The Echo of Avenged Love ( Co...

By Yuming99

937 84 15

සමහර හීන තියෙනවා හීනයක්ම වෙන , උබ මම ගාවට ආවේ හිතන්නෙවත් නැති වෙලාවක , එත් උබ ගියේ මගේ හුස්මත් අරගෙනමයී , මම... More

🥀 Intro
🥀 Chap 01
🥀 Chap 02
🥀 Chap 03
🥀 Chap 04
🥀 Chap 05
🥀 Chap 06
🥀 Chap 08
🥀 Chap 09
🥀 Chap 10
🥀 Final Chap

🥀 Chap 07

49 6 1
By Yuming99

පාන්දර  වෙනකම් අඩව් අල්ලා අන්තිමේදී නින්ද මාව හොයාගෙන ආවේ කොයී වෙලේද මම දන් නෑ. ඒත් පෝන් එක වයිබ්‍රේඩ් වෙන්න ගත්ත නිසා මම ගැස්සිලා ඇහැරුනා.. යීවාන් මාගේ පපුව උඩම නිදී.. ගතේ වෙදනාව දැනුනත් අද හිත සතුටින්.. අවුරුදු අටේදී වෙන් උන පුංචී කොල්ලා දැං මාගේ ලග සුවසේ නීදී.. ඒ කාලේ වගේම තවමත් මුරන්ඩුයී. දෙයක් ඉල්ලුවොත් ඒක ඕනේමයී.. ආයේමත්  කෑගහන පෝන් එක මම අතට ගත්තා.. නම දැක්ක ගමන් මගේ හිත ගැස්සුනා..

📲 'දිල්හාන් ජිනදාස´

මම ආමාරුවෙන් යීවාන් ව අයින් කරලා කොට්ට වලින් වට කරලා නැගිටපු සැනින් ආයේමත් ඇදේ ඉන්ද වුනා..ඒත් අමාරුවෙන් නැගිටලා බැල්කනීයේ දොර ඇරගෙන එලියට ගියා සීතල සුලග ඇගේ වැදෙන කොට අද සනීපයත් එක්ක අමුතු හිරියක් ගත වටේ එතුනා.තුන් වෙනි පාරටත් කරුමේ වදින නිසාම අමාරුවෙන් පුටුවේ දිගා වෙලා කොල් එක ආන්සර් කලා.මම කතා කරන්න කලින් එයා කෑ ගැහුවා..

" කොහෙද ශාන් අයියේ හිටියේ ?"
" මල්ලී මම නිදාගෙන හිටියේ.. තාම උදේ 7 යී මෙහාට.."
" Sorry , මට ඒක අමතක උනා. ඔයාගේ ෆැමිලි එකම ලංකාවේ  ඇයී ඔයා ආවේ නැත්තේ..? "
" මම තාම මෙහේ කම්පැනී එකේ අය එක්ක project  එක් කතා කරනවා. අනිද්දා එනවා මම.."
"ශාන් අයියේ.."
"ඔව්... කියන්න මොකද්ද ප්‍රශ්නේ ..?"
" යීවාන් කොහේ ඉන්නවා ඇතිද මේ දවස් වල..."

මගේ හිත ගැස්සුනේ නැ කිව්වොත් බොරුවක්.. වෙලාවකට මට හිතෙනවා  යීවාන් ලංකාවට ආව එකම කරදරයක් කියලා.

" මම කොහොමද  දන්නේ මල්ලී.. මගේ වැඩ එක්ක කොහෙවත් යන අය ගැන හොයන්න මට වෙලාවක් නෑ. අනික මම දැං students counselor  නෙමෙයි . ඒ වගේම YOT එක භාර මට නෙමෙයි . ඕක නදීර් ගෙන් අහලා බලන්න.."

" හරී හරී .. ඉක්මනින්  මෙහේ එන්නකෝ... අපි ඊට පස්සේ Day out එකක් යමූ... අපේ ඩැඩාට කියලා අපේ වෙඩින් එක ගැන ඔයලාගේ ගෙදර අයට කියන්නම්. "

"දිල්හාන් මල්ලී  , මම මේක ඔයාට කී සැරයක් කියන්න ඕනේද ?"

"ශ්....ශ්...... දැංම බදින්න බෑ කියලා නම් ඔයා කියන්නේ , අපී තව ටිකක් මේම ඉමූ... මම තියන්නම් අයියා බබා.."

මාගේ ඇගේ මාලූ නාටන්න ගත්තා .මේක කියලා විසද ගන්න බැලුවාම මූ එනවා මුගේ අප්පා වගේම කරේ නගින්න..මූව මරන එක නම් ලේසී වැඩක්..එත් මම තව ඉවසන්නේ එයා නිසා.. එයා මෙහෙන් යනකම් එයාගේ වැඩ settle  වෙනකම් ගිනි තියන්න අලු කරන්න මගේ ඇත්ත පෙනුම එලියට දාන්න බෑනේ.. මම එහෙන්ම අහස දිහා බලාගෙන ලොකූ හුස්මක් ගත්තා..

" පුරුදු කාරයෙක් වගේ ඇදෙන් නැගිටලා ඇවිල්ලා... මොකද බබා ඔයා මට නොකියා කා එක්ක හරී.."

"යීවාන්.... මොනාද මනුස්සයෝ මේ කියන්නේ ?"

එයාගේ ඇස් වල තරහ..ඒ කියන්නේ එයා අපේ කතාව අහන් ඉදලා.. මම නලල රැලි කර ගත්තා. වෙලාවක මේ ප්‍රශ්න හිසරදයක් . මාගේ පුටුව ඉස්සරහට ඇවිත් එයා මාව ඇදලා ලගට ගත්තා..

"අහ්..."
" ඔහ් පුංචී හාමුට රිදුනාද ?"
" රිදෙනවා , මම හැගීම් තියෙන මනුස්සයෙක් නිසා.."
"එතකොට මට හැගීම් නැද්ද ශාන්? කියනවා.."
" මම එහෙම කිව්වේ නෑ යීබා... මම එහෙම කිව්වේ නෑ. !!!."
"තමුන් තමුන්ට  මාව කොහෙවත් යන එකෙක්ද ?"
"මම එහෙම නොකීවා නම් මොක්ද වෙන්නේ යීබා.. කියනවා මට... මම තමුන්ව මෙච්චර  පරිස්සම් කරද්දී තමුන් අර නයාව රෙද්ද අස්සේ දා ගන්නවා.. ශාමී ආන්ටී  එහෙන් මගේ ඔලුව කනවා.. ' ශාන් පුතා අපේ යීවාන් ගැන හොයන්න , එයාගේ ඩැඩා එයාට එහේ එන්න කියනකම් රකින්න , ' හැමොම කියන දේ අහලා උබව රකිද්දී උබ හැමදේම විනාශ කරන්න හදනවා..මාව පිස්සෙක් වෙයී යීවාන්..."

"ශාන්  !!! උබේ කට වැඩී.... උබ මේ කතා කරන්නේ යීවාන්ට නැතුව "

"මම කතා කරන්නේ මගේ හස්බන්ට යීවාන්..නැතුව යීවාන් වන්ග් නෙමෙයි . මම මගේ හස්බන්ට යට උනත් මේ ශාන් වික්‍රමසිංහ  කියන්නේ මොන වගේ එකෙක්ද කියලා නොදන්නවා නෙමෙයි ..ශාන් වික්‍රමසිංහ  මිනිස්සුන්ගේ පණ ගන්නත් පුළුවන්  පණ දෙන්නත් පුළුවන්  යිවාන්.."

"තමුන්...."

"මම තමුන්ට යට වෙන එක දන්නේ මායී තමුන් නුයී විතරයී යීබා.. ශාමී ආන්ටිට තමුන් පෙන්නේ තාම පොඩි එකෙක් ගානට. ඒ මනුස්සයා මට හැමදාම කෑ ගහනවා යීවාන්... තමුන් නුයී නංගී දෙන්නාම කොහෙවත් නැති උන් රෙද්ද අස්සේ දා ගත්තේ ඇයී....? උබට ඕනේ මාව මාරා ගන්නද ?"

"ශාන් !!!!"

මම කෑ ගැහුවා.. යීවාන්ට වඩා හයියෙන් කෑ ගැහුවා. යීවාන් තරහෙන් වෙව්ලන දෑත් වලින් මම දිහා බලන් ඉදලා මට ගහන්න හදලා මාව තල්ලු කරලා දොර වහගෙන එලියට ගියා..ඒ එක්කම මම කෝල් එක ගත්තේ නදීර්ට..

"නදීර් , යීවානී ගැන ඇහැ ගහගෙන ඉදපන්.. දිල්හාන් නෙත්මාල් දෙන්නා මොකක් හරී ගේමක් අදින්න බලන් ඉන්නේ. වුබේ මිනිස්සුන්ට කියලා උන්ගේ හොර ගැනූ පොට් එක අල්ලන්න බලන් ඉදපන් "

නදිර් කියන්නේ කැම්පස් ගියත් CID එකේ වැඩ කරන එකෙක්..ඌ මට වඩා වැඩිමල් උනත් රගපැවේ බලායී වගේ. පුටුවේ වාඩී වෙලා ආයේ නැගිටිනකොට කරකැවිල්ල වගේ ආවත් ටිකක් වෙලා ඉදලා මම වොශ් එකක් දාගෙන එන්න ගියා.. උනුවතුර ඇගේ වදිනකොට සනීපයක් දැනුනත් යීවාන්ට කෑ නොගහා ඉන්න තිබුනා කියලා මට හිතුනා.. කාමරේට ඇවිත් එයාට කෝල් කලත් එයා ආන්සර් කලේ නෑ.. උදේ කෑමත් කාමරේට ගෙන්න ගත්තේ පහලට යන්න අමාරූ නිසයී.. ඒ ගමන් මෙහේ කම්පැනී  එකේ ඩොක්ටර් කෝල් කලේ මට ටිකක් අපහසූ නිසා.. විනාඩී කිහිපයකට පස්සේ ඩොක්ටර්  ඇවිත් මාව චෙක් කලා..

"Zhan, Don't Worry to much , You have muscle strain because of the first intercourse.  And your pressure is high, that's why you are dizzy.  Take a break and rest. "

"I tried to fly to Sri Lanka again today.  Is it okay to go with these problems ?"

"Since you are going business class, please inform the flight attendant.  Then it won't be a problem."

"Okay Thanks Doctor "

ඩොක්ටර් ගියාට පස්සේ බෙහෙත්  බීලා පැස්තා කලා ලෙමනේඩ් එක බීලා මම මගේ බැග් එක හදා ගත්තා. මෙච්ව් වෙලා යනකනුත්  යීවාන් කාමරේට ආවෙත් නෑ මගේ කෝල් ආන්සර් කලෙත් නෑ.. තරහටම Flight  එක  බුක් කලේ ඒක නිසයී..ඒක තියෙන්නෙත් රෑ 11.30 නිසා තාම දවල් නිසා එලාම් එක තියලා මම ටිකක් ඇස් දෙක වහගෙන නිදාගත්තා..බෙහෙත්  සැර නිසාද මංදා  මට නින්ද ගියා දැනුනේ නෑ..
.
.
.
කෙස් ගස් වලට අමුතු සුවයක් ගෙනාපු නිසාම මම ලාවට ඇස් ඇරලා බැලුවා... ම්ම් පොඩී හාමූ මගේ ඔලුව අත ගානවා..ඇස්  ඇරලා එයා දිහාම බලන් ඉන්නකොට කනට ලං වුනේ මුලු ගතටම අමුතු කිතියක් ගෙනත් දෙමීන්..

" චන්ඩී ශාන් ට නින්ද ගියාද ම්ම්ම් ? කෝ මේ නපුරු උන ඇස් ?"
"යිබා...... මට සමාවෙන්න  මම සැර කලේ මට තිබුනූ පී.."

කියන්න උනේ නෑ එයාගේ තොල් පහසට මගේ ඇස් පිය උනා.. විඩාබර උනු හිතට අස්වැස්සිල්ලක් වෙන්න ඒ තෙත හාදූ වලට පුළුවන් උනා.. එයාගේ දැගීලී එක්ක මගේ දැගීලී පටලවන් මම තව තවත් ඒ උනුහුම අස්සේ හැංගුනා..

"බබා...."
"ම්ම්ම්..."
"මොනාද මෙච්චර  බෙහෙත්  ?"
"යීබා , මගේ පෙශර් පොඩ්ඩක් වැඩි වෙලා.. අනිත් එවා නම් මේ ඇගේ අමාරුවට... "

මම එහෙන්ම පෝන් එකෙන් වෙලාව බැලුවා. වෙලාව රෑ 9.30 හමාරයී.. කාමරේ ඇතුලේ එක එලියක් වත් නැති උනාට එලියේ එලි වලින් කාමරය ආලෝකමත් වෙලා.. කොච්චර  මුරන්ඩු වෙන්න හැදුවත් මේ හිත අද්දර පැයට කිලෝමීටර් නෙමෙයී ආලෝකය වර්ශ වේගයෙන් මම නිවෙනවා..

"මම යන්න ටිකට් බුක් කලා.."
"මම ඒක කැන්සල් කලා බබා.. මම එනකොට නිදී , එහා පැත්තේ ලොකු බෙහෙත් උරයක්.. මම කොච්චර කලබල උනාද ? පස්සේ ඩොක්ටර් කිව්වා ඔයා මහන්සී නිසා නිදී කියලා.."
"එහෙනම් දැං ඇහුවේ මේ බෙහෙත් මොනාද කියලා.."
" මම බැලුවේ මට බොරු කියනවාද කියලා.."

මම එයා දිහා බලාගෙන හොද හුස්මක් ගත්තා. එයා කියන්නේ කියවලා ඉවර කරන්න බැරී පොතක්.. පොඩි උනත් ඒ හිත ගලක්..  මේ කොල්ලා හිංදා මට පෙශර් විතරයී නැගලා ඉතුරු උනොත් හොදයී..

"යීබා , ඇත්ත ජීවීතේ ඇතුලේ ෆැන්ටසීයේ ජීවත් වෙන පිරීමී වත් ඒ සැලකිලිවත් මම බලාපොරොත්තු වෙන්නේ නෑ.. මම හැම වර්ගේම පොත් කියවන්නේක්.. ඔයාට පුළුවන් නම් තෙරුම්ගැනීමයී විශ්වාස විතරක් දෙන්න.ඒ ඇතී..."

"ශාන්ට , ඒ දෙක විතරක් ඇතිද ? ම්ම්ම් "

"ඔව් ඒ ඇතී යීවාන්...ඒ හොදට ඇතී..."

"එහෙනම් මොකද ඊයේ කිව්වේ.... තව පාරක් යීබා කියලා... ම්ම්ම් "

මාගේ මුලු ඇගම ගිනිගත්තා...කණ ගාව කොදුරමින් ලාවට කන සපමින් මාව අවුස්සන්න හදන යීවාන් දැනටමත් පාන්දර මැරී ගිය හැගීම් පණ ගස්සලා.. මම කිව්වේ බොරුද ඉතිං මූ හිංදා මට පෙශර් විතරක් නොනැග තියේද කියලා..

--------------------------------------------------------------

ආයෙමත් හමුවෙමු 🔥❤️
යූමීන්

Vote & Comment

Continue Reading

You'll Also Like

3.4K 508 190
Elysian (adj.) beautiful or creative; divinely inspired; peaceful and perfect
42.3K 658 12
During the war of Fairy Tail vs Alvarez. This will be the "last battle "Natsu vs Zeref vs Agnologia. Lucy will discover something new during this ti...
1M 40.5K 93
𝗟𝗼𝘃𝗶𝗻𝗴 𝗵𝗲𝗿 𝘄𝗮𝘀 𝗹𝗶𝗸𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 𝗳𝗶𝗿𝗲, 𝗹𝘂𝗰𝗸𝗶𝗹𝘆 𝗳𝗼𝗿 𝗵𝗲𝗿, 𝗔𝗻𝘁𝗮𝗿𝗲𝘀 𝗹𝗼𝘃𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 �...
1K 124 12
සමාවෙයන් දේව් මට, උබට තරම් හයියක් නෑ මට සම්මතයෙන් පිටයන්න... ( මියොන් අශිංශ)