ආධිල් : කවුද බං ආල්‍යා කියන්නෙ ? හොද කෙනෙක් වගේ පේන්නෙ .
තුහින : ම්ම්... අපේ අයියට පණ දෙන්න ඉදපු කෙල්ල බං ඒ
ආධිල් : වට් ? නිම්න අයියා යාළු වෙලා ඉදපු කෙල්ලද ඒ ආව කෙනාද බං...
තුහින : ම්ම්... ඔව් . යශ්මි ආල්‍යා අධිකාරි . මමත් දන්නවා පොඩි කාලෙ ඉදන් . සාමාන්‍ය පවුලක කෙල්ලෙක් .
ආධිල් : උඹලගෙ අයියා වැරදී බං එක අතකින් . මාත් එක්කත් හොදට හිනා වෙලා කතා කළා ඒ කෙල්ල .
තුහින : ම්ම්... එයා එහෙම තමයි . එයා ජීවිතේ එයා හදා ගනී ආධිල් . මේ මාසෙ අග ඉදන් පේරාදෙණියෙ කැම්පස් යනවලු.
ආධිල් : ඒක හොදයි . කවුරු උණත් කමක් නෑ හොදින් ඉන්නවනම්...
තුහින : ඒක නම් ඇත්ත බං .
ආධිල් : ම්ම්.... ඒක නෙවෙයි මට කියන්න අමතක උණානෙ . අපේ අම්මා ගත්තා දවල් . තාත්තා නම් තරහෙන් ලු දවසම . වැඩි වෙලාවක් කතා කරන්න බැරි උණා .
තුහින : ම්ම්.... දවල් තාත්තා ඉන්න නැතුව ඇති . ඒකයි අම්මා ගන්න ඇත්තෙ .
ආධිල් : දන්නවද බං උඹලගෙ තාත්තා කට පුරෝලා "පුතේ" කියන කොට මට හරි ආසයි බං . අපේ අම්මා කිව්වට තාත්තා කවදාවත් එහෙම කියලා නැතුව ඇති .
තුහින : එහෙමද ....... ආ ඒක නෙවෙයි ! උඹේ ගිටාර් එක අරං වරෙන් . මේ කම්මැලි කම යන්නත් එක්ක සිංදුවක් කියමු .
තුහිනට හා කියන්න ඔළුව වනපු ආධිල් ගේ ඇතුළට ගිහින් ටික වෙලාවකට පස්සෙ ගිටාර් එකත් උස්සගෙන එළියෙ බංකුව ගාවට ආවා .
ආධිල් : මොකද්ද කියන්නේ ?
තුහින : උබ කියපන් . මං අහං ඉන්නම් .
ආධිල් : නෑ නෑ අපි දෙන්නම දන්න එකක් කියමු .
තුහින : උබ පටං ගනින් එකක් . මං කියන්නම්....
ආධිල් : " දෙනුවන් පුරා " 1 2 3 හරි...
තුහින :. "දහසින් සැදි පෙම් සිතිවිලි
ළමැදේ ඔබේ අතුරන්නෙමි"
ආධිල්. :. "යුග ගී රැදි සුළගක් ලෙසින්
සවනේ ඔබේ රැව් දෙන්නෙමි"
තුහින :. "දෙනුවන් පුරා නුඹ විද ගන්නෙමි
හදවතින්ම මා පිළි ගත් ළබැදී
සිහිනෙන් පවා ඔබ අමතන්නෙමි
ජීවිතේදී මා පැතු සුපෙම්වතී..."
ආධිල් : "දහසින් සැදී පෙම් සිතිවිලී..
ළමැදේ ඔබේ අතුරන්නෙමි....//"
තුහින :. " දෙකොපුල් පුරා තොල් විහිදන්නෙමි
පෙම් තෙපුල් පුදා තෙරපන විටදී..."
ආධිල් :. "රහසින් පවා ඔබ අමතන්නෙමි
ආදරේදී මා ඔබ හට පරදිමී...."
තුහින :. "ජීවිතේ සුව දැතී ආදරේ උල්පතී
වරලේ සුවද ගෑවී තිබේ
තුරුලේ පහස දැඩි වෙයි මගේ..."
T/A. :. "දෙනුවන් පුරා...."
වත්ත අයිනෙ තිබ්බ බංකුව ළග උඩ තිබ්බ පුංචි කහපාට එළිය ඇරෙන්න එතන වෙන එළියක් තිබ්බෙ නෑ . හවස හය හමාරත් පහු වෙලා හතට කිට්ටු කරලා තිබ්බෙ . හරිම කාම් විදියට තුහිනගෙ වගේම ආධිල්ගෙ කටහඩින් ඇහුණ සිංදුව පරිසරේ නිහඩ බව බින්දත් ඒක හරි අමුතුම විදියෙ නිදහසක් දැනෙන වචන ටිකකින් හැදුණ සිංදුවක් .
සිංදුව පුරාවටම තුහිනගෙ ඇස් නතර වෙලා තිබ්බෙ ආධිල් ළග . ගිටාර් එකේ තත් අතර එහෙ මෙහෙ දුවන එයාගෙ අත . ඔළුව පහළට නමා ගෙන ඉදපු නිසා මූණට වැටිලා තිබ්බ කොණ්ඩෙට ඇස් දෙකත් වැහිලා තිබ්බා . ආධිල්ගෙ කටහඩින් කියවෙන සිංදුවේ වචනයක් වචනයක් ගානේ තුහිනට දැණුනෙ අමුතු හැගීමක් . ඒක හරි අමුතු ආගන්තුක එකක් . නිකං ලොකු සතුටක් එක්ක පුංචි වේදනාවක් එකට ගැබ් වුණහම දැනෙන වගේ හැගීමක් .
ආධිල් : .....
තුහින : මොකද ?
සිංදුව ඉවර වෙලා ආධිල් එක පාරටම තුහින දිහා බලන කොට තුහිනගෙ ඇස් ඉක්මනට වෙන පැත්තකට දිව්වෙ කරන්ට් වැදුණා වගේ .
ආධිල් : උඹේ කටහඩ මගේ එකටත් වඩා ලස්සනයි ! අනේ තව සැරයක් කියමුකෝ -
තුහින : අනේ බෑ බං . උඹ කියා ගනින් . මේ උඹ ගෙදෙට්ට කෝල් එකක් දීලා බලපන්. තාත්තා නැති උණොත් ආන්සර් කරයි අම්මා හරි නංගි හරි .
ආධිල් : ම්ම්.... මං බලලා එන්නම් එහෙනම් . ඒත් ගන්නෙ නැති වෙයි කියලා හිතෙනවා මට . කමක් නෑ අරගෙන හරි බලනවා .
එහෙම කිව්ව ආධිල් එතනින් නැගිටලා ගේ ඇතුළට යන්න ගියා . තුහින බලං ඉදියේ ඈත යන ආධිල් දිහා . එයාට තේරෙන්නෑ එයා හිර වෙලා ඉන්න සීමාව මොකද්ද කියලා . ඒක යාළුකමක්ද ? ආදරයක්ද ? නැත්නම් යාළුකමට එහා ගිහින් ආදරේට මෙහයින් නැවතුන බැදීමක්ද ?
දන්නෙ නෑ . ලෝකෙ බැදීම් කියන දේ තුන් විදියකට පවතිනවා . එකක් යාළුකමක් විදියට . අනික ආදරයක් විදියට . අනිත් එක යාළුකමට එහා ආදරේට මෙහා නැවතුන එකක් විදියට . මං හිතන්නෙ තුහින ඉදියෙ යාළුකමට එහා ගොඩක් දුර ගිහින් ආදරේ කියන සීමාව ළග නැවතිලා . ඉතින් ආධිල් ආදරේ කියන සීමාව පහු කරලා ඉදියෙ ඒ වෙද්දිත් . හැබැයි අශ්වින් ගෙ අතින් අල්ල ගෙන . සමහර විට මේක වෙන්න තිබ්බ දේ වෙන්න ඇති . තුහින හිතුවෙ එහෙම . එයා හැම වෙලේම හිතුවා හැම දේම හොදින් සිද්ධ වෙයි කියලා .
ආධිල් : ඒ.... යමන් කන්න .
තුහින : උඹ කොයි වෙලේද ආවෙ ?
ආධිල් : උඹ හිතා ගනින්කො ගියපු ගමන්ම මං ආවා කියලා . කොහෙද ගිහින් ඉදියෙ....
තුහින : කොහෙවත් නෑ කොහෙ යන්නද ? මෙන්න මෙහෙ වරෙං.
ආධිල්ව මග ඇරපු තුහින කලිසම් සාක්කුවට අත් දෙකත් බැදගෙන ඉක්මනින් නැගිටලා එතනින් යන්න ගියා .
ආධිල් : මුට මං අඩගහන්න ආවත් බලපන්කො දෙන ලයින් . අම්මපා මේවා ආන්ටිගෙන් ආව ඒවද නැත්නම් අන්කල් ගෙන් ආව ඒවද මංදා ! මකර රෙස්පට් එකක් ඒකහ්...
තුහිනට බැන බැනම ආධිලුත් ගේ දිහාට ඇවිද ගෙන ගියේ තනියම කියව කියව .
තාත්තා : ආධිල් පුතා ! කන්න ආස දෙයක් එහෙම තියෙද ?
අම්මා : මේ කෑම හොදද මංදා පුතාට !
ආධිල් : අනේ නෑ අංකල් . අම්බෝ ආන්ටි... බලන්නකො මේ කෑම කොච්චර රසද ? නැද්ද තුහින...
තුහින : ම්ම්... අපේ නුවර හාමිනේගේ කෑම වලට ගහන්න මේ අහල ගම් හතකවත් කෙනෙක් නෑ . නැද්ද තාත්තා !
තාත්තා : තෙදස්වර හරි... මං දැන් අවුරුදු විසි පහක් මේ කෑම කනවා . තාම එපා වෙලා නෑ .
අම්මා : පුතාටම හරි යන තාත්තා ! මල සමයං දෙන්නට... ආධිල් , මදිනම් ලැජ්ජ නැතුව බෙදන් කන්න හරිද පුතේ .
ආධිල් : හා ආන්ටී...
තුහින : අම්බෝ අම්මෙ ! මුට කන බොන දේවල් වලට ලැජ්ජා නෑ . නැද්ද ආධිල් ?
ආධිල් : අනේ මේ හිටපන් බං .
ආධිල් රහසෙන් කිව්වෙ තුහිනගෙ කකුළට එකක් ගහන ගමන් .
තාත්තා : ආධිල් පුතත් ඉන්න එකේ තුහින එක්ක කොහෙ හරි ගිහින් එන්න . කම්මැලිත් ඇතිනෙ මෙහෙටම වෙලා ඉදලා . නැද්ද නෝනෙ ?
අම්මා : ඒක නම් හොදයි තමයි . මාළිගාව පැත්තෙ ගිහින් ආවා නම් නරකද . පස්සෙ ඔක්න නම් ටවුන් එකේ ටිකක් ඇවිදලා කරලා එන්න දෙන්නත් එක්ක .
තුහින : ඒක නම් ඇත්ත .
ආධිල් : ම්ම්... මාත් කියන්නමයි හිටියෙ මාළිගාවට යමු කියලා .
ඔය වගේ කතා ගොඩක් මැද්දෙන් රෑ කෑම අරගෙන ඉවර වෙන කොට තුහිනයි ආධිලුයි උඩට ගියා . තුහිනගෙ අම්මයි තාත්තයි ඉදියෙ පහළ කාමරේක . තුහිනගෙ තාත්තගෙ කොන්දෙ අමාරුවක් නිසා තමයි එයාලා පහළට ආවෙ . නිම්නගෙ රූම් එක වහලා දාලා තිබ්බෙ . සතියකට සැරයක් විතර අම්මා අස් කරලා දැම්මට පස්සෙ ආපහු සතියක් විතර ඒක ක්ලීන් කරන්න ඕන නෑ . කවුරුත් නැති නිසා . තුහිනගෙ රූම් එකයි නිම්නගෙ රූම් එකයි මැද තිබ්බ රූම් එක තමයි ආධිල්ට දීලා තිබ්බේ .
තුහින : උඹ මාළිගාව වදින්න යන්න කැමතීද ?
ආධිල් : ම්ම්... යමන් බං . එතනට ගිහින් වැදලා කරලා එද්දි හරි හිතේ බර හරි ටිකක් අඩු වෙලා යන්නෙ නැතැයි .
තුහින : නොහිතා ඉදපං ආධිල් . මං ඉන්නවනෙ... ම්ම් ?
ආධිල් : හ්ම්. මං දන්නවා බං. උඹ නැත්නම්~ ගුඩ් නයිට් බං .
තුහින : ගුඩ් නයිට් .
ආධිල් දොර වහ ගෙන රූම් එකට යන කොට තුහිනත් රූම් එක ඇතුළට ගිහින් දොර වහ ගත්තා .
ආධිල් ' s pov
සේනාරත්න අන්කල්ගෙ අදහස නිසා තුහිනයි මමයි උදේ හතට විතර දළදා මාළිගාවට ආවා . පන්සල එහා පැත්තෙ තිබ්බ පාර අයිනෙ පුංචි මල් කඩේකින් සුදු නෙළුම් මල් මිටි දෙකක් අරගෙන අපි දෙන්නත් එක්ක දළදා මාළිගාව ඇතුළට ගියා . දළදා මාළිගාවෙ උදේ දවල් රැයක් නොබලා හැම වෙලේම වගේ මිනිස්සු ඉන්නවලු . තුහින තමයි කියන්නෙ . අද සතියෙ දවසක් නිසා ටිකක් අඩුයිලු . සෙනසුරාදා ඉරිදට නම් කිට්ටු කරන්න බෑලු . හරියටම ගත්තොත් මං මේ දළදා මාළිගාවට එනෙන් තුන් වෙනි පාරට වගේ . වැඩෙය එහෙ මෙහෙ කොහෙවත් මට යන්න වෙන්නෙ නෑ . අපේ තාත්තාත් කැමති නෑ මං යනවට .
මාළිගාවට ආවත් හරි තුහින එක්ක මං වචන දහයකට වඩා කතා කළේ නෑ . මොකද අපි බුදුන් වැදලා ඉවර වෙලා තවත් පැය භාගයක් විතර ඒ තණ කොළ උඩ ඉද ගෙන දළදා මාළිගාව දිහා බලං ඉදියා . එතන හරි නිදහස් . නිකන් හිත ඔහේ එහෙ මෙහෙ දුවන එක නවත්තලා අපි ළගම රැදිලා තියෙනවා වගේ .
තුහින දිහා බැලුවම එයා ඉදියෙත් හරිම සන්සුන් විදියට මාළිගාව දිහා බලා ගෙන . ඒ ඇස් යාන්තම් අඩවන් වෙලා තිබ්බා . ඒ දුඹුරු පාට ඇස් වල හරිම නිවුණු පාටක් තිබ්බෙ . මං හැමදාම දැකලා තියෙන විදියට තුහින හරි අමුතුම විදියෙ මනුස්සයෙක් . හරියට මහ මෙරක් කර උඩ තියං ඉන්නවා වගේ . හැම දේම දරා ගන්නවා . ඒත් එළියෙන් හිනා වෙනවා . මං කවදාවත් ඒ මූනෙ කදුළු දැකලා නෑ . දකින්න වෙන්නත් එපා . මං ආස නෑ මේ වගේ හිතින් ලස්සන අයගෙ ඇස් කදුලෙන් තෙත් වෙනවා බලන්න . ඒත් එක්කම වගේ එක පාරට ඒ ඇස් මගෙ දිහාට යොමු උණාම මට කර ගන්න දෙයක් නැති උණා .
සිංදුව කියපු දවසෙ රෑ තුහින
__________________________
ඔන්න දැක්කනෙ තවෙකාක් තවෙකාක් !
ඔබට ශම්තුටුයිම්ද ඩැම් ?
ඈ ඈ ?
ඒනම් අපි යන්නම් .
🌸