දවස් දෙක තුනකට කලින් කොළඹ ආව තුහින ඉදියෙ ශෙවෝන් එක්ක කෝල් එකක . තුහින බයෙන් උණත් අන්තිමට තීරණය කළේ තමන්ගෙ හිතේ තියෙන දේ ආධිල්ට කියන්න . වෙන්න තිබ්බෙ දේවල් දෙකයිනෙ කොහොමත් . එක්කො ආධිල් කැමති වේවි . නැත්නම් අකමැති වේවි . ඉතින් තුහින ඒකයි මේ දේ ඉක්මනින් කියන්න හිතා ගත්තෙ .
ශෙවෝන් : උඹට විශ්වාසද උඹ අනිවාර්යයෙන් කියනවා කියලා .
තුහින : ඔව් බං . මං කියනවා .
ශෙවෝන් : හරි මං තැනක් බැලුවා . ඒත් පොඩි අවුලක් තියෙනවා .
තුහින : ඇයි ශෙවෝන් ?
ශෙවෝන් : ආධිල්ව ගෙන්න ගන්නෙ කොහොමද ?
තුහින : උඹ ඩිනර් එකක් දෙනවා කියමු . එතකොට එයිනෙ .
ශෙවෝන් : මං උඹට මගෙ කාර් එක දෙන්නම් . ඒකෙ වරෙන් . මං ටිකක් කලින් යනවා වැඩේ ඇරේන්ජ් කර ගන්න .
තුහින : හ්ම්.... එහෙම කරපන් . ඇත්තටම උඹට ගොඩක් තෑන්ක්ස් .
ශෙවෝන් : හා හා ඒවා ඕන නෑ . උඹට ඕන විදියට වැඩේ වෙයි . එතකොට රින්ග් එකක් ?
තුහින : මං ගත්තා . හැබැයි ඒක මං ගොඩක් ඉස්සර ගත්ත එකක් .
ශෙවෝන් : ආහ්... අර උඹ මීට අවුරුදු ගානකට කලින් නුවර අර ටවුන් එකේ තිබ්බ ශොප් එකෙන් ගත්තු එකද ? මැරෙන්න හැදුවෙ ඒක ඕනමයි කියලා .
තුහින : අම්හ්.... ඔව් ඒක තමයි . මං මැරෙන්න හැදුවෙ නෑ .
ශෙවෝන් : අනේ මේ පලයම් . කඩේ උන් එක්ක මරා ගත්තෙ එහෙනම් .
තුහින : ඒ මේ පොඩි කාලෙ වුණ සුළු සුළු අත් වැරදීම් නෙ බං .
ශෙවෝන් : සුළු ? තොගෙ ඔක්කොම සුළු සුළු එව්වා තමා තියෙන්නෙ .
තුහින : කෑ ගහන්නෙ ඇයි යකෝ .....
ශෙවෝන් : උඹ එදා ඕක ගත්තෙත් මේකටමද ?
තුහින : මේකටමද ඇහුවෙ ?
ශෙවොන් : කවදම හරි ආධිල්ට දෙන්නමද ?
තුහින : ම්ම්.... ඔව් ශෙවෝන් . එදා ඒ මුද්ද දැක්කහම මට හිතුනෙ ඒක කොහොම හරි අරගෙන ආධිල්ට දෙන්නම ඕනෙයි කියලා . ඉතින් කොහොමත් ඒ වෙද්දි මගේ හිතේ ආධිල් ගැන ලොකුම ලොකු කැමැත්තක් තිබ්බනෙ . ඒකයි එදා රණ්ඩු වෙලා හරි ඒක ගත්තෙ මං....
ශෙවෝන් : උඹ මට එදාවත් කිව්වෙ නෑනෙ නේද ? මහ ලොකු යාළුවාළු . මටත් ඉන්නෙ පුදුම උන් තමයි .
තුහින : හරි යකෝ මං එහෙම කළේ මට බය හිතුන නිසා . ඒ අපි දහතුන වසරෙදි අපේ ගෙදර ගියාම ගත්තෙ උඹට මතකද ? මං හිතුවා මේ වගේ ලොකු දෙයක් මට එහෙම දැනෙන එක වැරැද්දක්දෝ කියලා . පස්සෙ හිතුනා උඹ එහෙම සාම්ප්‍රදායික නෑ . හොද අප්ඩේට් මනුස්සයෙක් කියලා .
ශෙවෝන් : පුහ් එහෙම කියලාවත් බේරෙන්න එපැයි උඹහ්..... ඔන්න බලපන් දැන් , උඹටත් හරි ගියාම , මාත් උඹේ ඔය කන්දොස්කිරියාවයි නහයෙන් ඇඩිල්ලෙනුයි නිදහස් වෙනවා . මගේ එකම සහ ලොකුම සතුට ඒක...
තුහින : අනේ මේ කිව්වා කියලා හිතා ගනිම් කන්දොස්කිරියාව බොට . මං තියනවා .
ශෙවෝන් : ම්ම්... තියපන් තියපන් පගයා . අනිද්දා දිහාට ඇවිල්ලා කාර් එක ගනිම් . මට එන්න විදියක් නෑ . බයික් එක මෙහෙන් දාලා පලයන්... බායි
තුහින : ම්ම් හරි බං . මං එහෙම කරන්නම් . බායි .
තුහින ඉද ගෙන හිටියෙ ඉස්සරහ දොර ළග බිම උළුවස්සට හේත්තු වෙලා . පුංචි පෙට්ටියක දාපු මුද්දකුත් අතේ තියාගෙන ඉදපු තුහින ඒක ඇරලා ඒ මුද්ද උඩ තිබ්බ පුංචි පර්ල් එක සිනිදුවට අත ගෑවෙ බර හුස්මක් පාත දාන ගමන් . තුහින දැනගෙන හිටියෙ නෑ ආධිල් මේකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා . මොකද අපි දෙයක් කළොත් තවත් මනුස්සයෙක් ඒ දේට කොහොම ප්‍රතිචාර දක්වයිද කියන එක අපිට මුලින් නිගමනය කරන්න බෑ . මොකද මිනිස්සු කියන්නෙ හරි වෙනස් අදහස් දරන එකිනෙකාට වෙනස් කට්ටියක් . ඉතින් අපි හරි කියන දේ තවත් එක්කෙනෙක්ට පුළුවන් වැරදී කියන්න . අපි කැමති දේකට තවත් එක්කෙනෙක් ට පුළුවන් අකමැති වෙන්න . ඉදින් අපිට කවදාවත් අපේ අදහස් වලට සීයට සීයක්ම ගැලපෙන අංගසම්පූර්න මිනිස්සු හම්බෙන්නෙ නෑ . අපි තමයි ඒ අදහස් ගලපගෙන අංගසම්පූර්න වෙන්න ඕන . ඉදින් දැන් තුහින ගෙ හිතේ තිබ්බ ලොකුම නිරුත්තර ප්‍රශ්නෙ උණේ ආධිල් තමන්ට කැමති වේවිද ? කියන එක .
නිකන් හරි ආධිල් අකමැති උණොත් තුහින ට ඕන උණේ නෑ යාළුකමත් දුරස් කර ගන්න . එයා හිතුවෙ එතකොට කොහොමද ඒ බැදීමට නමක් දෙන්නෙ කියලා .
දන්නවද ?
මේ ලෝකෙ බැදීම් නම් ඕන තරම් තියෙනවා .
මෙච්චරයි කියලා කියන්න බැරි තරම් බැදීම් තොගයක්...
ආදරය කියන්නෙ ඒකෙන් එකක් විතරයි .
මොකද ,
ආදරය කරන දෙන්නෙක් ළග නැති උණත් ඊට එහා ගිය බැදීමක් යාළුවෝ දෙන්නෙක් අතර ඇති ,
සමහර විට තමන්ගෙ යාළුකම ගැන හිතලා ආදරේ මරලා දාලා තනිවම බලං ඉන්න මිනිස්සු ඇති ,
දෙන්නට දෙන්නා කැමති උණත් ඒ බව නොකියා දෙන්නම ඒකපාර්ශ්විකව ආදරේ කරන මිනිස්සු ඇති ,
එක පාරක් දැකලා ඒ ඇස් ආපහු දැක ගන්නම විතරක් බලාපොරොත්තු පොදි ගහගෙන ජීවත් වෙන මිනිස්සු ඇති ,
ඉතින් ඒ හැම බැදීමටම මුදුන් මුල වෙන්නෙ ඒ නොතේරෙන හැගීම් ගොඩක එකතුව . හැමෝම ඒකට කිව්වෙ ආදරය කියලා...
Adhil's pov
" ආහ්.... යකෝ මේ හොල්මන ෆෝන් එක ආන්සර් කරන්නෑනේ "
නිරාශා ට විසි හත් වෙනි සැරේටත් කෝල් කරන ගමන් ආධිල් තඩි පැස්ටා හැන්දක් කටේ ඔබා ගත්තා . කිචන් එකේ ෆැන්ට්‍රි එක උඩ ඉදගෙන කෑම උයපු වළදම ළගට අරගෙන ආධිල් ඉදියෙ තඩි හැන්දකින් පැස්ටා ගිලින ගමන් . කොල්ලගෙ හිතේ තිබ්බ දරුණු ප්‍රශ්නයක් .
" මොනාද තුහින නිරාශාට හවස කිව්වෙ . මං එනවා දැකලා කතාව නවත්තලා දැම්මත් එක්ක . එවෙලෙ ඇහුවට කිව්වෙත් නෑ . මොන ගොටුකොළ පුතෙක්ද මංදා "
ඒත් එක්කම ආධිල්ට කෑම හිර වුනේ නිරාශාගෙන් ආව කෝල් එක නිසා .
නිරාශා : මොකද යකෝ මේ missed call විසි හතක් ?
ආධිල් : නෑ උඹව මතක් වුණා ඉතින් නිකන් ගත්තෙ .
නිරාශා : මුගෙ ආච්චිට යකෝ.... බය වෙනවනෙ මිනිහො . තේරෙන්නැද්ද බොට ?
ආධිල් : හී... ඉතින් උඹ පළවෙනි කෝල් එකම සනිකයෙන් ආන්සර් කරලා " හලෝ ආධිල් කුමරුණි " කියලා කිව්වනම් මං කෝල් විසි අටක් ගන්නෙ නෑනෙ .
නිරාශා : යා.... කුමරුනි ? අම්මපා තෝව මං එල්ලනවා . මේ මහ රෑ බය කළාට . මං පහළ ඉදියෙ යකෝ. හා හා මොකද මේ මිත්‍ර සෙනෙහස පාන්නෙ ඉදපු ගමන් ?
ආධිල් : උඹ දන්නවනෙ ඉතින් . ඉදපු ගමන් නෙවෙයි මේ ආධිල් ඔය නිරාසා කෙම්ලට එකෙන්ම හද පත්ලෙන්ම ආදරෙයි ඈහ් . දන්නවනෙ ආයෙ... කැට තියලා කියන්නෙ මේ මං .
නිරාශා : අනේ කැටේ ගහ ගහගනිම් බොගෙ පුපේ . කාරණාව කියනවකෝ...
ආධිල් : එහෙම කියන එක වැරදී මොනා උණත් . මේ ඒක නෙවෙයි... තුහින මොනවද උඹට කිව්වෙ අර දවල් ?
නිරාශා : කවද්ද බං ? ඉතින් යකෝ තුහින කෝමත් කතා කරනවනෙ . අද කියලා ඉතින් එහෙම වෙනමම විශේශයක් නෑ .
ආධිල් : ඔව් ඔව්... මං අහන්නෙ මං එද්දි නවත්තපු කතාව ගැන .
නිරාශා : ආ ඒකද ? තුහිනට චූ බරයි කිව්වා . ඇයි යකෝ.... උඹ හිතුවද මේ උඹ එද්දි නවත්තන්න උඹ බස් එකක් අපි බස් හෝල්ට් එකක් කියලා . මේ රෑ ගොං ප්‍රශ්න අහන්නෙපා බූතයෝ .
ආධිල් : යකෝ මේකි බලපන්කො... එදා චීත්ත ගවුම ඇදන් එන්න දෙන්න තිබ්බෙ .
නිරාශා : අනේ මේ... මං කොහොමත් කම්ප්ලේන් කරන්නනෙ ඉදියෙ . හුම්... උඹට තමා චීත්ත කෑල්ලක් ගෙනත් දෙන්න ඕන .
ආධිල් : ඒ මක්කටද යකෝ ?
නිරාශා : ඕපදූප හොයනවට . චීත්ත කැල්ලෙන් මල් මල් ජංගියක් මහ ගනින් .
ආධිල් : මං තෝව මරනවා හෙට . ගොන් ගෑණි....
නිරාශා : ආ ඒමද... අම්මපා අක්මාව ගලවලා ගන්නවා බලපන් . පස්සෙ පීකුදු වගේ උයලා කවනවා මී හරකට .
ආධිල් : ඉව්.... මොනාද යකෝ නිරාසා මේ උබ කියවන්නෙ . මං කකා ඉන්නෙ බොල . උබ වෙන්ඩ ඩොකා උණාට මං ඒම නෑ . ඔය බඩවැල් කතා ඕන නෑනේ...
නිරාශා : හේ හේ... සමාවෙනු මැනවි...අඩෝ මේ මං තියනවා ඒනම් . හෙට එනවද උඹ ?
ආධිල් : ඔව් ඔව්... උඹව මරන්නත් තියෙනවනෙ . හරි එහෙනම් බායි.
නිරාශා : අනේ පලෑම් . බායි බායි ...
ෆෝන් එකත් කට් කරලා දාපු ආධිල් ආපහු කන එක කන්ටිනිවු කළා .
නිරාශාට ආධිල්ගෙ කෝල් එක කට් උණේ ශෙවෝන් ගත්ත නිසා . නිරාශා ශෙවෝන් එක්ක කතා කරන්න ගත්තෙ තුහිනගෙ වැඩේ නිසා . කොහොම කොහොම හරි තුහින ශෙවෝන් ආධිල්ගෙ අතරට නිරාශා ඒ වෙද්දිත් එකතු වෙලයි තිබ්බෙ . ආධිල් ඇහුවෙත් අද මේ ගැන තුහින නිරාශාට කිය කිය ඉද්දි ආධිල් එනවා දැකලා නවත්තලා දාපු ඒ කතාව ගැනමයි. ඒ නිසාමයි නිරාශා මුකුත් නොදන්න ගානට හැසිරුණේ .
___________________________
ඉරිදා වෙනකන් කල් වැඩි කිව්ව නිසා මෙන්න ශෝට් ඇන්ඩ් ස්වීට් එකක් හලෝ .
මං යනෝ එනම් . ආයෙ නම් දෙන්නෙ සදුදා තමා හරිත .
😶🌫️😖😂