මම කැස්බෑවෙක් වූ හැටි..✅

By zara-N1111

17.5K 3.3K 4.2K

Zhan and Yibo ..A close to real life fan fiction 💚❤️ ලස්සනම ලස්සන ආදරයක් ඇස් වලින්ම දුටු සාක්ෂිකාරයෙක් වුන... More

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
ඔයා කැස්බෑවෙක් වුන හැටි.. ??
52
53
54
55
56 - the end
❤️💚
❤️💚

34

182 46 41
By zara-N1111

වර්තමානය.

Xiao Zhan

රයන්, chen Hai ඇතුලු හතර දෙනා මේ සිද්ධිය පොලීසියට පැමිණිලි කරන්න ගියත් මගෙ හිතට හරි ගියේ නෑ.
මගෙ හිතට අලුත් නොසන්සුන් කමක් දැනෙන්න පටන් ගත්තා.
මේකද මේ ප්‍රශ්නයට අපිට ගන්න පුළුවන් හොදම පියවර? පොලීසියට පැමිණිලි කලාම හැමදේම හොද අතට හැරෙයිද??

" zhan ge.., මොනවද කල්පනා කරන්නෙ?? "

" අපි පොලීසියට යන එක ගැන. යිබෝ, ඒක හරි තීරණයක්ද? "

එයා මා දිහා ටිකක් වෙලා බලන් හිටියා.

" ඒ ෆොටෝස් ටික එතකොට පොලීසිය අතට යනවා නේද zhan ge??"

" ඒක තමයි . එතකොට ඒ ෆොටෝස් ටික ආණ්ඩුව අතට ගියා වගේ නේද"
මම කිව්වා.

යිබෝ ටිකක් වෙලා කල්පනා කලා. ඊටපස්සේ එයා තීරණයකට එලඹුන බවක් මුහුණෙන් පෙනුනා.

" ඔයා හරි zhan ge.. රයන්ට කෝල් එකක් දෙන්න , ආපහු එන්න කියන්න"

මම රයන්ට කෝල් එකක් ගත්තා. හොද වෙලාවට තාම පොලිස් ස්ටේශන් එකට ගිහින් නෑ. එයාලා දැන් ආපහු හරවගෙන ඒවි.

යිබෝගෙ ඒ ෆොටෝස් ටික පොලීසිය අතට ගියොත් මොනව වේවිද? ඒ ටික public යන්න චාන්ස් එකක් තියෙනවා නේද?

මට මතක් වුනේ 2021 දි වුන zhang zhehan ගෙ සිද්ධිය . 2018 ගත්ත පරණ ෆොටෝ එක උඩට ආවේ එයා ප්‍රසිද්ධ වුනාට පස්සේ .

ඒකෙදි එයා ඒ shrine එක හදලා තිබුනෙ චීනය ආක්‍රමණය කරපු ජපන් හමුදා නිලධාරියෙක් වෙනුවෙන් කියලා දැනගෙන ඉදලා නෑ.
ඒ බව කිව්වට එයාට කිසිම සමාවක් ලැබුනෙ නෑ. එයාව හැමෝම boycott කලා.
CAPA එක ( china association of performing arts) කිව්වෙ ප්‍රසිද්ධ කෙනෙක් ඒක නොදැන සිටීම නිදහසට කාරණයක් නෙවෙයි කියලා .
No excuse for ignorance ..!

ඉතින් යිබෝ free, vibrant different country කියලා ගහපු තායිවාන් කොඩියත් තියෙන ටීශර්ට් එකක් ඇදගෙන ඉන්න එකට සමාවක් හම්බ වෙයිද??
"අනේ...මේක උගුලක්. අසරණ යිබෝව අහුකරලා , එයා නිර්දෝශීයි " කියලා කවුරු කියයිද??
Top star කෙනෙක් උනාම එයාව වට්ටන්න බලන් ඉන්න ගාණ ගොඩක් වැඩියි.
අනිවාර්යයෙන් රාජ්‍ය විරෝධී ලේබලය වැදේවී.
ඊට පස්සේ වෙන්න පුළුවන් දේ නම් තනිකරම nightmare එකක්.

ඒ නිසා මේ ෆොටෝ වෙන කවුරුවත් නොදැක ඉන්න තරමට තමයි හොද ..

............................ .....❤️💚

රයන්, යිබෝගෙ මැනේජර් chen hai එහෙම පොලීසියට නොයා ආපහු ආවම අපි මේ ගැන කතාකලා.
හැමෝම එකග වුනා මේ වැඩේට පොලීසිය හෝ රජයට සම්බන්ධ කිසිම ආයතනයක් ගාවගන්නෙ නැතුව ඉන්න එක
නුවණට හුරුයි කියලා .

ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ , අපි දැන් මොකක්ද කරන්නෙ කියලා . ??
ඒ පින්තූර ටික ඔක්කොම විනාශ කරල දාන්න තමයි ඕනා. ඒත් ඒක කරන්නෙ කොහොමද?

" බොස් දැන් උදේ 6.00 ටත් කිට්ටුයි. උදේ 8.30 ට ශූටින් පටන් ගන්නෙ "!
Wu chang මතක් කලා.
ඔහ්. Legend of shen yuan . අමතක වෙලා තිබුනෙ හෙට ඒකෙ ශූටින් බව මේ ප්‍රශ්නය අස්සෙ.
හෙට නෙවෙයි. අදයි ශූටින් තියෙන්නෙ. දැන් වෙලාව උදේ 5.50 යි.

" බොස් පැයක් හරි නිදාගන්න බලන්න. නැත්නම් දවසෙම වැඩ කරන්න අමාරු වේවි" 
ඒ රයන්

හ්ම්ම්.. Leave එකක් දාන්න කියලද මොන ප්‍රශ්න ආවත්.

" නිදිමතක් නෑ . කමක් නෑ."

" නෑ zhan ge, ඔයාට අමාරු වේවි වැඩ කරන්න . පොඩ්ඩක් ඇල වෙලා ඉමු.  Zhan ge ව උදේ 8.00ට ඇහැරවන්න රයන්"
යිබෝ එහෙම කිව්වා.

...................

ඉක්මන් wash එකක් දාගෙන අපි දෙන්නම ඇදේ වැතිරුනා.
නිදිමතක් අහලකට එන්නෙ නෑ.හිතේ වැඩ කරන්නෙ මේ ප්‍රශ්නය විතරමයි.
නොදැනීම දිග සුසුමක් මගෙන් පිටවුනා.
ඒක දැනිලාද කොහෙද මගෙ බද වටා තිබුනු යිබෝගේ අත තවත් තදින් මාව තුරුලු කර ගත්තා.

" zhan ge..හිත කරදර කරගන්න එපා. කොහොම හරි විසදුමක් හොයාගන්න පුළුවන් වේවි"
එයා කියනවා..
අනේ මගෙ බොබෝ.. හරිනම් මමයි එයාට එහෙම කියන්න ඕනා.

" මගෙ පැටියෝ , මමයි ඔයාව සනසන්න ඕනා.."
මම එයාගෙ පැත්තට හැරිලා එයාගෙ කම්මුල් ආදරෙන් අතගෑවා.

" මම දන්නවා ඔයා මටත් වඩා මේ ගැන වද වෙනවා කියලා  zhan ge.. ඔයාට මතකනෙ 227 වෙලාවෙ ඔයා වැඩි හරියක් කලේ මගේ හිත හදන එක."

මම ලාවට හිනාවුනා.
" ඔව්.. අපිට මේකට විසදුමක් හොයාගන්න පුළුවන් වේවි බොබෝ."

" හ්ම්ම්...දැන් චුට්ටක් හරි නිදාගන්න baobao.. "

" හ්ම්ම්.."

මට ඕන වුනෙ නැගිටලා ඉදලා මේකට විසදුමක් ගැන හිතන්න.

ඒත් යිබෝගෙ උණුසුම, සුවද ලග එයාගෙ තුරුලේ සනීපෙට ඉන්න කොට , දවසේම ගතේ හා හිතේ විඩාවත් නිසා නොදැනීම මගේ ඇස් දෙක පියවුනා.

................❤️💚

වර්තමානය.

රයන්

Zhan වැඩට ගියාට පස්සෙත් අපි මේ ගැන කතා කලා. 
පොලීසියටත් යන්නෙ නැතුව, මේ ෆොටෝ ගැන කාටවත් කියන්නෙත් නැතුව් මේක විසදගන්නෙ කොහොමද කියලා අපි දසඅතේ කල්පනා කලා.
Shen yuan කුමාරයා විදිහට රගපාන්න ගියාට xiao zhan ට අද සිහිය මෙහේ තමයි.
නිතරම යිබෝට කතා කරන එකමයි වැඩේ.
යිබෝගෙ හිත සනසන දේවල් කියනවා..
ප්‍රශ්නයට ගන්න පුළුවන් විසදුම් ගැන කතා කරනවා.
වැඩි හරියක් messages විදිහට . එතන සෙට් එකේ ඉදන් කෝල් ගන්න අමාරු ඇතිනෙ.
අද නම් dilraba ව කිස් කරන සීන් ශූට් කරන්න නැතිනම් හොදයි.
නැතිනම් අපේ බොස් වෙන සිහියකින් focus නොවී ඉන්න නිසා දහපාරක් විතර ඒක reshoot කරන්න වේවි.
මගේ celebrity crush එකනෙ ඉතින් dilraba .

" මම මගේ ලෝයර්ට කතා කරනවා. මට මෙච්චර වෙලා ඒක මතක් වුනේ නෑනෙ"
යිබෝ කිව්වා.
" එයා ලග මේකට විසදුමක් තියේවි"

ඒක හොද අදහසක් . අපි ඔක්කොටම හිතුනා.
ඇත්තටම zhan , yibo දෙන්නටම වැඩ කරන්නෙ එකම ලෝයර් කෙනෙක් තමයි.
ඒත් දෙන්නටම එකම law firm එකේ නම් තියෙනකොට කැපිලා පේනවා වැඩියි කියලා හිතුන නිසා , zhan ගෙ නඩු කතා කරපු senior lawyer එයාගෙ law firm එකෙන් අයින් වෙලා තමයි යිබෝගෙ නඩු කතා කලේ.
Zhan ගෙ වැඩ කලේ දිගටම ඒ law firm එක තමයි.
කොහොමත් ඒ senior lawyer තමයි unofficially ඒ law firm එකෙත් head විදිහට හිටියෙ. ඒ කියන්නෙ දෙන්නටම එකම ලෝයර්.

2022 මැයි මාසේ විතර මේ දෙන්නගෙ ෆොටො අනවසරයෙන් පාවිච්චි කරල ඇදුම් විකුණුවා කියලා දෙන්නම එකම කඩේට නඩු දැම්මා.
ඒ කඩේ යිබෝගෙ panther logo එක්ක තියෙන tshirts එහෙම අනවසරයෙන් විකුණුව නිසා තමයි දෙන්නටම තරහ ගියේ. මොකද අපේ zhan ඩිසයින් කරපු ලොගෝ එකනෙ ඒක.
හැබැයි ඒ වෙලාවෙ නම් fandom එක දැන ගත්තා දෙන්නටම ඉන්නෙ එකම ලෝයර් කියලා.

..........

ඉතින් යිබෝ එයාලගෙ  දීර්ඝ කාලීන , හිතවත් ලෝයර්ට කෝල් කලා .
එයා ඉක්මනින්ම shanghai එන්න පිටත් වුනා මේ ගැන කතාකරන්න.
Zhan ට මේක කිව්වම එයත් හිතුවා ඒක හොද පියවරක් කියලා .

............❤️💚.......

2018 ජූලි

Xiao  Zhan

ලෑස්ති වෙලා ඉවර වෙලා , ඩ්‍රෙසින් රූම් එකෙන් එලියට මගේ කට ඇරුනේ හුස්ම ගන්නත් අමතක වෙලා. ඒ මට කලින් ලෑස්ති වෙලා කැමරාමන් එක්ක කතා කර කර හිටිය යිබෝව දැකලා.
දෙවියනේ , මම කවදාවත් දැකල නෑ මෙහෙම යිබෝ කෙනෙක්..
Elegant .. Breathtaking ..
Sexy ..Extremely ...sexy ..!!

අද bazaar photoshoot එක. 2018-07-28.

ලා කහපාට අත්දිග ශර්ට් එකට.. මේ ඇදලා තියෙන්නෙ සායක්ද.. වාව්.. මගෙ කොල්ලගෙ ලස්සන ..

" venus..". මම කකුලෙන් එයාගෙ ස්කර්ට් එක උස්සන ගමන් හිමිහිට කිව්වා..

පස්සෙ මට මතක් උනේ වටේම තියෙන ඇස් ගොඩ.
" මම මේ කෙල්ලෙක්ද කියලා බැලුවේ  "
මගේ Whipped behavior එක ජෝක් එකක් බවට හරවමින් මම කිව්වෙ යිබෝගෙන් ගුටියකුත් කාලා.

එදා bazaar photoshoot එකම හීනයක්..
‍ලස්සන costumes, එක්ක හරිම රොමැන්ටික් theme එකක්..
මට නම් යිබෝව කන්න හිතිලා තිබුනෙ.
ෆොටෝශූට් එක අතරතුර අපි රහසින් එකිනෙකාව අතේ ඇගිලි වලින් වගේම කකුලේ ඇගිලි වලිනුත් ස්පර්ශ කරමින් හිටියේ..
ශූට් එක පුරාම අපි දෙන්නා අතර තිබුනේ කෑලි කපන්න පුළුවන් sexual tension එකක්.

" wang yibo .. ඔය hairstyle එක අයින් කරගන්නෙ නැතුව හොටෙල් එකට යමු."
ශූට් එක ඉවර වෙලා එයා ඩ්‍රෙසින් රූම් එක පැත්තට යනකොට මම කිව්වා.
මගේ තව සොලෝ ෆොටෝ කීපයක් ගන්න ඉතුරු වෙලා තිබුනා.

"ම්ම්.. ඔයත් එහෙනම් එහෙම කරන්න zhan ge.. Hairstyle එක අයින් කරගන්න එපා ."

මේක තමයි මගේ ජීවිතේ සරාගීම , රොමැන්ටික්ම ෆොටෝ ශූට් එක!!

.....................❤️💚

අපි නැවතිලා හිටිය හොටෙල් එකට ගියෙ අපි වාහන දෙකක. ඇත්තටම ඒගොල්ලො අපි දෙන්නට කාමර දෙකක් බුක් කරලා තිබුනා. මට කලින් යිබෝ හොටෙල් එකට ගියා.

" ඔයාගෙ කාමරේද? මගේ කාමරේද? "
හෝටලේ ලංවෙනකොට මම එයාට මැසේජ් එකක් දැම්මා.

" මගේ කාමරේට එන්න "
Seen වුන සැනින් උත්තරය ලැබුනා.

ලොකු hoodie එකක් දාලා තිබුන නිසා මගේ කොන්ඩ මෝස්තරේ කාටවත් පේන්නේ නෑ.

මම දිග අඩි තියලා යිබෝගෙ රූම් එක ලගට ගිය ගමන් එයා දොර ඇරලා මාව ඇතුලට ගත්තා.

ඒ වෙලාවෙ තමයි එදා දවසෙ දෙවෙනි සැරේටත් මගේ කටත් ඇරිලා..හුස්මත් හිරවුනේ..
දෙවියනේ යිබෝ..
අර කොන්ඩ මෝස්තරේ එක්ක සුදු පාට අත්දිග කමිසයක් විතරක් ඇදගෙන..
මම බෑග් එක බිම දාලා hoodie එක ගලවලා වීසි කරපු ගමන් එයාව වැලද ගත්තා..

" මගෙ වීනස්.."
එයාව සිපගන්න ගමන් මම එහෙම කෙදිරුවා..

.......... .........❤️💚

බොහොම රසවත් පැය කීපයකින් පස්සෙ නාන්න හදනකොට තමයි තරුපෙනුනෙ hairstyles අයින් කරගෙන ආපු නැති එකට. Wigs සහ බර ගාණක් කටු අයින් කරන්න සෑහෙන්න වෙලා ගියා.

............❤️💚..........

වර්තමානය.

Xiao Zhan

Shen yuan කුමාරයා එයාගෙ පොඩි කාලෙ ඉදන් හොදම යාලුවා එක්ක කතාවක්.

" මට පියරජතුමා ඒ කාර්යය භාර දුන්නා Lingyun. "

" තව කොයිතරම් කාලයක් ඔබට තියෙනවාද? "

" ලබන පුරපෝය වනවිට මා පිටවිය යුතුයි. එතෙක් මට ඒ සදහා සූදානම් වන්නට කාලය ලැබෙනවා"

" මායාමය ජේඩ් අසිපත සොයාගෙන ඒම ඔබට පමණක් කල හැකි දෙයක්ද?, එය ජීවිතය සහ  මරණය අතර සටනක්"

" ඒ සදහා තවත් අයෙකුව ගමනට සහභාගි කර ගන්නා ලෙස  පිය රජතුමා මට කීවා"

" ඒක නෙවෙයි shen yuan , අර jiahao ට සටනකට අභියෝග නොකරන්නේ ඇයි?? ඔහු ඔබගේ විවාහ ගිවිස ගත් කුමරියව සොරා ගත්තා නොවෙද? "

Shen yuan මුකුත් කියන්නෙ නෑ.
ඊලගට shen yuan ගෙ මූණෙ close up එකක්. එහෙම ප්‍රසිද්ධියේ අභියෝග නොකලට, jiahao ව රහසේ මරාදමන්න එයා තීරණය කරලා ඉන්නෙ.

" නිහඩව ඉන්න එපා shen yuan .. හැමවිටම සතුරාට වඩා ඔබ පියවරක් ඉදිරියෙන් යා යුතුයි. සතුරාට වඩා කලින් ක්‍රියා කල යුතුයි."

" Ok.. Cut cut ..
ඒක හොදට ආවා.".
ඩිරෙක්‍ටර්ගෙ හඩ ඇහුනා.

ඉක්මනින්ම shen yuan ගෙ චරිතයෙන් මිදිලා  xiao zhan බවට පත් වුනාට පස්සෙත් මට ඒ යාලුවා අන්තිමට කියපු වචන ටික ඔලුවේ දෝංකාර දෙන්න ගත්තා.

"හැමවිටම සතුරාට වඩා ඔබ පියවරක් ඉදිරියෙන් යා යුතුයි. සතුරාට වඩා කලින් ක්‍රියා කල යුතුයි."

අදුරු උමගයක අග පේන ආලෝකයක් වගේ මෙච්චර වෙලා උත්තරයක් නැතුව හිතට වදදුන්න ගැටලුවට මට විසදුමක් පේන්න ගත්තා.
අපේ ලෝයර්ටත් තාම උත්තරයක් නෑනෙ මේ ප්‍රශ්නයට.
ඔව්.. Risk එකක් තියෙනවා තමයි..
ඒත් .. මේක තමයි කරන්න ඕන!!

..... 💚❤️......

To be continued..

කතාව බලන ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි.
ගොඩක් ආදරෙයි ..❤️❤️❤️❤️🥰🥰🥰

Continue Reading

You'll Also Like

962K 21.9K 49
In wich a one night stand turns out to be a lot more than that.
5.7K 995 15
අනපේක්ෂිත හමුවීමක් අබියස ජිවිතය වෙනස් වූ තරැනයෙකුගේ කතාවයි