ආධිල්'s pov
"මම තුහිනගෙ අම්මා හදලා දීපු තේ එකත් අරගෙන ඇවිල්ලා තුහිනලගෙ ගාර්ඩ්න් එක අයිනෙ තිබ්බ බංකුවේ ඉදගෙන ඔහේ බලං ඉදියා . ඊයෙ රෑ එද්දි පාන්දර එකටත් කිට්ටුයි . මම නිසා තුහිනටත් එයාගෙ අම්මලා එක්ක අවුරුද්දට ගෙදර ඉන්න බැරි උණා . මගේ හිතේ තිබ්බෙ වදකාර හැගීමක් ඒ ගැන . සේනාරත්න අන්කල් උදේම කම්පැනි එකට ගියා . තාත්තත් ශොප් එකට යන්න ඇති . මං දන්නෑ අඩුම තරමෙ මොනවද මං මේ කරන්නෙ කියලවත් ? අම්මටයි නංගිටයි මොකද දන්නෙත් නෑ . තාත්තා හොදටම බැන්නද දන්නෑ අම්මට "
තවත් විනාඩි පහක් විතර යනකොට තුහිනත් තමන්ගෙ තේ එක අරගෙන ඇවිල්ලා ආධිල් එහා පැත්තෙන් ඉදගෙන උගුර පෑදුවේ ආධිල් බර කල්පනාවක ඉදපු නිසා .
ආධිල් : අහ්.... උඹ ! මං එනවා දැක්කෙත් නෑ .
තුහින : කොහෙ දකින්නද ? උඹ කොහේදෝ ලෝකෙක අතරමං වෙලානෙ ඉදියෙ . ඔය නළලෙ මේක ගා ගනිම් . මේක ඔය උඹේ කටේ ගා ගනිම් . ඉදා....
බෙහෙත් ටියුබ් දෙකක් ආධිල්ගෙ ඔඩොක්කුවට දමලා ගහපු තුහින තේ එකෙන් උගුරක් බීලා ලොකු හුස්මක් පහළ දැම්මා .
තුහින : ඊයේ මොකද උණේ ආධිල් ?
ආධිල් : ම්ම්... මං... නෑ බං මේකයි !
තුහින : ම්ම් ? කියන්න ඉතින් . මං අහං ඉන්නෙ .
ආධිල් : මං ගමේ ගියේ විසි නම වෙනිදා . එදා ඩිනර් ගද්දිත් ඉතින් සුපුරුදු විදියට තාත්තා මට අරහෙන් මෙහෙන් බැන බැන දෙහි කප කප ඉදියෙ . මං අඩු ගානෙ දන්නෑ ඇයි එයා මට එහෙම කරන්නෙවත් කියලා . පස්සෙ මහ අමුතු කතාවක් මට කිව්වනෙ බං .
තුහින : දිගටම කියන්න ආධිල් ! මොකද්ද කිව්වෙ ජයසිංහ අන්කල් ?
ආධිල් : " මං හිටවපු ගස් ගැන මං හොදට දන්නවා" කියලා මගෙ මූණට කෑ ගහලා යන්න ගියා .
තුහින : මොකක් ? ඒක නිකං යකාගෙ කතාවක්නෙ බං .
ආධිල් : ඒ කියන්නෙ එයා අදහස් කළේ මං හිතන එකමද බං ?
තුහින : හ්ම්... මං පිටින් බලලා උත්තරයක් දෙන්න දන්නෙ නම් නෑ ආධිල් . උඹ මේ අලුත් අවුරුද්දෙ ඕවා නොහිතා ඉදපන් .
ආධිල් : මට ඒ ගැන බයක් නෑ බං . මං ගෙදරින් ආවට අම්මයි නංගී ගැන බලන්නවත් බැරි උණා .
තුහින : ම්ම්... නංගි ඊයෙ රෑ උඹට කෝල් කරන කොට මං ආන්සර් කළා . මං කිව්වා .
ආධිල් : ඒත් මගෙ ෆෝන් එක ඕෆ් වෙලානෙ තිබ්බෙ .
තුහින : මං කාර් එකට චාජ් වෙන්න ගහලා ඔන් කළා .
ආධිල් : උඹට පිං !
තුහින : ම්ම්... උඹ ගුටි කෑවෙ ඇයි ? උඹ ගෙදරින් එන්න තරම් උණේ මොකද්ද ?
ආධිල් : මං ඊයෙ කිචන් එකට වෙලා රෑ අම්මා කන්න උයනකොට අම්මත් එක්ක කතා කර කර හිටියෙ . ඒ අතරෙ මගෙ හිතට වද දිදී ඉදපු දේ මං නිකන් ඇහුවා අම්මගෙන් .
තුහින : ගහේ කතාවද ?
තුහින කොහෙදෝ මං දා ඈතක් දිහා එක එල්ලේ බලා ගෙන ඉදියෙ ආධිල්ගෙ කටින් පිටවෙන වචනයක් වචනයක් ගානෙ හොදට අහගෙන ඉන්න ගමන්.
Yesterday night
ආධිල් : ඒක නෙවෙයි අම්මෙ... තාත්තා අර කියපු කතාවෙ තේරුම මොකද්ද ?
අම්මා : මොකද්ද ආධිල් ?
ආධිල් : එයා හිටවපු පැළ ගැන එයා හොදට දන්නවා කිව්වෙ ?
අම්මා : අහ්... එ-ඒක මේ . එයා නිකන් කටට ආවට කියන්න ඇත්තෙ ආධිල් . උඹ ඕක හාර අවුස්ස අවුස්ස හොයන්න යන්නෙ ඇයි ?
ආධිල් : බොරු කියන්න එපා අම්මා . ඒක මගෙ හිතට හරි වදයක් ! ඒ කතාව මට දමලා ගැහුවා වගේ අම්මේ . ඒකයි මං අහන්නෙ...
අම්මා : උඹ පැහිච්ච කම් කතා කරන්න එපා කොල්ලො .
ආධිල් : මං අම්මලා තරම් දෙයක් නොදන්නවා වෙන්න පුළුවන් . ඒත් අම්මෙ මං කියන මෙලෝ දෙයක් තේරුන් ගන්න බැරි අත දරුවෙක් නෙවෙයි . මටත් කියන දේවල් තේරුන්ගන්න පුළුවන් වයසක මං ඉන්නෙ .
අම්මා : තාත්තා එ-
තාත්තා : අහ්... මොකද මේ කුස්සියට බඩගාලා ? පරිප්පුවක් උයාගන්නවත් නොදන්න එකේ මේක අස්සෙ මොකද උඹ කරන්නෙ ආධිල් ?
ආධිල් : මං නිකං අම්මත් එක්ක කතා කර කර හිටියෙ තාත්තෙ .
තාත්තා : අම්මො... මට ඇහුණා . උඹට මොනාද තේරුන් ගන්න පුළුවන් කිව්වෙ ?
ආධිල් : ආ... න්-නෑ තාත්තෙ . එහෙම විශේෂ දෙයක් න්-නෙවෙයි .
තාත්තා : ම්ම්... උඹට මං මේ කියන්නමයි ඉදියෙ . ඒකමයි මං උඹව ගෙන්න ගත්තෙ . නැත්නම් උඹව මං මෙහෙට බලෙන් වද්ද ගන්නෙ එහෙම නෑ ආවට ගියාට .
ආධිල් : කියන්න තාත්තෙ .
තාත්තා : උඹ උපාධිය ගන්නකන් මෙහෙ ආවා ගියාට කමක් නෑ . හැබැයි ඒ උපාධිය ගත්තට පස්සෙ මේ ගෙදර එන්න බෑ ආධිල් .
අම්මා : ඒ මොන කතාවක්ද ජයසිංහ ඒ ? පුතා ගෙදර එන්නෙ නැතුව කොහෙ යන්නද ?
තාත්තා : ඔයා තමයි මූව බබා කරලා තියෙන්නෙ . මට අර කෙල්ලව හරියට හදා ගන්න ඕන . උපාධිය ගත්තහමවත් හම්බ කරං කන්න බැරිද මේ වගේ කර දඩු උස් මහත් උණ එකෙක්ට ?
ආධිල් : මට එන්න නොකියා එහෙ ඉද්දිම කිව්වනම් මං උපාධිය ඉවර වෙනකන් නෙවෙයි දැන් උනත් ගෙදර එන්නෙ නෑ තාත්තෙ . තාත්තා හැම වෙලේම මාව පහත් කරලා කතා කරන එක මටත් මහ කරුමයක් වෙලයි තියෙන්නෙ . අනික මං ශනෙලිට වරදක් කරන්නෙ ඇයි . එයා මගේම නංගිනේ...
තාත්තා : මොනාද තෝ කියන්නෙ ? කට තල-
අම්මා : අනේ ජයසිංහ එපා....
ආධිල්ව තාත්තා තල්ලු කරපු පාරට ආධිල් ගෙ ඔළුව පැන්ට්‍රි එකේ මුල්ලක දඩාස් ගාලා වැදුණෙ අම්මා තාත්තා ව නතර කරන්න මැද්දට පනින කොට .
ආධිල් : එපා අම්මා... කොහොමත් මේ ගෙදර මං තාම මැරුණෙ නැති ටික විතරයි . විනාඩියක් ගානෙ මාව මරං කන්නමයි බලං ඉන්නෙ. මට කිසි උවමනාවක් නෑ මෙහෙ ලැගගෙන එන්න . අනික මට තාත්තා කෙනෙකුත් නෑ අදින් පස්සෙ එච්චරයි .
ඒ සැරේ නම් ආධිල්ගෙ කම්මුලකට තාත්තා හයියෙන් එකක් ගැහුවම ආධිල්ගෙ ඇස් රතු වෙලා ගියේ දුකට . ඒ වගේම තරහට .
ආධිල් : මං යනවා අම්මා . තාත්තා , ඔයා එදා නොකියා කිව්වෙත් මං එයාගෙ දරුවෙක් නෙවෙයි කියලනෙ . ඉතින් අද ඉදන් එහෙම වේවි . පරිස්සමින් ඉන්න අමමා.... නංගිව බලා ගන්න .
Back to story
තුහින : උඹට ඇයි තාත්තා එහෙම කියන්නෙ ආධිල් ?
ආධිල් : දන්නෑ බං . අම්මනම් කියන්නෙ මං ගෙදර ලොකු කෙනා නිසාලු තාත්තා මට එච්චර සැර ! ඒත් මං පුංචිම පුංචි කාලෙදිවත් ඒ කටෙන් එක ආදරණීය වචනයක් පිට වෙලා නෑ . අඩුගානෙ "පුතා" කියලවත් .
තුහින : වෙන්න තියෙන දේවල් නවත්තන්න බෑ බං . උඹ හිතේ කලබලේ නැති කරගෙන මේ ප්‍රශ්ණෙ දිහා බලපන් . එතකොට නිකංම උත්තරේ පෑදේවි . මට ගොඩක් ලොකුවට මේකට ඉන්වෝල් වෙන්නත් බෑ . ඒක හරි නෑ . මොකද මං දන්නෑ ඇත්තටම කවුද හරි කවුද වැරදි කියන්න . But I'll always there for you , to your everything Adhil .
ආධිල් : ම්ම්.... මං දන්නවා බං . ඒත් මේ සිද්ධ වෙන දේවල් හරි අමුතුයි !
තුහින : ඒ කිව්වෙ ?
ආධිල් :. හීනෙකින්වත් බලාපොරොත්තු නොවුන දේවල් ඇත්තටම සිද්ධ වෙන කොට දැනෙන හැගීම ! ඒක මහා අසරණ වගේම හිස් එකක් .
තුහින : ම්ම්... අපි බලං ඉමු .
ආධිල් : මේ දේවල් ඉක්මනින් විසදෙයිද තුහින ?
තුහින : ම්ම්... හරියටම දන්නෑ . හැබැයි "කාලයට ඉඩ දෙන්න ආධිල් . අපි ළග උත්තරයක් නැති ප්‍රශ්නෙකට කාලය ළග උත්තරයක් තියෙන්න පුළුවන් . ඒ නිසා ඉවසන්න...."
එහෙම කිව්ව තුහින ආධිල්ට එතන ටිකක් තනියම නිදහසේ එන්න දීලා දෙන්නගෙම කෝප්ප දෙක අරගෙන එතනින් නැගිටලා ගේ දිහාට යන්න ගියා .
ඉදගෙන ඉදපු තැනින් නැගිටපු ආධිල් ගෙදෙට්ට එන පාර දිගේ ඉස්සරහට ඇවිදගෙන ගියා . ආධිල් තුහිනලගෙ ගෙදර ඇවිල්ලා තිබ්බෙ එක සැරයයි . ඒකත් මෙතනින් යන ගමන් පැය දෙක තුනකර විතරයි . ඒත් මහ රෑක . ඉතින් කොහෙද මෙහෙම ලස්සනක් දකින්නෙ . ඇත්තටම තුහිනගෙ ගෙදර තියෙන පරිසරේට හිත නිවෙනවා . අත් දෙකත් බැදගෙන ඇවිදගෙන ආව ආධිල් නතර වෙලා තිබ්බෙ ඉස්සරහා ගේට්ටුව ළග .
" අර කියනවා වගේ... මට මෙලව සිහියක් නැද්ද කොහෙද කල්පනා කරද්දි "
තමන්ගෙ ඔළුවටත් එකක් ඇන ගෙන ආධිල් ආපහු කැරකිලා අනිත් පැත්ත හැරුණෙ ගේ දිහාට යන්න .
....... : Good morning තෙදස්වර අයියේ ?
එහෙම්ම අංශක තුන්සිය හැටට කැරකුණ ආධිල් වට පිට බලද්දි ලස්සන කෙල්ලෙක් ගේට්ටුවෙන් එළියෙ ඉදියා .
ආධිල් : ම-මං ද ?
........ : අහ්... අනේ සොරි ! මං හිතුවෙ තෙදස්වර අයියා කියලා . මං ආල්‍යා . ඔයා ක-කවුද ?
ආධිල් : අහ්.... මං ආධිල් . තුහිනගෙ යාළුවා .
ආල්‍යා : තුහින ?
ආධිල් : ඔව්- තෙදස්වරගෙ අනිත් නම තුහින නේ ?
ආධිල් තමන්ගෙ උරහිස උඩින් තුහිනගෙ ගේ පැත්ත මහපට ඇගිල්ලෙන් පෙන්නන ගමන් කිව්වෙ අනිත් අත කලිසම් සාක්කුවට දා ගන්න ගමන් .
ආල්‍යා : අහ්... ඔව් ! ඒත් ඒක නිකං අමුතුයි . මෙහෙ හැමෝම කියන්නෙ තෙදස්වර කියලනෙ . ඒකයි...
ආධිල් : අහ්... එතකොට ඔයා කවුද එයාගෙ යාළු-
ආල්‍යා : ආ ඔව්- මං නිම්න-
තුහින : ආ... ආල්‍යා නංගි . එන්න ඇතුළට !
ඒ එක්කම එතනට ආව තුහින ගේට් එක ඇරියම ආල්‍යා ඇතුළට ආවා . තුහින ආල්‍යාත් එක්ක ඇවිදගෙන යන කොට ආධිලුත් ඇස් කරකෝලා ගේට් එක ළග කණුවට හේත්තු උණා .
තුහින : ආධිල් , උඹ එන්නෙ නැද්ද ?
ආධිල් : ආ නෑ නෑ මං පස්සෙ එන්නම් .
මගක් දුර ගියපු තුහින කෑ ගහලා එහෙම ඇහුවම ආධිලුත් කෑ ගහලා උත්තර දුන්න අතින් බායි කියන ගමන් .
"ගමේ කෙල්ල වෙන්නැති . මුගෙ කැටයම් . පොඩ්ඩක් ඉදපම් ඒත් අර ආල්‍යා කිව්වෙ නිම්න අයියා- හා හා අයියා මලෝ දෙන්නටම ලයින්ද දන්නෑ . හප්පට...."
________________________
🤍දන්නවද ළමයි ?
අපිට ප්‍රශ්න තියෙනවා . මිනිස්සු දහයක් ගත්තොත් , ඒ අයට තියෙන්නෙ දහ විදියක ප්‍රශ්න . අපි ප්‍රශ්න වලට අපි ළගට එන්න දෙන්න ඕන . දුර තියා විසදුම් හොයන්න අපිට අමාරුයි . ඉතින් ඇත්තටම මං කියන්නෙ අපිට තියෙන ප්‍රශ්න වලට සමහර වෙලාවට අපි ළග උත්තර නැති වෙන්න පුළුවන් . ඒත් කාලයට පුළුවන් වේවි ඒ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න . ඉදින් ඒ නිසා කාලයටත් ඉඩක් දෙන්න ඔයාලට පුළුවන් වෙන්න ඕන . ඒ නිසා ඉවසන්න !
~ඕතරී
ඔන්න දැක්කනෙ මං ආවා.
මීට ,
(කිව්ව විදියටම පොරොන්දු රකින ඕතරී )
බායි ගායිශ්...!
🌸💕