එදා ඉරිදාවක් . තුහින ඉරිදා උදේම ආධිල්ගෙ බැන්ක් එකවුන්ට් එකට තමන් අතේ තිබ්බ සල්ලි ටික ට්‍රාන්සර් ක්‍රලා ආධිල්ට කෝල් එකක් ගත්තා.
ආධිල් : කියහං....
තුහින : උඹට සල්ලි ආවා නේහ්... මං මේ ගත්තෙ පොඩි අදහසක් කියන්න .
ආධිල් : අනේ ඔව් බං . තෑන්ක්ස් ආහ් .
තුහින : මං කියන දේ අහපන්කො ඔව්වා පැත්තකට දාලා . උඹේ ටික් ටොක් එක ! ඒකේ ෆලොවර්ස්ලායි ලයික් එහෙම කීයක් විතර ඉන්නවද ?
ආධිල් : ෆලොවර්ස්ලා 21k විතර ඉන්නවා . ලයිකුත් ඇති 530k කිට්ටුවෙන්න වගේ . ඇයි ?
තුහින : යකෝ.... උඹට පුළුවන් නේ YouTube එකෙත් ඒ වගේ පුංචි Covers කරලා දාන්න . උඹට දැනටමත් ටික්ටොක් වලත් හොද තැනක් තියෙන නිසා ලේසී වෙයි .
ආධිල් : ඒක නම් හොද අදහසක් බං... ඒත් අඩු ගානෙ මාස තුනක් වත් යයි නේද බං ? ඔක්කොම සෙට්ල් වෙන්න .
තුහින : ඔව්... එතකන් උඹේ අර කැම්පස් එකේ දාපු වීඩියෝ එකෙන් උඹට ගානක් ලැබේවි . ඒකෙන් ඉන්න පුළුවන් නෙ . මං කොන්සට් එකේ අපේ වැඩ වල ෆයිනල් ප්‍රොජෙක්ට් එක ඩීන්ට දෙන්න යනකොට ඩීන් කිව්වා අපිත් එක්ක .
ආධිල් : මොකක් ? අඩෝ සිරාවට ? හැබැයි එහෙම උනොත් නම් අරක සෙට්ල් වෙනකන් මට ඒ ටික කාලෙ රෝල ඇදගෙන යන්න පුළුවන් වෙයි .
තුහින : ඔව්... උඹ හොද විදියක් බලපන් එහෙනම් . අහ් බං.... මං තියන්නම් . අද බයික් එක සර්විස් එකට දාන්නෝන .
ආධිල් : හරි බං . බායි....
ආධිල්'s pov
ඇත්තටම මට තුහින කියනකන් එහෙම අදහසක් කල්පනා වෙනවා තියා ඒ ගැන මතකවත් නැති උණා. මේකා මහ පුදුමාකාර එකෙක් . පෙරේදා කිව්වා මොනා හරි බලමු කියලා . ඒත් කවුද හිතුවෙ මෙච්චර ඉකමනින් විසදුමක් දෙයි කියලා . ඒත් මට හිතා ගන්න බැරි කැම්පස් එකෙන් මට එහෙම ගානක් දෙන්න හිතුවෙ ඇයි කියන එක . ඒක මට මහ ප්‍රශ්නයක් . කමක් නෑ මොනා වෙන්න හරි දැන් මට මාස දෙක තුනක් යනකන් රෙන්ට් එක ගැන බය වෙන්න දෙයක් නෑ දෙයියන්ගෙ පිහිටෙන් මේහ හම්බුනොත් .
පැය භාගයක් විතර වොශ් දදාම කල්පනා කරපු මං ඇදුමකුත් දාගෙන පයින්ම ඇවිදගෙන ගියේ උදේට කන්න දෙයක් ගන්න . ළග තිබ්බ පෙරේරා ඇන්ඩ් සන් එකෙන් කන්න දේකුයි අයිස් කොෆී එකකුයි ගත්තා . කාට ඔය මොන මොන එක හොදනෑ කිව්වත් ඉතින් මට නම් මේ වෙනකන් මේ පෙරේරා සීයගෙයි එයාගෙ පුතාලා ගෙයි කෑම වැඩි අවුලක් නෑ . හේ හේ.. කොහොමත් අන්තිමට වෙන්නෙ බඩ පිරෙන එකනෙ . මං කොහොමත් ඔය මැද්දට එව්වා මෙව්වා එළවළු දාපුවා ගන්නෙ නෑ . එක්කො ඔය නිකං ප්ලේන් දෙයක් තමයි ගන්නෙ . ගෙදර ඇවිල්ලා නිවී හැනහිල්ලෙ කනකන් ඉවසන්නෙ කෝමද දෙයියෝ.... මං ඇවිදගෙන එන ගමන්ම ගත්ත බන් එක කාලා ඉවර කළා . හේ හේ... කෝමත් මට ඉස්සර ඉස්කොලෙ කාලෙ ඉදන් ඔය ලෙඩේ තිබ්බා . අපේ ක්ලාසස් තිබ්බෙ ඉස්කෝලෙ අන්තිමම හරියෙ . කැන්ටින් එක තිබ්බෙ ග්‍රවුන්ඩ් එක කෙලවර හත වසරෙ උන්ගෙ ක්ලාසස් තිබ්බ බිල්ඩින් එකේ කොනේම . ඉතින් කෑමක් ගත්තම මං එතන ඉදන්ම කකා තමයි එන්නෙ . අනික යකෝ ඕකෙ ලැජ්ජ වෙන්න දෙයක් තියෙනවා යැයි. පස්සෙ තිබ්බ අයිස් කොෆි එකත් කටේ ගහ ගත්තා .
"සුරූස්...සෘ සෘ සෘ සෲස් සෘ සෘ "
"ඈ යකෝ උගුරු කීයද බිව්වෙ ? මුලින්ම බිව්ව උගුරවත් තාම බඩට වැටුනෙ නැද්ද කොහෙද . සික් මේක ඉවරත් උණාද ? අනේ.... දෙයියනේ. මොකාද මේ පැකට් එකේ සයිස් එක එන්න එන්න පොඩි කරන පගා...."
කොෆී එකේ අන්තිම බිංදුවත් සෲස් ගාලා ඇදලා දාපු ආධිල් ගෙට ගොඩ වුණේ ෆෝන් එකත් අරගෙන තමන්ගෙ අම්මට කෝල් එකක් ගන්න ගමන් . වටේම තියෙන දේවල් ඔක්කොම කයියක් දාගෙන ඉදලා යාන්තම් පැයකට විතර පස්සෙ ෆෝන් එක තිබ්බා .
"ඇයි කෙල්ලොන්ට විතරද අම්මත් එක්ක කයියක් ගහන්න පුළුවන් ? නෑ නෑ මේ ආධිල් උත්සර ජයසිංහ ටත් පුළුවන් . දැනගනිව් "
සේරම වැඩ ඉවර කරලා ඉවර වෙලා ආධිල් ලැප්ටොප් එකත් අරගෙන ඉද ගත්තෙ තුහින කිව්ව වැඩේ බලන්න . පැය දෙකක් විතර ගියා ආධිල්ට you tube Account එක හදා ගන්න .
" කොහෙද ඊ මේල් තිබ්බට මේ කපේට එව්වගෙ පාස්වර්ඩ් මතක තියෙනවා යැයි . මේකෙ you tube ඇප් එක තියෙන්නෙත් ෆෝන් එක ගද්දි ඒ එක්කම ඇප් එක එන නිසා. නැත්නම් මේ මට ඕක ඩවුන්ලෝඩ් කර ගන්නවත් කිසි උවමනාවක් නෑ . ගූගල් එක හරහා වෙබ් එකෙන්ම බලනවා ඇර . එව්වට ඉතින් මං යැයි වැරදි ! ඔක්කොම ඉතින් ගානට මුල්ස් ඉදන්ම හදා ගන්න්ස් උණා "
ටික් ටොක් එකෙත් මං පොඩි වීඩියෝ එකක් හදලා මගේ Youtube චැනල් එක ගැන පොඩි මාකටින්ග් පාරක් දියත් කළා . ඉන්න ගානෙන් අඩුම තරමෙ අරික් කාලක් දෙනා හරි මාව සබරකපර කරයි කිහලා මට හිතුණා ... ආ ඒකත් ඉවර වෙද්දි දොළහටත් කිට්ටුයි . දැන් තියෙන්නෙ දිවා බෝජනයට නැහෙන්න . අම්මපා මේ කන එක හොයා ගත්තෙ කවුද ? කන්නත් පුළුවන් ! උයන්නනෙ බැරි ! ආ.... මේ තියෙන්නෙ... මේක හදලා මේ අල ගෙඩි ටික හැදුවනම් මදෑ . ආ මේකත් හොදයි ."
ආධිල්ගෙ කිචන් එකේ තිබ්බ පුංචි ෆ්‍රිජ් එකෙන් අලයි , ගොටුකොළ මිටියකුයි අරගෙන ආපහු හැටිලා ෆ්‍රිජ් එකේ තිබ්බ මාළු ටිකත් අරගෙන කොල්ලා උයන්න සැරසුනා .
"එනසාලුයි සුදුළූණුහි අමු ඉගුරු කොත්ත මල්ලී ,
ඔය අතරෙ තමයි කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව තුහින කඩා පාත් උණේ . කොල්ලා බයික් එක සර්විස් කරන්න දාලා තිබ්බෙ ළග තැනකට .ඒ නිසා ඒක ඉවර වෙනකන් ආධිල්ගෙ ගෙදර ඉදලා යන්න කියලා හිතා ගෙන තමයි ගෙට ගොඩ වුණේ . ආධිල් සාලෙ ඉදපු නැති නිසා තුහින කෙලින්ම එතනින් එහාට තිබ්බ කුස්සියට ඇවිල්ලා එබුණා . එතකොට ආධිල් පස්සත් වන වන එළවළු කපනවා . හීන් සැරේ ෆෝන් එක ගත්ත තුහින පුංචි වීඩියෝ ක්ලිප් එකක් ගත්තා . "මොනා වුණත් මෙව්වා නොමියෙන ආතල් " පස්සෙ හිමීට ගිහින් ආධිල්ගෙ පිටිපස්සෙන් හිට ගෙන ඉදියා .
ආධිල් : තව කුළුබඩු පදමයි සර ගුණ මැවෙනා රහසයි , තෙම්~මොන හු*තක්ද ? තෝ ආහ්...-හාට් ඇටෑක් හැදෙනවා ...
එළවළු කප කප ඉදිය පිහියත් බිම දාලා ආධිල් නැවතුණේ පස්සට පැනලා . තුහින දෙකට තුනට නැවීගෙන බඩත් අල්ලගෙන හිනා වෙන්න ගත්තා . හිනා වෙලා හිනා වෙලාම කදුළු බේරෙනවා .
තුහින : හම්මො... යකෝ... බලපන් . උඹ සුප් කැට ප්‍රවර්ධන කරනවද ?
ආධිල් : අනේ හිටපම් ගොනා . තාම නිකං මං මේ බය වෙලා ඉම්නෙ . තෝ කොහොමද දොර ඇරගෙන ආවෙ....
තුහින : ඒවා දස්සකන් මල්ලෙ... දස්සකම්
ආධිල් : වහගනිම් ඔය ලබ්බ . මටම මොනා හරි වෙන්න ඕන ඔය තිස් දෙකම එළියෙ දාගෙන හිනා වෙන්න . මහ පගයා....
තුහින : උඹ මොකද්ද ඒ දාපු ඩාන්ස් එක ?
ආධිල් : තුහින උඹ කට වහනවද ? නැත්නම් තොගෙ බෙල්ල කපන්නද ?
තුහින : අනේ අනේ මේං වැංදා ! ඔය ගොටුකොළ මිටිය හදපම් . මට බඩගිනී...
ආධිල් : ගොටුකොළ නෙවෙයි තණකොළ තමා දෙන්න ඕන උඹට .පොල් ටිකක් ගාපම් .
තුහින : ඈ.... ආ දීපන් ඉතින් .
මූණත් කුණ්ඩ හට්ටිය වගේ කර ගත්තු තුහින ආධිල්ට පොල් ගාලා දුන්නේ මතක් වෙන මතක් වෙන සැරේට ආධිල් දිහා බල බල හිනා වෙන ගමන් .
පැයක් විතර යනකොට යාන්තං උයලා ඉවර කරගෙන දෙන්නත් එක්කම කෑම කන්න ගත්තා .
තුහින : ම්ම්... උඹට හොදට උයන්න්ස්ත් පුළුවන් නේද ?
ආධිල් : මං මල්ටි ටැලන්ටඩ් බ්‍රෝ . මේ මදිනං බෙදං කාපම් .
තුහින : හරි හරි... මේ ඒක නෙවෙයි . උඹ රෙන්ට් එක දැම්මද ආධිල් ?
ආධිල් : ම්ම්... ට්‍රාන්සර් කළා . උඹ ළග තියෙද බං සල්ලි ?
තුහින : ම්ම්... මට තාත්තා එවනවනෙ බං සතියකට හතක් විතර . රෙන්ට් එකට වෙනම තව පොඩි ගානක් දෙනවා . ඉතින් මට එවන එකෙන් කෑම කන්නයි බයික් එකේ පෙට්‍රල් වලටයි විතරයි මගෙ අතින් යන්නෙ . උඹට ඕන වෙලාවක මට කියපන් . හංගන් ඉන්න ඕන නෑ .
ආධිල් : ම්ම්... බලමුකො බං . උඹ කිව්වා වගේ යුනි එකෙනුත් ගානක් හම්බුණොත් වැඩි අවුලක් වෙන එකක් නෑ .
තුහින : නොහිතා ඉදපන් බං....
ආධිල් : හැබැයි . හිතෙනවනෙ යකො...
තුහින : එහෙනම් හිත හිත ඉදපං . ආ.... මගෙ ඔළුවත් රිදෙනවා.
ආධිල් : පලයන් යන්න .
තුහින : ඒනම් අපි කාලා ඉවරායි . එනසාලුයි සුදු ළූණුයි අමු ඉගුරු කොත්තමල්ලී .....
ආධිල් : ඕයි බූරු පගයෝ... ඔය ලබ්බ වහ ගනින්...
කටේ තිබ්බ බත් කට ගිලින ගමන් එහෙම කිව්ව තුහින කාලා ඉවර වෙලා කිචන් එකට ගියේ ආධිල් බෙරිහන් දෙන කොට . දැන් ඉතින් ආයෙ අවුරුද්දකට හරි යන්න පොටක් අල්ල ගෙන් ඉන්නෙ තුහින .
ආධිල් : උඹ පයින්ද යකෝ ආවෙ . කෝ බයික් එක ?
කාලා ඉවර වෙලා අත සෝදගෙන ආපු ආධිල් ඉස්සරහා දොරකඩ ළගට ගිහින් එහෙම ඇහුවෙ තුහිනගෙ බයික් එක මිදුළෙවත් පාරෙවත් නොතිබ්බ නිසා .
තුහින : ම්ම්... ඇයි මං උඹට කිව්වෙ . ඒක සර්විස් එකට දැම්මා . තව පැයකින් විතර යන්නෝන බම් . උබේ ලට හුටුක්කුව ගෙදරවත් හෝදන්නෙ නැද්ද යකෝ ?
ආධිල් ඉදපු තැනට්ස්ම ඇවිල්ලා උළුවස්සට හේත්තුවක් දාගෙන තුහින ඇහුවෙ මොකද්ද එකක් වගේ ඉස්සරහම තිබ්බ ආධිල්ගෙ බයික් එක දැකලා .
ආධිල් : ඒක තමයි . මාත් සංකුට්ටව හෝදලන්න ඕන . බලන්න ඉතින් . මාව කරේ තියාගෙනම ගිහින් දූවිලි වැදිලා .
තුහින : උඹටම හොදයි උඹේ සෙංකොට්ටම .
ආධිල් : සෙංකොට්ටම නෙවෙයි පගෝ . සංකුට්ටා . තෝ සෙංකොට්ටං කියවලා තියෙද ? අන්න පොත් ආහ්...
තුහින : ඔව් ඔව්... කියවලා තියෙනවා . මාත් හරි ආස පොතක් .
ආධිල් : ඒ මිනිස්සු දිහා බැලුවම හිතෙනවා අපේ ජීවිත කොයි තරම් හොදද කියලා .
තුහින : බලපං ඉතින්... පොතේ මුල් පිටුවෙන් ඉපදිලා .අවසාන පිටුවෙදි මැරිලා යන මහ අමුතුම කතාවක් ඒක .
ආධිල් : ඇත්තටම අපිත් පොතක චරිතද දන්නෑ නේද බං...
තුහින : උඹට හිතෙනවද එහෙමයි කියලා . වෙන්න පුළුවන් . අපි හැමෝටම ජීවිතේ කියන්නෙ පොතක් . අපි ලියන විදියයි අපි නවතින තැනෙනුයි තමයි පොතට වටිනාකමක් ලැබෙන්නෙ ආධිල් .
ආධිල් : ම්ම්... ඒක ඇත්‍ත . වහින්නත් වගේ බං . උඹ ගෙදර යනකං අල්ලගෙන ඉදියොත් ඇති . තෙමිලා ලෙඩ හදාගෙන මැරෙන්න වෙන්නෙ නැත්නම් .
තුහින : බූරුවෝ ! වැස්ස වහිද්දි හැංගෙන්නෙ ඇයි ? හිතු මනාපෙට තෙමෙනවා ඇර !
ආධිල් : ආපහුම උඹේ බර වචන නේද ?
තුහින : ම්ම්....
_____________________________
මං ආවා ඒනම් .
වැස්සක් වැස්සොත් ඔයා තෙමෙනවද ? හැංගෙනවද ?
කියාගෙන යන්ට ඒනම් .
බායි. 🤍