🇱 🇮 🇫 🇪  🇴 🇷  🇩 🇪 🇦 ...

By Hithuwkkari

1.5K 181 2

අපේ ජීවිත ගැන තීරණය ගන්න ඉන්නෙ දෙවිවරු සහ සුරදූතයන් නම්.. එයාලගේ ජීවිත ගැන තීරණ ගන්නෙ කවුද? එයාලට ආදරේ කරන්න... More

කතා පසුබිම
Part 2
Part 2
Part 3
Part 5
Part 6
Part 7
Part 8
Part 9
Part 10
Part 11
Part 12
Part 13
Part 14

Part 4

71 11 0
By Hithuwkkari

⚫" මොකද්ද එතන උනේ .. ? "

මරණයට අධිපති දෙවියා JK ගෙන් ප්‍රශ්න කරන්නට පටන් ගත්තේ ආත්ම අධිකරණයේදීය .

💜️" දෙවියනි .. ඒ මැරුණු පුද්ගලයාට ජීවත් වෙන්න සෑහෙන පින් තිබුනා . ඒ වගේම මරණය ගැන ඔහුගෙ හිතේ කිසිම අදහසක් තිබ්බේ නෑ .. ජීවිතය ගැන කලකිරිලා හිටියෙත් නෑ ..

ඒ නිසා මම අණ කලා ඔහුට ජීවය ලබා දෙන්න .."

සිදුවුනු දෙය JK දෙවියන් හට පැහැදිලි කර දුන්නා .

⚫" ආත්ම පොත රැගෙන එන්න .."

මරණයට අධිපති දෙවියා ඔහුගේ සේවකයෙකුට අණ කලේ , මරණයේ දූතයන් සිදුකරන සෑම රාජකාරි කාර්‍යයක්ම සටහන් වන පොත රැගෙන ඒමටයි .

එම පොත ගෙන ආ පසු මරණයට අධිපති දෙවියා එය පෙරලා බැලුවා .

⚫" ඔව් ඔයා කියන දේ හරි .. ඔයා එයාට ජීවිතය නියම කරලා තියෙනවා .. ඒ වගේම ඔයාගේ සහයකයා එයාට ජීවිතය ලබාදීලා තියෙනවා .."

පොතෙහි සදහන්ව ඇති දේ කියවූ දෙවියා මද වේලාවක් කල්පනා කලා .

ඉන්පසු ඔහු මෙම නඩුවේ තීරණය ලබාදුන්නා .

⚫" මෙම නඩුවෙහි සැකකරුවන් වූ 147 වන කණ්ඩායම් සාමාජිකයන් හා එහි අණදෙන්නා වන JK මෙම අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරන අතර , සති දෙකක කාලයක් තුල මෙහි සිදුව ඇති දේ පිලිබදව සොයා බලන ලෙසද JK හා ඔහුගේ කණ්ඩායමට මෙම අධිකරණය විසින් නියෝග කර සිටිනවා .."

නඩුවේ තීන්දුව ලැබුනු පසු JK තම   කණ්ඩායමද රැගෙන නැවතත් තමන් සිටි ස්ථානය වෙත ගමන් කරනවා .

💜️" මෙතන වෙච්ච දේ ගැන අපි ඉක්මනටම ගොයාගන්න ඕනේ .. කෝ එදා මම ඒ මනුස්සයා ගැන බලාගන්න කියපු සහයකයා ..? "

JK තම කණ්ඩායම දෙස බලා ඇසුවා .

" සර් .. ඒ මමයි .."

එක් සහයකයෙක් JK ඉදිරියට පැමිනියා .

💜️" අපි එතනින් ගියාට පස්සේ ඒ මනුස්සයාට මොකද උනේ ..? "

" සර් .. මම එයත් එක්කම ඒ ඇම්බියුලන්ස් එකේම හොස්පිට්ල් එකට ගියා .. නමුත් කිසිම දෙයක් උනේ නෑ ..

අපේ නීති වලට අනුව අපි තීන්දුවක් දීපු කෙනෙක් ලග රැදෙන්න පුලුවන් උපරිම පැය 6 ක් විතරක් නිසා මම එතනින් ආවා පැය 6ක් යනකොට ..

ඒත් මම එතනින් අයින් වෙනකොටත් එයා සුව වෙමිනුයි හිටියේ .."

💜️" මොකද්ද එහෙනම් වෙන්න ඇත්තේ ..? "

කණ්ඩායමේ සෑම කෙනෙක් ම මේ ප්‍රශ්නය විසදන්න ක්‍රමයක් කල්පනා කලද හවස් වන තුරුම මෙයට උත්තරයක් නම් ලැබුනේ නෑ .

💜️"දැං ඔයාලා ගෙවල් වලට යන්න .. අපි මේගැන හෙට උදේම හොයලා බලමු .."

කණ්ඩායම විසුරුවාහැර JK , SUGA සමගින් තමාගේ ගෙදරට යන්න පිටත් උනේ SUGA ත් දැන් ඔහු සමගම සිටින නිසා .

💜️" SUGA .. ඔයා මට වඩා කාලයක් මරණයේ දූතයෙක් වෙලා හිටියානේ .. මේවගේ දෙයක් කලිනුත් වෙලා තියෙනවාද ..?"

🖤" ම්ම් .. ඔව් .. මේවගේ දෙයක් මීට කලින් එකම එක පාරක් වෙලා තියෙනවා .."

💜️" කවුද ඒ මරණයේ දූතයා .. මට එයාව හම්බෙන්න ඕනෙ .."

🖤" එහෙනම් අපි හෙට උදෙන්ම NAMJON ව හම්බෙන්න යමු .."

💜️" මො .. මොකද්ද .. ඔයා දැන් කියපු ඒ නම ..?"

🖤" NAMJOON .. ඇයි .. ?"

💜️" න් .. නෑ .. මු .. මුකුත් නෑ .. අපි යමු හෙට උදෙන්ම එයාව හම්බවෙන්න .."

JK NAMJOON ගේ නම ඇසූ පමනින් කලබල වූයේ ඔහු මිනිසෙකුව සිටි කාලයේදී , ඔහුගේ ලගින්ම සිටි මිතුරාගේ නමත් NAMJOON වූ නිසාය .

නමුත් ඔහු එය SUGA ට නොපැවසුවේ එකවගේ නම් ඇති අය ලෝකයේ ඕන තරම් සිටිය හැකි නිසාවෙනි .
..........................................................................

💜️" ඔයා දන්නවද NAMJOON දැං ඉන්න තැන ..? "

🖤" මම දන්නේනම් නෑ .. නමුත් අපිට පුලුවන් ඒ ගැන BLACK CASTLE එකෙන් අහන්න .. මට බෑ ඒත් ඔයාට පුලුවන් .. "

💜️" හොදයි මම අහන්නම් .."

..........................................................................

පසුදා උදෑසනම NAMJOON සෙවීමට පිටත් වුනු JK හා SUGA නැවතත් BLACK CASTLE එකට ගියා .

💜️" වැඩේ හරි .. මට එයාගේ ගෙදර ඇඩ්‍රස් එක හම්බුනා .."

එසේ කියමින් SUGA වෙත පැමිණි JK ලිපිනය ලියා තිබූ කොලය දිගහැර එය SUGA ට පෙන්වමින් , ඒ ලිපිනය සහිත නිවසට යන්න පිටත් උනා .

🖤" කොලේ හැටියට මෙතනයි තැන .."

එදින මරණයේ දූතයන්‍ට නිවාඩු දවසක් හෙයින් JK ගේ කණ්ඩායමේ අනෙකුත් සහයකයන් නිවඩු ගොස් තිබුනා .

නමුත් මෙම ප්‍රශ්නය විසදීමට අවශ්‍ය නිසාවෙන් JK හා SUGA නිවාඩු නොගොස් රාජකාරියේම රැදී සිටියා .

💜️" බෙල් කරලා බලමු .. "

එසේ කියමින් JK එම නිවසේ සීනුව කිහිප වතාවක් නාද කලා .

🧡" එනවා එනවා .. කවුද ඔය බෙල් එක කඩන්න හදන්නේ .. ?"

NAMJOON ගේ තුල සිට එසේ කියමින් විත් දොර හැරියා .

දොර අසල සිටගෙන සිටින JK ව දුටු විගස NAMJOON ද , දොර හැරි NAMJOON ව දුටු විගස JK ද , පුදුමයටත් , කලබලයටත් පත්වුනා .

💜️" J .. JOON .. එ .. එතකොට ඔයත් .. ම..
මරණයේ දූතයෙක්ද ..? "

JK ගේ එම ප්‍රශ්නයක NAMJOON බිම බලාගත්තා .

🖤"  ඔයාලා පස්සේ ඔය දේවල් කතාකරගන්න .. අපි දැං අපිට ඕනේ දේ විතරක් කතාකරගමු .."

SUGA ගේ කටහඩින් නැවතත් ඔලුව ඉස්සුව NAMJOON දොර ලගින් මෑත් වෙලා JK ට හා SUGA ට ගේ ඇතුලට එන්න ඉඩ ලබා දුන්නා .

..........................................................................

NAMJOON ගෙනත් දුන්න බීම එක බොන අතරේ JK කතාව පටන් ගත්තා . ඔහු රාජකාරි වෙලාවේ ඉන්න නිසා හිතේ තියෙන සේරම ප්‍රශ්න අමතක කරලා , මරණයේ දෙවියන් ගේ අණ පිලිපදින්න පටන් ගත්තා .

මෙතෙක් සිද්ධ වෙච්ච හැමදේම JK , NAMJOON ට පැහැදිලි කරලා දුන්නා . එමෙන්ම ඔහුට මරණයේ දෙවියන්ගෙන් ලැබුනු අණත් , දැන් ඔහු පැටලී ඇති ප්‍රශ්නයත් NAMJOON ට පැහැදිලි කලා .

🧡" ඔයා ඔය කියනවා වගේ දෙයක් වෙන්න පුලුවන් එකම එක විදිහයි .. "

එසේ කියූ NAMJOON හිදසිටි තැනින් නැගිට්ටා .

🧡" එන්න මාත් එක්ක .. "

එසේ කියූ NAMJOON , SUGA ගේ හා JK ගේ අත් දෙක අල්ලාගෙන ඔහුගේ ගෙදරින් අතුරුදහන් වී නැවත් මතු උනේ එක් කෑම කඩයක් අසලයි .

JK ගේ හා SUGA ගේ අත් දෙක අත්හැර එම කඩයට ඇතුලු වූ RM පිටුපස හැරී JK ට හා SUGA ටද ඔහු පසුපස පැමිනෙන ලෙස පැවසුවා .

RM ව අනුගමනය කල JK හා SUGA ද කඩයට ඇතුලු උනා . RM එහි සිටි එක් සේවකයෙකුට කතා කරනකම් JK හා SUGA එහි මේසයක් වට කර තිබු පුටු දෙකක ඉදගත්තා .

සේවකයට කතා කර අවසන් කල RM ද ඔවුන් අසලින් ඉදගත්තා .

💜️" ඇයි ඔයා අපිව මෙහෙට එක්කගෙන ආවේ ..? "

🧡" බලාගෙන ඉන්නකෝ .."

තමා කතාකල සේවකයා වෙළදසැළේ කාර්යාලය තුලට ඇතුලු වෙනු බලාසිටින ගමන් RM , JK ට උත්තර දුන්නා .

ටික වෙලාවකින් කාර්‍යාලය දෙසින් NAMJOON ට වඩා ටිකක් වැඩිමල් පෙනුමක් තිබුනු තරුණයෙක් ඔවුන් අසලට පැමිනියා .

💛" ඉතින් JOON .. ඇයි මාව හම්බෙන්න ආවේ ..? "

එම තරුණයා NAMJOON අසලින් සිටගෙන JK හා SUGA දෙස විමසිලිමත්ව බලමින් ඔහුගෙන් ඇසුවා .

🧡" අපිට ඔයාගෙන් උදව්වක් ඕනේ .. පොඩ්ඩක් මෙතනින් ඉදගන්නකෝ .. "

NAMJOON කියූ දේ පිළිගත් තරුණයා ඔහු අසලින් හිදගත්තා .

🧡" JIN .. මේ ඉන්නේ JK .. මේ ඉන්නේ SUGA .. "

පලමුවෙන්ම ඔවුන් දෙදෙනාව NAMJOON එම තරුණයාට හදුන්වා දුන්නා .

💛" එතකොට මේ දෙන්නත් ..?"

🧡" ඔව් ඔයා හිතන එක හරි .. මේ දෙන්නා මරණයේ දූතයෝ දෙන්නෙක් .. JK අණදෙන්නෙක් .. එතකොට SUGA එයාගේ ප්‍රධාන සහයකයා ..

එතකොට JK , SUGA මේ ඉන්නේ JIN මගේ යාලුවෙක් .. මෙයා ජීවයේ දූතයෙක් .. මේ කඩේ අයිතිකාරයා එයා .."

JK සිතූ පරිදිම JIN ජීවයේ දූතයෙක් විය .

💛" දැං මට කියන්න ඇයි ඔයා මෙයාලාව එක්කගෙන මං ගාවට එක්කගෙන ආවේ ..?"

JIN ගේ එම පැනය නිසා NAMJOON ඔවුන් පැමිනි කාරණය පැවසීමට පටන් ගත්තා .

💛" ඔයා ඔය කියන දේ බැලුවාම මට හිතෙන්නේ මේකට WHITE CASTLE එක සම්භන්ධයි කියලා .."

NAMJOON පැවසූ විස්තරය සාවදානව අසා සිටි JIN අවසානයට එසේ පවසද්දී JK ඇස් ලොකු කරගෙන JIN දෙස බැලුවේ එය වියහැක්කක් දැයි පුදුම උන නිසා .

🧡" ඔව් මටත් හිතුනේ ඒකමයි .. ඒකයි මමත් ඔයා ලගට ආවේ .."

💜️" එතකොට අපි මේක හොයාගන්න නම් WHITE CASTLE එක ඇතුලට යන්න වෙනවා නේද ..? ඒත් අපි දෙන්නම මරණයේ දූතයෝ .. මගේ දැනුම හැටියට අපිට යන්න බෑ නේද ඒකෙ ඇතුලට ..? "

💛" හ්ම්ම් .. ඔව් ඔයා හරි .. ඔය දෙන්නට යන්න බෑ WHITE CASTLE එකට .. "

🖤" අපිට යන්න බෑ කියන්නේ මේ ප්‍රශ්නේ විසද ගන්න වෙන්නෙත් නෑ කියන එකද ..? "

🧡" ඉතින් JIN ඔයාට බැරිද ඒ දෙන්නා වෙනුවෙන් WHITE CASTLE එක ඇතුලට ගිහින් මෙ ගැන පොඩ්ඩක් හොයලා බලන්න ..? මං වෙනුවෙන් වත් .."

JIN , JK ට උපකාර කිරීමට වැඩි කැමැත්තක් නොදක්වන බව වැටහුනු NAMJOON JIN ගෙන් ඇසුවා .

💛" මට නම් ඒක කරන්න බෑ .. මොකද මට මේ දවස් වල වැඩ ටිකක් වැඩීයි.. නමුත් මම සම්භන්ධ කරලා දෙන්නම් මේ වැඩේ කරන්න පුලුවන් කෙනෙක්ව .. ඔයා වෙනුවෙන් .."

JIN මුල් ටික JK හා SUGA දෙස බලා කීවත් අවසන් ටික බර කර NAMJOON දෙස බලා පැවසුවා .

JIN ඒ පැවසූ දේත් සමගම ඔහු තමාට අකමැති බව JK හට දැනුනා .

🧡" හරි එහෙනම් මට එයාව සම්භන්ධ කරලා දෙන්නකෝ .."

💛" ටිකක් ඉන්න .."

එසේ පැවසූ JIN තම දුරකතනය ගෙන යම් අයෙකුට ඇමතුමක් ලබාදුන්නා .

💛" ටික වෙලාවකින් එයා මෙතනට එයි .. එයාත් එක්ක ඔයාලා කතාකරගන්න .. දැං මම යන්න ඕනේ මට වැඩ තියෙනවා .."

එසේ කියමින් JIN ඔවුන්ගෙන් සමුගත්තා .

JIN පැවසූ ආකාරයටම ටිකවෙලාවක් බලාසිටියදී කඩය තුලට ඇතුලු වූයේ සුරගනක් බදු ලස්සනක් ඇති තරුණයෙකි .

💚" කවුද මෙතනින් NAMJOON කියන්නේ ..? "

🧡"මමයි .. "

NAMJOON එසේ කියමින් නැගීසිටියා .

💚" මගේ නම TEAHUNG .. මට JIN කතාකරලා කිව්වා ඔයාලාට උදව්වක් ඕනේ කියලා .. "

🧡" ඇත්තටම උදව්ව ඕනේ මට නෙමේ මෙයාලාට .."

එසේ කියු NAMJOON ඔහුට ඉදිරියෙන් හිදගෙන සිටින JK හා SUGA ව පෙන්වා ඔවුන්ව හදුන්වා දුන්නා .

💚" මට JIN කලින්ම කිව්වා ඔය තුන්දෙනා මරණයේ දූතයන් කියලා . ඉතින් කියන්න .. මගෙන් මොකද්ද වෙන්න ඕනේ උදව්ව ..?

JIN කියන්නේ මගේ හොද යාලුවෙක් . එයා වෙනුවෙන් මම ඔයාලාට මේ උදව්ව කරන්නම් .."

💜️" මේකයි ප්‍රශ්නය .."

JK තමා මුහුන දී ඇති ගැටලුව TEAHUNG ටද පැවසුවා .

💚" ඒක හරියටම හොයාගන්නනම් WHITE CASTLE එක ඇතුලට යන්න වෙනවා .."

🖤" ඒ නිසයි අපි ඔයාගෙන් උදවු ඉල්ලන්නේ .. ඔයා අපි වෙනුවට WHITE CASTLE එකට ගිහින් ඒ තොරතුරු හොයාගෙන එන්න .. "

💜️" මම ඒ වෙනුවට ඔයාට එක අවස්ථාවක් දෙන්නම් .. ඔයා අපිට මේ කරන උදව්වට හිලව් වෙන්න අපිත් ඔයාට උදවු කරන්නම් .. ඔයාට උදව්වක් ඕනෙ වෙලාවට අපිට කතාකරන්න .. අපි ඕන දෙයක් කරන්නම් .."

Continue Reading

You'll Also Like

4.7K 740 21
වැම්පයර් කුමාරයා එක්ක පෙමින් බැදුනු සුර කුමරෙකුගේ කතාව.. THE PRINCE OF BLOOD.. Top Jungkook Bottom Taehyung❤️
12.4K 2.1K 29
"ඔයා ඔයාගෙ තරමට හැසිරෙන්න ජන්කුක්.." "මන් ඔයාට ආදරෙය්.අනිත් දේවල් මට වැඩක් නෑ Mr.කිම් ටේහ්‍යුන්ග් ..." "මන් කවදාවත් තමුන් වගේ පොඩි එකෙක්ට කැමති වෙන්න...
25.2K 4.6K 46
ඔයා අාදරේ කරන්නේ රොබෝ කෙනෙක්ට නම්......... අානාගතේ මොනවා වෙයිද..... "ඔයාට මොකක් කියලද කතා කරන්නේ " "මගේ නම ජන්කුක්...ඒත් දැන් කියන්නේ කුක...
664K 33.5K 61
A Story of a cute naughty prince who called himself Mr Taetae got Married to a Handsome yet Cold King Jeon Jungkook. The Union of Two totally differe...