🇱 🇮 🇫 🇪  🇴 🇷  🇩 🇪 🇦 ...

By Hithuwkkari

1.5K 183 2

අපේ ජීවිත ගැන තීරණය ගන්න ඉන්නෙ දෙවිවරු සහ සුරදූතයන් නම්.. එයාලගේ ජීවිත ගැන තීරණ ගන්නෙ කවුද? එයාලට ආදරේ කරන්න... More

කතා පසුබිම
Part 2
Part 2
Part 3
Part 4
Part 5
Part 6
Part 8
Part 9
Part 10
Part 11
Part 12
Part 13
Part 14

Part 7

65 8 0
By Hithuwkkari

හිතින් මරණයේ දෙවිදුන් යැද්දත් මම දන්නවා මේ වෙලාවේ මරණයේ දෙවිදුන්ටවත් මාව බේරගන්න බෑ කියලා .

ඊට වඩා මම කියන දේවල් ඇහෙන්නෙත් නැතුව ඇති .

මාව සංග්‍රාම භූමිය මැද්දට තල්ලු කරපු kaizer ට මම හිතින් බැන්නේ කටින් බනින්න බැරි කමට .

මාව තල්ලු වෙලා ගිහින් සංග්‍රාම භූමියට වැටිච්ච ගමං ම අර මකරාගේ කකුල් දෙකට දාලා තිබ්බ දංවැල් අතුරුදහන් වෙලා ගියා . 

දැං නම් මට දෙවියන්ගේම පිහිටයි .

..........................................................................

(JK මරණයේ දොරටුවේ දී සටන් කරන කොට BLACK CASTLE එකේ තත්වය )

අදත් TAEHYUNG උදෙන්ම BLACK CASTLE එකට ආවේ JK ගේ තත්වය බලන්න .

මාස 7ක් තිස්සේ TAEHYUNG ~එයාගේ~ JK ව බලන්න හැමදාම වගේ BLACK CASTLE එකට ආවේ මරණයේ දෙවිදුන්ගේ විශේශ අවසරයකින් .

💚" ඔයා දන්නවද .. මට ඊයේ හවස මාර වැඩක් උනානේ .. තව ටිකෙන් මට අමතක වෙනවා මම ජීවයේ දූතයෙක් කියලත් ......"

අදත් TAEHYUNG හැමදාම වගේ JK ගේ ආත්මය නොමැති නිසල නමුත් පණ තියෙන දේහය අසලින් ඉදගෙන එයා දවසින් දවස අත්දකින දේවල් එකින් එක කියන්න පටන් ගත්තා .

💚" අහ් තව ටිකෙන් අමතක වෙනවා ..මම ඔයාට පොඩි බඩුවක් ගෙනාවා .."

TAEHYUNG කියව කියවම JK ගේ ඇද එහා පැත්තේ තියෙන මේසේ ලගට ඇවිදගෙන ගියේ එයාගේ බෑග් එක අරගන්න .

💚" කෝ මේක .. අහ් හම්බුනා මේ බලන්නකො මේක ලස්සනයිද කියලා .."

බෑග් එක අස්සටම ඔලුව දාපු TAEHYUNG අන්තිමට ලස්සන අත්පලදනාවන් දෙකක් එලියට අරගෙන JK ලගට ආවා .

නමුත් TAEHYUNG දැක්ක දෙයින් එයාගේ කකුල් දෙක පවා පණ නැති උනා . TAEHYUNG ඒ වෙලාවේ කරන්න පුලුවන් එකම දේ උනේ හයියෙන් කෑ ගහන එකයි .

අත් පලදනා දෙකත් TAEHYUNG අතින් බිමට වැටුනේ නොදැනුවත්වමයි . කෑගහගෙනම JK ගේ ඇද ලග දණ ගහපු TAEHYUNG , JK ගේ මුහුණ එයාගේ දෑත් අතරට අරගත්තේ අඩන ගමන් .

TAEHYUNG ගේ කෑගැසීම ඇහුනු SUGA මෙන්ම තවත් කිහිප දෙනෙක් ම ඒ වෙද්දි එතනට ඇවිත් හිටියේ .

මහ වෙලාවක් යන්න කලින් එතනට මරණයේ දෙවිදුන් පවා ආවේ TAEHYUNG ගේ ඇඩිල්ලයි , මාස ගානක් නිසොල්මන්ව ඇදක් උඩට වෙලා හිටපු JK ගේ ශරීරයේ වෙන වෙනස්කමුයි ඉවසගෙන ඉන්න බැරි කෙනෙක් ගිහින් එයාව දැනුවත් කරපු නිසා .

⚫" TAEHYUNG ඇයි මොකද්ද උනේ ..?"

💚" අනේ මරණයේ දෙවිදුනි .. JK අද උදෙත් හොදට හිටියා නේ .. දැං එයාට මේ මොකද්ද වෙලා තියෙන්නෙ .. ?"

TAEHYUNG කදුලු බේරෙන ඇස් දෙක මරණයේ දෙවිදුන් පැත්තට හරවලා ඒ අහපු විදිහට මරණයේ දෙවිදුන්ටත් තේරුනා TAEHYUNG මේ වෙලාවේ ඉන්නේ දුක කියන දේත් අන්තෙටම දැනිලා කියලා .

⚫" කෝ බලන්න .."

එහෙම කියපු මරණයේ දෙවිදුන් TAEHYUNG ගේ එහාපැත්තෙන් ඇවිත් JK ගේ මූනට එබුනා . SUGA ත් ඔහු පිටුපසෙන් ඇවිත් JK ලගින් ඉදගෙන එයාගේ ඔලුව අත ගාන්න ගත්තේ කණගාටුවෙන් ලොකු හුස්මක් පිටකරන ගමන් .

JK ව දැකපු මරණයේ දෙවිදුන්ගේ ප්‍රථිචාරයත් SUGA ගේ ප්‍රතිචාරයට වඩා පොඩ්ඩක්වත් වෙනස් උනේ නෑ .

💚" අනේ .. කියන්නකෝ දෙවිදුනි .. එයාට මොකද්ද මේ වෙන්නෙ ?"

මේ වෙනකොට කඩවසම් JK ගේ මුහුණේ වගේම ශරීරයේ ගොඩක් තැන් වල තැලුම් පහරවල් , තුවාල මෙන්ම ලේ ගැලීම් ද දක්නට ලැබුනා . හරියට JK රණ්ඩුවකට ගිහින් තුවාල කරගෙන වගේ .

💚" මේ .. මේ බලන්න .. තව තව පැල්ලම් අලුතින් මතු වෙනවා .."

JK ගේ එක කම්මුලක් අල්ලගත්තු TAEHYUNG මරණයේ දෙවිදුන්ට එහෙම කිව්වේ අලුතින් මතු වෙන එක එක පැල්ලම් පෙන්නමින් .

ලොකු හුස්මක් පහල දාපු මරණයේ දෙවිදුන් JK ගේ කාමරයෙන් යන්න හැරුනා .

⚫" SUGA ..හැම දේම එයාට කියන්න .. එයත් දැන් මේ දේවල් දැනගන්න ඕනේ .."

TAEHYUNG දිහා නොබලා එහෙම කියපු මරණයේ දෙවිදුන් JK ගේ කුටියෙන් යන්න ගියා .

💚" අනේ .. SUGA .. ඔයාවත් කියන්නකො මොකද්ද මේ වෙන්නෙ කියලා .."

🖤" හරි මම කියන්නම් .. මුලින්ම සන්සුන් වෙන්න .. "

එහෙම කියපු SUGA කතාව පටන් ගත්තා .

🖤" මේ වෙලාවේ JK ගේ ආත්මය තියෙන්නෙ මරණයේ දොරටුවේ . ඔයා එතන දන්නවා නේ ?"

SUGA ඇහුවාම TAEHYUNG ඔව් කියන්න ඔලුව වැනුවා .

🖤" ම්ම් .. JK ට ආපහු මේ ලෝකෙට එන්න නම් එයාට සටන් වදින්න වෙනවා අදුරු මායාවට අධිපති මකරත් එක්ක .

මොකද එයාට පහර දුන්නෙ අදුරු මායාවෙන් නිසා . දැන් එයා අදුරු මායාවේ මකරත් එක්ක සටන් කරනවා ඇති .

එයාගේ ආත්මයට සිද්ධ වෙන හැම තුවාලයක් ම මෙහෙ තියෙන එයාගේ ශරීරයෙත් සටහන් වෙනවා . මොකද තාමත් එයාගේ ආත්මයයි ශරීරයයි බැදිලා තියෙන්නෙ .."

SUGA තමාට පුලුවන් තරමින් සේරම දේවල් TAEHYUNG ට තේරුම් කලා .

💚" එතකොට අපිට කරන්න මුකුත් නැද්ද SUGA ? "

TAEHYUNG ඇහුවේ අන්තීම බලාපොරොත්තුවක් හිතේ දලු දාගෙන එනකොට .

🖤" අවාසනාවකට .. නෑ .."

එහෙම කියපු SUGA නැවතත් නිහඩවම JK ගේ හිස අතගාන්න පටන් ගත්තා .

..........................................................................

( නැවතත් මරණයේ සංග්‍රාම භූමියට )

💜️" අයියෝ .. මට දැන් නම් විවේකයක් ඕනෙ Kaizer .."

" විවේක ගන්න මේක පුහුනු තරගාවලියක් නෙමෙයි JK .. මේක ඇත්තම මාරාන්තික ධරුණු සටනක් .."

සංග්‍රාම භූමිය වට කරලා තිබ්බ ගල් බැම්මේ එල්ලිලා මම නහයෙන් අඩන්න ගත්තේ හිතුවාට වඩා අදුරු මායාවේ මකරා බලවත් නිසා .

💜️" ඔයා කිව්වට හරියන්නෑ අනේ .. ඒ මදිවට මට දැනෙනවා මගේ ඔලුව කවුරු හරි අත ගානවා වගේ .. හරි සනීපයි . නිදාගන්න තිබ්බනම් මරු .."

" තමුන්ට පිස් .. ඔන්න බලාගෙන .."

KAIZER කියන්න හදපු දෙයත් එකපාරම නවත්තගෙන කෑගැහුවේ පිටිපස්සෙන් ආපු මකරා මට පහර දෙන්න හදපු නිසයි . නමුත් මකරාගේ බලය සංවේදනය උනු මම එසැනින් උඩ පැනලා ඒ ප්‍රහාරයෙන් බේරුනා .

" JK .. ඔයාට පුලුවන් .. සටන් කරන්න පරාද වෙන්න එපා .."

මම හිතුවේ මම මැරුනාම තමා කියලා . මම අන්ත අසරණ විදිහට ගුටි කෑවේ . අදුරු මායාවේ මකරා මගේ වම් කකුලෙන් උස්සලා පොලේ ගහලා ආපහු කකුලෙනුත් පෑගුවේ කිසිම හිතක් නැති ගානට .

ඒත් මට ඈත ලෝකෙකින් එන කටහඩක් වගේ එකක් ඇහුනා . මට දැනුනා මාව ඒ කටහඩින් ශක්තිමත් කරනවා වගේ .

" මම දන්නවා ඔයාට පුලුවන් කියලා JK .. උත්සාහය අතාරින්න එපා .. "

" මම දන්නෙ නෑ මම කියන දේවල් ඔයාට ඇහෙයිද කියලා . ඒත් මම කියන දේවල් ඔයාට ඇහෙනවානම් .. අනේ සටන් කරන්න . පරාද වෙන්න එපා ..  මට ඔයාව ඕනේ ..

මම ඔයා එනකම් බලාගෙන ඉන්නවා JK .. ඔයාගේ TAEHYUNG .. මේ TAEHYUNG හැමදාම ඔයා එනකන් බලාගෙන ඉන්නවා .."

මට දැනුනේ මාව එන්න එන්නම ශක්තිමත් වෙනවා වගේ . ඒ කටහඩත් එක්කම මම ඇස් පියාගත්තා .

..........................................................................

KAIZER ගේ ඇස් පවා ලොකු උනේ සංග්‍රාම භූමියේ JK ව වැහෙන තරමටම ලොකු එක කකුලක් JK ගේ ඇග උඩ තියාගෙන ජය ඝෝශා කරන මකරාගේ වටේට කලු පාට දූවිල්ලක් වගේ එකක් කැරකෙන ගමන් විදුලි එලි වගේ දෙයක් කැරකෙන්න ගත්ත නිසා .

ඒත් ටික වෙලාවකින් තමයි හැමෝටම තේරුනේ ඒ කලු පාට දූවිල්ල වගේ එකයි විදුලි එලි ටිකයි අයිති මකරට නෙමෙයි කියලා .

ඒක අයිති .. වෙන කාටවත් නෙමෙයි JK ට ..

ඔව් .. එයා අදුරු මායාව යටපත් කරගෙන . ඈත ලෝකෙකින් ඇහුනු කටහඩක් නිසා එයාගේ ඇග ඇතුලේ නිදාගෙන හිටපු රණශූරයා සම්පූර්ණයෙන්ම ඇහැරිලා .

ඒත් කවුරුවත්ම හිතපු නැති විදිහට JK අදුරු මායාවේ මකරාගෙන් අදුරු මායාව උරාගන්න පටන් ගත්තා .

හැමෝම ඇස් කටේ දාගෙන බලාගෙන ඉද්දි JK අහසේ පාවෙන්න පටන් ගත්තා .

අදුරු මායාවේ මකරා ටිකෙන් ටික ඇකිලෙන්න පටන් අරගෙනයි තිබුනේ .

මකරාගේ බලය JK ඇදගන්නවා කියලා හොදටම පෙනුනේ , එයාලා වටේ කැරකුනු කලු පාට දූවිල්ල වගේ එකෙන් .

මකරාගේ ඇගෙන් ගැලවිලා ඒවා JK ගේ ඇගට ඇතුල් උනා .

ඇස් දෙක පියාගෙනම JK කෑගැහුවේ මුලු සංග්‍රාම භූමියම සුළි කුණාටුවකට අහු උනා වගේ සුළගින් හෙල්ලිලා යන්න .

ඒත් එක්කම කටුස්සෙක් වගේ වැහැරිච්ච මකරත් බිම වැටුනා .

කිසිම ප්‍රශ්නයක් නැතුව JK නිරුපද්‍රිතවම දෙපා පොලොවේ වැදෙන විදිහට හිමින් හිමින් ගොඩබැස්සා .

දෑත් එකතු කරලා අහස දෙසට ඔසවපු JK මොනවාහරි කටින් මිමිනුවා .ඒත් එක්කම එයාගේ හිසට ඉහලින් කලින් වගේම කලුපාට දුමාරයක් මතු උනා .

ඒක ටික ටික කඩුවක් බවට හැරෙන්න පටන් ගත්තා . ඉහලට ඔසවගෙන හිටපු අත් දෙක JK ඊළග මොහොතේදි එල්ල කලේ බිම වැටිලා ඉන්න අදුරු මායාවේ මකරාගේ පැත්තටයි .

ඒත් සමගම සුළඟ කපාගෙන වේගයෙන් ඉදිරියට ඇදුනු , JK මායා බලයෙන් නිර්මාණය කරපු කඩුව මකරාගේ හදවත සිදුරු කලා .

දෑත් පල්ලෙහා දාපු JK දෑස් ඇරලා බිම වටිලා හිටපු මකරා ලගට ගිහින් උගේ හදවතට ඇනිලා තිබ්බ කඩුව ඇදලා ගලවගත්තේ , මකරගෙ හදවතත් කඩුවෙම ඇමිනිලා තියෙද්දි .

මකරගෙ හදවත ඇමිනිච්ච කඩුව JK ඉහලට ඔසවලා තමාගේ ජයග්‍රහණය හැමෝටම පෙන්නනවාත් එක්කම වටෙන්ම ඇහෙන්න ගත්තේ JK ගේ නමින් ජය ඝෝශා .

💜️" KAIZER .. දැං මට මගේ ලෝකෙට යන්න පුලුවං නේද ? මගේ TAEHYUNG ලගට ?"

ඊලගට කඩුව පහල දාපු JK  , KAIZER දිහා කෙලින් බලලා ඇහුවා . නමුත් JK ගේ කටහඩ හරිම අමුතු විදිහකට දෙක දෙක ඇහෙන්න ගත්තේ හරියට හොල්මන් ෆිල්ම් වල හොල්මන් වැහිච්ච මිනිස්සු කතාකරනකොට වෙනවා වගේ .

KAIZER ගේ මුලු ඇගම සීතල වෙලා ගියේ JK ගේ ඇස් දෙක තනිකරම කලු පාට නිසයි . ඝන අන්ධකාරයක් විතරයි ඒ ඇස් වල තිබ්බේ . මොකද දැන් JK ගේ ඇගෙත් වැඩිපුරම තියෙන්නේ අදුරු මායාව .

KAIZER හීනෙන් වගේ ඔව් කියන්න ඔලුව වැනුවාම JK එකපාරම සංග්‍රාම භූමියෙන් අතුරු දහන් උනා . ඒ කඩුවත් එක්කමයි .

..........................................................................













Continue Reading

You'll Also Like

224K 4.7K 47
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
966K 22K 49
In wich a one night stand turns out to be a lot more than that.
8.9K 1.2K 15
Xin cha පැක් එකේ අන්ගාත හෙඩ් ඇල්ෆාගෙ මේට් පැක් එකේ ඉන්න අවලස්සනම ඔමේගා වුනොත් මොනවා වේවිද? ඇත්තටම එයා අවලස්සනද නැත්තන් හැමෝම.එයා දිහා බලන විදිහද ඒ ම...
5.5K 777 5
Completed✅ مولتی شات تهجینکوک😍 با خیانت چطور کنار میایید؟؟ وقتی با یک تماس تلفنی،یک رابطه ی هفت ماهه رو بهم میزنه؟؟ همون یک فرصتی که داشت،کافی به نظ...