මානස (Completed)

Por NirMad238

58.9K 11.2K 11.2K

ඔයා වෙනුවෙන් මං හැමදාමත් ඉන්නවා.... Más

Introduction
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
පසුවදන

66

411 91 83
Por NirMad238

"No! No! No!!
I don't want to go there again!
I hate them!"

දැන් විනාඩි පහලවක් විතර තිස්සෙ අයියයි මායි පාර මැද්දෙ ඉඳන් ලොකු වාදයක්!
අයියා කියන්නෙ ආයෙම ගෙදර යමු කියලා.
මං කියන්නෙ බෑ කියලා.

අයියා කියන්නෙ අම්මලව මෙහම දකින අන්තිම දවස අද වෙන්නත් පුළුවන්, ඒ නිසා එයාලගෙ හිත රිද්දන්න එපා කියලා.
මං කියන්නෙ ඒකට කමක් නෑ කියලා.

"Patiyo...
I know they are living inside their own delusional world.
But they have done a lot for you.
They gave birth to you.
They looked after you when you were a baby.
They gave you a good education.
They did everything they believed to be right.
So...
Shouldn't we give them a teeny bit of happiness?
They aren't bad people Thambaru.
It's just how they were brought up!"

අයියත් එක්ක බෑ.
එයා මේ ලෝකෙට හොඳ වැඩියි.

"I don't care.
I don't like them!!"

"But we can't go anywhere at this hour Snowdrop!
It's too risky.
We have to plan well before we move.
So...
Let's spend the night at home ok?"

"තඹරූ...
පුතා....
තරහාගන්න එපා පුතේ!!
ආයෙම ගෙදර එන්න!!!"

තාත්තත් ඒ අස්සෙ පාරට වෙලා කෑගහනවා.

"Ayye!
What do you mean?
Would they allow us to spend the night at home?"

"Why not???
They'd be over the moon to have you back again!"

"But I won't stay anywhere without you!!!"

අයියා මගේ දිහා බලලා දැම්මා හිනාවක්...
ඒක නම් පට්ටම නසරානි හිනාවක්!!!
මෙයා මේ මොකාටද එන්න හදන්නෙ?

"I know!
And I feel the same!
So why not... trick them.
That'd make everyone happy!
Keep the balcony door open and ring me once your parents are asleep.
I'll come to you ok?"

වාහ්!
මෙව්වනෙ ප්ලෑන්!
මමද මැරයා, මෙයාද මැරයා කියලා දැන් නම් සාධාරණ සැකයක් ඇති වීගෙන එන්නෙ මට!

"No!
I'll come to you.
My place isn't that good.
We have to take care of our bubbly wands and it could be a bit noisy!"

අපි දෙන්නා ලොකු රහසක් මේ කතා කරන්නෙ.
තාත්තා අපි දිහා බලාගෙන තාමත් කෑගහනවා.

"අපි එනවා uncle!!!"

අයියා මට ඇස් ගහන ගමන් මෙහේ ඉඳන් කෑගහනවා.
මේ අයියා මෙච්චර නසරානි කොල්ලෙක් කියලා මං අදමනෙ දැනගත්තෙ!

"What bubble wand Snowdrop?"

ඔන්න මෝඩ ප්‍රශ්නයක් ඇහුවනෙ මගෙ නසරානි කොළුවා!

"The wand between your legs!"

හා පැටියගෙ කන් දෙක ලාවට රතු වේගෙන ගියා.
හැබැයි එයා මට ආයෙමත් ඇහැක් ගැහුවා.
ඒ කියන්නෙ වැඩේ හරි වගේ!

"Ok!
But I'll come and pick you up.
Keep the door open Cutie...!"

තාත්තට නොතේරෙන්න මට flying kiss එකකුත් දෙන ගමන් අයියා මගේ අතිනුත් ඇදගෙන ආයෙම ගෙදර පැත්තට යන්න ගත්තා.
.
.
.
.
"Snowdrop!
Keep my laptop for today.
I have downloaded all the pdf books there.
Study well ok?"

විනාඩි දහයක් විතර තාත්තත් එක්ක කතා කර කර ඉඳලා අයියා එයාලගෙ ගෙදර යන්න ගියා.
ඉතින් හැමදාම වගේ අදත් අයියා දින්නා.
එයාට ඕන වැඩේ මට කියලා හීන් නූලෙන්ම කරගත්තා.

හැබැයි මං නම් හිටියෙ මාරම අපහසුවකින්.
මගේම ගෙදර වුනට මොකද, මෙහේ මට නුහුරුයි.
මේ ගෙදර ඉන්න මිනිස්සු දෙන්නවත් නුහුරුයි.

අම්මා නම් එවෙලෙ මං යකා වුනාට පස්සෙ තාම එලියට ආවෙම නෑ.
තාත්තා නම් මගේ වටේට හොර ගල් අහුල අහුල යනවා.
මං පුටුවක් උඩට වෙලා වාඩි වෙලා උඩ බලාගෙන ඉන්නවා.

"තඹරු,
ඇඟ හෝදගන්නවද පුතේ?
මම වතුර උණු කරන්නම්?"

ඒ තාත්තා.
ඉතින් මං ඔළුව වැනුවා.
තාත්තා වතුර උණු කලාම ඇඟ හෝදගෙනත් ආවා.
මුඩුක්කුවෙ උන් මේවා ගැන දැන නොගන්න එකමයි හොඳ.
නැත්තම් උන්ට සන්නියක්වත් හැදෙයි.
තේකක් බොන්නවත් වතුර එකක් උණු කරගන්න විදියක් නැතුව හිටපු මට, දැන් නාන්නත් වතුර උණු කරනවා!

මම එලියට එද්දි අම්මයි තාත්තයි දෙන්නම කුස්සියේ.
උයනවද කොහෙදෝ!
ඒ දෙන්නා ඉන්න තැන්වල ඉන්න එක මට අමාරුයිනෙ.
ඒ නිසා ශේප් එකේ සාලෙට ගිහින් මං වාඩි වුනා.

ඒත් මෙහෙම නිකං ඉන්න බෑනෙ.
අයියා ලැප් එකත් දීලා ගියා.
මං පාඩම් කරන්න ඕනෙ.
නැත්තම් අයියට දුක හිතෙයි.
ඉතින් මං ටීපෝ එක උඩ ලැප් එක තියාගෙන, පාඩම් කරන්න පටන් ගත්තා.

"පුතා,
රෑට කන්න මොනවද හදන්න ඕනෙ?
ඉඳිආප්පයි සම්බෝලයි කිරි මාළුයි හොඳයිද?"

ආයෙම තාත්තා.

"හ්ම්.."

මං ඉතින් කෙටියෙන් කිව්වා.
තාම මට කතා කරන්න හිතෙන්නෙම නෑනෙ මෙයාලත් එක්ක.

"ඔතන පාඩම් කරන්න අමාරුයිනෙ පුතේ.
උඩ පුතාගෙ කාමරේට යන්න.
අම්මා හැමදාම ඔක්කොම ලස්සනට අස්කරලා තියාගෙනමයි හිටියෙ."

"හ්ම්..."

මං බෑග් එකයි, ලැප් එකයි ඔක්කොම උස්සගෙන උඩට ගියා.

හැබැයි පඩිපෙල කොනේම තිබුන මගේ පුංචි කාමරේ ආයෙම දැක්කම පපුවට මොකද්දෝ වෙන්න ගත්තා.
ඇස් දෙක බොඳ වෙලා ගිහින්, ඇවිදගන්න බැරුව මං බිත්තියට හේත්තු වුනා.

මේ කාමරේ ඇතුලෙ ඉඳන් මං කොච්චර හීන මැව්වද?

පුංචි කාලෙ අයියා දීපු supermanලා එක්ක සෙල්ලම් කරපු හැටි.
අයියත් එක්ක තරහා වෙලා ඇවිත් එයාට බැන බැන හිටපු හැටි.
තව ටිකක් ලොකු වෙලා මේ මේසෙ වාඩි වෙලා අයියා කියලා දීපු විදි වලට පාඩම් කරපු හැටි.
අයියා මගෙන් ඈත් වෙලා යන්න හදපු කාලෙ හිතේ වේදනාවට ඔහේ බලාගත්ත අත බලාගෙන හිටපු හැටි.
අයියා ආයෙම මගේ ලඟට ආවම පිස්සෙක් වගේ ඇඳේ පෙරලිලා තනියම හිනා වෙවී හිටපු හැටි.
අයියා දවසක්දා මහ රෑ හොරෙක් වගේ බැල්කනියෙන් පැනගෙන ආවම එයත් එක්ක තුරුල් වෙලා නිදාගත්ත හැටි.
අයි‍යා ගියාට පස්සෙ එයත් එක්ක ෆෝන් එකේ කයිය ගහ ගහ හිටපු හැටි.
එදා අයියත් එක්ක කතා කර කර ඉද්දි අම්මා මගේ ෆෝන් එක උදුරලා ගත්තට පස්සෙ හැමදේම මහා අවුල් ජාලයක් වගේ වෙනස් වෙලා ගිය හැටි,

මේ හැමදේම එක පොදියට මහා ගං වතුරක් වගේ ගලාගෙන ඇවිත් මාව රිද්දනවා.
අයියේ...
ඇයි ඔයා මාව මෙහේ දාලා යන්න ගියේ?
ඇයි ආයෙම මං මේ හැමදේම මතක් කර කර දුක් වෙන්න ඕනෙ?
මට මෙහේ ඉන්න බෑ මගෙ අයියෙ!
මට ඕනෙ ඔයා ඉන්න තැනක ඉන්න!

"පුතා..."

තාත්තා ඇවිත් මගේ පිටට අත තියද්දි මං ගැස්සුනා.

"අඬන්න එපා පුතා!
ඒ හැමදේම වෙලා ඉවරයිනෙ.
දැන් පුතා හිතාගෙන ඉන්න විදියටම ලස්සනට වැඩ ටික කරගන්න.
මං පුතා ආසම chocolate rolls කඩෙන් අරන් ආවා.
ඒවා කකාම පාඩම් කරන්න.
කාමරේ පාඩම් කරන්න අමාරුයි නම් මං මේසෙ එලියට ඇදලා දෙන්නද?"

තාත්තා මගේ ඔළුව අතගාන ගමන් කතා කරනවා.
එයත් මං වගේම අඬනවා.

අනේ තාත්තෙ අපිට මොකද වුනේ?

තාත්තත් එක්ක කතා කරන්න,
ඉස්සර පොඩි කාලෙ වගේ දුවගෙන ගිහින් එයාගෙ කරට පනින්න,
සරමෙ හැදෙන පුංචි වලේ වාඩිවෙලා පැද්දෙන්න,
මේ හැමදෙම අතීතෙට ගිහින් ආයෙම විඳින්න එකපාරටම මට ආස හිතෙනවා.
ඒත් සිද්ද වෙච්ච දේවල් නිසා අපි අතර මහා ලොකු ආගාධයක් හැදිලා.
ඒකෙන් පැනලා ඔයාලා ලඟට ලං වෙන්න මට දැන් බෑ තාත්තෙ.
අපි ඈත් වෙලා ඉවරයි.

තාත්තා මගේ ඔළුවට එයාගෙ තොල් දෙක තද කලා.
මං ඒක නොදැනුනා වගේ කාමරේට ගිහින් ඇඳ උඩින් වාඩි වුනා.

"පුතාගෙ ඇඳුම්, පොත්, සෙල්ලම් බඩු, ඔක්කොම දේවල් ඒ විදියටම තියෙනවා පුතේ.
පුතා ආයෙම කවදාම හරි එයි කියලා අපි බලාගෙන හිටියා.
ඉතින් ඇත්තටම මගේ පුතා ආවා!"

තාත්තා අඬද්දි ඉවසගන්න අමාරුයි.
එයා කවදාවත් වැඩිය කතාබහ කරන මනුස්සයෙක්වත් නෙමෙයිනෙ.
අම්මා තමයි හැමදේටම කෑගහන්නෙ අඬන්නෙ ඔය සේරම කරන්නෙ.

"පුතේ,
පුතා අපිත් එක්ක තරහා ඇති.
ඒත් පුතේ අම්මගෙයි මගෙයි මුළු ලෝකෙම පුතා විතරයි.
පුතාව ලොකු තාත්තා ලඟට ඇරලුවෙ හැමදාම තියන්න නෙමෙයි පුතේ.
අපි ආයෙම පුතාව එක්කගෙන යන්න එන ගමන් මග ඉඳිද්දි තමයි පුතා පැනලා ගිහින් කියලා ආරංචි වුනේ.
ඊට පස්සෙ අපි දෙන්නාට පිස්සු නොහැදුන එක විතරයි පුතේ.
පුතාව හොයපු නැති තැනක් නෑ.
දේවාල ගානෙ ගියා.
පන්සල් ගානෙ ගියා.
ඉස්පිරිතාල ගානෙ ගියා.
හැමතැනකටම ගියා පුතේ!
ඒත් අපිට උඹව හොයාගන්න බැරි වුනා.

ආයෙම කවදාවත් අපිව දාලා යන්න එපා පුතේ.
උඹ නැතුව අපිට ජීවිතයක් නෑ."

තාත්තා කියන දේවල් වලට කියන්න දෙයක් මට නෑ.
එයා ඔහොම නෙමෙයි කොහොම කිව්වත් මගේ ජීවිතේ දැන් අයිති අයියට විතරයි.
ඉතින් කතා කරගත්ත විදියටම අයියයි මායි හෙට උදේම මෙහෙන් යනවා.

මං ගොළුවෙක් වගේ බලාගත්ත අත බලාගෙන ඉද්දි තාත්තා තනියම කියවලා කියවලා යන්න ගියා.
ඊට පස්සෙ තමයි මට සැනසිල්ලෙ හුස්මක් ගන්නවත් පුළුවන් කියලා දැනුනෙ.

ඉතින් මං කාමරේ පුරාවටම මගේ ඇස් අරන් ගියා.

අයියා මට මුලින්ම දුන්න superman keytag එක මේසෙ ලාච්චුවේ එල්ලි එල්ලි තිබ්බ යතුරක් එක්ක තාමත් තිබුනා.
මං ඒක ගලවලා අරන් මගේ bag එකේ zip එකේ එල්ලගත්තා.
ලාච්චුව ඇරියම ඒක අස්සෙ තිබුනෙ පරණ කොල මිටියකුයි පොතකුයි.
පොතේ පිට කවරෙ අස්සට මං අත දැම්මා.

මගේ මුද්ද!
අයියා මට දීපු ලස්සන මුද්ද!
ඒක අරන් මං මගේ චූටි ඇඟිල්ලට දාගත්තා.
ඉස්සර මට මේ මුද්ද හැලෙනවා.
ඒකට දැන්!
චූටි ඇඟිල්ලටත් හිරයි වගේ.
ඒත් ඉතින් මේක මං මාලෙකට සෙට් කරලා බෙල්ලෙ එල්ලගෙන හරි ඉන්නවා.

පොතේ පිට කවරෙ අස්සෙම තිබුනා අයියා දුන්න මාලෙත්.
Forever Together!
එහෙමයි ඒකෙ ගහලා තියෙන්නෙ.
මං ඒකත් අරන් බෙල්ලෙ දාගත්තා.
ඉස්සර වගේ නෙමෙයිනෙ.
දැන් කාගෙන්වත් හැංගිලා ජීවත් වෙන්න ඕනෙ නෑ.
අයියා මගේ, මං අයියගෙ කියලා බය නැතුව මුළු ලෝකෙටම පෙන්නන්න පුළුවන්.

ඊට පස්සෙ මං හෙමීට cupboard එක ඇරියා.
ඒ එක්කම මගේ ඇස් දෙක පියවිලා ගියා.
මේ ගෙදරට ආවට පස්සෙ පළවෙනිම වතාවට මගේ තොල් අතරෙ හිනාවක් මැවෙන්න ගත්තා.
මොකද cupboard එක ඇතුලෙ අයියගෙ සුවඳ පිරිලා තිබුනා.
එයාගෙ perfume එක.
දවසක් එයාගෙන් බලෙන්ම ඉල්ලගත්ත perfume එක cupboard එක ඇතුලෙ තාමත් පරිස්සමට තිබුනා.
ඊට ටිකක් එහායින් අයියම දුන්න superman action figure එකත් තිබුනා.

මුලින්ම මං අතට ගත්තෙ action figure එක.
ඒකෙ button එක press කලාට දැන් නම් වැඩ කරන්නෑ.
Battery බැහැලා ඇති.
මේක අරන් ගිහින් battery දාලා බලන්න ඕනෙ.

අනේ ඉතින් අයියා අයියා අයියා තමයි මේ හැමතැනකම ඉන්නෙ.
මං supermanට kiss එකක් දීගෙනම perfume බෝතලෙත් අතට ගත්තා.
ඒකෙන් ටිකක් ඇඟට ඉහගෙන ඇස් දෙක පියාගත්තා.
මාවම අත් දෙකෙන් බදාගත්තා.

අයියා!!
මගේ ලස්සන අයියා!!!
එයා හරියට මෙතන මගේ ලඟම ඉඳන් මාව තුරුල් කරගෙන ඉන්නවා වගේ මට දැනෙන්නෙ!

අයියත් එක්ක හීන ලෝකෙක පාවෙවී ටිකක් වෙලා ඉඳලා මං පාඩම් කරන්න පටන් ගත්තා.
අද දවසෙම වැඩක් කලේ නෑනෙ.
දැන් හෙටත් උදේම යන නිසා වැඩි දෙයක් කරන්න වෙන එකක් නෑ.
ඒ නිසා ලැබෙන හැම විනාඩියෙම උපරිමෙන්ම පාඩම් කරන්න ඕනෙ.

පැයකට විතර පස්සෙ තාත්තා ඇවිත් මට කන්න එන්න කියලා කතා කලා.
ඉතින් එයාගෙ පස්සෙන් පහලට ගියාම මං ආසම විදියට ඉඳි ආප්ප හදලා මේසෙට තියලා තිබුනා.
බොරු කියන්න ඕනෙ නෑ.
මං බඩ පැලෙනකල්ම කෑවා.
අයියා කෑවෙ මොනවද දන්නෑ.
හෙට ගෙනියන්නත් ඉඳි ආප්ප ටිකක්ම ඉල්ලගත්තා නම් හරි.
එතකොට අයියටත් මේවා කන්න පුළුවන්.

කෑවට පස්සෙ කන්න ice creamනුත් තිබුනා.
ඉතින් බඩට හොඳ ගනන්!
මුඩුක්කුවෙන් ආවට පස්සෙම කනවා කනවා ඉවරයක් නෑ.
වාසනාවට වගේ කොච්චර කෑවත් මං මහත් වෙන්නෙ නෑ.
නැත්තම් ඉතින් අලියෙක් වෙලා ඉඳී මේ වෙනකොට.

"පුතා..
දැන් හෙට ආයෙම යන්නද හදන්නෙ?"

ඔන්න අම්මා කතාවක් පටන් ගත්තා.
තාත්තා වගේ නෙමෙයි.
අම්මා පටන් ගන්න කතාවල් කොහෙන් කෙලවර වෙයිද මන්දා!

"හ්ම්.."

මං මගේ සුපුරුදු බකමූණු උත්තරේම දුන්නා.

"පුතාට ඒක පහසුවක් කියලා හිතෙනවා නම් කමක් නෑ.
ඒත් ආයෙමත් මෝඩ වැඩ කරන්න එපා.
පුතා දැන් ලොකු ළමයෙක්නෙ.
ඉතින් අපි හැමදේම කියන්න ඕනෙ නෑ.
ඒත් පුතාගෙයි, ධ්‍යාන් පුතාගෙ ජීවිතෙයි, දෙන්නගෙම ජීවිත විනාස වෙන විදිහෙ මෝඩ තීරණ ගන්න එපා.
අනික සේරසිංහලා මොනවම හරි කරලා තමන්ගෙ එකාව සුද්ද කරයි.
පුතාගෙ පිට හැම වැරැද්දක්ම පැටවෙයි.
ඒ නිසා මගේ පුතා කල්පනා කරලා බලලා වැඩ කරන්න පුතේ!"

මං කතා කලේ නෑ.
සද්ද නැතුව උඩ බලාගෙන නිකම් හිටියා.
ඕවට කතා කරලා නිකම් රණ්ඩු වෙන්න ඕනෙ නෑනෙ.

"අපි පුතාගෙ දෙමව්පියො.
දෙමව්පියො දරුවො වෙනුවෙන් නොකරන දෙයක් නෑ.
නොවිඳින වේදනාවක් නෑ.
ඉතින් එහෙම එකේ අපිට තවත් මෙහෙම දුක් දෙන්න එපා රත්තරං පුතේ!!!"

ඔන්න ඉතින් අම්මගෙ අඳෝනාව පටන් ගත්තා.
මට ඔය කතා ඇහෙද්දි ඇත්තටම තරහයි.
ළමයි වෙනුවෙන් නොකරන දෙයක් නැත්තම් ඇයි එදා කාටවත්ම මගේ පැත්තෙන් ප්‍රශ්න දිහා බලන්න බැරි වුනේ?

"මේ අපේ අන්තිම කාලෙ පුතේ.
තව වැඩි කාලයක් අපි ජීවත් වෙන එකක් නෑ.
එහෙම එකේ අපිට හිතේ සැනසිල්ලෙ මැරිලා යන්නවත් පුළුවන් විදියට ජීවත් වෙයං පුතේ!
මට නැතත් උඹ වෙනුවෙන් පිස්සියෙක් වගේ නැහුන අම්මට එහෙම දුකක් දෙන්න එපා.."

ඊලඟට ඊලඟ එක්කෙනා.
ඒ දෙන්නා නම් ඇත්තටම පට්ට loving couple එකක්.
ඒ දෙන්නට දෙන්නා තරම් යහපත්, සත්ගුණවත් උදවිය තුන් ලෝකෙම නෑ.
හැබැයි ඉතින් මං ඒකට කිසිම වැරැද්දක් කියන්නෙත් නෑ.
පට්ටම කාලකණ්ණියෙක් වෙච්ච මාවත් අයියට පේන්නෙ ලෝකෙ ඉන්න හොඳම එකා විදියටනෙ.
එහෙම එකේ මේ ඩබල සෑහෙන්නම සාධාරණයි.
ආදරේ අන්ධයි කියලා ඉස්සරම හිටපු ඍෂිවරුද මොක්කුද මන්දා කියලා තියෙන්නෙ කට කහනවට නෙමෙයි කියලත් මට නම් දැන් හොඳටම විශ්වාසයි.

"මං ඔයාලට කිසිම විදිහකින් ලැජ්ජාවක් වෙන දෙයක් කරන්නෑ.
Exam ඉවර වෙලා මං අයියත් එක්කම uk යනවා.
එතකොට ප්‍රශ්නයක් නෑනෙ.
අහන මිනිස්සුන්ට පුතා uk ගිහින් ඉගෙන ගන්නවා කියන්න.
අනික මං වැටෙන්න ඕනෙ උපරිමේටම වැටිච්ච මිනිහෙක්.
ආයෙම මට වැටෙන්න තැනක් නෑ.
ඒ නිසාම මං කොහොම හරි ජීවිතේ ඉස්සරහටම යනවා.
ඒ ගැන බය වෙන්න එපා.

මට දැන් පාඩම් කරන්න තියෙනවා.
ඒ නිසා මං උඩට යනවා.
මේ........
පුළුවන් නම් මේ ඉඳි ආප්ප වලින්ම ටිකක් හෙට ගෙනියන්නත් බැඳලා දෙන්න!"

අම්මටයි තාත්තටයි නෙමෙයි ගෙයි සාලෙ බඩු මුට්ටු වලට කතා කරගෙන මං දනි පනි ගාලා උඩට ගියා.

දැන් ඉක්මනට paper එකක් කරන්න ඕනෙ.
අයියව හම්බෙන්න කලින් එකක් හරි කරලා තිබුනොත් එයාට සතුටු හිතෙයිනෙ.

හැබැයි papers එකක් නෙමේ දෙකක්ම කරලත් අම්මලා නිදාගන්න ගියේ නෑ.
දෙන්නත් එක්ක මාරුවෙන් මාරුවට තේ ගේනවා.
Sandwiches ගේනවා.
කෝපි ගේනවා.
කේක් ගේනවා.
අන්තිමේ මහ රෑ ජාමෙ කියලා නෑ වඩේත් හදාගෙන ආවා.

හපොයි!!!

මං ඉතින් ඒ පාර බොරුවට නිදාගත්තා.
එතකොටවත් මේ ඩබල ගිහින් නිදාගනියිද බලන්න.
මොන නිදිද!!!
ඒ පාර දෙන්නත් එක්ක මගේ ඇඳ උඩින් වාඩි වෙලා මගේ දිහා අනිමිස ලෝචන පූජාව කරන්න වගේ බලාගෙන ඉන්නවා.

අනේ ඉතින් මගෙ මෝඩ අයියගෙ මෝඩ මොලේ ඇලේ දාලා හෝදලා ගන්න හිතෙන්නෙ මේ වෙලාවට තමයි.
කිව්වෙ නම් කොහොමද!
රෑට අපි meet වෙමු.
මට ඔයා නැතුව නින්ද යන්නෙත් නෑ.
ඔයා නැතුව ඉන්න බෑ.
ඒ වුනාට එක call එකක් msg එකක් නෑ නරි පැටියාගෙන්.
හොඳට ගොරව ගොරව නිදි ඇති දැන් පුස් ඌරු තඩියා මොකාද වගේ!
නපුරා!!!

අන්තිමේදි බලන් ඉඳලා ඉඳලම මටත් නින්ද ගියාද කොහෙද.
Phone එක කන ලඟම හෝ ගාලා vibrate වෙද්දි තමයි මට ගැස්සිලා ඇහැරුනේ.
බලද්දි අයියා.
හය වෙද්දි ලෑස්ති වෙලා ඉන්න කියලා එයා කට් කලා.
මාත් හා කිව්වා.
නැගිට්ට ගමන්ම රණ්ඩු වෙන්න හොඳ නෑනෙ.
දැන් යද්දි තමයි අල්ලගන්න ඕනෙ.
නපුරු හාවා!!!
බූල් ටික සේරම ගලවලා දානවා මං කිරිසුදු හාවගෙ.
ඊට පස්සෙ හාවා රෝසම රෝස පාට වුනාම කොනකින් පටන් අරන් කාගෙන කාගෙන යනවා.

අයියට දෙන punishment එක ගැන හිත හිතම මං වෙලාව බැලුවා.
බලද්දි තාම පහයි.
හයටනෙ යනවා කිව්වෙ.
එතකොට පහයි හතලිස්පහට නැගිට්ටා නම් හොඳටම ඇති.
මං ආයෙම රෙද්දත් පෙරවගෙන සැපසේ නිදාගත්තා.
මෙහෙම මේ චූටියට නිදාගන්න ලැබෙන වෙලාවල් තමයි සැප වැඩිම!

"පුතා...
පුතා...."

"ආ...හ්!"

"ධ්‍යාන් පුතා ඇවිත් දැන් හුඟක් වෙලා බලාගෙන ඉන්නවා.
පුතා යන්න කැමති නැද්ද?
එහෙනම් ගෙදර ඉන්න!"

හුටා!

"වෙලාව කීයද තාත්තෙ?"

"දැන් හය හමාරයි!
මං ධ්‍යාන් පුතාට යන්න කියන්නද?"

"නෑ.. නෑ..
මං මේ ලෑස්ති වෙලා ඉන්නෙ.
ලෑස්ති වෙලා ඉවර වෙලා තමයි පොඩ්ඩක් ඇඳට නැග්ගෙ.
අයියේ!!!!
මං එනවෝ..!!!!
ඇයි මට ආවා කියලා කෝල් එකක්වත් දුන්නෙ නැත්තේ...!!!"

මං අහුවෙච්ච ලට්ට පට්ට සේරම ටික බෑග් එක අස්සට ඔබාගෙන ඇස් දෙකේ කබ කඩන ගමන් මං පහලට දිව්වා.
අයියා මගේ දිහා බැලුවා බැලිල්ලක්...
මං ටක් ගාලා මගේ කට වහගත්තා.

"Have your breakfast and come.
My friend is waiting outside!"

එච්චරක් විතරක්ම කියලා අයියා එලියට බැස්සා.
මල කෙලියයි ජූලි හතයි!
යකා ආවේශ වෙලා වගේ..
ඉතින් මං රෑ වෙනකල්ම පාඩම් කලානෙ.
ඒකනෙ ඇහැරෙන්න පරක්කු වුනේ.
අනික ඉතින් පැය බාගයක් කියන්නෙ මහ වෙලාවක් නෙමෙයිනෙ.
ඕකට ඔච්චර ඔරවන්න ඕනෙයැ!

"අම්මේ...
තාත්තේ...
මං යනෝ..."

මාත් ඒ පස්සෙන්ම කෑගහගෙන දුවන්න හැදුවෙ.

"මේ කෑම ටික කාලා යන්න ළමයො.
උදේ පාන්දර හිස් බඩ යන්න එපා..."

ඔන්න ඉතින් අම්මා පස්සෙන් පන්නගෙන එනවා.

"බෑ බෑ!
පරක්කු වෙලා.
අයියා මාව දාලා යයි.
ඔය දෙන්නත් නිකමට මාව ඇහැරෙව්වෙ නෑනෙ.
ඕක එහෙනම් පෙට්ටියකට දාලා දෙන්න.
මං යන ගමන් කන්නම්!"

අම්මටත් කෑගහගෙන මං එලියට දිව්වා.

"Unlce, එහෙනම් අපි ගිහින් එන්නම්.
Teacherටත් කියන්න."

අයියා තාත්තත් එක්ක නම් හරිම සුහද කතා බහක්.
මට තමයි ඔරවන්නෙ.
නපුරා!!!

අයියගෙ පස්සෙන් මාත් ගිහින් car එකට නගින්න හැදුවෙ.

"Buddhist children worship their parents.
Specially before they start doing something important.
Don't they Snowdrop?
Whatever their beliefs are, we need their blessings.
So...
Shouldn't you have a proper farewell?
As I said this might be the last time we see them."

අයියගෙ වචනත් එක්කම මගේ උගුරෙ ගුලියක් වගේ එකක් හිර වුනා.

තරහා වෙලා හිටියා තමයි.
ආයෙම කවදාවත් මූණ බලන්නෑ කියලා හිතාගෙනත් හිටියා තමයි.
ඒත් ඒ මගේ අම්මයි තාත්තයිනෙ.

ඊයෙ රෑ මං වෙනුවෙන් එයාලා මහන්සි වුන හැටි.
ඉස්සර ලෙඩ වුනාම මං ගැන බලපු හැටි.
මට ඉල්ලන ඉල්ලන ලස්සන ලස්සන තෑගි ගෙනත් දීපු හැටි.
මං යන්න ආසයි ආසයි කියන තැන්වල එක්කගෙන ගියපු හැටි.
රෑට හීනෙන් බය වුනාම තුරුල් කරගෙන නිදාගත්ත හැටි.
මේ හැමදේම එක සැරේටම මහ විසාල සුනාමි රැල්ලක් වගේ ඇවිත් මාව වහගත්තා.

ඇස් දෙකෙන් කඳුළු බේරෙද්දි මං ආයෙම කාරෙකෙන් බැස්සා.
අම්මා ඒ එක්කම මහා තඩි මල්ලකුත් උස්සගෙන දුවගෙන ආවා.

"ආ..
මේ ඔක්කොම කෑම ජාති.
හොඳට කාලා බීලා හොඳින් ඉන්න තරූ..
බඩගින්නෙ ඉන්න එපා!!"

අම්මා කියද්දි මං එහෙම්මම එයාව බදාගත්තා.
තාත්තාත් ඒ එක්කම අපි ලඟට ඇවිත් අපි දෙන්නවම තුරුල් කරගත්තා.
අපි තුන් දෙනාම ඇඬුවා.
ඉකි ගහ ගහ ඇඬුවා.

"මං ගිහින් එන්නම් අම්මේ!
තාත්තෙ,
මං ගැන බය වෙන්න එපා.
මං ආයෙම වැටෙන්නෙ නෑ.
මං ආයෙත් ගෙදර එනවා.
එදාට ඔයාලට ගොඩාක් සතුටු වෙන්න පුළුවන් පුතෙක් විදියට එන්නම්.
සැරින් සැරේ ඔයාලට කතා කරන්නම්.
ඔයා දෙන්නා සතුටින් ඉන්න.
වෙච්ච හැමදේම අමතක කරලා හිනා වෙලා ඉන්න.
මං අනිවාර්යයෙන්ම ඔයාලව බලන්න ආයෙත් එනවා!"

අම්මටයි තාත්තටයි දෙන්නටම වැඳලා දූවගෙන ඇවිත් මං කාරෙකට නැගලා අයියට තුරුල් වුනා.
තව වෙලා හිටියොත් ඒ දෙන්නට දරාගන්න බැරි වෙනවා.
ඇත්තටම මටත් දරාගන්න බැරි වෙනවා.
මේ දැනුත් පිස්සෙක් වගේ මං අඬනවා.

අයියා මාව තුරුල් කරගත්තා.
එයාගෙ උරහිසට මගේ ඔළුව තද කරගත්තා.

"Sleep a little patiyo...

'Cause all of me
Loves all of you
Love your curves and all your edges
All your perfect imperfections
Give your all to me
I'll give my all to you
You're my end and my beginnin'
Even when I lose, I'm winnin'

'Cause I give you all of me
And you give me all of you, oh-oh

How many times do I have to tell you?
Even when you're crying, you're beautiful too
The world is beating you down, I'm around
Through every mood
You're my downfall, you're my muse
My worst distraction, my rhythm and blues
I can't stop singing, it's ringing
In my head for you"

අයියා මගේ ඔළුවට එයාගෙ ඔළුව හේත්තු කරගෙන හරිම ලස්සනට සින්දුවක් කියනවා.

All of me.....
Love all of you.....
All your perfect imperfections...
All your curves and your edges....

ඒක කොයි තරම් නම් ඇත්තද?
මිනිස්සුන්ගෙ ලස්සන කාල, එයාලගෙ හොඳ ගතිගුණ,
ඒවට ආදරේ නොකරන්නෙ කවුද?
ඒවට හැමෝම ආදරෙයි.
ඒත් ඇත්තම ආදරේ කියන්නෙ නරකම නපුරුම දේවල් පවා වැලඳගන්න එක නේද?
හරියට අයියා මාව වැලඳගත්තා වගේ.
අයියගෙ ආදරෙන් කාලකණ්ණි නරුමයෙක් වෙලා හිටපු මාව සම්පූර්ණයෙන්ම වෙනස් ලස්සන මනුස්සයෙක් කලා වගේ.

ඉතින් ඒ වගේම මගේ අම්මටයි තාත්තටයිත් මං සමාව දෙන්න ඕනෙ.
ඒ දෙන්නගෙත් අවලස්සන හැඩතල වලට වෛර නොකර ආදරේ කරන්න මං ඉගෙන ගන්න ඕනෙ.

"Ayye..."

"Mmm...."

"Thank you ayye!
Thank you for everything.
I think I know.
I know what you wanted me to learn.
And I feel so relieved now.
All this time I was carrying some invisible unbearable weight with me.
Now all that is gone.
I feel so free!
You are really my angel ayye.
Without you I'm a complete loss.
Thanks again and again and again.
I love you so...... much!"

අයියට තවත් ටිකක් තුරුල් වෙලා එයාගෙ අතට මගේ තොල්දෙක තද කරන ගමන්ම මං ඇස්දෙක පියාගත්තා.

"I love you a lot too..."

අයියගෙ තොල් දෙක මගේ ඔළුව පුරාම එහේ මෙහේ යද්දි මගේ තොල් වලට ඉබේම හිනාවක් මතු වුනා.

මේ දිව්‍ය ලෝකෙ ඉඳලා ආපු හීන කුමාරයා මගේ ලඟ ඉදිද්දි හැමදේම ලස්සනයි.
හැමදේම perfect!
ඉතින් මගේ perfect angel,
මේ imperfect මනුස්සයත් ඔයාට පණ යනකල්ම ආදරෙයි!

.......................................................................................................

කතාව කියවන ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Seguir leyendo

También te gustarán

6.3K 865 17
"මට ඔයාගෙ තත්ත්වය තේරෙනවා මිස්ටර් ශියාඕ ,මට පුලුවන් ඔයාට ඔයාගෙ කම්පැනිය කඩාවැටෙන එකෙන් නවත්තන්න" යිබෝ සීරියස් කටහඩකින් කිව්වා. "මිස්ටර් යිබෝ මම දන්නව...
8.5K 1.2K 40
ජීවිතේ කියන දේ හරි පුදුමාකාරයි... අපි හිතන දේවල් ඒ විදිහටම සිද්ධ වෙන්නෙ නෑ... දවසක් සතුටින් හිටියොත් දවස් ගානක් අඩන්න වෙනවා...සතුට සැනසීම නැති වෙන්න...
20.1K 1.8K 19
အန်တီက မောင့်ရဲ့ထာဝရကြင်နာသူပါ။ အန္တီက ေမာင့္ရဲ႕ထာဝရၾကင္နာသူပါ။
36.7K 6.7K 61
ඉහින මල් පැණි තටු අගිස්සෙන්!!!