මානස (Completed)

By NirMad238

58.8K 11.2K 11.2K

ඔයා වෙනුවෙන් මං හැමදාමත් ඉන්නවා.... More

Introduction
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
පසුවදන

63

422 93 91
By NirMad238

"අයියේ..
අනේ මීරට මොකක් වුනාද දන්නෑ.
තාම මට මේක ඇත්ත කියලා හිතාගන්නත් බෑ.
බැරි වෙලාවත් වෙන කවුරුහරි විල්සන්ව මරලා මීරව අහුකලාවත්ද?"

"Hmm...
I don't know.
It might be a possibility.
But what do you want to do now patiyo?
Do you want to go and meet your friend?"

අයියා නම් ඇත්තටම මනුස්සයෙක් නෙමෙයි.
දෙවියෙක්!
නැත්තම් කාටද මේ වගේ වෙලාවක මෙච්චරම මගේ හිත තේරුම් ගන්න පුළුවන්!
ඒත් අයියෙ කවුරු නිසාවත් ඔයාට කරදරයක් වෙන්න දෙන්න නම් බෑ මට.

"I don't know ayye?
Is it safe?
Whatever it is I don't want you to get in trouble!"

"I feel the same about you!
So.. let's first find out what has happened.
Then if there's anything we could do about your friend, let's do it."

පේනවනෙ ඉතින්!
මෙහෙම මිනිස්සු මේ ලෝකෙ කොහෙද ඉන්නෙ?
වෙන කෙනෙක් වුනා නම්, අපෝ ඔහොම මිනිස්සු එක්ක ආශ්‍රයක් තියාගන්නෙ නැතුව ශේප් එකේ අයින් වෙන්න කියයි.
අපේ ප්‍රශ්න මදිවට තව අනුන්ගෙ ප්‍රශ්නත් ගොඩ ගහගන්නෙ මොන මගුලකටද කියයි.
ඕනෙම නම් අපේ ප්‍රශ්න විසඳගෙන අනික් එවුන් ගැන බලමු කියයි.
එහෙම මිනිස්සු ඉන්න ලෝකෙක අයියා කියන්නෙ මැණිකක්!
හැම තැනකටම සුවඳ පතුරන ලස්සනම ලස්සන අහිංසක නෙළුම් මලක්!

ඉතින් අපි වෙච්ච සිද්දිය ගැන හොයන්න ගත්තා.
මේ පත්තරේ සතියකට විතර කලින් එකක්. ඒ කියන්නෙ මේ ලඟදි තමයි හැමදේම වෙලා තියෙන්නෙ.
අපි දෙන්නම රට තොට විස්තරයක් ගැන ආසාවට හොයලා බැලුවෙ නෑනෙ මේ ටිකේම අනාගතේ plan කර කර හිටියා මිසක්.

කොහොම වුනත් Internet ගියාම නම් සේරම විස්තරේ මිරිස් තුන පහ එක්කම තිබුනා.
හැබැයි ඒ  විස්තරේ කියෙව්වම මගේ ඇඟේ මයිල් කෙලින් වුනා.
මොකද විල්සනයව විතරක් නෙමෙයි මීරා මරලා තියෙන්න,
ඌ උගේම තාත්තාවත් මරලා!
දෙන්නවම මරලා දාලා තියෙන්නෙත් ලේසි පාසු විදියකට නෙමේ.
කැත්තෙන් කොටලා!

මීරා තමන්ගෙ වැරැද්ද පිළි අරන් පාපෝච්චාරනය කරලා තිබුනා.
එතකොට මීරගෙ අම්මා කට උත්තරයක් දීලා තිබුනා විල්සනයයි, තාත්තයි අම්මටයි නංගිටයි කරදර කරන්න හදද්දි එයාලව බේරගන්නයි මීරට එහෙම කරන්න සිද්ද වුනේ කියලා.
ඇත්තටම විස්තරේ කියවලා මීරට දොස් කියන මිනිස්සු හිටියෙම නැති තරම්.
අම්මවයි නංගිවයි බේර ගත්ත වීර පුතෙක් කියන තත්වෙ මීරට ලැබිලා තිබුනෙ.

ඒත් දැන් ඌට මොනා වෙයිද?
මං හිටියෙ පට්ටම අවුලෙන්.
මොනවා වුනත් ජීවිතේ අමාරුම කාලෙදි මගේ ලඟින්ම හිටපු එකානෙ ඌ.
ඒ නිසා කරදරේක වැටුනම අහක බලන්නෙ කොහොමද?

මං ඉන්නෙ අවුලෙන් කියලා අයියට තේරුනා.
ඉතින් එයා එයාගෙ ASP අයියා කෙනෙක් ඉන්න යාළුවාටම ආයෙත් කතා කලා.
මීරා ගැන විස්තරයක් හොයාගන්න පුළුවන් වුනොත් කියන්න කිව්වා.
හැබැයි ඉතින් අපි දැනටම දන්න විස්තරේ ඇරෙන්න වෙන ලොකු දෙයක් නම් දැනගන්න ලැබුනෙ නෑ.

මීරා වරද පිළිගත්ත නිසායි,
මේක ආත්මාරක්ශාව වෙනුවෙන් කරපු දෙයක් නිසයි,
මීරට ලොකු දඬුවමක් ලැබෙන එකක් නෑ කියලා තමයි කිව්වෙ.
බොහෝ විට අවුරුදු දහයකට විතර ඇතුලට යන්න වෙයි කිව්වා.
කොහොමත් මැරිච්ච මිනිස්සු දෙන්නම රටටම එපා කරපු උන් දෙන්නෙක්නෙ.
උන් දෙන්නව මැරුවට මීරට හරි නම් වීර පදක්කමක් දෙන්නයි ඕන.

ඒත් මගේ හිතට අවුල්.
මේ හැමදේම තාම හීනයක් වගේ.
කා එක්කවත් රණ්ඩුවට නොයන,
කියන ඕන දෙයක් කරගෙන බල්ලෙක් වගේ ඉන්න මීරා මිනිස්සු දෙන්නෙක්වම මැරුවා කියද්දි.
ඒකත් තනියෙම්ම!
හිතාගන්නවත් බෑ.

මීරගෙ සිද්දිය සම්බන්දෙන් අපිට කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ කියලා තමයි අයියගෙ යාළුවා කිව්වෙ.
මීරා හැමදේම පිළිගත්ත නිසා, නඩුව කොහොමත් ඉක්මනට ඉවර වෙනවලු.
Lawyer කවුරු වුනත් ඒකෙන් ලොකු බලපෑමක් වෙන්නෙ නෑලු.
කොහොමත් එක එක දේවල් ඔප්පු කරගන්න ඕන වුනාමනෙ lawyersලා හොය හොයා දඟලන්න ඕනෙ.
මේකෙ එහෙම දේවල් නෑනෙ.

ඒත් ඉතින් දුකට සැපට හැමදේටම මාත් එක්ක හිටපු යාළුවට මෙහෙම කරදරයක් වුනාම මට කරන්න දෙයක් කොහොමත් නෑනෙ කියලා අතෑරලා දාලා ඉන්නෙ කොහොමද?
ඌ හොඳින් ඉන්නවද?
කතාබහ කරලා හිත හදන්නවත් කවුරුත් ඉන්නවද කවුද දන්නෙ.
ඒත් එහෙමයි කියලා අයියවත් ඇදගෙන ඕවවල ගිහින් එයාට කරදරයක් වෙන්න දෙන්නත් බෑ.

මේවා හිතලා හිතලම මගේ ඔළුව යකාගෙ කම්මල වගේ වුනා.
කිසිම දෙයක් කරගන්න ඔළුවට නිදහසක් නැති වෙලා ගියා.
අන්තිමේදි අයියා මං කරන පිස්සු වැඩ බලාගෙන ඉන්න බැරුවද කොහෙද කිව්වා මීරාව බලලා එන්න යමු කියලා.

ඉතින් හෙල්මට් දාලා, mask දාලා කාටවත් ලේසියෙන් අඳුනගන්න බැරි වෙන විදියට අපි දෙන්නා ගියා.
මීරා දැන් ඉන්නෙ හිරේනෙ.
හිතද්දිත් පුදුමයි.
එක පැත්තකින් විල්සන්ගෙ කල්ලියෙන් ගැලවිලා ගිහින් මං අළුතෙන්ම ජීවිතේ පටන් ගන්න යද්දි,
මීරාගෙ ජීවිතේ තවත් අගාධයට යනවද මන්දා.
ඒත් එහෙම වෙන්න දෙන්න බෑ.
උඹ ආයෙම එලියට එන දවසක මං අනිවාර්යයෙන්ම උඹට හයියක් වෙන්න ඉන්නම් මීරා.
අනිවාර්යයෙන්ම ඉන්නම්!
උඹ හැමදාමත් මට මගේම සහෝදරයා!

මීරා මාව දැකලා පුදුම වුනා.
ඊට පස්සෙ වැලහින්නක් වගේ ඉකි ගහ ගහ අඬන්න ගත්තා.
ඌ පව්!
මටත් මාරම දුකයි.
හැබැයි ඌව දකිද්දි මට වැඩිපුරම හිතෙන්නෙ අයියව තදම තද කරලා බදාගෙන කවදාවත්ම කොහේවත්ම යන්න නොදී මගේ ලඟම ලඟම තියාගන්න.

අයියා නොහිටින්න මගේ ඉරණම මොකක් වෙයිද කියලා හිතාගන්නවත් බෑ.
දිව්‍ය ලෝකෙත් අතෑරලා මං වෙනුවෙන්ම අපායෙ ලෝදිය හැලියකට පැන්න මගේ angel.
ඔයාගෙ ආදරේ නම් ඇත්තටම අදහගන්නවත් බෑ.
මං ඔයාට කොයිතරම් ණයගැතියිද කියලා කියාගන්නත් බෑ.
මගේ හිතේ ඔයාට තියෙන ආදරේ ගැඹුර මැනලා ඉවර කරන්නත් බෑ.

අයියා අපි දෙන්නට කතා කරන්න ඉඩ දීලා එලියට ගියා.
අඬලා අඬලා අඬලා අඬලා අන්තිමේදි මීරා මාත් එක්ක වෙච්ච සිද්දිය කිව්වා.

විල්සනයා හිතලා තියෙන්නෙ මං ඉන්නෙත් මීරා එක්ක කියලා.
ඉතින් උගේ තාත්තත් විල්සනයට අපිව හොයන්න සපෝට් එක දීලා.
ඒ තාත්තා කොහොමත් තාත්තෙක් නෙමේ පොන්#යෙක්නෙ.
බොන්න දෙනවා නම් තමන්ගෙම ළමයව වුනත් බිල්ලට දෙන්න දෙපාරක් හිතන්නෙ නෑ.

කොහොම හරි මීරා අම්මව බලන්න ගිය වෙලාවක උගේ තාත්තා ඌව අල්ලගෙන විල්සනයට කියලා.
විල්සනයයි ජොනායි සෙට් එකක්ම ඇවිත් මීරට දස වද දීලා මං ගැන අහලා.
මීරා කියලා නෑ.
කොහොමත් කියන්න ඌ මං ගැන දැනගෙන හිටියෙත් නෑනෙ.

අන්තිමේදි මූ කතා නොකරන තැන උන් මුගේ අම්මවයි නංගිවයි දෙන්නවම අල්ලගෙන මුගේ ඉස්සරහම තියාගෙන විනාස කරලා දාලා.

මට හිතාගන්නවත් බෑ.
ඌ කියපු දේවල් ඇහිලා මගේ මුළු ඇඟේම හිරිගඩු පිපුනා.
ඒක අප්පිරියාවක්ද, මීරා ගැන ඇති වෙච්ච වේදනාවක්ද, දුකක්ද, මොකක්ද කියලා මට තේරෙන්නෙ නෑ.
හැබැයි මොකක් වුනත් මං ඒකගෙ කතාවට පොඩ්ඩක්වත් ආස නෑ.

එකාතකට මට මීරගෙ අම්මත් එක්කත් තරහයි.
ඒ ගෑණි පිස්සු මිනිහෙක්ව කසාද බැඳගෙන තමන්ගෙ විතරක් නෙමෙයි, තමන්ගෙ ළමයි දෙන්නාගෙත් ජීවිතේ විනාස කරගත්තා.
අර මිනිහා පිස්සෙක් කියලා දැනගත්තම ළමයි දෙන්නවත් අරන් යන්න තිබුනෙ නැද්ද එයාට කොහේහරි?

ඒ අතින් මගේ අයියට හැමදාම උදේ හවස මල් තියලා වැන්දත් මදි.
අම්මා තාත්තා නොවීත් එයා මාව හැමදාමත් බලාගත්තෙ ඒ හැමෝටම වඩා හොඳට.
එයාව මටම ලැබෙන්න මං කොච්චර පින් කරලා ඇද්ද කියලා හිතාගන්නවත් බෑ.

ඉතින් කොහොම හරි එදා රෑ වෙද්දි
ජොනායි අනික් කොල්ලො දෙතුන් දෙනයි ගමේ අනිත් ගෙවල් පැත්තටත් බැල්ම හලන්න ගියාලු.
ජොනා එහෙමනෙ.
ඌට කීයක් එක්ක බුදියගත්තත් මදි.

මේ අතරෙ මීරගෙ තාත්තා බීලා බීලම වැටිලා ඉඳිද්දි විල්සනයා මීරගෙ නංගිගෙ ඇඟ උඩ නැගගෙන හිටියලු.
මේවා දකිද්දි මීරගෙ ඇඟට කොහේදෝ හිටිය යකෙක් ආවේශ වුනාලු.
ඉතින් ඌ කොහොම හරි නැගිටලා ගිහිම් කුස්සියෙ දොර මුල්ලෙ තිබුන කැත්ත අරන් ඇවිත් නංගිගෙ ඇඟ උඩ හිටපු විල්සනයට කොටාගෙන කොටාගෙන ගිහින්.
ඊලඟට ගේ ඇතුලෙම වැටිලා හිටපු තාත්තගෙත් බෙල්ල වෙන් වෙන්නම කොටලා එහෙම්මම ගිහින් පොලීසියට බාරවෙලා.
වෙච්ච සිද්දිය ගැන ඌට කිසිම දුකක් නෑ කියලා ඌ කිව්වෙ.
ඒක හරි!
මැරිච්ච එවුන් දෙන්නම මැරෙන්න ඕනෙ බල්ලො දෙන්නෙක්.

"මීරා!
මට සමාවෙයන් උඹ වෙනුවෙන් එවෙලෙ ඉන්න බැරි වුනාට.
ඒ වගේම අදින් පස්සෙ මට උඹව බලන්න එන්නත් ලැබෙන එකක් නෑ.
ජොනා තාම ඉන්නවා කියන්නෙ හැමදේම අවදානම්.
හැබැයි දුක් වෙන්න එපා.
මට උඹව කවදාවත් අමතක වෙන්නෙ නෑ.
උඹ හිරෙන් එලියට එන දවස වෙනකල් මං බලාගෙන ඉන්නවා.
ඊට පස්සෙ ජීවිතේ ලස්සනට පටන් ගමු.
උඹට වරදින්නෙ නෑ.
උඹේ ඕනම දේකට මං හැමදාමත් ඉන්නවා."

මීරව බදාගෙන පිටට තට්ටුවක් දාලා මං කිව්වා.
ලස්සන ජීවිතයක් වෙනුවෙන් තියෙන බලාපොරොත්තු තමයි මිනිස්සුන්ට කඩා නොවැටී ඉන්න හයිය දෙන්නෙ.
ඉතින් මීරගෙ හිතේත් ඒ වගේ ලස්සන බලාපොරොත්තු ඇති කරවන්නයි මට ඕනෙ.
කොහොම හරි ඉස්සරහට ඇවිදගෙන ගිහින් ඌටත් හයියක් වෙන්න පුළුවන් දවසක් මටත් එයි.
එදාට මං කිසිම හේතුවකට ඌව අමතක කරන්නෙ නෑ.

"කවියා!
මට තේරෙනවා උඹ අරූ එක්ක ඉන්නෙ ඇයි කියලා.
උඹ කරන දේ හරි.
ඌට විතරයි මේ වලෙන් ගොඩ යන්න උඹට උදව් කරන්න පුළුවන්.
ඒත් උඹ ඇත්තටම ආදරේ කරන්නෙ මට නේද?
නැත්තම් මේ තරම් අවදානමක් අරන් මෙහෙම මං වෙනුවෙන් එන්නෙ නෑනෙ.
මට සමාවෙයන් කලින් බොරුවට උඹත් එක්ක රණ්ඩු ඇල්ලුවට.
උඹ ඌව අතෑරලා දාලා එනකල් මාත් බලාගෙන ඉන්නවා.
හැමදාමත් මං උඹට ආදරෙයි කොල්ලො!"

එක පාරටම මගේ ඔළුව උඩ හෙණ හතක් පිපුරුනා.
මීරගෙ තොල් මගේ අතේ ඇඟිලිවල ගෑවී නොගෑවී ගියා.
දෙයියනේ!!
මට දැනුනෙ කරන්ට් වැදුනා වගේ.

ඒක අර අයියා ලඟදි දැනෙන ආස හිතෙන පිස්සු වැටෙන කරන්ට් වැදිල්ල නෙමෙයි.
බය හිතෙන, රිදෙන, අප්පිරියාවක් දැනෙන කරන්ට් වැදිල්ලක්.

මං ඉක්මනට එහාට පැන්නා.
එහාට පනිද්දිම මාව කාගෙදෝ ඇඟේ හැපිලා වැටෙන්න ගියා.
බය වෙලා ඒ දිහා බලද්දි මාව අල්ලගෙන හිටියෙ අයියා!

අනේ දෙයියනේ අයියා!!
එතකොට ඒ කියන්නෙ..
එයාට මීරා කිව්ව කතාව ඇහෙන්න ඇතිද?
එයා වැරදියට හිතයිද?
දැන් මං මොකද කරන්නෙ?

හැබැයි කිසිම දෙයක් කරගන්න වුනේ නෑ.

"We have to leave now.
After finishing what you were doing, you can come out!"

රකුසෙක් වගේ මූනත් නපුරු කරගෙන කියපු අයියා ආයෙම එලියට ගියා.
මාව ගල් ගැහිලා කරන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරුව ගියා.

"මං යන්නම් කවියා.
උඹ එනකල් බලාගෙන ඉන්නම්!"

"මීරෝ!!!
උඹ හිතන විදිහෙ දෙයක් මගේ හිතේ නෑ.
ඇයි උඹට නොතේරෙන්නෙ??
මං ආදරේ අයියටම විතරයි.
හැබැයි උඹ මගේ යාළුවා!
සහෝදරයා!
ඒ නිසා මං උඹේ ඕනම දේකට ඉන්නවා.
ඒත් එතනින් එහාට කිසිම දෙයක් නෑ.
දැන් ගිහින් දුක් නොවී හිටපං.
උඹේ අනාගතේ වෙනුවෙන් මට පුළුවන් හැමදේම මම කරන්නම්!"

මීරට කියාගෙන මාත් අයියගෙ පස්සෙන් එලියට දිව්වා.
වෙන දවසක වුනා නම් මීරා මගෙන් කනවා ආයි කෑමක් ඌට දෙයියො බුදුන් සිහි වෙන්නම.
ඒත් අද මට එහෙම කරන්න හිතුනෙ නෑ.
ඌ ඉන්න තත්වෙ හැටියට එහෙම කරන්න මට හිත හදාගන්න බෑ.
මොකද ඌ විඳලා තියෙන දුක්වල හැටියට මං විඳපු දුකක් නෑ.

හැබැයි ඌ රිද්දුවෙ මගේ ලෝකෙ වටිනම වස්තුවට.
ඒ නිසා මීරව මම හම්බවෙන අවසාන වතාව තමයි මේක.
දුරින් ඉඳන් කරන උදව්වක් කරනවා ඇරෙන්න ආයෙම කිසිම දවසක කිසිම හේතුවකට මං ඌට ලං වෙන්නෙ නම් නෑ නෑ නෑම තමයි.

මං යද්දි අයියා එලියෙ බලාගෙන ඉන්නවා.
මූණ පේන්නෙ නෑ helmet එක දාගෙන ඉන්නෙ.

"Let's go!"

මාව දැක්ක ගමන් එයා ගිහින් bike එකට නැග්ගා.
අනේ ඉතින් එයාට අර මොඩයගෙ කතා ඇහිලා තමයි.
නැත්තම් වෙනදට ඔහොම නෑනෙ.
හිනා වෙවී ඉන්න හා පැටියනෙ මගේ!

"Ayye...
Can we talk?"

"It's getting late and I have work to do.
So get in!"

අනේ ඉතින් නපුරා!
මගේ ඇඟේ හිරිගඩුත් පිපෙනවා.
ලේසියෙන් තරහා නොවුනට මොකද මෙයා තරහා වුනාම යාළු කරගන්න මාර අමාරුයි.
බිම පෙරලි පෙරලි ඇඬිල්ලක් වගේ තමයි අදත් ගෙදර ගියාම කරන්න වෙන්නෙ.

ඉතින් මං බයික් එකට නැග්ගා.
නැගලා මගේ හා පැටියට කිටි කිටියෙ බදාගත්තා.

"Don't you know how to travel in a bike?
Sit properly.
Don't disturb the rider!"

පුහ්!
මෙයාගෙ ගෑස්!
අපි නම් ගණන් ගනී ඕවා.
මං කකුල් දෙකත් උඩට අරන් හා පැටියව තවත් ටිකක් තුරුල් කරගත්තා.

"Don't listen to others my angel!
Only listen to me!
You should know by now.
I'm only only yours.
Whether you are rich or poor,
Healthy or sick,
Alive or dead,
It doesn't matter.
For me it's you and only you!
Always Always you!!"

හා පැටියගෙ jacket එක පාත් කරලා ඒ සුවඳ බෙල්ලම kiss කරන ගමන් මං කෙඳිරි ගෑවා.
ඔන්න මගේ angel ලොකුම ලොකු හුස්මක් පාත දැම්මා.
මං දන්නවනෙ ඉතින්.
චුට්ට ඇත්නම් නැට්‍ට පාගගන්න මගේ චූටියනෙ මේ!

"If what he said is true,
It's ok.
I'll help you with everything and I'll make sure you both have a bright future.
I love you.
But as I said before I don't want to trap you with me!"

ඔන්න ඔන්න අයියෙ දැන් නම් මටත් තරහා යනවා.

"Ayye!
Let's go home first.
We can't discuss this here."

මටත් මල පැනලා මං කිව්වෙ.
ඇයි යකෝ මේක මාර වැඩක්!
මෙච්චර කියනවා කියනවා උඹට තමයි පණ යනකල් ආදරේ කියලා.
ඒත් වැඩක් නෑ.
පොඩ්ඩ වැරදෙද්දිම මේ මිනිහා නැට්ට පාගගෙන මූණ එල්ලගන්නවා.
එක්කො සමහරවිට මූට මාව පැත්තකට කරලා දාලා වෙන මගුලක් කරගන්නද දන්නෑ ඕනෙ.
නපුරා!

මං එහාට වෙලා වාඩි වුනා.
දැන් ගෙනියගන්න එකයි ඇත්තෙ ආස ආස විදියට බයිසිකලේ!
හැබැයි ඉන්නවකො ගෙදර යනකල්.
මං ඔය ඔළුවෙ කෙස් ගහෙන් ගහ උගුල්ලන්නෙ.

"ආ..හ්!"

එහාට වෙලා හිටපු මාව විසි වෙලා ගිහින් අයියගෙ පිටෙත් වැදුනා බයික් එක රේස් කරපු පාරට.
මෝඩයා!
ඇලි හිවලා!
පුස් ඌරා!
ලේ බොන වැම්පයරයා!
මං තරහයි!

"ආ..හ්!"

ආයෙම මේ යකා bike එක brake කලානෙ එක සැරේටම.
මේක මාර වැඩක්!
කිලෝමීටරෙන් මීටරේටම brake වැඩද කියලා check කරනවද මේ මිනිහා!
දෙකක් කියන්න කියලා මං ඉස්සරහට එබුනෙ.
හැබැයි ඉස්සරහා දැක්කම මාව ගල් වෙලා ගියා.

මොකද ඉස්සරහා trailer bike පහ හයක් එකට නවත්තලා තිබුනා.
උන් හිටියෙ අපි එනකල්.
එදා ඉස්සරම අපි එකෙක්ව මරන්න ගිය හැටි මට මතක් වුනා.
එතකොට අදත් මුන් ඉන්නෙ ඒකටමද?

අනේ මගේ අයියා!
මට මොනා වුනත් එයාට නම් මොකුත්ම වෙන්න දෙන්න බෑ.
මං අයියව තද කරලා බදාගත්තා.

"Who are they?
What are we gonna do?"

"Snowdrop,
Don't get down.
Not for any reason.
Stay with me ok?
And take photos of all that bikes.
Then put one leg over my thigh.
Hold me tight.
We are gonna go past them and straight to a police station!"

"Ayye,
I don't want anything to happen to you.
You are my everything.
Without you I'm dead!
Please remember that ok?"

අයියගෙ බෙල්ලට තොල් දෙක තද කරන ගමන්ම මං ඇස් දෙක පියාගත්තා.

"I love you a lot too!!"

මගේ ඔලුවට kiss එකක් ලැබුනා.
ඊලඟට එකපාරටම bike එක race වුනා.
අපි විදුලි වේගෙන් ඉස්සරහට ඇදුනා.
මොනවා මොනවදෝ හැප්පුනා.
Bike එකේ balance නැති වෙන්න ගියා.
අයියගෙ කකුල උඩ තිබ්බ මගේ කකුලෙන් ඇදලා අයියා මාව එයාගෙ ඉස්සරහට ගත්තා.

"Don't worry.
Nothing's gonna happen to you!"

මගේ කනට කොඳුරන ගමන් අයියා දිගටම නොනවත්වාම ගියා.
මං චූටි කෝලා බෙයා කෙනෙක් වගේ එයාගෙ ඇඟේම එල්ලිලා හිටියා.
ගිහින් ගිහින් ගිහින් ගිහින් අයියා නැවතුනේ police station එකක.
අරුන් අපේ පස්සෙන් ආවද!
නැත්තම් උන්ව මගෑරුනද ඒ කිසිම දෙයක් මං දන්නෙ නෑ.
මං දන්න එකම දේ අයියා මාව හැමදාමත් වගේ හැමදේකින්ම බේරගත්තා කියලා විතරයි.

පොලීසියට අපි ගත්ත photos ටිකත් දිලා, පැමිණිල්ලකුත් කරලා අපි ගෙදර ආවා.
ආවෙ taxi එකක.
Bike එක පොලීසියෙ.
ඒක අයියගෙ යාළුවා පස්සෙ ගෙනත් දෙන්නම් කිව්වා.
කොහොමත් අද ආයෙම ඒකෙ යන එක භයානකයි.

ගෙදර ආපු ගමන් අයියා මෙට්ටෙ හාන්සි වෙලා ඇස්දෙක පියාගත්තා.
එයා පව්!
අමාරු ඇති.

"Ayye,
Are you ok?
Shall I make some tea?
Or do you want to eat something?"

"Nothing!
I just want to lie down and close my eyes.
But you have to eat ok?
I'm tired Snowdrop.
So please don't disturb."

මං ඉතින් එයාට කරදර කලේ නෑ.
අයියට නිදාගන්න දීලා සද්ද නැතුවම ඉව්වා.
දැන් මටත් යමක් කමක් කරගන්න පුළුවන් නිසා හොඳයි.
නැත්තම් ඉතින් අයියම මේ සේරම කරන්න ඕනනෙ.

කෑම හදාගෙන මං බලාගෙන හිටියා.
අයියා නැගිටින පාටක් නෑ හැබැයි.
එයාට හොඳටම දාඩියත් දාලා.
මං හෙමීට shirt එක ගැලෙව්වා.
හැබැයි ඒ එක්කම මට කෑගැහිලා ඇඬුනා.
අයියා බය වෙලා නැගිට්ටා.
මාව බදාගෙන තුරුල් කරගත්තා.

"What's it Patiyo?
What happened?
Are you ok?"

"You are a stupid man ayye!
You are a stupid stupid man!
Why are you doing this all the time.
Look at you!
Look at your back!
It's all blue.
There's even blood coming out!
Why didn't you tell me??
Why do you have to bear everything alone?
Am I nobody to you??"

මට දුකයි.
මාරම දුකයි.
අයියගෙ පිට ගන්නම දෙයක් නෑ.
අරුන් ගහලා.
ඒ ගහපු පාරවල් නිල් වෙලා.
තවත් ඒවා රතු වෙලා.
සමහර තැන් වලින් ලේත් ගලනවා.

එයා එවෙලෙ මාව ඇදලා ඉස්සරහට ගන්න ඇත්තෙ ඒකයි එහෙනම්.
මට වැදෙයි කියලා.
පිස්සා!
මට ගුටි කාලා හොඳට හුරුයිනෙ දෙයියනේ!!!
එයා වගේ නෙමෙයිනෙ මං!

"Hey!
Silly boy!
You broke my sleep.
These don't hurt Snowdrop.
I'm just too tired."

"Ok,
Lie down then.
I'll feed you.
Then let me clean all these ok?
I'll be as gentle as possible!"

"Ok, if you insist.
But you don't have to do any of them.
I'm really ok."

මෝඩ මිනිහා.
මාව යන්තම් හීරුනත් ක්‍රීම් ගාලා නලවලා බදාගෙන එකම  විකාරයක් කරනවා.
එයාගෙ මුළු පිටම තැලිලා තියෙද්දිත් මොකුත් ඕන නෑලු.
හිතාගෙන ඉන්නෙ incredible hulk කියලද දන්නෑ!

මං අඬ අඬම එයාව තුරුල් කරගෙන ඉම්බා.
ජීවිතේ පලවෙනිම වතාවට තනියෙන්ම හදපු කෑම අයියට කැව්වා.

එයාට මේ ලෝකෙ කාපු රසම කෑම එක ඒකලු.
ඉතින් මං එයාට තවත් kiss එකක් දුන්නා.
එයා ලස්සනම ලස්සන රෝස මල් කුමාරයෙක් වගේ මාත් එක්ක හිනා වුනා.
දැන් නම් මගේ චූටියා මාත් එක්ක තරහා නෑ වගේ.
ඒත් මට දුකයි.
මං ගැනම තරහයි.
මං කවදාවත් අයියට කිව්වෙ නෑනෙ මීරගෙ හොර හිත ගැන.
අයියා හිතාගෙන හිටියෙ මීරයි මායි හොඳ යාළුවො දෙන්නෙක් කියලා විතරයි.
එහෙම එකේ අතෙන්දි මීරා කියපු දේවල් ඇහුනම අයියට මොනවා හිතෙන්න ඇතිද කියලා මට හිතාගන්නවත් බෑ.

ඒත් එහෙම වෙලත් එයා එක අංශුමාත්‍රයක්වත් එයා ගැන නොහිත මාව බලාගත්තා.
අරුන්ගෙන් බේරගත්තා.
මට හිතාගන්නවත් බෑ අයියෙ ඔයාගෙ ආදරේ!

අයියට කෑම කවලා ඉවර වෙලා උණු වතුර එකක් රත් කරලා ඒකට සිද්ධාලේපත් දාලා මං එයාගෙ පිට හෙමීට තැව්වා.
ලේ එන තැන් තවන්න බෑ.
ඒවා දැවිල්ලයි.
බේත් දාන්න ඕනෙ.

"Ayye,
Meera helped me a lot when I was in the slums.
He was like my own brother to me.
Nothing more.

But I didn't know.
Meera hasn't been feeling the same.
He once confessed his feelings and I clearly said I didn't love him.
For me it was always you and only you.
So I thought he understood.

I wasn't trying to hide it from you my Happy pill.
It just slipped my mind coz I didn't feel it as important.

I don't know why Meera came to believe some nonsense like what he said today.
But I swear ayye,
I had no feelings for anyone else in my whole life.
It was, is and will always be only for you.
And I haven't done anything with anyone as well.
For me, the only person who can make me go crazy is you.

I love you so... much!"

මං අයියගෙ පිට පුරාවටම දැනෙන නොදැනෙන ගානට kiss කරගෙන යන ගමන් කිව්වෙ.
මෙයා හොඳින් ඉන්න වෙලාවල් වලදි ප්‍රශ්න ඔක්කොම විසඳගන්න ඕනෙ.
නැත්තම් ඊලඟට දස මාර යුද්ධයක් කරන්න වෙනවා තරහා වුනාම යාළු කරගන්න.

ඇත්තටම ඉතින් මේ ලස්සන angelට මං හිතාගන්නවත් බැරි තරම් ආදරෙයි.
සමහරවිට කෙනෙකුට හිතෙන්න ඉඩ තියෙනවා මං මේ ආදරෙයි ආදරෙයි කියන්නෙ එයා මං වෙනුවෙන් කරන අදහගන්නවත් බැරි තරම් දේවල් වෙනුවෙන් ඇතිවෙච්ච ණයගැති බවට කියලා.

ඒත් ඒක එහෙම නෙමෙයි.
මං එයාට ණයගැතියි තමයි.
ඒත් ඊටත් වඩා මං එයාට ආදරෙයි.
එයා මං වෙනුවෙන් කිසිම දෙයක් නොකලත් මං ආදරෙයි.
එදා එයාව මුලින්ම beach එකේදි දැක්කම මට දාලා යන්න බැරි වුනෙත් ඒකයි.
එයා කොහොම හිටියත්, මොනවා කලත් මං කියලා ඉවර කරන්න බැරි තරම්ම එයාට ආදරෙයි.

"I love you a lot too patiyo..
And I'm sorry.
I went crazy when I heard him.
I didn't mean to hurt you.
But I know did.

However you should know this Snowdrop!
I might appear calm and responsible.
But I'm a jealous man.
I'm so possessive towards the things I love.
And the thing I love the most is you!

So please bear with me if I go mad ok?"

අනේ ඉතින් මගේ sweet angel.
ඔයා එච්චරටම ඉරිසියාකාරයෙක් වෙනවට මං ආසයි.

"Hmm..
It makes me happy to think you are that possessive about me.
But ayye never say things like,

'I don't want to trap you!'
'You can go to him if you want!'

Such words make me really sad.

So just say something like,
'I'm gonna kill that bastard if he tries to take you away from me!'
And please remember ayye...,
That's what I do ok?"

මගේ ලස්සන angel ආයෙම හිනා වෙනවා.
මගේ හිතේ පාට පාට මල් යායට පිපෙනවා.
ඔයා මගේ ලඟ ඉන්නවා නම් මට වෙන මොනවත්ම වැඩක් නෑ.
මට මේ ලෝකෙ කරන්න බැරි දේකුත් නෑ.

"I know cute little thief!
I know!
Now come!
Let's cuddle and sleep a lot.
I missed my cuddly puppy so... much!"

ඉතින් අයියගෙ අස්සට පැනලා මං ඇස් දෙක පියාගත්තා.

තව මාසයයි!
ඒ වෙද්දි ඔය තුවාල සේරම හොඳ කරගෙන ඉන්න ලස්සන හා පැටියෝ..
මොකද නපුරු සිංහයෙක් ඔයාව කන්න ඉවසිල්ලක් නැතුව බලාගෙනම ඉන්නවා...

........................................................................................................

නපුරු සිංහයාට මොනවා වෙයිද?

කතාව කියවන ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Continue Reading

You'll Also Like

20K 1.8K 19
အန်တီက မောင့်ရဲ့ထာဝရကြင်နာသူပါ။ အန္တီက ေမာင့္ရဲ႕ထာဝရၾကင္နာသူပါ။
56.8K 14.1K 46
💚💚 මේ ඔයාමද..................... ඔව් මේ ඔයාමයි......... ඉතින් ඔයා මගේමයි.........මගේ විතරමයි........... එච්චරයි ......... ❤❤ ...
8.5K 1.2K 40
ජීවිතේ කියන දේ හරි පුදුමාකාරයි... අපි හිතන දේවල් ඒ විදිහටම සිද්ධ වෙන්නෙ නෑ... දවසක් සතුටින් හිටියොත් දවස් ගානක් අඩන්න වෙනවා...සතුට සැනසීම නැති වෙන්න...
36.7K 6.7K 61
ඉහින මල් පැණි තටු අගිස්සෙන්!!!