Infidelity |taekook

By brown_piano93

36.9K 7.7K 3.1K

tk sinhala More

chapter 1
characters
chapter 2
chapter 3
chapter 4
chapter 5
chapter 6
chapter 7
chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 24
Chapter 25
Chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 33
Chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39
Chapter 40
Epilogue 💚💜️
The End🥂

chapter 23

813 185 64
By brown_piano93


ටේහියුන් ගෙ ඔලුව පැලෙන්න වගේ , කලිනුත් ඩ්‍රින්ක්ස් අරන් තිබ්බට මොකට ටේහියුන් අනිත් හැම දවසකම වගෙ හිතාගත්තා ආයෙ නම් ඕවර් ඩ්‍රින්ක් ගන්නෙ නෑ කියලා

"ඔයා නැගිට්ටාද ......

ටේහියුන් එක ඇහැක් ඇරියා.එයා තාමත් ඉන්නෙ බිම..කවුරුහරි ඉස්සරහ තියන සෝෆා එක උඩ වාඩිවෙලා ඉන්නවා ටේහියුන් දැක්කා.

"තමුන් තාම මේකෙද...යනවා මං කිව්වනේ...තමුන් ජන්කුක් නෙමේ කියලා ......

ටේහියුන් ට බොද උන ඇස් වලින් පෙනුනා සෝෆා එක උඩ හිටිය කෙනා නැගිටිනවා.එයා ටිකක් ටේහියුන් ගෙ ලගට එනවා..

"මං තමුසෙ එක්ක ආයෙ කතාකරන්නේ නෑ මෝඩයා....

ටේහියුන් ට දැනුනා කෙනෙක් එයාගෙ ඔලුවට ගහනවා.ඒක රිදුන්නෑ..ඒ වෙනුවට කෙනෙක් එයාව බදාගත්තා..හුගක් තදේට...

" ඇයි මේ.....

ටේහියුන් මුලින් එයාව  බදාගත්ත කෙනාව එහාට කරන්න උත්සාහ කරත් එයාට දැනුනා ඒ කටහඩ...ඒ සුවද...ටේහියුන් ට නිවීමක් දැනෙන එකම නැවතීම..

ටේහියුන් ජන්කුක් ට ගුලි උනා..

"මං පාලුවෙන් හිටියේ ජන්කුකී...මං ලෑස්ති වෙලා හිටියෙ නෑ ඔයා නැති ජීවිතයක් ගත කරන්න....

ජන්කුක් ටේහියුන් ව බදාගනම හිටියා.ටේහියුන් එයාට ඇත්තටම කැමති ඇතිද..ජන්කුක් තාම පොඩි..එයා යුනිවර්සිටි පටන් ගත්තා විතරයි.එයා ඊට කලින් රිලේශන්ශිප් එකක් ගැන හිතලා තිබ්බෙ නෑ..එයා දන්නෑ ආදරේ කියන්නෙ මොන වගෙ හැගීමක්ද කියලා.ජන්කුක් හැම තිස්සෙම බලාපොරොත්තු උනෙ අම්මගෙයි තාත්තගෙයි ආදරේ..එතනින් එහාට එයා ආදරයක් ගැන හිතුවෙ නැ..

ඒත් ටේහියුන් , මුලින් ජන්කුක් ට ටේහියුන් ගැන හොද හැගීමක් නොතිබුනත් එතනින් පස්සෙ ගත උන හැම තප්පරේම ජන්කුක් ලග ටේහියුන් හිටියා.ටේහියුන් ගෙ වචන.ටේහියුන් ජන්කුක් ගෙ ඇස් දිහා බලාගන කතකරන විදියට ජන්කුක් ආස කරා.පලවෙනි වතාවට කෙනෙක් එයාව ඇස් වලින් වර්ණනා කරනවා කියන හැගීම ජන්කුක් වින්දෙ ටේහියුන් ගෙන්..ජන්කුක් කැමති උනෙ නෑ ඒ හැගීම වෙන කෙනෙක් ගෙන් විදින්න..කොටින්ම ජන්කුක් ට නොදැනිම ජන්කුක් ටේහියුන් ට බැදුනා..ඒක ආදරයක්ද කියලා ජන්කුක් නොදන්නවා උනත්,ජන්කුක් ට විශ්වාසයි ඒ බැදීම ආදරයට වඩා ලස්සනයි කියලා..ටේහියුන් ගෙ තැනට වෙන කෙනෙක් එනවට තියා එතනට වෙන කෙනෙක් ව ආදේශ කරන එකට පවා ජන්කුක් වෛර කරා..ටේහියුන් විතරයි..කොටින්ම ජන්කුක් ට අනුව ජන්කුක් ගෙ ජීවිතේ තාත්තා සීයා ඇර ඉන්න ඕනි එකම කෙනා ටේහියුන් විතරයි

ඒත් ජන්කුක් දන්නෑ ඒක ආදරයද කියලා.. සමහරවෙලාවට මිනිස්සු වරද්දගන්නවා බැදීම් නම්කරන්න ගිහින්..ඉතින් ජන්කුක් බය උනා වරද්ද ගන්න...ඉතින් ජන්කුක් හැගීම් හැංගුවා..හරියට ටේහියුන් කරා වගේම...

"ටේහියුන් හියුන්ගී මාත් ඔයාට ආදරෙයි...

දාඩිය නාලා ඉන්න ටේහියුන් ජන්කුක් ගෙ ඔලුව අතගාන ගමන් මොනවදෝ මුමුනන ගමන් හිටියේ.ජන්කුක් ද්න්නැ ඒ වචන මොනවද කියලා.ඒත් එයාට විශ්වාසයි ටේහියුන් හිතෙන් මිමිනුවෙ ජන්කුක් ගැන කියලා...වචන වලට වඩා සමහර වෙලාවට හැගීම් කතාකරනවා.ජන්කුක් ආසයි හැගීම් එක්ක කතා කරන්න .කොටින්ම වචන කරදරයි...හැගීම් වචන කරන්න බැරුව ගොතගහන එක ඊටත් වඩා කරදරයි...

_______________________________________

"සර් දෙහි එක බිව්වෙ නැද්ද ජන්කුක් බේබි...

මින්හ්වාන් ගෙ උදව්වෙන් ටේහියුන් ව ඇද උඩින් හාන්සි කරාට පස්සෙ මින්හ්වාන් ඇහුවෙ මේස උඩ තියන දෙහි එක දැකලා.

"දෙහි බොන්නත් මේකා නැගිටලා ඉන්න ඕනිනෙ මින්හ්වාන් අජුස්සි...

ජන්කුක් නිදන් ඉන්න ටේහියුන් ගෙ ඔලුවට හයියෙන් පාරක් ගහන ගමන් කියද්දි මින්හ්වාන් ඉක්මනට කාමරෙන් එලියට ගියා.

බොහෝ දුරට ලුසියානෝ ගෙ කෙරුවාවල් අදින් ඉවරවෙයි.

"මං දන්නවා ඔයා ඔය ලැජ්ජාවට ඇස් පියාන ඉන්නෙ කියලා ටේහියුන් හියුන්ගී...

ජන්කුක් ගෙ ටේහියුන් ගෙ කම්මුලට තට්ටු කරා.මේකා ඇස් ඇරියෙ හුගක් කලින්..හිතන් ඇති ජන්කුක් ට බොරු කරන්න.

"හියුන්ගී...මං තරහයි ඔන්න....

ජන්කුක් ටේහියුන් ගෙ පපුව උඩ වාඩි උනා.ම්හු නෑ එයා නෙමේ නැගිටින්නේ...ජන්කුක් ටේහියුන් ගෙ නහය අල්ලගත්තා.අඩුම හුස්ම ගන්න හරි නැගිටියි නේ..ඒත් ටේහියුන් නෙමෙ කට ඇරියෙ..අන්තිමට ජන්කුක් ටේහියුන් හුස්ම හිරවෙලා මැරෙයි කියලා බයට ටේහියුන් ගෙ නහය  අතාරියා..ඒ අතාරියෙත් ආයෙම පපුවට එකක් ගහලා..

"බූරුවෙක් මහ...නැගිටින්නකෝ හියුන්ගී.........

ජන්කුක් කොච්චර කෑගැහුවත් ටේහියුන් නෙමේ ඇස් ඇරියෙ.අන්තිමට ජන්කුක් දගලන එක නතරකරා.ජන්කුක් ගෙ ඇස් හුග වෙලාවක ඉදලා තිබ්බේ ටේහියුන් ගෙ මූනෙ.ටේහියුන් ගෙ තොල් වල.එයා ඒක හිතාමතා නොකෙරුවත් ඉබේම ජන්කුක් ගෙ ඇස් ටේහියුන් ගෙ මූන අස්සෙ අතරමං වෙනවා.

ජන්කුක් ටේහියුන් ගෙ මූනට ලං වුනෙ නොදැනිම උනත් ජන්කුක් ගෙ තොල් ජන්කුක් ටේහියුන් ගෙ තොල් උඩින් තිබ්බෙ හිතාමතාමයි.එයා මොකුත්ම කරෙ නෑ..ටේහියුන් ගෙ තොල් උඩ පර්ෆෙක්ට් විදිහට රැදිලා තියන එයාගෙ තොල් දැනෙද්දි ජන්කුක්  හිටියෙ පියවිලා තියන ටේහියුන් ගෙ ඇස් දිහා බලාගන.

ජන්කුක් එහෙම වැඩිවෙලා ඉන්න උනෙ නෑ.ටේහියුන් ඇස් ඇරියා.ටේහියුන් එකපාරට ඇස් ඇරපු නිසා ජන්කුක් බය උනත් එයා ටේහියුන් ගෙ තොල් වලින් ඈත් උන්නෑ..

"ඔයා මොකද්ද කරන්නෙ...

ජන්කුක් ගෙන් මූන අහකට කරගෙන ටේහියුන් මුලින්ම ඇහුවෙ ඒක..

" මං හිතලා කරෙ නෑ...

ජන්කුක් ගෙ ඇස් වල කදුලු පිරුනා.එයා හිතුවෙ නෑ ටේහියුන් ජන්කුක් ගෙන් ප්‍රශ්න කරයි කියලා.ජන්කුක් ගෙ බොලද හිත බලාපොරොත්තු උනෙ ටේහියුන් එයාව ආපස්සට සිප ගනී කියලා.

"ඒත් මං මේක හිතල කරන්නේ...

ජන්කුක් ට මතකයි ජන්කුක් ට ඒක ඇහෙනවා.ටේහියුන් ගෙ ගැබුරු කටහඩින්.ඊලගට ටේහියුන් ගෙ අතක් ජන්කුක් ගෙ ඉන් වටෙ එතිලා ජන්කුක් ව ඇද උඩ හිටින විදියට ටේහියුන් උඩට ආවා.ඒක කොහොම උනාද කියලා ජන්කුක් නොදන්නවා උනත් එයාට ඒ ගැන හිතන්න උවනාවක් තිබුනෙ නෑ..එයා ඒ වෙනුවට ටේහියුන් ගෙ ඇස් වල අතරමං වෙලා දුරකට ගිහින් හිටියෙ.

"මට දැනුනා..අපේ තොල් ඕනිවටත් වඩා ගැලපෙනවා...එකට ඉද්දි...

ඊලග මොහොතෙ ජන්කුක් ට දැනුනා සීතලක්.ටේහියුන් ගෙ අතක් එයාගෙ ඇදුම අස්සෙන් ගිහින් එයාගෙ බඩ වටේට එතුනා.අනිත් අත තිබ්බෙ ජන්කුක් ගෙ ඔලුව් පිටිපස්සේ.ටේහියුන් ගෙ අත්වලින් ජන්කුක්ගෙ ඔලුව ටිකක් ටේහියුන් ගෙමූන ඉස්සරහට තල්ලු කරද්දි ජන්කුක් ට දැනුනා ටේහියුන් ගෙ තොල් එයාගෙ තොල් මත වදිනවා.

ඒක විස්තර කරන්න අමාරු හැගීමක්.ඉර පායන්න කලින් දැනෙන සීතල වගෙ..නැත්තම් ඉර බැස්සට පස්සෙ දැනෙන සීතල..හද පායලා නැති අදුරු රෑක ඇගට දැනෙන සීතලයි විස්තර කරන්න අමාරු මල් සුවදක් අස්සෙයි ජන්කුක් අතරමං උනා.හැබැයි ජන්කුක් ට එකක් විශ්වාසයි එයාගෙ වටෙ මොනතරම් සීතල උනත් හැගීම් වලට හරවන්න බැරි උනුසුමක් එයාගෙ වටේම එතිලා තිබුනා.


ජන්කුක් හිටියෙ ඇස් වහගෙන.කෙලවරක් නැති අදුරෙ මල් සුවදට ඉව අල්ලන ගමන්.එයාට දැනුනා එයාගෙ තොල් නිදහස් වෙනවා.

ටේහියුන් ඇස් පියන් ඉන්න ජන්කුක්ගෙ ඔලුව අතගෑවා.එයා ලා රෝස පාටක් වෙලා..කන්දෙක නම් රතුම රතු වෙලා.

"ඇස් අරින්න වස්තුව...

ටේහියුන් මිමිනුවත් ජන්කුක් නෙමේ ඇස් ඇරියෙ.එයාලා පලවෙනි වතාවට එයාල දෙන්නගෙ අතරෙ තිබ්බ බැම්ම කඩලා දැම්මා.ජන්කුක් ට ලැජ්ජයි..එයා ඇස් පියාගෙනම ටේහියුන් ගෙ බෙල්ලෙ මූන හංගගත්තා.අත්වෙව්ලුවා උනත් හිමින් සැරෙ ටේහියුන් ව බදගත්තා.

ටේහියුන් හිමින් හිනාවුනා.ටේහියුන් ගෙ ජීවිතෙ විදපු ලස්සනම තප්පර කීපය.ඒක මතක් වෙද්දි පවා ටේහියුන් ගෙ ආත්මෙම කියාගන්න බැරි උනුසුමකින් වැහිලා ගියා.ටේහියුන් ට එක දෙයක් විශ්වාසයි,

  එයා මේ පුංචි එකාට වචනෙන් විස්තර කරන්න බැරිතරමට බැදිලා කියලා..



👉👈❤️‍Oylt mn wath umma ekak dennd

Continue Reading

You'll Also Like

696 147 31
_____________ "කවුරු මගේ ජීවිතේට ආවත් ගියත්,මොන විදිහේ දේවල් සිද්ධ උනත් හැමදාට ම,මැරෙන තුරාවට ම මේ හදවතේ අයිතිකාරයා උබම විතරයි ජන්කුක්...ඒක මතක තියා...
68.2K 17.6K 60
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥
66.4K 3.7K 58
ထုံးစံတိုင်းပါဘဲ 18+ပါ ကြိုက်မှလာဖတ်ကြပါရှင်။
13.4K 2.7K 27
අත්වැරදීමකින් රාජකීය පරම්පරාවක මුල් පුරුකෙන් ආරම්භ වූ ශාපයක් අවාසනාවන්ත ලෙස පරපුරේ සියලු සාමාජිකයන් අකාලයේ මරු තුරුලට යැව්වා.......... දශක කිහිපයක්...