🇱 🇮 🇫 🇪  🇴 🇷  🇩 🇪 🇦 ...

By Hithuwkkari

1.5K 181 2

අපේ ජීවිත ගැන තීරණය ගන්න ඉන්නෙ දෙවිවරු සහ සුරදූතයන් නම්.. එයාලගේ ජීවිත ගැන තීරණ ගන්නෙ කවුද? එයාලට ආදරේ කරන්න... More

කතා පසුබිම
Part 2
Part 2
Part 4
Part 5
Part 6
Part 7
Part 8
Part 9
Part 10
Part 11
Part 12
Part 13
Part 14

Part 3

83 14 0
By Hithuwkkari

සිද්ධ වෙච්ච අනතුරෙන් පස්සේ මම ඉස්කෝලේ යන පලවෙනි දවස අදයි . පහුගිය මාස වල වගේම අදත් 147 වෙනි සහයක කණ්ඩායම මගේ පිටුපසින් රැදුනා .

වෙනදා වගේම මම බස් එකේ එද්දී ඒගොල්ලෝ හැමෝම බයික් වලින් ඉස්කෝලෙට ඇවිත් හිටියා .

මාව දැකපු ගොඩක් ලමයි හිතුවේ මම ඉස්කෝලෙට අලුත් කියලා . ඒත් මං ගැන අහපු හැම කෙනෙක්ටම මම ගැන කිව්වාම හැමෝම පුදුම උනා .

සහයක කණ්ඩායම මගේ යාලුවන් විදිහට මුලු ඉස්කෝලෙටම හදුන්වලා දුන්නා . ගොඩක් ලමයි අපිට බය ගතියක් පෙන්නුවා මොකද අපේ පෙනුම නිසා .

ඒත් මගේ මල්ලි වගේ කට්ටිය කැමති උනේ නෑ අපි නිසා ඒගොල්ලොන්ට ඉස්කෝලේ ඇතුලේ තියෙන තැන නැති වෙනවාට .

ඒ නිසා මල්ලීයි එයාගේ කල්ලියේ අයයි දවසක් ආවා අපිට සද්දෙ දාන්න . මමයි සහයකයෝ ටිකයි පංතියේ ඇතුලේ වැඩ කරකර ඉන්නකොට මට දැනුනා මගේ මල්ලී පන්තිය පැත්තට එනවා කියලා .

💜️" දැන් මෙතනට මගේ මල්ලීයි එයාගේ කට්ටියයි එයි .. කලිනුත් අපිත් එක්ක වලියක් ඇදගන්න ගිහින් ඒක කරගන්න බැරි උනානේ ..

මේ පාරනම් වලියක් අනිවා ඇදගනීයි .. වලියක් අදින්න ආවොත් අපි ශේප් එකේ ඉමු . ඒත් සීමාව පැන්නට පස්සේ නම් උන්ව කුඩු කරලා දැම්මත් කමක් නෑ..

හැබැයි කිසිම කෙනෙක්ව මරන්න එපා , මාස පහ හයකට ඇදකට කරලා තියන්න වැඩේ තිබ්බනම් ඇති . උපරිම ඉවසපල්ලා .. ගහන්න පව් පින් බලන්න එපා .. "

මරණයේ දූතයෙක් වෙන්න කලින් නොනවත්වා කතා කරපු මම අද අවශ්‍ය දේ විතරක් කියලා ආපහු මගේ මේසෙට ඇවිත් වැඩ පටන් ගත්තා .

හිතුවා වගේම මගේ මල්ලීයි එයාගේ කණ්ඩායමයි ආවා .

" මම තමුන්ව අල්ලගන්නම තමා හිටියේ .."

මල්ලී මගේ මේසෙ උඩට අත්දෙක තියලා මගේ දිහාට නැමිලා කතා කලා . නමුත් මම ඔහුව ගනන්ගත්තෙවත් නෑ .

💜️" කතාකරන දෙයක් පිටිපස්සට වෙලා කතාකරනවා .. මම මෙතන වැඩ කරනවා කියලා පේනවා නේ .."

මල්ලීව ගනන්ගන්නෙවත් නැතුව , ඔලුව උස්සන්නෙවත් නැතුව මම මගේ වැඩේ කරන ගමන් ම කියලා දැම්මා .

" දානවා තමුන්ගේ ඔය මහලොකු වැඩේ බල්ලට .."

එහෙම කියමින් මල්ලි මගේ මේසේ උඩ මම ලිය ලිය හිටපු පොත් ටික විසික් කරලා දැම්මා .

ටික වෙලාවක් හිටපු මම පුටුවට හේත්තු වෙලා මල්ලිගේ ඇස් දෙක දිහා කෙලින් බලුවා .

" කලින් ගොබ්බයා වගේ හිටපු එකා දැං මේ කොහෙද යන බල්ලො ටිකක් එකතු කරගෙන රජ වෙන්න හැදුවට වැඩක් නෑ .. ඔය බල්ලො ඔක්කොම සිංහයන්ට පරාදයි .."

💜️" බල්ලො සිංහයන්ට බයයි කියලා තේරුම් ගත්තු එක ලොකු දෙයක් .. "

කටකොනකින් හිනාවෙලා මම කියපු දේට මල්ලීගේ මූන කේන්තියෙන් තවත් රතු උනා .

" වෙනදට මම බැලුවත් බයේ හැංගෙන එකාගේ කටට පණ ආවේ මේ කොහේද යන බූරුවෝ නිසානෙ .. අදින් ඒක නවතීයි ..

💜️" එහෙනම් ඔයා ඔහොම ඉන්නකෝ .. අපි යන්නම් .."

මම එහෙම කියමින් පංතියෙන් එලියට යන්නයි ගියේ . නමුත් මම දොරෙන් එලියට යනවත් එක්කම , මගේ ශර්ට් එකේ කරෙන් අල්ලලා පිටිපස්සට ඇදපු මල්ලි , මම බලාපොරොත්තු උන විදිහටම මට ගහන්න අත ඉස්සුවා .

ඒත් එයාට හිතාගන්න බැරි තරමට ශක්තිමත් මම මල්ලිගේ කනට පාරක් ගැහුවේ එයාව විසිවෙලා ගිහින් ගුරු මේසේ වදින්නම .

ඒත් එක්කම මගේ සහයකයෝ ටිකයි , මල්ලිගේ කණ්ඩායමේ අයයි ගහගන්න පටන් ගත්තා . මමත් වලියට බැස්සා .

සේරම ඉවර උනේ සිහිය නැති උන මල්ලීයි එයාගේ යාලුවොයි කන්දක් වගේ එක උඩ එක දැම්මට පස්සෙයි .

එදා ඉදන් මල්ලී තියා වෙන කිසිම කෙනෙක් මාව බය කරන්න කියලා හිතාගෙන මගේ ඉස්සරහට ආවෙ නෑ .

..........................................................................

🖤" එයා හැප්පුනා නේද .. ? "

💜️" හ්ම් .. අපි බලමු එයාගේ පව් පින් ගැන .. "

" මෙන්න මම පොත ගෙනාවා .. "

එසේ කියමින් JKගේ තවත් එක් සහයකයෙක් ඔවුන් සතු වූ මායා පොත රැගෙන ආවා . එයින් පුද්ගලයෙකු සතු පින් හා පව් ප්‍රමානය දැනගත හැකි උනා .

JK එම මායා පොත අතට ගනිමින් මායා වචන මුමුනමින් එය පෙරලුවා . ඔහු සතු මායා බලය නිසා ක්‍රියාත්මක වුනු පොතෙහි , ඔවුන් ඉදිරියේම වාහනයකට යට වූ මිනිසාගේ තොරතුරු සටහන් වෙන්න ගත්තා .

💜️" නම JUNG HOSEOK .. වයස 26 යි ..
පින් 78% යි .. ඉතුරු ටික පව් .."

එසේ කියූ JK පොත වසා දැමුවා .

💜️" එයාගේ ප්‍රාර්ථනා ගැන බලමු .. "

එසේ කියූ JK අනතුර සිදු වූ ස්ථානයට ගමන් කලා . ඔහු පසුපසින් සහයකයන් පිරිසද පැමිනියා .

💜️" SUGA .. ඔයා බලන්න .. "

JK ගේ අණ කිරීම මත SUGA නොපෙනී ගොස් පාරේ ලේ විලක් මැද වැටී සිටින HOSEOK වෙත ගොස් දණගසාගෙන ඔහුගේ දෑස් දෙස බැලුවා .

🖤" එයා ගොඩක් හොද ජීවිතයක් තිබුනු කෙනෙක් .. කිසිම කලකිරීමක් නෑ .. ජීවිතය ප්‍රාර්ථනා කරනවා එයා .. "

💜️" එයාට ජීවිතය දෙන්න .. ඔය දෙන්නා මෙයා ගැන බලාගන්න .. අපි යමු වාහනේ ඇතුලේ ඉන්න අය ගැන බලන්න .. "

JK ඔහුගේ සහකරුවෝ දෙදෙනෙකුට HOSEOK ගැන බලාගැනීමට අණ කර අණතුර සිදුවූ වාහනය අසලට ගියා .

💜️" පොත .."

🖤" මෙන්න .. "

💜️" වයස 48 යි .. සල්ලි වලට මිනී මරන මිනීමරුවෙක් .. පින් 12% යි .. ඉතුරු ටික පවු .. "

🖤" එහෙනම් එයාට මරණයම තමා .."

💜️" අනිවාර්යයෙන්ම .. ගිහින් එයාගේ ආත්මය එක්කගෙන එන්න .."

JK ගේ අණ කිරීම මත ඔහු සමග ආ තවත් සහයකයෙකු , රියදුරාගේ ආත්මය රැගෙන ආවා .

💜️" අපි යමු .."

එම ස්ථානයේ වැඩ අවසන් කල JK එතනින් පිටවෙන්න හැදුවා .

" සර් .. මෙයාට අපි ජීවිතය ලබා දුන්නා .."

💜️" එහෙනම් දැන් අපි යමු .. මෙතනට දැන් ඇම්බියුලන්ස් එයි .. "

එසේ කියමින් එතනින් ඉවතට ගිය කණ්ඩායම මෙතෙක් වෙලා නොපෙනී සිටින්නට යොදාගත් මායාව ඉවත් කලා .

💜️" ඔයා මෙයාව ආත්ම අධිකරණයට අරගෙන යන්න .. එතනදි එයාට දඩුවම් ලැබෙයි .."

රියදුරුගේ ආත්මය අල්ලාගෙන සිටි සහකරුට අණ කල JK නැවතත් පාර දිගේ ගමන් ගත්තා .

..........................................................................

සුපුරුදු පරිදි සති කිහිපයක් ගෙවී ගිය අතර , JK ට BLACK CASTLE එකෙන් පනිවිඩයක් ලැබුනි .

" සර් .. ඔබතුමාට පණිවිඩයක් තියෙනවා BLACK CASTLE එකෙන් .."

JK ගේ එක් සහයකයෙක් එම පණිවිඩය රැගෙන පැමිනියේය .

💜️" මොකද්ද ..? දෙන්න බලන්න .."

එසේ කියමින් JK එම පණිවිඩය ලියා තිබූ කොල කැබැල්ල තමාගේ අතට ගත්තා . එය කියවද්දි JK ගේ ඇස් ලොකු උනේ පුදුමයෙනි .

" මොකද්ද සර් ප්‍රශ්නේ ..? "

පණිවිඩය රැගෙන පැමිනි සහයකයාද JK ගෙන් එලෙස ඇසුවේ ඔහුගේ මුහුනෙහි ඉරියව් එක්වරම වෙනස් වූ නිසා .

💜️" අපි අන්තීමටම ජීවිතය දෙන්න තීරණය කරපු කෙනා මැරිලා .. දැන් අපිට BLACK CASTLE එකට එන්න කියලා කැදවීමක් ලැබිලා , අපිට විරුද්ධව නඩුවක් ගොනු කරලා ..

මේක කොහොමද උනේ කියලා තේරෙන්නේ නෑ .. අපි ගිහින් බලමු .. මුලු කණ්ඩායමම රැස් කරන්න .. අපි යන්න ඕනේ .."

JK ගේ අණ කිරීම මත තම කණ්ඩායමේ සෑම දෙනෙක්වම එක් තැනකට රැස් කල සහයකයා සිදුව ඇති දේ ගැනද ඔවුන්ව දැනුවත් කලා .

කණ්ඩායම අසලට JK පැමිණි පසු ඔවුන් සැම දෙනාම තම තමාගේ මායා බල වලින් BLACK CASTLE එක තුලින් මතු උනා .

Continue Reading

You'll Also Like

1.1M 38.1K 63
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...
607K 9.4K 87
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
664K 33.5K 61
A Story of a cute naughty prince who called himself Mr Taetae got Married to a Handsome yet Cold King Jeon Jungkook. The Union of Two totally differe...
219K 4.6K 47
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...