NIRNAMIKA | සිංහල | (Anonymou...

By BTS_taesite_

3.8K 725 234

~තුහින හරි පරණ තාලෙ වයිබ් එකේ මනුස්සයෙක් . ඒ නිසාමද කොහෙද ආධිල් හැම තැනදිම හැම මොහොතකදිම හැම තප්පරයකම තුහිනව... More

"නිර්නාමික-01"
"නිර්නාමික-2"
"නිර්නාමික-3"
"නිර්නාමික-4"
"නිර්නාමික-5"
"නිර්නාමික-6"
"නිර්නාමික-7"
"නිර්නාමික-"8
"නිර්නාමික-9"
"නිර්නාමික-10"
"නිර්නාමික-11"
"නිර්නාමික-12"
"නිර්නාමික-13"
"නිර්නාමික-14"
" නිර්නාමික-15"
" නිර්නාමික-16"
" නිර්නාමික-17"
" නිර්නාමික-18"
" නිර්නාමික-19"
" නිර්නාමික-21"
" නිර්නාමික-22"
" නිර්නාමික-23"
" නිර්නාමික-24"
" නිර්නාමික-25"
" නිර්නාමික-26 "
" නිර්නාමික-27 "
" නිර්නාමික-28 "
" නිර්නාමික-29 "
" නිර්නාමික-30 "
" නිර්නාමික-31 "
" නිර්නාමික-32 "
" නිර්නාමික-33 "
" නිර්නාමික-34 "
" නිර්නාමික-35 "
" නිර්නාමික-36 "
" නිර්නාමික-37 "
" නිර්නාමික-38 "
" නිර්නාමික-39 "
" නිර්නාමික -40 "
" නිර්නාමික -41 "
" නිර්නාමික -42 "

" නිර්නාමික-20"

77 17 4
By BTS_taesite_

තුහින : උඹ කවද්ද යකෝ කොළඹ ආවෙ ?

ශෙවෝන් : ඊයේ රෑ බං . ඇයි අද උඹ කැම්පස් නොගියෙ ?

තුහින : ආ අද නෑ බං .

ශෙවෝන් : ම්ම්....

තුහින : වරෙන් ඇතුළට . ඉදගනින් මං බොන්න මොනා හරි හදන් එන්නම්....

කැම්පස් නැති නිසා ගෙවල් අස් කරලා දාලා තුහින පොතක් කියව කියව ඉදියෙ දැනුන අසීමාන්තික කම්මැලි කම නිසා . ඒත් එක්කම ටික වෙලාවක් යන කොට තුහින ගැස්සිලා පොතත් දාලා දොරළගට දුවගෙන ආවෙ ශෙවෝන් ගෙ කාර් එකෙ සද්දෙ නිසා . ශෙවෝන්ට අඩ ගහලා ඉදගෙන ඉන්න කිව්ව තුහින කිචන් එකට ගිහින් බීම විදූරු දෙකක් අරගෙන ඇවිල්ලා එකක් ශෙවෝන්ට දුන්නෙ තමනුත් එතනම ඉස්සරහා පුටුවකින් වාඩි වෙන කොට .

තුහින : උඹ ගමේ ගිය වැඩේ මොකෝ බං ?

ශෙවෝන් : ම්ම් ... ශේප් . අවුලක් නෑ බං . ඇයි ?

තුහින : නෑ... ඒක නෙවෙයි උඹ මොකක් හරි ප්‍රශ්නෙකද ?

ශෙවෝන් : ආ.... ඇයි උඹ එහෙම ඇහුවෙ ?

තුහින : උඹ වෙනදටබ්වඩා වෙනස් නිසයි ඇහුවෙ . මොනා හරි තියෙනවනම් කියපම් යකෝ. නින්දෙන් චූ ගියත් උඹ මට කියන එකේ .

ශෙවෝන් : චූ ? කිව්වා කියලා හිතා ගනිම් පරයා . ඉතින් බං මට ප්‍රශ්නයක් නෑ යකෝ....

තුහින : එහෙනම් බිස්නස් වල අවුලක් ද ?

ශෙවෝන් : ඒත් නෑ තුහින . හයියෝ බං ඔය රෙද්ද වහන් ඕක බීපන්කො .

තුහින : හරි හරි... උඹ එහෙමයි නේ . 😒

ශෙවෝන් : නඩුව කවදා කියලද කිව්වෙ උඹ ?

තුහින : විසි දෙක බං .

ශෙවෝන් : ම්ම්... මං නිම්න අයියට කෝල් එකකුත් දුන්නා . අයියා නම් ඉන්නෙ කලකිරිලා වගේ .

තුහින : ම්ම් ඔව් බං . හැබැයි එයාගෙම වැරැද්දෙන් තමයි අද එයාට මෙහෙම උණේ කියලා එයා තේරුම් අරං ඉන්නෙ . ඒකම ඇති බං....

ශෙවෝන් : අර අහිංසකීට අම්මෙක් නැති වෙන එක ඇර මටත් කිසිම දුකක් නෑ බං.

තුහින : මටත්.... අයියා එයාගෙ හිතේ හයියට කිව්වා මිසක් අම්මෙක් නැතුව මේ මාස හතක ඉදන් ගෑණු ළමයෙක් ව උස් මහත් කරන එක තාත්තා කෙනෙක්ට ලේසි දෙයක් නෙවෙයි .

ශෙවෝන් : ඇත්‍ත !  උඹට ඕන දෙයක් මට කියපන් පුතේ...

තුහින : හරි බං .

ශෙවෝන් : මේ... ඒක නෙවෙයී.... උඹ ආධිල්ට කියන්නැත්නම් මං හරි ඌට කියනවා . උඹේ හිතේ තියෙන එක .

තුහින : අනේ අනේ මේං වැන්දා ! එපා ඈ .

ශෙවෝන් : මොන පුපක්ද මිනිහො කරන්නෙ . නිකං හරි උඹේ කරුමෙකට අර අශ්වින් වගේ සෙවලයෙක් පාත් උනොත් ඒම උඹට හුලං තමයි. 

තුහින : උඹ හිතනවද එහෙම වෙයි කියලා . ඒත් මං ආධිල්ට ආදරෙයිනෙ බං... උඹ දන්නවද මට ඌ වෙනුවෙන් ඕන දෙයක් කරත හැකි . ඕනම දෙයක්...

ශෙවෝන් : උඹ ඕක හැමදාම මටම කිය කිය ඉදපන් . යකෝ පොඩ්ඩක් හිතට හයිය අරං ඕක කියලා දාපන්....

තුහින : මට ටික කාලයක් ඕන බං . අනික ආධිලුත් අලුතින් පටන් ගත්තා විතරනෙ දැන් .

ශෙවෝන් : අනේ යකෝව්... හා එතකොට ඒක පරණ උණාමද අහන්නෙ....

තුහින : මොකද්ද පරණ වෙන්නෙ ?

ශෙවෝන් : අර ආධිල් පටන් ගත්තා කිව්ව අලුත් එක ?

තුහින : අනේ පගෝ.... තෝත් එක්ක කතා කරද්දි මගෙ ඔළුවත් තෝන්තු වෙනවා .

ශෙවෝන් : කිව්වා කියලා හිතා ගනිම් . තොගෙ ඔය කල් දැමිල්ල නිසා තමයි බොට එක සැරේකුත් ඒකව නැති වෙන්න ගියේ.... පස්සෙ ඌ වෙන එකෙක් එක්ක සෙට් උණාම උඹ ආධිල්ව මරං කන්න හදනවා .

තුහින : මං මරං කන්න හැදුවෙ නෑ....

ශෙවෝන් : අනේ මේ මම දැක්කෙ නැතැයි . උඹේ ඉරිසියාව තමයි ඒ....

තුහින : අනේ පලයන් යන්න .

ශෙවෝන් : ආ ඒක නෙවේ බං . මං දැන් යන්න ඕන . අපේ තාත්තාගෙ යාළු අන්කල් කෙනෙක්ව මීට් වෙන්න තියෙනවා .

තුහින : ම්ම්... පරිස්සමින් පලයන් එහෙනම් .

බීම වීදුරුව පැත්‍තකින් තිබ්බ ශෙවෝන් යන්න යන කොට තුහිනත් ගින් වීදුරු දෙක හෝදලා රැක් එකෙන් වැනුවා . සාලෙට ඇවිත් කියව කියව ඉදපු පොත අතට ගත්තු තුහින ඒ පොත ආපහු එතනින් තිහලා ගිහින් ඇදේ පෙරළුනේ දැණුන කම්මැලි කම නිසා .
ඒත් තුහින ගෙ ඔළුවෙ කැරකුණේ ශෙවොක්න් ටිකකට කලින් කියපු දේ ගැන .

තුහින's pov

"කිව්වා වගේම ආධිල්ට වෙන කෙනෙක් හම්බ වුනෝතින් ? නෑ එහෙම වෙන එකක් නෑ . ඒත් එහෙම වෙන්නෙ නැති වෙන්න කිසිම හේතුවකුත් නෑනෙ . සමහර විට මේක මට හම්බුණ දෙවෙනි අවස්‍ථාවක් වෙන්න බැරිද ? නිකං හරි එහෙම උනෝතින් මං මේ කරන්නෙ වැරැද්දක් වෙන්න බැරිද ? ඒත් මං කියන්නෙ කොහොමද එදා දහය වසරෙ ක්ලාස් එක හොයා ගන්න බැරිව බය වෙලා ඉදපු උඹව මගේ ඇස් වලට අහු උණ ගමන් මගේ හිත ගැස්සුනා කියලා . මං දැනටත් හරියටම දන්නෙ නෑ ඒක මොන විදියෙ ආදරයක්ද කියන්න . ඒත් මං දන්නෙ මට ඒ මනුස්සයා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා විතරයි . මට පුළුවන් කිසිම බලාපොරොත්තුවක් නැතුවම උට මැරෙනකන් ආදරේ කරන්න . ඌ මගේ උණත් මගෙ නොවුණත් . "

"ඒ දවසෙ ඉදන්ම මගේ හිත දිව්වෙ උඹ පස්සෙන් කියලා කොහොමද මං ආධිල්ට කියන්නෙ ? මේ අවුරුදු හතටම මං උඹට ඇබ්බැහි වෙන එක වැඩි වෙලා වගෙයි මට දැණුනෙ . මං දන්නෙ මෙච්චරයි . ඒ ආදරේ එන්න එන්නම වැඩි වෙනවා මිසක් අඩු වෙන එකක් නෑ . හැබැයි මේ තියෙන්නෙ මට ලැබුණු දෙවෙනි අවස්තාව නම් , මං ඒක මිස් වෙන්න දෙන්නැතුව ඉන්න උපරිම ට්‍රයි කරනවා ආධිල් . "

"සන්තානික මාළිගේ ඔබ තාම තනියම ඇයි මෙලෙස තව
මං ඉන්නද පාඩුවේ අඩමාන නෙතු සඟවා
ප්රේමාදර මායිමේ හැමදා නිහඬ වනු ඇයි කෙලෙස මම
හංගන්නද ආදරේ හැම රෑක හිත රවටා

ඔබ ගාව නවතින චේතනා
මුදු හීන ලෝකෙක පා කලා
ඈත යනවද පාවෙලා
මම නෑ ඔබෙන් මිදිලා

දුර කාලයක බැඳෙනා රටා
හිත පාරවන රචනා එපා
දෑස බොඳ කරනා කතා
තව නෑ හදින් විමසා

මා ළඟින් සැනසීලා, හිනැහීලා
මට හේතු මොකටද යා කරන්නද අශා
ඔබ හා මා බැඳෙනා"

තුහිනගෙ හිත තිබ්බෙ දුරක . කියා ගන්න බැරි තරම් ලොකුම ලොකු දුරක . ඇත්තටම මිනිස්සුන්ට පුළුවන්නම් කල්පනා කරන තරමට උත්තර හොයා ගන්න ! එහෙනම් ලෝකෙ හැමෝම සතුටින් ඉදීවි . කිසිම දුකක් ප්‍රශ්‍ණයක් නැතිව .
තුහින පැය දෙකක් විතරම ඔහේ කල්පනා කළා . බැරිම තැන ඇදෙන් නැගිටලා ඔළුවත් දෙපැත්තට ගසලා දාපු තුහින කිචන් එකට ගියේ ඒ වෙද්දිත් වෙලාව දවල් දෙකට කිට්ටු කරලා තිබ්බ නිසා . ඒ හැටි බඩගින්නක් නොතිබ්බත් පිගානකට කෑම බෙදා ගත්ත තුහින වරුවක් විතර අතගගා ඉදලා බත් පිගාන හිස් කරලා දැම්මා . උයපු වළං ටිකත් හෝදලා දාලා කිචන් එකත් අස් කරපු තුහින සාලෙට එන කොටම එයාගෙ ෆෝන් එක රිංග් උණා .

ආධිල්📲

තුහින : හලෝ ආධිල් .

ආධිල් : ආ.... මං මේ නිකං බං ගත්තෙ . උඹ මොකද කරන්නෙ ?

තුහින : ඔහෙ ඉදියා බං . ඒක නෙවෙයි මේ උඹට ලෙක්චර්ස් තියෙන වෙලාවනෙ ?

ආධිල් : අද හවස මට නෑ බං . මං මේ කන්න දෙයක් අරගෙන ගෙදර ආවා.

තුහින : ආ.... ඒක තමයි මං හිතුවා ඒත් කැන්සල් වෙලා ඇති කියලා .

ආධිල් : උඹ අද යනවද පාක් එකට ?

තුහින : ම්ම්... ඔව් බං ඇයි .

ආධිල් : ම්ම්... මාත් එනවා එහෙනම් . ඒක අහන්න මං ගත්තෙ උඹට .

තුහින : හරි වරෙන් ආධිල් . ඕක මගෙන් අහන්න දෙයක්ද බං....

ආධිල් : උඹ එනවනම් විතරයි යකෝ මං එන්නෙ . මොන කෙංගෙඩියක් ද මං තනියෙන් කරන්නෙ....

තුහින : හා හා වරෙන් යකෝ කෑ නොගහා . මං තියන්නම් එහෙනම් . බායි..

ආධිල් : බායි...

ෆෝන් එක දිහා බලාගෙන ඉදපු තුහිනට ඉබේම හිනා ගියේ ආධිල් බෙරිහන් දුන්න එක මතක් උණ නිසා . ඇත්තටම තුහිනට හිතුනා ආධිල් අශ්වින් එක්ක ඉද්දි එයා ආධිල්ගෙ හිත රිද්දන්න ඇති කියලා . ඒත් ඒ තුහිනට තිබ්බ ඉරිසියාවයි තරහයි දුකයි නිසා විතරයි . තුහින දුක් උණා ඒ ගැන . ඒත් මේ වෙනකන් ආධිල් එක වචනෙකින්වත් තුහිනගෙ හිත රිද්දලා තිබ්බෙ නෑ . මේ අවුරුදු හතටම ආධිල් කවම දාවත් එකම මොහොතක්වත් තුහින දිහා තරහින් රවලා බලලවත් නැතුව ඇති . ආධිල් අන්න ඒ වගේ කෙනෙක් . එයා නිරහංකාරයි . ඒ වගේම හරිම කරුණාවන්තයි . කියන්න කියලා කිසිම අඩුපාඩුවක් ආධිල් උත්සර කිය්ස්න මනුස්සයා ඇතුළෙ තිබුණෙම නැති තරං .

දවසෙ උතුරු ටිකත් ඉබේම ගෙවිලා ගිහින් පහාමාර විතර වෙන කොට තුහින තමන්ගෙ බයික් එක නැවැත්තුවේ පාර්ක් එකේ පාකින් ලොට් එකේ . හෙල්මට් එක ගලවපු තුහින බැහැලා ඉස්සරහට ඇවිද ගෙන ගියේ ඒ වෙද්දිත් ආධිල් ඇවිල්ලා ඉන්නවා කියලා කිව්ව නිසා . තුහින ගියේ වෙනදා එයාලා කතා කර කර ඉන්න තැනට . ඒ වෙද්දිත් ආධිල් එතනට ඇවිල්ලා තමං එනකන් බලං ඉන්නවා තුහිනට ඈත තියාම පෙණුනා.
















____________________________

අද එක පොඩ්ඩක් පොඩී මෙයාලා .
මං ගමනක් ගියා හලෝලා .
💕💯

තුහින පෑන්ස්ලයි ආධිල් පෑන්ස්ලයි ශෙවෝන් පෑන්ස්ලයි නම්
ඉන්නවා . කෝ අපේ නිම්නයියා පෑන්ස් සෙට් එක... බබෙක් ඉදියට මොකැයි .

Continue Reading

You'll Also Like

21.3K 1K 40
Dealing with an abusive Uncle took a toll on Kennedy. However her friendship with Diya kept her sane, sometimes even alive. Diya meant everything to...
33.2K 4.4K 47
"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර, නේත්‍ර... මගේ නම නේත්‍ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින්න දඟලන ඇටි කිච්චන්ව පේන්න බෑ. ඒ නිසා මට...
4.1K 814 15
සුදු කඩුපුල...🕊️🖤 Published :- 2023/09/24 "ඇයි මේ මගේ කඩුපුලට පිනි වැටිලා....ම්ම්ම්...පින්න වැටෙන්ඩ තරම් මොනවද මගේ පැටියා බුදුන් ඉස්සරහ ඉදන් ප්‍ර...