මානස (Completed)

By NirMad238

58.8K 11.2K 11.2K

ඔයා වෙනුවෙන් මං හැමදාමත් ඉන්නවා.... More

Introduction
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
පසුවදන

59

452 99 103
By NirMad238

ඉතින් මම මගේ වේදනාවෙන් පීඩිත වෙලා ගිය තටු මාව ගිලගන්න ආව මහා කුණාටුවට විරුද්ධව පාවිච්චි කරන්න පටන් ගත්තා.
මෙච්චර කාලයක් අමාරුවෙන් අමාරුවෙන් මාවත් එල්ලගෙන අයියා විතරක් උඩට ඇදගෙන ගිය ගමනට මගේ ශක්තියත් එකතු කරන්න පටන් ගත්තා.

ඒත් ඒක කරන්න නම් කොහොමටවත් ලේසි වුනේ නෑ.
කුණාටුවට ඕන කලේම මාව ආයෙමත් ඒ අස්සටම ඇදලා ගන්න.
මාව ඒ අන්ධකාරෙම හිර කරලා දාන්න.
ඒත් ඒක එහෙම වෙන්න දෙන්නෙ නෑ මං.
මොකද මම මේ කුණාටුවෙ හිර වෙනවා කියන්නෙ අයියත් මේක අස්සටම වැටෙනවා කියන එක.
මොකද එයා මාව අතාරින්නෙ නෑනෙ.
ඉතින් එහෙනම් මම කොහොම හරි කරලා කුණාටුවෙන් ගැලවෙන්නම ඕනෙ.
ගැලවිලා අයියට උරුම ලස්සන ලෝකෙ එයාට හදලා දෙන්නම ඕනෙ!

ඒත් මේ හැමදේකම අමාරුම කොටස තමයි මේ කුණාටුව කියන්නෙත් මමම වෙච්ච එක.
මගේම හිත, මගේම මොළේ මාව විනාස කරලා දාන්නයි මග බලන්නෙ.
මමමයි මගේ වල කපාගන්නෙ.

ජීවිතේදි මිනිස්සුන්ට පරීක්ෂණ දහස් ගානකට මූණ දෙන්න සිද්ද වෙන්න පුළුවන්. හැබැයි ඒ හැම එකකින්ම අමාරුම එක තමයි තමන් තමන්ටම විරුද්ධව කරන සටන.
ඒක දිනන්න ලේසි නෑ.
කොහොමටවත් ලේසි නෑ.

ඉර හඳ වගේ විශ්වාස කරන්න පුළුවන්,
මහා කන්දක් වගේ වෙනස් නොවී ඉන්න පුළුවන්,
පිනි වැස්සක් වගේ මාව නිවන්න පුළුවන්,
පහන් තාරකාවක් වගේ මට පාර කියලා දෙන්න පුළුවන්,
මගේම ලස්සන දේව දූතයා නොවෙන්න මේ කතාව කියන්න තඹරු කෙනෙක් ඉතුරු වෙලා ඉන්නෙ නෑ.

තඹරු අද මහා රූස්ස ගහක් වගේ අතු විහිදලා ඉන්නවා තමයි.
ඒත් අදටත් ඒ රූස්ස ගහ යැපෙන්නෙ, ජීවත් වෙන්නෙ ධ්‍යාන් කියන දීප්තිමත්ම ඉර මත්තෙ.
ධ්‍යාන් නැත්නම් තඹරු කෙනෙක් කොහොමටවත් කවදාවත්ම මේ ලෝකෙ නෑ.
ඒක තමයි කවදාකවත්ම වෙනස් කරන්නත් බැරි, වෙනස් වෙන්නෙත් නැති, අපි දෙන්නගෙ කතාව!
කඳුළු වලින්ම ඔපමට්ටම් කරලා ගොඩ නගපු අපේම ලස්සන කතාව!

ඉතින් අයියව රිද්දන්නෙ නැතුව මගේ වේදනාව දිය කරලා දාන්න පුළුවන් එක එක විදිහෙ ක්‍රම ගැන මං අත්හදා බලන්න පටන් ගත්තා.
මොකද නරුමයෙක් කාලකණ්ණියෙක් වගේ මගේ වේදනාව අයියගෙ පිට යවලා එයාව නැති කරගන්න නම් බෑ මට මොනම හේතුවකටවත්.
එයා වගේ දේව දූතයෙක්ව නැති කරගෙන ජීවිත කාලෙම ඒ ගැන පසුතැවෙන මෝඩයෙක් වෙන්න බෑ.

ඉස්සරම මොකුත් නොතේරෙන බොළඳ වයසෙදිත් මං හරියටම දැනගෙන හිටියා මට ඕනෙ මොකද්ද කියලා.
ඒ අයියා!
අයියව ඇරෙන්න වෙන කිසිම දෙයක්, කිසිම කෙනෙක් මට අවශ්‍ය නෑ.
කවදාවත්ම නෑ!

ජීවිතෙන් මට ලබාගන්න පුළුවන් ලොකුම වටිනාම දේ හුඟාක් පුංචි කාලෙකදිම ලබාගන්න තරම් මං වාසනාවන්ත වුනා.
ඉතින් මං ආයෙමත් වෙන කිසිම දෙයක් ඉල්ලන්නෙ නෑ.

දැන් තියෙන්නෙ මට ඒ ලැබුනු මේ ලෝකෙ වටිනම දේ වෙනුවෙන් කලගුණ සලකන්න.
හැම දවසකම වටිනාකම සිය ගුණේකින් වැඩි වෙලා යන ඒ දේව දූතයට උරුම ආදරේ, සැනසීම එයාට විඳින්න දෙන්න.
හැමදෙකින්ම පරිපූර්ණ වෙච්ච එයාගෙම ලස්සන ලෝකයක් එයාට උරුම කරලා දෙන්න.

ඉතින් ඒක තමයි දැන් මගේ ජීවිතේ එකම අරමුණ!
ඒ වගේම එකම පරමාර්ථය!

ඉතින් මං ආයෙමත් නටන්න පටන් ගත්තා.
නැටුම කියන්නෙ වේදනාව, stress එක, ආවේගය, හිතට දැනෙන එපාම කරපු ගතිය, මේ හැමදෙයක්ම නිවලා දාන්න පුළුවන් මැජික් එකක්.
නටද්දි මට දුක් වෙන්න ඉඩක් ඉතුරු වුනේ නෑ.
ඒත් මට අයියත් එක්ක තරහා ගිය වෙලාවල්, එයාට කෑගහන්න හිතුන වෙලාවල් නොතිබුනාම නෙමෙයි.
හැබැයි මං ඒවා පුළුවන් තරම් පාලනය කර ගත්තා.

ඉවසගන්න බැරිම තරම් තරහා ගියාම කටින් එක වචනයක් දෙකක් පිට වුනා ඇරෙන්න හිත ගිනි තියලා පුච්චලා දාන නපුරු වචන මං ආයෙමත් කිව්වෙ නෑ.
තරහා ගියාම පැත්තකට වෙලා කන පැලෙන්න සින්දුවක් දාගෙන ඉන්න මං පුරුදු වුනා.

ඒකත් අයියට වේදනාවක් වෙන්නැති.
මොකද ඉස්සර කවදාවත්ම මං එහෙම කරලා නෑනෙ.
තරහා වුනත් විනාඩියක් යද්දිම එයාගෙ අස්සට ගිහින් එයාවත් හුරතල් කර කර මාත් හුරතල් වුනා.
ඒත් දැන් මට එහෙම කරන්න බෑ.
මොකද මං බයයි!

මම දැන් කටු පිරුනු පතොක් ගහක්.
ඉතින් මම මේ වෙලාවෙ අයියට ලං වෙන්න හදනවා කියන්නෙම එයාට රිද්දනවා කියන එක.
නිකම්ම නිකම් නෙමෙයි දරාගැනීමේ සීමාවටත් එහාටම එයාවයි මාවයි දෙන්නවම තල්ලු කරලා දානවා කියන එක.
ඒ නිසා මේ කටු හැම එකක්ම සුමට කරගෙන මිසක් මම ආයෙමත් ඔයාට ලං වෙන්නෙ කොහොමද මගෙ රත්තරං?

හැබැයි මම ගොඩාක් කල් ඉල්ලන්නෙ නෑ.
තව පුංචිම පුංචි කාලයක් මං වෙනුවෙන් බලාගෙන ඉන්න ඔයාට පුළුවන් නේද?
ඇත්තටම කිව්වොත් නම් ඉල්ලන්න දෙයක් නෑ.
ඔයා මං වෙනුවෙන් හැමදාමත් බලාගෙන ඉන්නවා කියන්න මං දන්නවා.
ඉතින් මං කීයටවත් ඔයාට ගොඩාක් කල් බලාගෙන ඉන්න දෙන්නෙ නෑ මගෙ අයියෙ.

මමත් මෙහෙම ඉන්නෙ පුළුවන් කමකට නෙමෙයි.
හැම මොහොතකම ඔයාගෙ ලඟින් තුරුල් වෙන්න කියලා,
ඔය තාලෙට ගැහෙන පපුවෙ සද්දෙ අහගෙන ඉන්න කියලා,
රසම රස රෝස පාට තොල්වල රස බලන්න කියලා,
මගේම හිත විලාප තියනවා.

ඒත් මේ මොහොතෙ මං ඔයාට ලං වුනොත් ඊලඟ මොහොතෙම ආයෙත් ඔයාට රිද්දනවා.
මගේ ඔළුවට අරක් ගත්ත යක්ෂයා තාමත් පණ පිටින් මගෙ අයියෙ.
දුර්වල වෙලා වුනත් ඌ තාමත් පණ පිටින්.
ඒ නිසා ඒකව සම්පූර්ණයෙන්ම විනාස කරලා දානකල් මට ඔයාව ලං කරගන්න බෑ.
ලං කරගෙන රිද්දන්න බෑ.


හැමදාමත් අයියා නිදාගන්න කල් ඉඳලා මාත් එයාට එහා පැත්තෙ බිමින් හාන්සි වුනා. හැබැයි එයාට ලං වුනේ නෑ.
ඒ ලස්සන මූණ දිහා බලාගෙනම මං මගේ ඇස් දෙක පියාගත්‍තා.

ඒත් හැමදාමත් මං ඇහැරුනේ ඇඳ උඩ.
හරිම සැපට සිනිඳුම සිනිඳු blanket එකක් පෙරවගෙන.
රෑට මං බිමින් නිදාගන්නෙ ඇයි කියලාවත්, උදේට මාව ඇඳ උඩින් ඇහැරෙන්නෙ ඇයි කියලාවත් අපි දෙන්නගෙන් එක්කෙනෙක්වත් අනික් එක්කෙනා එක්ක කතා කලේ නෑ.

ඒත් දිව්‍ය ලෝකෙක ඇහැරෙන රෝසමල් කුමාරයෙක්ට වගේ මං ඇහැරෙද්දි මගේ කිරි එක මේසෙ උඩ තිබුනා.
උදේට දවල්ට රෑට කෑම විතරක් නෙමෙයි,
උදේ හවස තේ වෙලාවටත් මං ආසම කරන දේවල් අහසින් වැඩලා වගේ මගේ ඉස්සරහා පහල වෙලා තිබුනා.
ලස්සනට හෝදලා සුවඳ ගහන ඇඳුම්,
කම්මැලිකමට කන්න කඩචෝරු,
මේ කිසිම දේකින් කිසිම අඩුවක් පාඩුවක් තිබුනෙ නෑ.
ඇත්තටම මේ ඔක්කොම දේවල් අයියා කොහොම balance කරගත්තද කියන්න මං දන්නෙ නෑ.
ඒත් මාව සතුටින් තියන්න පුළුවන් හැමදේම වගේ ඒ පුංචි කාමරේ ඇතුලෙ පිරිලා තිබුනා.

හැබැයි වැදගත්ම අත්‍යාවශ්‍යම දේ ඇරෙන්න!

මේ වෙද්දි එකම ගෙදරක, එකම වහලක් යට නන්නාඳුනන මිනිස්සු දෙන්නෙක් වගේ අපි දෙන්නා හිටියෙ.
දෙන්නට දෙන්නා කතා කරන්න නොදන්න රොබෝලා දෙන්නෙක් වගේ තම තමන්ගෙ වැඩවල යෙදිලා හිටියා. අත්‍යාවශ්‍යම දේකට ඇරෙන්න අපි කතාබස් කලේ නෑ.
එහෙමවත් ඇත්තටම කතා කලේ අයියා විතරයි.
මං කලේම අහු මුල්ලක ගුලි වෙච්ච එක.
නැත්තම් කන් පැලෙන්න සින්දුවක් දාගෙන නටපු එක!

හැබැයි මෙහෙම අපි දෙන්නව දුරස් වෙලා යන එකට මං පොඩ්ඩක්වත්ම කැමති නෑ.
ඒත් ඒ ගැන මොනවා කරන්නද කියලා මට හිතාගන්නත් නෑ.
ඉස්සර වගේ අයියගෙ අස්සෙම දැවටි දැවටි කෝලම් කරන්න මට ආසයි.
එයා ලඟ ආදරෙන් තුරුල් වෙන්න ආසයි.
ඒත් කොහොමද?

එක පැත්තකින් මගේ විසකුරු කටු යාන්තමට හරි ඉතුරු වෙලා තිබිලා ඒවා ආයෙමත් මතු වුනොත් අයියට තුවාල වෙයි.
අනික් පැත්තෙන් අයියටත් එහෙම කලින් වගේ මාව බදාගන්න, හුරතල් කරන්න කිසිම වුවමනාවක් නෑ වගේ.
එයාට මං බැනපු හැටියට ඉතින් ඒකෙ පුදුමෙකුත් නෑ.
ඒත් මට ඒ හැමදෙයක්ම ආයෙම හරිගස්ස ගන්න ඕනෙ.
මාත් එක්ක ලෝකෙ නැති කෝලම් කරන, පුංචි හා පැටියෙක් වගේ හුරතල් වෙන ඒ ලස්සන අයියව මට ඕනෙ.

අනේ මේ හැමදෙයක්ම ඉක්මනින් විසඳගන්න මට ශක්තිය දෙන්න දෙවියනේ!!!
අයියව කවමදාකවත් නැති කරගන්න නම් මට බෑ!!!
ඒක එහෙම වෙන්න දෙන්න එපා!!!
Please! Please!! Please!!!
එදා අද හැමදාම මගේ එකම ප්‍රාර්ථනාව එයාම විතරයි!
.
.
.
.
.
මෙහෙම හිතේ නොසන්සුන්කමින්, වේදනාවෙන් ඉන්න අතරෙ එක දවසක් විල්සනයගෙ සෙට් එක අපේ ගෙදරට කඩාපාත් වුනා.
එදා නම් මං හොඳටම බය වුනා.
උන් මුළු ගෙදරම දොරවල්වලට ගහ ගහ ගේ දෙදරන්නම කෑගැහුවා.

"අඩෝ කවියා!
තෝ හිතාගෙන ඉන්නෙ අපෙන් එහෙම ලේසියෙන් ගැලවිලා යන්න පුළුවන් කියලද ආ..???
උඹව මකවනවා හු#තෝ!!!
අන්න ඒක දැනගනින්!
කෝ උඹේ මහ ලොකු මිනිහා?
උගේ රෙද්ද අස්සෙ හැංගිලා කන්න දීපු අත හපා කාපු වේ# බල්ලා!!!
උඹ මේ දැම්ම එලියට ආවෙ නැත්තම් උඹේ කොල්ලව අල්ලගෙන ඌට දස වද දීලා යකෝ අපි මරන්නෙ!
උගෙන් පට්ට ෆන් එකක් අරගෙනමයි මරන්නෙ!!!"

ජොනාගෙ කටහඬට ගෙයි බිත්ති පවා වෙව්ලුවා වගේ මට දැනුනෙ.
හැබැයි මං ඊට වඩා වෙව්ලුවා.
උන් අයියට මොකුත් කරදරයක්වත් කරයිද කියලා හොඳටම බය වුනා.
ඉතින් දොරත් ඇරගෙන එලියට යන්න තමයි මං හැදුවෙ.

ඒත් අයියා මගේ අතින් අල්ලගත්තා ආයෙ ගලවගන්න තියා හෙල්ලෙන්නවත් බැරි වෙන්න. ඇත්තටම ගේ අස්සට වෙලා මලක් වගේ හැදිච්ච මේ කොල්ලට ගස් ගල් අස්සෙ යක්කු වගේ මිනිස්සු එක්ක ඔට්ටු වෙච්ච මටත් වඩා හයියක් තියෙන්නෙ කොහොමද කියන එක අදටත් මට විසඳගන්න බැරි අභිරහසක්!
ඕනෑම විදියකට මාව control කරගන්න එක අයියට nothing!

"What are you gonna do?"

මං හොඳටම දන්න අයියා නෙමෙයි ඇස් රතු කරගත්තු නපුරු vampire අයියා කෙනෙක් මගෙන් ඇහුවෙ.

"I...
I....
They might trouble us!"

"So....???"

"Well....
If I go...
I mean they only need me.
So if I go...."

"Thambaru!
When are you ever going to learn???
Isn't there a brain inside your head???
There's no I or you!
There's only us!
We!

They want us!
But we aren't some fools.
We don't fall in their trap!
We know the best thing to do!"

අයියා මට සැරෙන් කතා කරන්නෙ!
එතකොට මට ගොඩාක් දුක හිතෙනවා.
ඔහොම කතා කරන්න එපානෙ මට.
එතකොට දරාගන්න අමාරුයිනෙ!

මං බිම බලාගත්තා.

"Look at this!"

නපුරා!
ඔහොම කෑගහන්නෙ නැතුව,
Patiyo... look here කියලා ආදරෙන් කිව්වා නම්,
එහෙමත් නැත්තම් මගේ නිකටින් හෙමීට උස්සලා පොඩ්ඩක් හුරතල් කලා නම් මොකද වෙන්නෙ?
මගේ අතින් වැරැද්දක් වුනා තමයි.
ඒක ගොඩාක් ලොකු වැරැද්දකුත් තමයි.
ඒත් මං එවෙලෙ හිටියෙ හොඳ සිහියෙන් නෙමෙයිනෙ මගෙ අයියෙ.
එහෙම එකේ ඔහොම නපුරු වෙන්න එපා ඉතින් මට!

අයියා පෙන්නන දිහා නොබලා ඉන්නම තරම් දුක හිතුනත්, මං බැලුවා.
මොකද දැන් හොඳම හොඳ ළමයෙක් වෙලා ආයෙම අයියගෙ හිත කොහොම හරි දිනාගන්න ඕනෙනෙ මං.

අයියා මට පෙන්නුවෙ එයාගෙ phone එක.
ඒකෙ තිබුනෙ cctv recording එකක්.
අරුන් මෙතන කරන සේරම දේවල් record වෙනවා වගේ.
අයියා නම් නියමයි දෙයියනේ!!!
මට උඩ පැනලා එයාව බදාගන්න හිතුනා!

හැබැයි මං විරිත්තුවට මොකද මෙයා නම් තාමත් හැටට හැටේ ඔරවනවා.
නපුරුම නපුරා!!!

"We knew something like this would happen.
So we got ready.
Now they are gonna lose the game.
This clip has voice recordings too.
What we should do now is call the police and hand this over to them!

These are some shameless thugs Thambaru!
They are unworthy of our attention.
So go now, take your guitar and continue with the music lessons.
There's nothing to worry about!"

"Ayye...
But...."

"No buts Thambaru.
Go and do your work.
Once things settle down a bit I'll take you out.
Let's go somewhere nice and enjoy the breeze!
And I'll order you some books as well.
Start studying again.
I know you are having other dreams.
Dreams of becoming a singer, dancer and all.
That's great!!!
I really love the idea.
But don't let anyone look down on you.
Always make sure to have the basic skills needed in life!"

අයියා ලස්සනට පැහැදිලි කරලා දෙද්දි මුළු ගේම දෙදරන්න වගේ ඇහුන ජොනාගෙ කටහඬ මට තවත් ඇහුනෙ නෑ.
අයියගෙ වචන වලින් මාව ගල් ගැහුනා.

ඒ කියන්නෙ...

ඒ කියන්නෙ එයා දන්නවා.
ඒත් කොහොමද?
කොහොමද එයා දැනගත්තෙ මං dancer කෙනෙක්, singer කෙනෙක් වෙන්න හීන දකිනවා කියලා!

අනික එතකොට...

අර ඊයෙ ගෙදරටම deliver කරපු ලස්සන guitar එක ඇත්තටම මටද?
මං හිතුවෙ ඒක අයියට කියලා.
ඒත් ඒක ගෙදර තියෙන එකේ guitar එක ගහන්න පුරුදු වෙන්න ඕනෙ කියලා හිතලා අද උදේ ඉඳන්ම youtube ගිහින් guitar lessons වල vidoes බලපු එක තමයි මම කලේ.

හැබැයි අයියට නම් හරිම ලස්සනට guitar එක play කරන්න පුළුවන්.
එයා ඊයෙ රෑ ලස්සනම ලස්සනට සින්දුවක් කියන ගමන් ඒක play කලා.
මං ආසාවෙන් අහගෙන හිටියා.
ඒත් එයා මට කියලා දෙන්න කතා කලේ නෑ.
ඒ නිසා මට අහගන්න යන්නත් බෑ වගේ හිතුනා.
එයා තාම තරහින්ද දන්නෑනෙ ඉන්නෙ.
මං හරිම නරක විදිහටනෙ එයාට බැන්නෙ.

අනේ අයියෙ,
ඒ එකම එක වචනයක්වත් ඇත්ත නෙමෙයි.
ඔයා තරම් වටිනා කෙනෙක් මට තවත් නෑ.
ඔයා තරම් මාව ආරක්ශා කරපු, මාව බලාගත්තු, මට ආදරේ කරපු කෙනෙකුත් තවත් නෑ.
මට දුකයි.
මං ගැනම තරහයි.
ඉස්සර හිටපු ඔයාව ලබාගන්න මං මොකද්ද කරන්න ඕනෙ?

ඒත් අනිත් පැත්තෙන් මට ඔයාට ලං වෙන්නත් බයයි. මොකද මං ඔයාට රිද්දන්නෙ නෑ කියලා 100%ක්ම විශ්වාස කරන්න පුළුවන්ද කියලා මං තාමත් දන්නෙ නෑ.

හැබැයි මට වැඩි වෙලා කල්පනා කර කර ඉන්න ලැබුනෙ නෑ.

'සලා....ං!!!!'

මහා සද්දෙන් ගෙයි ජනෙල් වීදුරුවක් කුඩු වෙලා ගියා.
මං ගැස්සුනා.
අයියා දුවගෙන මගේ ලඟට ඇවිත් මාව තුරුල් කරගත්තා.

"Don't even think about leaving the room.
Stay here!
Stay with me!
If you try to do something stupid, I'm gonna kill all of us.
Them, you, me and everyone!
I'll really become the worst monster the world has ever known.
So don't move, don't tak, don't do anything.
Just breathe and stay here.
Stay here with me..!
I won't let anything happen to you...!"

මාව fridge එකයි මේසෙයි අස්සෙ තියෙන පුංචි ඉඩ අස්සෙ හංගන ගමන් අයියා තොරතෝන්චියක් නැතුව කියවනවා.
මාව බිත්තිය මුල්ලටම තල්ලු කරලා එයා මගේ ඉස්සරහින් මාළු කපන තඩි පිහියත් තියාගෙන බලාගෙන ඉන්නවා.

අනේ මගෙ අයියා!!!
එයා මෙහෙම ඉන්න ඕනෙ කෙනෙක් නෙමෙයි!!!
එයා මෙහෙම එක එක හම්පඩයින්ට බයේ ඉන්න ඕනෙ නෑ.
මේ සේරම මං නිසා.
මගේ මෝඩකම් නිසා.

"කුඩුකරපං යකෝ සේරම!!!
මේ සේරම කුඩු කරලා දාලා හරි අරූව අල්ලගනින්!!!
ඌට එහෙම ලේසියෙන් ගැලවිලා යන්න දෙන්න බෑ."

ජොනාගෙ කටහඬ හතර අතේ දෝංකාර දෙනවා.
අයියා මගේ දිහා හැරිලා බැලුවා.
ඒ ඇස් වල කඳුළු පිරිලා.

"Promise me Snowdrop!
Promise me you won't ever leave me again!"

"No!
No!
Never!
You are my everything ayye!
I'm going to be with you forever and ever!
Even if I die, I'll be waiting for you!
Always and always!
I love you so much!"

අයියව බදාගන්න ගමන් මං කිව්වෙ.
අයියත් මාව තුරුල් කරගත්තා.
අපි දෙන්නට දෙන්නා තුරුල් වෙලා ඔහේ බලාගෙන හිටියා.
අද අපිට මොනවා වෙයිද කියන්න මං දන්නෙ නෑ.
හැබැයි මොනවා වුනත් අයියගෙන් මාව ඈත් කරන්න නම් කිසිම කෙනෙකුට කවදාවත්ම දෙන්නෙ නෑ.
මැරුනත් අපි දෙන්නා මැරෙන්න ඕනෙ එකටමයි.

"I need a knife too..."

මං අයියට රහසින් කෙඳිරුවා.

හැබැයි අයියා පව්!
එයා මං හිතන දේවල් දන්නෙ නෑ.
එයා හිතන්න ඇති අරුන් කඩාගෙන පැන්නොත් උන්ගෙන් බේරෙන්නයි මං පිහියක් ඉල්ලන්නෙ කියලා.
එයා අර තඩි පිහිය මගේ ඇඟේ ගහලා ගිහින් අපේ චූටි ගල් වං ගෙඩියෙ මෝල් ගහ උස්සගෙන ආවා.

අනේ ඉතින් හිනාත් යනවා දෙයියනේ!
අයියා නම් හුරතල් බෝලයක්!
මේ මහා ලෝක විනාසෙ මැද්දෙත් මට මේ චූටියව බදාගෙන මිරිකලා චප්ප කරගෙන චප්ප කරගෙන යන්න හිතෙනවා.
මොකද දන්නවද?
ඒ ගෙනාපු චූටි මෝල් ගහ හොඳයි කෝම්පිට්ටුවලට තට්ටු කරන්න නම්!
ජොනා වගේ අලියෙක් එක්ක ඕකෙන් මොනවා කරන්නද?
ඌට ඕකෙන් ගැහුවට දැනෙන එකක්වත් නෑ.
පව් දෙයියනේ මගේ හුරතල් කැටේ!!!

හැබැයි මේ අස්සෙ අරුං ජනේලෙ ග්‍රිල් තඩි බානවා හෝ ගාලා. කොයි වෙලේ කඩාගෙන ඇතුලට එයිද දන්නෙ නෑ.
අයියා මාව බදාගෙන ඉන්න හැටියට දැන් නම් හුස්ම හිරවෙන්නත් වගේ.
මං දඟලන්න දඟලන්න මේ මිනිහා තවත් මාව තද කරගන්නවා.
දෙයියනේ අරුං එන්න කලින් මං හුස්ම හිර වෙලාම මැරෙයි වගේ මේ යන හැටියට.

"Ayye...
I can't breath!"

අන්තිමේදි මං කෙඳිරි ගෑවා.
ඔන්න එතකොට තමයි මගේ බය වෙච්ච හා පැටියා මට හුස්මක් ගන්නවත් යාන්තම් ඉඩක් දුන්නෙ.

හැබැයි මට නම් ඕනෙ හුස්ම ගන්න විතරක්ම නෙමෙයි.
වෙන දේකුත් කරන්න.

අයියගෙ මූණ අත් දෙකෙන්ම අල්ලගෙන මං ඒ තොල්වල රස සති ගානකට පස්සෙ බලන්න ගත්තා.
හෙමින් හෙමින්!
හිතේ හැටියට!
චූටි මෝල් ගහ ඩස් ගාල බිමට වැටුනා.
අර විසාල පිහි තඩිය නම් මං කලින්ම මේසෙ උඩින් තියලා තිබුනෙ.
නැත්තම් අපි දෙන්නා මේ වෙද්දිම කපාගෙන මැරිලා.

මං එයාගෙ තොල් වලට ලං වෙද්දි මුලින්ම අයියා පුදුම වුනා.
ඊලඟට මගෙන් එහාට වෙන්න හැදුවා.

"Please...
Don't be angry with me.
All I said was rubbish.
It wasn't me ayye.
You are the best thing that happened to me.
You are the only reason I'm alive.
So please...
Don't push me away!"

මං කෙඳිරි ගෑවා.
අයියගෙ මූණ හරවන්න බැරි වෙන්න තද කරලා අල්ලගත්තා.
ඒත් අයියා ඉන්නෙ දෙගිඩියාවක.

මේ හැමදේකටම පස්සෙත් මෙහෙම නම් වෙන්න දෙන්න බෑ.
මොන දේ කලත් වැඩක් තියෙනවද අන්තිමේදි අයියව මට නැති වෙලා යනවා නම්.

මගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා.
ආදරේ දරාගන්න බැරුව නෙමෙයි.
හිතට දැනෙන බය දරාගන්න බැරුව.
මං මැරෙන්න බය නෑ.
ඒත් අයියව මට නැති වෙනවට නම් හිතාගන්නවත් බැරි තරම් බයයි.

"Don't you love me anymore?"

මගේ කටහඬ වෙව්ලුවා.

"Was I that bad?
But that wasn't me ayye!
That wasn't me!
I promise, I'd never be a mosnter like that ever again.
So please...."

මට තවත් කතා කරගන්න බෑ.
හුස්ම ගන්නවත් බෑ.
ඇඬෙනවා ඇඬෙනවා නතර කරගන්නත් බෑ.

"Please patiyo...
Don't cry.
I love you a lot!
But...
But you are still a child.
So...
So.....
Give yourself a little more time ok?
I'm not going anywhere.
I'll always be by your side.
So don't worry about anything.
Just let the time decide what you really need."

"NO!!!!"

මං අයියව බදාගෙන කෑගැහුවා.
මොකද්ද දෙයියනේ මං මේ කරගත්තෙ???

හැබැයි මගේ ඇඬිල්ල ඉවර කරගන්න ලැබුනෙ නෑ.
එකපාරටම police car එකක සද්දෙ ඇහෙන්න ගත්තා.
මෙච්චර වෙලා ගේ කුඩු කරන්න බලාගෙන පොලු වලින් ගහ ගහ ලතෝනි දිදී හිටපු අරුන් ටික කොහෙන් ගියාද මන්දා අතුරුදහන් වෙලා හිටියා.
මහා වැස්සක් වැහැලා පෑව්වා වටපිටාවම නිශ්ශබ්ද වෙලා ගිහින් තිබුනා.

මට ඉන්න තැනින් හෙල්ලෙන්නවත් එපා කියලා අයියා විතරක් එලියට ගියා.
ඒත් ඉතින් එයා එලියට ගියාම මං කොහොමද නිකම් උඩ බලාගෙන ඉන්නෙ?
මගේ පණ ටිකත් තියෙන්නෙ ඒ පපුව අස්සෙනෙ!

හැබැයි මං එලියට ගියේ නෑ.
අයියව යකා කරගන්න දැන් මං බයයි.
Curtain එක අස්සෙන් අයියගෙ දිහා බලාගෙනම හිටියා.
එයාට මොනවම හරි වුනොත් නම් මං මරාගෙන මැරෙනවා.
ඇත්තමයි!
එයාගෙන් තොර ජීවිතයක් මට නෑ.

හැබැයි මොකුත් වුනේ නෑ.
අයියා පොලීසියේ කට්ටිය එක්ක මොන මොනවදෝ කතා කර කර ඉඳලා ආයෙම ආවා.

මට ඕනෙ කලේ දුවගෙන ගිහින් අයියව බදාගන්න.
එයාගෙ ඉන වටේට මගේ කකුල් දෙක ඔතාගෙන පණ යනකල්ම එයාව kiss කරන්න.
ඒත් මං ලඟට යද්දිම අයියා කෑම කමු කිව්වා.
මගේ දිහා වුවමනාවෙන් බැලුවෙවත් නෑ.
එයා මගෙන් ඈත් වෙනවා.

අයියා දිහා හොරෙන් බල බලම මං කෑම කෑවා.
එයා ඉතින් මාව නොසලකා හරින්නෙත් නෑ. මං බලද්දි මාත් එක්ක හිනාත් වෙනවා.
ඒත් මට ඕනෙ විදියට නෙමෙයි.
මට ඕනෙ ඉස්සර වගේ ආදරේ බේරෙන අයියා කෙනෙක්.

මෙයා මේ ඉන්න හැටියට හිතෙන්නෙ අපි එක පවුලෙ සහෝදරයො හරි හොඳ යාළුවො දෙන්නෙක් හරි කියලා.
ඒ වුනාට එහෙම බෑනෙ.
අපි දෙන්නා loversලා.
Boyfriendsලා!

Boyfriend අයියේ....
එන්නකො ආයෙම මගෙ ලඟට!
.
.
.
.
.
.
"Snowdrop!
Get ready.
Let's go somewhere far far away!"

කාලා ඉවර වෙලා අයියා එකපාරටම කියද්දි මං පුදුම වුනා.
ඒ කියන්නෙ මාස දෙකකටත් පස්සෙ මං එලියට යන්නද හදන්නෙ?

"Today??"

"Yes!
It's too dangerous here.
Let's go somewhere they can't find us."

මොකක්???
ඒ කියන්නෙ මෙහේ දාලා යන්නම යනවද අපි?

"But...
But..
Where???"

"I know a place.
Somewhere safe.
Quick!
Get ready!
They won't come back today.
But they would definitely come later.
So let's move fast!"

අයියා තඩි බෑග් එකකුත් පිටේ එල්ලගෙන යන්න ලෑස්ති වෙනවා.
මං තුශ්නිම්භූත වෙලා බලාගෙන ඉන්නවා.
ඒ කියන්නෙ...
ඒ කියන්නෙ මං ඇත්තටම ආයෙත් එලියට යනවද?
සති ගානකට පස්සෙ මට එලියට යන්න ඉඩ ලැබෙනවද?

දෙවියනේ!!!

ඒ කියන්නෙ මං තව දුරටත් බිත්ති හතරකට කොටු වෙලා නෑ!
මට පිස්සු හැදෙන්න ආවා.
විනාඩි පහට ලෑස්ති වෙලා ලට්ට ලොට්ට සබ්බ සකලමනාවම බෑග් මල්ලක් අස්සට ඔබා ගත්තා.
ඊලඟට අයියගෙ පස්සෙන්ම දුවගෙන ගිහින් එලියට පැන ගත්තා.

එලිය!
අනේ දෙයියනේ හුලඟ!
Wow!!!
මේක නම් ලස්සනම ලස්සන හීනයක් වගේ.
මං කෑගැහුවා.
කෑගහ ගහ නැටුවා.
අයියා හිනා වෙවී මගේ දිහා බලාගෙන ඉඳන් ඉස්සර වගේම මගෙ කොණ්ඩෙ අවුල් කලා.
මං එයාව බදාගත්තා.
බදාගෙන එයත් එක්කම නටන්න පටන් ගත්තා.

"Ayye..
I've known for a thousand life times.
All I need is you!
Nothing else!
Not a long life!
Not wealth!
Not status!
Not anything!
It's just you!
Only you!
I'm here for you ayye.

Please forget all that rubbish.
That wasn't me.
I might be a child, but I know this better than anything.

I love you!
I love you to the moon and back!
I love you more than an eternity
I have loved you for millions of years and I will be loving you more!

Come to me again my sweet baby!
Let me walk you through my whole heart!
Clear as a crystal,
It glistens with you!
Only only you!"

අයියගෙ සිනිදු රෝස පාට තොල් දෙක මගේ තොල් වලින් seal කරන ගමන් මං කෙඳිරි ගෑවා.
එයා ආයෙම මගෙන් ඈත් වුනේ නෑ.

දෙවියනේ!!!
එයා මගෙන් ආයෙම ඈත් වුනේ නෑ.
ඒ විතරක් නෙමෙයි.
එයා...

එයා මාව kiss කලා.
මං එයාව kiss කරන්න පටන් ගන්නත් කලින්ම kiss කලා.
මේක නම් හීනයක්!
ලස්සනම ලස්සන අදහගන්නත් බැරි තරම් ලස්සන හීනයක්!

ඒත් ටිකකින් මගේ මූණට පුංචි පුංචි පිනි බිඳිති වැස්සක් වැටෙන්න පටන් ගත්තා.
ඒ පිනි බිඳිති මගේ මූණ පුරා කලින් ඉඳන්ම ගලාගෙන ගිය වතුර පාරවල්වලට එකතු වෙලා නොපෙනී ගියා.
අපි දෙන්නම දරාගත්ත අසීමාන්තික වේදනාවෙ රස වතුර පාරවල් දිගේම ගලාගෙන ඇවිත් අපේ හාද්දට එකතු වුනා.

වේදනාව ඇඹුල් රහයි.
හැබැයි ආදරේ වේදනාවට එකතු වුනාම ඒක බලාපොරොත්තුවෙ රහයි.
විශ්වාසයේ රහයි.
ඉතින් මම විශ්වාස කලා!
මටත් හුඟ කාලෙකට ඉඳන්ම මගේ අයියා විශ්වාස කලා!
මේ හලපු හැම කඳුලකටම හරියන්න අපි ජීවිතේ දිනනවාම තමයි.

"I love you too patiyo....
But you are still a baby.
Think again.
Again and again!
I don't want to trap you somewhere you don't belong.
Whatever your decision is, you are never gonna lose me.
I'll always stay by your side!"

කඳුළු වලින්ම පෙඟිලා තිබුන අයියගෙ මූණ දෝතින්ම අල්ලගෙන මං අපේ kiss එක පුළුවන් උපරිම ගැඹුරටම අරගෙන ගියා.

"Ok!
That's enough!
Always stay by my side.
Love me like you always did!
That's more than enough.
I'll prove my love Happy Pill!
I'll prove it to you till the last day of my life.
And even after that.
In all my lives, I'll prove it till it's clear for you as a crystal!

But never ever even think about leaving me ayye..
Because....."

මං අයියගෙ ඇස් දෙක දිහා බලාගෙනම එයාගෙ පපුවට kiss එකක් දුන්නා.

"Because it's no longer my heart that gives me life
but it's your heart!
The most beautiful heart of the universe,
That keeps me alive!"

........................................................................................................

කතාව කියවන ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Continue Reading

You'll Also Like

54.7K 14.1K 50
ලෝකයෙන්ම සැඟව ගිය පාරාදීසයක්....... නොවේ...... රාජධානියෙන් වෙන්ව පවත්නා රහසිගත සුව අරනක්..... අහෝ....... ඉදින් එවන්නක් දකින්නට කෙදිනක උදාවේවිද වාසනා...
116K 12.7K 110
💥New BL ဒါဒါတို့ရေ... ရှေးခတ်ကျေးလက်တောရွာကို ကူးပြောင်းမှ ကြိုက်ပါတယ်ဆိုတဲ့ဒါဒါလေးတို့အတွက် အသစ်လေးလာပါပြီ .... ရှားပါးတဲ့ MC Gong ပါနော် Gp လေးက...
300K 16.2K 53
A Love Story ( Own Characters ) ဘုဏ်းဇေယျာကျော်xရှင်းသန့်တည်ကြည် " မင်းသားလေး...မင်း ငါ့အပေါ် သိပ်သဘောကောင်းတာပဲ၊ ငါ့မေမေကပြောတယ်၊ အသက်ကြီးလို့ လက်ထ...
36.7K 6.7K 61
ඉහින මල් පැණි තටු අගිස්සෙන්!!!