🇱 🇮 🇫 🇪  🇴 🇷  🇩 🇪 🇦 ...

By Hithuwkkari

1.5K 181 2

අපේ ජීවිත ගැන තීරණය ගන්න ඉන්නෙ දෙවිවරු සහ සුරදූතයන් නම්.. එයාලගේ ජීවිත ගැන තීරණ ගන්නෙ කවුද? එයාලට ආදරේ කරන්න... More

Part 2
Part 2
Part 3
Part 4
Part 5
Part 6
Part 7
Part 8
Part 9
Part 10
Part 11
Part 12
Part 13
Part 14

කතා පසුබිම

375 23 0
By Hithuwkkari

ජීවිතය සහ මරණය .. අපි හැමෝටම පොදු දෙයක් .සමහරු ජීවිතය ඉල්ලා හඩා වැටෙද්දි තවත් සමහරු මරණය ඉල්ලා හඩා වැටෙනවා .

ඔවුන්ගේ ඒ ඉල්ලීම් ඉශ්ට වෙන්නේ තම තමා කරපු පවු සහ පින් එක්කයි .

මේ පවු සහ පින් ගනන් කරන්න මෙන්ම ඒවා වලට කර්මය ලබා දෙන්නත් වෙනම කට්ටියක් ඉන්නවා . ඒගොල්ලෝ තමා මරණයේ දූතයෝ සහ ජීවයේ දූතයෝ කියලා හදුන්වන්නේ .

ජීවයේ දූතයෝ කියන්නේ අපි ජීවත් වෙලා ඉන්න කාලේ අපි හිතන පතන දේවල් ඉශ්ඨ කරලා දෙන ඉශ්ඨ දෙවියෙක් වගේ කෙනෙක් .

නමුත් අපේ ඒ ඉල්ලීම් ලැබෙන්නේ අපේ පිං වලට අනුවයි . කඩෙන් බඩුවක් ගන්නවා වගේ . යම්කිසි ආත්මයක් , ආත්ම අධිකරණයෙන් නැවතත් ජීවිතයකට නියම උනොත් මරණයේ දූතයන් ඒ ආත්මය ගෙනත් දෙන්නේ ජීවයේ දූතයන්ටයි .

ඒගොල්ලෝ ඒ ආත්මය ප්‍රවේශමෙන් , සුදුසු නව භවයකට ඇතුල් කරනවා . ඒත් එක්කම ඒ ආත්මයේ එයාගේ මතකයන් සියල්ලම මකා දමනවා .

එතකොට මරණයේ දූතයාගේ කාර්‍ය වෙන්නේ කවුරු හරි කෙනෙක් මැරෙන්න යනවානම් , ඒ පුද්ගලයා කරලා තියෙන පවු පින් අනුව ඒ මරණය අත්කර දීම හෝ මරණයෙන් බේරීමයි . මැරුණු ඕනෑම කෙනෙක්ව ආත්ම අධිකරණයට එක්කගෙන ගිහින් ඔහුගේ නඩුව අහලා මරණය ලබා දුන්නට පස්සෙත් පවු ඉතුරුයි නම් , දඩුවම් ලබා දෙන්න වධකයන්ට භාර දෙනවා .

නැත්තම් , පින් ඉතුරුයි නම් මැරිච්ච කෙනාට ඒහා සුදුසු ඊලග ආත්මයක් කරා යන්න ජීවයේ දූතයන්ට භාර දෙනවා .

ජීවයේ දූතයන් , මරණයේ දූතයන්ට වඩා බලයෙන් ගොඩක් දුර්වලයි . ඒවගේම මරණයේ දූතයන් ගොඩක් බලවත් . මරණයේ දූතයන් නපුරුයි කියලා හිතුවට එහෙම නෑ .

ඒගොල්ලොන්ට හැගීම් දැනුනත් ඔවුන් ගොඩක් වෙලාවට ඒවා නොසලකා හැරලා තමාගේ රාජකාරිය පමණක් ඉටු කරනවා . නමුත් ජීවයේ දූතයන්ට එහෙම නෑ . ඔවුන් මිනිස්සු වගේ . එකම වෙනස ඔවුන් දේවදූතයන් වීම පමණයි .

ජීවයේ දූතයන්ගේ හිතේ ගොඩක් වෙලාවට ඊරිසියාව , තරහව වැනි හැගීම් හටගන්නවා මරණයේ දූතයො එක්ක .

මේගොල්ලෝ දේවදූතයෝ උනාට මැරිච්ච අය නෙමෙයි . ඒගොල්ලො ජීවතුන් අතර ඉන්න අය . මුල් කාලයේදී මරණයට සහ ජීවිතයට දේවදූතයෝ හිටියේ නෑ .

නමුත් එන්න එනම ෆෝලන් ඒන්ජල් ලා ප්‍රමාණය වැඩි වෙන්න ගත්තා . ඒගොල්ලොන්ගේ දරුවන් ප්‍රමාණයත් එන්න එන්නම වැඩි උනා . දෙවිවරුන්ට කරගන්න දෙයක් නැති උනා . මොකද සාමාන්‍ය ලෝකයේ ෆෝලන් ඒන්ජල් ලා කිහිප දෙනෙක් ඉන්න එක ප්‍රශ්නයක් නැති උනත් , ගනන් කරන්න බැරි ගානක් ඉන්න එක ප්‍රශ්නයක් උනා .

මේකට මරණයේ හා ජීවයේ දෙවිවරු හොද විකල්පයක් දුන්නා . ෆෝලන් ඒන්ජල් ලාගේ දරුවන් ව ඒගොල්ලොන්ගේ දූතයන් බවට පත් කරගත්තා .

BLACK CASTLE එකෙන් මරණයේ දූතයෝත් , WHITE CASTLE එකෙන් ජීවයේ දූතයෝත් පාලනය කරනවා . මේ දූතයෝ ගැන දන්න මිනිස්සු හිටියේ හරිම අඩුවෙන් . නමුත් මිනිස්සුන්ටත් මරණයේ දූතයෝ වෙන්න අවස්ථාවක් තිබ්බා . නමුත් හරිම අඩුවෙන් .

ජීවිතේ ගැන කලකිරුනු , මරණය අත්දැකපු කෙනෙකුට මරණයේ දූතයෙක් වෙන්න ලොකු ඉඩකඩක් තිබුනා . නමුත් ඒකට BLACK CASTLE එකේ අනුමැතිය අවශ්‍ය කරලා තිබ්බා .

මේ මරණයේ සහ ජීවයේ දූතයන් මිනිස්සුන්ගෙන් වෙන් කරලා හදුනගන්න තිබුනු එකම ක්‍රමය තමයි එයාලාගේ ඇස් . ජීවයේ දූතයන්ට පිහිටලා තිබුනේ තද දම් පාට කනීනිකාවක් සහිත ඇස් . ඒ වගේමයි මරණයේ දූතයන්ට පිහිටලා තිබ්බේ තද රතු පාට කනීනිකාවක් සහිත ඇස් .

මේ දූතයන් දෙපිරිසම කරන්නේ සාමාන්‍ය මිනිස්සු වැඩට යනවා වගේ රාජකාරියක් කරන එක . හැම සති අන්තයකම එයාලාට නිවාඩු . මේ රාජකාරියට එයාලාට පඩි ලැබෙනවා . සති අන්තයේ වැඩ කලොත් පඩි වැඩි වෙනවා .

ජීවයේ දූතයන් රාජකාරියේ ඉද්දී අදින්නේ සුදු පාට ඇදුම් විතරයි . ඒ වගේමයි මරණයේ දූතයොත් කලු පාට විතරයි අදින්නේ . නිවාඩු දවසට ඕන ඇදුමක් අදින්න පුලුවන් .

මේ දූතයන්ගේ තනතුරු තුනයි තිබ්බේ .
පලවෙනි එක මරණයට හා ජීවයට අධිපති දෙවිවරු දෙදෙනා . දෙවනි තනතුර අණ දෙන්නා . තුන්වෙනි තනතුර තමයි සහයකයා .

සහයකයා ඉන්නේ අණ දෙන්නා යටතේ . අණ දෙන්නා ඉන්නේ දෙවිවරු යටතේ . අණ දෙන්නාට , සහයකයෝ කිහිප දෙනෙක්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් හිමි වෙනවා .

❤️ JIMIN ජීවයේ දූතයෙකි . මොහු සහයකයෙක් වන අතර V ගේ යටතේ සේවය කරයි .

💚V ජීවයේ දූතයෙකි . මොහු අණ දෙන්නෙක් වශයෙන් සේවය කරයි .

💜️JK උපතින්ම දූතයෙක් නොවන මොහු මිනිසෙකි . නමුත් ජීවිතය උපරිමෙන් ම කලකිරුනු බැවින් දැන් මරණයේ දූතයෙකි . මොහු අණ දෙන්නෙකි . ජීවයේ දූතයන් මොහු දෙස ඇහැගහගෙන බලා සිටීයි .

🧡RM මරණයේ දූතයෙකි . JK මිනිසෙක්ව සිටි කාලයේදී ඔහුගේ ලගින්ම සිටියේ මොහුයි . නමුත් මොහු මරණයේ දූතයෙකු බව JK දැන සිටියේ නැත .

🖤SUGA මරණයේ දූතයෙකි . JK යටතේ සහයකයෙක් ලෙස කටයුතු කරයි .

💛JIN ජීවයේ දූතයෙකි . JK ට හා SUGA ට එතරම් කැමැත්තක් නොදැක්කුවත් RM හා සුහදව සිටීයි .

💙J HOPE සාමාන්‍ය මිනිසෙකු වී සිට ජීවයේ දූතයෙකු වූ අයෙකි . JK ට කිසිම මොහොතක මොහු කැමැත්තක් නොදක්වයි . සෑම මොහොතකම සතුටින් කල්ගෙවන මොහු JK දුටු විටදීම නපුරු වෙයි .

Continue Reading

You'll Also Like

3.4K 408 20
ආදරයත් ආකර්ශනයත් අතර දොලනය වන හිතට දැනෙන හැගිම් තේරුම් ගැනිමට නොහැකි එක් පිරිමි ලමයෙක්. Jungkook ....💜️ හිතෙ හටගත් ප්‍රේමය පැවසිමට නොහැකිව සිතින්...
4.2K 594 23
"ඔය නිලඇදුමට ඔයාගෙ මේ බොලදකම හරියන්නෑ හියුන්ගී......." "මම බොලද නෑ Euphoria.................." "කවුද හිතන්නෙ අර සීතල,නපුරු,දැඩි,නිර්භීත කැප්ටන් කිම්...
12.4K 2.1K 29
"ඔයා ඔයාගෙ තරමට හැසිරෙන්න ජන්කුක්.." "මන් ඔයාට ආදරෙය්.අනිත් දේවල් මට වැඩක් නෑ Mr.කිම් ටේහ්‍යුන්ග් ..." "මන් කවදාවත් තමුන් වගේ පොඩි එකෙක්ට කැමති වෙන්න...
5.5K 777 5
Completed✅ مولتی شات تهجینکوک😍 با خیانت چطور کنار میایید؟؟ وقتی با یک تماس تلفنی،یک رابطه ی هفت ماهه رو بهم میزنه؟؟ همون یک فرصتی که داشت،کافی به نظ...