ආධිල් : ඒ කියන්නෙ උඹ එන්න කලින් ඩිවෝස් එකත් නිම්න අයියා ෆයිල් කළාද ?
තුහින : මං තමයි රුවීශා අක්කට ගිහින් දුන්නෙ . එයාට කිසි ගානක් නෑ බං මං හිතන්නෙ....
ආධිල් : එතකොට අර පොඩි එකී...
තුහින : අයියා නම් කියන්නෙ කෙල්ලගෙ මූණ දැක්කම සේරම අමතක වෙනවලු . අනික එයාට පුළුවන් ලු යෙනුව බලා ගන්න . අපි ඉන්න නිසා බයක් නැහැලු.
ආධිල් : එක අතකට රුවීශා අක්කා කෙල්ලට මතක ඇති කාලෙක අයින් නොවී දැන්ම අයින් වෙන එකත් හොදයි බං.
තුහින : මාත් කිව්වා ඒක අපේ අයියාට . කල් යන්න යන්න රුවීශා ගෙ හිත වෙනස් වෙයි කියල හිතලලු දැන්ම ඩිවෝස් එක ෆයිල් කළේ . අනික අයියගෙත් හිත ආපහු උණුවෙයි කියලා අයියට බයයි ලු .
ආධිල් : ම්ම්.... උඹමනෙ එදා කිව්වෙ හැමදේම හරි යන දවසක් එන්නෙ නෑ ! අපි හැමදේටම හුරුවෙද්දි හැමදේම ඉබේම හරි යනවා කියලා .
තුහින : ඉතින් ?
ආධිල් : ඉතින්... නිම්න අයියත් හැමදේටම හුරුවෙයි බං. උඹ ඕවා වැඩිය නොහිතා ඉගෙන ගන්න වැඩ හරියට කර ගනින්.
තුහින : හ්ම්.... අම්මත් කිව්වා .
ආධිල් : නිම්න අයියට උබ විතරක් නෙවෙයි මං ඉන්නවා , ශෙවෝන් ඉන්නවා , අන්කලුයි ආන්ටීත් ඉන්නවනෙ තුහින . මේවා ඉක්මනින් විසදේවි.
තුහින : ම්ම්... එහෙම හිතමු බං.
ආධිල් ඉදියෙ කැම්පස් එකේ තිබ්බ ලොකු ගස් පේළිය යටට වෙලා තුහිනත් එක්ක කතා කරන ගමන් . ඊයෙ ඉරිදා රෑ තුහින කොළඹ ආවා . මේ මාසෙත් ගෙවිලා ඉවර නිසා තුහින ආපහු තව සති දෙකක්වත් යනකන් නුවර යන්නෙ නැහැයි කියලා තමයි ආධිල්ට කිව්වෙ . ඔව් ඉතින් පාඩම් කරන්න තියෙන දවස් දෙකත් ගමේ යන්න ගියාම කොහොමද අනිත් වැඩ කර ගන්නෙ . නඩුවත් විසි දෙවෙනිදා නිසා ඊට කලින් දවසෙම ආපහු තුහින ගමේ යනවයි කියලා හිතා ගත්තා . ලෙක්චර්ස් කට් කර ගෙනත් බෑ . මොකද එන්න එන්නම උගන්නන දේවල් හරි අමාරු වෙනවා ඇර ලේසි වෙන්නෙ නෑනෙ . අනික ප්‍රොජෙක්ට් එසයිමන්ට්ස් ගොඩයි . අදත් එසයිමන්ට් එකක් දුන්නා සතියකින් දෙන්න කියලා .
ආධිල් : ම්ම්... මං යනවා බං එහෙනම් . උබ යනවද අද වර්-
තුහින : නෑ බං. අද බෑ වගේ . දැන් ගිහින් මොනා හරි කන්න හදලා හොදට නාගන්න ඕන. ඊයෙ එද්දි රෑ වුණ නිසා පොඩි නිදිමතකුත් තියෙනවා බං . ඇගටත් ටිකක් හරිනෑ වගේ...
ආධිල් : උඹට මහන්සි ඇති . පෙබරවාරි නිසා රස්නෙත් වැඩීනෙ කෝමත් . මේ මං උඹට මොනා හරි හදලා ගෙනත් දෙන්නම්...
තුහින : උඹට වදයක් නේද-
ආධිල් : අනේ පලයම් යකෝ... උඹ ගෙදර පලයන්කො . මං හත හතාමාර විතර වෙද්දි එන්නම් . උඹ වොශ් දාගෙන ටිකක් රෙස්ට් කරපන් ඒනම්.
තුහින : ම්ම්.... මං යන්නම් එහෙනම් .
ආධිල් : හරි බං . මාත් යනවා එහෙනම් .
තුහින ගියාම තමනුත් ගෙදර ගියපු ආධිල් කන්න දෙයකුත් හදාගෙන වොශ් දාගෙන කරගෙන ආපහු තුහිනලගෙ ගෙදර එද්දි හතහමාරට කිට්ටු කරලා තිබ්බා . ගෙනාපු කෑම එකත් සාලෙ ස්ටූල් එක උඩින් තියපු ආධිල් තුහිනගෙ රූම් එකට එඹුණෙ තුහින පේන්න ඉදපු නැති නිසා . ඒ එද්දි තුහින හොද නින්දක ඉදියෙ .
ආධිල් : ඕයි.... තුහිනයා.... මේ
ආධිල් තුහිනගෙ නළලට තට්ටුවක් දාලා කියන කොට තුහින යාන්තන් ඇස් ඇරලා බැලුවා කවුද කියලා .
තුහින : අහ්... උ~උඹ ආවත් එක්කද ? නින්ද ගියා ආධිල් . යමන් ඉස්සරහට !
දඩි බිඩි ගාලා නැගිටපු තුහින කොණ්ඩෙත් හදා ගෙන ආධිලුත් එක්කම ඉස්සරහාට ඇවිල්ලා ඉද ගත්තා .
ආධිල් : මහ දෙයක් නෑ බං. බතුයි තව හොදි දෙක තුනකුයි ඇත්තෙ .
තුහින : ආ ඒක කමක් නෑ ආධිල් . උඹ එහෙම හරි මේ වෙලාවෙ මට උදව්වක් කළානෙ බං . ඒක නෙවෙයි....
ආධිල් : ඕ මොකද්ද ?
තුහින : මං මේ චැනල් එකේ කමෙන්ට්ස් බල බලා ඉද්දි තමයි දන්නෙම නැතුව නින්ද ගිහින් තිබ්බෙ . හිතුවට වහා හොදයි නේ ?
ආධිල් : අහ්... ඒක තමයි . උඹේනෙ ඉතින් අදහස . ඉතින් ක්‍රෙඩිට් එක යන්නෝනත් උඹට .
තුහින : නෑ... ඒ උඹේ දක්ෂකම !
ආධිල් : හ්ම්... අපේ නංගි කෝල් කළා හවස .
තුහින : ශනෙලි ?
ආධිල් : ම්ම්... ඔව් . එයා කිව්වා අම්මට අසනීපයි කියලා .
තුහින : අසනීපයි කිව්වෙ ?
ආධිල් : දන්නෑ බං... කලන්තයක් ඇල්ලුවාලු එක පාරටම .
තුහින : පෙශර් වගේද ?
ආධිල් : ඒක නම් දන්නෑ බං . ලෝ ශුගර් කියල තමයි කිව්වෙ . දැන් නම් අවුලක් නෑ කිව්වා . ඒත් මං කිව්වෙ හෙට උදේම ඉස්පිරිතාලෙට්ස් ගිහින් චෙක් කර ගන්න කියලා. ඒක කෝකටත් හොදයි නෙ බං.
තුහින : ම්ම්... ඒක හොදයි . මොකද බං ලෙඩ හැදුනම ඒවා පරක්කු කරන්න හොදනෑ .
ආධිල් : ම්ම්... ශනෙලි බැනලා හරි එක්කන් යයි . ඒක නෙවෙයි . මං ගිය ටිකේම ශෙවෝන්ව දැක්කෙ නෑ .
තුහින : ආ... ඌ කොළඹ නෑ මේ ටිකේ මං හිතන්නෙ . මාතලේ යන කතාවක් කිව්වා .
ආධිල් : අහ්... ගෙදරද ?
තුහින : ම්ම්... ඔව් . මිනිහා මොකක් හරි ප්‍රශ්නෙක ඉන්නවා වගේ මට පේන්නේ .
ආධිල් : ඇයි උඹ එහෙම කියන්නෙ ?
තුහින : නෑ.... ඌ නිකං හිර වෙලා වගේ . කෝල එකක් ගත්තත් හලෝ කිව්ව ගමන් තියනවා . නැත්නං මං කියවද්දි ඌ වෙන කල්පනාවක ඉන්නවා වගේ . එහෙමත් නැත්නම් ඌ නිදි වෙන්නෝන .
ආධිල් : උඹ කියන්නෙ ශෙවෝන්ට ගෙදර ප්‍රශ්නයක් කියලද ?
තුහින : එහෙම වෙන්නත් බෑ නේද ආධිල් . එහෙනම් ඌ නිකමට හරි මට කියනවනෙ . සාමාන්‍යයෙන් ඌ හැම එකම වගේ කියනවා .
ආධිල් : අපි බලමුකො බං . ශෙවෝන් කියයි උඹට එහෙනම් .උඹ වැඩිය නොහිතා ඉන්න බලපන් . අනේ බං මේ.... මට පරක්කු වෙනවා . මං යන්නම් එහෙනම්....
තුහින : හරි බං පරිස්සමින් පලයන්.
ආධිල්ට සමු දුන්න තුහින බලං ඉදියෙ ආධිල් යන දිහා . ආධිල් ගියාට පස්සෙ ටික වෙලාවක් ටීවි එකේ එල්ලිලා ඉදපු තුහින කෑම එකත් කාලා නිදා ගන්න ගියේ එදා දවසත් නිකංම ගෙවිලා යනකොට .
තුහින's pov.
මිනිස්සු හැමෝම ගෙවන්නෙ මහ අමුත් විදියෙ ජීවිත . මොකද හැමෝම සල්ලි පස්සෙ දුවනවා . ඒක අතකට ඒක වැරදී කියන්නත් බෑ අපිට . මොකද සල්ලි තියෙනවනම් අපිට ගොඩක් දුරට සතුටින් ඉන්න පුළුවන් . මං කිව්වෙ ගොඩක් දුරට කියලා . ඉතුරු ටික සම්පූර්ණ වෙන්නෙ අපේ හිත් එක්ක . අපි හොයන ආදරේත් එක්ක . අපි හොයන නිදහසත් එක්ක . අපි හොයන අපි කැමති කෙනාගෙ වචන එක්ක . ඇත්ත සල්ලි වලට ගන්න බැරි එකම දේ ආදරේ විතරයි . මොකද අනිත් හැමදේම සල්ලි වලට ගන්න පුළුවන් .
හැබැයි සමහර වෙලාවට සල්ලි ඉස්සරහා ආදරෙත් පාවලා දෙන මිනිස්සු ඉන්නවා කියලයි මට හිතෙන්නෙ . අපේ අයියාත් ඒ වැරැද්දමයි කළේ . තමන්ට පණ දෙන්න ඉදපු ආල්‍යා නංගිව අතෑරලා සල්ලි පස්සෙ දිව්වා . දැන් දුක් විදිනවා . එක අතකට මිනිස් හිත් සල්ලි ඉස්සරහා හරි ලෝබ ඇති . ඒ නිසානෙ අපේ අයියා උණත් එහෙම කරන්න ඇත්තෙ .
හැබැයි මං නම් ඒක වෙන්න දෙන්නෙ නෑ . කවදම හරි මං ආධිල්ට කිව්වොත් " ආධිල් මං උඹට ආදරෙයි " කියලා , මං මොන දේ කරලා හරි ඒ ආදරේ රැක ගන්න මහන්සි වෙනවා .
"ඇත්තම ආදරේට කවදාවත් කොයින්ද කල් ඉකුත් වීමේ දින !තියෙන්න පුළුවන් නිශ්පාදිත දින විතරමයි..."
මිනිස්සුන්ට ඇයි ඒක තේරුම් ගන්න බැරි . ඒක මට හරි ප්‍රශ්නයක් . කවද හරිම මට ඒකට උත්තරයක් ලැබුණොත් මං පිළිගන්නවා ආදරේ මහ විකාරයක් කියලා .
ශෙවෝන් ඉදියෙ මාතලේ තමන්ගෙ ගෙදර කාමරේට වෙලා ඇද උඩ පෙරළිලා . එළියෙ වහින වැස්සත් එක්ක හීනියට ආපු සීතලක් තිබ්බත් ශෙවෝන්ගෙ රූම් එකේ ඒසී එකේ සද්දෙ නැවතුණේ නැත්තෙ ශෙවෝන් ඉදියෙ වෙන කල්පනාවක නිසා. දැන් දවස් දෙක තුනකට කලින් ආවත් ශෙවෝන් ගෙදරින් එළියට නොගියපු තරම් . රූම් එකට වෙලා වැඩ ගොඩක් අස්සෙ හිර වෙලා ඉදියා මිසක් එළියට බහින්නවත් වෙලාවක් තිබ්බෙ නෑ . මොකද තමන් කොළඹ නැති නිසා සේරම හැන්ඩ්ල් කරන්න වෙලා තිබ්බෙ ෆෝන් එකෙනුයි ලැප් එකෙනුයි .
ශෙවෝන් 's pov
එළියට නොගියත් දවසෙ වැඩ ටික මැනේජ් කරලා ඉවර වෙද්දි හරි මහන්සී . ඇගට වගේම හිතටත් . වැඩ ටික ඉවර වෙලා මං ඇවිල්ලා බලං ඉදියෙ කාමරේ සිවිලිම දිහා . බැල්කනි එකට ගිහින් නිදහසේ ඉන්න පුළුවන් තත්වෙකුත් නෑ වැස්ස නිසා . පහළට ගියත් ටීවි එක නිසා නිදහස බිදෙනවා වගේ මට දැනුනෙ . වැස්ස නිසාවත් හොදට නින්ද යයිනෙ කියලා ඇදට ආවම නින්ද යනවා තියා මෙලව නිදි මතක්වත් නෑ . ඉතින් මං බකන්නිලං ඉන්නවා ඇර වෙන මොනවා කරන්නද ....
කීයට හරි නින්ද යන්නෙ නැතෑ කියලා හිතපු ශෙවෝන් ඔහේ බලං ඉදියෙ හිස් හැගීමක් එක්ක .
________________________________
ඔන්න ආවා . දෙන්න පරක්කු උණා හලෝ පොඩි කරදරයක් වෙලා .
සෝ අද මං රෑට පුළුවං උනොත් තා එකක් දෙන්ට ඉන්නෙ... නැත්නම් හෙට තමයි මිත්‍රවරුණි. 😪
ඒනම් අපි යනෝ. 🤍..