ලො එහෙනම්....

තුහින : ම්ම්.... තැන්ක් යූ ශෙවෝන් . මං ගිහින් එන්නම් බං එහෙනම් .

ශෙවෝන් : ම්ම්... පරිස්සමින් පලයන් . ගිහින් නෝට් එකක් දාපන් .

තුහින : හරි බං .

එහෙම කිව්ව තුහින ඔළුවත් කස කස යන්න ගියා . ශෙවෝන් දැක්ක විදියට නම් තුහින ඉදියෙ කලබල වෙලා . ටිකක් නෙවෙයි ගොඩක් කලබල වෙලා . ඔව් ඒක එහෙම වෙන්න එපැයි . දහය වසරෙ ඉදන් මේ වෙනකන් අවුරුදු ගානක් හිර කරගෙන ඉදපු හැගීමක් එළියට දාද්දි කලබල වෙනවා තමයි . නිකන් හදවත ගැලවිලා එළියට එන්න හදනවා වගේ දැනෙනවා ඇති එයාට . තුහින යනකන් ඉදපු ශෙවෝන් බයික් එකේ යතුරත් කරකව කරකව ගේ ඇතුළට ගියා . ශෙවෝන් නැවතිලා හිටියෙ පන්නිපිටියෙ . තුහින ඉදියෙ ටිකක් කොළඹ දිහාට වෙන්න . ආධිලුත් එහෙමයි . ඒ නිසා තුහිනට ආධිල්ව එක්කගෙන එන එක ලේසී . නිරාශාත් හිටියෙ පිළියන්දල කිට්ටුව නිසා ශෙවෝන් හිතන් ඉදියෙ නිරාශාවත් එක්කගෙනම ලොකේශන් එකට යනවා කියලා .

උදේ ඉදන් එළියෙ ඉදපු ශෙවෝන් නාගෙන ඇවිල්ලා වොශ් දා ගෙන ගෙනාව කෑම එකත් කාලා ටිකක් වෙලා අද ආව මේලස් ටික චෙක් කළා . තුහිනත් ගියා කියලා මැසේජ් එකක් දාලා තිබ්බ නිසා ෆෝන් එකත් පැත්තකින් තියලා තමන්ගෙ ඩයරි එක අරගෙන බැල්කනි එකට ගියා .

ශෙවෝන්' s pov

" ඩයරි එකක් ? ඔව් . මං සාමාන්‍යයෙන් මට හිතුනම හිතට වැඩිපුරම දෙයක් දැනුනම ඒ බර ඩයරි එකේ පිටුවකට බර කරනවා . එතකොට හිතට හරි නිදහස් . සැහැල්ලුවක් දැනෙනවා ."

" මිනිස්සු හරි පුදුමාකාරයි . හැමෝටම තියෙන්නෙ හිත් කියලා සමහර වෙලාවට අපිට අමතකම වෙලා යනවා . ඒ නිසයි අපි නිසා , අපේ වචන නිසා , අපේ හැසිරීම් නිසා තවත් කෙනෙක්ට රිදෙන්න ගන්නෙ . ඇත්‍තටම මමත් එහෙම හිතක් නොසෑහෙන්න රිද්දපු කෙනෙක් . මං විතරක් නෙවෙයි අපි හැමෝම අපේ පැතිකඩෙන් දැන හෝ නොදැන කාවම හරි නොසෑහෙන්න රිදවලා තියෙනවා ඇති . එක අතකට ඇයිද මිනිස්සුන්ට හිතක් මැවුවෙ ? හැබැයි වෙලාවකට හිතෙනවා හිතක් නැත්තන් මට කොයින්ද ඌ ගැන මෙච්චර ආදරයක් දැනෙන්නෙ ? කියලා . "

ශෙවෝන් ඉදියෙ හිතට දැනුන වචන පෙළක් ඩයරියේ ලියන ගමන් . 
එයාගෙ අත වෙවුලන්නෙ ඇයි ? සමහර විට හිතට දැනෙන වචන ඒ තරම්ම දරුණු ඇති . ඒ හිතට බර වැඩි ඇති .
එහෙමත් නැත්නම් ඒ ඇස් වල කදුළු  ඇයි ? සමහර විට ඒ කවදාවත් නොමැකෙන රූපෙ එක විනාඩියකට හිතේ ඇදෙන්න ඇති .

තවත් ඩික වෙලාවකින් ඩයරි එක වහපු ශෙවෝන් පුටුවට හේත්තු වෙලා ඇස් දෙක පිය්සගෙන හොද හුස්මක් අරගෙන පහත දැම්මා . ඇස් අගින් බේරුණ කදුළු බිංදුවක් පිට අත්ලෙන් පිහදාලා කම්මුල් දෙකේ තිබ්බ කදුළු පාරවලුත් පිහදාලා දැම්මා .

කෙනෙක් කියනවා නම් පිරිමි කෙනෙක්ට අඩන්න බෑ එහෙනම් එයා දුර්වල කෙනෙක් කියලා ,
නෑ ඒක වැරදී . මොකද මං දැකලා තියෙනවා ඕන තරම් ශක්තිමත් පිටිමි හිත් පවා තමන්ගෙ ජීවිතේම උණ කෙනෙක් ලග පුංචි අත දරුවෙක් වගේ මෙලෙක් වෙන විදිය .

හිතේ තියෙන දුක් නැති කරලා දාන්න කදුළු වලට ඉඩ දෙන එක කරන්න එයාලටත් අයිතියක් තියෙනවා . කදුළකින් දැනෙන සැනසීම වෙන කිසිම විදියකින් නොලැබෙන්නෙ ඒ නිසාමයි .

ඇත්‍තටම හිතක් රිද්දන්න නොහිතුවත් තමන් ගැන දැනෙන වරදකාරි හෑගීමකට පුළුවන් මනුස්සයෙක්ව ඇවිදින මළකදක් ගානට ඇදලා දාන්න . තමන් ඒ කෙනාව ප්‍රතික්ශේප කළත් ශෙවෝන් දන්නවා තාමත් ඒ කෙනා තමන් වෙනුවෙන් මග බලං ඉන්න වග . එයාගෙ නම තේව් ! තේව් යුගාන් දිසානායක . හැබැයි කවදාවත් ඒක ශෙවෝන් අහන්න ගියේ නෑ . ඒ වගේමයි එයා කියන්න ගියෙත් නෑ .

ඒ ඇයි ඇහුවම යුගාන් දුන්නෙ එක උත්තරයයි.  ඒ " නෑ... මං බලං ඉන්නවා ඔයා වෙන කෙනෙක්ගෙ වෙනකන් " කියලා විතරමයි . ඒ ඇයි ඇහුවම එයා දුන්නෙත් හරිම පුංචි උත්තරයක් .
" උඹ වෙන කාගෙ හරි උණාම මට පුළුවන් උඹ ගැන තිබ්බ බලාපොරොත්තු කඩලා බිදලා දාන්න . ඒත් දැන ගනින් ! කඩලා බිදලා දාන්නෙ උඹේ ගැන තිබ්බ බලාපොරොත්තු මිස උඹ ගැන තිබ්බ ආදරේ නෙවෙයි කියලා "

ශෙවෝන් හොදවාකාරවම දැනගෙන උන්නා එයා ගැන . ඒත් ශෙවෝන්ට මේ වෙනකන් කිසිම ආදරයක් කියලා හැගීමක් ඒ කෙනා වෙනුවෙන් තමන්ගෙ හදවතේ ඇවිලිලා නැතිව ඇති . මිනිස්සුන්ට බෑ හැම කෙනාගෙම හැගීම් පිළිගන්න . ඒ වගේමයි ශෙවෝනුත් ඒ තරම්ම ආදරේ කළේ වෙන කෙනෙක්ට . උදේ ඉදන් රෑ වෙනකන් . රෑ ඉදන් උදේ වෙනකන් හීනෙන් පවා ශෙවෝන් දැක්කෙම ඒ රූපෙ අයිතිකාරයාව . ශෙවෝන්ට ඕන උණේ වෙන කිසිම දෙයක් නෙවෙයි ‍තමන් මෙච්චරටම කැමති කෙනාගෙන් ආදරේ විතරමයි . සමහර විට යුගාන් පවා දැනටත් බලං ඉන්නවා ඇත්තෙ කවදම හරි කොයිම මොහොතකදි හරි එයා කැමති කෙනාගෙන් කැමතිම විදියෙ දෙයක් අහන්න විතරක්ම වෙන්න ඇති .






____________________________

යුගාන්ව දකින්න ආසද ?
නෑ නෑ එව්වා රහස් . ඒනම් මං යනවෝ...

බායි ළමයි 😫💕

Seguir leyendo

También te gustarán

117K 12.2K 71
TaeKook Non Fanfiction #1 nonfic #1 nonfanfiction #1 nonff #1 nonfanfic 2023.12.09 2024.
10.9K 1.4K 38
| දෛවයට හැකිනම් වෙන් කරන්න. අපිට ඇයි බැරි ආයෙ ආයෙත් හමුවෙන්න | ❝ දන්නවද නුඹ, මා මතක් කරලම හුස්ම ගත් පළවෙනි දවස.... නුඹ දුටුව ඒ මුල්ම දින...❞ ...
35.4K 1.4K 27
What gonna happen if Seven mafia kidnapped seven normal boys what if they did mistake that will let them lost the most precious person in their life...