මානස (Completed)

By NirMad238

59K 11.3K 11.2K

ඔයා වෙනුවෙන් මං හැමදාමත් ඉන්නවා.... More

Introduction
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
පසුවදන

62

454 92 160
By NirMad238

"Rise and shine my sunshine..."

මට ඇහැරුනේ සීතල තොල් දෙකක් හරිම සනීපෙට මගේ මූණ පුරාම කෝලම් කරද්දි.

"Mmm..h!
Come to me my baby...
Let's cuddle and sleep more!"

ඒ තොල් දෙක අයිති angelවත් බදාගෙනම මං අනිත් පැත්ත හැරිලා ආයෙම නිදාගන්න හැදුවෙ.
ඒත්,

"ආ..හ්!"

පස්සටමයි මේ නපුරු මිනිහා ගහන්නෙ.
පුපුරු ගහනවා අප්පා!
ඒ හීනි ඇඟිලි පට්ටම විසයි.

"Wake up lazy boy!
There's a lot to do!
Let's plan everything today so we can start working soon.
It's just a couple of more months Snowdrop.
And then we can do whatever we want!"

මට පස්ස රත් වෙන්නම ගුටි ලැබුනට මොකද මෙයාට නම් කිසිම අඩුපාඩුවක් නෑ.
හිතෙන හිතෙන වෙලාවට බදාගන්නයි,
ඉඹින්නයි,
කාගෙන් අරියාදුවක්ද?!

නපුරු Vampire!!!
දැනුත් මගේ නලල ඉම්බා!
මට නම් හොඳටම තරහා ගිහින් ඉන්නෙ!
නලල නැතුව ඇයි එයාට බැරි වුනේ මගේ දිව ගිලිලද බලන්න?
එහෙම වුවමනාවක් නෑ.
මගේ දිව ගිලිලා මැරුනත් එයාට ලොකු එයාගෙ plan ගහ ගැනිල්ල විතරයි.

මං තොල අනිත් පැත්ත ගහගෙන අහක බලාගත්තා.
මේ හාවා දැනගන්න ඕනෙ මගේ හැටි.
කටේ කෙල හිඳිලා ගිහින්නෙ තියෙන්නෙ.
ඒ නිසා ලොකූ... කෙල බවුසරයක් මට ඕනෙ.

"ආ.හ්!"

මගේ වැඩේ බොහෝ දුරට සාර්ථක වුනා.
ඒත් මේ නපුරු angel එයාගෙ උල් දත් වලින් මගේ තොල රිදෙන්නම හැපුවා.
මට තරු මන්දාකිණි සේරම පෙනුනා.
හැබැයි ඊලඟ තත්පරේම මාවයි මල්ලි බබාවයි දෙන්නවම සලිත වෙලා ගියා.
මොකද අයියගෙ දිව මගේ තොල පුරාම හරිම seductive විදියට නටන්න පටන් ගත්තා.
මගෙ දෙයියනේ මේ හාවා දන්න දේවල්!
ඒ චූටි touch එකටම මාව පිස්සු වැටෙන්න ආවා.

මං අයියව අත් දෙකෙන්ම බදාගෙන kiss එක තවත් ටිකක් deep කරගන්න හැදුවෙ.
ඒත් මේ නපුරා ආයෙම මාව හපලා මගෙන් ඈත් වුනා.

"If you want more,
Come!
If we finish early,
We can do it all day!"

මගේ කන කිති කැවිලා ගියා.
මල්ලි බබාට පිස්සු හැදිලා ගියා.
මොලේ විකාර වෙලා ගියා.

මොකද්ද ඇත්තටම එයා ඒ කිව්වෙ?
මං හිතපු දේමද අයියත් අදහස් කලේ?

මං කිසිම මැසිවිල්ලක් නැතුව දනිපනි ගාලා නැගිටලා ගිහින් කුස්සියෙ මේසෙන් වාඩි වුනා.
එයත් එක්ක දවසම ඒක කරන්න දෙනවා නම් ලෝකාන්තෙන් පහලට පැනලා පණ බේරගෙන එන්න වුනත් බැරිකමක් නෑ මට!
දෙයියනේ මගේ angel එහෙනම් මගේම වෙන්න කැමති වුනාද?
හිතද්දිත් මුළු ඇඟටම අමුතුම පිස්සුවක් හැදෙනවා!

"Ok!
Tell me!
What should I do?
I'll finish everything in 5 minutes!"

මං ගැම්මෙන් කිව්වෙ!
ලස්සන හුරතල් හාවෙක් කැමැත්තෙන්ම මගේ කටට පනින්න බලාගෙන ඉන්න එකේ මේ ලෝකෙ කිසිම දේකට බෑ මට බාධා කරන්න.

හැබැයි මගේ angel නම් පට්ටම නෝන්ඩි look එකක් මට දුන්නෙ.
හරියට නිකං තමුසෙට විනාඩි පහෙන් හරියකට පස්ස හෝදගන්නවත් පුළුවන්ද කියලා අහන්න වගේ.
පුළුවන් තමයි මිනිහෝ!!!
මට තප්පර පහෙන් වුනත් පුළුවන්!!!
මට බැරි වැඩ මේ ලෝකෙ නෑ!!!

හිතුවට කියන්න ගියේ නෑ ඉතින්.
මොකද මේ angelව කොහොම වුනත් තරහා කරගන්න බෑනෙ.
ඊලඟට ඊයෙ රෑ වගේ ඕව එකට එකතු කරලා return එක දෙන්න ගත්තම දූරියන් පොත්ත පිටින් කෑවට හපන්!
හපෝයි!!!
එයාගෙ return ගැන නම් හිතන්නවත් හොඳ නෑ.
ඇඟම හීතල වෙලා ගිහින් හිරිගඩුත් පිපෙනවා!

"Ok.
Take this and write down.
This is Out ToDo list!

1. Find a place to live till January."

"So are we leaving in January?"


"That's the only option.
You aren't 18 for September!

Now write down the next.

2. Do O/Ls

So we anyway have to leave after your exam."

මගෙ අම්මෝ මගේ චූටියා...
චූටියා චූටියා කියලා ආදරේට කිව්වට ඉතින් එයා යෝධයෙක්.
එයා සේරම දේවල් ගැන හිතලා.

"3. Try to find online work.

I don't want to leave you Snowdrop.
I don't want to take that risk at least for sometime.
So if I don't find any job let's be very careful with what we already have.
We need to buy tickets for Thailand and UK both."

මගේ කටත් ඇරුනා.
අනේ ඉතින් ඒ propose කරපු විදිහෙ කැත.
අර චූටි ඇච්චා කාලෙත් මං දැනගෙන හිටියා මනුස්සයෙක්ගෙ හිත සතුටු වෙන විදියට propose කරන්න.
ඒකට මෙයා!
Ticket එකේ ගාණ ගැන මතක් කරන එකනෙ කරන්නෙ!

"Then 4. After you are 18 you must go home.
That means your parents' home.

Listen Snowdrop don't jump in the middle!!"

කතා කරන්න තියා කට අරින්න නෑනෙ මේ නපුරා එක්ක.

"For one thing, we need your birth certificate.
Without it we can't do anything.
No visa!
No tickets!
No marriage!
No any of our plans!

And the other thing is, whatever happened in the past your parents love you a lot.
It was not only me who went mad with your disappearence.
They too were going crazy.
They looked for you everywhere.
Still they are waiting for you to return.
They both have got really really old during these past 2 years patiyo.
Seeing them like that breaks my heart.
They don't like me.
They even hate me.
So I couldn't do anything to make them feel better.

But you have to go there patiyo.
They are your parents.
They did what they believed to be correct.
Not knowing what's right isn't their fault.
Think from their side too my cutie..."

ඕකනෙ ඉතින්.
මේ මෙයා මාරම emotional blackmailer කෙනෙක්.
ඒ මදිවට පට්ටම controlling hubby කෙනෙක්.
හෑ??
Hubby කියලද මං කිව්වෙ.
හැබැයි ඔව්!
කිව්ව කතාවෙ වැරැද්දකුත් නෑ.
එයා දැන් මගේ hubby තමයි.
එතකොට මං එයාගෙ hubby!
Wow!!!
දෙයියනේ!!!
හිතද්දිත් මට පිස්සු වගේ....හ්!!!

"What if they try to do some rubbish like before?"

හා පැටියා මගේ මුළු ඇඟම පිඹුරෙක් වගේ වෙලාගෙන කන් දෙකෙන් දුම් පිට වෙන්නම kiss කරද්දි මං ඇහුවෙ.
මේකා වල් හාවා!
මට කිසිම දෙයක් concentrate කරගන්න බැරි වෙන්න මාව අවුස්සනවා.
දැන් මගේ මල්ලි පැටියා මොලේ පැත්තට ඇදි ඇදී මොලේට යන ලේ ටික ගුඩු ගුඩු ගගා බොනවා.

"That's why we are waiting till you are 18.
Parents don't have any power over an adult.
Not according to the law.
So they can't do anything.
And this time you are not alone.
I'm there with you!"

"Mm....h ayye...
I can't think properly now.
I want you!
You are seducing me so hard..."

"Ok!
Back to work!"

අනේ ඉතින් නපුරු හාවා!!!
මාව මෙහෙම අවුස්සලා දාලා ගානකටවත් ගන්නෙ නැතුව යන එක පට්ටම වැරදියි.

මං තරහයි!
මේසෙට ඔළුව ගහහෙන මං මගේ ජීවිතේට දුකම විතරක් උරුම වෙලා තියෙන හැටි ගැන කල්පනා කරන්න පටන් ගත්තා.

"Snowdrop!
Are you listening?"

"......................................"

"Hey!
Is something wrong?"

අයියගෙ කටහඬ හරිම calm.
හරිම soothing!
ඔන්න ඕකනෙ ඉතින් බැරි!
එක වාක්‍යයයි.
මං දිය වෙලත් ඉවරයි.
අයියගෙ ඉන වටේට අත් දෙක දාගෙන එයාට තුරුල් වෙලා මං ඇස් දෙක පියාගත්තා.
තමුසෙට නම් මෙහෙම ගිහින් ජීවිතේට කිසිම දෙයක් කරගන්න ලැබෙන්නෙ නෑ මෝඩ Snowdrop!
විනාඩි පහක්වත් රණ්ඩුවක් අල්ලගෙන ඉන්න ඉගෙන ගනින් මිනිහෝ!!!

අයියගෙ ඇඟිලි හරිම සනීපෙට මගේ ඔළුව පුරා එහේ මෙහේ ඇවිදින්න ගත්තා.
ඉස්සරම චූටි කාලෙ අපි දෙන්න snowyත් එක්ක සෙල්ලම් කරලා ඉවර වුනාම තණකොළ ගොල්ලෙ හාන්සි වෙලා හති ඇර ඇර හිටපු හැටි මට මතක් වෙනවා.
එදා ඉඳන් අද වෙද්දි අපේ ආදරේ කොච්චර දුරක් ඇවිල්ලද?
බාදක ගොඩාක් මැද්දෙන් අපි කොහොම හරි සෑහෙන දුර ඇවිත්!
මට ලෝබයි!

"Ayye..
How's Snowy?
Is he ok?"

"Hm...
He's getting old now.
So he doesn't like playing that much.
And I think he is missing you Snowdrop.
We have to meet him before we leave."

මගේ ඇස් දෙකට කඳුළුත් පිරුනා.
අනේ මගේ superdog.
ඔයාවත් එක්කගෙන එන්න තිබුනා නම් කොච්චර ශෝක්ද මට.

"Are you sad?
Don't be patiyo!
Everybody takes good care of him.
I'll ask Diduni to send a video clip of him later so you can see him whenever you want!"

හැමදාමත් වගේ අයියා හරිම ලස්සනට මගේ හිත හදනවා.

"How's Diduni?
How's everybody?
Are they scolding me?
Are they doing good?"

"Yes!
They blame you and your parents blame me.
But that's ok.
We are happy and we are gonna show all of them we didn't do anything wrong.
And all of them are doing ok.
So don't worry my Snowdrop!
All is going to be well!
I love you a lot!"

"I love you too my Happy Pill!
I love you so......... much!"

අයියවත් බදාගෙන එයාව මගේ උකුල උඩින් වාඩි කරවගෙනම මං අපේ ඊලඟ වැඩ ටික පොතේ ලියන්න කියලා හැදුවෙ.
ඒත් බෑ ඉතින්.
එයාව උකුල උඩ තියාගෙන කරන්න පුළුවන් වෙන විදියක ලියන කියන වැඩ.
හැබැයි ඉතින් ඒ වැඩේ පටන් ගන්න කියලා නමෝ විත්තියෙන්ම බෙල්ලට තොල් දෙක ගෑව්වා විතරයි නපුරු හාවා නැගිට්ටා.

"First work!
Then play!!!"

අනේ ඉතින් මෙයාටම ගිය රට!
මොනා කරන්නද ඒත්!
කරගහගත්‍තා නම් දැන් කියන විදියට කරන්නත් වෙනවනෙ.
එයාට ඕන ඕන හැටියට මං CR පොතේ පිටු තුනක් පිරෙන්නම අපේ short term goals, long term goals සේරම ලිව්වා.
අතරින් පතර මගේ ideasනුත් ඒවට add කලා.
අයියා කොල්ලා මාරම හොඳයි.
මං කියන ඕනම දෙයක් හරිම වුවමනාවෙන් අහගෙන ඉඳලා ඒවා පට්ටම විදියට අගය කරනවා.

Wow!
What a great idea!

You are a genius my Snowdrop!!

Of course!
How couldn't I think like that!!

ඕවා ඇහෙද්දි හිතට මාරම ගැම්මක් එන්නෙ.
ඉතින් තව තව අදහස් දක්වන්න මට මාරම ආසාවක් තියෙන්නෙ. කොහෙද ඉතින් අයියා මේවා ගැන මේ දැන්නෙ කිව්වෙ.
කලින් කිව්වා නම් මං නිදි මරාගෙනම කල්පනා කරලා කරලා හරි අදහස් ගොඩාක් දක්වනවනෙ.

කොහොම හරි අයියගෙ goal keeping වැඩ සේරම ඉවර කරලා තමයි අපි දෙන්නා කෑවෙත්.
දැන් පොතේ හැටියට අතුරුපසට කන්න ලැබෙන්නෙ හාවෙක් වෙන්න ඕනෙ.
එහෙමනෙ කිව්වෙ.
හැබැයි හාවට ලං වුනා විතරයි හාවා නයෙක් වුනා.
පෙනේ පුප්පද්දි සද්දෙකුත් ආවා.
මං ඉක්මනට පස්සට පැන්නා.

"There's a bag on the sofa.
It has all the Grade 11 books.
Take them and start now.
You don't have much time.
Let's make a timetable.
Every hour matters Snowdrop.
Study hard and do your best!
You are my clever boy.
So you can do it!"

හපොයි දෙයියනේ!!!
මේ මොනාද මේ කියන්නෙ?
අඩුම ගානෙ මට පෑනක් අතින් අල්ලගන්නවත් පුළුවන්ද මන්දා දැන්.
එහෙම එකේ 11 syllabus එකම මාස තුනහමාරකින් වගේ cover කරන්න!
අනික 11 විතරක් නෙමේ 10 ඒවත් ඕනෙ.
අනේ දෙවියනේ මට නම් බැරියෝ...!!!

මගේ ඇඟම පණ නැති වෙලා ගිහින් සිහිය නැතුව මං බිමට ඇදගෙන වැටුනා.
දැන් මං මැරිලා.
මැරුනම වැඩ කරන්න බෑනෙ!

හැබැයි මැරිච්ච මිනිහෙකුටවත් සැනසීමක් නෑ.
නෑ ඇත්තටම නම් සැනසීමක් තියෙනවා.
හැබැයි පාඩුවෙ ඉන්න නෑ.
මොකද හා පැටියෙක් ඇවිත් එයාට කිති කවන්න ගත්තනෙ.
ඉතින් මැරිච්ච මිනිහට හිනා ගියා.
හා පැටියා යෝධයෙක් වෙලා මැරිච්ච මිනිහව උස්සගෙන sofa එකට ගියා.
ඊට පස්සෙ සද්දන්ත මල්ලක් උස්සගෙන ඇවිත් ඒක මැරුච්ච මිනිහගෙ උකුල උඩට හැලුවා.

මේ උකුල තියෙන්නෙ වෙන වැඩ කරන්න හාවෝ!!!
පොත් ගොඩ ගහගන්න නෙමේ!

"Ok.
Let's start from English.
I know you can do it very well.
Finish the first chapter of both school books and then start the workbooks I have bought.
Because today's the first day don't mind about the time.
Just try your best.
I'll be here finding jobs and you can ask me about anything that's confusing."

මාව උකුල උඩත් තියාගෙන බෝනික්කෙක්ව වගේ හුරතල් කර කර කියද්දි ඉතින් බෑ කියන්නත් බෑ.
කොහොමත් මේ හාවගෙ magic වලට මැරිච්ච මිනිහෙකුට වුනත් පණ එනවා.

ඉතින් මුළු දවසෙම මං පොත් බදාගෙන පොත් ගුල්ලෙක් වගේ වැඩ කලා.
අයියා ඉතින් මට තුරුල් වෙලා ගෑවි ගෑවිම ඉන්න නිසා පාඩම් කරන එකත් නරකම නෑ.
කම්මැලි හිතුනම එයාගෙ ඔඩොක්කුවෙ ඔළුව තියාගෙන ඇස් දෙක පියාගන්න විතරයි තියෙන්නෙ.
එතකොට එයා සේරම වැඩ නවත්තලා මගේ ඔළුව අතගානවා.
තේ හදලා ගේනවා.
ඊට පස්සෙ මට ඇහෙන්න පොතේ තියෙන ඒවා කියවලා කියලත් දෙනවා.
මෙහෙම teacher කෙනෙක් එදා ඉඳන්ම හිටියා නම් මේ වෙද්දි මං කොහේද?
හඳේ! හඳේ!!!

ඉතින් දවසින් දවස ගෙවුනා.
උදේ දහය වෙනකල් සැපට නිදාගන්න පුරුදු වෙලා හිටපු මට හත වෙද්දි නැගිටින්න වුනා.
හැබැයි ඉතින් නැගිටලා කරන්න තිබ්බෙ කන් දෙක පැලෙන්න සින්දුවක් දාගෙන නටන එක.
ඒකට නම් මගේ ඒ හැටි අකමැත්තක් නෑ.
මොකද මං නටද්දි අයියා මගේ පස්සෙන් දුව දුව කෑමත් කවනවනෙ.
කවදා විඳපු සැපද දෙයියනේ මේවා!
මෙහෙම සැප විඳින්න නම් හතට නෙමේ උදේ පහට නැගිට්ටත් මොකද?!

ඊලඟට අට වෙද්දි මං නාගෙන වැඩ පටන් ගන්න ඕනෙ.
අටේ ඉඳන් 12 වෙනකල් වැඩ.
ඒකටත් අවුලක් නෑ.
අයියගෙ අස්සට රිංගගෙන ඉන්න පුළුවන් ඒ වෙලාවට.
අනික මට කරන්න මහ ලොකු දේකුත් නෑ.
අයියම තමයි සේරම පොත් ටික කියවලා මට කියලා දෙන්නෙ.

ඊට පස්සෙ දවල්ට කාලා අපි දෙන්නා පැය දෙකක් විතර කයිය ගහනවා.
නැත්තම් අයියා guitar එක ගහනවා.
මට කියලත් දෙනවා.
අපි දෙන්නම සින්දු කියනවා.
මං හිතුනොත් නටනවා.
වෙලාවකට එයාවත් ඇදගෙන couple dance එකක් කරනවා.
මූණ ඇද කරගෙන එක එක මෝඩ විදි වලට කතා කරනවා.
ඔහොම ලෝකෙ නැති විකාර සේරම කරලියට එන වෙලාව තමයි ඒ.

ඊට පස්සෙ ඔන්න ආයෙම පාඩම්!
තවත් පැය හතරක්.
ඊටත් පස්සෙ හරි.
උයලා කාලා ගේ අස් කරලා මගේ පුළුං බෝලෙට තුරුල් වෙලා නිදාගන්නවා.
හරිම සැපයි.
හරිම සනීපයි.
දිව්‍ය ලෝකෙක තමයි මං දැන් ජීවත් වෙන්නෙ.
ලස්සනම ලස්සන හිතාගන්නවත් බැරි තරම් ලස්සන දිව්‍ය ලෝකෙක.

අපි අයියගෙ යාළුවගෙ ගෙදර හිටපු සතිය ඇතුලත ලංකාව පුරාම ගෙවල් හෙව්වා. මොකද ගොඩක් අඩුවට ගෙවල් හොයාගන්න පුළුවන් කොළඹින් ඈතට වෙන්න තියෙන ගම්බද පැති වලනෙ.
ඒ පැතිවලට ගියාම අපේ ජීවන වියදමත් අඩුයි.
ඉතින් ඔන්න අන්තිමේදි අපිට චූටි ගේ පොඩ්ඩක් හම්බුනා.
වැඩේ කියන්නෙ මේ ගේ වගේ නෙමෙයි, ඒකෙ තියෙන්නෙ වහලෙයි බිත්ති හතරයි විතරයි.
බඩු කියලා නාමයක් නෑ.

තියෙන සල්ලි ටික වියදම් කරලා බඩු පුරෝ ගත්තා කියලා අපිට වැඩකුත් නෑනෙ.
මාස හතරක් වගේ විතරයිනෙ අපි ඉන්නෙ.
ඉතින් ලාබෙට තියෙන ප්ලාස්ටික් මේසෙකුයි, පුටු හතරකුයි, පොඩි මෙට්ටෙකුයි විතරක් අරන් අපි දෙන්නා අපේ අලුත් තැනට ගියා.
පුංචි Rice cooker එකකුයි, තනි ලිපේ gas cooker එකකුයි අයියා ගාව කොහොමත් කලින් ඉඳන්ම තිබුනා.
ඒතකොට කෑම ප්‍රශ්නෙ විසඳිලා.

Fridge නැතුවට කමක් නෑ.
දවසින් දවසට ඕනෙ ටික ගෙනත් උයන්න පුළුවන්.
කල් තියාගන්න පුළුවන් කෑමත් ගොඩාක් ජාති තියෙනවනෙ.
ඒ නිසා ඒක ලේසියි.
මට නම් කොහොමත් මොනවා නැතත් කමක් නෑ. මුඩුක්කුවෙ ජිවිතේ එක්ක හිතලා බලද්දි මේ පුංචිම පුංචි ගෙදරත් දිව්‍ය ලෝකයක්!

හැමදාමත් අපි දෙන්නම කඩේ ගිහින් බඩු ගෙනාවෙ එකට. අයියට නම් ඕනෙ වුනේ මාව තියලා එයා විතරක් යන්න.
ඒත් එහෙම බෑනෙ.
එයාට කවුරුහරි කරදරයක්වත් කලොත් කවුද බලාගන්නෙ.

"Stay and study Snowdrop!
There's no need for both of us to go."

"Then let me go!
You can relax a bit at home."

මූට කියන කට හොඳයි ගලක අතුල්ලගන්න එක වගේ look එකක් දාලා අයියා මටත් ලෑස්ති වෙන්න කිව්වා.
නොකිව්වට එයා බයයි මාව තනියෙම යවන්න.
විල්සන්කාරයගෙ සෙට් එක තාම එයාගෙ ඔළුවෙ හොල්මන් කරනවා.
ඒකමයි කොහොමත් මෙච්චර දුරකට මාවත් ඇදගෙන ආවෙ ඔය මනුස්සයා.
හැබැයි වැඩේ කියන්නෙ මටත් බය ඒ නිසාමයි. උන් අයියා ගැනත් දන්නවනෙ.
ඒ නිසා එයාව පරිස්සම් කරගන්න ඕනෙ.

"Let's go my majesty.
I'm going to protect you from all the evil...!!!

මං පට්ටම ගැම්මෙන් කිව්වෙ ඉතින්.
ලේසි නෑ මෙච්චර ලස්සන angel කෙනෙක්ගෙ bodyguard වෙන්න ලැබෙනවා කියන එක.
Superman වෙලාම ඉපදුන නිසා හොඳයි.
මොකද මේ හාවව පරිස්සම් කරන එක සෑහෙන අමාරුයි.
හැබැයි,

"ආ...හ්!!"

"Oh god!
Snowdrop!!!
What happened?"

අනේ ඉතින් මේ මෝඩ අයියා මට ලේස් තියෙන සපත්තු දෙකක්නෙ අරන් දීලා තියෙන්නෙ.
ලේස් එක ගැලවිලා කකුල පැටලුනා ඒකෙ.
ඉතින් මං වැටුනා!!!

පොඩි ළමයෙකුට දෙයක් අරන් දෙද්දි ටිකක් කල්පනා කරලා බලලා අරන් දෙන්න එපැයි.
එක්කො මට මතක් කරන්න ඕනෙ මේ මගුලෙ ලේස් කියලා ජාතියකුත් තියෙනවා කියලා.
ආව් අප්පා!!
මූණත් එක්කම සමතලා වෙලා ගියාද මන්දා වැටිච්ච පාරට.

"Are you hurt?
හහ් හහ් හහ් හා..."

අනේ මෝඩයා හිනා වෙන කැත විතරක් මනුස්සයෙක් අමාරුවෙ වැටුනම!

"Hey!
I'm sorry patiyo.
But I can't stop laughing.
It was hilarious!!!
හහ් හහ් හා.."

නපුරු පුස් ඌරා!
මං තරහයි.
තරහම තරහම තරහයි!!

"Can.. හහ්! You... හහ් හහ්!  Walk? හා..."

අනේ මේ මෝඩයගෙ දත් ටික බඩට යන්නම එකක් දෙන්න නෑනෙ මට!

හැබැයි මෝඩයා මගේ ලේස් දෙකම තද කරලා ගැට ගැහුව එක නම් කලා.
ඒක හොඳයි.
නැත්තම් මං ගැට ගැහුවා නම් ඕක ආයෙම ලිහෙනවා.
ඊට පස්සෙ පාර පුරාම පත බෑවෙන්න වෙන්නෙ.

ඊට පස්සෙ මෝඩ ඌරු තඩියම මගේ ඇඟේ තිබ්බ වැලි සේරමත් පිහි දැම්මා.
අත චුට්ටක් හීරිලා පැටියගෙ.
පව්!
මේ මෝඩ ඌරා නිසා තමයි සේරම!
ඒ වුනාට ඌරා මාවත් ඇදගෙන ගේ අස්සට ගිහින් තුවාලෙත් හෝදලා cream ගාලා ඒකට පිම්බත් එක්ක.
තව රිදෙනවද පැටියෝ කියලා අහලා kiss එකකුත් දුන්නා.

අනේ ඉතින් අර මුඩුක්කුවෙ එවුන් මේවා දන්නවා නම් උඩ පැන පැන හිනා වෙයි.
එහෙම වුනා නම් උන්ව මරන්න කියලා මහන්සි වෙන්න ඕනෙ නෑ.
හිනා වෙලා වෙලාම හුස්ම ගන්න බැරුව මැරිලා යයි උන්ව මේ විගඩම් වලට!
මගේ ලස්සන angel!
ලැජ්ජයි අප්පා ඔහොම කරද්දි.
මං හිටපු මැරයෙක්නෙ මගෙ චූටියෝ!!!

අන්තිමේදි ඉතින් තුවාලකාරයව නලවලා හුරතල් කරලා එහෙම ඉවර වෙලා යක්කු ගස් නගින වෙලාවෙ තමයි අපි කඩේ ගියේ.
අයියා අවුරුදු දෙකේ ළමයෙක්ව එක්ක යනවා වගේ මගෙ අතින් අල්ලගෙනමයි ගියේ.
පිස්සු නැත්තම් ශෝක් ඉතින් මේ හාවට.
Supermanවත් බලාගන්න පුළුවන් හාවෙක් කියන්නෙ කොහොමත් ලේසි පාසු වැඩක් නෙමේ.
Super Super Super Bunny මගේ!!!

පාන් ගෙඩියකුයි,
එලවළු පළතුරුයි මාළුයි ඔක්කොම උස්සගෙන අපි ගෙදර ආවා.
දැන් අද මං ඉල්ලගන්න ඕනෙ මාළු උයන්න.
තාම මට ඒ වැඩේ දුන්නෙ නෑනෙ මෙයා.
එලවළු විතරයි මං දන්නෙ.
ලොකු ලොකු වැඩ හා පැටියගෙ.
ඒත් එහෙම කියලා බෑනෙ.
මං තමයි එයාගෙ වහලා!!!

හැබැයි ගෙදර ඇවිත් බඩු ටික අස් කරද්දි නම් මට කෑගැස්සුනා.

"අයියේ!!!"

එලවළු ඔතලා තිබ්බ පත්තරේ තඩි අකුරෙන් වචන ගොඩාක් ලියවිලා තිබුනා.
ඒවා දකිද්දි මගේ ඔළුව කැරකෙන්න ආවා.

'මුඩුක්කුවන්තේ විල්සන් ඔහුගේම සහචරයකු අතින් මරුට!

හේතුව පෞද්ගලික ආරවුලක්ද?

සිදු වී ඇති ද්විත්ව මිනිස් ඝාතනය සම්බන්ධයෙන් දහ අට හැවිරිදි මීරා නැමැති තරුණයෙකු අත්අඩංගුවට!'

................................................................................................................

කතාව කියවන ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤


හී...
අයියගෙයි මල්ලිගෙයි bike එක 🥰

Continue Reading

You'll Also Like

18.7K 3.5K 25
එන්න මාත් එක්ක මගේ ආදරය හොයාගෙන යන්න.......... මම වන්ග් ඊබෝ........ මගේ mateව මට හොයා ගන්න ඕනෙ මගේ pack එකේ අනාගත lunaව මං ඉක්මනට ගේන්න ඕං මගේ pack...
9.7K 1.9K 12
නරක තාත්තලා 😳😳 තාත්තලා කවද්ද නේද නරක උනේ 🥰 Yizhan Zhanyi ඕන එකක්
608K 48K 51
မင်ရန်ရှင်း💓ဝမ်ယွမ် {ဝမ်ယင်}
56.8K 14.1K 46
💚💚 මේ ඔයාමද..................... ඔව් මේ ඔයාමයි......... ඉතින් ඔයා මගේමයි.........මගේ විතරමයි........... එච්චරයි ......... ❤❤ ...