මානස (Completed)

Por NirMad238

58.6K 11.2K 11.2K

ඔයා වෙනුවෙන් මං හැමදාමත් ඉන්නවා.... Más

Introduction
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
පසුවදන

80

996 126 292
Por NirMad238

එවෙලෙ මහ රෑම ඩිරෙක්ටට කතා කරලා මං එයාපෝට් එකට ගියේ අසිහියෙන් වගේ.

හැමදාමත් මට වෛර කරපු,
මාව දැක්කත් අපහාස කරපු අංකල්!

ඇත්තටම එයා වෙනුවෙන් නම් මගෙ හිතේ වේදනාවක් තියෙනවා කියලා කියන්න බෑ.
ඒත් මගේ හිතේ මේ වෙලාවෙ දරාගන්න බැරි තරමෙ වේදනාවක් තියෙනවා..
ඒ වෙන කවුරුත්ම ගැන නෙමෙයි.
අයියා ගැන!
මගේ හිනාමල ගැන!

ජීවිතේ හැමදාමත් මගේ හයියට හිටපු මනුස්සයට මාව ඕනෙම කරපු තැනදි මට එයා වෙනුවෙන් ඉන්න බැරි වුනානෙ!

මේ මහ රෑ මං ඉන්න තැන ඉඳන් ලන්ඩන් හීත්‍රෝ වලට යන්න ෆ්ලයිට්ස් නෑ.
ඉතින් පැයගානක් ඩ්‍රයිව් කරගෙනයි යන්න වුනේ.
මං ලන්ඩන් යද්දිම උදේ වෙලා.

එතනින් නම් ඩිරෙක්ට් ෆ්ලයිට් එකක් කොළඹට තිබුනා.
ඒක මගේ වෙලාව!
නැත්තම් ට්‍රන්සිට්වල පැය කීයක් වාත වෙන්නද?
ප්ලෙන් මගෑරෙයිද කියලා බයෙන් ඉන්නද?
දැන් කොහොම හරි පහුවදා පාන්දර එක දෙක වෙද්දි මට කොළඹට යාගන්න පුළුවන්!
එතකොට එලිය වැටෙන්න කලින් අයියා ලඟට යාගන්නත් පුළුවන්!
ඒක පුදුම සහනයක්!

ප්ලේන් එකට නැගලා ෆෝන් එක ෆ්ලයිට් මෝඩ් දාගන්න කලින් මං අයියට මැසේජ් එකක් දැම්මා.

I'm on my way Dhaanu!
Please keep strong!

ඊට පස්සෙ ලොකුම ලොකු හුස්මක් අතෑරලා සීට් එකට හේත්තු වුනා.
හේත්තු වෙලා කල්පනා කරන්න පටන් ගත්තා.

අයියව මුලින්ම දැක්ක දවසට මගේ හිත දුවගෙන ගියා.

ලස්සන සුදු කාරෙකකින් ඇවිත් බැස්ස ඊටත් වඩා ලස්සන සුදු උස අයියා කෙනෙක්!

එහෙමයි මුලින්ම මට එයාව දැක්කම හිතුනෙ.
එතකොට මං හතරෙ වෙන්නැති.
මං එයාගෙ දිහාම කටත් ඇරගෙන බලාගෙන හිටියා.
මොකද පෝසත් පාට, පිරිසිදු පාට එයාගෙන් බේරුනා.
හරියට දිව්‍ය ලෝකෙ ඉඳන් ආපු ඒන්ජල් කෙනෙක් වගේ.

මං බලාගෙනම ඉන්නවා දැකලද කොහෙදෝ අයියත් මගෙ දිහා බැලුවා.
ඉතින් මට ලැජ්ජ හිතුනා.
මං තාප්පයක් උඩට පැනලා ඒක දිගේම දූවගෙන දූවගෙන ගියා.
ටිකක් දුර ගිහින් නැවතිලා ආයෙත් හැරිලා බැලුවා.

මට ඕන කරන්න ඇත්තෙ ඒ ලස්සන සුදු ඒන්ජල් මගේ දිහාම බලාගෙන ඉන්නවා දකින්න වෙන්නැති.
මොකද එක පාරටම මගේ හිතට නොතේරෙන අමුතුම දුකක් දැනෙන්න ගත්තා.
ඒ ලස්සන අයියා පේන මානෙකවත් හිටියෙ නෑ.

ඉතින් මට තරහා ගියා.
ගොඩාක් ගොඩාක් තරහා ගියා.
නැත්තම් තරහා ගියා කියලා හිතාගෙන හිටියා.
ඇයි එයාට මගෙ දිහා බලාගෙන ඉන්න බැරි වුනේ?

ටික දවසක් යද්දි හිස් ඉඩමක ලස්සන ලොකු මාලිගාවක් හැදුනා.
ඒකෙ පදිංචියට ඒ ලස්සන ඒන්ජලුත් ආවා.
ඒත් එයා අනිත් ළමයි වගේ එලියට බහින්නෙ නෑනෙ.
කොටිම්ම එයාගෙ නංගිත් අපිත් එක්ක සෙල්ලම් කරන්න ආවා.
ඒත් ඒන්ජල්ව නම් ආසාවට දකින්න නෑ.
ගේ අස්සෙමයි!
මල සමයං!
ඒන්‍ජල් කෙනෙක් වුනත් පොඩ්ඩක් එලියට පහලියට බහින්න ඕනෙ නැද්ද?
මට තවත් ටිකක් තරහා ගියා.

දිදුනිලගෙ ගෙදර යන්න මං ඒ කාලෙ ගොඩක් ආසයි.
එකක් එහේ ගොඩාක් ඉඩ තිබුනා.
අනික ලස්සන ලස්සන සෙල්ලම් බඩුත් තිබුනා.
හැබැයි ඒ ඔක්කෝටමත් වඩා තවත් හේතුවක් තිබුනා.
ඒ තමයි අලි ඔළුවෙන් ඉන්න ඒන්ජල් කොල්ලගෙ ගෑස් බස්සන්න මට ඕනෙ වුනා.
ඉතින් අන්තිමේදි කොහොම හරි ඒකගෙ ගෑස් මං බැස්සුවා.

මගේ මූණෙ හිනාවක් ඇඳුනා.
හැබැයි ඒත් එක්කම ඇස් වලින් කඳුළු ඉවරයක් නැතුවම ගලාගෙන එන්න පටන් ගත්තා.

මොකද මං වෙනුවෙන් එයාගෙ හැමදේම අතෑරලා දාලා ආපු ඒ ලස්සන ඒන්ජල්ව අමාරුම මොහොතක මං තනි කලා.

"Are you ok?"

එහා පැත්තෙ සීට් එකේ හිටපු මනුස්සයා අහද්දි මට ඉකි ගැහුනා.
Are you ok? කියලා අහන්නවත් කෙනෙක් අයියා ලඟ එවෙලෙ ඉන්න ඇතිද?
නැත්තම් ගහක් ගලක් වගේ හැමදේම දරාගෙන ඉන්න වෙන්න ඇතිද?
මං එයා ලඟ නොහිටපු එක ගැන එයාට දුක හිතෙන්න ඇතිද?
තරහා යන්න ඇතිද?

අනේ මට සමාවෙන්න මගෙ අයියේ!!!
ආයෙම නම් කවදාවත්ම කිසිම හේතුවකට ඔයාව තනි වෙන්න මං ඉඩ තියන්නෙ නෑ.
ඇත්තමයි!
ඔයාගෙ ලඟ හෙවනැල්ලක් වගේ හැමදාමත්ම ඉන්නවා!

පහුගිය ටිකේ මට අයියව ගොඩාක් මගෑරුනා.
අන්තිමට එයාව දැක්කෙත් සති දෙකකට විතර කලින්.
ඒකත් පැය කීපෙකට.
මං ඒකට ආස නෑ.
වෙලාවකට සේරම දමලා ගහලා දාලා අයියගෙ අස්සටම වෙලා ඉන්න බලාගෙන දූවගෙන යන්න හිතුන වෙලාවල් ඕන තරම් තිබුනා.
ඒත් අයියමයි මගේ හිත හැදුවෙ.

ලොකුම හීනයක් හැබෑ කරගන්න පුංචි කට්ටක් කන්න වුනාට කමක් නෑ නේද කියලා එයා ඇහුවා.
මේ මාස ගාන කොහොම හරි අල්ලගෙන ඉමු කියලා මාව මෝටිවේට් කලා.
ඉතින් ඔව්!
එයා කිව්ව එක ඇත්ත තමයි.
ඇක්ශන් මූවි එක මගේ career එකේ ලොකු සන්ධිස්ථානයක්.
පුංචි කාලෙ ඉඳන්ම තිබ්බ ලොකුම හීනයක හැබෑවීමක්!

ඉතින් මෙතනින් එහාට ඇක්ටිං පැත්තෙන් මට ලොකු ලොකු හීන නෑ.
ඒ නිසාම ඒජන්සි එකත් එක්ක තිබුන අවුරුදු පහේ ඇග්‍රීමන්ට් එක ඉවර වුනාට පස්සෙ ආයෙම ඒක අලුත් කරගන්න අදහසක් මට තිබුනෙත් නෑ.
ෆීල්ඩ් එක ගැන මේ වෙද්දි ලොකු අවබෝධයක් තිබුන නිසා මගේ ගමන තනියෙන් යන්නයි ප්ලෑන් එක තිබුනෙ.
මොකද මට ප්‍රයෝරිටි දෙන්න ඕනෙ කෝරියොග්‍රැෆි වලටයි, මගේ ස්කූල් එකටයි.
ඒ ඔක්කෝටමත් වඩා මගේ රත්තරං අයියටයි!
හිතට ගොඩාක් අල්ලන්න ප්ලොට් එකක් ලැබුනොත් විතරක් ඇක්ටිං ගැන සලකා බලනවා.
කොහොමත් මං රඟපාන්න ආවෙ නමක් හදාගන්න ඕනෙ නිසා විතරයිනෙ.

ඉතින් ඇග්‍රීමන්ට් එක ඉවර වෙන්න තව මාස කීපයයි.
ඒත් මේ සිද්ද වෙච්ච දේත් එක්ක මට හිතෙනවා ඇග්‍රීමන්ට් එක දැන්මම කැන්සල් කරලා දාන්නත්.
අනේ මන්දා!
කොච්චර කලත් අයියගෙන් නොඅහා මට තීරණයක් ගන්නත් බෑ වගේ.

ඉතින් හිතන එක නතර කරලා දාලා මං ඇස් දෙක පියාගත්තා.
ඇත්තටම මට ගොඩාක් මහන්සියි.
ශූටිං පටන් ගත්ත දා ඉඳන්ම හරියකට නින්දක් ලැබුනෙ නෑනෙ.
ඒ නිසා ඔන්නොහෙ නිදාගන්නවා!


කටුනායකින් බැහැලා මං අයියට කෝල් කලා.
ඔන්න ඒ පාර එයා මගෙන් අහනවා කාලද, බීලද, මහන්සිද, නිවාඩු ගන්න එක ප්‍රශ්නයක් වුනාද, තනියෙම එන්න පුළුවන් නේද වගේ පිස්සු විකාර!
මේ වගේ වෙලාවක කියන්න නම් හොඳ නෑ තමයි.
ඒත් දෙයියනේ මං මැරයෙක්!
නිකම්ම මැරයෙකුත් නෙමේ ඇක්ශන් මූවි එකකුත් ශූට් කරපු මැරයෙක්!
කවදා මගේ පිස්සු මනුස්සයා අන්න ඒ ඇත්ත තේරුම් ගනීද මන්දා!

අයියට ඔක්කොම හරි කියලා මං ගෙදරටම ඌබර් කාරෙකක් දාගත්තා.
අපේ පරණ ඌබර් අයියවත් ඒ අස්සෙ මතක් වුනා.
මිනිහා දැන් මොනවා කරනවද දන්නෑ!

කාරෙකේ යන ගමනුත් මං කලේ නිදාගන්න එක.
දෙයියො මොනවා නැතත් මට නිදාගැනීමෙ හැකියාව ලෝබකමක් නැතුවම දීලා තියෙනවා.
ඒක ලොකු දෙයක්!
නැත්තම් කල්පනා කරලා කරලම මගේ මොලේ තියෙන ටිකත් ගෙවිලා යනවා.

අපේ ගෙවල් ලඟට හැරෙන හන්දියෙදි ඩ්‍රයිවර් කොල්ලා මට ඇහැරෙව්වා.
මං අයියලගෙ ගෙදර ලඟටම ඌත් එක්ක ගිහින් බැස්සා.
ගේට්ටුව ඇරලා.
එලියෙ හට් එකක් ගහලා.
මිනිස්සු තාමත් එහා මෙහා යනවා.

මාව මුලින්ම දැක්කෙ ලකල්!

"තඹරු??
මේ උඹද???"

ඌ දුවගෙන ඇවිත් අහද්දි මං හිනා වුනා.

"ඔව්!
කොහොමද ලකල්?"

"ඉන්නවා බං.
යමන් ඇතුලට!
අයියා පොඩ්ඩකට කලිනුත් එලියට ඇවිත් බලලා ගියේ."

ලකල් කියද්දි තව තප්පරයක්වත් නාස්ති කරන්න මට ඕන කලේ නෑ.
ඉතින් මං ඌවත් හලාගෙනම වේගෙන් ගේ ඇතුලට ගියා.

ගේ ඇතුලට යද්දිම සාලෙ මැද හිටියෙ අංකල්.
කළු පාට ෆුල් සූට් එකක් ඇඳලා ඉස්සර හිටියා වගේම ගාම්භීර විදියට එයා ඉන්නවා.
හැබැයි හිටගෙන නෙමෙයි.
නිදාගෙන!

What are you doing here?
Go away!

He is a rascal!

You are ruining your life because of that beggar!
Come to your senses Dhyan!
He is a curse!

අංකල්ගෙ වචන මගේ කන්දෙක ඇතුලෙ දෝංකාර දෙනවා වගේ.
ඒත් ඉතින් ආයෙ කවදාවත්ම ඒ වචන එයාගෙ කටින් අහන්න ලැබෙන්නෙ නෑනෙ.
කණ්නාඩි කුට්ටම යටින් එයා මට ඔරවන හැටි බලන්න ලැබෙන්නෙත් නෑ.
එක පාරටම මට දුකක් දැනුනා.
ඒක ඇත්තටම දුකක්මත් නෙමෙයි.
පාළුවක් තනිකමක් වගේ හැඟීමක්!
රණ්ඩු වෙන්නවත්, බනින්නවත් එයා ආයෙම එන්නෙ නෑනෙ.

Hope you are at peace uncle!
Please don't keep worrying.
I'll never ruin Dhaanu's life!
I'll be his strenth during every step!

මං අංකල් දිහා බලාගෙනම හිත ඇතුලෙන් මිමිණුවා.

"Snowdrop!
So you came!"

එකපාරටම උණුසුම් පපුවකට මාව හිර වුනා.

"Did you eat?
Are you tired?
Come!
I kept your dinner ready.
Let's put it in the microwave first!"

අයියව බලාගන්න,
එයාගෙ හිත හදන්න ආපු මාව,
අයියා ආදරෙන් තුරුල් කරගෙන කෑම කන්න දෙන්න එක්කගෙන යනවා.

මට කියන්න ඕනෙ,
බය වෙන්න එපා අයියෙ,
ඔයා ලඟ මං හැමදාමත් ඉන්නවා.
මේක අමාරු කාලයක් තමයි.
ඒත් අපි ඒකට මූණ දෙමු!
හැමදාමත් වගේ එකටම මූණ දෙමු!

ඒත් කතා කරගන්න බැරුව මං ගොළු වෙනවා.
මගේ උගුර ඇතුලෙ ගුලියක් හිර වෙනවා.
ඉතින් අයියගෙ පස්සෙන් සද්ද නැතුව ගිහින් මං කුස්සියෙ තිබුන මේසෙකින් වාඩි වෙනවා.

"How was the flight Thambaru?"

කෑම රත් කරන අතරෙ අයියම කතාව පටන් ගන්නවා.

"Luckily I got a direct flight ayye.
So it was only 12 hours."

"That's good!
How about work?
Were they ok with giving leave?"

"Yes!
Don't worry about it.
But ayye...
How are you?"

අන්තිමේදි මට අහන්නම ඕනෙ කරපු ප්‍රශ්නෙ මං කොහොම හරි අහගන්නවා.

අයියා කතා කලේ නෑ.
එයා බිම බලාගත්තා.
මං එයාගෙ ලඟට ගිහින් එයාව පපුවට තුරුල් කරගත්තා.
ඒත් එක්කම මගේ බෙල්ල හීනියට තෙමීගෙන ගියා.
අයියගෙ උරහිස් ගැස්සෙන්න පටන් ගත්තා.

ඉතින් කුස්සියේම පැත්තක තිබුන සෝෆා එකක එයාවත් තුරුල් කරගෙන.මං වාඩි වුනා.
ඒ සිනිඳු කොණ්ඩ ගස් අස්සෙන් මගේ ඇඟිලි ගෙනියන ගමන් ඒ සුවඳ නලල ගනන් කරගන්න බැරි තරම් වාර ගානක් kiss කලා.
හැබැයි මොනවා කියාගන්නද කියලා හිතාගන්න බැරුව ගොළු වුනා.

එයා අඬලා අඬලා ඉවර වුනාට පස්සෙ මං microwave එක ඇතුලෙ තිබිච්ච බත් එක එලියට අරන් පළවෙනිම කට අනලා එයාට කැව්වා.
වෙනදා වගේ ඔයා කන්න.
මං කාලා ඉන්නෙ කියනවා වෙනුවට අයියා චූටි බබෙක් වගේ කට ඇරලා ඒක කෑවා.
මගේ පපුව පත්තු වෙලා ගියා.
එයා මං එනකල්ම බඩගින්නෙ ඉන්න ඇත්තෙ!

අයියා කටයි, මං කටයි විදියට අපි බත් එකෙන් බාගයක්ම ඉවර කලා.
අයියා මෙහෙම මගේ ලඟ පොඩි බබෙක් වෙද්දිත් මං ආසයි.
එයාට එහෙම හරි හයියක් වෙන්න ලැබෙන එක ගැන මට ආඩම්බරයි.

"Ayye... Ayye...
Amma's looking for you!"

එකපාරටම කඩා බිඳගෙන කුස්සියට ආවෙ දිදුනි.
ඉතින් අයියා නැගිට්ටා.

"Eat patiyo...
I'll check on ammi and come!"

මගේ කම්මුලට කිස් එකකුත් දීගෙනම අයියා යන්න ගියා.
මට දැනුනෙ තරහක්!
අයියා කාලා ඉවර වෙනකල්වත් දිදුනිට ඉන්න බැරි වුනේ ඇයි?

අයියා ආයෙම එයිද කියලා මං බලාගෙන හිටියා.
ඒත් අයියා වෙනුවට දිදුනි ඇවිත් මගේ එහා පැත්තෙන් වාඩි වුනා.

"කෑවා ඇතිද තඹරු?
තව බත් තියෙනවා!"

"නෑ!
ඕන නෑ!"

මං ඉතුරු බත් ටික ඩස්ට්බින් එකට දාලා එලියට ගියා.
ලකල් තව කොල්ලො සෙට් එකක් එක්ක කැරම් ගහ ගහ හිටියා.
මාත් එතනින්ම වාඩි වුනා.
වෙච්ච සිද්දිය හරියටම අහගන්න ලැබුනෙ මට එතෙන්දි.

අංකල් රෑ ටීවී බල බල ඉඳිද්දි එකපාරටම  තද ඔළුවෙ කැක්කුමක් කියලා ඔළුව අල්ලගෙන තියෙනවා.
ඒ එක්කම බිමට ඇදගෙන වැටිලා.
ඉතින් ආන්ටි බය වෙලා කෑගහද්දි අහල පහල කට්ටිය දුවගෙන ඇවිත් හොස්පිට්ල් එක්කගෙන ගිහින්.
ඒත් ඒ වෙද්දිත් පරක්කු වැඩියිලු.
එයා නැති වෙලා ඉවරයිලු.

අයියා එනකල්ම ආන්ටියි, දිදුනියි කරලා තියෙන්නෙ දෙන්නට දෙන්නා බදාගෙන අඬපු එක විතරයි.
මළ ගෙදර වැඩ කරන්නෙ කොහොමද කියලා එයාලට කිසිම තේරුමක් තිබිලා නෑ.
අංකල්ගෙ පවුලෙ එයා විතරයි.
එතකොට ආන්ටිගෙ පවුලෙ මිනිස්සු ක්‍රිස්තියානි මල ගෙයක් ගැන මෙලෝ හසරක් දන්නෙ නෑලු.
ඉතින් අයියගෙ කරපිට තමයි සේරම බර පැටවිලා තියෙන්නෙ.

කීවෙනි පාරටදෝ මන්දා මගේ පපුව පිච්චීගෙන ගියා.
අයියා කොච්චර නම් අසරණ වෙන්න ඇතිද?
ඇයි මට එවෙලෙ එයා ලඟ ඉන්න බැරි වුනේ?

තවත් එතන ඉන්න බෑ කියලා දැනෙද්දි මං ආයෙමත් ගේ ඇතුලට ගියා.
මේ මං පණටත් වඩා ආදරේ කරන, මගේ කසාද මිනිහගෙ ගෙදර වුනත්,
පොඩි කාලෙ ඉඳන් මෙහේ හැම තැනකම සෙල්ලම් කරලා තිබුනත්,
මේ ගෙදර මට හරි නුහුරුයි.
ඒත් දැන් ඒවා හිතන්න වෙලාව නෙමෙයිනෙ.
මං අයියව හොයාගෙන හෙමීට පඩිපෙල නැග්ගා.

"Dhaanu..."

මං හෙමීට එයාට කතා කලා.

"Thambaru!
Patiyo... Did you eat?"

ඔන්න මගේ ලස්සන ඒන්ජල් එකපාරටම කොහෙන්දෝ මතු වුනා.

"Hmm..
How can I help you ayye?
Is there anything I could do?"

"No patiyo, it's ok!
Now you need some rest!
But there's people everywhere here Snowdrop.
So go to your place and sleep for a while.
Come back refreshed!"

ඇත්තටම මට තේරෙන්නෙ නෑ මේ මෝඩයව බදාගෙන තුරුල් කරගන්නද,
නැත්තම් මොලේ හිල් වෙන්නම ටොක්කක් අනින්නද කියලා!
මං උඹේ මිනිහා යකෝ!!!
නිකම්ම මිනිහත් නෙමේ මැර මිනිහා!!!
මට නිදාගන්න ඕන නෑ!!!

"Ayye!
Don't push me away.
I'm your family now!
And I slept enough on my way.
So tell me.
What's the plan?"

අයියා ලොකුම ලොකු හුස්මක් පහල දැම්මා.

"I'm not pushing you away Thambaru!
I just wanted to make sure you are ok."

"I am ok ayye.
I really am!"

"Come on let's have a seat!

අයියා මාව ඇදගෙන ගිහින් සෝෆා එකකින් වාඩි කෙරෙව්වා.
ඊලඟට මගේ උකුල උඩ ඔලුව තියාගෙන හාන්සි වුනා.
ඉතින් මං හෙමින් හෙමින් එයාගෙ ඔළුව මසාජ් කරන ගමන් සින්දුවක් ඇහෙන නෑහෙන ගානට මිමිණුවා.

"I looked up to the sky to only realise
The most precious thing I wanted
It was laying right before my eyes

I made a promise to hold you forever by the hand
And that I would never let go, so don't worry, here I'll stand
To remind you like the first time
I will always love you more than yesterday

And no matter what, I'll stay
And no matter what, I'll, I'll stay"

අන්තිමට මාව නිදිකරවන්න හදපු මනුස්සයා මගේ උකුල උඩ සැපට නිදාගෙන හිටියා.
සෝෆා එකේ තිබුන කොට්ටයක් අරන් මං පරිස්සමෙන් එයාගෙ ඔළුවට තිබ්බා.
ඊට පස්සෙ හොඳට පිටිපස්සට හේත්තු වෙලා මාත් ඇස් දෙක පියාගත්තා.

"පුතා...."

මං ගැස්සිලා ඇහැරුනේ ඒ සද්දෙට.
අයියත් හීනෙන්ම දැඟලුවා.

"Sh... sh....
It's ok... it's ok....
Sleep some more...."

අයියගෙ ඇඟට හෙමීට තට්ටු කරන ගමන් මං වටපිට බැලුවා.
පඩිපෙල නැගගෙන ආවෙ ආන්ටි.
මං ආන්ටි දිහා බලාගෙනම ඇඟිල්ල තොල් දෙකට තිබ්බා.
එයා පුදුම වෙලා වගේ ටිකක් වෙලා බලාගෙන හිටියා.
අංකල් වගේ පුපුරයිද කියලා මං බය වුනත් එහෙම වුනේ නෑ.
යාන්තමට ඔළුව වනලා ආයෙම යන්න ගියා.
ඒක ලොකු දෙයක්!
අයියට පුංචිම විවේකයක් හරි ඕනෙ!

අපි දෙන්නටම ආයි ඇහැරෙද්දි හොඳටම එළියත් වැටිලා.
අපේ අම්මලත් ඇවිල්ලා.
අද දවල්ට කෑම අපේ ගෙදරින්ලු.
කොච්චර නොහොඳ නෝක්කාඩු තිබුනත් ඉතින් මේ වගේ වෙලාවක මිනිස්සු ඕවා හිතේ තියාගෙන ඉන්නෙ නෑනෙ.
ඇත්තටම හිතලා බැලුවොත් මේ වෙලාවෙ ආන්ටිගෙ ලොකුම හයිය වෙන්න ඕනෙ අපි!

හෙට තමයි ෆියුනරල් එක.
ඒ නිසා අද වැඩ ගොඩයි.
චර්ච් එකට යන්න තියෙනවලු.
සෙමෙට්‍රි එකටත් ගිහින් ඔළුව දාන්න ඕනෙලු.
මං අයියගෙ පස්සෙන් ඒ හැමතැනටම ගියා.
කරන්න ඕනෙ වැඩ ගැන මටත් ලොකු තේරුමක් නෑ.
ඒත් අයියාගෙන් අහගෙන උදව් කරන්න පුළුවන්නෙ.

පවුලෙ එකම කොල්ලා හැටියට අයියා ඇද්දෙ එසේ මෙසේ බරක් නෙමෙයි.
ඔක්කෝමත් අස්සෙ ආන්ටියි දිදුනියි නොකා නොබී අඬන වෙලාවට ඒ දෙන්නා ගැන බලන්නත් ඕනෙනෙ.

අන්තිමේදි අංකල් අපෙන් ඈත් වෙලා යන්නම යන වෙලාවත් ආවා.
පල්ලියෙ ෆාදර් කෙනෙක් අංකල් ගැන කතාවක් කලා!
එයා සැනසීම හොයාගෙන දෙවියන් වහන්සේ ලඟට ගිහිල්ලා කිව්වා.
ඒ නිසා දුක් නොවී හිත් හයිය කරගෙන පවුලෙ අයට ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කලා.

ඊට පස්සෙ කතා කරන්න නැගිට්ටෙ අයියා!
ටිකක් කතා කරගෙන ගියාට පස්සෙ එයාට කතා කරගන්න බැරුව ගියා.
එයා හරිම අසරණ විදියට සෙනග ගොඩ මැද්දෙ බිම බලාගෙන හිටියා.
අයියා පව්!
එයාගෙ ඇස් වලින් කඳුළු බේරෙනවා.
මගේ ඉස්සරහදි ඇරෙන්න එයා වෙන කෙනෙකුට පේන්න අඬපු පළවෙනිම වතාව මේක වෙන්න ඕන.
ඉතින් කවුරු බලාගෙන හිටියත් මට නම් ඒක බලාගෙන ඉන්න බෑ.

මම ගිහින් එයාගෙ අතින් අල්ලගත්තා.
මිනිස්සු කසුකුසු ගෑවා.
සමහරවිට අංකල්ට මැරිලවත් සැනසීමක් නෑනෙ කියලා කතා වෙනවා ඇති.
ඒත් ඒකට කමක් නෑ.
මට වටින්නෙ අයියගෙ සැනසීම විතරයි.

අයියා මගේ දිහා කඳුළු පිරිච්ච ඇස් වලින් බැලුවා.
මම එයාගෙ ඉණ වටේට අත දාගන්න ගමන් හෙමීට ඔලුව වැනුවා.
අයියා ඇස් දෙක පියාගෙන ලොකු හුස්මක් අරන් එයාගෙ ලස්සන කතාව  ඉවර කලා.
මිනිස්සු ඕන තරම් කතා කියන්න පුළුවන්.
ඒත් අයියගෙ හිතේ අංකල් ගැන කොච්චර ආදරයක් ගෞරවයක් තිබුනද කියන එක ඒ කතාව පුරාම දෝංකාර දුන්නා.
කොටිම්ම අංකල් ගැන කවදාවත්ම හොඳක් හිතිලා නැති මටත් එයා කොයි තරම් වටින කෙනෙක්ද කියලා දැනෙන්න ගත්තා.

ඉතින් මල ගෙදර වැඩ ටික ඉවර වුනා.
ලස්සනට හදපු සොහොන් කොතක් යටින්, අයියගෙ ආච්චිගෙයි සීයගෙයි ලඟින්ම අංකල්ටත් සමාදානයේ සැතපෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි ආවා.
හැබැයි ආපු වෙලාවෙ ඉඳන්ම කවුරුත් හොඳින් හිටියෙ නෑ.
අපි හැමෝටම කියන්න නොතේරෙන මූසල තනිකමක් අඩුවක් හැම වෙලාවක හැමතැනම පැතිරිලා තිබුනා.

ආන්ටිටයි, දිදුනිටයි අයියව හැම වෙලාවකම ඕන කලා.
ඉතින් අපි දෙන්නට පොඩි වෙලාවකටවත් එකට ඉන්න ඉඩ ලැබුනෙ නෑ.
ඒ ගැන මට තරහයි.
දුකයි.
මොකද හැමවෙලාවකම අනිත් අය ගැන හොයලා බලන අයියා ටිකක් හරි එයාගෙ වේදනාව පිට කලේ මගේ ලඟදි විතරයි.

අන්තිමේදි ආන්ටිගෙ මල්ලිලා ආපු වෙලාවක මං අයියවත් එක්කගෙන එලියට බැස්සා.
මොකද අයියට පුංචිම හරි නිදහසක් ඕන කරනවා.
ඉතින් අපි බීච් එකට ගියා.
අයියත් එක්ක වෙරළෙ වාඩි වෙලා එයාගෙ හිතේ තියෙන හැමදේම කියලා ඉවර වෙනකල් මං අහගෙන හිටියා.

"Ayye...
I'm the main reason that uncle and you weren't in good terms.
I'm really sorry about it."

ඇත්තටම මම රාස්සයෙක් වගේ කොල්ලෙක් නොවී ටිකක් හරි කීකරු එකෙක් වෙලා හිටියා නම් අංකල් ඔය තරමටම අපිට විරුද්ධ නොවී ඉන්න තිබුනා.
එත් මොන කරුමයක්ද මන්දා මට පුදුම ගායක්නෙ ඒ කාලෙ තිබුනෙ!

"No Snowdrop!
Don't think like that.
We always had different views.
He wanted me to be a mini version of himself.
He forgot I'm a seperate person.
That's why everything happened.
It had nothing to do with you!"

අයියා එහෙමයි.
එයාගෙ ආදරේ පුදුම ගැඹුරුයි.
ඒත් මම දන්නවා.
අංකලුයි අයියයි අතර ප්‍රශ්නවලට ප්‍රධානම හේතුව මං.
හැබැයි අයියා හිතන්න කැමති අර විදියට නම් එයා එහෙම හිතන එකට මගේ කිසිම අකමැත්තක් නෑ.
මොකද ඇත්ත මොකක් වුනත්,
අනිත් මිනිස්සුන්ගෙ හිත්වල හැඟීම් කොහොම වුනත්,
මට ඒවා අදාල නෑ.
මට අදාල වෙන්නෙ අයියගෙ සතුට සැනසීම විතරමයි.

හැබැයි දැන් අපිට කල්පනා කරන්න ගොඩක් දේවල් තියෙනවා.
අයියා නැතුව ආන්ටිටයි, දිදුනිටයි නම් හුස්මගන්නවත් පුළුවන් කමක් නෑ මේ වෙලාවෙ.
ඉතින් එයාට ටික දවසක් මෙහේ ඉන්න වෙනවා.
එතකොට මං මොකද කරන්නෙ?
මටත් ඕනෙ අයියත් එක්ක ඉන්න.

ඒත් මට නිවාඩු ලැබුනෙ දවස් පහයි.
එතකොට හරි නම් හෙට උදේම මං යන්න ඕනෙ.
මූවි එකට වෙන ඇක්ටර් කෙනෙක් හොයාගන්න කියලා එයාලට වෙච්ච පාඩුව වෙනුවෙන් සල්ලි ගෙවලා මාත් මෙහේ නැවතුනොත් මොකද?

ඒත් අයියා ඒකට කැමති වුනේ නෑ.

"Snowdrop,
Thanks a lot for coming and being my sanctum.
But you have to go back.
We both know how many people live off one movie.
Think about all their families and children.
If you suddenly give up, what'd happen to them?
What'd happen to all their efforts?

You aren't someone who take your responsibilities light patiyo...
You are always doing your maximum.
That's how my superhero is!

So you have to go now.
But call me everyday!
I'll wait for your call.
We can plan everything slowly.

And even if you stay here, there won't be much of a difference.
I'll have to spend most of my time with ammi and Diduni."

අන්තිමේදි ඉතින් හැමදාමත් වගේ අයියගෙ තීරණේ දිනනවා.
එතෙන්දිම අයියා මට ටිකට්ස්නුත් බුක් කරනවා.
ඒ කියන්නෙ හෙට පාන්දරින්ම මට අයියව දාලා යන්න සිද්ද වෙනවා.

මං ගියේ කිසිම කැමැත්තකින් නෙමෙයි.
ඒත් අයියා කියන දේත් ඇත්ත.
මේ වෙලාවෙ මාත් ඉන්න එක එයාට තව අමතර ස්ට්‍රෙස් එකක් වෙන්නත් ඉඩ තියෙනවා.
මොකද අයියට ජොබ් එකයි, ආන්ටියි, දිදුනියි සේරම අස්සෙ අපි වෙනුවෙන් වෙන් කරන්න කාලයක් නෑ.
එයාට උදව් කරන්න කියලා මට ආන්ටිට ලං වෙන්නත් බෑ.
එයාලා තාමත් මට කැමති නෑනෙ.
දිදුනිට ලං වෙන්න ගිහින් නැති ප්‍රශ්න ඔළුවෙ දාගන්නත් මට ඕනෙ නෑ.

ඉතින් මං ගියා.
ගිහිල්ලා මගේ ශූටිං ටික එක දිගටම තියලා පුළුවන් තරම් ඉක්මනට ඉවර කරලා දෙන්න කියලා ඉල්ලුවා.
ඉතිරි වෙලා තිබ්බ මාසෙක ශූටිං සති දෙකහමාරකින් ඉවර කරගත්තා.

ඒක ලේසි වුනේ නෑ.
හොඳ පණ ගියා.
ශූට් කරන අතරෙ නින්ද ගිහින් මැරෙන්නමත් ගියා.
කොහොම හරි ඔක්කොම ඉවර වෙද්දි මගේ ඇඟේ තැලුම් පාරවල්, තුවාල නැති තැනක් නෑ.
මාසයක් විතර එක දිගට නිදාගන්න තරම් මහන්සියක් මට දැනුනෙ.
ඒත් එහෙම බෑනෙ.
මම සේරම දේවල් මේ තරම් අමාරුවෙන් කලේ එකම එක කෙනෙක් වෙනුවෙන්.
එයාව හොයාගෙන ගිහින් ස'ප්‍රයිස් කරන එක තමයි දැන් මගේ එකම හීනෙ.
හැබැයි ඒ ඉතින් මගේ ඒ හීනෙ කොච්චර ප්‍රබල වුනාද කියනවා නම් අයියා විතරක් නෙමෙයි මායි, ආන්ටියි, දිදුනියි, පැස්බර පවුලයි හැමෝම ස'ප්‍රයිස් වෙලා තමයි නැවතුනේ.

මොකද කිව්වොත් මං සද්ද නැතුවම අයියලගෙ ගෙදර යද්දි මෙන්න බොලේ හෙන සෙට් එකක් ගේ අස්සෙ.
අයියා මාව දැකලා එකපාරටම පුදුම වුනා.
ඊට පස්සෙ පට්ටම සැනසිල්ලකින් වගේ හිනා වුනා.

"Thambaru......
You came!
I missed you so much my darling!!!"

කියාගෙන ගාල කඩාගත්ත හරක් පැටියෙක් වගේ දුවගෙන ඇවිත් මාව බදාගත්තා.
මං තුශ්නිම්භූත වෙලා බලාගෙන හිටියා.

"Everybody!
This is Thambaru!
My husband!"

අයියා මාවත් ඇදගෙන සාලෙ මැද්දට ගිහින් කට්ටියට introduce කරලා දුන්නා.
මෙහෙම පිලිගැනීමක් නම් මං හීනෙකින්වත් බලාපොරොත්තු වුනේ නෑ හාන්දුරුවනේ!!!

වටපිටාවෙන් කිසිම සද්දයක් ඇහුනෙ නෑ.
ඉතින් මං ඉන්නෙ මොක්කුද කියලා බලන්න ගත්තෙ එවෙලෙ.
බලද්දි පැස්බරා ඇතුලු පවුලේ සැම!
මගේ මිනිහගෙ සිහින කුමාරිනෙ මේ ඇවිත් තියෙන්නෙ!

අයියා මගේ අතිනුත් අල්ලගෙන තුරුල් කරගත්තා.
හම්මෝ ආදරේ!
මං ඒ අත හීනියට කෙනිත්තුවා.
මං නැති වෙලේ එක එක ගෑණු ගේ අස්සෙ දාගත්ත දොන්තපාලයා!!!

"Are you tired my cutie?
Do you wanna have a nap?"

මගෙ අම්මෝ!
මේ මිනිහා අහන්නෙ අහල පහල ගෙවල්වලත් එක්ක ඉන්න කියුටිලාගෙන්ද කොහෙදෝ.
ඔක්කොම කතාවල් නවත්තලා කට්ටියම අපි දිහා කටත් ඇරගෙන බලාගෙන ඉන්නවා.

"Aunty, Uncle,
He just came from UK and seems too tired.
So please excuse us."

මට වචනයක්වත් කතා කරන්න නොදී අයියා මාවත් ඇදගෙන උඩට දිව්වා.
එයාගෙ කාමරේටම දුවලා දොරත් ලොක් කරලා තමයි නැවතුනේ.

"Hey naughty boy!
You didn't even let me know you are coming!"

ඔන්න ඉතින් පටන් ගත්තා.

"Yeah!
If I said I wouldn't have been able to get this pleasent surprise.
I'm so..... glad I got to see your dream girl again!"

"Oh god!
Please don't start a fight Thambaru!
I'm exhausted with all the drama in this house.
I was even planning to come back as soon as your work is finished.
I missed you Snowdrop!
I missed you so much!"

හා පැටියෙක් පැන පැනම ඇවිත් මාව බදාගන්නවා.
ඉතින් ඒ උණුහුමට මාත් දන්නෙම නැතුව තුරුල් වෙනවා.
දිගම දිග කිස් එකක් පටන් ගත්තෙ එහෙමයි.
ඉස්සර පැය ගනන් දවස් ගනන් තුරුල් වෙලා නිදාගත්ත අයියගෙ ලස්සන කාමරේ ඇතුලෙදි අපි අපේම වුනෙත් එහෙමයි.

මුලින්ම හරිම ඇග්‍රෙසිව් විදියට, අපිට අපි නැතුව ගෙවන්න වුන හැම දවසක් වෙනුවෙන්ම වන්දි ගෙවන්න වගේ පටන් ගත්ත ආදරේ කුණාටු වැස්ස හීන් මල් වැස්සක් වෙන්න ගියේ හරිම පුංචි වෙලාවයි.
මගේ ඇඟේ ඇඳුම් එකින් එක ගැලවෙද්දි මතු වෙච්ච තුවාල කැලැල් අයියව වෙනම මානෙකට අරන් ගියා.
ඒ තුවාල කැලලක් ගානෙ එයා දුක් වුනා.
ඒවා හරිම ආදරෙන් කිස් කලා.
මාව බාතෲම් එකට එක්කගෙන ගිහින් පරිස්සමට නෑව්වා.
මං මහන්සි වෙලා වැඩියි ගගා හීල්ලුවා.
මාව පුංචි බබෙක් වගේ උස්සගෙන ඇවිත් ඇඳ උඩින් තියාගෙන පිහිදදා ක්‍රීම් ගෑවා.

මුළු ජීවිත කාලෙම ඇතුලත මම වින්ද සොෆ්ට්ම සෙක්ශුවල් එක්ස්පීරියන්ස් එක මම වින්දෙ එදාද කොහෙදෝ.
හරිම සුමට පෙති විහිදගත්ත මලක් වගේ අයියා මාව ආදරෙන් පිරෙව්වෙ.
ඉතින් අයියගෙ තුරුල්ලෙම ඉඳන් මං ඇස් දෙක පියාගත්තා.
කොහේ ඉඳන් කොච්චර නිදාගත්තත්, එයාගෙ ලඟදි වගේ මාව සම්පූර්ණයෙන්ම replenish වෙන්නෙ නෑ.

මං ඇහැරුනේ රෑ වෙලා.
අයියා කෑම ට්‍රේ එකක්ම උස්සගෙන කාමරේට ඇවිත් මට කතා කරද්දි.
ඉතින් අපි දෙන්නම කන ගමන් කතාවට වැටුනා.

පැස්බරා පවුල ඇවිත් තියෙන්නෙ මංගල යෝජනාවක් අරන්.
ලොකු හොල්මනට නෙමෙයි.
පොඩි හෝන්තුවට!
මොකද ලොකු පැස්බරා බැඳලලු.
ඒකත් ලොකු දෙයක්!
හැබැයි මට තියෙන ප්‍රශ්නෙ ඒ පවුලටම ලැජ්ජාවක් කියලා නාමයක් නැද්ද කියන එක.
මේ මනුස්සයගෙම ඇඟේ නගින්න එන්නෙ!
වෙලාවට මං අතපය කඩාගෙන හරි දුවගෙන ආවෙ.

කොහොම හරි ඉතින් ආයෙම නම් රෙද්දක් ඇඳන් ඒ කට්ටිය මේ පැත්ත පලාතක මගුල් කතා කරන්න එන්නෙ නැති වෙයි කියලා තමයි අයියා කිව්වෙ.
එහෙම වුනොත් හොඳයි.
මොකද නැත්තම් තඹරු කියන්නෙ සිවිල් පිට ඉන්න මැරයෙක් කියලා කාට කාටත් දැනගන්න ලැබෙයි.
ඒකෙ කතා දෙකක් නෑ.

"Ayye...
Do you remember I'm an ex-thug?"

අයියා පුදුම වෙලා මගෙ දිහා බලාගෙන හිටියා.

"I was a thug ayye!
I was living in a slum!
And I even got a contract to kill a man!
Tell everyone who comes between us to remember that!
You are only mine!"

අයියව බදාගෙන පිඹුරෙක් වගේ වෙලාගන්න ගමන් මං කිව්වෙ.

"Oh! Ok!
But I don't think we need to go to that extreme Snowdrop!
I'll make sure no one comes between us!"

විනාඩි ගානකට පස්සෙ අයියා යාන්තම් වචන ටිකක් ගැටගහගත්තා.

හැබැයි ඉතින් අපේ ප්‍රශ්න එතනින් ඉවර නෑ.
ඉස්සරහට මොකද කරන්නෙ කියන එක ලොකුම ලොකු ප්‍රශ්නයක්!

ආන්ටියි, දිදුනියි අයියා මත හරිම ඩිපෙන්ඩන්ට්.
ඒ දෙන්නට ඉන්න එකම හයිය තමයි එයා.
ඉතින් අපි ආයෙම යූකේ ගියොත් ඒ දෙන්නා මොනවා කරගනියිද කියලා දෙයියො තමයි දන්නෙ.

අනික් පැත්තෙන් අපේ ගෙදර.
මම කොහොමත් එකා යකා නිසා එතනත් ප්‍රශ්නයක්.
මොකද අංකල්ගෙ මරණෙත් එක්ක එයාලත් ඉන්නෙ ශොක් එකේ.
අපි මැරෙන මොහොතකටවත් උඹ අපි ලඟ නැති වෙයිද පුතේ ගගා ඒ දෙන්නත් නහයෙන් අඬනවා.

ඉතින් අපිට ආයෙම ටික කාලයක් යනකල් හරි ලංකාවෙ සෙට්ල් වෙන්න වෙන තත්වයක් තමයි තියෙන්නෙ.
එකම ප්‍රශ්නෙ අපේ රස්සා!
අයියා ඔන්ලයින්ම වැඩ කලත් මාසෙකට දෙකකට සැරයක් එක එක මීටිංස්වලට එයත් ඔෆීස් එකට යන්න ඕනෙ.
එතකොට ලංකාවෙ ඉඳන් ඒක කරන්න බෑනෙ.
අනික් අතට මම මොනවා කරන්නද කියලා හිතාගන්නවත් බෑ.
ඉතින් අපි දෙන්නා දවස් ගනන් කල්පනා කලා.

අන්තිමේදි තීරණය කලා මාස තුනක් විතර ලංකාවෙ ඉන්න.
ඊට පස්සෙ යූකේ ගිහින් හෙමීට එකින් එක වැඩ සෙට්ල් කරගන්නවා.
අයියා ජොබ් එකෙන් අයින් වෙලා මෙහෙන් එකක් හොයාගන්නවා.
ඒජන්සි එකත් එක්ක මගේ කන්ට්‍රැක්ට් එක තව මාස ගානක් විතරයිනෙ තියෙන්නෙ.
ඉතින් ඒක ඉවර වුනාම මාත් ඒක රිනිව් කරන්නෙ නෑ.
මෙහේ ප්‍රයිවෙට් යුනිවර්සිටි එකකට වගේ ජොයින් වෙන්න පුළුවන්ද බලනවා.
එහෙම නැත්තම් අපේ ඩාන්සිං ස්කූල් එක මෙහේ දානවා.
ආර්ථිකය අතින් ගත්තොත් මේක අපිට ලොකු පාඩුවක්.
ඒත් මානසිකව ගත්තොත් ඊට වඩා ලොකු සැනසීමක්!

ඉතින් මාස නවයකට පස්සෙ අපි ලංකාවට ආවෙ ආයෙම යන්න බලාගෙන නෙමෙයි.
මේ වෙද්දි දිදුනිත් කොළඹ ගිහින්.
මොකද එයා වැඩ කරන්නෙ එහේනෙ.
ඉතින් ආන්ටියි වැඩට ඉන්න කට්ටියයි විතරයි ගෙදර හිටියෙ.
අපි දෙන්නා නැවතුනෙත් එහේ.
මොකද ඉතින් අපේ ගෙදර ඇත්තටම ඒ තරම් ඉඩ නෑ.

අයියට ලංකාවෙත් සෙට් වුනේ ව'ක් ෆ්‍රොම් හෝම් ජොබ් එකක්ම තමයි.
එයා ඒකත් එක්ක බිසී වෙන අතරෙ මං පුංචියට ඩාන්සිං ක්ලාසස් කරන්න පටන් ගත්තා.
ඒකට ගත්තෙ අපේ ගෙදර ගරාජ් එක.
තාත්තා වැඩට ගියාම ඒක හිස්නෙ කොහොමත්.
ඒකෙන් අපේ අම්මලාගෙත් හිත හොඳ වුනා.
මොකද උදේ ආවම අයියගෙ වැඩ ඉවර වෙනකල්ම මං ඉන්නෙ ගෙදරනෙ.
රෑටත් මාරුවෙන් මාරුවට ගෙවල් දෙකෙන් අපි කෑවෙ.

මුලින් මුලින් මගේ ක්ලාස් එකට ළමයි සෑහෙන්න ප්‍රමාණයක් ආවත් ටිකෙන් ටික ඒක අඩුවෙලා ගියා.
ඒක ඇත්තටම මට ලොකු වේදනාවක් වුනා.
පොඩි උන් හරිම සතුටින් ආදරෙන් ඉඳලා එකපාරටම එන එක නැවැත්තුවාම!
මගේ ටෙක්නික්ස් හොඳ මදි ඇති,
මට හරියට උගන්නන්න බැරුව ඇති කියලා මං දුක් වුනා.
වෙලාවකට ඔක්කොම දමලා ගහලා ආයෙම යූකේ යන්න පවා හිතුනා.

ඒත් ළමයි අඩු වෙන්න හේතු වෙලා තිබුනෙ මගේ ස්කිල්ස් වල ප්‍රශ්නයක් නෙමෙයි.
මගේ සෙක්ශුවල් ඔරියන්ටෙශන් එකේ ප්‍රශ්නයක්!
මගේ ගාවට ළමයි එව්වොත් උන්ටත් මගෙ මානසික අසහනේ බෝවෙලා කොළුකාරයො වෙයි කියලා පැතිරිච්ච කට කතාවක් නිසා තමයි දෙමව්පියො මාව ප්‍රතික්ශේප කරන්න පටන් අරන් තිබුනෙ.

ඒක දැනගත්තම අයියට නම් යකා වැහුනා.
එයා ඒ එක එක කතා කියන මිනිස්සුන්ගෙ ගෙවල් වලට ගිහින් කතා කරන්නත් ලෑස්ති වුනා.
ඒත් ඉතින් එහෙම කලා කියලා ඔය මිනිස්සු තමන්ගෙ සාම්ප්‍රදායික විශ්වාස අතෑරගනීද?
හැබැයි ඇත්තම හේතුව දැනගත්තම පස්සෙ මම නම් තවත් මෝටිවේට් වුනා.
ලංකාව ඇතුලෙ මම අපේම කියලා ලොකුම ඩාන්සිං ස්කූල් එකක් දානවාම තමයි.

ඒත් ඒකට මෙහේ ඉඳලා බෑ.
අපි වගේ මිනිස්සු දිහා ටිකක් හරි මානුශීයව බලන කොළඹටම යන්න වෙනවා.
ඉතින් අපි ගියා.
මුලින්ම අ'පාට්මන්ට් කම්ප්ලෙස් එකකින් අ'පාට්මන්ට්ස් දෙකක් ගත්තා.
එකක් මටයි අයියටයි.
අනික ආන්ටිටයි, දිදුනිටයි.
අපේ අම්මලා එහේ දාලා එන්න කැමති වුනේ නෑනෙ.
ඒ නිසා ඉතින් සැරින් සැරේට ඒ දෙන්නව බලලා එන්න යන්නත් අපිට සිද්ද වුනා.

මුලින්ම මං ක්ලාසස් පටන් ගත්තෙ ගෙදර.
හැබැයි දවස් තුනකට වඩා ගෙදර කරන්න බැරි වුනා.
එච්චරටම ළමයි එන්න ගත්තා.
මොකද මගේ මූවිස් බලපු හැමෝටම වගේ මගෙන් ඩාන්සිං ඉගෙන ගන්න ඕනෙ වුනා.
ඉතින් ඊලඟට මං තැනක් රෙන්ට් අවුට් කලා.
ඊට පස්සෙ විකුණන්න තියෙන ගෙයක් අරන් ඒක ඇකඩමි එකක් විදියට මොඩිෆයි කලා.
මගෙන්ම ට්‍රේන්වෙන ළමයින්ව මං ඒකෙ ඉන්ස්ට්‍රක්ටර්ස්ලා විදියටත් ගත්තා.
අයියා තනිකරම ඒකෙ මැනේජ්මන්ට් පැත්ත, ප්‍රොෆිට් පැත්ත ගැන බලාගනිද්දි මගේ හීනෙ මං හිතුවටත් වඩා හොඳට සාර්ථක කරගත්තා.
යූකේ යුනිවර්සිටි එකක් එක්ක ජොයින් වෙලා ඩිප්ලෝමා වගේම ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකකුත් කරන මට්ටමට අවුරුදු දෙක තුනක් යද්දි අපි ඇවිත්.

Taboo's Art Academy එක පටන් ගත්තෙ අන්න එහෙමයි.
අද වෙද්දි ලංකාව පුරා අපේ academy එකේ branches තිබුනත්, entertainment side එකෙන් ඉස්සරහට යන්න කැමති ළමයි දාස් ගානින් අපි ලඟට ආවත් අපේ ආරම්භය ලේසි වුනේ නෑ.

මේ කාලෙ ඇතුලත් මගෙ අන්තිම මූවි එක,
ඒ කිව්වෙ ඇක්ශන් මූවි එකත් රිලීස් වුනා.
ඒකත් හිතුවට වඩා හිට් වුන මූවි එකක්.
ඉතින් අයියගෙයි මගෙයි කොන්සර්ට් එකක් කරනවා නම් මීට වඩා හොඳ කාලයක් ආයෙම එන්නෙ නෑ කියන එකයි මගෙ අදහස වුනේ.
මොකද මිනිස්සුන්ට මාව අමතක වුනාට පස්සෙ ශෝස් තියලා වැඩක් නෑනෙ.

ඉතින් අපි ඒකත් ප්ලෑන් කලා.
මගේ ඕනෙම හීනෙකට හයියක් වෙන කොල්ලෙක් ඉන්න එක පුදුම වාසනාවක්!
ඒ නිසාම කිසිම දේකට අපිව වට්ටන්න බැරි වුනා.

අපේ මුල්ම ශෝ එක කලේ කොළඹ.
අපි දෙන්නගෙ විතරක් නෙමෙයි.
ඒක අපේ ඇකඩමි එකේම ශෝ එකක්.
හැබැයි මං ඩාන්ස් කලේ අයියගෙ සින්දු වලට විතරයි.
ඒකට ලැබුන හිතාගන්න බැරි තරමේ ප්‍රතිචාරත් එක්ක තවත් එකම එක ශෝ එකක් ඉන්ග්ලන්ඩ්වල තියන්නත් මට ඕන කලා.
ඒකට මං කලින් වැඩ කරපු කෝරියෝග්‍රැෆර් තමයි සපෝට් කලේ.
ඉතින් එයාගෙ ඉස්කෝලෙ ස්ටුඩන්ට්ස්ලා ටිකත් එක්ක අපි දෙන්නා තවත් ශෝ එකක් කලා.

එදා මගේ ඩාන්සින් අයිටම්ස් හතරකට පස්සෙ මං හිටියෙ එක්ස්හෝස්ට් වෙලා.
ඒත් ඊලඟට තියෙන්නෙ අන්තිම එක.
ඒ වගේම ශෝ එකේ අවසානය.
අයියගෙ භාවනාවක් වගේ කටහඬ මට හැමදාමත් වගේ ශක්තිය අරන් ආවා.
විනාඩි ගානකට පස්සෙ අපි දෙන්නම ඕඩියන්ස් එකට ඔළුව නවලා ආචාර කරද්දි ස්ටේජ් එකේ ක'ට්න්ස් වැහිලා යන්න පටන් ගත්තා.

"Before the curtains close,
Can I have a few word please?"

මං කමෙන්ටේට' ගෙන් ඉල්ලද්දි හැමෝම පුදුම වුනා.
අයියත් පුදුමෙන් වගේ ස්ටේජ් එකෙන් බහින්න හදද්දි මං එයාගෙ අතින් අල්ලගත්තා.

"Hello everybody,
It's so nice to see you all here today!
I have no words to express how thankful I am for you presence."

මං කතාව පටන් ගත්තා.

"I think most of you know about me by now.
I'm Taboo!
Or Thambaru.
Thambaru Sandathenna.
A dancer who has acted in a few movies.

You all have been really kind to me.
You have embraced my work and help my dreams come true.
Thanks again for all that.

But today I wanted to introduce my real strength to you all.
The root of all this success.
But before that let me tell you,

I was never meant to be the man I am today.
I was meant to rot in a slum!
I was a thug and a drug addict.
A person everybody hated.

But suddenly an angel came for me.
Leaving all the luxuries in heaven,
He stayed with me despite everything.
Even while the falmes of hell were burning both of us, he protected me.
And he started to fly taking me with him.
It wasn't easy.
Because I resisted.
I didn't want to get out of the dark illusion of drugs.
But he kept on trying.
Even while putting his life in stake he kept on trying.
And finally he won!
He created his own magnificent heaven and let me reside there with him.

That's why I'm here today.
In front of you all!
Making my dreams come true one by one!

So let me introduce you all to that magnificent angel!

He is my husband Mr. Dhyan Adrian Serasinghe."

මං අයියගෙ ඉස්සරහින් එක දණහිසක් නවාගෙන දණ ගහගත්තා.
එයාගෙ ලස්සන මූණෙ කඳුළු පිරිලා.
ඒත් එයා මාත් එක්ක හිනා වුනා.
ලස්සනම ලස්සනට හිනාමලක් වගේම හිනා වුනා.

මට ඊරිසියයි!
ඒ ලස්සන හිනාව මුළු ලෝකෙම දකින්න ඇති.
හැබැයි කවුරු දැක්කත් ඒ හිනාව අයිති මටම විතරයි.

"Dhaanu!
My angel,
I know we are already married.
But will you marry me again?
Again and again?
Every life and every birth?
Will you always be mine and only mine?

"Always!"

අපි දෙන්නා ඒ ස්ටේජ් එක මැද ඉඳන් අපේ තොල් ආදරෙන්ම නාවන අතරෙදි මුළු ඕඩියන්ස් එකම අපි වෙනුවෙන් සතුටු වුනා.
ප්‍රීති ඝෝශා කලා.

ඉතින් කාටත් හොරෙන් නන්නාඳුනන රටම අපේම වෙච්ච අපි දෙන්නා කොහොම හරි ලෝකයක් ඉස්සරහම අපේ ආදරේ ඔප්පු කලේ එහෙමයි.

හැමෝටම එපා වෙච්ච හැමෝටම කරදරයක් වෙච්ච කොල්ලෙක් ලෝකයක්ම අඳුරන,
ලෝකයක්ම ආදරේ කරන කොල්ලෙක් වුනෙත් එහෙමයි.

...........................................................................................................

අවුරුදු හතකට පසු,

"Unique,
Now come!
Let's read a book.
Your screentime's over!"

"................................"

"UNIQUE!!!
Can't you here me?"

"........................................."

"Ok! I'm gonna switch off the wifi!"

"Aa...... waah... boohoo......
Dhaanu.....
Dhaanu........
He didn't let me finish the last part of my video.....
Aaaa..... heh.. heh... he......"

ආ..හ්!
මට මේ කොල්ලට දෙකක් දෙන්න නෑනෙ.
අපි පොඩි කාලෙ වගේ පස්ස රත් වෙන්න දුන්නා නම් ඔය මොනවත් මගුල් නෑ!

"He's your father Unique!
You can't call him Dhaanu!
Only I can call him like that!"

"Blaah!
I don't care!!!"

ආ...
එහෙමද පුතේ!
ඉන්නවකො මං කරන වැඩේ බලාගෙන!

"Dhaanu..!!!!
Unique isn't listening to me!!"

දැන් බලමුකො අර පුස් ඌරු තඩියා මොකද කරන්නෙ කියලා.
හොටු පෙන්දගෙ පැත්ත ගත්තොත් නම් මං මැරයා මොකාද කියලා දෙන්නටම පෙන්නනවා!!!!

හොටු කොල්ලා ඒ පාර ඌරු තඩියව හොයාගෙන දුවගෙන ගියා.
මං ටිකක් වෙලා බලාගෙන හිටියා.
මොකුත් සද්දයක් නෑ.
ඉතින් මාත් හොරෙන් හොරෙන් ගියා බලන්න මොකද වෙන්නෙ කියලා.
බැලින්නම් මෙන්න බොලේ මේ මිනිහා හොට්ටාවත් උකුල උඩ තියාගෙන ඒකගෙ වීඩියෝස් බල බල ඉන්නවා!!!!

"Ayye!
His screen time's over!!!"

"Oh! Ok!
Unique!
We have to stop now!"

"No Dhaanu!
It's only 3 minutes more!"

"It's only 3 minutes Snowdrop!"

"Why is he calling you Dhaanu?"

"Ah...
Unique,
Why are you calling me Dhaanu?"

"Because it's your name thaaththi!"

"Yes!
Because it's my name!"

හහ්!
හිනා වෙවී කියන ලස්සන!
හොටු පැටියව දමාගෙන ඉඹිනවත් එක්ක!
මට තමයි කිස් එකක්වත් දෙන්නෙ නැත්තෙ නපුරා!

"Ok!
Do whatever you want.
I'm going to my studio!"

මං හිතේ අමාරුවෙන් පහල තට්ටුවෙ තිබුන මගේ ස්ටුඩියෝ එකට ගිහින් සිදුවක් දාගත්තා.
නටන්න බෑ.
උදේ ඉඳන්ම නටලා නටලම මහන්සියි දැන්!

ඉතින් මං ලැප් එක ඕන් කරගෙන ස්ටෙප්ස් වගයක් ඩිසයින් කරන්න ගත්තා.
ඒත් මට තරහා ගිහින් ඉන්නෙ!
දැන් ඒ දෙන්න එක පැත්තෙනෙ.
මාව ගනන් ගන්නෙ නෑනෙ!
හහ්!

"BOH!!!"

එකපාරටම මාව ගැස්සිලා ගියා.
සීතල චූටි ඇඟිලි ටිකකින් මගේ ඇස් දෙක වැහුනා.

"Who is this?
Is it a mighty dragon?"

මං බයෙන් වෙව්ල වෙව්ලම කතා කරන්න පටන් ගත්තා.

"He he he....
Grr...........
Yes!
This is a mighty dragon!!!"

"Oh! No!!!
Who's gonna save me now???"

"I will save you bubuu!
Hi..yah!
Hi......yah!
Hi........yah!
No the dragons gone!
I chased him away!"

ඔන්න ඉතින් ඇඹිටිල්ලා මගේ උකුල උඩට පනිනවා.
මං ඒකව බදාගෙන කිස් එකක් දෙනවා.
අපි දෙන්නා පොත් කියවලා, දාඩිය බේරෙනකල් නටලා නටලා එලියට එද්දි ඒන්ජල් කොල්ලා තේත් හදාගෙන හිනාවෙවී බලාගෙන ඉන්නවා.

රෑට තුන් දෙනත් එක්කම කාලා බීලා ඉවර වෙලා හොට්ටව නිදි කරවන්න ගියේ අයියා.
මොකද අපි දෙන්නා මාරුවෙන් මාරුවට ඒ වැඩේ කරන්නෙ.
ඊයෙ මම.
අද අයියා.

ඉතින් දැන් අයියා එන්න කලින් මට කරන්න වැඩ ගොඩාක් තියෙනවා.
ඉක්මනටම හවස ගෙනාපු සෙන්ටඩ් කැන්ඩ්ල්ස් ටික කාමරේ පුරාම තැන තැන ගහලා,
ගෙනාපු මල් පොකුරු දෙකෙන් එකක් අරන් මං පරිස්සමින් පෙත්තෙන් පෙත්ත වෙන් කරනවා.
ඒ ටික අපේ බාතෲම් එකේ ටබ් එකට වතුර පුරවලා ඒ උඩින් ලස්සනට ඉහිනවා.
චූටි සුදු පාට බල්බ් වැල් ටික කාමරෙයි බාතෲම් එකෙයි තැනින් තැනින් පහලට වැටෙන්න දානවා.

Wow!
දැන් නම් කාමරේ මගේ ඒන්ජල්ටම මැච් වෙනවා.

ඉතින් කාමරේ දොරත් ලොක් කරගෙන මං අයියා එනකල් බලාගෙන ඉන්නවා.
එයා ඇවිත් දොරට ගහද්දි විදුලි වේගෙන් ඉටිපන්දම් ටික පත්තු කරගෙන කරගෙන යනවා.
ඒ ඔක්කොම ඉවර වෙනකල් අයියා එලියට වෙලා ඉන්නවා.
මොකද අපි දෙන්නම දන්නවා.
හිටපු ගමන් එකපාරටම මේ වගේ ස'ප්‍රයිසස් පහල වෙනවා කියලා.

මං ඇඳගෙන ඉන්නෙ කලු පාට සී තෲ ශර්ට් එකක් එක්ක පුංචි කළු පාට ශෝට් එකක් විතරයි.
ඉතින් මාව දැක්ක ගමන් අයියගෙ හුස්ම නතර වුනා.
ඒ මූණ පුරා ඇඳුනෙ ආසාවක්!
ලස්ට් එකක්!

"This is wonderful!!!"

ශර්ට් එක උඩින්ම මගේ ඇඟ පුරාම එයාගෙ ඇඟිල්ලක් අරන් යන ගමන් අයියා කියනවා.
අදටත් බැල්ම විතරක්ම ඇති මාව හාඩ් කරන්න.
ඒක පිස්සුවක්!

මගේ කොලරෙකෙන්ම ඇදලා මාව එයා ලඟට ගත්ත අයියා එයාගෙ ඇඟිලි මගේ ඇඟ පුරාම හරිම සෙඩක්ටිව් විදියට යවන ගමන් මාව කිස් කරන්න පටන් ගත්තා.
මගේ අත් වලින් එයාගෙ ඇඳුම් එකින් එක එකින් එක ගැලවිලා ගියා.
හැබැයි මම තාමත් ඒ විදිහමයි.
එයා මාව ටීස් කරනවා.

අයියගෙ ඇඟ පුරාම අරන් යන්න හදපු මගේ අත් දෙක එයා තද කරලා අල්ලගත්තා.
ඊලඟට මගේ ඇස් දිහා බලාගෙනම සොෆ්ට් හෑන්ඩ් කෆ් එකක් දැම්මා.
මේක හයියෙන් ඇද්දොත් කඩලා දාන එක මට නතිං.
ඒකමයි අයියා මේකම ගන්නෙත්.
මේ මං හිතන්නෙ ගත්‍ත පනස් වෙනි එකවත් වෙන්නැති.

ඊලඟට පටන්ගත්තෙ මගේ කෙඳිරි ගෑමේ දක්ශතාවය උරගා බැලීමේ අවස්ථාව.
ඇඳුම් පිටින්මයි මට රිලීස් වුනේ.
අයියා එච්චරටම මාව පිස්සු වැට්ටුවා.

ඒත් එතනින් ඉවර නෑ.
අයියා මාව තව තවත් පිස්සු වැට්ටුවා.
අනන්තයෙනුත් එහාට සතුටු කලා.
මාව එයාගෙන් සම්පූර්ණයෙන්ම පුරවලා දැම්මා.

කාමරේ ඇතුලෙදි සතුටෙන්ම හෙම්බත් වුන අපි දෙන්නා ඊලඟට ඇදුනෙ බාතෲම් එකට.
ටබ් එකේ මල් පෙති පාවෙන මද උණුසුම් වතුරෙ සනීපෙට වැතිරිලා ඉන්න ගමන් අපි කතාවට වැටුනා.
කොල්ලා ඉන්න තැන කියන්න බැරි ප්‍රශ්න,
හිතේ අමාරුකම්,
දවසෙ ඕපදුප විස්තර දිගෑරෙන වෙලාව තමයි මේක.

ඉතින් හිතේ වේදනා ඔක්කොම හුලඟට ගහගෙන ගිහින්,
හැමදාමත් වගේ අයියගෙ ලඟදි මං නිවෙනවා.
වචනෙන් විස්තර කරන්න නොතේරෙන ඒ සැනසීම ඇතුලෙදි අපි ආයෙමත් අපේම වෙනවා.
වතුර පිටාර ගිහින් මල් පෙති අපේ ඇඟවල් පුරාම රටාවට ඉතුරු වෙනවා.
සීතල කාමරේක ගනකම් ඩුවට් එකක් අස්සෙ සනීපෙට අයියට තුරුල් වෙලා මං ඇස් දෙක පියාගන්නවා.

පුංචි කොල්ලෙක් එයාගෙ ඇස් ඉස්සරහා පහල වෙච්ච ලස්සන ඒන්ජල් කෙනෙක් දිහා ඇස් පිය ගහන්නෙත් නැතුව බලාගෙනම ඉන්නවා...

.................................................................................................................

හැම කතාවකම අන්තිම කොටස හිතනවට වඩා දික් වෙනවා.
ඉතින් මට පරක්කු වෙනවා.

කතාවෙ අඩුපාඩුකම් නිසා ඔයාලා කාගෙම හරි හිත රිදුනා නම් සමාවෙන්න.

මෙච්චර කල් කතාවත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලට ගොඩාක් ආදරෙයි!
ඒවගේම ගොඩාක් ස්තූතියි!

මානස අයිති ඔයාලට.
මොකද ඔයාලගෙ ලස්සන කමෙන්ට්ස්, වෝට්ස් නොවෙන්න මම මේක ලියන්නෙ නෑ.

මේ කතාවෙන් කාටම හරි ජීවිතේට ගන්න දෙයක් තියෙනවා නම්,
හිතට සතුටක්, සැනසීමක් ලැබෙනවා නම් ඒක තමයි මගේ සතුට!

පුළුවන් නම් කතාව ගැන ඔයාලට හිතෙන දේ කියාගෙන යන්න.
කතාව නැතුව ඩිප්‍රෙස් වෙන මගේ තෙරපි එක වෙන්නෙ ඔයාලගෙ ලස්සන වචන.

ඉතින් ගොඩාක් ගොඩාක් ස්තූතියි
ඊටත් වඩා ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Seguir leyendo

También te gustarán

1.3M 21.5K 30
ယော.. ကျွန်တော်ကလူတော်..ဒါပေမယ့် လူကောင်းမဟုတ်ဘူး။ စာရေးသူ၏ စိတ်ကူးယဥ်မှုဖြင့် ရေးသောကြောင့် အပြင်လောကနှင့်ကွဲပြားနိုင်သည်ကို သတိချပ်ပေးစေလိုပါသည်။ လ...
18.3K 2.7K 21
⚠BDSM ⚠dominance Love in a dark heart Sex can be intense, but we can't even imagine the love in that heart..🏳️‍🌈 〰️Please read this carefully〰️ ⚠...
56.7K 14K 46
💚💚 මේ ඔයාමද..................... ඔව් මේ ඔයාමයි......... ඉතින් ඔයා මගේමයි.........මගේ විතරමයි........... එච්චරයි ......... ❤❤ ...
115K 12.6K 110
💥New BL ဒါဒါတို့ရေ... ရှေးခတ်ကျေးလက်တောရွာကို ကူးပြောင်းမှ ကြိုက်ပါတယ်ဆိုတဲ့ဒါဒါလေးတို့အတွက် အသစ်လေးလာပါပြီ .... ရှားပါးတဲ့ MC Gong ပါနော် Gp လေးက...