⏳⏳ 𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒�...

Od Rukshikakalhari

128K 28.6K 27.3K

හීන ........ හැමෝගෙම හිත්වල හීන තියෙනවා .... ඒත් විවිධාකාරයි.... සමහර හීන අහසට පොළොව වගේ...... ඒත් කොතනකදි... Více

පළවෙනි හීනය.....🪷
02.. දෙවැනි හීනය... 🪷
04.. හතරවෙනි හීනය... 🪷
05.. පස්වෙනි හීනය.. 🪷
03... තුන්වෙනි හීනය...🪷
06.. හයවෙනි හීනය...🪷
07... හත්වෙනි හීනය....🪷
08.. අටවෙනි හීනය.... 🪷
09... නවවෙනි හීනය... 🪷
10.. දසවෙනි හීනය...🪷
11... එකොළොස් වෙනි හීනය... .🪷
12... දොළොස් වෙනි හීනය......🪷
13... දහතුන්වෙනි හීනය.... 🪷
14... දාහතරවෙනි හීනය... 🪷
15.. පහලොස්වෙනි හීනය.....🪷
16... දාසයවෙනි හීනය ..🪷
17... දාහත්වෙනි හීනය......🪷
18.. දහ අටවෙනි හීනය... 🪷
19... ,දහ නවවෙනි හීනය... 🪷
20... විසිවෙනි හීනය....🪷
21...විසි එක්වෙනි හීනය ....🪷
22... විසි දෙවැනි හීනය... 🪷
23... විසි තුන්වෙනි හීනය....🪷
24... විසි හතරවෙනි හීනය.... 🪷
25... විසි පස්වෙනි හීනය ..🪷
26... විසි හයවෙනි හීනය...🪷
27... විසි හත්වෙනි හීනය...🪷
28... විසි අටවෙනි හීනය .....🪷
29.. විසි නවවෙනි හීනය.....🪷
30.. තිස්වෙනි හීනය....🪷
31...තිස් එක්වෙනි හීනය ....🪷
32.. තිස් දෙවැනි හීනය.... 🪷
33.... තිස් තුන්වෙනි හීනය....🪷
34... තිස් හතරවෙනි හීනය....🪷
35.. තිස් පස්වෙනි හීනය....🪷
36... තිස් හයවෙනි හීනය......🪷
37.. තිස් හත්වෙනි හීනය...🪷
38.... තිස් අටවෙනි හීනය.....🪷
39... තිස් නවවෙනි හීනය..🪷
40.. හතලිස් වෙනි හීනය....🪷
41.. හතලිස් එක්වෙනි හීනය ....🪷
42.... හතලිස් දෙවැනි හීනය.....🪷
43... හතලිස් තුන්වැනි හීනය.... 🪷
44... හතලිස් හතරවෙනි හීනය......🪷
45... හතලිස් පස්වෙනි හීනය...🪷
46..... හතලිස් හයවෙනි හීනය.....🪷
47... හතලිස් හත්වෙනි හීනය .... 🪷
48... හතලිස් අටවෙනි හීනය.....🪷
49... හතලිස් නවවෙනි හීනය.... 🪷
51... පනස් එක්වෙනි හීනය ...🪷
52... පනස් දෙවැනි හීනය.....🪷
53... පනස් තුන්වෙනි හීනය .... 🪷
54.... පනස් හතරවෙනි හීනය.....🪷
55..... පනස් පස්වෙනි හීනය......🪷
56.. පනස් හයවෙනි හීනය ... 🪷
57..... පනස් හත්වෙනි හීනය.....🪷
58... පනස් අටවෙනි හීනය...... 🪷
59... පනස් නවවෙනි හීනය.....🪷
60...හැට වෙනි හීනය .......🪷
61... හැට එක්වෙනි හීනය ......🪷
62.. හැට දෙවැනි හීනය.......🪷
63.... හැට තුන්වෙනි හීනය......🪷
64..... හැට හතරවෙනි හීනය..... 🪷
64.... හැට හතරවෙනි හීනය.......🪷
65.... හැට පස්වෙනි හීනය..... 🪷
66.. හැට හයවෙනි හීනය .......🪷
67... හැට හත්වෙනි හීනය.... 🪷
68... හැට අටවෙනි හීනය.....🪷
69.. හැට නවවෙනි හීනය...🪷
70.... හැත්තෑ වෙනි දිගහැරුම....... 🪷
71.. හැත්තෑ එක්වෙනි හීනය ...🪷
72.... හැත්තෑ දෙවැනි හීනය......🪷
73.... හැත්තෑ තුන්වෙනි හීනය...🪷
74...හැත්තෑ හතරවෙනි හීනය ....🪷
75... අවසන් හීනය........🪷

50.... පනස් වෙනි හීනය..... 🪷

1.3K 352 394
Od Rukshikakalhari

⌛️⌛️𝕊𝕙𝕒𝕕𝕠𝕨𝕖𝕕 𝔻𝕣𝕖𝕒𝕞 ⌛️⌛️............

.
.
.
.
.
.

" සුදූ ...... අම්මා එනවා එලියට මං තියන්නද......"

" එහෙනම් රූම් එකට ගිහින් වීඩියෝ කෝල් එකක් අරගෙන මාව නිදිකරන්න බබා......."

", කෝලං අනේ........අලි බබ්බු නිදිකරන්නත් වෙලානේ මට..........හරි හරි මං කාලා බීලා ඇදට ගිහින් ගන්නම්.......ඔයා තාම හොටෙල් එකේනේ......"

මෙනිත් ඇමතුම අවසන් කලේ ඔහු වාඩිවී සිටින සියඹලා ගහ යට බංකුව අසලට ශාරදා එන අයුරු දුටු නිසාවෙනි ....

" කවුද ලොකූ කතාකලේ......."

ශාරදා අමුතු සිනහවක් සමඟින් එලෙසින් අසමින් මෙනිත් අසලින් වාඩිවුනේය .... නිලන්තගේ තත්ත්වය දැන් බරපතල නැතිබව පැවසූ නිසාම ඇයත් මදක් සැනසීමෙන් සිටින්නේය.... වෙන අම්මලා රාත්‍රි හය හත වෙනකොට නයිටියක් ඇන්දත්, උදේට අඩ නිරුවතින් මිදුල් අතුගෑවත් මෙනිත්ගේ අම්මා එලෙස නැත..... ඇය කාමරයෙන් පිටතට එන්නෙ ගවුමක් හෝ සාය බ්ලවුසය ඇදගෙනයි... යලිත් නිදාගන්නට අදට ගිය පසුව නයිටියක් ඇදගත්තත් මෙනිත් නම් ඇයව ඒ ලෙසින් දැක තිබෙන්නේ දෙතුන් වතාවකි....

" කවුද ඉතින් කතාකලේ......ඔච්චර හිනාවෙන්නෙ මොකෝ......."

ශාරදා යලිත් අසද්දී මෙනිත් ඇගේ අතකින් අල්ලාගත්තේය ...

" ෂියාඕ ශාන් ...........හ්ම්ම්ම්ම්.......අප්පච්චි කියන්න ඇතිනේ ........"

" ඔව් ඔයාගෙ හස්බන්ඩ් .......... "

ශාරදා  බර හුස්මක් හෙලමින් එලෙසින් කියද්දී මෙනිත් ඇය දෙස කල්පනාවෙන් බැලුවේය......

" එහෙට ගිහිල්ලා සිද්ධ වෙච්ච දේවල් ගැන ඔයා ඉන්නේ සතුටින්ද පුතේ........... ඔයාව චීනෙට යවන ගමන නතර කරන්න මම අප්පච්චිත් එක්ක මොනතරම් රණ්ඩු උනාද.......ඒත් අපිට එහෙම කරන්න අයිතියක් නෑ කියලනේ අප්පච්චි එයාගේ තනි තීරණයට ඔය හැම දේම කලේ...........එහෙම  ගිහිල්ලා ඔයා සතුටින් නෙවෙයි නම්.........."

" නෑ අම්මේ..........මුල් දවස් ටිකේ නම් ඇත්තටම මට හැමදේම එපා වෙලා තිබුණේ......මම එතකොට හුඟක් දේවල් දැනගෙන හිටියෙ නෑ චීනෙට පය තියපු ගමන් කසාද බඳින්නත් උනානේ......ඒත් අම්මේ සුදු අයි........මං කිව්වෙ ශාන් ......මං එයාට කතා කරන්නේ සුදු අයියා කියලා...... එයා ගැන, සොන් පපා ගැන මගේ හිතේ තිබ්බ කේන්තිය ටික ටික අඩු උනා......එයා හුගාක් ආදරණීය මනුස්සයෙක් අම්මේ........ මං වෙනුවෙන් එයා අපේ භාෂාව පවා ඉගෙනගෙන...... එයා මට ගොඩක් ආදරෙයි......  මාව එයා  ළඟට අරගෙන තියාගන්න බැරි එක විතරයි තවම හිතේ දුකකට තියෙන්නේ......එහෙම නැත්නම් එයා මං ගැන හැම වෙලේම හොයනවා..........."

ශාරදා  සැනසුම් සුසුමක් හෙලන අයුරු මෙනිත් දුටුවේය ....

" ඔයා චීනෙට ගියාට පස්සේ පිරිමි කෙනෙක් කසාද බඳිනවා කියලා එහෙම අප්පච්චිගෙන්  මම දැනගත්තේ ඔයාව ගිහිල්ලා දාලා ආවට පස්සේ.... මම අප්පච්චිත් එක්ක හොඳටම රණ්ඩු උනා.. ඒත් එයා මට හැමදේම තේරුම් කරලා දුන්නට පස්සේ ඉතින් මම සද්ද නැතුව හිටියා...ඔයා සතුටින් නම් එච්චරයි.......... ඒත් මං ඔයාව බිහි කරපු අම්..........."

" ඔයා තමයි මගේ අම්මා අම්මේ....... ඒක කවදාවත් කොතනදිවත් වෙනස් වෙන්නෑ....... නූරා අම්මා මාව මේ ලෝකෙට බිහි කරන්න පුදුම දුකක් විඳලා තියෙනවා........ එයාට මං ඒ ගෞරවය ඒ විදිහටම දෙනවා......... ඒ කොහොම වුණත් මම තමයි ඔයාගේ ලොකු පුතා........ඔයාට ඒක වෙනස් කරන්න ඕන උනත් මට නම් කොහෙත්ම උවමනාවක් නෑ........"

ඇස් දෙකේ කඳුළු පුරවාගෙන මෙනිත් දෙස බලාගෙන සිටි ශාරදා ඔහුව වැළදගත්තේය .....

" තව ටික කාලයක් ඉවසන්න අම්මේ......ඔයාගේ ඇස්වලින් වැටිච්ච කඳුළුවලට මම සාධාරණයක් ඉෂ්ට කරනවා........"

මෙනිත් අනෙක් අතට ඇයව වැළදගෙන කියද්දී ක්ෂනයකින් හිස ඔසවා මෙනිත් දෙස බැලූ ඇය ......

" ල්......ලොකූ........ඔයා........"

යනුවෙන් ගොතගසමින් දැන් මේ අසන්නට සූදානම් වන්නේ තමන්ගේ දරුවා පිළිබඳව දන්නවාදැයි කියාය.....

" මට ඒ ගැන දැන්ම කතා කරන්න අවසර නෑනේ......ඒත් මම මෙහෙම කියන්නම්කො.......ඊළඟ වතාවේ මම ලංකාවට එන්නේ එයත් එක්ක.....එයයි මගේ හස්බන්ඩ් අපි තුන්දෙනාම.........එහෙම හොඳයි නේද ශාරදා නෝනා........"

ශාරදා කඳුළු අතරින් ඔව් යැයි හිස සළමින් සිනාසුනේය....

" ඒ උනත් ඉතින් මම තමා ඔයාගේ ලොකු පුතා......"

මෙනිත් ශාරදාගේ හිස අතගාමින් කියද්දී ඇය නෑ යැයි අනෙක් අතට හිස සැලුවේය ....මෙනිත්ගේ මුහුණ අඳුරු වී යද්දී ශාරදා සිනාසෙමින් ඔහුගේ නාසය අතකින් අල්ලා දෙපසට සෙලෙව්වේය...

" එතකොට ලොකු පුතා වෙන්නේ ශාන් පුතා.....ඔයා දෙවනියා ......අන්න ඒක මතක තියාගන්න......එදාට මට දරුවෝ හතර දෙනයි......අර ගේ ඇතුලේ ඉන්න පිස්සු මඟුල අමතක කරන්න බෑනේ......."

ශාරදා සිනාසෙමින් කියද්දී මෙනිත්ගේ ඇස්දෙක  තරු කැට මෙන් දිදුලන්නට පටන් ගත්තේය...

" මං ඔය කතාව එයත් එක්ක වියට්නාම් වලදි කිව්වා....... කවද හරි දවසක ඔයා ලංකාවට ගියහම අපි ඔක්කොම නරක් වෙලා ඔයා අම්මගේ ලොකු පුතා වෙයි කියලා මම කිව්වා.......එක්කන් එන්නෑ එකෙක්වත්......මං විතරයි ඔයාගේ ලොකු පුතා......"

මෙනිත් දැන් මේ ඉරිසියාවට කෑගැහුවට ඒ ඇස් වලින් බේරෙන සතුට ශාරදා හරි අපූරුවට දුටුවේය......

" එන්න ලෑස්ති වෙලා ලංකාවේ සල්ලි වලින් ලක්ෂ හතරක් මගේ අතට දුන්නා.....චීන සල්ලි වලින් දුන්නේ එයාපෝට් එකෙන් මාරු කරගන්න කියලා......ඒකරලා  මට කියනවා ඕක එයාපෝට් එකේ ඉඳලා ගෙදරට යන්නලු....... ලංකාවට ගියපු ගමන් ආයෙ සල්ලි දාන්නම්ලු........ "

දැන් ශාරදා සිනාසෙන්නේය .....

" ලක්ෂ හතරක් එයාපෝට් එකේ ඉඳලා ගෙදරට එන්න........"

ඇය පුදුමයෙන් අසද්දී මෙනිත් ඔව් යැයි හිස සලමින් සිනාසුනේය ....

" මම කිව්වා ලක්ෂ හතරකින් මට කෆීර් එකක් අරගෙන පොලොන්නරුවට යන්න පුළුවන් කියලා.... එහෙම පුළුවන්කමක් තියෙනවා නම් එහෙම යන්න බබා කිව්වා.........."

ශාරදාගේ සිනහව උස් හඩින් පිටවුනේය ......

" ඒ ළමයට පිස්සුද ලොකු........"

සිනහව අතරින් ම ඇය එලෙසින් අසද්දී මෙනිත්ට මේ මොහොතේත් ශාන්ගේ මුහුණ හරි අපූරුවටම මැවී පෙනුණේය..

" ඒ එයාල ජීවත් වෙන රටාව අම්මා...... අතට පයට වැඩකාරයෝ ගෙදරින් එළියට බහිනකොට ගේ ඉස්සරහ වාහනේ නතර කරලා.......හැබැයි එහෙම වුණාට සුදු අයියගේ හිතේ ලොකුකම කියන එක ගෑවිලාවත් නෑ අම්මා..... වියට්නාම් වලදි මං එයාව හදලා ගත්තා........'"

මෙනිත් සිනා සෙමින් කිව්වත් මේ මොහොතේ නම් ඔහුගේ සිනහව තුළ ඇත්තේ වේදනාවකි.......

" හැම ප්‍රශ්නයක්ම ඉක්මනින් විසඳෙයි පුතේ...අපි අවුරුදු විසි පහක් දරාගෙන හිටියේ.....ඉතින් තව ටික කාලයක් එහෙම ඉන්න බැරිකමක් නෑනේ.....ඔයාටත් තියෙන්නේ මාස දහයක් දරාගෙන හිටියා වගේ තව ටික කාලයක් දරාගෙන ඉන්න........"

මෙනිත් ඔව් යැයි කියන්නට හිස සැලුවේය ..... ඉතින් අහල පහල තොරතුරු ටිකකුත් කතා කරමින් සිටි ඔවුන් දෙදෙනා  නිවස තුළට යන විට රාත්‍රී එකොළහට ආසන්න වී තිබුණි........

" අරයා හෙට ඉස්කෝලේ යන්න ඕන අම්මා......"

සිනලිගේ කාමරය පෙන්වමින් ශාරදා කියද්දී ඇය සිනාසුනේය ....

" ඉස්කෝලෙ යන්න ඕන හින්දා තමා කලින් නිදාගන්න ගියේ.......ෆුඩ් සිටියට ගිහින් ඕනෙ ඕන ඒව අරගෙන දුන්න හින්දා මාර සතුටකින් ඉන්නේ......අයිය ගෙනාව කියලා පන්තියේ ළමයින්ට ගෙනියන්න අර ගිනි ගනන් දීලා චොකලට් ගත්තනේ....."

ශාරදා කියද්දී මෙනිත් සිනාසුනේය ...

" ඒකට කමක් නෑ අම්මා.......සල්ලි නැතුව නෙවෙයිනේ......අප්පච්චි අසනීප වුණා කිව්වට පස්සේ මට ටොපියක් චොකලට් එකක්වත් ගන්න අමතක උනා......වෙලාවට ෆුඩ් සිටියේ ඒවා තිබ්බේ......."

ඉතින් ශාරදා තවත් කිසිවක් කියන්නේ නැතිව කාමරයට ගියේය...... සිනලිගේ කාමරය දෙසත් බැලූ මෙනිත් ඔහුගේ කාමරයට ගොස් දොරවසාගත්තේය .....

අද දහවල් වනවිට ශාන්  යලිත් මෙනිත්ගේ නමට මුදල් බැරකර තිබුනි.... තවම ඔහු එය අතට ගත්තේ නැත....... මොනවා තිබුනත් ශාන්  ලඟ නැති අඩුව මෙනිත් හට තදින්ම දැනෙන්නට විය....

එහෙ ඉන්නකොට නම් වාහනේක හරි පයින් හරි යන්න පුලුවන් දුරක ඔයා ඉන්නවා කියලා හිත හදාගන්න තිබ්බා අයියේ......ඒත් දැන් කිලෝමීටර් දහස් ගාණක් දුරින් ඔයා ඉන්නකොට දැනෙන්නෙ මහ පුදුමාකාර හිස් බවක්... ගෙදර ආව කියන හැඟීම දැනෙන්නේ නැත්තේ ඔයා ලඟ නැති හින්දා වෙන්න ඇති........

කාමරයේ ජනේලයෙන් පෙනෙන අහස දෙස බලාගෙන මෙනිත් බර හුස්මක් පිටකලේය .... තමන්ගේ මව්බිමට කොයිතරම් ආදරය කළත් අප්පච්චිට සුව වූ සැණින් යලිත් චීනයට දුවගෙන යන්නට වුවමනාව නම් තදින්ම ඔහුගේ හිතට දැනී ඇත.......

මමම නේ ඉතින් ඔයාට කියලා දුන්නෙත් අපි ඉන්නේ කොතනද කියන එක වැදගත් නෑ ඉන්නේ කාත් එක්කද කියන එකයි වැදගත් කියලා......මටත් දැන් ඉතින් අපායේ හිටියත් ඔයත් එක්ක ඉන්නවනම් ඒක දිව්‍ය ලෝකෙ වගේ දැනෙයි සුදු අයියේ..

සම්පූර්ණ රාත්‍රියක් නිදිවරා ගමන් මහන්සියත්  දරාගෙන  ඔහු තවමත් මේ අවදියෙන් සිටින්නේ ශාන්  එපාට්මන්ට් එකට ගොස් කෙටි පණිවිඩයක් තබනතුරුයි...

" අලිබබා නිදි කරවන්නත් එපැයි......."

ජනේලය අසලටම වී ඔහු තනිවම මුහුණද්දී ඒ මුහුණට හරි ආදරණීය සිනහවක් මතු වුණේය...... රටවල් දෙකේ ඇති කාල පරතරය නිසා ඉතින් තවත් අඩ හෝරාවක් පමණ තමන්ට බලාගෙන ඉන්නට සිදුවන බව දන්නා මෙනිත් දුමාල්ට දුරකථන ඇමතුමක් අරගත්තේය .....

දහවල් නීලන්ත ළඟ සිටින විට හොන්ෂිත් මෙනිත්ට කතාකලේය .... අප්පච්චි අසලින් නැගිට වාට්ටුවෙන් මදක් එළියට ඇවිත් ඔහු සමග වචන දෙක තුනක් පමණක් කතා කර මෙනිත් යළිත් වාට්ටුව තුළට ආවේ ...වාට්ටුව තුළ දුරකථන ඇමතුම් සම්බන්ධ කරගන්නවට එහි ඇටන්ඩන්ට් වරුන් අකමැති බව දුටු නිසාවෙනි .... වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට වඩා බලයක් රෝහලේ ඇටෙන්ඩන්ට්වරුන්ට තිබෙන බව ඉතින් ප්‍රසිද්ධ රහසකි......

.
.
.
.
.
.

වෙහෙසකාරී දින හතරකට පසු නිලන්ත රෝහලෙන් නිදහස් කෙරුනි....... විහඟ , නවීන් , මලිත්, සිතිල මාරුවෙන් මාරුවට ඔහු අසල නතර උන නිසා ඉතින් ලොකු අපහසුවක් මෙනිත්ට දැනුනේ නැත...

" මාස දහයකට විතර පස්සේ ..........."

නිලන්තව රෝහලෙන් නිවසට රැගෙන ආ දින සන්ධ්‍යාවේ මෙනිත් විහඟ සමඟින් මින්නේරි වැව අසලට ආවේය ....  වැව්දිය සිපගෙන එන සීතල සුළඟ විඳගනිමින් අතපය හිරි ඇර හොඳ හුස්මක් පිට කළ මෙනිත් එලෙසින් කියද්දී විහඟ සිනාසෙමින් වැව් බැම්ම මතින් වාඩි වුණේය.......

" ජීවත් වෙනවා කියන හැඟීම දැනෙනවා බං මෙතනට ආපුවහම....."

මෙනිත් ඔහු අසලින් අසුන්ගන්නා ගමන්ම එලෙසින් කීවේය ....

" අපිට උදේ හවස මේවා දකිනකොට අගයක් නෑ බං.....ඒත් ගමෙන් ඈත් වෙලා ඉඳලා ආපහු ගමට එන එවුන්ට තමා මේ වගේ අගය තේරෙන්නේ......."

විහඟ බර හුස්මක් පිට කරමින් කියද්දී මෙනිත්ගේ  දෙනෙත් නතර වී තිබෙන්නේ වැවෙන් එහා ඈත පෙනෙන මින්නේරි රක්ෂිතය වෙතයි.. සෙමින් සෙමින් හිරු බැස යන සන්ධ්‍යාව නිසා අලි ඇතුන් පවා රක්ෂිතයෙන් පිටතට ඇවිත් වැව් ඉවුරේ ඔබ මොබ ඇවිදින ආකාරය ඈතට දැකගන්නට හැකියාව ඇත...වර්ෂාව අඩු කාලවලදී මෙය ඉතින් සුලබ දසුනකි.........

කුඩා ඇත් පැටවුන් වැව් ඉවුරේ සෙල්ලම් කරන අයුරු  , අලි ඇතුන් වැවට බැස දිය ස්නානය කරන අයුරු වැවේ මෙහා ඉවුරේ හිඳගෙන බලාගෙන සිටින්නට හැකියාව ඇත...

වෙලාව සවස පහ පසුවෙමින් තිබෙන නිසා අවසන් හිරු කිරණ වැටුනු වළාකුළු තැඹිලිපාටට හුරු රන්වන් පැහැයක් උසුලද්දී වැවට උඩින් පියාඹන වැහි ලිහිනින් සහ අනෙක් පක්ෂීන් එදා මෙන්ම අදත් මෙනිත්ගේ මනස සුවපත් කලේය.....

" දැන් ඉතින් කියපන්කො බලන්න මූණේ හිනාවක් පුරවගෙන උඹ කොච්චර හරි ඔය මැසේජ් කරන සුදු අයියා ගැන......"

දෙදෙනාම විනාඩි කිහිපයක් නිහඬව වැව දෙස බලාගෙන සිටි අතර අවසානයේ විහඟ ඔහුගේ හඬ අවදි කළේය...... තම හොඳම මිතුරා සමගින් වත් මේ හිතේ තිබෙන දේවල් කියන්නට මෙනිත් පෙරදින රාත්‍රියේ ශාන්ගෙන් අවසර පැතුවේය...

" ඔයාගේ හොඳම යාළුවා නම් , පොඩි කාලේ ඉඳලා ඔයා දන්න කෙනා නම් කිව්වට කමක් නෑ බබා..... "

මෙනිත්ගේ  හදවතේ තිබෙන වේදනාව හඳුනාගත් ශාන් කීවේය.... ඉතින් දැන් මේ ඔහු සූදානම් වන්නේ තමන්ගේ හොඳම මිතුරා සමග කවුරුවත් නැති හුදකලා ස්ථානයක වාඩිවී ඔහුගේ පණ හා සමාන සුදු අයියා ගැනත් ... චීනයට පය තැබූ මොහොතේ පටන් ඔහුට මුහුණ දෙන්නට සිදු වූ සිදුවීම් ගැනත් පවසන්නටයි.......

" සුදු අයියා.......හ්ම්ම්ම්........අම්මට අප්පච්චිට පස්සේ ඒ තමයි මගේ මුළු ලෝකෙම......... මං මුලින්ම එහෙම කියන්නේ මේ කතාවේ මුල ටිකක් අවුල් සහගත නිසා....ඒ කියන්නේ මේ කතාව අහගෙන යනකොට උඹට සෑඩ් එන්ඩින් කියලා හිතෙන්නේ නැති වෙන්න තමා මං ඉඟියක් දුන්නේ ...."

" උඹේ කතාව හැපි එන්ඩින් කියලා සුදු අයියා  ගැන මතක් කරනකොට ඔය මූනට එන හිනා වෙන්ම කිව්ව හැකි.... "

විහඟ මෙනිත්ගේ මුහුණ දෙස ටික වේලාවක් බලාගෙන හිඳ එලෙසින් කියද්දී ඔහු එය පිළිගන්නට හිස සැලූවේය.......

" අප්පච්චිගෙ ප්‍රශ්න ටික විසඳන්න හිතාගෙන චයිනා එයාපෝට් එකෙන් එළියට ගියපු මට සිද්ධ වුණේ මේ ලෝකෙ මනුස්සයෙකුට සිද්ධ වෙන්න පුළුවන් දේවල් නෙමෙයි බං........ ටයි කෝට් ඇඳගත්ත තුන් හතර දෙනෙක් ඇවිල්ලා මාව වාහනයකට නග්ග ගත්තා....කොහොමත් ඉතින් ලංකාවේ ඒජන්සියෙන් කියලා තිබ්බේ කම්පැනියෙන් මාව අරගන්න එනවා කියලනේ.......මාත් ඉතින් එච්චර හිතන් නැතුව ගියා...... අන්තිමට තටු දෙකේ ගොඩනැගිල්ලක දෙවැනි තට්ටුවට අරගෙන ගිහිල්ලා කාමරයකට දාලා වැහුවා..........."

විහඟ ඔහුගේ හිතට ඇති වූ තිගැස්ම නිසාම මෙනිත් දෙස පුදුමයෙන් බැලුවේය.... ඉතින් එතැන් පටන් අද වනතුරු සිදුවූ සිදුවීම් පවසා අවසන් වන විට හිරුත් සැඟවී ගොස් තිබුණි........

" මට නං හිතාගන්නවත් බෑ බං......... ඔක්කොටම වඩා උඹ මුල් කාලේ මේ දේවල් දරාගෙන හිටියේ කොහොමද කියලා මට හිතාගන්න බෑ...... "

සියල්ල නිහඬව අසාගෙන සිටි විහඟ බර හුස්මක් පිටකරමින් කියද්දී  මෙනිත් සිනාසුනේය .....

" පළවෙනි මාසෙ වගේ ගෙවිලා යනකොට මට තේරුණා සුදු අයියා ......ඒ කාලයේ සුදු අයිය නෙමෙයි හොඳේ උස චීනා මං ගැන හොයලා බලනවා කියලා ...... එයා මටත් නොදැනෙන්න ටික ටික මට ලං වුනා......... අන්තිමට ගැලවෙන්න බැරි වෙන්නම හිතට රිංගලා......."

මෙනිත්  සිනාසෙමින් කියද්දී විහඟ ඔහුගේ කරට අතක් දමාගත්තේය ....

" මට හිතෙනවා ඉක්මනින්ම උඹලගෙ ප්‍රශ්න විසඳෙයි කියල.......එක අතකින් බලනකොට උඹ වාසනාවන්තයි........උඹට ලස්සන පවුල් දෙකක් තියෙනවා......මෙහෙ වුනත් නිලන්ත මාමයි ශාරදා නැන්දයි උඹට පණ ඇරලානේ..... නිලන්ත මාමා ඇක්සිඩන්ට් වෙලා ගෙනාපු වෙලාවේ අනේ මගේ ලොකූ කිය කිය තමයි ශාරදා නැන්දා ඇඩුවේ......."

මෙනිත් බර හුස්මක් පිටකලේය .....

" ඒ අතින් නං මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම පිරිමියා මම වෙන්න ඇති...මේ කතාව ඇතුලේ මගේ හිතේ වෛරයක් තියෙන්නෙ මාව මේ ලෝකෙට දායාද කරපු හැරන් කියන මිනිහ එක්කයි සුදු අයියලාට ඉවරයක් නැතුව කරදර කරන ෆෙයෙමින්ග් කාරයා එක්කයි විතරයි......... අනිත් හැමෝම මට පුදුම තරම් ආදරෙයි........මට ඒක දැනෙනවා බං......"

යළිත් දෙදෙනා අතර පැවතියේ නිහැඬියාවකි.... දැන් නම් පරිසරය අන්ධකාරයේ ගිලී ඇත...වැව් බැම්ම දිගේ දල්වා තිබෙන විදුලි බුබුළු සහ එතැන් සිට මීටර් දෙතුන් සියයක් පමණ ඈතින් තිබෙන මින්නේරි දේවාලයේ දල්වා තිබෙන විදුලි පහන් නිසා වටපිටාවේ ඉතින් විශාල අඳුරක් නැත......

" යමං..........රෑ වෙලා........"

විහඟ වාඩිවී සිටි තැනින් නැගිට මෙනිත්ටත් අත දිගුකලේය ....ඉතින් මෙනිත් ඒ අත අල්ලාගෙන නැඟිට ගත් අතර දෙදෙනාම වැව් කන්ඩිය දිගේ විහඟ ගේ යතුරු පැදිය අසලට ඇවිදගෙන යන අතරයි....

" හෙට අර ගල් ලෝඩ් එක එයි නේද බං......."

" හ්ම්ම්ම්......වැලි එකත් උදේ එයි........යන්න කලින් බාතෲම් එක හදමු......"

විහඟ සිනාසෙමින් කියද්දී මෙනිත් බර හුස්මක් පිටකලේය ...

", දැනට නාන කාමරය විතරක් හදනවා කියලා අරහේ එක්කෙනෙක් පරල වෙනවා...... සම්පූර්ණ ගේ හදන්න ගන්නලු එකක් නෙවෙයි......ඔව්වා  හදිස්සියට කරන්න බෑනේ විහඟ....... අප්පච්චිටත් මාසයක් දෙකක් යනකම් බර වැඩක් කරන්න බැරි වෙනකොට ඔහුව පටන් අරගත්තොත් එහෙම එයා ලෙඩ පැත්තකින් තියලා ඕකට මහන්සි වෙනවා......ඊට වඩා හොඳයි දැනට එළියෙන් බාත්රූම් එකක් හදලා මං ගිහින් අප්පච්චිට අඩුවුණාම අවුරුදු පහුවෙලා ගෙයි වැඩ පටන් ගන්න......."

පෙර දින රාත්‍රියේ පිටතින් නාන කාමරයක් හැදීම පිළිබඳව පැවති සංවාදය සිහි වූ නිසා මුහුණට නැඟුනු සිනහවත් සමඟින් මෙනිත් කීවේය ....

" සුදු අයියේ අම්මයි නංගි අර වට කරපු තැන නාන හින්දා බාත්රූම් එකක් හදන්නෙ......ගේ හදන්න ගන්නවනම් අප්පච්චි හොඳ වෙනකන් ඉන්න ඕන......හරි එහෙනම් මං ගේ හදලා එන්නම් මට මාස හතරක නිවාඩුවක් දෙන්න......."

මෙනිත් ඔය ලෙසින් තර්ජනය කිරීමෙන් පසුව ශාන්  නිහඩ වුනේය .....

" එහෙම කරන එක හොඳයි.....මොකද  නිලන්ත මාමගෙ හැටි අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ....... ගේ හදන්න පටන් ගන්නවා කිව්වොත් එහෙම ඔලුව පැත්තකින් තියලා වැඩ කරන්න ගනී...... "

විහගගේ කතාවට මෙනිත් සිනාසුනේය ....  ඉතින් ඔවුන් දෙදෙනා රාත්‍රි හතටත් ආසන්න වෙද්දී වැව අසලින් පිටත්වුනේය ....

.
.
.
.
.

",හෙලෝ අම්මේ.......අප්පච්චි ....... "

මේ මෙනිත් ලංකාවට ඇවිත් පස්වෙනි දින සන්ධ්‍යාවේය.... ශාන්  මෙනිත්ගේ අම්මාට සහ අප්පච්චිට කතාකරන්නට අවැසි බව පැවසූ නිසා මෙනිත් දුරකථනය රැගෙන ආලින්දයට ආවේය .... ශාරදා සහ නිලන්ත ආලින්දයේ අසුන්ගෙන සිටින අතර සිනලිත් දුවගෙන ආවේ පින්තූරවලින් පමණක් දුටු ඔහුගේ මස්සිනාව දැකගන්නටයි....

ඉතින් ඔවුන්ගේ චීන බෑනා හරිම අපූරුවට සිංහල කතාකරද්දී  ශාරදා සහ නිලන්ත මුහුණට මුහුණ බලාගත් අතර සිනලි නම් ශාන් හට සාම්ප්‍රදායික ලෙස ආයුබෝවන් කීවේය ....

" හෙලෝ මිස්ට්.............."

" අප්පච්චි මිස්ටර් කෑලි නෑ......එයා ශාන්  පුතා......"

නිලන්ත මිස්ටර් ශාන් යනුවෙන් පවසන්නට යද්දී මෙනිත් කෑගසද්දී ශාරදා ඔහුගේ අතට පහරක් එල්ල කලේය....ශාන්ගේ මුහුණට නම් ඉතින් සිනහවක් මතුවුනේ මෙනිත් අනෙක් අතින් ඒ අතත් අතගාමින් ඊටත් වඩා හයියෙන් සිනාසෙන සිනලිට රවන අයුරු දුටු නිසාවෙනි....

" මට ශාන් පුතා කියන්න අප්පච්චි ........... "

මෙනිත්ගේ අම්මා සහ අප්පච්චි තමන් සමඟ කතාකරන්නට කුතුහලයෙන් පසුවන බව දුටු ශාන්  ලෙංගතු සිනහවක් සමඟින් කියද්දී සිනලි නම් ආශාවෙන් සිනාසෙන්නේ ශාන්  නුහුරුවට සිංහල හසුරුවන නිසාවෙනි ......

" එයා ලස්සනයි ලොකූ........."

ආයතනය තුළ ඔහුගේ කාර්යාලයේ අසුනෙහි වාඩිවී සිටින ශාන් දෙස ටිකවෙලාවක් බලාගෙන සිටි සිනලි මෙනිත්ගේ කනට කර කීවේය ...

" කට වහපිය.........."

මෙනිත් සිනලිට සැර දැම්මේත් මෙතැන සිටින අනිත් කිසිවෙකුටත් ඇසෙන්නේ නැති වන්නටයි....

" කොහොමද පුතේ......."

හැම තැනකදී මෙන්ම ශාරදා මෙතැනදීත් පළවෙනි පියවර තැබුවේය ...

" හොඳින් කියන්න බෑ අම්මා........ ටුලී මෙහෙ නෑනේ......"

ශාන්  තරමක් වේදනාවෙන් පිරුණු බැල්මකින් මෙනිත් දෙස බලමින් කියද්දී සිනලි නලියන්නේය....

" එයා ඉක්මනින් එයි පුතේ......මේ බාතෲම් එකක් හදන්න හදනවනේ අපි එපා කියද්දී ......"

ශාරදා  උදෑසන ගල් සහ වැලි ලෝඩ් එක ගෙනා මොහොතේ පටන් සිදුකළ රණ්ඩුව යළිත් පටන් ගන්නට මෙන් එලෙසින් කීවේය ....

" ඒක හදපුදෙන් අම්මා........ සුදූ එලියෙ නාන්න ඕනෙ නෑනේ........"

" ඒකනේ අයියේ........ආයි අම්මා......"

සිනලි මැදින් පනින්නට යද්දී ශාරදාගෙන් අපූරු පහරක් ඇයටත් පිරිනැමුණේය.......

" අප්පච්චිට දැන් කොහොමද......."

මේ සියල්ල දෙස නිහඬව බලාගෙන සිටින නිලන්තගෙන් ශාන්  ඊලඟට ඇසුවේය .....

" දැන්නම් හුඟක් අඩුයි පුතේ....... සතියක් විතර විවේක ගත්තහම හොඳටම ඇති වෙයි........"

" ඔව් ඔව් පුතේ මෙයා දොස්තර මහත්තයනේ.... ඉස්පිරිතාලෙන් ගෙදර එවනකොට කිව්වෙ මාසයක් ඇඳේ ඉන්න කියලා.... ඉස්පිරිතාලෙන් එළියට ආපු ගමන් ඒක සතිය වෙලා........ "

ශාරදා නිලන්තට රවමින් කියද්දී  උපත ලබා දුන් තැනැත්තා කවුරුන් වුණත් මෙනිත්ට සම්පූර්ණයෙන්ම පිහිටා තිබෙන්නේ ඔහුගේ මවගේ ගතිගුණ බව ශාන්ත තේරුම් ගත්තේය.....

" ටුලී තව සති තුනක් ඉන්නවනේ අප්පච්චි.....ඒක නිසා රෙස්ට් කරන්න....... නිරෝගි වෙලා හිටියොත් තමා අපිට වැඩ කරන්න පුළුවන්......... විවේකයෙන් ඉන්න කියපු කාලේ වැඩ කරලා ආපහු කාලයක් ලෙඩ වැඩිවෙලා ඇඳට වෙන්න වුණොත් එහෙම........."

ශාන්  නුහුරු සිංහලෙන් හරි අපූරුවට කරුණු පැහැදිලි කරද්දී නිලන්ත සිනාසුනේය ....

" දැන් අපි මෙච්චර දේවල් කියනකොට ඔයාට කියන්න ජාති තිබුණනේ..... දැන් අර දරුවා කියන එකවත් අහන්න......"

ශාරදා නිලන්තට සෙමින් කියද්දී  ඔවුන් දෙදෙනා වාඩි වී සිටින අසුනට පිටුපසින් හිටගෙන සිටින මෙනිත් ශාන් දෙස බලා සිනාසුනේය ....

" අයියේ ඔයා ඊලඟ වතාවෙ එන්න හොදේ........ඕන්නං මේ මොට්ටයා ඔහේ තියලා ඔයා විතරක් එන්න........."

සිනලි මැද්දෙන් පනිද්දී ශාන් සිනාසුනේය......

" අපි දෙන්නම එන්නම්කො....... මේ පාරේ ඉතින් ඔයාගේ අයියා හදිස්සියේනේ ආවේ....... "

තවත් අඩ හෝරාවක් පමණ ඉතින් එම දුරකථන සංවාදය පැවතුණේය......

" ඔයාගෙ පවුල ශෝක් ටුලී      "

ඊටත් පසුව මෙනිත් දුරකථනය රැගෙන මිදුලේ සියඹලා ගහ යට ඇති බංකුව දෙසට ඇවිදගෙන යද්දී ශාන්  බර හුස්මක් පිට කරමින් යලිත් සුපුරුදු මැන්ඩරින් වලින් කතාකරන්නට පටන්ගත්තේය ....

" බලන්න ඔයා කොච්චර අමාරුවෙන්ද සිංහල කතා කළේ කියලා......මගෙත් එක්ක කතා කරනකොටවත් සිංහලෙන් කතා කරන්න සුදු අයියේ.....නැත්තං ඔයාට සිංහල අමතක වෙලාම යයි........."

මෙනිත් අමනාපයෙන් කියද්දී ශාන්  ඒ මුහුණ දෙස බලාගෙන සිනාසුනේය......

" හරි හරි........ එහෙනම් සිංහලෙන් කතාකරන්නම්..... ඉක්මනින් එන්න බබා.......ඈතින්වත් දකින්න නැතුව මට පිස්සු වගේ......"

ශාන්  වේදනාවෙන් කියද්දී මෙනිත්ගේ මුවින්ද බර හුස්මක් පිටවුණේය.....

" මටත් හරි පාලුයි අයියේ......මේ පාර ලංකාවට ආවට පස්සේ ගෙදර ආවා කියන හැඟීම මට දැනුනේ නෑ.....ඒ ඔයා මගේ ළඟ නැති නිසා වෙන්න ඇති....... කොහේ ගියත් මොකක්දෝ අඩුවක් දැනෙනවා......"

මෙනිත්ගෙ කතාවට ශාන්ගේ ඇස්වලට කදුලු ඉනුවේය ....

" අයි ලව් යූ ටුලී.......මේ පාර ඔයා ආපු ගමන් මොකක් හරි ප්ලෑන් එකක් ගහලා එක දවසක් ඔයාගේ ලගින් ඉන්න හදාගන්න ඕන........ "

ශාන්  වේදනාවෙන් කියද්දී මෙනිත් ඒ වේදනාවෙන් පිරුණු මුහුණ දෙස ටික වේලාවක් බලාගෙන සිටියේය.....

" ඒක ඉතින් ඔයාගේ අතේ තමා තියෙන්නේ.....  ඒත් කරන දෙයක් පරිස්සමෙන් අයියේ....... මොනවා උනත් අපි පරිස්සම් වෙන්න ඕනේ කියන එක දැන් මට තේරෙනවා......... අප්පච්චිගේ ඇක්සිඩන්ට් එක පිටිපස්සෙ තියෙන වාහනේවත් හොයාගන්න බැරි වුණානේ......ඒක නං වෙල මැද්දෙ තියෙන පාරක හින්දා තමයි හොයාගන්න බැරි වුණේ.....ඒත් අපේ පැත්තෙ හුඟක් වෙලාවට ඔය වගේ ඇක්සිඩන්ට් උනහම ඒ වාහනේම නතර කරලා මනුස්සයාව ඉස්පිරිතාලෙට අරගෙන යනවා....... මේක වාහනේ මොකක්ද කියලා වත් අප්පච්චිට මතකයක් නෑ......මොනතරම් වේගයෙන් යන්නැතිද කියලා හිතන්නකෝ......."

මෙනිත් කල්පනාකාරී හඬකින් කියද්දී ශානුත් බර හුස්මක් පිටකලේය .... නිලන්තගේ අනතුර සිදුවී මේ වනවිට දින හයක් අවසන් වී තිබුණත් තවමත් අනතුර සිදුකළ වාහනය සොයා ගන්නට නොහැකි වී ඇත...... මෙනිත් විහඟ සමගින් දෙවතාවක් පොලිසියටත් ගිය අතර ඔවුන් ඉතින් හැමදාමත් සුපුරුදු පරිදි පවසන්නේ අපි මේ ගැන හොයලා බලනවා... යන්නයි......

.
.
.
.
.

තවත් සති දෙකක් කාර්යබහුල ලෙසින් ගතවී ගියේය    ... මේ දවස්වල ඉතින් මෙනිත් කුඹුරේ වැඩ පවා සොයා බලන්නේ නිලන්තට ඇදෙන් බහින්නට තහනම් කර ඇති නිසාවෙනි.......

නිවසට පිටතින් ඉදිකරන නාන කාමරයේ වැඩත් බොහෝ දුරට අවසන් වී තිබෙන අතර මෙනිත් යළිත් පිටත් වන්නට ඇත්තේත් තව සතියක පමණ කාලයකි....... ශාන් නම් දැන් සිටින්නේ මේ සතිය ගතවනතුරු මග බලාගෙනයි.....

" බබා ඔය මඩ නේ......"

සුපුරුදු පරිදි හැමදාමත් ශාන් උදෑසන එකොළහ පමණ වන විට දුරකථන ඇමතුමක් ලබා ගන්නේ එවිට ලංකාවේ වෙලාව උදෑසන අටයි තිහ පසුවී ඇති නිසාවෙනි....කාර්යාලයට පැමිණි වහාම ඉතින් කුවාන්ගේ දුරකථනය ශාන් යටතට පත්වන්නේය...

අද ඉතින් ඔහු වීඩියෝ ඇමතුමක් ලබාගන්නා විට මෙනිත් සිටින්නේ වතුර හරවන්නට වෙලට ඇවිත් ලියද්දකට බැස උදැල්ල හෝදන අතරයි ... ඒවාත් ඉතින් ඔහුගේ සුදු බෝලෙත් දැක බලා ගත යුතු නිසා දුරකථන ඇමතුම සම්බන්ධ කරගෙන ඔහු දුරකථනය නියර මතින් තැබුවේය......

" මඩ සෝදාගත් කල ගොවියා රජ කමටත් සුදුසුයි කියනවනේ සුදු අයියේ......."

මෙනිත් ඒ ලියද්දට වතුර එන  නියර මැදින් තිබෙන කුඩා ඉඩ අවහිර කරන්නට මඩ පුරවද්දී ශාන්  ඇස් දෙකත් සිහින් කරගෙන දැන් මේ දෙස බලාගෙන සිටින්නේය.......

" ස්ලිපර්ස් දෙකක් දාගෙන එන්න බැරිද ටුලී ...... බලන්න මඩ ගොඩේ ඔයා ඇවිදින විදිහ..... රජවෙන්න පස්සෙ බැරියෑ.......ඔයා ලෙඩවුනොත් එහෙම ....."

ශාන්  බලාගෙන ඉන්නට බැරිම තැන කියද්දී මෙනිත් සිනාසෙන්නේය ...

" කුඹුරු වලට සෙරෙප්පු දාගෙන බහින්නේ නෑ සුදු බෝලේ....... එතකොට පව්...... මේ අපිට බත් කන්න හාල් දෙන තැන නේ...... කිසිම කෙනෙක් සෙරෙප්පු දාගෙන ලියැදි වලට බහින්නේ නෑ......"

ශාන්  ඉතින් එතැනින් එහාට කිසිවක් කියන්නට ගියේ නැත.....

" ඔහොම ඉන්නකෝ මං ඔයාට ලස්සන බඩ්ඩක් පෙන්නන්න........"

දුරකථනයත් අතට රැගෙන දැන් මෙනිත් නියර දිගේ ඇවිදගෙන කුඹුරේ එහා කෙළවරට යන අතරයි....... කුඹුර අවට තිබෙන දර්ශනය දෙස ශාන් ආශාවෙන් බලාගෙන සිටින්නේය....


" වටපිටාව හරිම ලස්සනයි ටුලී......වියට්නාම් වගේ තමයි නේ......"

ශාන්  ආශාවෙන් ඒ දෙස බලාගෙන කියද්දී අනෙක් ටේබල් එකේ වාඩි වී සිටි කුවානුත් එතැනට ඇවිත් එබී බැලුවේය .....

" වෝහ්.....ලස්සන......."

කුවාන්ගේ  මුවින්ද  එලෙසින් පිටවෙද්දී මෙනිත්ගේ මුහුණට සිනහවක් මතුවුණේය.....

" එහෙනම් ඔන්න බලාගන්නකෝ ලස්සන තැනක්..."

" woow woow ටුලී........ "

ශාන්  තරමක් උස් හඬින් එලෙසින් කියද්දි කුවානුත් ආශාවෙන්  ඒ දෙස බලගෙන සිටින්නේය ....

" මේ අපේ කුඹුරට පහළින් තියෙන ඔයක් අයියේ.......මෙතන නාන්න එහෙම බෑ...... "

  මෙනිත් එතැනින් යලිත් නියර දිගේ ඇවිත් වෙලෙන් උඩට ආවේය..

" එපා කියද්දී බයිසිකලේ පැදගෙන ආව නේද ටුලී....."

ශාන්  නොරිස්සුම් සහගත කටහඬකින් කියද්දී කුවාන්  සිනාසෙමින් යලිත් ඔහුගේ ටේබල් එකට ගියේය .. ඒත් කෙදිනක හෝ ලංකාවේ සුන්දරත්වය නරඹන්නට යන්නට ඔහුගේ හිතේත් ආසාවක් ඇති වී අවසන්ය..

" මම කොච්චර දුර පයින් එන්න කියලද සුදු අයියේ...... බයිසිකලේ ගමන පහසුයි ලේසියි......."

මෙනිත් සිනාසෙමින් කියද්දී ශාන්  කිසිවක් කියන්නට ගියේ නැත....

" ඉක්මනින් එන්න බබා..... ඔයා ලංකාවට ගියාට පස්සේ හිතුවක්කාර වෙලා......"

ශාන්ගේ කතාවට මෙනිත් සිනාසුනා පමණකි.... දැන් සමහර දවස්වලට හවසට සිනලි ශාන්  සමඟ කතාකරන්නට පටන්ගෙන ඇත.... මෙනිත් යහළුවන් සමග එහෙ මෙහේ ගිය දවසට  ඒකේ නම් සියල්ල ඇය හරි අපූරුවට ශාන්ගේ කනේ තබන්නටත් පටන්ගෙන ඇත.... ඉතින් කේලම් කියන ආදරණීය නෑනාට ශාන්  පුදුම තරම් ළෙන්ගතු වී ඇත...

" ඔයාට අර සුදු තමා කේලං  කියන්නේ......"

මෙනිත් බයිසිකලයට නගිමින් එලෙසින් කියද්දී ශාන් කිසිවක් කියන්නට ගියේ නැත...ඔහු කිසිම දිනෙක ඔහුගේ ඔත්තු සේවය පාවා දෙන්නට සූදානමක් නැත.......

" මං එහෙනම් තියෙනවා සුදු බෝලේ.....ඔයාටත් දැන් මීට්න් එකක් කිව්වනේ......."

" හ්ම්ම්ම්..... හන්දි ගානේ රස්තියාදු වෙන්නෙ නැතුව කෙලින්ම ගෙදර යන්න.....ඔයාටත් ලංකාවට ගියාට පස්සේ මාර රාජකාරිය තමා තියෙන්නේ.....අර ගෙදර මිනිස්සු තුන් හතර දෙනෙක් වැඩනේ ... ඒක හින්දා කරුණාකරලා ගෙදර යන්න......ආයෙ නං ඔයාව තනියම ලංකාවට එවන්නේ නෑ......."

හැමදාමත් මෙන් ශාන්  සුපුරුදු උපදෙස් මාලාව එලෙසින් ලබා දී ඇමතුම අවසන් කළේය.....

" එයාගෙත් මළකෝලං......"

ඇමතුම අවසන් කර දුරකථනය කලිසම් සාක්කුවට දමා ගන්නා ගමන් මෙනිත් තනිවම මිමිනුවත් ඉතින් ඒ මුහුණේ ඇත්තේ හරි ආදරණීය සිනහවකි....

කුඹුර පැත්තේ සිට හන්දිය මැදින් මෙනිත් නිවස දෙසට බයිසිකලය පැදගෙන එද්දී පාරේ දන්නා හඳුනන රූපයක් හන්දිය දෙසට ඇවිදගෙන එන අයුරු ඈතින්ම දුටුවේය.......

" සුලනි......."

තව ටිකක් ළං වන විට කවුරුන්දැයි කියා හදුනාගත් මෙනිත් ඒ නම සෙමින් මිමිණුවේය .... බයිසිකලය පැදගෙන එන මෙනිත්ව දුටු ඇය සිනාසෙමින් ගමන නතර කළ නිසා මෙනිත් බයිසිකලය නතර කළේය.....

" කොහොමද අයියේ.......නිලන්ත මාමට අසනීප වුණාට පස්සේ ආවා කියලා ආරංචි වුණා.......මම එදා නිලන්ත මාමා බලන්න ගෙදර එනකොට අයියා හිටියෙත් නෑ...."

සුපුරුදු ළෙන්ගතු ලෙසින් ඇය එලෙසින් කියද්දී මෙනිත් සිනාසුනේය ...

" මට අම්මා කිව්වා තමයි නංගි ඇවිත් ගියා කියලා... මම එදා සිමෙන්ති වගයක් ගේන්න ටවුන් එකට ගිහිල්ලා හිටියේ.......ඉතින් කොහොමද නංගි......."

",හොදින් ඉන්නවා අයියේ........ආපහු ඉක්මනින් යනවද......."

" හ්ම්ම්ම්......තව දවස් හයයි මට නිවාඩු තියෙන්නේ.."

මීට මාස දහයකට පමණ ඉහතදී සිදුවූ සිදුවීම්වලින් දැන් වැඩක් නැත...විහඟ පැවසූ පරිදි ඇයට දැන් විද්‍යාපීඨයේම පෙම්වතෙකු සිටින්නේය..... අසනීප වූ පසුව අප්පච්චීව බලන්නටත් ඇය ඇවිත් තිබෙන නිසා දැන් මේ මෙනිත් ඇය සමග කතා කරන්නේ හිතවත්කමට පමණකි....

" එහෙ කොහොමද අයියේ......"

" හොදයි ඉතින්......ජොබ් එක කරගෙන පාඩුවේ ඉන්නවා......."

ඉතින් තවත් වචන කිහිපයක් කතා කිරීමෙන් පසුව මෙනිත් ඇගෙන් සමුගත්තේය .... ප්‍රශ්න උඩු දුවන්නට පෙර කතාබහ කර අවසන් කරගත් නිසා කොතැනකදී හෝ ඇය හමුවූ විට හිතේ කහටක් නැතුව කතා කිරීමේ හැකියාව දැන් පවතින්නේය..... ඒ බව සිහි කරමින් බර හුස්මක් ද පිට කරමින් මෙනිත් නිවසට ආවේය .....

.
.
.
.

ඉතුරු දින හයත් හීයක වේගයෙන් ගෙවී ගියා යැයි කීවොත් නිවැරදිය.....දැන් නම් ඉතින් ශාන් සිටින්නේ මුහුණේ සිනහවක් පුරවාගෙන වුණත් ශාරදා නිලන්ත සහ සිනලී සිටින්නේ වේදනාවෙන් යුතුවයි....

අප්පච්චිට දුර යන්නට නොහැකි නිසා විහඟ , නවීන් සහ මලිත් මෙනිත් සමඟ ගුවන්තොටුපලට යන්නට සූදානම් උනේ මලිත්ලාගේ කාර් එකෙනි...

සති තුනක් ඇතුළත සාර්ථක ලෙස සියලු පහසුකම් සහිත නාන කාමරයක් සූදානම් කර අවසන් කරගන්නට මෙනිත්ට හැකිවුනේය..... මුලින් මුලින් ශාරදා එයට  විරුද්ධත්වය දැක්වුවත් දැන් නම් ඇය නිවසටත් වඩා නාන කාමරයට ආදරය කරන බව පෙර දින රාත්‍රියේ මෙනිත් ශාන් සමඟ කීවේය ....

" එහෙම කියන්න එපා බබා..... අප්පච්චිට හොඳටම හොඳ උන ගමන් අපි ගේ හදන්න පටන් ගමු...... එයාලත් සතුටින් සනීපෙන් ඉන්න එපැයි....."

මෙනිත්ගේ කතාවට ශාන්  එලෙසින් පිළිතුරු දුන්නේය ....

දැන් දින දෙකක් තිස්සේ ශාරදා  මෙනිත්ට  රැගෙන යන්නට කෑම ජාති හදන්නට පටන්ගෙන ඇත..... පෙර දින උදෑසන කිහිප දෙනෙක් අඬ ගසාගෙන දොදොල් හැඳි ගාද්දී මෙනිත් එය ශාන් හට පෙන්නුවේය .... ඊලඟට ශාරදා වැලිතලප හැදුවේ නෆ්‍රාස් ගේ ඉල්ලීමටයි.......

" මේ හදන හැමදේම ශාන් පුතාටත් දෙන්න ඕන......"

ශාරදා ඔය කතාව කීවෙනි වතාවටදෝ වැව්මාලු බදින විටත් කීවේය ...

" එයාට ගෙනියන්න බූන්දි ගේන්නත් ඕනේ...."

මෙනිත්ට ඒ අස්සේ බූන්දිත් සිහිවුනේය .... පොලොස් ඇඹුලක්, බටු මෝජුවක් , චිලිපේස්ට් බෝතලයක් , හාල්මැස්සන් බැදුමක්, මාලු ඇඹුල් තියල්  ආදිය පැණි රස කෑමවලට අමතරව සූදානම් වුණේය......

" මෙව්වට කට ඇරගෙන බලාගෙන ඉන්නෙ වෙන කවුරුත් නෙමේ මගේ බෝඩිමේ ඉන්න තුන්දෙනා..... "

සූදානම් කර අවසන් වී තිබෙන කෑම සියල්ල ඉතා පරිස්සමට බෝතල් වලට දමා ඒවා බෑගයේ අසුරන අතර මෙනිත් සිනාසෙමින් කීවේය ......

" හැමෝටම දීලා ඉතුරු වෙන ටික තියාගෙන කන්න..... මාළු ඇඹුල් තියල් එක සතියක් දෙකක් තියාගෙන කන්න පුළුවන්....... "

ශාරදා කියද්දී මෙනිත් හා යැයි හිස සැලුවේය ....

" මේ ලොකු අම්මා හදලා එවපු අලුවා....... මේ පැනිවලලු විහඟ පුතාගෙ අම්මා....."

වටපිටාවෙන් ලැබුණු කෑම පාර්සල් ආදියත් බෑගයට දමමින් ශාරදා කියන්නේය......

" අප්පච්චි තවත් සතියක් විතර ගෙදරට වෙලා ඉන්න හොඳද........"

යන්නට සූදානම් වී වාහනයත් මිදුලේ නතර කළ පසුව මෙනිත් කියන්නේ නිලන්තව වැළඳගෙනයි....ශාරදා ඉතින් හවස දෙකේ තුනේ පටන් කඳුළු සලන්නේ මේ වෙන්වීම දරාගන්නට නොහැකිවයි......සිනලිගේ තත්ත්වයත් එලෙසින් ය.... නිලන්ත අසනීප වූ පසුව ගෙවී ගිය මාසය පුරාවට ඔහුගේ භූමිකාව හරි අපූරුවට මෙනිත් රඟදැක්වූයේය.... නිවසේ අඩුපාඩු පමණක් නොව නිලන්තගේ වෛද්‍ය ප්‍රතිකාර පවා කලට වෙලාවට හොයා බලමින් ඔහු ඉටු කරද්දී  ලොකු පුතෙකුගේ හයිය ශාරදාට හරි අපූරුවට දැනුනේය ....

අද උදෑසන ඔහු නගරයට ගොස් ෂාන් එවා තිබුණු මුදල් වලින් ඉතිරි වී තිබෙන සියල්ල නිලන්තගේ ගිණුමට බැරකලේය...  අවසානයේ වේදනාවෙන් නමුත් සියලු දෙනාගෙන් සමුගෙන මෙනිත් ගුවන්තොටුපලට යන්නට පිටත් වුණේය...... තමන්ගෙන් පවුලට ඉටුවිය යුතු යුතුකම් නොපිරිහෙළා ඉටුකිරීම නිසා වේදනාව අතරින්ම  මෙනිත්ගේ හිතට ආඩම්බරයක්ද ඇතිවුණේය.....

" උඹ මාසයක්ම අපිත් එක්ක ඉඳලා දැන් යනකොට පට්ට දුකයි......"

පැය කිහිපයක ගමනක් අවසන් ගුවන්තොටුපළට විනාඩි විස්සක පමණ දුරක් ඉතුරු වෙද්දී නවින් වේදනාවෙන් කීවේය ....

" මාත් ඉන්නේ අවුලෙන් බං.....පුළුවන් වෙලාවට අපේ ගෙවල් පැත්ත බලපන්......අප්පච්චි ඔළුව උස්සලා හිටියට තවමත් එයාට ටිකක් අමාරුයි...... මට තවත් නිවාඩු අරගන්නත් බෑනේ......"

මෙනිත් නවීන්ගේ කරට අතක් දමාගෙන කියද්දී ඔහු මෙනිත්ගේ හිස අතගෑවේය ...

" අප්පච්චි ඇක්සිඩන්ට් උන වෙලාවේ උඹල මට මහා ලොකු හයියක් උනා බං........ ඒක මට කවදාවත් අමතක වෙන්නෙ නෑ......"

මෙනිත් හැඟුම්බරව කියද්දී මලිත් මෙනිත්ගේ පිටට එකක් ගැහුවේය.....

" ඔහොම කතා කරන්න එපා යකෝ උඹල අපි සහෝදරයොනේ.......සැපේදි නැතත් අපි දුකේදි ඉන්නවා... දැන් මේ යන්න යන ගමන සතුටින් සැහැල්ලුවෙන් පලයන්.......ඕනෙම වෙලාවක අපි තුන් හතර දෙනාම හූවක දුරනේ බං....... ඒක හින්දා බය නැතුව පලයන්......."

මිතුරන්ගේ එම වදන් මෙනිත්ගේ හිතට හැමදාමත් මෙන් සතුටක් මෙන්ම සැනසීමක් ඇතිකලේය .....

📩  ෆ්ලයිට් එකේ ඉන්නෙ සුදූ..........

පාන්දර දෙකයි විස්සට පමණ මෙනිත් ශාන් හට කෙටි පණිවිඩයක් තැබුවේ ඔහු නින්දේ සිටියොත් උදෑසන එය දකීවියැයි සිතාගෙනයි.. දැන් චීනයේ වේලාව පාන්දර පහට ආසන්න වී තිබෙන නිසා ශාන් නින්දේ සිටිනු ඇතැයි මෙනිත් අනුමාන කලේය .....

ඒත් ඉතින් කෙටි පණිවිඩය තබා විනාඩි දෙක තුනක් යන්නටත් පෙර ඔහුගෙන් කෙටි පණිවිඩයකි.....

📩  ලෑන්ඩින් ටයිම් එක කීයද බබා......

ඉතින් මෙනිත්ගේ මුහුණට සිනහවක් මතුවුනේය ...

📩  අවදියෙන්ද හිටියේ ඔයා......තවම පාන්දර පහටවත් නෑනේ....."

මෙනිත් අනෙක් අතට කෙටි පණිවිඩයක් තැබුවේ ශාන්  පිළිබඳව හදවතට ඇති වූ මහා පුදුමාකාර ගෞරවයක් සමඟයි...... ලංකාවේ ගත කළ මාසයක කාලය ඇතුළත ඔහු තමන් පිළිබඳව වද වූ ආකාරය , කොයි තරම් එපා කිව්වත් දෙතුන් වතාවක් මුදල් එවූ ආකාරය..... නිවසේ අය පිළිබඳවත් සොයා බැලූ ආකාරය මේ මොහොතේත් ඔහුට සිහි වුනේය.....

📩  ඔයා ෆ්ලයිට් එකට නඟිනකොට පාන්දර හතර පහුවෙයි කියලා හිතලා මම එලාම් එක තියා ගත්තා......ඉතින් එලාම් එකට අවදි වෙලා විනාඩි දහයක්වත් ගියේ නෑ ඔයා මැසේජ් කළා....... landing time එක කීයද බබා......

📩 හ්ම්ම්...... චයිනා වෙලාවෙන් 10. 20 am කියලා තියෙන්නේ .........

📩 එහෙනම් පරිස්සමෙන් එන්න ටුලී...... ටැක්සියක් අරගෙන බෝඩිමට එන්න.....මගේ කවුරුහරි එව්වොත් එතනත් ප්‍රශ්නයක් නේ...... හැබැයි ඔයා බෝඩිමට ආපු ගමන් මට මැසේජ් එකක් දාන්න ඕනේ...... දහයයි විස්සට බහිනවා කියන්නේ එකොළහ මාර විතර වෙනකොට ඔයාගේ මැසේජ් එකක් තියෙන්නම ඕනේ......

ඉතින් සුපුරුදු පරිදි ඔහුගේ මුහුණට සිනහවක් මතු වුණේය.......

📩  හරි හරි  සුදු බෝලේ......ඔන්න දුරකථන ක්‍රියා විරහිත කරන්න කියලා අර ගෑනියක් කෑගහනවා......එහෙනම් මම ෆෝන් එක ඕෆ් කරනවා.....තව පැයක් දෙකක් නිදාගන්න සුද්දෝ.......මං ආදරෙයි ........

එලෙසින් කෙටි පණිවිඩයක් තැබූ මෙනිත් දුරකථනය ක්‍රියා විරහිත කලේය ....... තවත් විනාඩි දහයක් පමණ ගතවන විට ගුවන් යානය ශ්‍රී ලංකා පොළොවෙන් යලිත් චීනය බලා යන්නට පියාසර කරන්නට පටන් ගත්තේය.....

එක පැත්තකින් හදවතට දැනෙන වේදනාවකුත් තවත් පැත්තකින් හදවතට දැනෙන සතුටකුත් සමගින් මෙනිත් දෙනෙත් පියාගත්තේ පැය පහකට ආසන්න ගුවන් කාලයක් නිමාකරන්නට තියෙන බව සිහිකරන අතරයි...

අප්පච්චිට දැන් හොඳටම හොඳ හින්දා හිතට බරක් නෑ...... ගෙදර පිටිපස්සේ බාත්රූම් එක හදපු හින්දා සුදූට උනත් බය නැතුව නාගන්න පුළුවන්..... ඉස්සර වගේ නෙමේ දැන් අපේ ගමෙත් කුඩ්ඩො බෝවෙලා...... අපේ ගෙවල් ළඟ පාතත් අවුරුදු දහනමය විස්සෙ කොල්ලෝ කුඩු පැකට් එක ගන්න හොරකම් පවා කරනවා කියලා  විහඟයා කියද්දි හිතට පුදුමෙකුත් දැනුනා.....  සුදුව පරිස්සම් කරන්න අප්පච්චි හයියට ඉන්න ඕනේ..... මමත් ගෙදර නැති එකේ එයාලගේ පහසුව ගැන මම මීට වඩා හිතන්න ඕනේ......මම සුදු අයියට කොච්චර කෑ ගැහුවත් එයා කියන කතාව ඇත්ත තමා....අප්පච්චිට හොඳටම හොඳ උනාම ගේ හදන්න ගන්න ඕනේ..... මම විතරක් සැප විඳලා වැඩක් නෑනෙ......එයාලා මට වඩා සුව පහසුව ඉන්න ඕන........

සෑහෙන වෙලාවක් මෙනිත් අනාගත සැලසුම් පිළිබඳව කල්පනා කළේය .. ඇත්තෙන්ම ඔහුට ඔහුගේ අනාගතය පිළිබඳව අමුතුවෙන් කල්පනා කරන්නට දෙයක් ඉතිරි වී නැත...... ශාන් සමඟ එක වහලක් යට ජීවත් වෙන්නට ඉදිරියට මුහුණ දෙන්නට තිබෙන ප්‍රශ්න පිළිබඳව පමණක් ඔහුට කල්පනා කරන්නට ඉතිරි වී තිබුණත් එතනින් එහාට ඔහු සමග ජීවත්වන ජීවිතය පිළිබඳව තමන්ටත් පෙර සුදු අයියා සැලසුම් සියල්ල සූදානම් කර අවසන් බව මෙනිත් නොදන්නවා නොවේ.......

" නිවාඩුවකට ඇවිල්ලා යන ගමන්ද මල්ලි...."

ආසනයට හිසත් හේත්තු කරගෙන බොහෝ දේවල් කල්පනා කරමින් අඩ හෝරාවක් පමණ ගෙවෙද්දී ඔහු අසලින් වාඩි වී සිටි තරුණයෙකු ඇසුවේය .....

" හ්ම්ම්ම්.....ඔව් අයියේ ........අප්පච්චිට අසනීප වෙලා හදිසියේම වැකේෂන් ආවා......"

" ඔහ්.....මාත් දැන් මාස දෙකකට කලින් මේ ඇවිල්ල ආපහු යන ගමන්....."

ඉතින් කල්පනා ලෝකය එතනින් නතර කර මෙනිත් ඔහු අසල වාඩි වී සිටි තැනැත්තා සමගත් ටික වේලාවක් කතා බහ කර දෙනෙත් පියාගත්තේය .....

.
.
.
.
.

ගුවන් තොටුපළෙන් පිටතට එන විට චීනයේ වේලාව හරියටම උදෑසන 10. 45  ලෙසින් සටහන් වී තිබුණි.... ටැක්සියක් අරගන්නට අවශ්‍ය නිසා ලැගේජ් එකත් ඇදගෙනම මෙනිත් ඉදිරියට ඇවිද යන්නේ ශාන් හට කෙටි පණිවිඩයක් තබන්නට සූදානම් වන අතරයි....

", එක්ස්කියුස් මී මිස්ටර් ......."

ටැක්සියක් හොයාගෙන යන්නට පෙර ටැක්සියක් ඔහු අසල නතර විය... මෙවන් සිදුවීම් ඉතින් ගුවන්තොටුපළක් ඉදිරියේ සුලභ නිසා මෙනිත් ඔහුගේ බෑගය පිටුපසට දමා ටැක්සියට ගොඩ වුණේය.......... යන්නට අවශ්‍ය තැන ටැක්සි ඩ්‍රයිවර්ට පැවසූ මෙනිත් යළිත් දුරකථනය අතට ගත්තේ කෙටි පණිවිඩයක් තබන්නට හිතාගෙනයි.....

ඒත්.........මීටර් කිහිපයක් ඉදිරියට ඇදී ගිය ටැක්සිය එක්වරම නතර වූ අතර හතර දෙනෙක් ඊට ගොඩවුනේය ........

" මේක මම හයර් කරන ටැක්සිය......"

  තමන්ගේ දෙපසින්ද දෙදෙනෙක් වාඩි වෙද්දී මෙනිත් අමනාපයෙන් යුතුව එලෙසින් පැවසූවත් සිදුවූයේ නොසිතූ දෙයකි....... කෙටි පණිවිඩයක් තියන්නට හිතාගෙන අතේ තියාගෙන සිටි දුරකථනය එක් අයෙක් උදුරා ගන්නට සූදානම් වෙද්දී වහා ක්‍රියාත්මක වූ මෙනිත් දුරකථනය ක්‍රියා විරහිත කලේය ...දැන් එය ඕපන් කරගන්නට නම් රහස් අංකය අවශ්‍ය වේ.......

දෙපැත්තේ සිටින මිනිසුන් දෙදෙනා දුරකථනය අතට අරගන්නට පොරබද්දී කෙසේ හෝ දුරකථනය ක්‍රියා විරහිත කරගත් මෙනිත් අතින් දුරකථනය සහ ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය ඔවුන් අර ගත්තේය......

" තමුන්ලා කවුද......වාහනේ නතර කරන්න........ "

සිදුවන්නේ කුමක්දැයි ඉවෙන් මෙන් අවබෝධ කරගත් මෙනිත් තරමක් කලබලයෙන් කීවත් ඉතින් වාහනය හීයක වේගයෙන් ඉදිරියට ඇදෙන්නේය......

" කලබල කරලා අපිට ප්‍රශ්න ඇති කරන්න එපා මිස්ටර් මෙනිත් මහිංෂ....... ඔයා යන්නේ ඔයා යන්න ඕනෙම තැනකට.........අපි කැමති නෑ ඔයාව අත පය බැඳලා එතනට අරගෙන යන්න.....ඒක නිසා කරුණාකරලා නිහඩව වාඩිවෙලා ඉන්න....."

ඉදිරිපස අසුනේ වාඩි වී සිටින ටයිකෝඩ් ඇඳගත් මිනිසෙක් එලෙසින් කියද්දී  මෙනිත් පුලුවන් තරම් සන්සුන් වුනේය ....... මේ දේවල් නුදුරේදීම සිදුවන බව දැනගෙන සිටියත් , දෙවැනි වතාවේත් චීනයට පය ලබද්දී පැහැර ගැනීමකට මුහුණ දෙන්නට සිදුවේවි කියා මෙනිත් හීනෙන් වත් හිතුවේ නැත.......

" බොස්...... කොල්ලා අපි එක්ක......"

නිහඬව සිටින්න යැයි මෙනිත් හට තර්ජනය කළ ඉදිරිපස අසුනේ වාඩිවී සිටින තැනැත්තා ඊළඟට දුරකථන ඇමතුමක් අරගත්තේය...... අනෙක් පසෙන් මොනවා කීවාදැයි කියන්නට මෙනිත් දන්නේ නැත......විනාඩි කිහිපයක් අනෙක් පසින් පැවසූ සියල්ල අසාගෙන සිටි ඔහු.....

" හරි බොස් අපිට පැයක් යයි......"

යනුවෙන් පැවසුවේය ....

පැයක් කියන්නේ  බෙයිජින් වලින් ටිකක් ඈතට.....

සන්සුන්ව අසුන්ගෙන සිටින අතර මෙනිත් කල්පනා කරන්නේය.... දුරකථනය ඔවුන් අතට පත්වුනාට මෙනිත්ගේ හිතේ බියක් ඇත්තේ නැත.... වියට්නාම් වලදී ශාන්  උපදෙස් ලබා දී තිබුණු පරිදි ඔහු කිසිම වෙලාවක චැට් හිස්ට්‍රි එක ඩිලීට් කරන්නට අමතක කරන්නේ නැත..... අනෙක් අතට කුවාන්ගේ  අංකය හැරෙන්නට ශාන්ගේ නිතරම භාවිතා කරන දුරකථන අංකය ඔහු ළඟ ඇත්තේත් නැත....කුවාන්ගේ අංකය පවා ඔහු නමක් යොදන්නේ නැතිව සේව්කරගෙන සිටින්නේ ශාන්ගේ උපදෙස් නිසාවෙනි ...

" මම මේ නිවාඩු ගිහිල්ල ආපහු එන මනුස්සයෙක්.....මං හිතන්නේ තමුසලට වැරදීමක් වෙලා......කරුණාකරල මට යන්න දෙනවා....."

තවත් විනාඩි කිහිපයක නිහඬියාවකින් පසුව මෙනිත් කියද්දී  ඔහුට එක් පසෙකින් වාඩි වී සිටින තැනැත්තා මෙනිත්ගේ ගුවන් ගමන් බලපත්‍රය දිගහැර මෙනිත් දෙස බැලුවේය ...

" මෙනිත් මහිංෂ........අපිට වැරදිලා නෑ මිස්ටර්..... වැරදි ලද නැද්ද කියලා conform කරගන්න කල් සද්ද වහලා ඉන්න...... ඒක අපි දෙගොල්ලගෙම ඇඟට හොඳයි...... මේ පේනවනේ අපි ළඟ තියෙන්නේ මොනවද කියලා......"

තිදෙනාම ඔවුන්ගේ පිස්තෝල පෙන්වද්දී මෙනිත් සිනාසුනේය ...නමුත් එතනින් එහාට ඔහු කිසිවක් පවසන්නට ගියේ නැත.... තමන් ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණි බව ශාන්හට  කෙටි පණිවිඩයකින් පවසා ගන්නට නොහැකි වීම පිළිබඳව මෙනිත්ගේ හිතේ ඇත්තේ කණගාටුවකි.....

වාහනය පුදුමාකාර වේගයකින් ඉදිරියට ඇදෙන අතර ඉදිරිපස අනෙක් අසුනේ වාඩිවී සිටින තැනැත්තාට නොනවත්වා දුරකථන ඇමතුම් ලැබෙන්නේය....ඒ සියල්ලම එක් පුද්ගලයෙකුගෙන් බව එම තැනැත්තා ඊට පිළිතුරු දෙන ආකාරයෙන් මෙනිත් තේරුම් ගත්තේය .....

කියා ගන්නට බැරි තැතිගැන්මක් හදවත තුළ නැතුව නොවේ.....මෙම පැහැර ගැනීම පිටුපස සිටින්නෙ කවුරුන්දැයි කියා හරියටම දැනගන්න අතුරු මෙම තැතිගැන්ම අවසන් වන්නේ නැත..... මාසයකට පසුව ශාන්ගේ මුහුණ බලාගන්නට පෙරුම් පුරමින් පැමිණි මෙනිත්ට දැන් මුහුණ දෙන්නට සිදුවී තිබෙන්නේ නොසිතූ ඇවැද්දියකටයි.....

එක්වරම තමන් අසල නතර කර සැනින් මෙම ටැක්සියට ගොඩවීම පිළිබදව මෙනිත් සිය දහස් වෙනි වතාවටත් දුක් වෙන්නට පටන් ගත්තේය......

හරියටම පැයකට පමණ පසුව විශාල කළු පැහැති ගේට්ටුවක් ඉදිරියේ ඔවුන් පැමිණි රථය නතර වුණු අතර එක් වතාවක් හෝන් එක නාද කරනවාත් සමඟම ගේට්ටුව විවර විය....... නිවසක් දකින්නටවත් නොමැතිව තනිකරම විශාල වත්තක් මැදින් දැන් වාහනය ගමන් කරන්නේය...... මේ වන විට වේලාව මධ්‍යහන ආසන්න වී තිබුණත් දෙපස තිබෙන විශාල ගස් නිසාවෙන් මෙම පරිසරයේ තිබෙන්නේ නම් අඳුරු බවකි.....

වාහනය පැමිණි වේගය නිසාවෙන් මේ කොහෙද කියා අවබෝධයක්වත් මෙනිත් හට නැත....... කළුපාට ගේට්ටුවෙන් ඇතුළු වී විනාඩි දහයකට පමණ පසුව ඈතින් විශාල පැරණි බංගලාවක් වැනි ගොඩනැගිල්ලක් දිස්වෙන්නට පටන් ගත්තේය...... මෙනිත් පපුව පුරවා හුස්මක් පිට කලේ හදවතට දැනුනු නොසන්සුන් බව නැති කරගන්නටයි......

අවසානයේ වාහනය එම බංගලාව ඉදිරියේ නතර කළේය...... තනි කලු පැහැති ඇඳුම් ඇදගත් හතර පස් දෙනෙක් ප්‍රධාන දොරටුව ඉදිරියේ හිටගෙන සිටින ආකාරය මෙනිත් දුටුවේය ....

" වාහනෙන් බහින්න......"

මෙනිත්ට එක් පසෙකින් වාඩි වී සිටි තැනැත්තා වාහනයෙන් බැස එලෙසින් කියද්දී එක්වරම ඔවුන්ට කීකරු වෙන්නට හිතක් නැති මෙනිත් නිසොල්මන්ව සිටින්නට තීරණය කලේය .....

" වාහනයෙන් බහින්න මිස්ටර් මෙනිත්..........අපි කැමති නෑ කිසිම දෙයක් ඔයාට රිදවලා කරන්න....."

අනෙක් පස වාඩිවී සිටි තැනැත්තාත් වාහනයෙන් බැස එලෙසින් කියද්දී මෙනිත් ඔහු දෙසට දවාහලුකරවන  බැල්මක් හෙළුවේය.....

" ඇයි මම වාහනෙන් බහින්නේ.....මේ මම යන්න ඕන තැන නෙවෙයි ......"

බියක් පෙන්වන්නේ නැතිව මෙනිත් කියද්දී  ප්‍රධාන දොරටුව අසල හිටගෙන සිටින දෙදෙනෙකුත් එතැනට ආවේය......

" මිස්ටර් මෙනිත් මහිංෂ......කරුණාකරලා වාහනයෙන් බහින්න......ඔයාව වාහනෙන් එළියට ගන්න ක්‍රම අපි දන්නේ නැතුව නෙවෙයි....මේ අවසාන වතාවට කියන්නේ........"

ප්‍රධාන දොරටුව අසල සිට එතැනට පැමිණි උස මහත මිනිසෙක් එලෙසින් කියද්දී මෙනිත් ඔහු දෙසටත් දවාහලු කරවන බැල්මක් හෙලමින් වාහනයෙන් බැස්සේය......දැන් ඔහු අතේ ඔහුගේ දුරකථනයත් නැත, ගුවන් ගමන් බලපත්‍රයත් නැත......

" යමු........."

" මාව අල්ලන්න එපා ......"

උස මහත මිනිසා මෙනිත්ව අල්ලන්නට හදද්දි ඔහු තදින්ම එයට විරුද්ධ විය.....ඉතින් දැන් දෙදෙනෙක් දෙපැත්තෙන් හිටගෙන හිටියත් කිසිවෙක් ඔහුව අල්ලාගෙන නැත....... පඩිපෙල් හත අටක් නැගීමෙන් පසුව පැරණි බංගලාවේ ප්‍රධාන දොරටුව විවෘත වූ අතර මෙනිත් අනෙක් දෙදෙනා සමග ඊට ඇතුළු වුණේය...............

🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

ළඟ ඉඳන් ඔය හදට සවිය පුද දී ඉන්න..
මට අවැසි වූවාට නැහැ ඉඩක් ලැබගන්න..
මා වෙතින් දුර ගිහින් තනිව දුක් උහුලන්න..
සිදු වුණත් හැකි නේද සමාවන් පිළිගන්න..

ගතින් නුඹ මා අසළ නැති වුවත් සැනසෙන්න..
සිතින් මං නුඹ ළඟයි ඒ ඇතිනෙ හිනැහෙන්න..
මතක තුරුළට අරන් රැයෙ අඳුර බිඳලන්න..
මැණික නුඹ විගසකින් මා වෙතට පැමිණෙන්න..

මගේම ආදරණීය ටුලීට... 💚
සුදු අයියගෙන්... ❤️•

Shihara_YZ ආදරණීය කවිකාරිගෙන් අදත් කාව්‍යමය සාරාංශයක් ....❤💚💛

**
**
**
**
**

මතුසම්බන්දයි ........

...................................................................................................

✒️ ඉතින් මේ මෙනිත්ව අරගෙන යන්නේ කවුරු වෙන්න ඇතිද.....

✒️ ශාන්ට එයාව හොයාගන්න පුළුවන් වෙයිද.....

✒️ අපි බලමු නේ.........

✒️ දන්නෙම නැතුව කතාව කොටස් පනහක් වෙලා......මම සාමාන්‍යයෙන් කතා ගොඩාක් දිගට ඇදගෙන යන කෙනෙක් නෙවෙයි කියලා ඔයා දන්නවනේ......හ්ම්ම්ම්.....හැටෙන් වගේ ඉවර කරන්නම්......ප්ලොට් එක complete කරන්න තව කොටස් දහයක් ඇතිවෙයිද කියන එක නම් ෂුවර් නැහැ.......බලමු.......කතාව චුට්ටක් දිග උනාට ප්‍රශ්නයක් නෑනේ නේද.....හැබැයි ඉතින් කොටස් හැත්තෑවක් වෙන්නේ නෑ කියන එක මම විශ්වාසයෙන් කියනවා......හැටක් තමයි හිතාගෙන ඉන්නෙ .......

✒️ හෙට 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........අරගෙන එන්නම් ......

✒️ හැමෝම පරිස්සමට නිරෝගීව ඉන්න ..... ❤💚💛

Pokračovat ve čtení

Mohlo by se ti líbit

270K 47.4K 59
ඩේ අම්මු.... නා උන්නෙයි කාදිලික්කිරේන් ❤ (පරිනත අන්තර්ගතයකි...)
12.7K 2.8K 45
විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~
6.1K 611 11
තවමත් නුබ නමින් .. ✨️❤ රශේනයා කිව්වා වගේ මලක් හැබැයි කැලෑ මලක් නෙමේ පින්න මලක් .. - රොන් ... ඒ නපුරු ඇස් ... ආඩම්බරයි , සෙල්ලක්කාර යි ... ඒ නපුරා වග...
13.2K 2.7K 27
අත්වැරදීමකින් රාජකීය පරම්පරාවක මුල් පුරුකෙන් ආරම්භ වූ ශාපයක් අවාසනාවන්ත ලෙස පරපුරේ සියලු සාමාජිකයන් අකාලයේ මරු තුරුලට යැව්වා.......... දශක කිහිපයක්...