මම කැස්බෑවෙක් වූ හැටි..✅

By zara-N1111

17.5K 3.3K 4.2K

Zhan and Yibo ..A close to real life fan fiction 💚❤️ ලස්සනම ලස්සන ආදරයක් ඇස් වලින්ම දුටු සාක්ෂිකාරයෙක් වුන... More

1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
ඔයා කැස්බෑවෙක් වුන හැටි.. ??
52
53
54
55
56 - the end
❤️💚
❤️💚

33

191 48 66
By zara-N1111

වර්තමානය.

රයන්

" යිබෝ.. ඔයා එදා ගත්ත ෆොටෝස් ඔක්කොම අපි අද හොදට බැලුවා. එදා අන්තිමට ඔයා ඇන්ද ටීශර්ට් එකේ ගහල තිබුනෙ මොකක්ද කියලා දැනුයි අපිට මොලේට ගියේ"

යිබෝගෙ මැනේජර්ගෙ ඒ කතාවට මාව පුදුම වුනා. එහෙම significant දෙයක් තිබුනා කියලා මට කිසිම මතකයක් නෑනෙ.

අපේ ජෝඩුව එක්ක එලියට ගිහින් ගත කරපු ලස්සන පැය කීපයට පස්සෙ ලැබුනු ඒ ආරංචියෙන් අපිව සෑහෙන්න නොසන්සුන් වුනා.

අපි කවුරුත් නිදි නැතුව zhan ගෙ hotel suite  එකට වෙලා හිටියේ .

යිබෝගෙ මැනේජර් Chen Hai, zixun සහ david , ඒ කිව්වේ vogue කැමරාමන් beijin වල ඉදන් තිබුනු පලවෙනි ෆ්ලයිට් එකෙන්ම Shanghai එනකොට වෙලාව පාන්දර 3:30 යි. ඩේවිඩ් , zixun ගෙ යාලුවෙක්. ඒගොල්ලො එක ෆීල්ඩ් එකේනෙ.

ඩේවිඩ් එයාගෙ ලැප්ටොප් එක ඔන් කරලා එදා යිබෝගෙ ෆොටෝ ශූට් එකේ පින්තූර තියෙන folder එක open කලා.  
ඒකෙ අන්තිම හරියේ තිබුන යිබෝගෙ කලු පාට ටීශර්ට් එක ඇන්ද ෆොටෝ එකක් තෝරගෙන එයා ඒක zoom කලා.

" මේ බලන්න .."
කලුපාට ටීශර්ට් එකේ තිබුනු නිල් ,රතු, සුදු පාට වලින් තිබුනු ඩිසයින් එක එයා අපිට zoom කරලා පෙන්නුවා.

" අදුනගත්තද??"
ඩේවිඩ් අපෙන් අහනවා.

මට නම් ඒකේ කිසිම විශේෂත්වයක් නෑ. ඇයි අනේ මොකක්ද මේ කලබලේ..

ඒත් ..ටිකක් වෙලා ඒ ඩිසයින් එක දිහා බලන් හිටිය zhan ගෙයි , wu chang ගෙයි ඇස් බය වෙලා වගේ ලොකු වෙන හැටි මම දැක්කා .

යිබෝ zhan මූණට මූණ බලා ගත්තා. Zhan යිබෝගෙ අතින් අල්ලා ගත්තා.
ඒ දෙන්නාම බය වෙලා වගේ..
ඒ ඇයි මට නම් තේරෙන්නෙ නෑ.

"දැන් , මේ බලන්න , ටීශර්ට් එකේ පිට පැත්ත.."
ඩේවිඩ් යිබෝ පිටිපස්ස බලන් ඉන්න ෆොටෝ එකක් තෝරලා ඒක zoom කලා..

ඒකේ english අකුරු වලින් ගහලා තිබුනේ වාක්‍යයක් .

Free
Vibrant
Yes, it's a Different country ..

ඒක දැකලා මෙතන හිටිය හැමෝගෙම හුස්ම හිරවුනා වගේ සද්ද පිටවුනා.
මුලු කාමරයම ඊලගට ගිලුනෙ බය හිතෙන නිහඩතාවයක..

යිබෝ අත් දෙකෙන්ම නලල අල්ලාගෙන පුටුවෙ වාඩිවුනා නෙවෙයි. පුටුවට වැටුනා.
Zhan ඒ ලගින්ම වාඩි වෙලා එයාගෙ උරහිස වටා අත දාලා තුරුලට ගත්තා.
අත් දෙකෙන් මූණ වහගෙන නිසා මට යිබෝගෙ මූණ පේන්නෙ නෑ. ඒත් zhan ගෙ මුහුණ මට පේනවා.
So gloomy . So serious !!

ලොකු අනතුරක පෙරනිමිති පේනවා වගේ මේ හැමෝම හැසිරෙන්නෙ ඇයි.
මෙතන මට නොතේරෙන චීන ජාතිකයන්ට විතරක් තේරෙන දෙයක් තියෙනවද..

................❤️💚

" wu chang , යිබෝට වතුර එකක් ගේන්න පුලුවන්ද? "
Zhan ඇහුවා.

" හරි බොස්"
Wu chang පෑන්ට්‍රි එක පැත්තට යනකොට මාත් එයාගෙ පස්සෙන් ගියා.

" wu chang , මට තේරෙන්නෙ නෑ මොකද වෙලා තියෙන්නෙ කියලා . මොකක්ද ඒ ඩිසයින් එකේ අදහස?? එතකොට ටීශර්ට් එකේ පිටිපස්සේ තිබුන වාක්‍යය දැකලා හැමෝම ඒ තරම් කලබල උනේ ඇයි?? "

" රයන්.., ඒ ටීශර්ට් එකේ ඉස්සරහ තිබුනෙ තායිවානයෙ ජාතික කොඩිය.. "

" තායිවාන කොඩිය?? "

" ඔව්. එතකොට පිටිපස්සේ a free , vibrant , different country කියලා තිබුනෙ තායිවානය ගැනයි."
වතුර එක ෆිල්ටර් එකෙන් ගන්න කොට wu chang ගෙ අත් වෙව්ලනවා.

" වෙන රටක ජාතික කොඩිය වගේ ඩිසයින් එකක් තියෙන ඇදුමක් අදින එක මෙච්චර අවුලක් වෙන්නෙ කොහොමද wu chang ? අනික ඒ වාක්‍යය නරක දෙයක් නෙවෙයිනෙ."

" වෙන රටක් වගේ නෙවෙයි. මේ තායිවානය"

" මට තේරෙන්නෙ නෑ."

" රයන්, මම ඔයාට ඔක්කොම කියන්නම් පස්සේ හිමිහිට . දැනට මතක තියාගන්න මේ ෆොටෝ අපේ ආණ්ඩුව දැක්කොත් එයාගෙ වැඩ ඔක්කොම ban කරයි. එයාගෙ endorsements ඔක්කොම දාලා යයි. ඊට වඩා නරක දේවල් වෙන්නත් පුළුවන් . යිබෝ රාජ්‍ය විරෝධී වැඩ කරා කියලා arrest කරන්නත් පුළුවන් ආණ්ඩුවට"

.... ....❤️💚.......

2021 ඔක්තෝම්බර්

Xiao Zhan

රතුපාට කහ පාට රෝස මල්, නේක වර්ණ දිලිසෙන බැලුන් සැරසිලි අතර රන්වන් පාටින් දිලෙන ඉලක්කම දිහා මම බලාගෙන හිටියා.
30 ...
මේ තරම් ඉක්මනින් මේ ඉලක්කම ආවනෙ මගෙ ජීවිතේට .
අද 2021 ඔක්තෝබර් 5.

Surprise party එකට ආව අන්තිම අමුත්තාත් පිටවෙලා ගිහින්.
හෙමිහිට අඩි සද්දයක් ඇසුනත් මම අතේ තිබුන champagne වීදුරුව රස විදිමින් හැරිලා බලන්නෙ නැතුව හිටියා.
සුපුරුදු උණුසුම් ලොකු අත් දෙකක් මගේ ඉණ වටා එතුනා.

" ඔයා දැන් වයසයි zhan ge ...ඔයාට 30 ක් !! Old man"
එයා කියන්නෙ මගෙ උරහිස උඩින් නිකට තියාගෙන..

ඕකනෙ කරන්න බැරි. ඔය ඉලක්කම ආපහු මතක් කරන්න ඕනද.

වැඩේ කියන්නෙ මගෙ බෝයිෆ්‍රෙන්ඩ්ට මේ වයසට එන්න තව අවුරුදු 6 ක්ම තියෙනවා.

" wang yibo .. මේක හරියන්නෙ නෑ . ආපහු ඕක කිව්වොත් මගෙන් ගුටිකනව හරිද? "

එයා හයියෙන් හිනාවෙනවා. මම ආසම සැහැල්ලු හිනාව.

" old cow eating young grass "

එහෙම කියලා මේකා ඈතට දිව්වෙ මගෙන් ගුටි කන එකෙන් බේරෙන්න . මේකා නම්!! ඔහොම කියපු පලවෙනි වතාවත් නෙවෙයි මේ.

ඊයෙ වුනා නම් මම මේකගෙ පිටිපස්සෙන් දුවලා ගිහින් අල්ලාගන්නවා . ඒත් අද නම් බෑ. මට මහන්සියි. අයියෝ මට 30ක් දැන්.

මම සෝෆා එකේ වාඩිවෙලා weibo එක පැත්තෙ ගිහින් බැලුවා. අද නම් මගෙ උපන්දිනේ නිසා notifications පිරිලා.

Weibo වල මගේ birthday post එකට මේ පාරත් දැම්මේ ෆොටෝ 18 ක්. රයන් කියනව වගේ මගෙ lucky number එක! ඒ ෆොටෝ 18 ඇතුලෙ මගෙ ෆොටෝ 33 ක්.
ඒ මදිවට මගෙ social media account ඔක්කොගෙම අද 18 ඉලක්කම!!

මගෙයි, යිබෝගෙයි birthday post දෙකටම අපි ගත්තෙ එකම font එක. ඒක weibo එකේ freely available එකක් නෙවෙයි. සල්ලි දීලා ගන්න ඕන Customized එකක්.
ඊට පස්සේ මගෙයි, යිබෝගෙයි birthday post වල තියෙන්නෙ එකම format එක. එහෙම වෙන්න එපැයි.. මමනෙ යිබෝට ඒ ලස්සන සුබ පැතුම ලිව්වෙ.

යිබෝගෙ ඒ ලියුමේ වාක්‍යයක් තියෙනවා "you just need to be a better you " කියලා..
මගේ එකේ තියෙන වාක්‍යය " lets us become our better selves together " කියලා..
අනේ මන්දා මේවා too loud ද කියලා ..

ඔක්කොටම වඩා හොදම දේ තමයි අපේ couple necklace .
Gucci lion head Couple necklaces.
යිබෝ එයාගෙ එක දැම්මේ මගේ පහුගිය birthday එක දවසේ. එදා එයාගෙ රේස් එකකුත් තිබුනනෙ. කැමරාවට අහුවුනත් එක්ක එයා ඒ මාලෙ ඉඹිනවා.
මගේ මේ birthday photoshoot එකේ කොටසක් තිබුනෙ යිබෝගෙ උපන්දිනේ දවසෙනෙ. ඉතින් මාත් මගෙ නිල්පාට lion head necklace එක දැම්මෙ එයාගෙ උපන්දිනේට .

මගේ කල්පනාවට තිතක් තියමින් මා ලගටම පැනලා වාඩි වුනේ wash එකක් එහෙම දාගෙන සුදුපාට ටීශර්ට් එකකින් පොඩි කලුපාට ශෝර්ට් එකකින් සැරසුනු යිබෝ කෙනෙක්.

" මම තරහයි"
එයා කලින් මට old man කියපු බව මතක් වෙලා මම කිව්වා.

" zhan ge.. කොල්ලො ලස්සන වෙන්නෙ වයස වැඩි වෙනකොටනෙ..අනික ඔයා නම් කොහොමත් වයසට යන්නෙ නෑ. බලන්නකො ඔයාගෙ පරණ ෆොටෝස් දිහා. ඔයා හැමදාම එක වගේ ලස්සනයි. ."
එයා කියන්නෙ මගෙ බෙල්ලත් බදාගෙන , මගේ මූණට එයාගෙ තෙත කොන්ඩේ වතුර බිංදු විසිවෙන විදිහට ඔලුව පොඩ්ඩක් ගස්සලා.

" අනික කාලය ගෙවෙනවත් එක්ක මගෙ ආදරේ වැඩි වෙනවනෙ baobao.."
එයා කියන්නෙ මගෙ කම්මුල් ඉඹින ගමන්.
එයාට හොදට තේරෙනවා මාව coax කරන්න. Spoil කරන්න .
එයා දක්ශයි. මගේ හිත පිහාටුවක් වගේ සැහැල්ලු වෙනවා ඒවට.

" හරි..හරි.. " මම එයාට පොඩි කිස් එකක් දීලා නැගිට්ටා.
"මාත් wash එකක් දාගෙන එන්නම් බොබෝ"

" ඉක්මනට එන්න zhan ge.. තවත් surprise gift තියෙනව හොදේ. හොදම ඒවා තාම ලැබුනෙ නෑ ඔයාට.."
එයා කියන්නෙ ඇහැකුත් ගහලා.

...................❤️💚..............

වර්තමානය.

රයන්

පස්සේ කට්ටිය  එක්ක කතා කලාම තමයි මට තත්වයෙ බරපතලකම තේරුනේ.
දෙවියනේ , කීයටවත් මේ ෆොටෝ ටික එලියට යන්න හොද නෑ.

තායිවානය වෙනම රටක් කියලා චීනය පිලිගන්නෙ නෑ. චීනය තායිවානය එක්ක තරහයි.

ඒක පිටිපස්සේ තියෙන්නෙ ලොකු පොලිටිකල් කතාවක්.
මට තේරුනු හැටියට ඉස්සර තායිවානය චීනෙ කෑල්ලක් .
1949 දි තායිවානය යුද්දෙකින් පස්සෙ  වෙන් වෙලා තියෙනවා. ඒගොල්ලො වෙනම ආණ්ඩුවක් පිහිටුවාගෙන වෙනම රටක් විදිහට වැඩ කරන්න ගත්තා.
ඒත් තාම චීනය කියන්නෙ ඒක තමන්ට අයිතියි කියලා. ඒ නිසා චීනය එක්ක සමීප සම්බන්ධකම් තියෙන අනික් රටවල් පවා තායිවානයට රාජ්‍ය තාන්ත්‍රික විදිහට සලකන්නේ නෑ..තානාපති සම්බන්ධකම් පවත්වන්නේ නෑ.
ඒක දිගටම තියෙන පොලිටිකල් කඹ ඇදිල්ලක්.

නීතිරීති වලින් පිරුනු චීනය වගේ නෙවෙයි තායිවානය. Vibrant and free කියන එක හරි තමයි.
උදාහරණයක් විදිහට චීනෙ කිස් එකක් වත් නැති BL drama එකකට censorship එකෙන් බේරෙන්න අමාරු වෙනකොට,  තායිවානෙ සමලිංගික විවාහත් නීතිගත කරලා. පේනවනෙ වෙනස.
මේ වගේ වැඩ නිසා චීනයට තවත් තරහයි තායිවානය එක්ක .

චීන ආණ්ඩුව කියන්නෙ සමාජවාදී ලේබලය තිබුනට හරිම ඒකාධිපති පාලනයක්. රටේ චන්දයක්වත් තියන්නෙ නෑනෙ. මිනිස්සුන්ට නිදහසේ අදහසක් ප්‍රකාශ කරන්න හැටියක් නෑ.
සමාජ මාධ්‍ය එහෙන් පාලනය කරනවා.
මෙහෙට ආවම තමයි තේරෙන්නෙ ලංකාවෙ අපි කොච්චර නිදහසක් වින්දද කියලා.

ඉතින් මම මේ කියන්න හදන්නේ යිබෝ මේ ටීශර්ට් එක ඇදන් ඉන්න ෆොටෝස් ලීක් වුනොත් අනිවාර්යයෙන් රාජ්‍ය විරෝධී ලේබලය වදිනවා. යිබෝගෙ කලා ජීවිතය එතනින්ම ඉවර වේවි.
මම මේ පොඩි දෙයක් ලොකු කරලා අතිශයෝක්තියකින් කියනවා නෙවෙයි.
ඒක තමයි මෙහෙ ඇත්ත තත්ත්වය .

ඔයාලට මතකද word of honor නාට්‍යයේ නලුවා zhang zhehan.
එයා 2010 ඉදන් field එකේ ඉදල ඉදලා යන්තම් word of honor හින්දා 2021 දී ලොකුම සාර්ථකත්වයක් ලැබුවා. ඒකෙන් එක රැයින් හොදටම ජනප්‍රිය උනා.

ඊට පස්සේ 2021 දීම එයා ජපානෙදි ගත්ත ෆොටෝ එකක් නිසා එයාගෙ කලා ජීවිතේ ඉවරම වුනා. එයාගෙ online social media , චිත්‍රපට , සින්දු , ඩ්‍රාමා ඔක්කොම අයින් කරන්‍න උනා.

ඒ එයා ජපානෙ yasukuni shrine සහ Nogi shrine ඉස්සරහ ගත්ත ෆොටෝ එකක් නිසා.
ජපානෙ හිටිය ලොකු යුධ නායකයෙක්ට උපහාරයක් විදිහට තමයි ඒවා හදලා තියෙන්නෙ .
බැලින්නම් ඒ යුධ නායකයා චීනය ආක්‍රමණය කරල තියෙනවලු.

Zhang zhehan ෆොටෝ එක ගත්තෙ ඔය මුකුත් නොදැන වෙන්න ඇති. කොහොම හරි අවුරුද්දක් නිහඩව ඉදලා 2022 දෙසැම්බර් වල තමයි එයා ආපහු music මොනව හරි රිලීස් කලේ. ඒත් චීනෙ නෙවෙයි. International platform වල.

මම මේ කතාව කිව්වෙ යිබෝ ඉන්න තත්වයෙ බරපතල කම ගැන කියන්න.
ඒ shrine එක ඉස්සරහ ගත්ත ෆොටෝ එකට එහෙම උනා නම්.. යිබෝ තායිවානයේ කොඩියක් එක්ක නිදහස් , විචිත්‍ර  වෙනම රටක් .. කියලා ටීශර්ට් එකක් ඇදන් ඉන්න කොට මොනව වේවිද.

දෙවියනේ මගෙ ඇග හිරි වැටෙනව මතක් වෙන කොට!!

ඩේවිඩ් ලග තියෙන ෆොටෝ ගැන ප්‍රශ්නයක් නෑ.
ඒත් මේ ෆොටෝ අර හොරෙන් ආපු මනුස්සයා ෆෝන් එකකින් ගත්තා.
මොන විදිහකින් හරි ඒ ෆොටෝ ටික රිලීස් වෙන එක නවත්තන්න ඕන.
මොන විදිහකින් හරි.!!

..................❤️💚..............

2018 ජූනි
Xiao Zhan

අනික් අය කොහොමද දන්නෙ නෑ, හැබැයි අපි දෙන්නා නම් ආදරේ කරනකොට පුංචි දේටත් රණ්ඩු කරන්න දක්ශයි.
වැඩියෙන්ම යාලු වුන මුල්ම කාලෙ.

අද TU shooting දවසක්. අපි දෙන්නා costumes ඇදගෙන සෙට් එකේ හිටියේ . ගුසු වල ශිෂ්‍යයෙක් වෙලා හිටිය දවස් වල රූගත කිරීම් අද තිබුනේ. ඒ නිසා wei wuxian සුදු පාට robe තමයි ඇදන් හිටියේ .

ඊයෙ යිබෝ මෙහෙ hengdian වල හිටියේ නෑ . Produce 101 රෙකෝඩින් එකකට ගිහින් හිටියේ.
ඊයෙ වෙච්චි වැඩකට නැති පොඩි රණ්ඩුවක් නිසා මම යිබෝගෙ නම්බර් එක wechat එකෙන් ඩිලීට් කලා. ඒ කියන්නෙ එයාව block කලා.

දැන් නම් අපි රණ්ඩු වුනාට ඒ වගේ වැඩ කරන්නෙ නෑ ඉතින්. ඒත් මේ යාලුවුන අලුතනෙ.

සෙට් එකේ break එකක් වෙලාවෙදි යිබෝ මගේ අත් දෙකත් හොලවන්න බැරිවෙන්න අල්ලගෙන ආපහු එයාව add කරන්න කියලා තර්ජනය කරනවා.
මම කියනවා බෑ.. ආයෙත් add කරන්නෙ නෑ.. ආපහු contact කරන්නෙ නැතුව ඉමු කියලා ..
අපේ වටේ තියෙන කැමරා ගැනවත් ඒ වෙලාවට අපි දෙන්නටම සිහියක් නෑ..
කොහොම හරි එදා දවසෙම ඔහොමයි. මම දඩබ්බර විදිහට , stubborn විදිහට එයාව add කර ගත්තෙම නෑ.

හවස Shooting ඉවර වෙලා මම එයාව පහු කරගෙන මගේ රූම් එකට ගියෙ එයාව ගනන් ගන්නෙ නැතුව.
හැබැයි ඉතින් එයා මාව දකින බවටත් මම වග බලා ගත්තා.

ඉතින් මම හිත යටින් බලාපොරොත්තු වුන විදිහටම යිබෝත් මගේ කාමරය පැත්තට ඇවිත් , දොර වහගන්න බැරිවෙන්න එයාගෙ අත තියාගත්තා..

මාත් මුකුත් නොකියා පොඩ්ඩක් ගස්සලා වගේ ඇතුලට ආවා. එයත් දොර ලොක් කරගෙනම කාමරය ඇතුලට ආවා.

" ඇයි මාව block කලේ. "

" ඇයි ඊයෙ රෑ මගෙ කෝල්ස් ආන්ස්වර් කලේ නැත්තෙ??
කීපාරක් කතාකලාද? මැසේජ් කීයක් දැම්මද? "

" මම කිව්වනෙ zhan ge..ඊයෙ ඩිනර් එකට යනකොට මගෙ ෆෝන් එක වාහනේ ඇතුලෙ හැලිලා තිබුන කියලා"

" ඔයාට අර produce 101 කෙල්ලො සෙට් එකයි, අනික් යාලුවොයි ඉන්න කොට මාව මතක නෑ. මෙහෙදි ඒගොල්ලො නෑනෙ . එතකොට විතරයි මාව ඕන"

" ඔයාට පිස්සු zhan ge.."

මම ගස්සලා අනික් පැත්ත හැරුනා.

" zhan ge. කෝ දෙන්න ඔයාගෙ ෆෝන් එක"

" බෑ.. ඒ මොකටද? "

" දෙන්න. මාව add කරන්න wechat එකට"

" බෑ. "

එයා මගෙ සාක්කුවෙ තිබුන ෆෝන් එක ගන්න හැදුවා.
මම එයාට ඒක ගන්න නොදි රණ්ඩු වුනා..
බැලන්ස් එක නැතුව අපි දෙන්නව බිමට පෙරලුනා. එයාගෙ ඇග උඩට මාව වැටුනෙ.
අපි දෙන්නා මූණට මූණ බලන් හිටියා පොඩි තත්පර ගානක් .
මේක නම් මාර strong කාන්දම් බලයක්..

මම එයාව සිපගත්තා.
පිස්සුවෙන් වගේ intense විදිහට .

පෙට්‍රල් වලට ගිනි කූරක් ගැහුවා වගේ අපේ feelings ඇවිලෙන්න වැඩිවෙලාවක් ගියේ නෑ..මේක නම් පිස්සුවක්.
Leo උනාට එයා අද හාපැටියෙක් වගේ ඉන්නෙ මට කැමති දෙයක් කරන්න ඉඩදීලා..
රණ්ඩුවක් සමාදාන වෙන්න මේක හොදම ක්‍රමයක්..

ආදරවන්තයන්ගෙ රණ්ඩුවකට පස්සෙ sex ඇත්තටම මාරයි ... ඒක මාර intense..
පුංචි රණ්ඩුවකින් පස්සෙ ඉස්සරටත් වඩා ආදරේ වැඩිවෙන්න හොදම විදිහක්.

.........❤️💚.......................

වර්තමානය.

Xiao zhan

කාටද මේ වගේ පහත් වැඩක් කරන්න පුළුවන් ? කාටද මේ වගේ පහත් වැඩක් කරන්න අවශ්‍යතාවය තියෙන්නෙ!!
ඔක්කොටම වඩා මට දැනෙන්නෙ කේන්තියක්.

මගෙ බොබෝ කාටවත් වැරැද්දක් කරලා නෑ. එයා කාවවත් කපලා දැන් ඉන්න තැනට ඇවිල්ලා නෑ. එයා හැමදේම ලබාගත්තෙ එයාගෙම මහන්සියෙන්. දක්ශතාවයෙන්.
ලමා කාලයකුත් නැති කරගෙන , අවුරුදු 14 ඉදන් දෙමව්පියන්ගෙනුත් ඈත් වෙලා වෙනත් රටකටත් ගිහින් train වෙලා කරපු කැපකිරීම් වලින්..

ඉතින් කාටද පුළුවන් එයාගෙ මුලු අනාගතයම අදුරු කරන්න පුළුවන් මේ තරම් පහත් දෙයක් කරන්න .

එදා ෆොටෝ ශූට් එකේ stylist තෝරලා ගිය ඇදුම වෙනස් කිරීම, ෆොටෝ ශූට් එක ඉවර වුන ගමන් ඒ ඇදුම අතුරුදහන් වීම , නොදන්නා මනුස්සයෙක් ශූට් එක අතරේ යිබෝගෙ ෆොටෝ හොරෙන් ගැනීම. .. මේ ඔක්කොම සූක්ෂම විදිහට plan කරපු දෙයක්.

ඔව් .මම හිටියේ ලොකු කේන්තියකින් .
මගේ කෙනෙක්ට අසාධාරණයක් වුනොත් මට මාර තරහයි.
මට දැනුනෙ මම මුලු ලෝකෙත් එක්කම එයා වෙනුවෙන් සටන් කරන්න ලෑස්තියි වගේ. මට ඕන එයාව ආරක්ෂා කරන පවුරක් වෙන්න .

" කවුද මේ ජරා වැඩේ කරන්න ඇත්තෙ. Chen Hai අපි ඒක හොයාගන්න ඕන . මේක කරපු එකාට උපරිම දඩුවම දෙන්න ඕන ".
මම කිව්වේ අත් දෙක මිටමොලවගෙන. මගෙ ඇස් වලින් දුම් පිටවෙනවා වගේ මට දැනෙනවා.

" කොච්චර හෙව්වත් එදා හවස යිබෝගෙ ෆොටෝ ගන්න ආව මනුස්සයාව අපිට හොයාගන්න බැරිවුනානෙ."
ඒ zixun .

" කොහොම හරි ඌව හොයා ගන්න ඕන .."

" zhan zhan , මුලින් සන්සුන් වෙන්න . අපි මුලින්ම මේ ෆොටෝ ටික public යන එක වලක්වන්න ඕන"

" ශිට්, වෙනදා මම කොච්චර අදින්න වෙන ඇදුම් ගැන සැලකිලිමත් වෙනවද.. මේක මට ඔලුවට ගියෙ නෑනෙ..
ඉංග්‍රීසියෙන් තිබුන දේ මම කියෙව්වෙ නෑ මට මතක හැටියට"
මෙච්චර වෙලා නිහඩව හිස නවාගෙන හිටි යිබෝ හඩ අවදි කලා.

" ඔයාගෙ වැරැද්දක් නෑ පැටියෝ. මේක කාගෙ හරි උගුලක්"
Zhan කිව්වේ යිබෝගෙ ඔලුව අතගාමින්.

" අපි කාටවත් එදා ඒක තේරුනේ නෑ. ඔයිට වඩා සැලකිල්ලෙන් බලන්න තිබුනා. සමාවෙන්න බොස්. අපේ වැරැද්ද . "
යිබෝගෙ මැනේජර් chen hai  හිස නමාගෙන සමාව ඉල්ලන ස්වරයෙන් කිව්වා.

" ඔව්. එදා මේකප් ආර්ටිස්ට් මේ ඇදුම වෙනස් කියලා
කිව්වම අපිට හිතන්න තිබුනා. "
රයන් කිව්වා.

" දැන් ඕවා ගැන කතා කරලා වැඩක් නෑ. අපි ඉස්සරහට කරන දේ ගැන හිතමු."
යිබෝගෙ යාලුවා zixun කිව්වා.

ඒක හරි.. දැන් අපි මොකක්ද කරන්න ඕන ..

" අපි මේක පොලීසියට inform කරමු."
මම කිව්වා.
" එතකොට පොලීසිය ඒ ෆොටෝ හොරෙන් ගත්ත එකාව අල්ලයි., ඔයා මොකද කියන්නෙ බොබෝ"

" ඔව්. ඒක තමයි කරන්න තියෙන්නෙ zhan ge. "
එයා කිව්වා.
" ඒ මනුස්සයව හොයාගත්තොත් ඔක්කොම ප්‍රශ්න විසදෙනවා"

මේ වෙනකල්ම මම යිබෝගෙ අතින් අල්ලාගෙනමයි හිටියේ .

" chen , ඔයා එහෙනම් පොලිස් ස්ටේශන් එකට ගිහින් complain එක දාන්න .
ඩේවිඩ් , zixun ඔයාලා දෙන්නත් යනවද ඒ එක්ක ?? "
යිබෝ කිව්වෙ නැගිටලා ආයෙමත් ඒ ෆොටෝස් දිහා බලන ගමන්.

" මේ ෆොටෝස් pen drive එකක දාලා අරන් යන්න වේවි"

" හරි යිබෝ බොස් අපි යන්නම්. දැන්ම යමු ."
Yibo official මැනේජර් Chen hai පුටුවෙන් නැගිට්ටා.
Zixun වගේම ෆොටෝස් ටික පෙන් ඩ්‍රයිව් එකකට ගත්ත ඩේවිඩ් එයා එක්ක යන්න ලෑස්ති වුනා.

දැන් වෙලාව උදේ 4.45 යි.
එක විනාඩියක් ඇහැ පියෙව්වෙ නැති වුනාට නිදිමතක් දැනෙන්නෙවත් නෑ කාටවත්.

" බොස් , මාත් යන්නම් පොලිස් ස්ටේශන් එකට?? "
රයන් ඉදිරිපත් වුනා.
" මාත් හිටියනෙ එදා ෆොටෝශූට් එක කරන කොට. මටත් පුළුවන් statement එකක් දෙන්න"

" හොදයි. ඔයත් යන්න එහෙනම්" මම කියද්දී යිබෝත් ඒකට එකග බව පෙන්නුවා.

...................❤️💚............

වර්තමානය.

රයන්

gps වලින් ලගම තියෙන පොලිසිය හොයාගෙන අපි පිටත් වුනා.
අපි යන ගමන් කරන්න ඕන complain එක වගේම එදා දැක්ක අය දෙන්න ඕන statement එකත් කොහොම වෙන්න ඕනාද කියලා කතා කර ගත්තා.
හැම වචනයක්ම හරියට තියෙන්න ඕන.

Police station
Shanghai - south east region කියලා චීන අකුරු වලින් ගහලා තියෙන බෝර්ඩ් එක පෙනෙන මානයට එනකොට මගෙ ෆෝන් එක සද්දෙන් නාද වුනා.
කවුද මේ පාන්දර

Xiao zhan ගෙ නම ෆෝන් එකේ තිරයේ දිස් වුනා.

" බොස්?? "

" රයන්, ඔයාලා කොහෙද?? "
එයා ඇහුවෙ කලබලයෙන් .

"අපි යන ගමන්."

" පොලිස් ස්ටේශන් එකකට ගියාද??  තාම නෑ නේද?? "

" දැන් ලගමයි ඉන්නෙ බොස්. තව විනාඩියක්වත් යන්නෙ නෑ."

" ඔහ්..thank god!!
ඔහොම නවත්වන්න වාහනේ..! යන්න එපා."
Xiao zhan අණ දෙනවා.

" ආ?? "
මොකක්ද ඒ හතර බීරි කතාව.
කාර් එකේ හිටිය අපි හතර දෙනා මූණට මූණ බලාගත්තා.

" පොලීසියට යන්න එපා. ආපහු හරවගෙන එන්න. "

... ......❤️💚...............

To be continued..

..........

මේ කතාව බලන ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි.

ගොඩක් ආදරෙයි ..🥰🥰🥰🥰

Continue Reading

You'll Also Like

954K 21.8K 49
In wich a one night stand turns out to be a lot more than that.
316K 9.5K 101
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
426K 16.3K 25
Tae and Jungkook have an arranged marriage, but was it really forced and did they actually like the news... however Jungkook isn't popular and gets a...