•||...නුඹ හා...||•

Autorstwa bunnygirl9710

5.1K 538 414

"නිකි..කැමතිද හවසට නුවර වීදි දිගෙ අත් පටලගෙන ඇවිදන් යන්න මාත් එක්ක.." Więcej

CHAPTER 01
CHAPTER 02
CHAPTER 03
CHAPTER 04
CHAPTER 05
CHAPTER 06
CHAPTER 07
CHAPTER 08
CHAPTER 09
CHAPTER 10
CHAPTER 11
CHAPTER 12
CHAPTER 13
CHAPTER 15
CHAPTER 16
CHAPTER 17
CHAPTER 18
CHAPTER 19
CHAPTER 20
CHAPTER 21
CHAPTER 22
CHAPTER 23
CHAPTER 24
CHAPTER 25

CHAPTER 14

190 20 27
Autorstwa bunnygirl9710

"කො දෙනවා ෆෝන් එක"

"ඇයි අනේඒ"

"කිව්වම දෙනවා නිකිත්..!!!"

මේකා කැගහනවා නෙ අප්පහ්..අත දික් කරගෙන මන් දිහා බලන් ඉන්න තිසරු ලමැදට රවලා මන් ෆ්ෆොන් එක දුන්නා..පුලුවන්නම් ඇරගනින්කො ලොක් එක..මන් නම් කියයි මෙන්න කියල..මන් උට ඕන මගුලක් කරගන්න කියලා අහක බලාගෙන බැග් එකේ පටිය රෝල් කරන්න ගත්තා..වෙලත් යනව ගෙදර යන්න..තාත්තා ඇවිත් හිටියොත් තමා කෙල වෙන්නෙ..අරයා පනයනකන් එකේක පාසවර්ඩ් ගහලා ගහලා විනාඩි 5කින් පාසවර්ඩ් එක ගහන්න කියල ආවම මුන් එල්ලගත්තා..හොදැඩෙ...

"මේකේ පාස්වර්ඩ් එක මොකක්ද"

"12345678"

මන් ගනන් ගන්නැතුව කියල දාද්දි මූ මගෙ මූන දිහා බලන් හිටියා..මොනාද දන්නෑ බලන්නෙ..මන් එයා දිහා පොඩ්ඩක් බලලා ආයෙ අහක බලාගත්තා..ලැජ්ජත් හිතෙනවා..විකාරද ඕයි..

"ඒක වැරදි..මන් කලින් ට්‍රයි කරා"

"අහ් හි"

එව්..මූ එක ගහලද..මන් මෝඩයෙක් වගේ පේනවද දන්නෑ එහෙම පාසවර්ඩ් එකක් දාන්න..බොරුව මාට්ටු නෙ.

"වෙලා යනවා නේ තව හිටියොත්..ගෙදර යන්න..ගිහින් බ්ලොක් කරන්න..මට ආයෙ කියන්න තියන්න එපා නිකිත්"

"ඇයි.."

"තේරෙන්නෙ නැද්ද ඌ මොකාටද එන්නෙ හදන්නෙ කියලා"

"එහෙනම් ඔයාවත් බ්ලොක් කරන්නම්"

"මොකක්ද"

මන් හිතන්නෙ නිකි උබ ඉල්ලන් කෑවා..තිසරු ලමැදගේ මූනත් එක්ක කලු වෙලා ගියා...මන් ආසම නැති වැඩේ තමා මෙයා මගෙ මූන දිහා අර ස්කෑන් මූඩ් එක ඔන් කර බලන් ඉන්න එක..හරි අපහසුයි එතකොට..නිකින් එයාගෙ ඇස් වලින් ලේසර් ඇවිත් මගෙ මූනෙ වැදිලා පිච්චෙනව වගෙ..කොහෙන්ද බන් මේ අසොබන උදාහරන එන්නෙ මගෙ ඔලුවට..සුදු අක්කෙ මන් අදම එනවා ඔයා එක්ක ඩොක්ටර් හම්බෙන්න යන්න.

"ඉවරද"

"අ..හ්"

"මනො ගහලා"

"අහ් ඔහ්..අහ් නෑ නෑ"

ශික්..හැමවෙලේම මාට්ටු වෙනවනෙ මෙයාට අප්පා..

"තව කොච්චර වෙලා තියෙනවද ඕක ඔන් වෙන්න"
එයා තාම ඉන්නෙ අර කලින් බලන් හිටපු මූඩ් එකෙන්මයි..තරහ ගිහින් වගෙයීඊඊඊ..මන් ෆෝන් එකෙ ස්ක්‍රීන් එක ඔන් කරලා බැලුවා..විනාඩියයි..මූ ලග ඉද්දි වෙලාව යනව මාර ඉක්මනට අනේ...මන් එච්චර මනො ගැහුවෙත් නෑ ඉතින්.

"විනාඩියයි"

"ම්.."

ටික වෙලාවක් දෙන්නා ඔහෙ දෙපත්තක් බලන් ඉද්දි ෆෝන් එක ඔන් කරගන්න පුලුවන් උනා..මන් පාසවර්ඩ් එක ගහලා ඉක්මනට ඔන් කරා..මෙයා මූන් එල්ලන් ඉන්න වෙලේ බිනුර අයියව බ්ලොක් කරන්න ඕනෙ..නැත්තන් නින්ද්ද යන්නැති වෙයි..මුට ඊට පස්සෙ මොකක් හරි ලෙඩක් හැදුනොත් මෙයා පොලිස් තාත්තා මාව හිරෙ දායි..අම්මො අපෙ තාත්තට ඉන්නෙ මන් විතරයි..අද උදේ තේ බොද්දිත් මගෙ ඔලුව අතගාලා කිව්වා මට ඉන්නෙ උඹ විතරයි පරිස්සමින් හැමදේම කියල..එයා ඕක සතියට සැරයක් අනිවාරෙන් මට කියනවා...මන් ඉතින් ඔලුව වනල ඉන්නව..වෙන මොනා කරන්නද..

"කො දෙන්න"

මන් කෝල් ලොග් එකට යන්න යද්දිම එය මගෙ ෆෝන් එක උදුරල ගත්තා..පොඩි එකාගෙ ආසාවනෙ..බ්ලොක් කරගන්න එකයි ඇත්තෙ..මොනවද මොනවද කරලා මට ෆෝන් එක දෙද්දි මන් ආයෙ බලන්නෙ නැතුව ඒක බෑග් එකට දාගෙන එයාට යන්න කියල එන්න අව..අපේ තාත්තා කියලා තියෙන්නෙ මට ෆෝන් එක සාක්කුවට දාන්න එපා කියලා..අනාගතේට පස්න වෙන්න පුලුවන්ද..හම්මෙ මගෙ ෆුට්බෝල් ටීම එක හදාගන්න බැරි උනොත් එහෙම..මලහත්ති හු##ක් වෙන්නෙ..මූන් හොද නෑ තාම එයාගෙ..බ්ලොක් කරාට පස්සෙත් තව මොනවද..එයාව බ්ලොක් කරන්න ඕන් කියපු හින්දද දන්නෑ නේ..විහිලුවක් නෙ කරේ...

මන් ගෙදර යද්දි සුපුරුදු පරිදි සංගීත සාජ්ජෙ සියගෙ..පුටුවක් උඩට වෙලා හොදට තේ එකක් බොනව..පුදුම සැපක්..#ජීවිතෙවිදිනමිනිස්සු.

"තේ බොනව වගේ සුදු මහත්තයා..කො අක්කා"

"ආන් කාමරේට වෙලා කුටු කුටු ගානවා නීපුතෙ..මට මේ සීනි නැති තේ එක්කුත් දීලා..බිස්කට් එකක් වත් දුන්නෙ නෑ..අර දානෙට හම්බෙච්චාඅ ගොඩ ගහන් ඉන්නවා බන්..අම්මා වගේමයි ඒකිත්"

"හපූඌඌඌ...ඔයාගේ දුවට නේද ඔය එකේක ඒවා කියන්නෙ"

"අනෙ නිකා ඉදහන්"

පේනව නේ මේ සියා..වෙලාවකට කිරි පැනියි වගෙ..සුදු අක්කගෙන් තොර ලෝකයක් නෑ....සීනි චුට්ටක් අඩු වෙච්ච ගමන් ඔක්කොම අමතකයි..ප්‍රෝඩාව මේ සීයාගෙ.
මන් බෑග් එක කාමරෙන් දාලා ගියා අරයා කාත් එක්කද කුටුකුටු ගාන්නෙ බලන්න..මට වැඩක් නෑ ඉතින්..ඒත් බලන්න එපැයි.

"නෑ නෑ අනේ..මන් අනිවාරෙන් ඊලග සතියෙ එනවා යන්න...ම්ම්...නිල් පාට...තිබ්බ වගෙ මතකයි...හරි හරි මන් ඇදන් එන්නම් ඒ පාට...ගොඩක් වෙලා යනවද උදාර එහෙ යන්න..පැය දෙකක් නම් අවුලක් නැ නේද..ඔයාට බයික් එක අරන් යන්න අමාරු නැද්ද...මන් දන්නවා සුදු..මාත් ආදරෙයි...හරි මන් තියන්නද...වැඩ කරනවා මට්ටො ගිහින්....බැ බෑ...අනෙ ලජ්ජයි....ඉස්සෙල්ලත් දුන්නෙ අනෙ...මන් තියනවා..බුදුසරනයි...ගෙදර ආවම කියන්න....ම්ම්.."

මගෙ අම්මොහ්හ්හ්හ්හ් ඒ ඇබරිල්ල..අඩෙ සුදු අක්කෙ...මන් අතින් කටත් වහගෙන දොර රෙද්ද පොඩ්ඩක් එහාට කරලා ඇස් දෙක විතරක් දාගෙන බලන් හිටිය...ඊලග සතියේ කොහෙ හරි යන්න වගෙයි...ඉදපන්කො කියන්න තාත්තට..කෝලො එක්ක ටවුම් ගහන්න හහ්..මේ හිච්චි..ඕප්ස් සොරි..හිච්චි නෑ නේද...විසි පහක් විතර වෙනවා නේද්.හේ හේ..සොරි කට් තැන්ක්‍යු..මට වැඩක් නෑ ඕවා..මන් යනවා හෝදගන්න..කවිදුට කෝල් එකක් ගන්නත් ඕනි..උම්මා එකකුත් ඉල්ලුවද කොහෙද..ඒයියා..හරිම අසෝබනයි හරිම අවිනීතයි..මට ඉතින් ඔය කියපුවගෙන් අරු කියපුව හිතාගන්න පුලුවන්..අපිටත් ඒ කාලෙ සුදු දෝනිලා හිටියනෙ උම්මා ඉල්ලන්න..ඒයියා..

මන් ඔලුවත් පොඩ්ඩක් ගසලා කාමරේට ගිහින් ෆෝන් එකත් චාර්ජ් එකට දාලා ටවල් එකයි ඇදුමකුයි උස්සන් ගියා බාතෲම් එකට..හරි මහන්සි අප්පහ්..හොදට නාගන්න ඕනි..නාලා එද්දි චාර්ජ් වෙලා තියෙයි ටිකක්..

නාන ගමනුත් මට තිසරු ලමැද ගැන එකේක ඒවා හිතෙන්න ගත්තත් මන් ඉක්මනට නවත්ත ගත්තේ මට නිදහසෙ මේ ගැන කලප්නා කරන්න ඕනිහින්දා..ඇදට වෙලා ලයිට් ඕව් කරලා...පුදුම විකාර බන් උබෙත්..එහෙම තමයි..

නාලා කරලා මන් ෆෝන් එකත් චාජර් එකෙන් ගලවන් ඇදට පැන්නා..දොර ලොක් කරා කොකටත්..තාත්තා ඇවිත් අහන් හිටියොත් එහෙම..බත් කාඩ් එක නැති වෙනවා නෙ..

ඩේට් ඔන් කරලා ඔන්ලයින් ගියා මන්..උදෙ ඉදන් දැන් තමා වට්සැප් එකට ගියේ...එහෙම මැසෙජ් නැ ඉතින් ලොකුවට..අවුරුදු කුමාරයා ගුඩ් මොර්නින් කියල දාලා තියෙනවා...මන් ගිහින් සේම් ටු යූ කිව්වා..පව් නෙ..මොනා හිතුවද දන්නැ අප්පා..සැක්...මොනාඅහරි කිව්වොත් මන් කියනවා මන් නම් මුකුත් දන්නෙ නෑ..ඔයාගෙ යාලුවා තමා කියලා..

තිසරු ලමැද මුකුත් දාලා නෑ...මන් ආයෙ චැට් එකට යන්න ගියෙත් නෑ.ඕන්නැ නෙ..බලෙන් යන්න.හහ්..පුදුම ගෑස් ටිකක් තියෙන්නෙ.මන් නෙමෙයි නෙ කැමති කිව්වෙ අනික.මන් කවිදුගෙ චැට් එකට ගිහින් බැලුව..තාම ඔන්ලයින් නැ...උන් දෙන්නා උඩට ගිහින් මොනා මොනා කරනවද දන්නැ..එව්ව්..ලැජ්ජයිත් එක්ක...ඔන්ලයින් ආවම කෝල් එකක් ගන්න කියල මන් ෆෝන් එක ඇද උඩින්ම තියලා පොඩ්ඩක් ඇස් දෙක පියාගත්තා...නෑවට පස්සෙ හෙන නිදිමතයි...

*bzzzz.. bzzzz*

ම්හ්හ්..

"හෙ.ලෝ.."

"නිකී..නිදාගෙනද හිටියෙ."

"අහ්..ඔ ඔ කියන්න.."

හොද නින්දක් ගියා හැබැයිමට..මන් ෆෝන් එක කනෙන් චුට්ටක් අයින් කරල වෙලාව බැලුවා..අටත් පහු වෙල..එච්චර නින්ද ගියාද අනෙ..මන් ඇස් දෙක පොඩ්ඩක් පොඩි කරලා කොට්ටයක් ඇද වියල්ලට හේත්තු කරලා කෙලින් උනා...ප්‍රොසෙස් වෙන්න පොඩ්ඩක් වෙලා යනවනේ නැගිටින්න..

"මන් දැන් ඒයි ගෙදර ආවෙ..වොශ් එකක් එහෙම දාගෙන ආව නිදහසෙ කතා කරන්න..කියන්නකො ඉතින්.."

"කියන්න කියන්නේ ඉතින්න්.."

ලැජ්ජයිනෙ අප්ප..කොහොමද මන් කටක් ඇරල කියන්නෙ අප්පහ්..ඒ උනාට කවිදු හරි මේ වෙලේ ඉන්න එක මාර ලොකු දෙයක් ඇත්තමයි..

"ඔයාට හිතෙ තියෙන ඕන එකක් මාත් එක්ක කියන්න පුලුවන් නිකි.."

කවිදු ඒක කිව්වෙ මාර සීරියස් වෙලා..කොහොමත් මේක ජෝක් කරන වෙලාවක් නෙමෙයි.හ්ම්ම්ම්..මන් ලැජ්ජාව පැත්තකට දාලා කවිදුට කියන්න හිත හදාගත්තා..ගැම්ම ගන්න  ගැම්ම ගන්න..

"ම්ම් තිසරු අයියා..මට කැමති කිව්වා"

"ඔහ්හ්..මට හිතුනා හැබැයි..ඒත් මන් හිතුවෙ නෑ , මෙච්චර ඉක්මනට ඕක කියයි කියල නම්"

"ඇයි..එහෙම කියන්නෙ"

"එදා බදාගෙ-"

"අහ්හ්හ් හරි හරී....අනෙ මතක් කරන්න එපා"

මට ඇහෙනවා අර මොට්ටපාල කවිදුවා හයියෙන් හිනා වෙනවා..මගෙ වේදනාව තෙරෙන්නෑ  මුන්ට හහ්..

"හම්මො...මට ඔයාගෙ මූන මැවිලා පේනවා නිකි..හරි හරි ඉතින් ඔයා මොකද හිතන්නෙ ඒ ගැන"

"මන් දන්නැ කවිදු..මට තේරෙන්නෑ...මන් හිතන්නෙ නෑ මන් ගේ කියල"

"තිසරු අයියත් ගේ නෙමෙයි."

"හැව් හැව්..කිව්වා මටත්..ගෙ නෙමෙයිලු..හබැයි මට කැමතිලු"

අරකා ආයෙත් හිනා වෙනවා..ඇයි මන් හිතුවෙ මූ සීරියස් මූඩ් ඉන්නෙ කියල..මන් තව කොට්ටයක් අරගෙන ඔඩොක්කුවෙන් තායෙග්න බදාගත්තා..

"හිනා වෙන්න නෙමෙයි..මේවා තමා සන්සාර ගනුදෙනු"

"ඇත්ත..ඇත්ත"

"අනෙ කවිදු....මන් මොකද කරන්නෙ කියම්කො"

"ඔයා අකමති නම් බලෙන් හිත කැමති කරවගන්න එපා නිකි..ඊට පස්සෙ දෙන්නටම දුක් වෙන්න වෙන්නෙ..ඔයා හිතල බලන්න එය ගන හැගීමක් දැනෙනවද කියල..ඔයාට කලින් ලව් එකක් තිබ්බනෙ..මන් කියන එක තේරෙනව නෙ ඒ හින්දා..තිසරු අයියා ඔයාට කිව්වද ඉක්මනට උත්තරයක් ඕනි කියල.."

"ම්හ්"

'අහ් ඒකනෙ..ඔයා එයත් එක්ක ඉදලා බලන්න...මන් කියන්නෙ දැන් ස්කොලෙදි එහෙම හම්බෙනව නෙ..ම්ම්..ඔයාට කිසි හැගීමක් දැනෙන්නෙ නැත්තන් අපි කියමු ඒක තිසරු අයියට..එයා තේරුම්ගයි.."

"ම්ම්..එහෙම කරමු..ඔයා කියන්නෙ එයා මට ගැලපෙනවද"

"මෙහෙමයි නිකි..මෙ ලෝකෙ අපිට හොදටම ගැලෙපෙන පර්ෆෙක්ට් කෙනෙක් ඉන්නව කියල දෙයක් නෑ..මන් කියන්නෙ මගෙ මතේ හරිද...සමහර වෙලාවට අපි හිතන් ඉන්නව ලොකු qualification සෙට් එකක්ම..මට මෙහෙම මෙහෙම කෙනෙක් ඕනි..මේ විදියට පෙනුම..මේ විදියට කටහඩ උස එහෙම කියල..ඒත් එහෙම කෙනෙක් හම්බුනා කියමු..ඒත් ඔයා හිතෙනවාද හමදේම හරියයි කියල..සමහර විට අපි බලපොරොත්තු වෙන ආදරයක් වත් නැති වෙලායන්න පුලුවන්...ඔය ගති ගුන එකක් වත් නති කෙකෙන්ට ඊට වඩා ලොකු ආදරය්ක් දීල අපිව බලාගන්න පුලුවන් කම තියෙන්න පුලුවන්..නිකන් හිතන්න මායි විහග අයියයි..ඔයාටම තේරිආ ඇති අපි දෙන්නා අහසට පොලොව වගේ..පෙනුම වත් ගැලෙපෙනව කියල මන් හිතන්නෑ...අලියයි කූබියයි වගෙනෙ..එයාගෙ එක අතකට මගෙ ඉන අල්ලන්න පුලුව..එව්ව්ව්ව්..මාව බල්ශ් වෙනව..හරි ඒක වැඩක් නෑ.මන් කියන්නෙ ඒ උනට එය මහ ගොඩක් ආදරෙයි මට..මාත් එහෙමයි..ඉතින් තවත් මොනවද..ඔයාට තේරෙනව නේද"

"ම්ම්ම්"

ඒක ඇත්ත..මටත් ඉස්සර තිබ්බ මට ඕනි මෙහෙම කෙල්ලෙක් කියල අදහසක්...ඒ වගේම මට තෙරුනිව හම්බුනා..ඒත අන්තිමට..හහ්....බලමුනේද..තිසරු ලමදට චාන්ස් එකක් දෙන්න...මන් කියන්නෙ..අහ්හ්හ්..

"ඔයාට ඔන්නම් මන් හෙට ඔහෙ එන්නම් නිකි.."

"අහ් කමක්  නෑ කවිදු අපි සදුදා හම්බෙනවනෙ"

"ඔහ්හ් හරි එහෙනම්...තව මොනාද කියන්න තියෙන්නෙ"

"දැනට එච්චරයි"

"ඔම්කේඒඒඑ..මන් එහෙනම් තියන්නම්..අම්මා කන්න කතා කරනවා..ගුම් නයිට්ට්ට්ට්ට්.."

"ගුඩ් නයිට්"

මන් ෆෝන් එක කට් කරලා පැත්තකට දාලා ඔලුව හේත්තු කරගත්තා බිත්තියට..මන් අවස්තාවක් දෙන්න ඕනිද එයාට..ඒත් මන් ඒක මතක් කරන හැමවෙලේම මතක් වෙන්නෙ එයාගෙ තාත්තව..අපේ තාත්තාව..කවදාවත් මේක හොද අවසානයක් බලාපොරොත්තු වෙන්න බෑ මට..ඒත් මොකක්දො හේතුවට මගෙ හිත කැමති නෑ මේකට වීරුද්ද වෙන්න...ඔයා මොකක්ද තිසරු ලමැද මේ කරෙ මට..මට ඔයාව රිජෙක්ට් කරන්න වත් හිතෙන්නැ..මන් ආයෙ ෆෝන් එක අරන් වට්සැප් එකට ගියා..එයාගෙන මැසෙජ් එකක් තියෙනවද බලන්න..ම්හ්...මොනවද මේඒඒඑ අවුරුදු කුමාරයා කියන්නේ....

"ah malle mal kdnawathe"

"ow"

"oka badinna wenna bn"

මුගෙ කට හින්දම මට බදින්න වෙන්නැති වෙයිද දන්නෑ..හැමදාම මතුරනවනෙ මන්තරෙ වගෙ...රෙද්ද.තු තු තු...

"badinne na panala yanawa"

"ai uba kangaruwekd"

"na gembek"

"poddak baka baka gapanko ehnm"

"ane me ayye"

"why why why why"

"paduwe innawda"

"htye natthn"

"kurulu kudu walata gal ghala ilaga athmeth ohm inna wei ayyata thanikadawa"

"chu karala nidagnin podi eka"

"ba"

අනේඒඒඒඒ මට බෑ අප්පා මු එක්ක...මට මොනා හරි කියන්න මයි බලන් ඉන්නෙ රෙද්ද..චු කරල මන් කියන්නෑ ඉතින්..තිසරු ලමදට මොන වෙලාද මන්දා..මන් ඩේට ඔෆ් කරලා දාලා ගියා සාලේට..බඩගින්නක් වගෙ එකක් දැනෙනවා පොඩියට..
.
.
.
.
.
.
.
.
"තාම ඉවර නැද්ද අප්පහ ඔය මීටිම..බඩත් ගිනී"

"ම්ම්ම්"

මායි කවිදුයි කල්බ් එකේ තව පස් හය දෙනෙකුයි අපෙ සොස්‍යිටි එකෙ රූම් එකට වෙල බලන් ඉන්නව අවුරුදු කුමාරය එහෙම ඕල්ඩ් බෝයිස්ලා එක්ක මීටින් එක ඉවර වෙනකන්..මන් එච්චර කැමැත්තකින් නෙමෙයි මෙතන ඉන්නෙ..අහ්හ්හ්හ්..මට බෑ මේක කරන්න

"නිකි ඔය මූඩ් ගහල ඉන්න එක දැන් ඇති අහ්"

"ම්ම්"

"ම්ම් ම්ම් නෙමෙයි..ගහනව මන් බොට "

"මට එයාලා ආවම කියනවද කවිදු..මගෙ ඔලුව රිදෙනවා"

"නිකී..."

කවිදු මගෙ අතින් අල්ලන් දුකෙන් වගෙ මන් දිහා බලන් හිටිය..මන් යන්නම් කියල ඔලුව වනලා ආවා එලියට..ඇත්තටම මගෙ ඔලුව රිදෙනවා හොදටම..ලොකු ප්‍රෙශර් එකක් දැනෙනව මට..මන් ක්ලාස් එකට යන්නැතුව වොශෲම් එකට ගිහින් සින්ක් එකෙන් මූන චුට්ටක් හෝදගත්තා..වතුරත් එක්ක කදුලු බින්දු පේලියක් ඇස් වලින් ආවත් මන් ආයෙ පාරක් වතුර ටිකක් මූනට ගහගත්තා..දැන් හරි..අහ්හ්හ්හ්...
මන් එහෙම්ම එතන තිබ්බ බිත්තියට හේත්තු වෙලා අත් දෙක ලේන්සුවෙන් පිහගෙන කොන්ඩෙ හදාගත්ත..ඇයි එයා එච්චර නපුරු..දැන්ම මෙහෙම නම්..

සෙන්සුරාද හම්බුනාට පස්සෙ මන් ඉරිදා උදෙ වෙනකන් බලන් හිටියා එයාගෙන් මැසෙජ් එකක් එනකන්..එක පාරට ඇවිත් මන් ඔයාට කැමති කියල මාව කිස් කරල කිසිම සද්දයක්ක් නැතුව ඉද්දි..මට තේරෙන්නෑ.මන් බැරිම තැන එයාගෙ චැට් එකට ගිහින් බැලුවා..මට තාම විශ්වාස කරන්න බෑ එයාහ්..හහ්..එයා බිනුර අයියව නෙමෙයි බ්ලොක් කරලා තියෙන්නෙ එයාව..මන් මෝඩයෙක් වගෙ එයා කෝල් කරනකන් බලන් ඉන්නව..වට්සැඔ එකෙනුයි නෝර්මලුයි දෙකෙන්ම බ්ලොක් කරල..මන් ආයෙ අන්බ්ලොක් කරන්න ගියෙත් නෑ..මොකටද..මන් නෙමෙයි නෙ කැමති කිව්වෙ එයානෙ..බ්ලොක් කරගත්තනම් ඉන්න එපැයි...මන් ඊයෙ දවසම් ඒත් බලන් හිටිය එයා නෙහාන් අයියගෙ ෆෝන් එකෙන්වත් මට කෝල් එකක් ගයි කියල..ඇත්තටම හිතුවා මන් එහෙම...ඒත් නෑ..බොරු ආදරෙ..ආදරෙ නම් ඔහොම කරන්න පුලුවන්ද...

මන් ආයෙ අස් වලින් බේරිලා ආපු කදුලු ටික පිහදැම්මා...ඔන්නෑ මට..ඔන්නෑ ඕන්නෑ..මාත් හිතුවනෙ මෝඩයා වගෙ අවස්තාවකුත් දෙන්න..උබට නම් හොදම වෑඩෙ නිකි..රෙද්ද..ඒකත් කමක් නෑ..එයාට වටින්නෑ නේ උදෙ මට බනින්න..අර හැමෝම ඉස්සරහ..සිහියක් නෑ කොයි වෙලෙත් අරකයි මේකයි..කරන්න බැරි නම් අයින් වෙලා යන්නත් කිව්වා.මන් ඇත්තටම එන්න හැදුවෙ දමලා ගහල මගුල..මටත් ඔන්නෑ එකේකාගෙන් බැනුම් අහන්න..මන් කොහොමත් කැමැත්තෙන් නෙමෙයිනෙ ගියේ..පුලුවන් තරම් තරහ පිට කරලා ගියා මීටින්ග් එකට..එක පොඩ්ඩක් හිතුවෙ නෑ එදා අරහෙම මාව ඉබලා කරලා හුරතල් වෙලා දෑන් එකපාරට මෙහෙම කරාම මට කොච්චර දුක හිතෙනවද කියල...අවුරුදු කුමාරය බලන් හිටියා හොදට දෙන්නම් දිහා..මන් දන්නෑ මොනා හිතයිද කියල...අහ්හ්හ්හ්හ්හ්..සතුට තියෙන්නෙ හරි පොඩි වෙලාවයි මගෙ ජිවිතෙ....

වොශෲම් එකෙ දොර ඇරෙන සද්දෙට මන් ඉක්මනට ඇස් දෙක පිහිදගෙන එලියට යන්න ආවා.

"නිකිත් ඔහොම ඉන්නවා"

මන් ඇහෙන්නැ වගෙ යන්න ආව..මට කතාවක් නැ තිසරු එක්ක.

"ආව්ව්ව් අනෙ..රිදෙනවා..!!"

"මොකද කෑගහන්නෙ අහ්හ්..!!"

"ඇයි ඇයි..මොකද"

"සද්දෙ වැඩි."

"ඇයි තමුසෙනෙ කිව්වෙ අනිත් අය එක්ක කියවන්නැති කට මාට්න් එක්ක විතරක් කියවද්දි ආසයි කියල...ඇයි දැන් අහන් ඉන්න බැරිද"

"මන් කිව්වෙ නෑනෙ එකට එක කියන් එන්න කියල..අනික තමුසෙ තමුසෙ ගන්න එන්න එපා"

'මට ඕන්නම් මන් කියනව

"හහ් එහෙමද"

"ඔව්"

"බිනුරගෙ හයිය අරන්ද කියවන්නෙ"

"කාගෙවත් හයියක් ඔනෙ නැ මට"

"හා හරි..මන් ආවෙ මේක කියල යන්න..මාව ඔය එකේක පො## ගානට දාලා කතා කරන්න එපා...මන් උන් වගෙ කොල්ලො පස්සෙන් යන්නෙ නැ ඇඹලයෙක් වගෙ..මන් ජීවිතෙ ඉස්සෙලම කොල්ලෙක්ට කියල කැමති උනෙ තමුසෙට...අන්තිමයත් තමුසෙම් තමා...ආයෙ වද දෙන්නැ මන්"

තිසරු ලමැද යන්න යද්දි මන් ඉක්මනට එයාගෙ අතින් අල්ලගත්තා..මට මූ කියන කිසි දෙයක් තේරෙන්නෑ..මන් කොයි වෙලේද මෙයා එහෙම කෙනෙක් කිව්ව්.

"අතාරිනවා"

"මන් ඔයාට එහෙම දෙයක් කිව්වද"

"....."

"කියන්න..මන් ඔයාට කිව්වද ඔයා කොල්ලො පස්සෙ යන එකෙක් කියල"

"මතක කරල බලනවා"

"ඔයාව බ්ලොක් ..කරන්නද අහපු එකටද"

"...."

"මන් විහිලුවට ඒක ඇහුවෙ"

"මගෙ හැගීම් ඔයාට විහිලුවක්ද මල්ලි"

"නෑ..කොහෙත්ම නැ"

"එහෙනම් මාව unblock කරෙ නැත්තෙ ඇයි"

"ඔයා බ්ලොක් කරා නම් ඔයාම unblock කරගන්න එකයි ඇත්තෙ"

මන් එයාගෙ අතක් අත් දෙකෙන්ම බදාගෙන කටත් පොඩ්ඩක් ඇදකරා...ඇත්තනෙ හහ්..අනික මූ වීරයා වගෙ බ්ලොක් කරාට බලන් ඉදලා unblock කරනකන්.පුහ්...බොරුවනේ..බොරුවනෙ..

"මන් හිටියත් එකයි නැතත් එකයි නෙ මල්ලි ඔයාට"

"එහෙම නෑ"

"ම්ම්ම්..හ්ම්ම්"

තිසරු ලමැද මගෙ අත් දෙක එයාගෙ අතින් ගලවගෙන මාව දොරට තියල තද කර..මේ වෙලාවට කවුරුත් එන්නති හින්දා හොදයි .මන් එයාගෙ ඇස් දෙක දිහා බලන් ඉද්දි එයාගෙ ඇස් මගෙ මූන පුරා ගිය.එදා දානෙ දවසෙ වගෙ..මට ඉවෙන් වගෙ තේරෙනව අපි කිස් කරන්න යන්නෙ කියල. ඕප්ස්ස්ස්ස් ..ලැජ්ජයි ..

"සොරි බැන්නට"

"සොරි කිව්වට මගෙ හිත හැදෙන්නැ"

"එහෙනම්"

"ම්ම්ම්..කල්ප්භ්ම්ම්හ්හ්හ්"

අනේඒඒඒඒ..කට කනවනෙ මගේඒඒඑ...මගෙ තොල් දෙකම තිබ්බෙ එයාගෙ තොල් අස්සෙ හිරවෙලා...හරි සන්සුන් හාදුවක් ඒක...මෙච්චර වෙලා රිදුන් හිත ලස්සනට සනීප උනා වගේ....මන් පියවෙලා තිබ්බ ඇස් දෙක ඇරලා එයා දිහා බැලුවා...එව්ව්ව්ව්....ලන් වෙලා ඉද්දි නිකන් පැස්බරෙක් වගෙ පේන්නෙ...ඇස් දෙක තඩියටයි..නහය ලොකු වෙලයි..මන් ඉක්මනට ආයෙ ඇස් වහගත්තා...සැක්....

.
.
.
.
.
.
.
Bunnygirl🌼

Im backkkkkkk....🌝

අවුරුදු කුමාරයයි බිනුර අයියයි සෙට් උනොත් නරකත හලෝලා😪

ඔයාල කියන එකක් තමා කොරන්නෙ ඉතිම්.....

ඉක්මනට එන්නම්...ලව් යූ...😘❤️

Czytaj Dalej

To Też Polubisz

55K 8.6K 58
"සියපත් මට නෙළුම් මලක්....හරියට පිපිලවත් නැති තවම පෙති විහිදන්න හිතන ළපටි නෙළුම් පොහොට්ටුවක්...." මතකයට හැකියිනම් වන්න පිහි ඇනුමක් සුසුමකට නොහැකි ඇයි...
48.8K 5.3K 59
ආදරේ හිතුණා ... මුල්ම වතාවට ...ඒ යාලුවෙක් විදිහටවත් සහෝදරයෙක් විදිහටවත් නෙවෙයි.. "අභිශේක්" "ඒ පාර ඇයි" "නිකන් එහෙම නමක් තියෙනවා කියලා මතක් කරේ"
77.6K 5.4K 11
❝in which she slips folded paper hearts everyday without fail in her crush's mailbox because she doesn't want him to know her identity❞