𝕋𝕚𝕘𝕖𝕣 𝕃𝕚𝕝𝕪 ||•Taekoo...

By Ezzie_farys

21.3K 3.6K 688

ඔයා මගේ හදවතේ කපාට වලටම දැනිච්ච ආදරයක් හියුන් . සමහර වෙලාවට මම ඒ ආදරෙන් පිච්චුනා සමහර වෙලාවට නිවුනා ... ඇත්තට... More

Introduction
Chapter 01
Chapter 2
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Final ~
epilogue 1
epilogue 2.
UTOPIA (Tiger lily S2)
Gifts

Chapter 51

254 49 5
By Ezzie_farys

Lavender's blue, dilly, dilly
Lavender's green
When I am king, dilly, dilly
You shall be queen:

Who told you so, dilly, dilly
Who told you so?
'Twas my own heart, dilly, dilly
That told me so.

Call up your men, dilly, dilly
Set them to work
Some to the plough, dilly, dilly
Some to the fork

Some to make hay, dilly, dilly
Some to cut corn
While you and I, dilly, dilly
Keep ourselves warm.

Lavender's green, dilly, dilly
Lavender's blue
If you love me, dilly, dilly
I will love you

Let the birds sing, dilly, dilly
And the lambs play
We shall be safe, dilly, dilly
Out of harm's way

I love to dance, dilly, dilly
I love to sing
When I am queen, dilly, dilly
You'll be my king:
Who told me so, dilly, dilly
Who told me so?
I told myself, dilly, dilly
I told me so

දවසකට දෙතුන් පාරක්ම ඇහෙන ඒ lullaby හඩ නම් ටේකුක් නිවසට දැන් නුහුරු නුපුරුදු දෙයක් නෙමෙයි . පැද්දෙන පුංචි තොටිල්ලේ ඉදන් නිදිනැතුව පුංචි ලියා මොනවද මේ චූටි ඇස් කරකවමින් හොයන්නේ ... කොහේ නිදන්නද ඩැඩා ඊයේ අරන් ආව අලුත්ම toy එකේ ඉන්න චූටි ඒන්ජල්සා ලියාගේ වටේට කැරකෙනවා . කට උල් කරමින් පුංචි අත පය උඩට විසි කරමින් පුංචි ලියා එයාලට මොනවදෝ කියන්න උත්සහ කරනවා . අද ඩැඩා දවසම ඔෆිස් රූම් එකේනේ එයාව බලන්නවත් ආවේ නෑනේ. ඒ ගැනද දන්නෑ මේ කියන්නේ ...

"මොනවද මගේ ප්‍රින්සස්ට ඕනී ...අද දොයියන්නේ නැද්ද ම්ම්... ඩැඩාගේ නෝටි ප්‍රින්සස්..."

මේ තරම් වෙලා ලියා ආසම ලලබයි එක මුමුනමින් හිටිය ජංකුක් මොහොතකට ඒක නවත්තලා එයාලගේ පුංචි සුරංගනාවිව තොටිල්ලෙන් එළියට ගත්තා . චූටි කකුල් ගස්සමින් හරි ආසාවෙන් පුංචි ලියා මමාගේ තුරුලට ආවේ . මමා ළග තරම් සනීපයක් සුවපහසුවක් තවත් කොහින්ද නේද ප්‍රින්සස් ..

එයාගේ බාශාවෙන් චූටි තොලුත් උල් කරමින් මොකක්දෝ අවනඩුවක් චූටි ලියා ජංකුක්ට කියනවා...

"බඩගිනියිද මගේ ප්‍රින්සස්ට ..."

ගානට නිවිලා තිබුන ලියාගේ මිල්කි එක අතට ගනිමින් ජංකුක් කියද්දී චූටි ලියා කටින් අමුතු හුරතල් සද්දයක් පිටකළා . කාට නොතේරුනත් පොඩ්ඩන්ගේ භාෂාව මමාලට හොදට තේරෙනවනේ...

මිල්කි බෝතලය චූටි කට ළගට ළං කරද්දී චූටි කටින් සද්ද කරමින් මිල්කි එක උරන හැටි ජංකුක් බලන් හිටියේ හරි ආසාවෙන්...

අම්මා කෙනෙකුගේ හැගීම් දැනෙන්න දරුවෙකුට උපත දෙන්නම ඕනෙද ? එයත් මවක් . කාගේ කවුද කියලා වත් නොදන්න පුංචි සුරංගනාවිකයට මග හැරුන අම්මා කෙනෙකුගේ උණුසුම , ආදරය දෙන්න එයාට පුලුවන් උනා . ටේහ්‍යුන්ග් විශ්වාස කරපු විදිහටම .

මිල්කි බීපු ගමන්ම චූටි ලියාට ජංකුක්ගෙ තුරුලෙම නින්ද ගිහින් wheelchair එකත් කොහොමහරි බැලැන්ස් කරගෙන බැල්කනි වැට ළගට ජංකුක් ගියේම ඒ පැත්තෙන් එන සනීප සුළගයි , ටේහ්‍යුන්ගෙ මල් වගාව පැත්තෙන් එන සනීප සුවදයි පුංචි ලියාට සුවදායක නිසා .

"කූ...."

"ශ්...හියුන් දැනුයි නින්ද ගියේ."

"කෝ දෙන්න . "

බිස්නස් මීටින් එකක හිටිය ටේහ්‍යුන්ග් ඇවිත් එහෙම කියද්දී ජංකුක් පරිස්සමට පුංචි ලියාව එයාගේ ඩැඩා අතට දුන්නා . ටේහ්‍යුන්ග් එයාගේ පුංචි ලියාව අතට ගත්තේ හරි පරිස්සමට . ඒ වගේම ගොඩක් ආදරයෙන් . ටේහ්‍යුන්ග් පුංචි ලියාගේ නළල සිප ගෙන තොටිල්ලෙන් තියලා තව ප්‍රින්සස්ගේ ආරක්ෂාවට pillow ටිකකුත් වට කළා .

පොඩි බබාව තොටුල්ලෙන් තියලා බලද්දී මෙන්න ලොකු බබා ඉන්නවා ඔරවගෙන .

"මොකෝ...ඔයාටත් කිස් එකක් ඕනිද ?"

"හියුන්...ඔයාට කොච්චර කිව්වත් මතක නෑනේද ?"

"මොනාද ?"

"ප්‍රින්සස්ගේ මූණ ඉඹින්න එපා අනේ .. තාම එයා ගොඩක් පුංචියි නේ..."

"ඉතිං..."

"ඉතිං කියන්නේ විශබීජනේ හියුන් . චූටි ළමයින්ට විශබීජ ඉක්මන්ට ශරීරගත වෙනවනේ...එයාලගේ immunity එක අපේ වගේ ස්ට්‍රෝන්ග් නෑනේ ඒ නිසා එයාලව මල් වගේ පරිස්සම් කරන්න ඕනේ.."

"ඕකේ මමා I just understood . ඒක නෙමෙයි ජංකුක් ඇත්තටම ඔයා කොහොමද ඔච්චර හොදට පුංචි ළමයි ගැන දන්නේ "

"ඇයි අනේ මම පුංචි කාළේ හිටිය childrens' home එකේ මේ වගේ අහිංසක පුංචි පැටව් ඕනි තරම් හිටියා . මමත් එහෙමනේ ...ඉතින් එයාලව ඉස්සර බලාගන්නේ අපි තමයි . කවන්නේ , පොවන්නේ ඔය සේරම අපි තමයි . මොකද ඒකේ හිටියේ බෝයිස්ලා විතරනේ හියුන් ගර්ල්සා නැහැ . ඔයාට කියන්න එක බබෙක් අඩන්න ගත්තහම ඔන්න අනිත් අයත් පටන් ගන්නවා හරිද මේඩ්ලට තනියම එයාලව නළවගන්න අමාරුයි . ඒ කාලේ මේ මොන කරදරයක්ද කියලා හිතුනට දැන් මතක් වෙද්දිත් ආසයි . "

"ඒක නෙමෙයි ඔයාගේ වැඩේට මොකද හියුන් වුනේ ? හරි ගියාද ?"

"හ්ම්ම්...ඒ වැඩේ හරි මේ වතාවේ ඉදන් ඒ හැම event එකක්ම අපිට . ඔයා හදලා දීපු ප්ලෑන් එක , ඒකට එයාලා ගොඩක් කැමති උනා කූ...තැන්කිව් ඔයාට . "

"ටේහ්‍යුන්ග් ජංකුක්ගෙ කම්මුලක් සිප ගත්තා . "

"හියුන්ගි ඔයාට මෙහෙම හිතෙන්නේ නැද්ද ඩාලියා අපේ ගෙදරට ආවත් හරි මේ ගෙදරට අලුත් එළියක් ආවා වගේ . බලන්න මේ කාලේ ඇතුලත ඔයා අලුතින් contracts කීයක් නම් භාරගත්තද ? එතකොට හොටෙල් එකෙත් income එකත් ඩබල් වෙලා .."

"ඔව් මැණික ඕක මටත් හිතුනා. කොහෙදෝ ඉදන් අපිව හොයන් ආව එයා lucky charm එකක් . "

"ඇත්තටම හියුන්..."

ටේහ්‍යුන්ග්ලා කියන විදිහට පුංචි සුරංගනාවි එයාලට lucky charm එකක් ඒ වගේම තමයි ඒ වගේ parents ලා ලබන්නත් පුංචි සුරංගනාවි ගොඩක් වාසනාවන්තයි . එදා පල්ලියේ ලී කූඩයක් ඇතුලේ තුනී cotton රෙදි කඩකින් ඔතලා හිටිය පුංචි පැංචිට තමන්ගේ නමත් දීලා ... අම්මෙක් අප්පෙක් හොයාගන බැරිවුන ඒ පැංචිට හොද දෙමව්පියෝ වෙන්න ඒ දෙන්නා ඉදිරිපත් උනා . ෆාදර්ගේ උපදෙස් අනුව medical checkup එකකුත් කරලා ඊළගට පොලීසියට inform කලත් දැන් මාස තුනකටත් කිට්ටුයි පැටියගේ භාරකාරයෙක් මේ වෙනතුරුත් එයාලට හමුවුනේ නෑ . ඉතින් ටේහ්‍යුන්ග් ඒ දරුවගේ නීත්‍යානුකූල අයිතිය තමන් වෙත පවරගත්තා .

පුංචි ප්‍රින්සස්ට ඩාලියා කියලා නම දුන්නේ ටේහ්‍යුන්ග්. ඩාලියා මලකින් කියන්නේ සීමාවක් නැති ආදරයක් . ටේහ්‍යුන්ග් එයාගේ පුංචි සුරංගනාවිට දුන්නේ එහෙව් ආදරයක් .

"අද නම් කවුරුවත් එන්නෑ වගේ නේද ?"

"අපෝ ඒක හොදයි කූ...නැත්තම් උන් සේරටම උඩ දාන්න අහු වෙන්නේ මගේ කෙල්ලව තමයි . අර කොට තාරාවා ඔක්කොටම හපන් ලියා සෙල්ලම් බඩුවක් කියලා හිතන් ඉන්නේ "

Possesive ඩැඩා මමාටත් රවන ගමන් කිව්වේ.

"ඒ ඉතින් ආදරේටනේ හියුන්ගී..."

"හුම්..මේ ජංකුක්..."

ටේහ්‍යුන්ග් ජංකුක් ළගට ආවා .

"ඇයි..."

"එන්නකෝ ටිකක්.."

එහෙම කියලා ටේහ්‍යුන්ග් ජංකුක්ව බ්‍රයිඩල් ස්ටයිල් එකට අරන් ආවේ බෙඩ් එකට . ඊළගට ජංකුක්ගෙ පාද ටේහ්‍යුන්ගෙ උකුළට අරන් ලොකර් එකෙන් ගත්ත ලෝශන් එකක් සිනිදුවට ජංකුක්ගෙ සුදුමැළි පාද වල ආලේප කරන්න ගත්තා .

"සොෆ්ට්..."

"හ්ම්ම්..."

"දැනෙනවද ?"

"ඔව්...ඔයාගේ අත් ..ඒවා සොෆ්ට් ."

"මැණික ඇයි බොරු කියන්නේ...මගේ අත් ඒවා කවද්ද සොෆ්ට් උනේ කූ...මම කිව්වේ මේ ලෝශන් එක ගැන ...හිත හැදෙන්න ඔහොම බොරු කියන්න එපා ජංකුක්..."

"එක පාරට මොකද උනේ අහ්..."

හොදට හිටිය ටේහ්‍යුන්ගෙ මූණ එක පාර අදුරු උන නිසා ජංකුක් ටිකක් කලබල උනා . තමන්ගේ කම්මුල් දෙප්පැත්තෙන් අලන් ඉන්න ජංකුක්ගෙ සිනිදු අත්ල අයින් කරපු ටේහ්‍යුන්ග් මුකුත් නොකියම ජංකුක්ගේ උකුලෙන් හිස තියාගත්තා .

"මොකද උනේ කියන්නකෝ..."

වුන දේ තේරුම්ගන්න බැරුව ජංකුක් හිටියේ මුකුත් හිතාගන්න බැරුව .

"මුකුත් නැහැ අනේ...ඔයාට ප්‍රින්සස්ව විතරද උකුළේ තියාගන්න පුලුවන් ...මගෙත් ඔලුව ටිකක් මසාජ් කරන්නකෝ කූ..."

ටේහ්‍යුන්ග් ඇස් පියන් ඉදිද්දී ජංකුක් ටේහ්‍යුන්ගෙ හිස කෙස් අතරින් සිනිදු ඇගිලි ගමන් කරවලා ටේහ්‍යුන්ගෙ හිස පිරිමදින්න ගත්තා ...

මේ විදිහට ගත වෙලා ගිය පැයකට ආසන්න කාලයකට පස්සේ ටේහ්‍යුන්ග් ඔලුව උස්සලා බැලුවේ ඇයි මේ තරම් වෙලා දැනුන සිනිදු ස්පර්ශය තව දුරටත් නොදැනෙන්නේ කියලා .

කොහේ දැනෙන්නද ඇදේ හෙඩ් බොඩි එකට හේත්තු වෙලාම ජංකුක්ටත් නින්ද ගිහින් . ජංකුක්ගෙ නැළලේ තිබුන ඩහඩිය බිංදු දෙකතුනක් ටේහ්‍යුන්ග් අතින් පිහදාලා දැම්මා .

ජංකුක්ගේ සෞඛ්‍ය තත්වය මේ වෙනකොට ගොඩාක් හොද උනත් එයාට මොන වැඩක් කළත් ඉක්මන්ටම මහන්සි දැනෙනවා . ඉතින් දැන් පුංචි ලියාගේ වැඩත් එක්ක ජංකුක්ට මේ දවස් වල ටිකක් මහන්සි දැනෙනවා වැඩියි . ඉතින් මේ වගේ තත්වෙක ඉදගෙන ලියාගේ වයසේ අනික් ළමයි එක්ක බැලුවහම ලියා ජංකුක්ලට ඒ තරම් වදයක් නොවුන එක විශේශයෙන්ම ටේහ්‍යුන්ග්ට ලොකු සහනයක් උනා .

ජංකුක්ට පහසු විදිහට pillow එකක් ජංකුක්ගෙ බෙල්ලට පිටුපසින් තියලා ටේහ්‍යුන්ග් පහළට ගියේ බෝගම් එනවයි කියලා දාලා තිබුන msg එක නිසා .

Time skiped

"ටේහ්‍යුන්ග් උබ මොකද මේ ගැන හිතන්නේ ?"

ටේහ්‍යුන්ග් තාමත් කල්පනා කරන්නේ බෝගම් කියපු දේවල් ගැන . ජංකුක් ගැන කතා කරන්න ඕන කියපු නිසා ටේහ්‍යුන්ග් මුලදි ටිකක් බය උනත් පස්සේ බෝගම් කියපු දේවල් ගැන ටේහ්‍යුන්ග්ට තාමත් අදහා ගන්න බැරුව ඉන්නේ .

බෝගම්ට ජංකුක්ගෙ කන්ඩිශන් එකට ට්‍රීට්මන්ට කරන්න පුලුවන් ඩොක්ටර් කෙනෙක් මුණගැහුනා කියලත් එයාට ජංකුක් ගැන කිව්වහම ජංකුක්ව චෙක් කරන්න ඒ ඩොක්ටර් කැමති උනා කියලයි බෝගම් කිව්වේ . ඉතින් ඒකට ටේහ්‍යුන්ග් කැමතිද අහන්නයි බෝගම් ඇවිත් තියෙන්නේ

"ටේහ්‍යුන්ග් ... උබ කැමති නම් හෙටම උනත් වැඩේ ගැන කතා කරන්න පුලුවන් අපිට "

"බෝගම්...උබ ඔය කතා කරන්නේ මගේ හුස්ම මගේ ජංකුක් ගැන . මම මේ වගේ දේකට කවදාවත් අකමැති වෙනවද අහ් ? උත්තරේ දැනගෙනත් ඇයි උබ ඔහොම අහන්නේ ? මගේ මැණිකට හොදක් වෙනවන් ඕන දෙයක් ."

"අර කොලේජ් යන කාලේ හිටිය දඩබ්බරයා මේ වගේ සංවේදී මනුස්සයෙක් උනේ කොහොමද කියන එක මට අදටත් අභිරහසක් ටේහ්‍යුන්ග් . "

බෝගම් කිව්වේ ටේහ්‍යුන්ග් දීපු ඔරේන්ජ් ජූස් එකෙන් උගුරක් පානය කරමින් .

"හරිම කෙනා ජීවිතේට ආවහම එහෙම තමයි . උබ තාමත් තනිකඩයා නිසා උබට ඕවා තේරෙන්නෑ ..."

ටේහ්‍යුන්ග්ලගෙ කතාව එක පාරට නතර උනේ පුංචි ලියාගේ අඩන සද්දෙත් එක්ක .

"God ප්‍රින්සස් නැගිටලාද කොහෙද ?"

"ඉතිං ජංකුක් රූම් එකේ ඉන්නවනේ බන් .."

කාමරේ පැත්තට යන්න හදන ටේහ්‍යුන්ගෙන් බෝගම් ඇහුවේ .

"එයාට නින්ද ගිහින් තිබුනේ.."

වචනෙට දෙකට උත්තර දීලා ටේහ්‍යුන්ග් ඉක්මන්ටම උඩට දිව්වා . ඒත්...

මැණික...
































































මොකක්ද ඒ උනේ ඔයාලගේ guessing කියන් යන් බලන්න 👀

Continue Reading

You'll Also Like

2.4K 406 9
❝ ඉතින් ජන්කුක්, මට බෑ මගේ ජීවිතය ගැනවත් විශ්වාසයක් නැතිව ඔයාගේ ජීවිතයත් බාරගන්න.. සමාවදෙන්න ඔයාගේ සහෝදරයාට, පරවෙනවා කියලා දැන දැනත් ඉර මත්තේ නැහුනට...
56.9K 3K 40
Sting is new to the high school Fairy Tail. After his old school, Sabertooth, was taken down for mistreatment of the students. Sting, being the char...
5K 769 29
සොක්ජින් මට කලන්තේ වගේ !! ඩේසි මැනික නැගිටින්න ප්ලීස්.. ඒ කඩුව ඇත්තටම තියෙනවා. !! .. 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 ඩේසි මල් වැස්සෙහි සැඟවූ ඔහුන්ගේ ආදර...
1.1M 62K 38
It's the 2nd season of " My Heaven's Flower " The most thrilling love triangle story in which Mohammad Abdullah ( Jeon Junghoon's ) daughter Mishel...