මානස (Completed)

By NirMad238

66.8K 12.3K 11.4K

ඔයා වෙනුවෙන් මං හැමදාමත් ඉන්නවා.... More

Introduction
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
පසුවදන

58

488 110 106
By NirMad238

ඊට පස්සෙ උදා වුනේ නම් මහා භයානක හීනයක්. එච්චර නරක දවස් ගානක් මගේ ජීවිතේටම මං ගෙවලා නැද්ද මන්දා. මට වමනෙ ගියා නිමක් නැතුව. දාඩිය දාලා ඇඟම ගැහෙන්න ගත්තා. පුදුම වේදනාවක් දැනුනෙ.
හරියට ඇඟෙ ඇට කටු ටික ඔක්කොම කුඩු කරලා දැම්මට පස්සෙත් නොමැරී බේරෙන්න සිද්ද වුනා වගේ.

මං කෑගැහුවා.
ඇඬුවා.
ගුලි වෙලා විලාප තිබ්බා.
බෙහෙත් එක්ක මගේ වේදනාව හුඟක් දුරට අඩු වෙලා ගියා. ඒත් ඊලඟ බෙහෙත් වේල ලං වේගෙන එද්දි දැනිච්ච වේදනාව දරාගන්නම බැරි තරම්.

මට ඉස්පිරිතාලෙන් පැනලා යන්නම හිතුනා. ආයෙම කුඩු ගහන්න ඉඩ දෙනවා නම් ඒ වෙනුවෙන් ජීවිතේම බිල්ලට දෙන්න වුනත් ලෑස්ති පිට මං හිටියෙ.
ඒත් මගේ ලඟ මගේ guadian angel හැම මොහොතකම හිටියා.
එයා ආදරෙන්, බැගෑපත්කමින්, සැරෙන්, මේ හැමවිදියකින්ම මාව control කලා.
ඇත්තටම එයා washroom එකටවත් ගියාද කියලා මං දන්නෙ නෑ. මොකද මං බලන බලන හැම තත්පරේකම එයා හිටියෙ මගේ ලඟ.

මට කැව්වෙ පෙව්වෙ,
මාව නෑව්වෙ,
Washroom එක්කගෙන ගියේ,
මගේ රෙදි හෝදලා දැම්මෙ,
ඒ හැමදේම කලේ එයා.
මගේ අයියා!
ඒත් මට එයා ගැනත් දැනුනෙ පුදුම තරහක්.
හරියට මේ හැමදේම සිද්ද වුනේ එයා නිසා වගේ.

එයා මගේ ජිවිතේ වැදගත්ම දෙයක් මගෙන් ඈත් කරන්න හදන හතුරෙක් කියලා මට දැනෙන්න ගත්තා.
දවසින් දවස ඒ හැඟීම වැඩි වෙන්න පටන් ගත්තා.
ඇත්තටම අයියව දැක්කත් තරහා යන මට්ටමටම මාව වැටුනා.

සති දෙකකටත් වඩා මට ඉස්පිරිතාලෙ ඉන්න වුනා. ගොඩාක් නරක විදියට මගේ ඇඟ තුවාල වෙලා තිබ්බ නිසා මට සාමාන්‍යයෙන් සික් එක හැදෙන කෙනෙකුට විඳින්න වෙන වේදනාවටත් වඩා වැඩි වේදනාවක් විඳින්න වුනා කියලා තමයි doctorsලා කිව්වෙ.
ඒක ඇත්ත වෙන්නැති.
මොකද මට දැනුන වේදනාව නම් මේ ලෝකෙ මනුස්සයෙකුට දරාගන්න බෑ.

හැබැයි ඊටත් වඩා වේදනාවක් දරාගත්ත දේව දූතයෙක් එහෙමත් නැත්තම් ඉශ්ට දේවතාවෙක් ගැන නම් මං දන්නවා.
එයා නම් ගහක් ගලක් වගේ මේ හැම දෙයක්ම ලඟ නොසැලී හිටියෙ.
මං කඩාගෙනම වැටෙද්දි හයියට අල්ලගත්තෙ එයාව!
මට කඩාගෙන වැටෙන්න සිද්ද වුනාට බැන්නෙත් එයාට!
මගේ තරහා, වේදනාව පිට කලෙත් එයාට!
ඇත්තටම එයා ඒ හැමදේම දරාගත්තෙ කොහොමද කියන්න මං අදටවත් ඒ කිව්වෙ මේ සිද්දි වලින් අවුරුදු ගානකට පස්සෙ වුනත් දන්නෙ නෑ.
මං දන්නෙ එයා හැමදාමත් මගේ ලඟ මට හයියක් වෙලා, හෙවනක් වෙලා,
කිසිම කුණාටුවකට නොසෙල්වෙන මහ විසාල ගහක් වෙලා හිටියා කියන්න විතරයි.

අන්තිමේදි මගේ ටිකට් කැපුවා.
අයියා මාවත් එක්කගෙන එයාගෙ පුංචි කාමරේට ගියා.
යනකල්වත් මං එයා එක්ක කතා කලේ නෑ.
මට තිබුනෙ කියන්න නොතේරෙන තරහක්.
ඒක කවුරු වෙනුවෙන් ඇති වෙච්ච එකක්ද කියන්න මං දන්නෙ නෑ. හැබැයි කවුරු වෙනුවෙන් ඇති වුනත් ඒක පිට කරන්න මගේ ලඟ ඉන්නෙ එකම එක කෙනෙක් විතරයි!
ඉතින් ඒ දේව දූතයට මං මට පුළුවන් හැම විදියටම රිද්දුවා.

ඒත් එක්කම මට දැනුනෙ පුදුම තරම් හිස් කමක්.
ජීවිතේ කලකිරීමක්!
මට ඕන කලේ මැරෙන්න.
ඒත් අයියා හැම මොහොතකම මගේ ලඟ හෙවනැල්ලක් වගේ ඉන්න නිසා මට එක කරගන්නත් බැරි වුනා.
ඉතින් මට එයත් එක්ක තවත් තරහා ගියා.

"I hate you ayye...
I hate you to the core!
Just leave me alone!"

"You are such a headache!
Meeting you was the worst thing that happened to me in my life!"

මං අයියට කෑගැහුවෙ එහෙමයි.
මගේ ජීවිතේ එකම වාසනාවට,
මාව පණ වගේ පරිස්සම් කරපු මනුස්සයට,
මාව හැමදාමත් තේරුම් ගත්ත මනුස්සයට මං කතා කලේ එහෙමයි.

මං ඒ මොනවා කිව්වත් එයා මට ආපස්සට බැන්නෙ නෑ.
මට එහෙම කියන්න එපා කියලා කිව්වෙත් නෑ.
ඒ කිසිම දෙයක් ඇහුනෙ නෑ වගේ,
ඒවා එයාට නෙමෙයි වෙන කෙනෙකුට කිව්ව දේවල් වගේ තමයි එයා හැසිරුනේ.

මගේ හැම ඕන එපාකමක්ම කිසිම මැසිවිල්ලක් නැතුව ඉෂ්ට කලා මගෙ අයියා.
ඒත් මං උපරිමේටම එයාව රිද්දුවා.
මං මේ ලෝකෙ ඉන්න නරුමම කාලකණ්ණියා වුනා.
ඉතින් යක්ශයෙක් එක්ක ආදරෙන් බැඳුන ලස්සන දේව දූතයෙක් හැමදාමත් ඒ වැරැද්ද වෙනුවෙන් විඳෙව්වා.

මං කොච්චර කෑගැහුවත් බැන්නත් අයියා ඒකට react නොකරන එක මට පුදුම තරම් පීඩාවක් වුනා. මට ඕන කලේ එයත් එක්ක රණඩු වෙන්න.
රණ්ඩු වෙලා ඔළුව හැරුන අතේ යන්න.
ගිහින් ගඟක මුහුදක පැනලා හරි, කෝච්චියට බෙල්ල තියලා හරි, මොනවම හරි කරලා මැරෙන්න.
මගේ ජීවිතේ එකම අරමුණ හැටියට මට දැනුනෙ මැරෙන එක.
ඒකට ලං වෙන්න නොදෙන අයියා එක්ක මට දැනුනෙ එසේ මෙසේ තරහක් නෙමෙයි.

"Dhyan!!!
You are a shameless devil, who destroyed my whole life.
You walked me into a trap.
Molested me!
I was just a child for god's sake!
But what did you do?
You completely ruined me.
And I lost everything.
My education!
My parents!!
Everything!!!

I was dumped into an endless pit.
My whole life got destroyed.
I hate you Dhyan!
I hate you for everything you did!
You are the worst monster in the whole world!"

ඒ කියන කියන හැම වචනයක් ගානෙම වැරදි බව දැන දැනත් මං අයියට කෑගැහුවා.
අයියා එදා තරම් අසරණ වෙච්ච දවසක් මං මගේ ජීවිතේටම දැකලා නෑ.
එයාගෙ ලස්සන මූණ වේදනාවෙන් ඇඹරිලා ගියා.

අනේ මගේ රත්තරං අයියා!
හැමදාමත් මාව පරිස්සම් කලේ එයා.
කොටිම්ම මාව මගෙන්ම පරිස්සම් කලෙත් එයා.
හැම කුණාටුවක් මැද්දෙදිම කොහොම හරි මාව හොයාගෙන ඇවිත් මාව ඒකෙන් ගලව ගත්තෙ එයා.
ඒ කුණාටුවෙන් ඇත්තටම එයාටයි හානි වුනේ මටත් වඩා. ඒත් එයා කවමදාවත් ඒ ගැන දුක් වුනේ නෑ.
එයාට වෙන හානිය ගැන හිතුවෙවත් නෑ.
එයාගෙ මුළු ජීවිතේම මං වෙනුවෙන් කැප කලා.
එහෙම කරපු මනුස්සයට මෙහෙම කතා කරන මම මනුස්සයෙක් නම් වෙන්න බෑ. මං මහාම මහා සාපයක්!
කරුමයක්!
අනේ අයියෙ,
ඇයි මට මැරෙන්න නොදී තාමත් ඔයාගෙ ලඟින් තියාගෙන ඉන්නෙ?

අයියගෙ වේදනාව දකිද්දි මට ඕන කලේ ඔළුව හැරෙන අතක යන්න.
මං එයාගෙ ලඟ ඉඳලා කරන එකම දේ එයාව රිද්දන එක විතරයි. ඒක එහෙම කරන්නෙ නෑ කියලා කොච්චර කොහොම හිතාගත්තත් මට ඒක නතර කරගන්න බෑ.

මගේ හිත මහා ගන්දස්කාර කුණු කන්දක් වගේ. හැම මොහොතකම ඒ කන්දෙන් මහා කුණු ගොඩවල් බිමට ඇදගෙන වැටෙනවා. එතකොට මාත් එක්කම මගේ ලඟ ඉන්න අයියවත් ඒ කුණු කන්දට යට වෙනවා. අපි දෙන්නටම රිදෙනවා. අපි දෙන්නම කුණු වලින් නෑවෙනවා.
ඒත් මට මොනවා වුනත් අයියට මෙහෙම වෙන්න දෙන්න බෑ.
මං දැන් පිස්සෙක්.
මං කරන දේවල් ගැන මට කිසිම පාලනයක් නෑ.
මට ඕනෙ දේට හාත්පසින්ම වෙනස් දෙයක් කරලා මං අපි දෙන්නවම තදබල විදියට රිද්දනවා.

මම නම් කාලකණ්ණියෙක්!
මේ ලෝකෙටම පලක් නැති මැරිලා යන්න ඕනෙ එකෙක්.
ඒත් අයියා එහෙම නෙමෙයි.
එයා මෙහෙම එක එක නරුම බල්ලොන්ගෙන් කතා අහන්න ඕනෙ එකෙක් නෙමෙයි.
ලස්සන අනාගතයක් උරුම රාජ කුමාරයෙක්.
ඉතින් මට තවත් එයාගෙ ලඟ ඉඳලා එයාව විනාස කරන්න බෑ.

අයියා දිහා නොබලම මං දොර ලඟට දුවගෙන ගිහින් අගුල ඇරගෙන එලියට පනින්න හැදුවා.
ඒත් අයියා ඉස්සර වුනා.
දොර ලොක් කරලා යතුර එයාගෙ අතට ගත්තා.
මට යකා ආවේශ වුනා.
එයා කොහොමද එහෙම කරන්නෙ.
මාව කාමරයක් අස්සෙ හිර කරගෙන ඉන්නෙ කොහොමද එයා!

මං කෑගැහුවා.
දොර කඩන්න හැදුවා.
මොනවා කලත් වැඩක් වුනේ නෑ.

"GIVE ME THE KEY!!!
YOU BLOODY BASTARD!!!"

යටිගිරියෙන් කෑගහන ගමන් මං අයියගෙ ඇඟට කඩා පනින්න හැදුවෙ. ඒත් එයා එහාට වුනා.
මං අත මිට මොලවලා පාරක් එයාගෙ මූණට ගැහුවා.
හැබැයි එයාට ඒක වැදුනෙ නෑ.
අයියා මගේ අත අල්ලගත්තා.

"Thambaru!
I know you are going through a lot!
And I know it's really hard for you.
So it's ok.
You can blame me as much as you want.
But there are some limits.
You can't act like a complete lunatic.
You have to slowly learn self control!
Under no circumstances, you can hit another.
However terrible we feel, we should always respect other people Thambaru!"

අයියගෙ වචන හරිම සෘජුයි.
ඒ වගේම හරිම calm.
ඒත් මං හිටියෙ පිස්සුවෙන්.
හොඳ මොකද්ද නරක මොකද්ද කියලා මම තව දුරටත් දැනගෙන හිටියෙ නෑ.

මං අයියත් එක්ක පිස්සුවෙන් වගේ පොර බැදුවා. එයාව හපා කෑවා. එයාට ගහන්න හැදුවා.
ඒත් අයියා මට යන්න නොදී නවත්තගන්න හැදුවා ඇරෙන්න මට එක නියපොත්තකින්වත් රිද්දුවෙ නෑ.

එකපාරටම අයියගෙ සුදු පාට t shirt එකේ බඩ ලඟින් රතු පාට පැල්ලමක් මතු වෙද්දි තමයි මාව ගැස්සිලා ගියේ.
දෙයියනේ!
එහෙම කොහොමද වුනේ?

"Ayye!
Your tummy...!!?"

හැබැයි අයියා නම් ඒ ගැන ගනන් ගත්ත බවක්වත් පේන්න තිබුනෙ නෑ.

"Come on!
Just calm down.
Count from ten to one.
Take deep breaths!"

එයා මාවත් තුරුල් කරගෙන බයිලා ගහනවා.

"For fucking's sake, look at your tummy.
It's bleeding!!!"

"I know.
But it's just a small wound.
Don't worry about it.
Only concentrate on your breathing.
You are gonna be ok!"

මේ මිනිහා පිස්සෙක්!
මං ඉඳලා ඉඳලා හොයාගෙන තියෙන්නෙ පිස්සෙක්ව.
නැත්තම් මොන මිනිහටද පුළුවන් තමන්ව මෙච්චර පහත් කරලා සලකන,
තමන්ට කරදර මිසක් එක අංශුමාත්‍රෙකවත් සැනසීමක් නොදෙන කාලකණ්ණියෙක් වෙනුවෙන් තමන්ගෙම වේදනා දෙන තුවාලත් අමතක කරලා දාන්න?

"IT ISN'T A SMALL WOUND!
YOU ARE BLEEDING NONSTOP!!
LET ME CHECK IT!!!"

"First calm down.
Then we can see about other things.
I'm ok.
So just relax!"

අයියා මාව තුරුල් කරගෙන අම්මා කෙනෙක් වගේ දෙපැත්තට පැද්දෙනවා. ඒ ඇරෙන්න ඇඟිල්ලක්වත් වැරදියට තියන්නෙ නෑ එයා.
කොච්චරක් මාව control කරගන්න අමාරු වුනත් kiss එකක්වත් දෙන්නෙ නෑ මට දැන්.
ඒ ඇයි දන්නවද?

මොකද මං එයාට බැන්නා.
මං එයාට කිව්වා එයා පොඩි ළමයෙකුටවත් ඉන්න නොදෙන අසහනකාරයෙක් කියලා.
Kiss කර කර එයාගෙ අසහනේ පිට කරගෙන මාව විනාස කරපු අපරාධකාරයෙක් කියලා.
එයා මාව ලං කරගන්නවට,
මට ආදරෙන් කතා කරනවට,
මේ හැමදේටම මං හරිම කැත විදියට එයාට බැන්නා.
ඒත් එයා තාමත් මට ආදරෙන් කතා කරනවා.
තාමත් මාව පොඩි ළමයෙක් වගේ තුරුල් කරගන්නවා.
ඒ විතරක් නෙමෙයි,
මට එයාගෙ ඇඳ දීලා බිම bedsheet එකක් එලාගෙන නිදාගන්නවා.

මං එයාට කරන නපුරු වැඩ මටම ඉවසගන්න බෑ.
මාව අනික් හැමදේකටම වඩා රිද්දන්නෙ ඒවා.
මට මැරෙන්න ඕනෙ කරන්නෙත් ඒකමයි.
මෙච්චරම ආදරේ කරන මනුස්සයෙකුට මෙහෙම වේදනාවක් දෙන මං වගේ එකෙක් ජීවත් වෙන්නෙ මොකටද?

"I'm a monster!
Let me go!"

මං ඇඬුවා.
ඇත්තටම මුළු ජීවිතේටම මං වැඩිපුරම අසරණ වෙලා තියෙන්නෙ මේ සති දෙක තුන ඇතුලත.
මං රිද්දන්නෙ මට තියෙන එකම වටිනාම වස්තුවට දෙයියනේ..
එයාව හැම දුකකින්ම, කරදරේකින්ම බේරගන්නම් කියලා,
පරිස්සමින් බලාගන්නම් කියලා පොරොන්දු වෙච්ච මනුස්සයවම තමයි මං මේ රිද්දන්නෙ.
මෙහෙම නරුමයෙක් විදියට ජීවත් වෙන්න මට ඕන නෑ.

"No! You are not!
You a good boy Thambaru.
You are a very good boy!"

"Don't lie for god's sake!
We both know I'm terrible.
I'm the worst person in the whole world and I deserve to die!"

අයියා එයාගෙ අතින් මගේ කට වැහුවා.
මගේ ඇස් වලින් කඩාගෙන වැටුන කඳුළු වැල් පිහිදැම්මා.

"No!
Never!
This is just a hard time and it shall pass.
This is not you Thambaru.
This is that drugs you used.
They are doing everything to take control.
But you are stronger.
You don't fall in that trap again."

අයියගෙ ආදරේ ගැන සතුටු වෙන්නද දුක් වෙන්නද කියන්නද මං දන්නෙ නෑ.
ජීවිතේදි හැම මනුස්සයෙකුටම ලැබෙන්න ඕනෙ මේ වගේ ආදරයක් තමයි.
හැබැයි ඒ ආදරේ ලබන්න සුදුසු මිනිස්සුන්ට.
මං වගේ කාලකණ්ණින්ට නෙමෙයි.

"Ayye...
Why are you this good to me?
All I do is hurt you and ruin your life!"

"No patiyo...
No!
Don't ever think like that.
This is just a hard time and it shall pass.
Don't be so hard on yourself.
You need sometime to recover.
You need to let out all the frustration.
And I'm the closest to you.
So it's ok to let it out on me.
We all do that when we are stressed.
So that's perfectly ok.
But get well soon.
Because even though I love being your safe place.
I don't want to see you hurt!"

මට මාව විනාසම කරගන්න හිතෙන්නෙ මෙන්න මේ නිසාමයි.
මං රිද්දන්නෙ දුක් දෙන්නෙ මෙන්න මෙහෙම මනුස්සයෙකුට.
මං මොනවා කලත්, එයාව මරලා දැම්මත් මගේ අයියා ඒකට මට සමාව දෙයි. ඒක වුනේ මගේ වැරැද්දෙන් නෙමෙයි කියයි.
ඒත් මීට පස්සෙ එහෙම අත්වැරදීම් නොකර ඉන්න බලන්න කියයි.
ඔයා තමයි මං දැකපු හොඳම, ශක්තිමත්ම මනුස්සයා ඒ නිසා ඔයාගෙ ඔය නරක කාලෙ යන්න ගිහින් ඉක්මනටම හොඳ කාලයක් එයි කියයි.
ඒ වෙනකල් ඔයාවම විශ්වාස කරන්න රත්තරං කියයි.

අනේ ඇයි මම මෙහෙම කාලකණ්ණියෙක් වුනේ දෙයියනේ...

"අයියේ...
අනේ අයියේ....
ඔයා තමයි මගේ ජීවිතේට ලැබුන ලස්සනම හොඳම තෑග්ග.
ඔයා කවදාවත්ම මාව විනාස කලේ නෑ.
මගේ ජීවිතේ ලස්සන කලා.
මට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් දුන්නා විතරයි.
අනේ මට සමාවෙන්න අයියෙ.
මට සමාවෙන්න.
Please මට මැරෙන්න දෙන්න.
ඔයාව මෙහෙම රිද්ද රිද්ද ජීවත් වෙන්න මට බෑ..."

මං පැය ගානක් ඇඬුවා.

"You don't hurt me Snowdrop.
So please don't be like this.
You are my everything!
If you really want to die take me with you too.
Because I don't know how to live without you.
I love you so.... much Snowdrop.
I really really love you a lot.

And this is an experience too.
Sometimes life takes away everything from us.
Even our own sanity.
But as long as we keep faith and as long as we stick together it's gonna be ok.
Everything's gonna be ok!

Tomorrow, worst things could happen to me.
Would you leave me then my Snowdrop?
Would you feel like I'm a trouble?"

මාව තුරුල් කරගෙන හරිම සනීප විදියට කොණ්ඩ ගස් අස්සෙන් ඇඟිලි අරන් යන ගමන් අයියා අහන්නෙ.
හැමදාමත් වගේ එයා මාව නිවනවා.
මගේ ලොකුම හතුරා වෙච්ච මගෙන්ම මාව බේරගන්නවා.
මගේ ඇස් වලින් නිමක් නැතුවම ගලාගෙන යන හැම කඳුළු බින්දුවක්ම පිහිදානවා.

"No ayye! No!
Is it even something to ask?
Who do I have apart from you.
So I'm anyway going to stick with you.
But does that really mean I love you?
I'm just some selfish bastard!
All I do is use you.
I ruin you ayye.
I destroy you.
Leave me and live your life.
I don't deserve you!"

අනිත් මොන වේදනාව දරාගත්තත් දරාගන්නම බැරි වේදනාව තමයි තමන් මේ ලෝකෙ ඉන්න ලොකුම වැරදිකාරයා කියලා දැනෙන වේදනාව.
කවදාවත්ම තමන්ගෙ අතින් කරන්නෙ නෑ කියලා තමන්ටම පොරොන්දු වෙච්ච දෙයක් කරන වේදනාව.
තමන් පණටත් වඩා ආදරෙන් පරිස්සමෙන් රැක බලාගන්නවා කියලා තදින්ම හිතාගත්ත දෙයක් තමන්ගෙ අතින්ම විනාස කලා කියලා දැනෙන වේදනාව.

"SNOWDROP!
LISTEN TO ME!!!
YOU ARE A HUMAN BEING!
WE ALL GO THROUGH HARD TIMES AND THIS IS JUST ONE OF THOSE.
WE BOTH KNEW IT'D BE LIKE THIS.
DOCTORS WARNED US!
AND WE BOTH WERE READY TO GO THROUGH THIS.
WE HAVE COME A LONG WAY.
NOW IT'S THE LAST PART.
THE END IS JUST IN THE CORNER.
KEEP FAITH AND KEEP GOING.
YOU ARE STRONGER THAN YOU THINK AND YOU ARE BRAVER THAN YOU THINK!
IF SOMEONE IN THE WORLD CAN GO THROUGH ALL THIS, IT IS DEFINITELY YOU...!!!!"

අයියා දැන් ඉස්සර වගේ නෙමෙයි.
එයා හරිම සැරයි.
දැනුත් මට සැර කලානෙ.
ඉතින් මට දුකයි!
මං ඇස් දෙක පියාගෙන කඳුළු වලට ඔහේ ගලාගෙන යන්න ඉඩ දුන්නා. ආයෙම කතා කලේ නෑ. කතා කලා කියලා වැඩක් නෑනෙ.

"You are on treatment.
Give sometime.
The medicines would start to act very soon.
And I'll book you a counsellor too...
Everything needs time Patiyo..
Be generous towards yourself.
Don't struggle alone.
Get all the help you can.
Getting help doesn't mean you are weak.
It simply mean you are stronger.
Stronger to trust!
Stronger to accept and
Stronger to look forward amidst all the darkness.

You are the brightest star of my life.
But stars need to sleep sometime as well.
So for now just let me guide you.
Tomorrow come to me stronger and brighter.
I want you to guide me through my whole life.
Can you do that darling?"


"Yes!
If you really want me to!
I would do anything!
I would even come out of this burning hell!
And I'll do my best not to hurt you.
You don't deserve all this pain ayye.
An angel like you belong in the heaven.
Not a hell like this!
But if you really want to stay I'll destroy all this for you.
I'll create the heaven of all the heavens, just for you.
I love you my Happy Pill.
I love you more than anything!"
.
.
.
.
.
අයියගෙ තුරුලෙම මට නින්ද යන්නැති.
ඒත් එකපාරටම මට ඇහැරුනා.
මං හිටියෙ ඇඳ උඩ.
හරිම සනීප fluffy blanket එකක් මට පෙරවලා තිබුනා.

ඇත්තටම මම ඉන්නෙ සුරංගනා කතාවක ජීවත් වෙන සුරංගනා කුමාරයෙක් වගේ.
ඒ තරම් ලස්සනට.
පිටින් දකින කෙනෙක් කවදාවත්ම හිතන්නෙ නෑ මේ ඉන්නෙ එපාම කරපු මැරයෙක් කුඩුකාරයෙක් කියලා.
ගෙදරක බොහොම හුරතලේට හැදුන, දුක කියන්නෙ මොකද්ද කියලාවත් නොදන්න අහිංසක බොලඳ පුංචි කොල්ලෙක් වගේ මාව පේන්නෙ.
අයියා ඒ තරම් ආදරෙන් මාව බලාගන්නෙ.

හැබැයි එහෙම මාව බලාගන්න, පරිස්සම් කරන අයියා මගේ ලඟ හිටියෙ නෑ.
එයාව බලාගන්න මං බිමට නැමෙන්න ඕනෙ.
තුනීම තුනී පරණ වෙලා ගිය bedsheet එකක් උඩ එයා හිඟන්නෙක් වගේ නිදි.

මං මේ කරන පව් මට කවදාවත්ම ගෙවාගන්න පුළුවන් වෙයිද දෙයියනේ?
මෙහෙම ගිහින් අයියව මට සදහටම මගෑරෙයිද මගේ පව්කාරකමටම?
ඒත් ලබන ආත්මෙත් මට එයාව ඕනෙ.
ඊලඟ ආත්මෙත් ඕනෙ.
ඊලඟත් එකෙත්, ඊලඟත් එකෙත්... හැමදාම.
ඒත් එයාව මට ආයෙම නොලැබී යයිද?

බෑ!
බෑ!
එහෙම වෙන්න දෙන්න බෑ!
මෝඩයෙක් වගේ මැරෙන්න නම් හිතන්නවත් හොඳ නෑ.
මං කොහොම හරි වෙනස් වෙන්න ඕනෙ.
එයාව හැමදාම ලබාගන්න පුළුවන් වෙන්න කරන්න තියෙන හැමදේම කරන්න ඕනෙ.

ඔව්!
මං මැරෙන්නෙ නෑ.
හැබැයි මගේ ඇඟ ඇතුලෙ ඉන්න යක්ෂයාව මරලා දාන්න ඕනෙ.
අයියා මගේම විතරයි.
යක්ෂයට මාව පාලනය කරන්න දෙන්නෙ නෑ මං.
දෙන්නෙ නෑම නෑම නෑ!!!

මං එහෙම්මම නැවිලා අයියගෙ t shirt එක යාන්තමට ඉස්සුවා.
ඇස් වලින් බේරෙන කඳුළු බින්දු පිහි දාගන්න මහ මෝඩ විදියට try කරන කලා.
ඒත්...
ඒත් අයියට වෙලා තිබුන දේ දැක්කම මට කෑගැස්සුනා.

"අනේ අයියේ!!!
උන් එදා ඔයාට පිහියෙන් ඇන්නද?
අනේ දෙයියනේ ඔයාව මරන්න හැදුවද?
ඇයි මට නොකිව්වෙ?
ඇයි මට නොකිව්වෙ???!!!

මාත් ඔයාට රිද්දුවා.
පැනලා යන්න දඟලන ලෝකෙ ඉන්න ලොකුම කාලකණ්ණියව ආම්බාන් කරන්න ගිහින් ඔයාගෙ තුවාලෙ තවත් පෑරෙන්න ඇති.
දැන් සති කීයක්ද අයියෙ?
තාමත් ලේ ගලනවා.
අනේ අයියෙ!!!
මං කොහොමද මේ ණය ගෙවන්නෙ???
ඔයා ඇයි මං නිසා මේ තරම් ලොකු කරුමයක් ගෙවන්නෙ?"

මගෙ අයියා.
එයාගෙ බඩේ අඟල් දෙකකටත් වඩා දිග තඩි ගෝස් කෑල්ලක්.
ඒක තාමත් ලේ වලින් පෙඟිලා.
එතකොට කලිසමට උඩින් යාන්තමට මතු වෙලා පේන තවත් ගෝස් කෑල්ලක්.
මං කලිසමත් පාත් කලා.
ඒක දිගයි අඟල් තුනකටත් වඩා.
කකුලෙ කලවෙයි, යටි බඩෙයි දෙකේම මහ විසාල තුවාල දෙකක් දෙයියනේ!!!

මං කෑගහ ගහම ඇඬුවා.
අයියා ගැස්සිලා ඇහැරිලා මාව තද කරලා බදාගත්තා.
එයා හිතන්න ඇති මං ආයෙම පැනලා යන්න හදනවා කියලා.
අර ලේ පිරුණු තුවාල මගේ ඇඟට තද වෙද්දිත්, ඒ වේදනාවටම එයාගෙ මූණ ඇඹරිලා යද්දිත් එයා පොඩ්ඩක්වත් මාව බුරුල් කලේ නෑ.
මේ ලෝකෙ එයාට ඉන්න වටිනම කෙනා මම වගේ මාව තදින් තදින් තදින්ම එයාට තව තවත් තුරුල් කරගත්තා.

මගේ අයියා අඳුරුම කුණාටුවක් මැද්දෙදිත් මගේ අත අත් නොහැර එයාගෙ ලස්සන ලෝකෙට මාවත් අරගෙනම පියාඹගෙන යන්න පටන් ගත්තා.
මෙච්චර කාලයක් එයාට විරුද්ධව අනික් පැත්තට තටු ගහන ගමන් මාවම විනාස කරගන්න හදපු මං,
එයත් එක්කම වේගෙන් හුලං පාරට විරුද්ධව තටු ගහන්න පටන් ගත්තා.

අයියව කුණාටුවට අහු වෙන්න ඉඩ දෙන්න බෑ.
එයා මාව අතාරින්නෙ නැත්තම් මං එයාට උදව් කරන්න ඕනෙ.
එයත් එක්කම කොහොම හරි මේ කුණාටුවෙන් ගැලවිලාම යන්න ඕනෙ.
එයාට උරුම සැනසීම පිරුණු ලස්සන ලෝකෙ එයාට අනිවාර්යයෙන්ම හොයලා දෙන්න ඕනෙ.

ඉතින් මං එනවා අයියෙ!
ඔයාගෙ Snowdrop ඔයා කියන ඕනෙම තැනකට එනවා....

....................................................................................................

කතාව කියවන ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Continue Reading

You'll Also Like

10.3K 1.9K 12
නරක තාත්තලා 😳😳 තාත්තලා කවද්ද නේද නරක උනේ 🥰 Yizhan Zhanyi ඕන එකක්
69.8K 9.9K 22
💚අම්මා කෙනෙක් කියන්නෙ ලමයින්ව උපද්දවන කෙනාම විතරක් නෙවෙයි... එයාලව රැක බලාගන්නෙත් අම්මා කෙනෙක්.. හරියට මගේ ජාන් වගේ.. මගේ බේබී නැනී වගේ... නේද බබා...
4.9K 861 10
යක්කුන්ට බය නම් සොහොනෙ ගෙවල් හදන්නෙ නෑ සහෝදරයා......
352K 25.6K 91
ဆက္ကဘုံလျှန် (Sakka Bxon Hlxan) နေးလက်ျာ (Nayy Lattyar) (own creation) Starting Date ••• 24/9/2021 Ending Date •••