Vote goal - 110
(මුලු කතාවේම වෝට් ගනන අදාල වේ)
•
•
•
"යෝරා.....!!!"
(යෝරා මතක නැති ලමයින්ට👉👈)
හ්‍යුන්ජින්ගෙ හපන්කම්වලින් චිකන් කෑල්ල උඩින් ගිහින් වැටිලා තිබ්බෙ යෝරාගෙ කොන්ඩෙට... ඒත් යෝරා මොකද මෙහෙ කරන්නෙ කියලා සේහිට හිතුනා... සේහි යෝරා එක්ක කතා කරන්න ගියා... යෝරගෙ මූන තරහට රතු වෙලා.. ගිනි පිටවෙන්න වගේ තියෙන ඇස් දෙකෙන් රවාගෙන හ්‍යුන්ජින් දිහා බලන් ඉන්නවා..
"යෝරා.. ඔයා මෙහ්~~~"
සේහිට කියන්න හම්බුනෙ නැ හ්‍යුන්ජින් සේහිවත් ඇදගෙන දිව්වා.. එ දිවිල්ල නතර උනේ ලිෆ්ට් එක ඇතුලට ගියාට පස්සෙ..
"අතාරිනවා හ්‍යුන්ජින්... ඇයි මට එයත් එක්ක කතා කරන්න නොදුන්නෙ.."
"කතා කරලා මොනා කරන්නද... දැක්කෙ නැද්ද බලන් හිටපු හැටි."
"ඉතින් මං ඒකට මොකක් කරන්නද.. තමුසෙනෙ චිකන් කෑල්ල විසි කරෙ අච්චර එපා කියද්දි... බලපන් තව්සෙගෙ ගොන් මොලේ.. දැන් එකෙක්ටවත් නෑනෙ.."
"හනෙ මෙහ්.. ඒම් එක පොඩ්ඩක් අව්ට් ගියා.. නැත්තං කෙලින්ම මගෙ කටට තමයි"
"අනෙ තමුසෙගෙ ඒම්. මං කියන්නැහ් ඉතින්."
ලිෆ්ට් එකේ එයාලගේ රූම්ස් තියෙන තට්ටුවට ආවම හ්‍යුන්ජින් කටට අතත් තියාගෙන දිව්වා... එක පාරටම හ්‍යුන්ජින්ට මොකද්ද උනේ බලන්න සේහිත් එයාගෙ පස්සෙන් දිව්වා.. හ්‍යුන්ජින් රූම් එකට fingerprint එකත් තියලා හදිස්සියේම බාතෲම් එකට ගියාම සේහිත් ඒ පස්සෙන් ගියා.. හ්‍යුන්ජින් බාතෲම් එකේ දොර ලොක් නොකර වහලා ඒක ඇතුලට ගියා..
සේහිත් බාතෲම් එකෙ දොර ඇරගෙන ගියාම දැක්කෙ හ්‍යුන්ජින් කොමඩ් එක දෙපැත්තෙන් අත් දෙකම තියාගෙන ඒකට වමනෙ දානවා.. අනික ඒ ගිය වමනෙත් තනි කලු වෙනකොට සේහි හොදටම බය වෙලා ගියා...
"හ්‍යුන්ජින්.... අනේ හ්‍යුන්ජින් මොකද මෙ උනේ...?"
"ඔ.. ඔයා එලියට යන්න සේහි.."
"නැ නැ ඔයාට අමාරුයි.. අපි යමු.. අනෙ අපි යමු බෙහෙත් ටිකක් ගේන්න.."
"නෑ නෑ.. එලියට... ඔයා එලියට ය~~~"
හ්‍යුන්ජින්ට කියලා ඉවර කරන්න හම්බුනෙ නැහ්.. ආයෙම කාපු සේරම ටික එලියට යනවා වගේ වමනෙ යන්න පටන් ගත්තා.. හැබැයි ඒ යන ඔක්කොම කලු පාට වෙනකොට හ්‍යුන්ජින් ඔලුව අල්ලන් එහෙම්ම බාතෲම් එකේ වාඩි උනා..
"හ්‍යුන්ජින්... කලු පාටට මුකුත් ඔයා කෑවෙ නෑනෙ.. අපිත් එක්ක කන්න යන්න කලින් ඔයා මොනාද කෑවෙ"
"සේහි.... සේහි දන්නවද.. black witches ගැන"
"ම්.. මොනා.. black witches"
"ඔ.. ඕ~~~"
"යාහ්...මෙ වෙලාවෙ මොකටද ඒවා.. ඔයාට අමාරුයි හ්‍යුන්ජින් අපි යමුකො...."
මුලු ඇගේම පන ගිහින් වගේ හ්‍යුන්ජින් බිම වැටිලා හිටියෙ.. සේහි හ්‍යුන්ජින්ගෙ පිටයි පපුවයි මාරුවෙන් මාරුවට අතගාන ගමන් හිටියා.. බෙහෙත් ගේන්න යමු කියලා කතා කරත් හ්‍යුන්ජින්ට එතනින් නැගිටගන්න පනක් නැති උනා.
"සේහි.. අහන්නකො.. මේක බෙහෙත්වලින් හරියන්නැ"
"එහෙනම්.. එහෙනම් මොකකින්ද හරි යන්නෙ.. හ්‍යුන්ජින් අහන්න ඔයාට කලු පාටට වමනෙ ගියේ.. මට බයයි.. ඉන්න මං මෙරීඩා ආන්ටි එක්කන් එන්නම්"
"එපා..!! එපා සේහි.. ම්.. මාව ඇඳ ලගට එක්කන් යන්න පුලුවන්ද?"
"තමුසෙ හෙන හිතුවක්කාරයි හ්‍යුන්ජින්.. කො එන්න.. ඉස්සෙල්ලා අපි මෙ මූන සෝදගමු.. බලන්න ඇඟ පුරාම වමනෙ පොඩි එකෙක් වගෙ..
"නැ නැ මං සෝදගන්නම්.. ඉන්න පැත්තකට වෙලා.."
"කෙලින් හිටන් ඉන්න බැරිව කොහොමද සෝදගන්නෙ.. මෙන්න මෙහෙ එනව පණ්ඩිතයා නොවී.."
සේහි හ්‍යුන්ජින්ව අල්ලලා නැගිට්ටලා බාතෲම් එකේ ශවර් එක ලගට එක්කන් ගියා.. හෑන්ඩ් ශවර් එක හ්‍යුන්ජින්ගෙ මූනට අල්ලලා මූනත් සෝදවලා අත පයත් සේදුවා.. හ්‍යුන්ජින්ව බාතෲම් එකෙන් එලියට එක්කන් ඇවිත් පරිස්සමට ඇදෙන් වාඩි කරලා උනු වතුර ටිකක් බොන්න දුන්නා.
"මෙහ්.. ඔහොම තෙත ඇදුම පිටින් ඉන්න බැහ්නෙ.. කෝ.. මොකේද ටීශර්ට් තියෙන්නෙ.."
"ඉන්න ඉන්න.. තමුසෙ යනවකො දැන් හොදයි මට..
"හොඳ බව පේනවා මට.. මූනත් එක්ක මැලවිලා ගිහින්.. කො එහාට වෙනවා.. මේ සූට්කේස් එකේද?"
"ඒයි ඒයි.. සී... ලැජ්ජ නැද්ද අනේ කොල්ලොන්ගෙ සූට්කේස් අවුස්සන්න.. මං ගන්නම්.."
"අනෙ අවුස්සන්නම මහ ලොකු සූට්කේස් එක. ගන්නව ගන්නව එහෙනම්.."
හ්‍යුන්ජින් එයාගෙ සූට්කේස් එකෙන් වෙන ශර්ට් එකක් එලියට ගත්තා..
"මං අන්දන්නද"
"පිස්සුද? මට ඇඳුමක් ඇදගන්න බැරි තරමට අමාරුවක් නෑ"
"මටත් තව්සෙට අන්දන්න අමාරුවකුත් නෑ.. තව්සෙට අමාරු නිසා ඇහුවෙ."
"ඇහුවට තැන්ක්‍යු.. ඒත් මට තනියම ඇදගන්න පුලුවන්"
"සනීප නැති උනාට කටනම් කොහොමද මේකගෙ.."
"Excuse me?"
"මොකද?"
"දැන් මිස් සේහි ඔහොම බලන් ඉන්නද කල්පනාව"
"අහ්!"
"නැ ප්‍රශ්නයක් නැ ඉතින්"
හ්‍යුන්ජින් අත් දෙකත් පපුවට බැඳගෙන ගැම්මෙන් කිව්වා..
"අහ් ප්‍රශ්නයක් නැද්ද? හ්ම් එහෙනම් මටත් ප්‍රශ්නයක් නැ"
"ස්.. සේහි"
"මෝඩයා.. කියද්දිනම් කොහොමද.. මහලොකුවට කටනම් තියෙනවා. ඇදගන්නවා ඇදගන්නවා.. මං එහෙනම් යන්නම්.. දැන් වැඩිය අමාරුවක් නෑනෙ."
"එපා..!!"
"එපා?"
"ඉන්න..!"
"ඇයි"
"යන්න එපා..!"
"හරි එහෙනම්.. යන්නැ.. තෙත ටීශර්ට් එක ගලවලා දෙන්න.. මං හෝදන්නම්.."
සේහි හ්‍යුන්ජින්ට පිටුපාලා අත්දෙකත් බැදගෙන එහා පැත්ත හැරිලා හිටියා.. එයා ශර්ට් එක ඇදගන්නකන්.. හ්‍යුන්ජින්තුත් සේහිට පිටුපාලා එහා පැත්ත හැරිලා ටීශර්ට් එක ගලවලා බෑග් එකෙන් ගත්ත අනිත් ටීශර්ට් එක ඇඳගත්තා.
"සේහි..."
"හරිද"
"හරි.."
"කෝ දෙන්න ඕක මං හෝදලා දෙන්න"
"එපා එපා.. මං හෝදගන්නම්.. මෙතනින් වාඩිවෙන්නකො සේහි.. මං මේක බාතෲම් එකට දාලා එන්නම්"
"තමුසෙ මෙහෙන් වාඩිවෙලා ඉන්නවා මං දාලා එන්නම් ඕක"
හ්‍යුන්ජින්ගෙ අතින් එයා ඇදන් හිටපු ටීශර්ට් එක උදුරගත්ත සේහි ඒක බාතෲම් එකට දාලා ආයෙත් ඇවිත් හ්‍යුන්ජින් ලගින් වාඩි උනා.. හ්‍යුන්ජින් සේහි දිහා හොදට බැලුවා.. සේහිගෙ ඇස් දෙක... ඒ ඇස් දෙකේ දිග ඇස් පිහාටු.. කිසිම කැළලක් නැති මූන.. පිම්බුන කම්මුල්... පිම්බුන කම්මුල් වල රෝස පාට.. ස්ට්‍රෝබෙරි ගෙඩියක් දෙකට පැලුවා වගේ තියෙන තොල් දෙක.. හ්‍යුන්ජින් ආයෙමත් හරි සිහියට ආවෙ සේහිගෙ කටහඬින්..
"මොකද ඔහොම බලන්නෙ.. දැන් කියන්නකො.. ඇයි මට ඉන්න කිව්වෙ"
"මං කලින් ඇහුවෙ.. black witches ගැන දන්නවද?"
"ඒ කියන්නෙ අඳුරු මායාවල්නෙහ්.. ඉතින්.. කව්ද ඕවා විශ්වාස කරන්නෙ"
"එ කියන්නෙ ඔයා විශ්වාස කරන්නැහ්?"
"ඔව්.. ඇයි දැන් ඔයා ඒක ඇදලා ගත්තෙ.. මෙ අහන්නකො. ඔයාට ඔක්කොම වමනෙ ගිය නිසා දැන් බඩ හිස්නෙ.. අපි වේටර් කෙනෙක්ට කියලා මොනාහරි රූම් එකට ගෙන්නගමු.."
"යාහ් සේහි.. මං කතා කරන්නෙ මොකක් ගැනද ඔයා කියවන්නෙ මොනාද?"
"ඉතින් මොකක් කතා කරන්නත් ඔහේ පන ඇතුව ඉන්න එපැයි.."
"ඕඩර් කරගෙන කාපන් එහෙනම්.. මගුල"
හ්‍යුන්ජින් සේහිට කෑ ගහලා එහෙම්ම ඇදට වැටුනා.. බෙඩ්ශීට් එක ඔලුවෙ ඉදලා පොරවගත්ත හ්‍යුන්ජින් ඇස් දෙකත් පියාගත්තා.
"හෙලෝ... room nbr 202 එකට රයිස් එකක් එවන්න... හරී තැන්ක්‍යූ.. ම්ම්ම්.. කො නැගිටිනවා.. හ්‍යුන්ජින්... බඩගින්නෙ නිදාගන්න එපා... හරි හරි රයිස් එක එනකන් කියන්නකො කිය කිය හිටිය එක. මං අහන් ඉන්නම්"
සේහි විනාඩි පහක් විතර හ්‍යුන්ජින්ට එක එක ඒවා කිව්වා එයාව නැගිට්ටවගන්න.. ම්හුක්.. හ්‍යුන්ජින්ගෙන් කිසි සද්දයක් නැති තැන සේහි හෙමීට බෙඩ්ශීට් එක පහලට ඇදලා බැලුවා.. හ්‍යුන්ජින් නිදි නෑ. නිදි වගෙ රඟපානවා විතරයි. සේහි යන්තමින් හිනාවෙලා බෙඩ්ශීට් එක ඇදලම දැම්මා.. හ්‍යුන්ජින් ඇඳේ ගුලි උනා.. හ්‍යුන්ජින් වෙව්ලන්න වගේ ගත්තා.. බය උන සේහි හ්‍යුන්ජින් ලගට ගිහින් ඔලුවට අත තියලා බැලුවා. හොඳටම රස්නෙයි.
"හ්‍යුන්ජින්.... අනේ හ්‍යුන්ජින්.. තමුසෙට උන ඕයි.. හිතුවක්කාර වෙන්නැතුව යමු අපි ඩොක්ටර් කෙනෙක් ලගට"
"නැ නැ මේක ඇරිලා යාවි... ඔයා යන්න රූම් එකට.."
"ඇරිලා යාවි කියන්නෙ.. වමනෙ ගියෙත් කලු පාටට. තමුසෙව මෙහෙම දාලා යන්න බෑ... බලනවා රස්නෙයි හොඳටම.. පොඩ්ඩක් ඉන්න..
"........."
"හෙලෝ... හෙලෝ... අනෙ සොරි.. room nbr 202 වලට රයිස් එකක් නැතුව සුප් එකක් එවන්න.. I'm extremely sorry.. I'll pay it. Ok thankyou so much."
හ්‍යුන්ජින්ගෙ වචන ගනන් ගත්තෙ නැති සේහි ආයෙම කෝල් කරලා රයිස් එක වෙනුවට සුප් එකක් ඕඩර් කරා.. උන පාඩුවට ගෙවන්නත් පොරොන්දු උන සේහි කෝල් එක කට් කරලා ආයෙම හ්‍යුන්ජින් ගාවින් ඇවිත් වාඩි උනා.. හ්‍යුන්ජින්ගෙ ඇස්වල කඳුලු පිරිලා..
"ඒ පාර මේ මොකද හ්‍යුන්ජින් ? ඇස් දෙකත් රිදෙනවද? මෙච්චර අහන එකේ කියනවා හ්‍යුන්ජින් මොකද මෙ එක පාරට උනේ.. අපි කාපු ඒවමයි ඔයත් කෑවෙ"
"ම්.. මං දෙයක් ඉල්ලන්න දෙනවද?"
"මොකද්ද"
"ඇදට නැගලා හෙඩ් බෝඩ් එකට හේත්තු වෙන්නකො"
"ඒ මොකටද ඒ.."
"ම්.. මට ඔයාගෙ උකුලෙන් හාන්සි වෙන්න දෙනවද? පොඩි වෙලාවකට.. අකමැතිනම් කමක් නෑ.."
"ඉන්න පොඩ්ඩක්"
සේහිගෙ ප්‍රශ්නෙ මග ඇරපු හ්‍යුන්ජින් සේහිට හෙමීට ලන් වෙන ගමන් එයාව උකුලෙන් තියාගන්න පුලුවන්ද කියලා සේහිගෙන් අහිංසකව ඉල්ලීමක් කරා.. හ්‍යුන්ජින් අසනීපෙන් ඉන්න බව එක පැත්තකින් තියෙද්දි, අහිංසකව දිලිසෙන ඒ ඇස් දෙක දිහා බලාගෙන බෑ කියන්න බැරිකම අනික් පැත්තෙන් තියෙද්දි සේහි ඒ ඉල්ලීමට මුකුත් නොකියා පොඩ්ඩක් ඉන්න කියලා නැගිටලා ගියා..
නැගිටලා ගියපු සේහි හීටර් එකට උනු වතුර එකක් ගහලා. ඒ උනු වතුර ටික බාජනේකට දාලා රෙදි කෑල්ලක් අතට ගත්තා.. හ්‍යුන්ජින්ට ඇඟේ තියෙන සේරම වමනෙ ගිය නිසා ඇස් දෙක ඇරන් ඉන්න එකත් මහන්සියක් වෙද්දි හ්‍යුන්ජින් ඇස් දෙක පියාගෙන හිටියා.. එයා හිතින් පසුතැවුනා.. එහෙම ඉල්ලීමක් සේහිගෙන් නොකර ඉන්න තිබ්බෙ කියලා.. ඇස් දෙක පියාගෙන එහෙම හිතද්දි එයාගෙ එහා පැත්තෙන් ඇඳ බර වෙනවා වගේ හ්‍යුන්ජින්ට දැනුන නිසා ඔලුව උස්සලා එහා පැත්ත බැලුවා.
"කෝ.. දැන් එන්න.."
"ආහ්?"
"ඇයි දැන් උකුලෙන් හාන්සි වෙන්න ඕන කිව්ව නෙහ්"
"කමක් නැද්ද සේහි... ඇත්තටමද?"
"ඔව් ඔව්.. එන්න.. පරිස්සමින්.. දැන් හරිද?"
"ම්ම්ම්ම්"
හ්‍යුන්ජින්ගෙ ඔලුව සේහි එයාගෙ උකුල උඩින් පරිස්සමින් තියාගෙන ඇගට බෙඩශිට් එක පෙරෙව්වා.. හ්‍යුන්ජින් පූස් පැටියෙක් වගේ සේහිගෙ බඩ පැත්තට හැරිලා මූන ඔබාගෙන ගුලි උනා.. ඒ උනුසුමට හ්‍යුන්ජින් ආස කරා..
"ඒයි... මොකද්ද කරන්නෙ මට කිති."
"ම්ම්ම්ම්"
"ම්ම්. ම්ම් නෙවෙයි.. කො උඩ පැත්තට හැරෙන්න"
හ්‍යුන්ජින්ගෙ ඔලුව උඩ පැත්තට හරවගත්ත සේහි උනුවතුර බාජනේ පෙඟෙව්ව රෙදි කෑල්ල නවලා හ්‍යුන්ජින්ගෙ නලලට වැටිලා තිබ්බ කොන්ඩෙ අයින් කරලා නලලෙන් තිබ්බා.. හ්‍යුන්ජින් අමාරුවෙන් පාලනය කරගෙන හිටපු කදුලු ඇස් අගිස්සෙන් බේරෙන්න ගද්දි සේහි හ්‍යුන්ජින් දිහා බැලුවා..
"හ්‍යුන්ජින්...? අඩනවද..?"
"න්.. නෑ...?"
"ඒයි.. තමුසෙ අඩනවා තමයි... ඇයි මේ.."
"මමයි ඒක අහන්න ඕන සේහි.. ඇයි මේ.. ඇයි මට මෙ විදියට සලකන්නෙ.."
"තමුසෙගෙ බක පණ්ඩිතකම තිබ්බට අසනීපෙන් ඉන්නකොට තනිකරන්න හිතෙන්නැහ්.. අනික අපි දැන් අදුරනවනෙ.. එහෙම අඳුරන මනුස්සයෙක් අසනීප උනාම අහක බලන් ඉන්න මට බෑ.. ඔන්න ඔය කඳුලු පෙරන එක නවත්තනවා හලෝ.. තමුසෙගෙ මූනට කඳුලු සෙට් වෙන්නැ"
"අනෙ යනවා යන්න.. මං පොඩි කාලෙ ඉදලම හැදුනෙ තනියම සේහි.. මගෙ තාත්තා නැතිවෙලා... අම්මත් කොහෙද දන්නැ... ආච්චි තමයි මාව ඉස්සර ඉඳලම බලාගත්තෙ.. එයත් නැති උනා.. නැතිවෙන්න කලින් කිව්ව එකම දේ.. අක්කව හොයාගන්න කියලා.. ඉතින් තනියමම හිටපු මං ගැන කව්රුත් බැලුවෙ නැති කොට ඔයා මෙහෙම මට සලකනකොට මට දරාගන්න අමාරුයි සේහි."
"Excuse me .. ඔගොල්ලො ඉල්ලපු සුප් එක.."
"අහ්.. හයියෝ.. ඔහොම කියන එක නවත්තන්න.. චුට්ටකට ඔලුව ගන්න හ්‍යුන්ජින්.. මං සුප් එක අරන් එන්නම්."
"අනෙ බැහ්.."
"කො කො.. පොඩ්ඩක් ඉන්න"
තමන්ගෙ උකුලෙන් හ්‍යුන්ජින්ගෙ ඔලුව අයින් කරපු සේහි පරිස්සමට කොට්ටයක් උඩින් තියලා ඔලුව අතගාලා සුප් එක අරන් ආපු සේහි ඇද ලග මේසෙ උඩින් සුප් එක තිබ්බා..
"නැගිටින්න.. මේක බොන්න"
"බැහ් අනේ.. උකුල උඩින් ඔලුව තියාගන්න ඕන.. අනේහ්"
"ලෙඩ කියලා බලන්නැතුව දෙනවා දැන් කට අනිත් පැත්ත හැරෙන්න.. මෙන්න මෙහෙ නැගිටිනවා.. මට හුරතල් කරන්න තේරෙන්නැ. බිව්වෙ නැති උනොත් කට මිරිකලා කට ඇතුලට දාන්නෙ.."
"හාපො මල වාතයක් ඕයි.. හරි හරි බොන්නම්.. හැබැයි..... පොවන්න ඕනෙ👉👈"
"මල කෝලමක් උනානෙ මේක.. තනියම බොනවා"
"අනේ ඉතිම්.. මට අමාරුයිනේ. අම්මො ඔලුව.. අනේ රිදෙනවා.. හයියූ... කලන්තේ වගේ..... මං මැරෙන්න යන්නෙ.. සේහි... මං මැරෙන්නද කොහෙද යන්නෙ.."
හ්‍යුන්ජින් බොරුවට ඔලුවත් අල්ලගෙන කැ ගහද්දි සේහි ඔලුවෙ අත ගහගත්තා.. හ්‍යුන්ජින් කරන්නෙ බොරුවක් කියලා දන්න සේහි ටික වෙලාවක් රවාගෙන බලන් හිටියෙ හිනාවත් අමාරුවෙන් තද කරගෙන.
"අහ් නැගිටිනවා නැගිටිනවා.. පොවන්නම්"
"පොවනවද සේහි... මට සුප් පොවනවත... අමාරුයිනෙ මට.. පොවනවා නේද?"
"හාපෝව්.... ඇති ඇති නවත්තනවා.. කෝ කට අරින්න.."
"ආ........ මෙහ් ශේහි.. ඔයා අරම් මේ පහල හිචපු කෙල්ල දන්නවද?"
"කටෙ තියන් කතා කරන්න එපා මනුස්සයො.. ඔව් ඔව් දන්නවා.. අපෙ ඉස්කෝලෙ.. මං හිතන්නෙ එයත් ෆයිනල් එක්සෑම් ලියන්නද දන්නැ මෙහෙ ආවෙ.. ආහ් කට අරින්න.."
"ආ......ම්. මෙ.. ඒ කෙල්ල යාලුවෙක්ද?"
"නැ නැ.. අදුරනව විතරයි.. මොකද.. සෙට් කරගන්නවත්ද? ඒකි එක්කනම් ලේසි වෙන්නැ පුතෝ... ඒකි හෙන අමුතුයි.. දුශ්ටයි.. මාත් එක්ක තරහයි"
"හපො මටනම් එපා.. දුශ්ටයි කියලා මටත් පෙනුනා.. තමුසෙ එක්ක තරහනම් මොකටද එහෙම උන් එක්ක පැනගෙන කතා කරන්න යන්නෙ.. ආයෙ එහෙම දැක්කොත් යන්න එපා පැනගෙන.. තේරුනානෙහ්"
"හෝව් හෝව්.. මෙහ්.. මට ඕන්නම් මං කතා කරනවා.."
"ඔව් ඔව්.. කතා කරපියකො ඒනම්.. තමුසෙටත් කාපු සේරම බඩවැලුත් එක්ක යනව වගේ කලු පාටට වමනෙ ගියාම තේරෙවි.."
"අ.. ආහ්?.. මොකද්ද ඒ කතාවෙ තේරුම.. එතකොට.."
"හ්ම්ම්.. තමුසෙගෙ තරහකාරියක්නෙහ්.. ඒකි තමයි මෙ වැඩේ කරේ.. මං බලාගෙන.. තමුසෙගෙ චිකන් කෑල්ල දිහා බලාගෙන කලු පාට crystal එකකට මුමුණනවා.. ඒක තමුසෙ කන්න හැදුව නිසා තමයි මං ඒක කටේ දාගත්තෙ සනික.. ඊටපස්සෙ මගෙ ප්ලේට් එකේ චිකන් කෑල්ල කන්න පොරකනකොට ඒකි ඒකටත් මතුරනවා මං දැක්කා.. ඒකත් මං කටේ දාගන්න හැදුවෙ.. හැබැයි ගානට ගිහින් අරකිගෙ ඔලුවටම වැටුනා.. අව්ලකුත් නැ"
"යාහ්..!! හ්‍යුන්ජින් මොකටද තමුසෙ ඒක කෑවෙ ආහ්... පිස්සු හැදීගෙන එනවද.. විසික් කරන්නැතුව මොන එහෙකටද කටේ ඔබාගත්තෙ... යෝරට එච්චර දෙයක් කරන්න තරම් මාත් එක්ක මොකද්ද තියෙන තරහ... අනික.. අනික. black witches.. ඒවා ඇත්ත දේවල්ද එතකොට?"
"මෙහ්.. ඇති මට ඕක.. දැන් හොදයි.. වතුර ටිකක් දෙන්නකො.."
"බඩ පිරුනද?"
"ඔව් ඔව්.. තැන්කූ... ම්ම්ම්.. දැන් ආයෙත් උකුලට... හී සනීපයි..."
සේහි දුන්න වතුර එක බීපු හ්‍යුන්ජින් ආයෙම සේහිගෙ උකුලට පැනලා සේහිගෙ බඩ අස්සෙ ඔලුව ඔබාගත්තා..
"අන්න බලන්න රෙදි කෑල්ලත් වැටුනා.. දැන් කියන්න.. black witches කියන ඒවා ඇත්තද?"
හ්‍යුන්ජින්ගෙ දැගලිල්ලට එයාගෙ නලලෙන් තියල තිබ්බ රෙදි කෑල්ල ආයෙම පහලට රූටලා ආවම ඒ රෙදි කෑල්ල ආයෙත් උනු වතුර එකේ පොඟවපු සේහි හ්‍යුන්ජින්ගෙ නලල උඩින් තිබ්බා.. හ්‍යුන්ජින්නම් දැන් හිටියෙ සේහිට black witches ගැන උගන්නන සිහියෙන් නෙවෙයි.. සේහිගෙ උකුලට වෙලා ඇස් දෙක පියාගන්න බලාගෙන.. ඒත් ඉතින් සේහිගෙන් ගැලවිල්ලක් හ්‍යුන්ජින්ට නැහ්.
"අයියෝ සේහි මං මැරෙන්නෙ නැහ්නෙ හෙට.. හෙට කියන්නම්"
"නැ නැ.. මට හෙට වෙනකන් බලන් ඉන්න බැ දැන් කියන්න.."
"තමුසෙගෙ ඔප්පලා දෙන්නා වුල්ෆ්ලා නේද? තමුසෙට ඒක විශ්වාස කරන්න පුලුවන්නම් black witches විශ්වාස කරන්න බැරි හේතුවක් තියෙන්න විදියක් නෑනෙ.."
"එ.. එයාලා වුල්ෆ්ලා කියලා ඔයා දන්නෙ කොහොමද?"
"මං දන්නව සේහි.. මට එයාලගෙ පෙරමෝන සුවඳ ඔයත් එක්ක කතා කරපු පලවෙනි වතාවෙම දැනුනා"
"ම්.. මොකක්.. එතකොට ඒක අනිත් අයටත් දැනෙනවද.?
"නැ.. හැමෝටම නෙවෙයි... ඒව ගැන හොඳට දන්න කෙනෙක්ට ඒක දැනෙනවා"
"ඒ කිව්වෙ"
"සේහි....!! අනෙ මට නිදිමතයි.."
"අනෙ හ්‍යුන්ජින්... මගේ ඔලුව විකාර කරලා නිදාගන්න එපා.. දැන්... දැන් එතකොට අර චිකන් කෑල්ලෙ විස.. ඒකට මොකද්ද වෙන්නෙ"
"අවශ්‍ය කෙනා නෙවෙයිනෙ කෑවෙ.. මගෙ ඇගෙන් ඒ විස වමනෙ එක්ක ගිහින් ඉවරයි.. හැබැයි හදිස්සියේවත් තමුසෙට කැවුනනම් මීට වඩා අමාරු වෙන්න පුලුවන්.. එ නිසා පරිස්සමින්"
"මං පරිස්සම් වෙන්නෙ කොහොමද හ්‍යුන්ජින්.. මං මේ දේවල් ගැන දන්නැහ්නෙ.. අනික කොහොමද විශ්වාස කරන්නෙ"
"මං කියලා දෙන්නම්.. මං දන්න ඔක්කොම මං කියලා දෙන්නම්.. විශ්වාස කරන්න බැරි දේවල් මෙ ලෝකෙ ගොඩක් තියෙනව සේහි.. ඉස්සරහට ඔයාට ගොඩක් දේවල් දැනගන්න ලැබෙයි.. අමාරුවෙන් හරි ඔයාට ඒවා පිලිගන්න, විශ්වාස කරන්න සිද්ද වෙනවා... දැනට.. අර කෙල්ලගෙන් ඈත් වෙලා ඉන්න"
"ම්ම්ම්"
හ්‍යුන්ජින්ගෙන් අහන්න ප්‍රශ්න ගොඩක් ඔලුවට ආවත් කතා කරන ගමන්න හ්‍යුන්ජින්ගෙ ඇස් දෙක බාගෙට පියවෙද්දි එයාව තවත් මහන්සි කරන්න සේහිට හිතුනෙ නෑ.. සේහි හෙඩ් බෝඩ් එකට හේත්තු වෙලා එයාගෙ උකුලෙ නිදාගෙන ඉන්න හ්‍යුන්ජින්ගෙ කොන්ඩෙ අතරින් හෙමීට ඇගිලි යැව්වා.. විනාඩි කිහිපයක් යනකොට සේහිගෙ ඇගිලි තුඩුවල ස්පර්ශය නිසාම හ්‍යුන්ජින්ට තදට නින්ද ගියා.. සේහි හ්‍යුන්ජින්ව කොට්ටෙකින් තියලා බෙඩ්ශීට් එකත් හොඳට පොරවලා බාතෲම් එකේ දාලා තිබ්බ හ්‍යුන්ජින්ගෙ ටීශර්ට් එකත් හෝදලා හ්‍යුන්ජින්ගෙ රූම් එකේ බැල්කනි එකෙන් වැනුවා..
ආයෙම හ්‍යුන්ජින් ගාවට ආපු සේහි එයාගෙ ඔලුවෙ තිබ්බ රෙදි කෑල්ල අයින් කරලා බැලුවා උන අඩුද කියලා... යන්තමට උන බැහැලා තිබ්බ නිසා ආයෙම රෙදි කෑල්ල වතුරෙන් පොගවලා හ්‍යුන්ජින්ගෙ නලල උඩින් තිබ්බ සේහි එයාගෙ ඔලුවත් අතගාගෙනම රූම් එකෙන් එලියට ආවා...
•
•
•
•
වෝට් ගෝල් එකක් දුන්නා.. හී හී👉👈
එහෙම දුන්නෙ මට කතාව හැමදාම අප්ඩේට් දෙන එක අමාරු වැඩක් නිසා.. වෝට් ගෝල් එක කම්ප්ලීට් වෙන්න කාලයක් යයිනෙ. කම්ප්ලීට් උනාම කතාව දෙන්නම්..😁💕
වෝට් ටික ඉක්මනට කම්ප්ලීට් උනොත් ඉක්මනට ඊලග චැපිය දෙනවා.. එහෙම නැති උනොත් මට ආයෙ පුලුවන් දවසට තමයි අප්ඩේට් වැටෙන්නෙ..
අව්ලක් නෑ නේත ස්කුපියනේ👀
මං නපුරු නැ හරිත🌝
ඒනම් පරිස්සමින් ඉන්න..
කතාවට වෝට් කරන, කමෙන්ට් කරන හැමෝටම ගොඩක් ස්තූතියි!❤️✨
වැරදි වලට සමාවෙන්න🥀
𝘌𝘮𝘮𝘢...🖋️👻☆